සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.
Sunday, December 17, 2023
කල දෙයින් සතුටුවීම
Monday, November 27, 2023
මගේ බලාපොරොත්තු කඩා දමා ජීවිතය හැරවූ ඔහු
මගේ ජීවිතය හැරවූ ඔහුට මගේ ප්‍රණාමය |
Sunday, November 19, 2023
මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු
ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ, ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක.
සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.
ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින් පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ.
ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ. ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු.
මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. මේකට සම්බන්ද තරුණිය එකල ලංකාවේ සමාගමක සේවය කරපු ඉන්දීය ජාතික කතක්. මම එතකොට එක විවාහයකින් වෙන වෙලා හිටපු ඇයට වඩා වයසින් ටිකක් වැඩි කෙනෙක්. . ඒ උනාට අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.
Monday, November 6, 2023
මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම
Saturday, November 4, 2023
ජවිපෙට අනාගතයක් (නැවත පළ කිරීමකි)
එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට පත්වෙන්න පුළුවන්.
සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්.
Saturday, October 28, 2023
ශනිදා දහයට මමත් ලියන හේතුව
කස්ත්‍රෝ දියුණු කල කියුබාව |
Saturday, October 21, 2023
තට්ට මහත්තයාගේ ජැකා
Monday, October 16, 2023
යුක්‍රේන් උගුලේ හොඳම පරාජිතයා තෝරමු
Wednesday, July 5, 2023
අස්වැසුමෙන් අස්වැසීම
Tuesday, June 27, 2023
කල යුතුම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජවිපෙ ඒ ගැන කියන බොරු
Thursday, June 1, 2023
ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ?
අරගල කරන්න, අලෙප්ච්ච තාවය සහ ලද දෙයින් සතුටුවීම සහ ධර්මයේ හැසිරීම ඕව ඔක්කොම එකට කරන්න බැහැ.
//සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි.
Monday, May 29, 2023
බුද්ධාගම රැකගන්න වරෙල්ලා
Monday, May 15, 2023
ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය - සජිත් ප්‍රේමදාස
Thursday, May 11, 2023
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ
ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +
බොහෝ බටහිර රටවල සමලිංගික අයට හැංගිලා ඉන්න ඕන නැහැ. මොකද ඒක ලෙඩක් හෝ බිය විය යුතු හෝ සමාජයෙන් කොන් කල යුතු කොට්ඨාශයක් කියල හිතන අය ඒ රටවල අඩුයි. ගොඩක් නොදියුණු රටවල් වල සමාජ වල ගෝත්‍රික මනස් ඇති අයගේ ඊගෝ එක සතප්පවන්න එල්ලෙන්න මොනව හරි වැල් ඕන නිසා ආගම, ජාතිය වගේ දේවල එල්ලෙනවා. ඒ වගේම එවන් අය සමලිංගික සහ අනිකුත් වෙනස් ලිංගික හැසිරීම් ඇති අය කොන් කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිකරන්නත් ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා. මෙවන් ක්‍රියා හීනමානයෙන් පෙලන අයට "අනික් වුන්ට වඩා මම හොඳයි හෝ මම උසස්" කියන හැඟීමට හොඳ තල්ලුවක් (boost) නැත්නම් සහයක් දෙනවා. ඇමෙරිකාව වගේ දියුණු යැයි අන් අය සිතන සමාජ වලත් සමහරුන් සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව විශාල සටනක් ගෙනියනවා. තමන් හරි යැයි සිතන දේ අනෙක් අයත් හරියැයි සිතිය යුතු බව පිළිගන්නා ගෝත්‍රික ගතිය බොහෝ දෙනෙක් තුල අවාසනාවකට තවමත් තියෙනවා. මේ අතින් යුරෝපයේ රටවල් බොහෝ ඉදිරියෙන් .
Thursday, April 27, 2023
මහාචාර්‍යය විමල් වීරවංශ ගේ සුරංගනා කථා පොත
Friday, April 14, 2023
ජවිපෙ /මාලිමාවේ සිහින නිෂ්පාදන ආර්ථිකය
මීලඟ ජනපති අනුර කුමාර |
Friday, March 31, 2023
සීසර්ගේ දේ සීසර්ට දෙන්න - (ගාමිණී වියන්ගොඩ)
මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත.
ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලුත්ම සූචියට අනුව, මෙවර ලංකාවට 112 වැනි ස්ථානය හිමිව ඇත. ගිය වසරේ අප සිටියේ 127 වැනි ස්ථානයේ ය. ඉතිං, ගත වූ වසර තුළ සිටියාට වඩා යම් ප්‍රගතියක් අප අත්කරගෙන ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක.
ගෝඨාභය රාජපක්ෂ ඇති කළ විනාශය සුළුපටු නැත. රටේ සෑම අංශයක්ම ඔහු යටතේ නන්නත්තාර විය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ සිටින සියලු පාර්ශ්වකරුවන් ඒ විනාශයේ හවුල්කරුවන් ය. එසේම, දශක ගණනක් තිස්සේ රාජපක්ෂලාගේ සියලු ආර්ථික සහ දේශපාලනික ප්‍රතිපත්ති අනුමත කළ සහ යුක්ති සහගත කළ, අද රාජපක්ෂ කඳවුරට එරෙහිව පාරට බැස සිටිතැයි රටට පෙන්වන වීරවංශ-ගම්මන්පිල ප්‍රවර්ගයේ ඊනියා ගැලවුම්කරුවන්ද ඒ විනාශයේ සෘජු හවුල්කරුවන් ය. (හෙට වන විට මේ පිරිස යළි මැදමුලනට ගොඩවුණොත් පුදුම නොවන්න).
අද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වැඩියෙන්ම විවේචනයට ලක්වන්නේ ඔවුන් අතිනි. රනිල් වික්‍රමසිංහ සියල්ල විකුණන් කතියි මොවුහූ කියති. ‘වික්කම සිංහ’ යනුවෙන් ඔහුට නම් පටබැඳ තිබේ. තමන් සන්තකයේ ඇති පිච්චිය පවා විකුණන් කෑමට වැඩ සැලැස්වූයේ, තමන්ද කොටස්කරුවන් වූ රාජපක්ෂලාගේ රාජ්‍ය පාලනය විසින් ය යන්න ඔවුන්ට අමතක ය. ණයගැති වීම, සැමරීමට තරම් කාරණයක්දැයි ඔවුහූ අසති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලංකාවට ලැබීම නිමිත්තෙන් රටේ ඇතැම් තැන්වල රතිඤ්ඤා පත්තු කිරීම සහ කිරිබත් කෑම ගැන මේ පිරිස් විස්සෝප වී සිටිති.
තවත් ඩොලර් බිලියන 2.9 ක ණයකාරයෙකු බවට රටක් පත්වීම කිරිබත් කෑමට තරම් මංගල කාරණයක් නොවන බව ඇත්ත. එහෙත්, රතිඤ්ඤා පත්තු කිරීමට සහ කිරිබත් කෑමට විරුද්ධව අද කෑගහන සහ උපහාසයෙන් සිනාසෙන මේ පිරිස්ම මීට පෙර පාරවල් ගානේ කිරිබත් කෑ හැටි සහ රතිඤ්ඤා පත්තු කළ සැටි රටට අමතක නැත.
හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක එම තනතුරෙන් ඉවත් කළ දවසේ ඇගේ නිවස ඉදිරිපිට මහපාරේ මිනිස්සු ලිප් මොළවාගෙන කිරිබත් ඉවූහ. ගෝඨාභය රාජපක්ෂට ලංකාවේ පුරවැසි භාවයක් නැතැයි කියමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් වීසි කර දැමූ දා රට්ටු රතිඤ්ඤා පත්තු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මුළු රටම විනාශ කර දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉන් අවුරුදු තුනක් ඇවෑමෙන් ජනාධිපති ධුරයෙන් ඔහු පන්නා දැමුණු දවසේත් අර ජනතාවම නැවතත් කිරිබත් කෑහ. රතිඤ්ඤා පත්තු කළහ.
Wednesday, March 29, 2023
ලංකාවේ තෙල් කර්මාන්තය නැතිකල සිරිමාගේ සමාජවාදය
Monday, March 20, 2023
අවුරුදු 75 විනාසය කල අයම රට ගලවාගන්න ඒම
සමාජවාදී වෙනුසුවෙලාවේ අද තත්ත්වය |