Sunday, December 17, 2023

කල දෙයින් සතුටුවීම

අන්තවාදීව හිතන / ක්‍රියාකරන සුළුතරයක් හැරුනම බොහෝ දෙනෙක් කැමතියි හොඳ දේවල් කරන්න. වැඩකරන තැන, සමාජයේදී, වගේම පවුල තුලත් හොඳ දෙයක් කරන්න බොහෝ දෙනෙක් සිතනවා සහ උත්සාහ ගන්නවා. එහෙම වෙන්නේ ඇයි? හොඳ දෙයක් කලාම අපිට එන සතුටක් නිසාද? බොහෝවිට උත්තරය 'ඔව්' කියන එකයි. ඔබ ගැනම හිතා බලා මීලඟ ප්‍රශ්ණෙට උත්තරය ඔබටම දීගන්න. ඒ සතුට එන්නේ ඔබ හොඳ වැඩක් කල නිසාමද එහෙම නැත්නම් ඔබ කල හොඳ වැඩය ගැන යමෙක් ප්‍රසංශා කලොත්ද? තව විදිහකින් ඇහුවොත් ඔබ සේවය කරන තැන කල හොඳ දේ ගැන කිසිම කෙනෙක් කිසිම අගැයීමක් නොකලොත් ඔබට ඒ ගැන කණගාටුවක් ඇතිවෙනවද? එහෙම කණගාටුවක් ඇතිවෙනව නම් ඔබ සතුටුවෙන්නේ කල හොඳ වැඩේ ගැන නොව ඒ ගැන ලැබෙන අගැයීම් හෝ ප්‍රසංශා ගැන නේද?

මෙහෙම පටන්ගත්තෙ පරණ 2015 පෝස්ට් එකක් ප්‍රතිචක්‍රීකරණය කරන්න ප්‍රවේශයක්

ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. බ්ලොග් එකේ හොඳ පෝස්ට් එකක් දාල කමෙන්ට්ස් අඩුනම් ගතියක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම. 

මේ උගුලට අහුනොවී අපි කරන දේවල් ගැන අපිට සෑහීමකට පත්වීමට පුරුදු වුනොත් පිට අයගේ උදව්වක් නැතිවම අපිට අපේ සතුට ලබා ගන්න පුළුවන් වෙනවා. පොඩි කාලේ ඉඳලා ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තම ටීචර්ලගෙන් හෝ දෙමව්පියන්ගෙන් අගය කිරීමක් බලාපොරොත්තුවෙන් හැදුනම මේකට අපි පුරුදුවෙලා තියෙනවා. මෙතන තියෙන ගැටළුව මේකයි. වැඩ කරන තැන්වල බොහෝ දෙනෙක් ඉන්නේ තමන්ට ඉහලින් ඉන්න බොස් ගෙන් ලකුණු දාගන්න බලාපොරොත්තුවෙන්. ඒ අයට තමන්ගේ ගෝලයන් ගෙන් හොඳ වැඩ ගැන අගය කරන්න මතක් වෙන්නේ නැහැ. ඒවගේ අතරමැදි බොස් කෙනෙක් ඉන්න කෙනෙක්ට හොඳ දෙයක් කලත් අගැයීමක් නොලැබෙන්න පුලුවන්. එවිට අළුත් දෙයක් හෝ හොඳ දෙයක් කිරීමට උත්තේජනයක් නැති නිසා කිසිම අළුත් දෙයක් කරන්න නොහිතන කෙනෙක් වෙලා තමන්ගේම වෘත්තිය සහ ජීවිතය යන දෙකම ඒකාකාරී කරගන්න ඉඩ තියෙනවා.

මේ උගුලෙන් ගැලවෙන්න කැමතිනම් ඒක කරන්නේ මෙහෙමයි. මීට පසුව ඔබ අතින් හොඳ දෙයක් (එනම් මීට කලින් ඔබ අගැයීමක් බලාපොරොත්තු වෙච්ච දෙයක් ) සිදුවුණාම ඒ ගැන කාටවත් කොකියා ඉන්න. හැබැයි තමන්ටම ප්‍රසංශා කරගන්න. හැකිනම් තමන්ටම පොඩි තෑග්ගක් ගන්න. මේක එක පාරක් කරල බලන්න. ඔබ කල දේ ගැන බොස්ට හෝ වෙන කෙනෙකුට කීවිට අගැයීමක් ලැබුණම ලැබෙන සතුටට වඩා වැඩි සතුටක් වඩා වැඩි කාලයක් ඔබගේ හිතේ පවතීවි. මේ විදිහට කීප පාරක් කලාම ඔබටම තේරේවි මේකේ වටිනාකම.

බොස්ට නොකියා යාළුවෙකුටවත් කරපු හොඳ දේ ගැන කියන්න එපා. එතකොට මේකේ ප්‍රතිඵල අඩුවෙනවා. උපරිම ප්‍රතිඵල ගන්න කාටවත් නොකියා ඉන්න ඕන.

මේ ක්‍රමයේ වටිනාම වාසිය ඒක නෙවෙයි. බොස් ගේ ගති අනුව හෝ ඔහු හෝ ඇය එදින ඉන්නා තත්ත්වය අනුව ඔබට සතුටක් නොලැබෙන්නේ ඔබගේ සතුටේ ස්විච් එක බොස්ට බාර දීල තියෙන නිසයි. ඔබ කරන දේවල් වලට ඔබව අගැයීම ඔබම කරනවනම් ඒ ස්විච් එක ඔබේ අතේ.  

ඒ ස්විච් එක ගත්තම ඔබගේ බොස්ටවත්, දෙමව්පියටවත්, දරුවන්ටවත්, ස්වාමියා හෝ භාර්යාවටවත්, ඔබගේ සතුට පාලනය කරන්න ඇති හැකියාව නවතිනවා. 

ලියන්න ලේසියි කරන්න ටිකක් විතර මහන්සිවෙන්න වෙනවා. විශේශයෙන්ම හොඳ වැඩක් කරපු ගමන්ම ඒ ගැන ඉක්මනට තව කෙනෙකුට කියන්න බලාගෙන ඉන්නවනම්. 

මේ වගේ දෙයක් ගැන මම ලියපු සිංදුවක් තමයි මේ තියෙන්නේ. මේකෙ සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ ගෙන්. බණ කිව්වට ඔය ගොල්ලන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් තමයි මේ සින්දුව දාන්නේ.

කළ හොඳ වෙනුවෙන්තුති  පතනා
මිනිසුන් හැම දා…, හිතේ… දුකින්
හොඳ නම නොපතා…, හොඳ කරනා අය
පින් පලදී හැමදා……. සතුටින්

දරුවන් දෙගුරුන් වෙනුවෙන් යුතුකම් 
කළ යුත්තේ පැස, සුම් නොපතා….
අපහට අතදුන් ලොකු පොඩි හැම හට
අපි තුති …. පුද දෙමු සදා….. බැතින්

හඬනා හදවත් සිප සනසා නිති
ඉන් ලැබෙනා සැන  සී……ම ඇතී
අපි හොඳ කල අය අප ගරහන කල
උන් වෙනුවෙන් මෙත් වඩනු වටී …..

කළ හොඳ වෙනුවෙන්තුති  පතනා
මිනිසුන් හැම දා…, හිතේ… දුකින්
හොඳ නම නොපතා…, හොඳ කරනා අය

පින් පලදී හැමදා……. සතුටින්

 සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ
පද රචනය : මම




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

40 comments:

  1. අදහස තේරුනා. සිංදුව ලස්සනයි, හොඳට කරල තියනවා. ඔක්කොම දේවල් කරන්න නං අමාරුයි කියල හිතෙනවා අපේ පෘතක්ජන ගතිය නිසා.
    //හැකිනම් තමන්ටම පොඩි තෑග්ගක් ගන්න//
    මේක නං නිතරම කරනවා, චීනෙ ඉඳලා ඒව, එන්නෙ ඔන්ලයින්.😊

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා. "මම තමයි හොඳටම කලේ" එක මතක් වුනා. හැම වෙලාවෙම නැතත් ඉඳල හිටල එක දෙයක් ගැනවත් මේක කරන්න බලන්න.

      Delete
    2. ඒක ඇත්ත. සමහර වෙලාවට මේ බ්ලොග් ලිවිල්ලත් ( බ්ලොග් කියවීම නොවේ) එපා වෙනවා, ඒක ලියන්නත් බාධක එනකොට. හැමදේට විසඳුම තියෙන්නෙ හිතේ තමයි.

      ඔබ දුන්න උපදෙස් අත්හදා බලන්න උත්සහා කරන්නම්. ස්තූතියි

      Delete
  2. ජගත් ගේ සින්දුව ඇසුණු විට
    ඉයන්ගේ පද රචනේ දුටුව විට
    බඩයන්නට පටන් ගත්තේ මට
    රනිල් මැතිදු නිසා ගොඩයයි රට

    ReplyDelete
  3. බෝනස් එකකුත් නරක නෑ හැබැයි

    ReplyDelete
  4. මෙච්චර කල් පෝස්ට් දැම්මා, හැබැයි දාපු ගමන් එල්ලෙන්න කඹයක් හොයන්න හිතුණෙ නැහැ. (සේපාලිකා මල් ) මගේ පෝස්ට් එකට හරහට එකක් ලියලා. මේ ඒක.

    වසර ගණනක පටන් උපන්දින සුබ පැතුම
    අති මහත් ප්‍රමොදෙන් මම මටම එවා ගමි
    කුඩා මල් පොකුරකුත් චොකෝ පෙති කීපෙකුත්
    මගෙ නමට මංම ඔර්ඩර් කරන් ලබා ගමි

    මාස්ක් එක දැම්මාම කාටවත් පේන්නෑ
    මමම මගේ අති ජාත මිතුරියක වෙලා ඉමි
    නොනවතින කතාවෙන් සිනාවෙන් එක දිගට
    බස් එකේ මග තොටේ දොඩමළුව ගමන් යමි

    දුකක් හිත දැනුනාම මමම වට්ස්ඇප් එකෙන්
    මටම පණිවිඩ ඒවා මගේ හිත හදාගමි
    සතුටු කිසිවත් වෙතොත් මංම මං එක්කගෙන
    ගොසින් හයි ටී එකක රස පහස ලබාගමි

    කවි කතා වලට මගෙ ප්‍රතිචාර අඩුයි නම්
    මගෙ අනිත් නමින් මං කමෙන්ට්ස් එහි ලියාගමි
    පිං අතේ වැඩක් හෝ හොඳ දෙයක් කළා නම්
    මංම මං අගයමින් තෑග්ගක් ලබා දෙමි

    මහන්සිය ආවාම මංම මට අමතගෙන
    හාෆ් ඩේ ලීව් එක එම සැණින් ලබාගමි
    කොනක ස්ටේසමේ කඩල ගොටුවක නැතොත්
    කොෆී ෂොප් කෙළවරක සිට සිහින හඹා යමි

    ඒත් මදි වගේ නම් පහුවදාටත් ලීව්
    දික් කරන් මං කියන තැනක ඇවිදලා එමි
    අයිස්ක්‍රීම් කානිවල් එකක අමතක නොවෙන
    දිනක් මං මං එක්ක ගෙවා දිය වෙලා එමි

    ඉල්ලලා කවුරුවත් තරහ නං වෙන්නෙපා
    දෙන්නෙ නෑ කාටවත් යලි යළිත් කියා ඉමි
    මගෙ සතුට අයිති මට වෙන කාටවත් නෙවෙයි
    ඒකෙ ස්විච් එක මගේ මගෙ අතෙම තබා ගමි.

    ReplyDelete
    Replies
    1. මම මේ මගේ පොස්ට් එක මෙතැන අමුණන්න කියලා ආවේ. ඉයන් ඒක දැනටමත් පල කරලානෙ. බොහොම ස්තුතියි. අනේ හරහට ලිවීමක් නෙවෙයි ඒක. ඉයන් ගේ පොස්ට් එක බැලුවාම මම කරන සමහරක් ඒවා මට මතක් වුණා. ඉතින් බොහොම ස්තුතියි නැවතත්. අනුන්ටත් කවි ලියවෙන විදියේ පොස්ට් දැමීම මොනතරම් වටිනවද.

      Delete
    2. ඒකත් මරු. මගේ බ්ලොග් රෝලේ එල්ල ගන්න ඕනේ බ්ලොගයක්.

      Delete
    3. කවිය විතරක් නෙමෙයි මල් ගහම මගෙත් බ්ලොග් රෝල.👌🙏

      Delete
  5. මම කරන දෙයින් මම සතුටක් ලබනවනම් ඒකයි වටින්නෙ. මටනම් ඒ පුරුද්ද තියෙනවා ඉයන්. ඒක ලොකු සැනසීමක්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි දුමී. සතුටුයි ඔබ ගැන.

      Delete
  6. දසක කීපෙකට ඉස්සර දවසක්
    'රාජමනි' නම් වියපත් මහතෙක්
    කියා දුන්නු හරි අපූරු දහමක්
    ඔබත් කියා ඇත - අරං වෙන මඟක්

    මතකයෙ ඉහළින් තිබෙයි තවම එය
    කල් යන තරමට අගයත් වැඩි විය
    ඒ ගැන නොලියා හිඳුමට බැරි විය
    ලිව්වෙමි - රිසි නං කියවනු ඇහැකිය:

    දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
    http://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_6.html

    ReplyDelete
    Replies
    1. රාජමනි අංකල් නිමල්ට දුන් උපදෙස මෙතන අලවමි


      “නිමල්, උඹ හොඳ වැඩක් කරනකොට මොකක්ද වෙන්නේ? මොකක්ද හිතෙන්නේ...”
      දවසක් රාජමනි අංකල් මගෙන් ඇහුවා. “සතුටක් හිතෙනවා!”

      “Wright! ඒක තමයි උඹේ හොඳ වැඩේට උඹට හම්බවෙන සැලරි එක.... සැලරි එක බලාගෙන මිසක් bonus එක බලාගෙන හොඳ වැඩ කරන්න එපා, කවදාවත්.”

      මට නම් එය එතරම් පැහැදිලි වුණේ නැත. “ඒ කිව්වේ අංකල්?”

      “නිමල්... බෝනස් එක තමයි ස්තුතිය.
      අපි හුඟ දෙනෙක් හොඳ වැඩක්, උදව්වක් කළාම ස්තුතියක් හම්බ වෙනවා නං කැමතියි. ඒත් හුඟක් අය ක්‍රිටිසයිස් කරනවා මිසක් ඇප්‍රිෂියෙට් කරන්නේ නැහැ.
      විවේචනය කරනවට වැඩියෙන් අගය කිරීම නේද අපි කරන්න ඕනේ? සැලරි එකෙන් සෑහීමට පත්වෙන්න ඉගෙනගෙන හිටියාම අපිට ස්තුති කළේ නැහැ කියලා දුකක් හිතෙන්නෙ නැහැනේ!”

      Delete
  7. ඔය වගෙ එකක් මං දවසක් කළා...

    https://drackey.blogspot.com/2016/03/blog-post.html?showComment=1456818201449#c8434530927210542470

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී. අර සේපාලිකා මල් ලියල තියෙන එක කියෙව්වද? අපේ බ්ලොග් වල අපිම කමෙන්ට් දාගත්තම මොනව වෙනවද?

      Delete
    2. මේක පට්ට ක්‍රමේ, ඩ්‍රැකියො. ඉයන්ගෙ බේතටත් තිතටම ගැලපෙනවා.🥸😵‍💫🤣

      Delete
  8. තිත්ත ඇත්තක්. මමත් ඉස්සර ඔය ලමයින්ට උදව්කරන ඒවා හෙම දාන්න ගත්ත . පස්සේ නැවැත්තුවා ඇති වැඩේ මොකද්ද කියල හිතල. උදව්වක් කරලා සද්ද නැතිව ඉන්න එක වඩා හොඳයි කියල හිතල. හැබැයි අර වැඩ කරන තැන එහෙම කරන එක නම් අවුල්. මම ට්‍රබල් ශුට් කරපු (මෘදුකාංග ප්‍රශ්න ) අවස්ථා කිහිපයක් තිබ්බ. අපේ ටිම් එකේ සුද්දෙක් මුල් කාලේ එවල ඔක්කොම ක්‍රෙඩිට් එක වෙන සුද්දෙකුට දුන්න අනිත් අය ඉස්සරහ. මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. සාමන්‍යයෙන් ඒ වගේ වැඩ කලාම පැනල දෙන එක අවශ්‍ය නැහැ කියල හිතලම. පස්සේ අරූට ප්‍රමෝෂන් එක ලැබුනම තමයි මට මගේ වැරැද්ද තේරුනේ .

    ReplyDelete
    Replies
    1. අජිත් එතන වෙලා තියෙන්නෙ ඔබ කල වැඩේ ක්‍රෙඩිට් එක වෙන එකෙක් අරගෙන. අනික මම කියන්නේ රාජකාරියේ එදිනෙදා වගකීම් ගැන නෙවෙයි. ඔබ විශේශ යමක් කෙරුවොත් ඒකෙන් ඔබම සතුටුවෙන්න කියන එක. එතකොට වෙන කෙනෙක් ඒක අගැයුවොත් හොඳයි එහෙම නොවුනොත් දුකක් නැහැ. ඔබගේ උත්තේජනය අගැයීම නම් එතකොට සතුටු වීම වෙන කෙනෙක් කරන නොකරන දෙයක් මත රඳා පවතිනවා. මේ අභ්‍යාසය කරන්න ඕන එහෙම අගැයීමක් ලැබියයුතු එහෙත් නොලැබෙන අවස්ථාවක අසතුටුටු නොවී ඉන්න.

      Delete
  9. ඇත්තටම මෙහෙම කරන්න පුලුවන් නම් හොදයි.ඒත් ඉතින් මිනිස්සු හැටියට අපි හැමෝම ආසනේ හොද අහන්න,අගය කරනවා දකින්න , අනික මං කොහොමත් වැටෙන්නෙ ගෑනුනේහ්... ගොඩටනෙ ඉතින් මං නම් ආසයි මාව අගය කරනවට,ප්‍රශංසා කරනවට. හැබැයි වයසත් එක්ක අත්දැකීම් එක්ක මුහුකුරා යනකොට සමහර දේවල් මහා පුස් දේවල් බොළඳ දේවල් වගේ පේනවා.

    ඒ විතරක් නෙවෙයි අප්පා ඔය සෙලිබ්‍රිට්ටො බිට්ටියො යූ ටියුබ් කරන ගොල්ලෝ විතරක් නෙවෙයි මේ අපිත් මී ටයිම් , සෝලෝ ඩේට් යනවා.අර සේපාලිකා කෙල්ල ලෙසටම කියල තියෙන්නෙ 🤗🤗

    ReplyDelete
    Replies
    1. සඳවතී, අගැයීම් ලැබෙනවනම් හොඳයි. ඒ අගැයීම කලයුත්තේ වෙන කෙනෙක් නිසා සහ යම්කිසි හේතුවකට ඒ අගැයීම නොලැබුණොත් හොඳ වැඩකුත් කරල අසතුටු වෙන්න වෙනව නේද? ලැබෙන අගැයීම් භාරගන්න. හොඳ දේවල් කරල අගැයීම් නොලැබුනාම නොසතුටු නොවී ඉන්න පුරුදු වෙන්න තමයි මේ අභ්‍යාසය කරන්න යෝජනා කලේ.

      Delete
    2. ඊට වඩා හොද නැද්ද අපි අපිව අගය කලයුතු තැන ,පිදිය යුතු තැන,ආදරය පෙන්විය යුතු තැන ඒ දේවල් ලෝබ නැතුව අනිත් කෙනා වෙනුවෙන් පෙන්වන එක.එතකොට හැමෝම සතුටින්නේ..

      Delete
    3. සින්දුව අහල නැහැ වගේ. අපිට පාලනයක් තියෙන්නේ අපි කරන දේවල් ගැන විතරයි. අපිට උදව් කරන අයව අගැයීම අපිට කරන්න පුළුවන් දෙයක්. ඒක හැම විටම කරන්න ඕන. ඒත් පිට අය කරන කොකරන දේවල් අපිට පාලනය කරන්න බැහැ. එතකොට ඒ අය අපි හොඳක් කලත් අගැයීමක් නොදුන්නොත් වෙන අසතුට වලක්වාගන්න තමයි මේක කිව්වෙ. ස්තූතියි සඳවතී

      Delete
    4. හුටා...සිංදුව ඇහුවෙ නෑ නේන්නම්..ඒක මතක බැරිඋනානේ...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  10. ඒක හොඳ උපදෙසක්. කරලම බලන්ඩෝන, සමහර වෙලාවට ඕව තේරුමක් නෑ කියලා හිතෙන්වනේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං මොනවට මහංසි වෙනවද? ඔන්නොහෙ ඉමු

      Delete
  11. ඉස්සර රාජ සභාවල රජාගේ ගුණ වයන වන්දිබට්ටයො කියලා කොටසක් වෙනම ඉදලා තියෙනවානේ... ඒ පොසිටිව් වයිබ් එකක් එන විදිහට රජාගේ ගුණ වර්ණනා කරන්න හිටිය කොටසක්... දැන් ඉන්න වන්දි බට්ටයන් රජාගේ නැති ගුණත් වර්ණනා කලත් ඇත්තටම වෙන්න ඕනේ තියෙන හොද ගුණ වර්ණනා කරන එකක් ...මේක පෘතග්ජන මනුස්සයෙකුට අවශ්‍ය දෙයක්.... ඉයන්ගේ යෝජනා කරන මේ ක්‍රමය තමන්ටම කර ගන්න පුලුවන් විදිහක් .....කරලා බලන්න හිතා ගත්තා...වැඩේ තියෙන්නෙ මං ඔය වගේ දෙයක් කලින් කරලා තියෙනවා..හැබැයි තෑග්ග විදිහර අඩියක් ගහනවා, සිගරට් එකක් බොනවා...චොකලට් ස්ලැබ් එකක් කන්වා වගේ වැඩ තමයි කලේ... Mayya

    ReplyDelete
    Replies
    1. //හැබැයි තෑග්ග විදිහර අඩියක් ගහනවා, සිගරට් එකක් බොනවා...චොකලට් ස්ලැබ් එකක් කන්වා වගේ වැඩ තමයි කලේ//එව්ව කොච්චර හොඳ දේවල්ද? කන්න බොන්න බැරි වුන් එක එක කථා ඉරිසියාවට කිව්වට ඒ වගේ තෑග්ගක් තමන්ට දීගන්න එක කොච්චර හොඳ උත්තේජනයක්ද? ස්තූතියි මයියා

      Delete
  12. ඉයන් ඔයාගේ අදහස වගේම ගීතයත් ඉතාම හොඳයි, මම එය අගය කිරීමට කැමතියි, නමුත් මම හිතන්නේ අපි පෞද්ගලිකව පොදුවේ සමස්ත සමාජය වෙනුවෙන් යහපත් දේවල් කරමින් එයින් සතුටක් ලැබීම පිළිබඳව හිතන්න කලින්ම පොදු සමාජයේම සැබෑ මිනිස් ගුණධර්ම වර්ධනය කිරීම ගැන රට පුරාම ලංකාව වගේ රටක ඉතාම පුළුල් සංවාදයක් ගොඩ නැගිය යුතුයි. විශේෂයෙන්ම මේ ගැන මම කතාවක් ඇසුරින් යමක් පවසන්න කැමතියි, මිට වසර එකසිය එකකට පෙර 1922 දී කැනඩාවේ ටොරොන්ටෝ නුවර රෝහලකට අමුත්තන් පිරිසක් පැමිණියා.

    එවකට මාරාන්තික භයානක රෝගයක් වූ පළමු ගණයේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳි කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වූ වාට්ටුවක් ද මේ රෝහලේ තිබුණා.

    එකලදී මරණය හැර වෙනත් විකල්පයක් නොතිබූ උග්‍ර පළමු ගණයේ දියවැඩියා රෝගයෙන් (Type 1 diabetes) පීඩා විඳි දරුවන් පනහක් පමණ එම වාට්ටුවේ සිටියා.ඔවුන් බොහෝ දෙනෙක් ඉතා කෙටි කලකින් හිමි වන නියත මරණයක් කරා ගමන් කරමින් සිටි දරුවන්.

    ඉන් පිරිසක් ඉතාම දැඩි ආහාර පාලනයකට යටත් කර තිබුණා.ආහාර පාලනය හේතුවෙන් එම කණ්ඩායමත් කුසගින්න සහ මන්දපෝෂණයෙන් මිය යමින් සිටියා.

    බොහෝ පිරිසක් හිටියේ දියවැඩියා කෝමා (diabetic comas) තත්ත්වයක. මොකද.1922 වන විට ටයිප් වන් දියවැඩියා රෝගය වැළඳී මාස කිහිපයකින් රෝගියා මරණයට පත් වීම නියතයක්.

    දියවැඩියා රෝගයට තිබූ එකම ප්‍රතිකර්මය වූයේ රෝගියා දැඩි ආහාර පාලනයකට යටත් කිරීම පමණයි.

    එහිදී තේ හැඳි කිහිපයක ආහාර පමණක් රෝගියාට ලබා දුන් අතර, එහි අවසානයත් දුක්ඛිත මරණයම පමණක් වුණා.

    ටොරොන්ටෝ රෝහලට පැමිණි අප කී එම අමුත්තන් පිරිස විද්‍යාඥයන් වගේම ඔවුන් සතුව වසර කිහිපයක් තිස්සේ විද්‍යාඥයන් කිහිප දෙනෙක් එක් වී සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ද තිබුණා.

    ඒ ඔවුන්ගේ පරීක්ෂණ වලදී වෙන් කරගත් ඉතාම පිරිසිදු ඉන්සියුලින්.

    මේ විද්‍යාඥයන් පිරිස මරණය නියත දරුවන් අසලට ගොස් ඔවුන්ට සිය සොයා ගැනීම වූ එම 'ඉන්සියුලින්' එන්නත් කළා.

    විද්‍යාඥයන් වාට්ටුවේ අවසන් දරුවාට එන්නත ලබා දීමට යද්දී, එන්නත ලබා ගත් පළමු දරුවා නැගී සිටියා.

    එලෙස එකින් එක සියලූම දරුවන් දියවැඩියා කෝමා තත්ත්වයෙන් නැගී සිටියා.

    මරණය සහ ශෝකය පිරුණු කාමරයක් ක්ෂණයෙන් බලාපොරොත්තුවෙන් සහ සතුටින් පිරී ගියා.

    1921 වසරේ මුල් භාගයේ ෆෙඩ්‍රික් බැංටින් (Frederick Banting), චාර්ල්ස් බෙස්ට් (Charles Best) සහ ජේ.ජේ ආර් මැක්ලියොඩ් (JJR Macleod) ටොරොන්ටො විශ්වවිද්‍යාලයේ දී ඉන්සියුලින් සොයා ගත්තා.

    ඉන් ටික කලකට පසුව රසායන ඉංජිනේරු ජේම්ස් කොලිප් (James B Collip) විසින් පිරිසිදු ඉන්සියුලින් නිස්සාරණය සොයා ගැනීමත් සමඟ, දියවැඩියා රෝගයට ප්‍රතිකාරයක් ලෙස ඉන්සියුලින් භාවිතා කිරීම ඇරඹුනා.

    එතැන් සිට උග්‍ර දියවැඩියා රෝගය තවදුරටත් මරණය නියත රෝගයක් වූයේ නැහැ.ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත බේරූ ඉන්සියුලින්, වෛද්‍ය විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සොයාගැනීමක් වුණා.

    වසර 1923 වසරේ වෛද්‍ය විද්‍යාව උදෙසා පිරිනමන නොබෙල් ත්‍යාගය ෆෙඩ්‍රික් බැංටින් ට සහ මැක්ලියොඩ් ට හිමි වූයේ ඒ සොයාගැනීමේ වටිනාකම නිසාමයි.

    එම වසරේදීම බැංටින්, ඉංජිනේරු කොලිප් සහ බෙස්ට් ඩොලර් මිලියන ගණනකට මිල කළ හැකිව තිබූ ඉන්සියුලින් ඖෂධ ප්‍රතිපත්තිය සහ නිෂ්පාදන තාක්ෂණය පේටන්ට් බලපත්‍රය, ටොරොන්ටො විශ්වවිද්‍යාලයට ඩොලර් 1ක මිලකට විකුණා දැමූවා.

    ඩොලර් මිලියන සිය ගණනකට විකුණා දැමිය හැකිව තිබූ ඉන්සියුලින් පේටන්ට් බලපත්‍රය නාමීකව එක ඩොලරයකට පමණක් විකුණා දැමීමෙන් පසුව ෆෙඩ්‍රික් බැංටින් මාධ්‍ය අමතා කියූ කතාව අදටත් ලෝක ප්‍රසිද්ධයි.

    " මේ ඉන්සියුලින් අපට අයිති නැත, එය අයිති මේ සමස්ත ලෝකයටමයි' යනුවෙන් එදා ඔහු කීවා.

    ඔවුන්ගේ පරිත්‍යාගයෙන් මිලියන ගණනක් දරුවන් ජීවිතදානය ලැබූවා.මරණය නියත වී රෝහල්වල ශෝකීව යන්ත්‍ර මගින් අයිසීයූ වල දිවිගෙවූ මිලියන ගණනක් ජනයා ලේසියෙන්ම යළිත් සාමාන්‍ය මිනිස්සුන් ලෙස හුස්ම ගත්තා. තව සෑහෙන කාලයක් සාමාන්‍ය ලෙස ජීවිත ගෙවමින් ලෝකයට වැඩදායී වෘත්තීන් සිදුකළා.

    අද අප ජීවත් වන මේ සෑහෙන සුවපහසු නිරෝගි මිනිසුන් බහුලවූ බලගතු ලෝකය ගොඩනැගුණේ අහඹුවකින් නොවෙයි.ඒ එවන් විශිෂ්ඨ, සුන්දර ගුණවත් නැණවත් මිනිසුන්ගේ අතිශය පරාර්තකාමී කැපකිරීම් වලින්. ඒ බව අමතක නොකල යුතුයි. ඒ ගැන ලංකාවේ පොදු සමාජය තුල පුළුල් සංවාදයක් ඇති කී යුතුයි, විදේශ ගත ලාංකික අපටත් ලිපි බ්ලොග් ව්ලොග් වීඩියෝ ක්ලිප් මගින් මේ සඳහා දායක විය හැකියි. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

    ReplyDelete
  13. ඔය වගේ සමාජ සත්කාර වගේ දේවල් කරන අය ලෞකික ජීවිතයේ ලාභ ප්‍රයෝජන වලටත් වඩා ආගම් වල තියෙන ස්වර්ගය පින් පවු වගේ දේවල් වලින් ලැබෙන ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හිතාගෙන ඉන්න බවත් අමතක කරන්න එපා ඉයන්.

    ඇත්තටම ඉයන් ගෑනියෙක් එක්ක ඉන්න තහනම් කරපු සෑම ආගමකම බොහෝ පැවිද්දන්ට ඔය ලෙඩේට අමතරව රාගයත් ඉහට ගහනවා. හොඳ හැදිච්ච ඩීසන්ට් අය​ සොයං වින් දනේ කරනව​. තවත් අය කොල්ලො සොයං වින් දනේ තවත් අය අහල පහල ගැණු එක්ක Win de Ney​.

    අපෙ ගමේ පං සලේ සාදුට නම් උපා සක ගෑනූ දෙන්නෙක් ඉන්නව මලකඩ හූරල දෙන්න​. ඒනිසා පොඩිඋන්ට කරදරයක් නෑ.
    පොඩි සාදු දහං පාසල් එන කෙල්ලන් ගේ කුක්කු බල බල අදාල දේ කර ගන්නව​.

    ඒ ගමේම තියෙන පල්ලියේ තාත්ති ඒකේ සහෝදර කොල්ලන්ට ග්‍රීස් ගහනව​.

    එතකොට මේ නිව්ස් එකේ තියෙනවා වගේ අපතයෝ පොඩිකෙල්ලොන්ව කොල්ලො විනාස කරනව​.

    //ක්‍රිස්තියානි දේවගැතිවරුන් විසින් පාලනය කරන ක්‍රිස්තියානි බාලිකා නේවාසිකාගාරයක නැවතී සිටි බාල වයස්කාර දැරියන් පස් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන දේවගතිවරයෙකු කිරුළුපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කිරුලපන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රිස්තියානි මිෂනාරි ආගමික ප්‍රචාරක කටයුතු සඳහා නම්දරා ඇති ක්‍රිස්තියානි ආගමික සභාවක් යටතේ පාලනය වන බාලිකා නේවාසිකාගාරයක සිටි බාල වයස්කාර දැරියන් පස්දෙනෙකුට මෙසේ මෙම දේවගතිවරයා සහ තවත් දේවගැතිවරුන් ගණනාවක් විසින් වරින් වර පැමිණ අතිශය බරපතල ලිංගික අතවර විශාල වශයෙන් සිදු කළ ඇති බවට සියලු සාක්ෂි සහිතව චෝදනා රාශියක් එල්ල වී ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට තුන්වන වියේ පසු වන අයෙකි.පරීක්ෂණවලින් දැනට හෙළි හෙළි වී ඇති පරිදි මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකළ එකක් බවත් පොලීසිය සඳහන් කළේය. තවදුරටත් දූෂකයන් සොයා පොලිස් විමර්ශන සහ පරීක්ෂණ කටයුතු පැවැත්වේ.

    මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉතාම ජනප්‍රිය මිරැකල් ඩෝම් බෝනගේන් දෙව්සත්හලේ අධිපති දේවගැති ජෙරම් ප්‍රනාන්දු තුමන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

    බන්ධනාගාරයේදී සිරකරුවන් සමග ඉතාම මූලික පහසුකම් යටතේ විවිධ සරකරුවන් සමග එකට වාසය කරන කාලය තුල ඔහුගේ සිරුරේ ඇති වී තිබෙන ඉකිලි කැසීමේ තත්ත්වයක් හෙවත් ප්‍රීති කසානා නමැති රෝගය සදහා මෙසේ ප්‍රතිකාර ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

    අන්‍යාගම් වලට අපහාස කර මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ කලේ යැයි එල්ල වූ චෝදනා මත වත්මන් රජය ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.//


    උන් ඔක්කොම එකතු වෙලා උන්ට තරම් කුලප්පුවක් නැති අපට රාගේ නැති කරගන්න බණ දෙසනවා. හරි විනෝදයි නේද ඉයන් මේවා?

    ReplyDelete
  14. මටනම් හොඳ productive day එකක් අවසානයේදී, කව්රුවත් ප්‍රසන්සා කළත්, නොකළත් මාර ආත්ම තෘතියක්, සතුටක් තියනවා..මම නම් හිතන්නෙ අපි වැඩක් කරන්න ඕනා ආන්න ඒ සතුට ලබන්න.

    ReplyDelete
  15. මචන් ඉයන් ...හරි සෞන්දාර්යත්මක වැඩක්.අගය කරනවා...ආපු දවසක සෙට් වෙමු....

    ReplyDelete
  16. ඉයන් බුදුදහම ගැනත් ටච් එකේ ඉන්න හන්ද... මේ ආත්මතෘප්තිය හා උපේකෂාව ගැන ලියවිලා වගෙ.

    හුම්. බලාපොරොත්තු තියෙන අතරෙ ඒව කඩ උනහම දුක තමා.
    කියල තියෙනව වගේ කරන වැඩ වලින් හා තමන්ව ස්වයං අගයා ගැනීම... පංකාදු අදහස!

    ReplyDelete
  17. ලස්සනයි පද රචනය. සුබ පැතුම් ඔබට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලියෝනි

      Delete
  18. හිත නිවන පද පෙළක්...අපූරුයි ඉයන්..
    මන් ඔබේ අදහසට එකඟයි...ඒක මගේ පෝස්ට් එකටත් ඇතුලත් කළා...
    ඇගයීමක් නැති උනොත් මොන විදියේ හැඟීමක්ද එන්නේ කියන එක මට පුද්ගලිකව ලොකු වැටහීමක් නැහැ..පොඩි කාලේ මගේ අම්ම මාව නිතර දිරිමත් කළා..ඒත් ඒ කිසිම දෙයකින් උදම් අනන්න එපාය කියන පණිවුඩයත් එයා ඒ එක්කම මට දුන්නා..මට මහ පොළොවේ ඉන්න කියල දුන්න..ඒ නිසා මට තව කෙනෙකුගේ ප්‍රශංසා වල විශේෂ බලපෑමක් නෑ..නමුත් තව කෙනෙක්ගේ හොඳක් දකින්න පුළුවන් වීම සම්බන්ධයෙන් මා ඒ පුද්ගලයා ගැන සතුටු වෙනවා..හැබැයි මට එන නරක කමෙන්ට් සියල්ලම විශ්ලේෂණය කරලා ඒවයෙන් ඉගන ගන්න දෙයක් තියනවා නම් අනිවාර්යෙන්ම ඒක ලබා ගන්නවා...මිනිස්සු ගැන තේරුම් යනකොට, ජීවිතේ ගැන අවබෝධ වෙනකොට, මේ හැමදේම වෙනස් වෙනවා කියල අපිට තේරෙනකොට, අට ලෝ දහම ඇත්ත කියල වැටහෙනකොට, ඒවායින් ලොකු බලපෑමක් කරන්න බෑ තව දුරටත්...එහෙම නේද?
    මම කියල කෙනෙක් නෑ තමයි, නමුත් ඒක අවබෝධ කරගන්නත් මම මට ආදරේ කරන්න ඕනේ..එතකොට තමයි හොඳ නිරෝගී මනසක් හැදෙන්නේ...එතකොට තමයි අපිට ජීවිතේ දිහා ගැඹුරින් බලන්න පුළුවන්..
    හැබැයි ඉයන් මෙහෙම දෙයක් තියනවා, ජීවිතේ හැමදාම වෙහෙස වෙන, පේන මානෙක ගැලවුමක් නැති ජීවිත තියන මිනිස්සුන්ට තව කෙනෙකුගේ එන ප්‍රශංසාව ගොඩක් වටින්න පුළුවන්.."දිස් මේඩ් මයි ඩේ" වගේ දෙයක්...මට එහෙමත් හිතෙනවා...හැබැයි ඒක මත්තෙ යැපෙනවා නම් ඒක හොඳ දෙයක් නෙවේ...
    ඊළඟට මමත්වය මුල් කරගෙන බොහොම ඊගෝ එකෙන් වැඩ කරගෙන මිනිස්සු දේවල් කරන්නෙම තව කෙනකුට පේන්න..පබ්ලිසිටි ගන්න...මිනිස්සුන්ගේ "අහා" කමෙන්ට්ස් ගන්න..
    මේක හරි අපූරු ටොපික් එකක්, ගොඩක් පැති තියනවා කථා කරන්න...

    ReplyDelete