Wednesday, April 27, 2022

තමන්ට අදාල නීති තමන්ම සදා ගැනීම


ඔබ යටත් විය යුතු නීති සම්පාදනය කිරීමේ වගකීම ඔබටම පවරා දුන්නොත් එසේ වෙනස් කරගන්නා නීති මොනවාද? මම වෙනස් කරගන්නේ බීමතින් රිය පැදවීමට ඇති තහනමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීමට ඇති තහනමත් යන දෙකයි. එම නීති වෙනස් කිරීම පාරේ යන අනික් අයට සහ ප්‍රසිද්ධ ස්ථානවල ඉන්නා අනික් අයට අසාධාරණයක් වෙන බව ඇත්තයි. එම නිසා ඒ නීති සම්පාදනය මට භාරදීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙහෙම දේවල් රටේ වෙනව කියල කිව්වොත් ඔබ විස්වාශ කරන එකක් නැහැ. නීතියට අදාල වන අයම තමන්ගේ නීති හදාගන්නා අවස්ථාවක් තමයි ව්‍යවස්ථාව වෙනස් කිරීම. 

1978 ව්‍යවස්ථා සංශෝධනයට යම් හේතු තිබුණා. එක හේතුවන් නම් 1970 මහ මැතිවරණයේ ප්‍රතිඵලය. රටේ චන්ද 1,892,525 ක් ලබාගත් එජාපයට ආසන 17 ක් ලැබෙනවිට ඊට වඩා අඩුවෙන් එනම් චන්ද 1,839,979 පමණක් ලබාගත් ශ්‍රිලනිපයට ආසන 91 ක් 1970 දී ලැබුණා. සමසමාජ පක්ෂය ආණ්ඩුවට එකතුවීම නිසා ඔවුන් ලබාගත් චන්ද 433,224 ට ලැබුණු ආසන 19 ත් එක්ක ගත්කල ආන්ඩුවට වැඩි ජනතා චන්ද තිබූ බව කියන්න පුළුවන්. එහෙත් චන්ද 433,224 කට ආසන 19 ක් සහ චන්ද 1,892,979 එනම් හතර ගුණයකත් වඩා චන්ද ගත් පක්ශයට ආසන 17 ක් පමණක් ලැබීම සාධාරණ ක්‍රමයක් කියල කියන්න බැහැ. 

අනික නම් අති විශාල සංවර්ධනයකට රට ගෙනයාමට ශක්තිමත් ආණ්ඩු ඇතිකිරීම තමයි ප්‍රධානතම හේතුව. ඒවගේම සමාජවාදී ක්‍රමය සහ ධනවාදී ක්‍රමය වැනි එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් අනුගමනය කල විශාල පක්ශ දෙක ඇතිවිට ආණ්ඩු මාරුවකදී ජනසතු කිරීමේ අවදානම නිසා විදේශ අයෝජන නොලැබිය හැකි වීම වලක්වා ගැනීම වැදගත්. ඒවගේම මන්ත්‍රීවරුන්ට පැතිමාරු කිරීමෙන් ආණ්ඩු වට්ටන්න පුළුවන් වීම එජාප රජයට තිබ්බ සංවර්ධන වැඩ පිලිවෙල සාර්ථක කරගන්න ප්‍රශ්ණයක් වීම වලක්වා ගන්න එලෙස පැති මාරු කල නොහැකි සහ සමානුපාතික නියෝජනය ඇති චන්ද ක්‍රමයක් සහ පාර්ලිමේන්තුව හරහා වැට්ටවිය නොහැකි ජනාධිපති ධුරයක් ඇතිකිරීම සහ බලය ජනාධිපති වෙත තබා ගැනීම අවශ්‍ය වුණා.

Monday, April 4, 2022

කවුරු ආවත් රට නැවත ආර්ථික වශයෙන් ගොඩනැගීම ඉතාමත් ආමරුයි

From the internet


රටේ සහ ආර්ථිකයේ සිදුවන දේවල් ගැන ඇති කලකිරීම සහ ඒගැන කථා කිරීමේ නිශ්ඵල තාවය දත් නිසා පෝස්ට් පල කිරීමෙන් වැලකී සිටියෙමි. ඇද පවතින තත්ත්වයේ සිට ජාත්යන්තර මුල්‍ය අරමුදල හරහා ප්‍රතිව්‍යුහ ගත කිරීමකින් පමණක්ම සියළු ප්‍රශ්න විසඳා යැයි බොහෝ අය සිතති. ප්‍රතිව්‍යුහ ගතකිරීමකදී ණය ප්‍රමාණයක් කපා හැරීමක් සිදු නොවේ.  මට නම් පෙනීයන්නේ එසේ ප්‍රතිව්‍යුහ ගත කිරීමක් සිදුවූවත් එම ණය ගෙවීමට රටේ ආනයන ආසන්න වශයෙන් සම්පූර්ණයෙන්ම නතර කිරීමකින් තත්ත්වයකට රට ඉක්මනින්ම පත්වන බවයි. මේ රට මේ අකරතැබ්බය සිදුවූ හැටි පහදා දීම පෝස්ටුවේ අරමුණයි.


අයියා කල පලමුවෙනි ආර්ථික හානිය

පසුගිය දශක කිහිපයේම ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය ආදායම් මාර්ග දෙක වූයේ ඇඟළුම් කර්මාන්තය සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේශණයි. 

ඇඟළුම් ආදයම් වලට කෙලවූයේ අද අගමැති මහින්ද ඔහුගේ ජනාධිපති කම දරන අවදියේය. එයට හේතුව නම් ඔහුගේ ලෝක දේශපාලනික නොදැනුවත් කමත්, උද්දච්ච කමත්, රටට හෙන ගැහුවත් ඔහුගේ තනතුර රැක ගැනීමේ අවශ්‍යතාවයත්ය. යුද්ධය අවසන් වූ වහාම කාගේවත් උපදෙස් නොගෙන බැන්කී මූන් සමඟ එක්සත් ජාතීන්ගේ යුද්ධය ගැන  පරීක්ෂණයකට එකඟ වූයේ ඔහුය. 

ඊට කලින් ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් යුද්ධ වලදී හමුදා ක්‍රියාකාරකම් ගැන බාහිර පාරීක්ෂණ වලට ලංකාව නතු වන ගිවිසුමකට අත්සන් කරන ලෙස 2001 -2003 රනිල් ගේ ආණ්ඩුවකට බලකලත් දැනට යුද්ධයක පැටලී සිටින රටක් ලෙස එය අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය. එම නිසා යුද්ධය අවසානයේදී කිසිම නිත්‍යානුකූල බාහිර පරීක්ෂණයක් සිදු කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොවිනි. යුද්ධය අවසන් වූ වහාම මෙරටට පැමිණි බැන්කී මූන් දුන් ලණුව කෑ මහින්ද එවන් පරීක්ෂණයකට එකඟතාවයක් අත්සන් කලේය. පසුව එම පරීක්ෂණය  සිදුකිරීමේදී එකක් පිට එකක් ලෙස පැවැත්වූ පලාත් සභා චන්ද වලදී බටහිර විරෝධය සහ විදුලි පුටුව පෙන්නා තවත් ජාතිවාදී ඡන්ද ගරා ගැනීම ඔහුට වාසියක් විය.