Sunday, December 30, 2018

පියා යනු දියණියගේ පළමු ආදරයයි

Dad, daughter's first love

දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව.

අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික රටවල තරම් හොඳ නැහැ කියා උපකල්පනය කරනවා. ඒ රටවල් ගැන අත්දැකීම් තියෙන අය දන්නවා එහෙත් මෙහෙත් එහෙම වෙනසක් නැහැ කියලා. වයසක මව්පියන් මහළු නිවාස වලට හරින අය එහෙත් ඉන්නවා. දැන් ඒ අය මෙහෙත් ඉන්නවා. ඇත්තම වෙනස නම් ඒ රටවල මහළු නිවාස කියන්නෙ රජයේ දැඩි නීති සහ පරීක්ෂා කිරීම් යටතේ පාලනය වෙන ඒවා නිසා දෙමව්පියන්ට මෙහෙට වඩා ආරක්ෂාවක් සහ නොයෙකුත් පහසුකම් ලැබීම.

ඒවගේම දෙමව්පියන්ට දැඩි බැඳීමක් ඇති දරුවන් මෙහෙ වගේම එහෙත් ඉන්නවා. ප්‍රවෘත්ති වල දකින්න ලැබෙන්නේ 99% ක් ම නරක මිනිසුන් කරන දේවල්  නිසා කරන හොඳවල් වලට ප්‍රචාරයක් ප්‍රධාන මාධ්‍යවල ලැබෙන්නේ නැහැ. ඒක ටික හරි වෙනස් වී ගෙන යන්නේ කැමරා ෆෝන් සහ සමාජ ජාල වලින් දැන එවන් හොඳ දේවලුත් හරි හරියට ප්‍රචාරය වෙන නිසා.

මේ කථාව සහ වීඩියෝව ඔබගේ දරුවන්ටත් පෙන්නුවොත් හොඳයි. කැනඩාවෙ Alberta ප්‍රාන්තයේ දෙසැම්බර් මස මැද හරියේ Three Days Grace කියන බෑන්ඩ් එකේ Concert එකක් පැවැත්වෙනවා. එයට සහභාගී වූ Jules Maria නැමැත්තියට දකින්න ලැබෙන්නේ අන් අයට වඩා ඉඩ ප්‍රමාණයක් යොදාගනිමින් සංගීතයට නටමින් විනෝද වන යුවලක්. මොහොතකින්ම මේ සාමාන්‍ය යුවලක් නොවන බව ඇයට ඒත්තු යනවා. ඇය ආසා කරන බෑන්ඩ් එක වේදිකාවේ කරන දේට වඩා ඇයගේ හිත යන්නේ මේ යුවල කරන දේ ගැනයි. වහාම ඇය එම සිද්ධිය වීඩියෝ ගතකරනවා. ෆේස්බුක් හරහා සංසරණය වුන එම වීඩියෝව ඉතා ඉක්මනින් මිලියන ගණනක් අය සංවේදී කරනවා. 

Friday, December 21, 2018

ඉන්දියාව සහ බහුතරය

මහින්ද සහ 'නීතීඥ' නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟ

ලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච සිද්ධි ගැන විවිධාකාර මත පළවෙලා තිබුණත් ඒකෙන් ඇත්තටම වුන දේ මට පේන විදිහට ලියන්න හිතුණා. ඒකට හේතුව වැඩි දෙනෙක් ගේ විග්‍රහ වල මේ සිද්ධීන් වලට යටින් තියෙන  geopolitics ගැන දක්වා   තිබෙන අඩු අවධානය.

කවුරු මොනව කිව්වත් ලංකාව වගේ ඉතා කුඩා, එමෙන්ම ඛනිජ තෙල් වැනි ලෝකයට වටිනා දේවල් නැති රටකට ලෝකයේ තනිවම ජීවත් වෙන්න බැහැ. සමහර අය දේශපාලන වේදිකාවල බටහිරට සිංහලෙන් බැන්නට, යුරෝපය, ඇමෙරිකාව, වගේ බටහිරට අවශ්‍ය නම් මාස දෙක තුනෙන් මේ රට ඉතියෝපියාවට එහා තත්ත්වයකට ඇද දාන එක සුලු දෙයක්. ඒකට එක හේතුවක් තමයි දැන් ඉතියෝපියාව  විශාල ලෙස දියුණුවෙමින් පැවතීම. තව වසර කීපෙකින් රටකට ඉතියෝපියාව වෙන් පල්ලෙහාට යන එක සුළු දෙයක් වෙයි.ඉතියෝපියාවේ ආශ්චර්‍යය ගැන නම් කියවන්නම වටිනවා. රටක් ගැන ආදරයක් තියෙන නායකයෙක් ලැබීම තමයි ඒකට හේතුව. ඒ අයගෙයි ලංකාව ආසියාවේ අච්චාරුව කරපු අයගෙයි වෙනස එතකොට වැටහෙයි.