Sunday, December 30, 2018

පියා යනු දියණියගේ පළමු ආදරයයි

Dad, daughter's first love

දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව.

අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික රටවල තරම් හොඳ නැහැ කියා උපකල්පනය කරනවා. ඒ රටවල් ගැන අත්දැකීම් තියෙන අය දන්නවා එහෙත් මෙහෙත් එහෙම වෙනසක් නැහැ කියලා. වයසක මව්පියන් මහළු නිවාස වලට හරින අය එහෙත් ඉන්නවා. දැන් ඒ අය මෙහෙත් ඉන්නවා. ඇත්තම වෙනස නම් ඒ රටවල මහළු නිවාස කියන්නෙ රජයේ දැඩි නීති සහ පරීක්ෂා කිරීම් යටතේ පාලනය වෙන ඒවා නිසා දෙමව්පියන්ට මෙහෙට වඩා ආරක්ෂාවක් සහ නොයෙකුත් පහසුකම් ලැබීම.

ඒවගේම දෙමව්පියන්ට දැඩි බැඳීමක් ඇති දරුවන් මෙහෙ වගේම එහෙත් ඉන්නවා. ප්‍රවෘත්ති වල දකින්න ලැබෙන්නේ 99% ක් ම නරක මිනිසුන් කරන දේවල්  නිසා කරන හොඳවල් වලට ප්‍රචාරයක් ප්‍රධාන මාධ්‍යවල ලැබෙන්නේ නැහැ. ඒක ටික හරි වෙනස් වී ගෙන යන්නේ කැමරා ෆෝන් සහ සමාජ ජාල වලින් දැන එවන් හොඳ දේවලුත් හරි හරියට ප්‍රචාරය වෙන නිසා.

මේ කථාව සහ වීඩියෝව ඔබගේ දරුවන්ටත් පෙන්නුවොත් හොඳයි. කැනඩාවෙ Alberta ප්‍රාන්තයේ දෙසැම්බර් මස මැද හරියේ Three Days Grace කියන බෑන්ඩ් එකේ Concert එකක් පැවැත්වෙනවා. එයට සහභාගී වූ Jules Maria නැමැත්තියට දකින්න ලැබෙන්නේ අන් අයට වඩා ඉඩ ප්‍රමාණයක් යොදාගනිමින් සංගීතයට නටමින් විනෝද වන යුවලක්. මොහොතකින්ම මේ සාමාන්‍ය යුවලක් නොවන බව ඇයට ඒත්තු යනවා. ඇය ආසා කරන බෑන්ඩ් එක වේදිකාවේ කරන දේට වඩා ඇයගේ හිත යන්නේ මේ යුවල කරන දේ ගැනයි. වහාම ඇය එම සිද්ධිය වීඩියෝ ගතකරනවා. ෆේස්බුක් හරහා සංසරණය වුන එම වීඩියෝව ඉතා ඉක්මනින් මිලියන ගණනක් අය සංවේදී කරනවා. 

එම යුවලේ තරුණිය 19 හැවිරිදි Kerri Carberry . පුරුෂයා 53 හැවිරිදි තරුණියගේ පියා Darrin Carberry. සම වයසේම පෙම්වතෙක් සිටියත් ඇය මෙම Concert එකට සහභාගී වන්නේ ඇයගෙ පියා සමඟ. ඇයගේ පියා ශ්‍රව්‍යාබාධිත කෙනෙක්. එම නිසාම ඇය Sign langauge වලින් තමයි පියා සමඟ සන්නිවේදනය කරන්නේ. ශ්‍රව්‍යාබාධිත පියාට ගීතවල වචන නොඇසෙන නිසා ඇය කරන්නේ එම වචන sign langaguge වලින් පියාට සංනිවේදනය කිරීම. මේ විඩියෝ එක යූ ටියුබ් ඇතුළු ජාලා ගණනාවක් මිලියන ගණන් අය නරඹා සහ අදහස් දක්වා තිබෙනවා. අද වෙනකොට කැනඩාවේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ, හැම ප්‍රධාන රූපවාහිනි නාලිකාවක්ම වගේ මෙම සිද්ධිය ප්‍රචාරය කරල තියෙනවා.  CNN නාලිකාව මෙම සිද්ධිය ගැන වාර්ථා කලේ  මෙහෙම.

සමහර අය කියා තිබුණා ඇය තාලයට හානියක් නොවන පරිදි අති දක්ෂ ලෙස sign langauge එකෙන් එම ගීතය පියාට ගයනවා කියලා. ඒවගේම බොහෝ කමෙන්ට්කරුවන් කියා තිබුණේ එය ඔවුන්ව හැඬවීමට සමත් වුණා කියලා. 

මේක විනාඩියකට අඩු විඩියෝවක්. එම නිසා කොහොම හරි බලන්න. මේ තරුණිය කොතරම් හැඟීමකින්, ඕනෑකමකින් සහ ආදරයකින් ඒ දේ කරනවාද කියන එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. එම නිසා මේක කොහොම හරි බලන්න. බටහිර රටවලත් දෙමව්පියන්ට ලැදි එමෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම කරන දරුවන් සිටින බව දැන ගැනීමට මේක හොඳම සිද්ධියක්. 






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

23 comments:

  1. නිවුස් වලත් තිබුණ කියා ඔබ ලියා තිබුණට, මම නම් ඔන්න දැන් තමයි මේක දැක්කෙ. බොහොම ස්තුතියි බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එමා. මේ තියෙන්නෙ ඔබ ඉන්න රටේ Daily Mail Online මේ සිද්ධිය ගැන කරපු වාර්ථාව.

      Delete
    2. බොහොම ස්තුතියි ලින්ක් එකටත්. ඔබ මේක ලිවුවේ නැත්නම් දකින්නෙත් නැහැනෙ, ඒකයි මම කලින් කමෙන්ට් එකේ අදහස් කලේ.

      Delete
    3. හෙහ් හෙහ් සතූතියි එමා

      Delete
  2. ඉයන්. ඔබ කියපු කථාව හරියටම හරි. ලංකාව සහ සංවර්දිත රටවල් මේ වෙලාවේ සංසන්දනය කරනකොට (සමාජ මාද්‍ය ජාලා එක්ක වගේම දෙමාපිය දරුවන් සම්බන්දයෙනුත්) මට හිතෙන්නෙ ඉස්සර ලංකාවට වඩා අද තියෙන මේ රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නව. මම මේ වගේ දේවල් රොක් කොන්සර්ට්, ෆෙස්ටිවල් වලදී දැකපු අවස්ථා අප්‍රමානයි. ඒ වගේම ආබාදිත පෙම්වතුන් සහකරුවන් ඔවුන්ගේ සහකරුවන් එක්ක ඇවිත් මේ වගේ තැන් වලදි අනිත් රසිකයන්ගෙ උදව් ඇතුව සන්තෝසවෙනවා මම ගොඩක් අවස්ථාවලදි දැකල තියෙනව. ප්‍රශ්නය කියන්නෙ රටවල් දෙකක් සමාජ මාද්‍ය ජාලා පාවිච්චි කරන විදිහ. සහ ස්පෙෂල් නීඩ් මිනිස්සුන්ට කරන ගෞරවය. නිකමට හිතන්න මේ සිදුවීම ලංකාවේ උනානං ඔය කියන සමාජ මාද්‍ය ජාලා මේ දුව සහ තාත්ත ගැන කියන කතාව..??

    සංගීතය, එක එක සංස්කෘතීන් සහ උප සංස්කෘතීන්, මිනිස්සු අපි හිතන පතන කියන කරන දේවල් (හොඳ දේවල් විතරයි) හරිම ලස්සනයි. ඒක නිකං සමාන කරන්න පුළුවන් ස්වභාව දර්මයාට විතරයි. ඒක හරිම ලෙහෙසියෙන් විඳගන්න පුළුවන්.

    ඒත් අපි try කරන්නෙ අපිට කවදාවත් වෙනස් කරන්න බැරි, ඒ ගැන හිතන්නවත් බැරි දේවල් වෙනස් කරන්න. අපිට ඕන අපිට ඕන දේවල් තමයි අනිත් මිනිස්සුන්ගෙනුත් ලබාගන්න. ඔය කිසිම දෙයක් මේ system එක ඇතුලෙ වෙනස්කරන්නවත් වෙනස් වෙන්නෙවත් නැහැ ඉයන්. (ඔබ පරිනත කෙනෙක් කියල මම දන්නව. මම මේ මගේ අදහස විතරයි කියන්නෙ)

    අපි අපේ මමත්වය ඇතුලෙ ඉන්නකං අපි මිනිස්සු උනත් අපි ළිං මැඩියෝ. උගත් මෝඩයෝ.

    ජිවිතේ පට්ට ආතල්. කවදාහරි මේ ඔහෙලා අපි හිතන විදිහට මුළු ලෝකයම හිතන්න පුරුදු උන දවසට අපි පරක්කු වෙලා ඇති.

    හොඳ ලිපියක් ඉයන්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++

      Delete
    2. ටික්කා බොහොම ස්තූතියි. ඔබ කිවායින් පසුව ඔබ කිවූ වර්ගයේ ව්ඩියෝවක් හම්බුවුනා. මෙහිදී වෙන්නේ සංගීත සන්දර්ශණයකදී එක් මිතුරියක් ඇයගේ ශ්‍රව්‍යාබාධිත මිතුරියක් වෙනුවෙන් සඥා භාෂාවෙන් ගීතය 'පරිවර්ථනය' කරනවා වීඩියෝව මෙතන.

      Delete
    3. ටික්කා උඹ කියන දේට එකඟයි. මම සමාජය වෙනස් කරන්න හදන එක බොක්කෙන් කරන එක නැවැත්තුවා. ඒකට හේතුව ඒකත් එක්ක එන ද්වේශය මටම හොඳ නැති නිසා. ඒ දේවල් ගැන ලියන එක හෝ කථා කරන එක තවමත් කලත් සමාජය වෙනස් කරන්න මට තියෙන හැකියාව අවමයි කියන එක තේරුම් ගත්තා. නැවතත් ස්තූතියි.

      Delete
    4. ඉයන්. ස්තුතියි ඔබේ ලින්ක් එකට. ඔබේ ලින්ක් එකේ සංගීතය DDM (Digital Dance Music). වෙනස ලොකු වෙනසක් ඉයන්. මම මේ වෙනස මෙතනම පැහැදිලි කරන්නම්. මොකද මම කලක් London වල DJ කළා. DDM වලට එන්නෙ ගොඩක්ම beat එකට. MDMA, පෙති, කොකේන්, හෙරොයින්, ගත්ත මිනිස්සු. Heavy metal මිනිස්සු අර කිව්ව කොටසට ගොඩක් අයිතියි. ඒත් ඒ කොටසෙ ඉන්න කෙනෙක් විදිහට අපි සින්දු වල රසය විඳින්නේ සින්දුවේ අර්ථයට. (මම මගේ දකුණු අතේ NIRVANA කියල ලොකු පච්චයක් කොටල තියනව. ඊට පහලින් රෝමන් ඉලක්කන් වලින් මගේ පවුලේම උපන්දින කොටලා තියෙනව. මම කවදාහරි ලංකාවට ආවොත් ඒක ප්‍රශ්නයක් වෙනව. මොකද NIRVANA කියල ගායකයෙක් හිටිය කියල මේ මී හරක් නොදන්නා නිසා )
      අපි බලමු system of a down, lamb of god, marilyn manson කියන rock singers ල හරිනම් අමෙරිකාවෙන් පිටුවහල් කරන්න ඕන. මොකද ඒ අය සින්දු කියන්නෙ ඒ අයගේම රටේ system එකට එරෙහිව.
      අපේ රටේ කවුද එහෙම දෙයක් කරන්නේ? මොකද එහෙම දෙයක් කරන්න අපේ system එකෙන් අපට තවමත් අයිතිවාසිකමක් නැහැ. එහෙම කලොත් අපි ලොකු කැටගරි වලට සෙට් වෙනව.

      අනික ඉයන් ඔබ දෙයක් මතක් කළා මට අමතක උන වචනයක්.
      "ද්වේශය".. ඉයන් මහත්තයෝ.... ඔන්න ඔය වචනය නිසා තමා මම blog ජිවිතයෙන් අයින් උනේ..

      ඉයන් තුමෝ ඔබට ගොඩක් ස්තුතියි

      Delete
  3. මාත් මේ කතාව දැනුයි දැක්කෙ. බොහොම ස්තුතියි.
    ටික්කා කියපු කතාවට එකඟයි. මාත් ගහනවා වැටක්. ++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මියුරු.

      Delete
  4. ඉයන්, ඔයා නොලියා තිබුනා නම් කවදා මම මේක දකීවිද කියලා හිතෙනවා. ගොඩාරියක් ස්තුතියි, තව දහස් ගණනක් මේ අතිසංවේදී වීඩියෝවත් බලත්වා; ලිපියත් කියවත්වා! අර හඬපු ගොඩටයි මාත් අයිති!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිමල්. මේවට සංවේදී වෙන්නේ හිත පිරිසිඳු අයයි. ගිය සුමානෙ වෙනකොට ෆේස්බු වීඩියෝව මිලියන 27 ක් බලලා තිබුණා.

      Delete
  5. its great you shared this. thanks man. but i dont agree with your idea of resuming your effort on changing the society for better. there are many like us who appreciate your effort. dont get discouraged by hate comments. make them strong pillars of your castle.

    ReplyDelete
  6. ස්තුතියි ඉයන්.....ඒක හරිම සංවේදී වීඩියෝවක්...

    ReplyDelete
  7. මේ වීඩියෝව මම දැක්ක රවී හරි කවුරුහරි FB ෂෙයාර් කරලා තිබෙනවා. අපේ ඊයේ පෙරේද අවුරුද උත්සයකදී ආබාධිත දෙන්නෙක්ම අපි එක්ක හරි හරියට නැටුව. බටහිර රටවල එහෙම නැහැ කියන්නේ ignorance එක නිසා. අර පරගැති සංක්‍රමණික කියල අපට බනින අයම තමා ඒවත් කියන්නේ. හුඟක් රටවල තම තමන්ට හැකි විධිහට දෙමාපියන්ට උදව් කිරීම බලා ගැනීම තියනවා. හැබැයි හුඟක් වැඩිහිටියන් ස්වාධීනව ඉන්න කැමතියි.

    ReplyDelete
  8. සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ...

    මමත් දැන් තමයි මේක දැක්කේ.. හරිම සංවේදීව දැනුනා...

    ReplyDelete