Thursday, September 29, 2022

ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews)

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29, ප.ව.9.45) රටේ රාළ ජවිපෙ ගැන ලියපු පහුගිය ලිපිවලින් දිගටම කිව්වේ ජවිපෙට දැන් නිශ්චිත න්‍යායික ස්ථාවරයක් වගේම සංවිධාන මඟපෙන්වීමක් නෑ කියලයි. ඔය මොකක් හරි කියවන එකක් ඇති. රටේ රාළ ඒකට කියන්නේ වැඩවසම් සමාජවාදය කියලා. ඇත්තටම දැන් ජවිපෙ ගොඩක් දුරට සමාන රාජපක්ෂලාට. ඒ කියන්නේ වැඩවසම් ධනවාදයට. බලන්න දෙගොල්ලන්ටම තියෙන්නේ වහසි බස් දෙඩවීම, පුරසාරම් දෙඩවීම, පම්පෝරි ගහන එක විතරයි. අන්ත දෙකක ඉඳන් පම්පෝරි ගහන හින්දා සමහරුන්ට අරකට විකල්පය මේක කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැතිව අනුරගේ ජවිපෙන්වත් මහින්දගේ පොහොට්ටුවෙන්වත් මේ රටේ ප්‍රශ්නවලට උත්තරයක් නෑ. රටට සිද්ධ වෙච්චි යහපතකුත් නෑ. එහෙම එකක් තියනවා නම් හොයලා කියන්න.

අනුර දැන් වීරප්පන් වගේ..

මේ දවස්වල ජවිපෙ පට්ට සටන්කාමී වෙලා. පහුගිය දවසක කරපු ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණ පෙළපාලියෙන් පස්සේ, ඒ වගේම හඳුනෙත්තිගේ අකුරැස්ස ජාතික ජන බලවේගයේ ආසන සභාවෙන් පස්සේ, අනුර කුමාර හරියට වීරප්පන් වගේ වෙලා. අනුර දැන් කොච්චර සටන්කාමීද කියනවා නං මේ අනුර කුමාරමද කියලත් හිතෙනවා. අනුර ළඟදී මෙහෙමත් කිව්වා " මතක තියාගන්න දෙවන ජනතා නැගිටීම එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය හා මෙහෙයවීම යටතේ " කියලා. 88/89 යේ ඉඳන් ජවිපෙ තෝරපු හැම සටනකින්ම පෞද්ගලික බය නිසාම පැනලා ගිය අනුරට එක අතකින් එහෙම කියන්න හරි ගටක් ආපු එක ගැන නං සතුටුයි. හැබැයි අනුරගේ ඒ කතාවෙන් රටේ රාළ දිගටම ජවිපෙ ගැන කියපු එක කතාවක් ඔප්පු වෙලා තියනවා. දෙවෙනි අරගලය එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් නං පළවෙනි අරගලය ආවේ කාගේ නායකත්වයෙන්ද? ඒකට මොකද උනේ? කියන ප්‍රශ්නය එනවා. ඇත්තටම එහෙනම් කියන්න තියෙන්නෙ දෙවෙනි අරගලය වෙනුවෙන් ජවිපෙ පලවෙනි අරගලය පාවා දුන්නා කියලා.

ජවිපෙ අරගලය හයි ජැක් කරන්න බැරි වුනාම අල කළා.. 

ජවිපෙ අරගලය සම්බන්ධව පලවෙනි මොහොතේ ඉඳන්ම හිටියේ ඒකට ජනතාව නොයා යුතුයි කියන ස්ථාවරයේ. මිරිහානෙන් අරගලය පටන් ගත්ත අප්‍රියෙල් තුන් වෙනිදා ඉස්සෙල්ලා දවසෙත් ජවිපෙ කිව්වේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියලයි. ලාල් කාන්ත ඒක පැහැදිලිවම කිව්වා. අනුර ටිල්වින් ඩබලත් ඒකම කිව්වා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගූණ ජනතා විරෝධය ජවිපෙට එහෙම කියලා නවත්තන්න බැරි උනා. ජනතාව සටන්කාමීව අරගලයට ආවා. ඒක නතර කරන්න බැරි බව දැක්ක ජවිපෙත් තමන් අහෝසි වෙයි යන බයට මහරගම ඇතුළු තැන් කීපයකින් පාරට බැස්සා. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එක කේන්ද්‍ර කරගෙන පටන් අරන් පිම්මක් විදිහට ඉදිරියට යනකොට ජවිපෙ කළේ අරගලය හයිජැක් කරන්න හදපු එක. ඒක බැරි වෙනකොට අරගලය අල කරන්න ජවිපෙ මැදිහත් උනා. රටේ රාළත් පිලිගන්නවා ජවිපෙ තරුණ සංගමය, කාන්තා සංගමය, කලා සංගමය අරගල භූමියේ හිටියා කියලා. හැබැයි එයාලා වැඩ කළේ නිර්පාක්ෂික කාලසටහනට අනුව නෙවෙයි ජවිපෙ කාලසටහනට අනුවයි. ජූලි 09 වෙනිදා ගෝඨාභය පන්නන සටනට ජවිපෙ ලොකු දායකත්වක් දුන්නේ නෑ. හැබැයි සටන ගෝඨාභය එලවන තැනට පරිවර්තනය උනාට පස්සේ ජවිපෙ තමන්ට වෙච්චි ලැජ්ජාව මකාගන්න ජූලි 10 වෙනිදා දියත උයන ලඟට ජවිපෙ සාමාජිකයින් කැඳවලා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න මෙහෙව්වා.