Thursday, September 29, 2022

ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews)

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29, ප.ව.9.45) රටේ රාළ ජවිපෙ ගැන ලියපු පහුගිය ලිපිවලින් දිගටම කිව්වේ ජවිපෙට දැන් නිශ්චිත න්‍යායික ස්ථාවරයක් වගේම සංවිධාන මඟපෙන්වීමක් නෑ කියලයි. ඔය මොකක් හරි කියවන එකක් ඇති. රටේ රාළ ඒකට කියන්නේ වැඩවසම් සමාජවාදය කියලා. ඇත්තටම දැන් ජවිපෙ ගොඩක් දුරට සමාන රාජපක්ෂලාට. ඒ කියන්නේ වැඩවසම් ධනවාදයට. බලන්න දෙගොල්ලන්ටම තියෙන්නේ වහසි බස් දෙඩවීම, පුරසාරම් දෙඩවීම, පම්පෝරි ගහන එක විතරයි. අන්ත දෙකක ඉඳන් පම්පෝරි ගහන හින්දා සමහරුන්ට අරකට විකල්පය මේක කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැතිව අනුරගේ ජවිපෙන්වත් මහින්දගේ පොහොට්ටුවෙන්වත් මේ රටේ ප්‍රශ්නවලට උත්තරයක් නෑ. රටට සිද්ධ වෙච්චි යහපතකුත් නෑ. එහෙම එකක් තියනවා නම් හොයලා කියන්න.

අනුර දැන් වීරප්පන් වගේ..

මේ දවස්වල ජවිපෙ පට්ට සටන්කාමී වෙලා. පහුගිය දවසක කරපු ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණ පෙළපාලියෙන් පස්සේ, ඒ වගේම හඳුනෙත්තිගේ අකුරැස්ස ජාතික ජන බලවේගයේ ආසන සභාවෙන් පස්සේ, අනුර කුමාර හරියට වීරප්පන් වගේ වෙලා. අනුර දැන් කොච්චර සටන්කාමීද කියනවා නං මේ අනුර කුමාරමද කියලත් හිතෙනවා. අනුර ළඟදී මෙහෙමත් කිව්වා " මතක තියාගන්න දෙවන ජනතා නැගිටීම එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය හා මෙහෙයවීම යටතේ " කියලා. 88/89 යේ ඉඳන් ජවිපෙ තෝරපු හැම සටනකින්ම පෞද්ගලික බය නිසාම පැනලා ගිය අනුරට එක අතකින් එහෙම කියන්න හරි ගටක් ආපු එක ගැන නං සතුටුයි. හැබැයි අනුරගේ ඒ කතාවෙන් රටේ රාළ දිගටම ජවිපෙ ගැන කියපු එක කතාවක් ඔප්පු වෙලා තියනවා. දෙවෙනි අරගලය එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් නං පළවෙනි අරගලය ආවේ කාගේ නායකත්වයෙන්ද? ඒකට මොකද උනේ? කියන ප්‍රශ්නය එනවා. ඇත්තටම එහෙනම් කියන්න තියෙන්නෙ දෙවෙනි අරගලය වෙනුවෙන් ජවිපෙ පලවෙනි අරගලය පාවා දුන්නා කියලා.

ජවිපෙ අරගලය හයි ජැක් කරන්න බැරි වුනාම අල කළා.. 

ජවිපෙ අරගලය සම්බන්ධව පලවෙනි මොහොතේ ඉඳන්ම හිටියේ ඒකට ජනතාව නොයා යුතුයි කියන ස්ථාවරයේ. මිරිහානෙන් අරගලය පටන් ගත්ත අප්‍රියෙල් තුන් වෙනිදා ඉස්සෙල්ලා දවසෙත් ජවිපෙ කිව්වේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියලයි. ලාල් කාන්ත ඒක පැහැදිලිවම කිව්වා. අනුර ටිල්වින් ඩබලත් ඒකම කිව්වා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගූණ ජනතා විරෝධය ජවිපෙට එහෙම කියලා නවත්තන්න බැරි උනා. ජනතාව සටන්කාමීව අරගලයට ආවා. ඒක නතර කරන්න බැරි බව දැක්ක ජවිපෙත් තමන් අහෝසි වෙයි යන බයට මහරගම ඇතුළු තැන් කීපයකින් පාරට බැස්සා. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එක කේන්ද්‍ර කරගෙන පටන් අරන් පිම්මක් විදිහට ඉදිරියට යනකොට ජවිපෙ කළේ අරගලය හයිජැක් කරන්න හදපු එක. ඒක බැරි වෙනකොට අරගලය අල කරන්න ජවිපෙ මැදිහත් උනා. රටේ රාළත් පිලිගන්නවා ජවිපෙ තරුණ සංගමය, කාන්තා සංගමය, කලා සංගමය අරගල භූමියේ හිටියා කියලා. හැබැයි එයාලා වැඩ කළේ නිර්පාක්ෂික කාලසටහනට අනුව නෙවෙයි ජවිපෙ කාලසටහනට අනුවයි. ජූලි 09 වෙනිදා ගෝඨාභය පන්නන සටනට ජවිපෙ ලොකු දායකත්වක් දුන්නේ නෑ. හැබැයි සටන ගෝඨාභය එලවන තැනට පරිවර්තනය උනාට පස්සේ ජවිපෙ තමන්ට වෙච්චි ලැජ්ජාව මකාගන්න ජූලි 10 වෙනිදා දියත උයන ලඟට ජවිපෙ සාමාජිකයින් කැඳවලා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න මෙහෙව්වා.


අරගලය පාවා දුන්නේ ජවිපෙයි පෙරටුගාමීනුයි.. 

අරගලය දැන් තියෙන්නේ ගෝල්පේස් එකේ නෙවෙයි දියත උයනේ කියලා කිව්වා. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක එතන ඉඳන් අණ දුන්නා. ඇත්තටම එතන ප්‍රහාරයේ මහ මොළකරුවන් තමයි ඒ. අරගලය ජයග්‍රාහීව ඉදිරියට ගිහින් ගෝඨාභය පැන්නුවට පස්සේ අනුර කිව්වේ ගෝල්ෆේස් අරගලය කියන්නේ අපි තමයි, අපේ තරුණ සංගමය, කලා සංගමය, කාන්තා සංගමය තමයි එතන හිටියේ කියලා. අන්තිමට ජවිපෙ අය ගිහින් අරලියගහ මන්දිරය අල්ල ගත්තා, බොරු නං පෙරටුගාමීන් හා ෆොන්සේකාගේ ටීම් එකේ අය සාක්ෂි දරයි. අරලියගහ මන්දිරයේ AC කාමරයකට ගහගෙන ඉස්පිරිතාලේ හිටියේ ජෙප්පො ඇතුළු ඔය කණ්ඩායම් දෙකේ අය. අරගලයට ජයග්‍රහණ එනකොට ජවිපෙ ඒවා තමන්ගේ සාක්කුවට දාගන්නත් අරගලයට පරාජයන් අත්වෙනකොට අරගලයෙන් පැනලා යන්න තරම් ජවිපෙ නිවට උනා. අරගලය මීට වඩා දැවැන්ත ජයග්‍රහණයක් දක්වා ගේන්න තිබුණා. අනුර කුමාරත් අකුරැස්සේ කතාවෙන් ඒක පිලි අරගෙන තිබුණා. අනුර කිව්වේ එතන තියෙන්නෙ භාග ජයග්‍රහණයක් කියලා. ඇත්තටම ඒක පූර්ණ ජයග්‍රහණයකට යන්න නොදී අරගලය පාවා දුන්නේ අනුර ඇතුළු ජවිපෙයි, ප්‍රේම කුමාර ගුණරත්නම් ඇතුළු පෙරටුගාමීනුයි. 

අරගලයේ දෙවෙනි රැල්ලේ ඉස්සරහා ෂීට් එක අල්ලගෙන..

ඒ පොදු එකඟතාවයකින් අරගලය මෙහෙයවන්නේ නැතිව තමන්ගේ වාසිය වෙනුවෙන් අනුරලා, ප්‍රේම කුමාර ගුණරත්නම්ලා මැදිහත් උන නිසයි. දැන් අනුර කියනවා අරගලය දෙවැනි රැල්ලට නායකත්වය දෙන්නේ ජාතික ජන බලවේගය කියලා. ඇත්තටම එහෙනම් ජවිපෙ ආයෙත් න්‍යායිකව වරද්දගෙන. එයාලා ජූලි 09 අරගලයට ලොකු දායකත්වයක් නොදී යන්න ඇරියා කියලා රටේ රාළ කිව්වා. ජවිපෙ සටනට ආවේ ජූලි 10 ය. එදා ජවිපෙ විග්‍රහය වෙලා තිබුණේ 09 වෙනිදා ආපු විප්ලවීය අවස්ථාව අපෙන් ගිලිහිලා ගියා. ඒක පෙරටුගාමීන් අල්ල ගත්තා. දැන් එයාලගෙන් ඒක කඩා ගන්න ඕනි කියලා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව අල්ලන්න යන්නේ. පෙරටුගාමීන් අල්ලගෙන හිටපු මන්දිරවලට ජවිපෙ මෝඩ රැළ කඩා පනින්නේ. දැන් අනුරලා න්‍යායිකව ඊටත් වැඩිය ගොං තැනකට ගිහිල්ලා. දැන් අනුරලා කරන්නේ ඉදිරියේ එන ජනතා නැගිටීමක් ගැන හිතාගෙන දැන්මම පාරට බැසීම. දැන්මම අරගලයේ දෙවෙනි රැල්ලේ ඉස්සරහා ෂීට් එක අල්ලගෙන තියා ගැනීම. ඒ පෙරට්ටෝ හරි අන්තරේ හරි ඒ තැන අල්ල ගනී කියලා. උවිඳු ඔය ටයිප් එකේ අරගලවලට එන්නේ නැති නිසා උවිඳුට මෙතනදී ජෙප්පෝ මාරාන්තික වෙන එකක් නෑ. 

ඊළඟට එන්නේ ලේ වැකි සටනක්...

ඕකට තමයි ඇත්තටම රටේ රාළ කියන්නේ අනුරලාගේ, ටිල්වින්ලාගේ වැඩවසම් මනස කියලා. රාජපක්ෂලාම තමයි. දැන් එකපාරට ජවිපෙ පෙරටුගාමින් වෙලා. ජවිපෙ පාරේ සටනට ඇවිත්. දැන් අඩු මහ පාරේ ආණ්ඩුවක් කියන කතාව විතරයි. පෙරටුගාමීන් ජවිපෙ වෙලාද කියලා බලන්න වෙන්නේ එයාලගේ ඊළඟ පියවරෙන්. ඇත්තටම අනුරලා දන්නේ නෑ ඊළඟට එන අරගලයේ ස්වභාවය මොකද්ද කියලා. ඊළඟට එන්නේ ලේ වැකි සටනක්. කඩසාප්පු මංකොල්ල කන සටනක්.අනිකාගේ දේ මංකොල්ල කන සටනක්. පැහැරගෙන ගිහින් කප්පං ගන්න සටනක්. පැහැදිලි මංකොල්ල කෑමේ සටනක්. නැතිකම නිසා මංකොල්ල කෑම, බලහත්කාරය, ප්‍රචන්ඩත්වය තියෙන සටනක්. ඒකේ කසකාරයෝ දැන් එන්න පටන් අරන්. හොරු හැමතැනම, මංකොල්ල කෑම් හැමතැනම. ගෙවල් බිදීම්, මාල කඩා ගැනීම් හැම තැනම, පොඩි දේටත් මිනිස්සු ගැටුම් හදාගෙන අනෙකා මරණ තත්වයට ඇවිත්. ඒ තමයි මිනිස්සු අතර තියෙන පීඩනයේ ස්වභාවය. හෙට දවසේ ඇති වෙන්නේ බඩගින්න වෙනුවෙන් පාලකයා එක්ක මරාගෙන මැරෙන සටනක්. ඒ සටනේ මූලිකයා දැන්මම ජවිපෙ වෙලා. 

ඒක ඇති වෙන්න දෙන්න ඕනි සටනක් නෙවෙයි..

ඇත්තටම ඒක ඇති වෙන්න දෙන්න ඕනි සටනක් නෙවෙයි. වහාම ඒ පීඩනය අහෝසි කරන්නයි මැදිහත් වෙන්න ඕනි. ඒක මේ රටේ පක්ෂ විපක්ෂ කාගේත් වගකීමක්. ඊයේ අනුර දිසානායක අකුරැස්සේදී කියපු කතාව අනුරට ආපහු අදින්න බෑ. ඇත්තටම ජවිපෙට මෙහෙම කාලකණ්ණිකමක් එන්නේ කොහොමද? දැන් පොදු සටනක් ඕනි වෙලාවක්. දැන් ජවිපෙ මෝඩයෝ වගේ පාරට බැහැලා කියනවා අපේ කොඩිය යටට වරෙල්ලා කියලා. ඊළගට ඕකට ඇටෑක් එකට ආයෙත් පෙරට්ටෝ පාරට බහිනවා. අන්තරේ වෙනම පාරට බහිනවා. ඕකට බය වෙන සජිත් ඊළඟට පාරට බහිනවා. පාරේ අවිචාරවත් පිස්සු සටන් ගොඩක් හැදෙනවා. දැනටමත් සජිත් කියනවා හෙට අනිද්දා වෙනකොට කොළඹ වට කරන්න ලක්ෂ ගානක් අරන් එනවා කියලා. මේ වෙලාවෙ රටට ඕනි පොදු සටනක්. ඒ ඒ දේශපාලන සන්ධිස්ථානවලදී ඉතිහාසය ඇතුලේ ජවිපෙ ඒ භුමිකාව ඉෂ්ඨ කළා. උදාහරණයක් ගත්තොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගේනකොට ජවිපෙ සියලුම වමේ පක්ෂ එකතු කරගෙන එක්සත් ක්‍රියා මාර්ගවලට ගියා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරද්දි ශ්‍රිලනිපය එක්ක එක්සත් ක්‍රියා මාර්ගවලට ගියා. ඒත් අද අනුර - ටිල්වින් වැඩවසම් ජවිපෙට තමන් ඉන්න දේශපාලන සන්ධිස්ථානය හරියට විග්‍රහ කරගන්නවත් බෑ. 

අනුර මේ කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්...

මෝඩයෝ වගේ ඉස්සරහට එන සටනේ නායකයෝ අපි කියලා වහසිබස් දොඩවනවා. ඔයාලට මතක ඇති සුනාමිය ආපු වෙලාව. අපේ රටේ මුහුදුබඩ මිනිස්සු විපතට පත් උන වෙලාව. ඒ වෙලාවේ රටම එකතු වෙලා ඒ මිනිස්සුන්ට උදව් කරා. ජවිපෙ ඒකේ දැවැන්ත වැඩ කොටසක් කලා. හැබැයි සෝමවංශ කවදාවත් කිව්වේ නෑ සුනාමියෙන් විපතට පත්වුවන්ට උදව් කරන්න ඕනි ජවිපෙන් විතරයි කියලා. ඒ වැඩපිලිවෙලේ නායකයෝ ජවිපෙ විතරයි කියලා. ඇත්තටම සියලු දෙනා ඇවිත් ඒකට හරියට කරගහපු නිසා රට ගොඩගියා. අද රට තියෙන්නෙත් එහෙම තැනක. රටේ සියලු දෙනා කරගහන්න ඕනි වෙලාවක. එහෙම තියෙන වෙලාවක ජවිපෙ කියන්නේ අපට දෙන්න අපි කරලා පෙන්නන්නම්. දෙන්නේ නැත්තං තොපි කරගනිල්ලා කියලා වගේ කතාවක්. ඇත්තටම අනුර මේ මොකද්ද කරමින් ඉන්නේ. රටේ රාළ වගකීමෙන් කියනවා. අනුර මේ කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්. ඉතිහාසය පුරාම අනුර ඒක කළා. එදා රටේ රාළ සහභාගී උන අවසන් ජවිපෙ බොල්ෂෙවික් පක්ෂ කමිටුව කැඳවන්න ආවේ අනුර දිසානායක. ඒ 2007 දී. එදා අනුර කිව්වේ ඊළඟ ඡන්දයෙන් UNP දිනන්න ඕනේ කියලා. UNP දිනන එක තමයි ජවිපෙට හොඳ කියලා. 

මෙන්න සාක්කි..

එතන තව කීපදෙනෙක් හිටියා. හිටපු අයගේ නම් ටිකත් ලියලා තියන්නම්, අචල ජාගොඩ, දීපාල් ගුණසේකර, සරත්, දම්පහල, තුෂාර හිටියා. අනුර එදා පැහැදිලි කළේ අනුරගේ ස්ථාවරය. ඒ ස්ථාවරය අනුර දිගටම ගෙනාවා. එදා අනුර ජවිපෙ නායකයා නෙවෙයි. අනුර ජවිපෙ නායකයා උනාට පස්සේ ජවිපෙ ඒ ස්ථාවරයේ ඉඳන් කටයුතු කළා. ජවිපෙ ගිරා පෝතක අහිංසකයෝ ටිකත් අන්දගෙන්න ඒ කොන්ත්‍රාත්තුව හරියටම කළා. තවමත් කරනවා. රටේ රාළ ඒක ඔප්පු කරලා පෙන්නන්නම්. ඇත්තටම රටේ හැම කෙනාම දන්නවා මැයි 09 වෙනිදා මයිනාගෝ ගමටයි, ගෝඨාගෝ ගමටයි ගහපු එකේ මහ මොළකරු මහින්ද ඇතුළු රාජපක්‍ෂලා කියලා. ඊළඟට දියත උයන ලඟට ජවිපෙ සාමාජිකයෝ එකතු කරලා පාර්ලිමේන්තුවට ගහන්න බලවේග උසි ගැන්නුවේ ජවිපෙ ලාල්, හඳුන්, බිමල්ලා එහෙම කරන විඩියෝ සාක්ෂි තියනවා. ඇත්තටම එතන භීෂණයේ මහ මොළකරුවන් එයාලා. ඒක ජූලි 09 අරගලයට සම්බන්ධ එකක් නෙවෙයි. මැයි 09 වෙනිදා සිද්ධියට රාජපක්ෂලාටවත්, ජූලි දහ වෙනිදා සිද්ධියට ජවිපෙටවත් කිසිම පරීක්ෂණයක් නෑ. ඒ වගේම එදා මහ රෑ ජනාධිපති ලේකම් කාර්යාලය ලඟ හිටපු අරගලකරුවන්ට හමුදාව දාලා ගහන්න පැය කීපයකට උඩදී ජවිපෙ අය එතනින් අයින් කර ගත්තා. නිකං හිතන්නකෝ කවුද මේ අනුග්‍රහය ජවිපෙට දක්වන්නේ.? දැන් අනුරලා ආයෙත් හුදකලා සටන් පටන් අරන් තියෙන්නේ කා වෙනුවෙන්ද? 

ඒ සටන් මේ වෙලාවේ සේවය කරන්නේ කාටද? පැහැදිලිවම රනිල්ට. රනිල්ටත් එහෙම සීමා සහිත සටනක් ඕනි. රනිල් බය පොදු එකමුතුවේ සටන්වලට විතරයි. හුදකලා සටන්වලින් කරන්නේ රනිල්ගේ බලය ශක්තිමත් කරදීම විතරයි. රනිල්ට අනුරට වඩා දේශපාලනය තේරෙන නිසා රනිල් දන්නවා යම් සීමාවක අරගලයක් තියෙන්න ඕනි කියලා. ඒ රනිල්ට පොහොට්ටුව කීකරු කරගන්න. පහුගිය දවස්වල පොහොට්ටුවට ආයෙත් හිස ඔසවන්න පටන් ගත්තා. මහනුවර දී මහින්දානන්ද නාමල් ඉස්සරහා තියාගෙන කිව්වේ දෙසැම්බර් අයවැයෙන් පස්සේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදනවා කියලා. ඒ වගේම දැන් පොහොට්ටුවෙන් විවිධ නිර්දේශ රනිල්ට ඉදිරිපත් කරන්න පටන් අරන්. රනිල්ට ඒවා පියමං කරන්න එළියෙන් බලයක් ඕනි. ඒ බලයට පොහොට්ටුව බය කරගන්න පුළුවන්. ඒ බය පාව්චිචි කරගෙන රනිල්ට පොහොට්ටුව කොන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඇත්තටම අනුර දැන හෝ නොදැන මේ රනිල්ට දෙන්නේ ඒ සහයෝගය. රටේ රාළ කියන්නේ එදා 2007 අනුර හිටිය ස්ථාවරයේම තමයි අනුර අදත් ඉන්නේ. ඒක පස්සේ කාලෙක සෝමවංශටත් තේරුණා. 

අනුරට රතු අලි පැටියා කිව්වෙ සෝමවංශ..

එක නිසයි සෝමවංශ අනුරට රතු අලි පැටියා කිව්වේ. රටේ රාළ කියන්නේ අනුර තවමත් ඉෂ්ඨ කරන්නේ රතු අලි පැටියාගේ භූමිකාව. ඇත්තටම මේ වෙලාවේ කරන්න ඕනි රනිල් - රාජපක්ෂ ආණ්ඩුව එකට තියලා ගෙදර යවන පොදු සටන, හැබැයි ප්‍රශ්නයට උත්තරයකුත් එක්ක. අනුර තෝරලා තියෙන්නේ රනිල් ශක්තිමත් කරන සටනක්. ඇත්තටම අනුරලා කරන්න ඕනි පාර්ලිමේන්තුවේ පොදු ක්‍රියා මාර්ගයක් හමුවේ විපක්ෂයට බහුතරය හදා ගැනීම. එතකොට බහුතර කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසිරවීමේ යෝජනාවක් සම්මතය කරගන්න පුළුවන්. අනුරට කවදාවත් එහෙම කරන්න බෑ. නැත්තං පොහොට්ටුව කුජීතම වෙලා ගිය වෙලාවේ ඒ කියන්නේ ජනාධිපතිවරණ පාර්ලිමේන්තු ඡන්දය වෙලාවේ පොදු ක්‍රියා මාර්ගයකට දහ දෙනෙක් හොයා ගන්න අනුරට බැරි උනා. ඊළඟට එහෙම කරන්න අනුරලාට සංවිධාන හා න්‍යායික බාධාවකුත් තියනවා. මොකද අවසන් ජවිපෙ සමුළුවෙන් සම්මත වෙලා තියෙන්නේ පොදු ක්‍රියා මාර්ගවලට නොගිහින් ජවිපෙ තනියම යනවා කියලා. 

ඇත්තටම ඒ බාධාව නිසා ජවිපෙට වර්තමානට ගැලපෙන තීරණ ගන්න බෑ. උපක්‍රම තෝරන්න බෑ. මේ න්‍යායික හා සංවිධානමය අසරණ බාවය විසින් ජවිපෙ ගමන නිමා වෙන තැනට කරුණු පෙළගැහෙමින් තියනවා. රටේ රාළ කියන්නේ ජවිපෙ ගමන නිම වෙන්නේ දෙවෙනි අරගලයෙන්. අනුර කුමාර වෙන භාෂාවකින් කියන්නේ ඒක. 

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා. 

මීට

-රටේ රාළ







මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

8 comments:

  1. To the point. Sri Lankan people ignored all huge red flags and voted for Gota once. I thought they learned the lesson. No I was wrong. I see the exact same trend for JVP/lefties now. They ignore all huge red flags of lefties. This time, unlike Gota who single handedly bankrupted the country but spared your life, lefties will hold you at gun point if you vote for them. Mark my words. I said this 9.29.2022 at 2.08 PM EST

    ReplyDelete
    Replies
    1. Totally agree with you. JVP with their archaic policies will ruin the country to a point of no return.

      Delete
  2. අවුල් වියවුල් කෝච්චරවත්, නැත ඉඩක් ඉස්පාසු ලැබුමට
    රටම සැරසෙනවාද මන්දා, නටන්නට නටරාජ නැටුමට
    ඇත්ත හංගනු පහසු නෑ, ගොඩ දෙනෙකු රවටා ලොකුම කලකට
    හොරුත්- බොරුවත් වීසි වෙනවා ෂුවර් හනිකට කසල ගොඩකට

    ReplyDelete
    Replies
    1. හොරුත්- බොරුවත් වීසි වෙනවා ෂුවර් හනිකට කසල ගොඩකට

      +++++++

      Delete
  3. ජවිපෙ සහ පෙරටුගාමීන් නොමිලේ හා මුදල් අයකරන අධ්‍යාපනය / පෞද්ගලික විශ්වවිද්‍යාල සහ නවක වදය ගැන කෙටියෙන්, කෙලින් හා සරල භාෂාවෙන් මොනවද කියන්නේ කියන එක ගැන දැනගන්න ක්‍රමයක් තියනවද?

    ReplyDelete
    Replies
    1. No idea boss. Very vague in those.

      Delete
    2. ඉයන් මම දැක ඇති, තේරුම්ගෙන ඇති ආකාරයට නම් නවකවදය තුලින් සමාජයට කිසිඳු ඵලදායි හෝ සුබවාදී outcome එකක් නැත (මේ මතයට එරෙහි යමෙක් සිටිනවා නම් එය ඉදිරිපත්කල හැක).

      මා දැක ඇති පරිදි නවකවදය තුලින් බිහිවන්නේ සමාජ විරෝධී ගතිපැවතුම් පිරි දුෂ්ට ආත්මාර්ථකාමී තාවකාලික බොරු හොඳ ගතියක් මවා පෙන්නලා අවසානයේ අනිත් උන්ට ඩබල් එකෙන් කෙළවන තරුණ පෙළකි.

      බහුතර සමාජය තුලින්ම නවකවදයට එරෙහිව බුර බුරා නැගෙන විරෝධය අද ඊයේ ඇති වුවක් නොවේ. උගුරට හොරා බෙහෙත් කෑම පසෙක තබා දැන්වත් මේ තිරිසන් ක්‍රියාවට එරෙහිව කටයුතු කිරීමට නවකවදයට ඍජුව මෙන්ම අනියමාර්ථයෙන්ද සහයෝගය දෙන සියළුම දේශපාලන පක්ෂ කටයුතු කල යුතුව ඇත. නැතිනම් කිව හැක්කේ කරුණු දෙකකි

      මෙම දේශපාලන පක්ෂවලට සරසවිය වැනි කුඩා පද්ධතියක් තුළවත් යහපත් වෙනසක් සිදුකරගත නොහැක.
      අනෙක මේ පක්ෂවලට පොදුවේ යහපත් සාමාජීය වෙනසක් සිදුකිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැත.

      මේ දෙකෙන්ම සිදුවන්නේ ඔවුන් සමාජය තුලින් ප්‍රතික්ෂේප වීමයි. සමාජයට නව නායකත්වයක් අවැසිම වූ මොහොතක සරසවිය වැනි කුඩා පද්ධතියක් තුල දේශපාලන අධිකාරියක් බලාත්මක කරගැනීම වැනි පටු හරසුන් operations වලින් පිටතට පැමිණෙන්න.

      නවකවදය නැවත්වීමට රජය මැදිහත්වීමේ භයානකකම ගැන බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.

      ඉතා භයානක විදියට නවකවදය පමණක් නොව ලාංකික සරසවි සිසුවාගේ හඬද සදහටම නවතා දැමීමේ අවස්ථාවක් 1990/91 දී උදාවිය. මීට රංජන් විජේරත්න (RW) style එක යයි සරසවියේ සිසුන් වූ අපි ඒ දිනවල නාමකරණය කළෙමු. අපි එවකට රැග දෙන වසරේ (දෙවෙනි වසර) සිසුන් වූයෙමු. නවක batch එක සමග සිසුන් මෙන් වෙස්ගත් CID සහ මිලිටරිමය ඉන්ටලිජන්ස්කරුවන්ද සරසවියට පැමිණියේ රැග් කරන සිසුන් හඳුනාගෙන සරසවියෙන් පිටතදී ඔවුන්ගේ ඇටකටු කුඩු කර ආබාධිත අංගවිකල ජීවිත බවට පත්කරනු ලැබීමටය. එය ඉතාමත් බරපතල ලෙස සිදු වූ අතර සමහරුන් මුළුමනින්ම අතුරුදන් විය (එවකට අතුරුදන්වීම ඉතාමත් සාමාන්‍ය සංසිද්ධියක්ව තිබුණි).

      නමුත් අවාසනාවකට එවකට CCTV තිබුණේ නැත. තවත් එක් වසරක් මේ RW style එක ක්‍රියාත්මක වුනි නම් රැග මෙන්ම ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයද සම්පූර්ණයෙන්ම අතුරුදන් වන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. රටේ වාසනාවකට හෝ අවාසනාවකට 91 මාර්තුවේ RW ඝාතනය විය.

      එවකට රජයේ ප්‍රබල ඇමති වරයෙකු වූ අනෙක් RW අද රටේ ජනාධිපතිය. එමෙන්ම එවකට අනෙක් පැත්තෙන් සටන් මෙහෙයවූ අනෙක් RW 89 ඉල්මහේ බාබකිව් වෙමින් දැයෙන් සමුගත්තද ඔහුගේ වර්තමාන අනුප්‍රාප්තිකයන් ගෙන් මෙහි පෝස්ට් එකේ සඳහන් පුද්ගලයා ඊට වඩා කිසිම විදිහකින් වගකීමක් නොගන්නා අවස්ථාවාදී අස්ථිර තීරණ ගන්නා රැල්ලට වැඩ කරන පැහැදිලි දේශපාලනික මතවාදයක් නැති කිසිදු අයුරකින් විස්වාස කළ නොහැකි අන්දමේ අන්තිම සටකපට තක්කඩියකු වේ. මොහු හෙට නැවත රාජපක්ෂ සමග එක්වීමට පවා බැරි නැති අතර සැක නම් බැසිල් කපුටාස් කම්බා හොරාගේ තට්ටුව මතක් කර ගන්න.

      මේ නිසා රටේ හැමෝම මේ අනතුර මැනවින් තේරුම් ගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම

      Delete
  4. //ඇත්තටම ඒක පූර්ණ ජයග්‍රහණයකට යන්න නොදී අරගලය පාවා දුන්නේ අනුර ඇතුළු ජවිපෙයි, ප්‍රේම කුමාර ගුණරත්නම් ඇතුළු පෙරටුගාමීනුයි// සහ ඉයන් සහයෝගය දෙන සජිත්. ඔක්කොම බය වුනා නායකත්වය ගන්න.ඊට පස්සේ අපට නැත්නම් අනුන්ටත් නැහැ කියල අල කළා

    ReplyDelete