Friday, August 12, 2022

පොරොන්දුවක් කඩ කිරීම

ගලක් උඩ හිරවුනු ඔරුවක් හබල් ගාන අනුර කුමාර



මට කාලෙකින් පස්සෙ මාලිමාවේ සහෝදරයෙක් හම්බුවුණා. ඒකාලෙ නිතර හම්බු වුනාට දැන් එහෙම මුණ ගැහැන්නෙ නැති එකෙක්. දැන් අනුර කුමාර මහත්තය එහෙම රටේ ප්‍රශ්ණ විසඳන විදිහ ගැන විස්තරයක් කියන්නෙ නැති නිසා මට හිතුන මෙයාගෙන් වත් අහල බලන්න.

මම :- කොහොමද බං කාලෙකින්.?

මාලිමා මාමා :-  හරි බිසී මචං. ඉක්මනට මැතිවරණයක් ඉල්ල ගන්න තමයි ට්‍රයි එක. මේ පාර අපි ගොඩ.

මම :- ඈ බං දැන් උඹල බලයට ආවොත් කොහොමද පෙට්‍රල් ගාණ අඩුකරන්නෙ?

මාලිමා මාමා :- ඒක සුළු දෙයක්නෙ අර රුසියාව ඩොලර් 35 ට බැරල් එකක් දෙන්න කැමතියිනෙ, අපි ඒ ගොල්ලන්ගෙන් ගන්නවා.

මම :- ඇයි බං මේ ආණ්ඩුවට ඕක කරන්න බැරි?

මාලිමා මාමා :-  ඒකනේ බං මේ රනිලයයි පෙට්‍රෝලියම් එකයි පගාව ගන්න තමයි වෙන රටවලින් තෙල් ගන්නෙ.

මම :- ඉතින් ඇයි රුසියාව ඩොලර් 35 ට විකුණන්නෙ, වෙන රටවල ඩොලර් 95 ක් වෙනකොට?

මාලිමා මාමා :- මේකනෙ බං දැන් රුසියාවට තෙල් විකුණගන්න බැහැ. සම්බාධක දාල තියෙන නිසා. ඒ වුණාට අපිට ඒකෙ ප්‍රශ්ණයක් නැහැ. 

මම :- ඉතින් බං සම්බාධක තියෙන රටකින් අපි තෙල් ගත්තම අපිට ප්‍රශ්ණයක් නැත්ද?

මාලිමා මාමා :- උඹ එහෙනං වැඩේ  දැනගෙන මාව අමාරුවේ දාන්න නේද ඔය ප්‍රශ්ණ අහන්නෙ?

මම :- ඇයි එහෙම ගත්තම මොකද වෙන්නේ? දන්නෙ නැති නිසයි අහන්නෙ.

මාලිමා මාමා :- රුසියාවෙන් තෙල් ගත්තම බටහිර රටවලින් සම්බාධක කැඩුව කියල අපෙන් ගන්න බඩු ගන්නේ නැතිවෙනව. එතකොට මහ විසාල ගාණක් ඩොලර් රටට නැතිවෙනව. එතකොට දැන් තරමටවත් කන්න ගේන්න බැරිවෙනවා. හොඳම එක තියෙන්නේ අපේ බඩු බටහිර රටවලට යවන්න බැරි වුණාම මෙහෙ රස්සාවල් නැතිවෙනවා. ඒකත් අපිට හොඳයිනෙ චන්දෙ ගන්න.

මම :- ඉතින් බටහිරට එපානම් අපේ බඩු වෙන රටවලට යවන්න බැරිද?

මාලිමා මාමා :- චීනෙ වගේ රටවල් අපේ බඩු මොනවත් ගන්නෙ නැහැ බං. සියයට 80 ක් විතර අපේ බඩු ගන්නෙ ඇමෙරිකාවයි යුරෝපෙයි. ඒ රටවල් තමයි රුසියාවට සම්බාධක දාල තියෙන්නෙ. රුසියාවත් එක්ක ගනුදෙනු කරන රටවලට ඒ රටවලට බඩු අපනයනය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් කිසිම දෙයක් බටහිර රටවල් ගන්නෙ නැහැ. වෙන රටවලට අපෙන් බඩු ගන්න දෙන්නෙත් නැහැ. 

මම :- ඉතින් බං එතකොට ලංකාව ඉවරටම ඉවරයිනෙ?

මාලිමා මාමා :-  ඔව් බං ඒක නිසයි රුසියාවෙන් ගන්නෙ නැත්තෙ. ඒක ඔය අනික් මෝඩ මිනිස්සු දන්නෙ නැහැනෙ. රනිල ඩොලර් හොරා කනව කියල කියන්න හොඳ චාන්ස් එක. ඒකයි අපි කියන්නෙ.

මම :- ඇයි ඉතින් රනිල ඒක නොකියන්නෙ?

මාලිමා මාමා :- ඒ උගේ හැටිනෙ බං. දැන් අපි බටලන්ද ගැන කියවනකොට, ඌ සද්ද නැතුව ඉන්නව. ඌ හැමදාම පැරදුනේ ඕක නිසයි. ඌ හිතන්නෙ මිනිස්සු ඇත්ත දැනගන්න මොලේ තියෙන්න ඕන කියල. මිනිසුන්ට මොලේ තිබ්බ නම් ගෝටාභයට රැවටෙයිද? ඉතින් මුන් කවදාවත් රුසියන් තෙල් ගන්න බැරි හේතුව මිනිසුන්ට කියන්නෙ නැහැ.
 
මම :- එතකොට ඉන්දියාව රුසියන් තෙල් ගන්නේ කොහොමද?

මාලිමා මාමා :- ආ ඉන්දියාව බලවත්නෙ. උන්ට බටහිර රටවල් සම්බාධක දාන්නෙ නැහැ. උන්ගෙ බඩු ගොඩක් ඉන්දියාව ගන්න නිසා ඉන්දියාවට සම්බාධක දාන එකක් උන්ටම පාඩුයි. වෙන එකක් තියා ඊයෙ පෙරේදා ඇමෙරිකාව සම්බාධක තියෙද්දි රුසියාවෙන් තෙල් ගන්න විශේෂ අනුමැතියකුත් ඉන්දියාවට දුන්න.

මම :-  එතකොට උඹල බලයට ආවම රට දුවන්න සල්ලි හොයා ගන්නෙ කොහොමද?

මාලිමා මාමා :- රාජපක්ෂලා හොරකං කරපු සල්ලි අපි රටට ගේනවනෙ. අනුර සහෝදරය ඒව කරයි.

මම :-  එතකොට අර 1989 පිලිපීනෙන් එලවපු මාකෝස් හොරකම් කරපු සල්ලි ආපහු ගත්ත වගේද?

මාලිමා මාමා :- ඔව් ඔව් ඇයි?

මම :-  දැන් මාකෝස් ගිහිල්ල අවුරුදු 31ට මිනිහ හොරකම් කරපු බිලියන ගානෙන් 5% වත් හොයාගෙන නැහැ නේද?

මාලිමා මාමා :-  එහෙම තමයි කියන්නෙ.

මම :-  ඉතින් උඹල කොහොමද රාජපක්ෂ සල්ලි ආයි ගන්නෙ?

මාලිමා මාමා :- අනේ මන්ද බං ඒ වුනාට ඒව ගන්නව කියන එකට මිනිස්සු චූන් වෙන එක අපිට හොඳයිනෙ. අනික හැමෝම හිතන්නෙ අපිට විතරයි ඒ සල්ලි ගේන්න පුළුවන් කියල. ඇත්ත කථාව අපිටත් බෑ කාටත් බෑ.


මම :- මේ ඔක්කොම දැනගෙනද උඹල මිනිසුන්ව නොමඟ අරින්නෙ?

මාලිමා මාමා :- එහෙම තමයි බං දේශපාලනේ කියන්නෙ. දැන් බලපන් අපි ඊයෙ පෙරේද කිව්ව කැමරා ෆෝන් තිබුණ නැති නිසා තමයි 88/89 දී මරපුවට අපිට වැරැද්ද දැම්මෙ කියල. ඒක  කිව්වම ඒකත් මිනිස්සු විස්වාශ කරනව. හිටපන්කො බලන්න අපි තව ටික දවසකින් කියනව සද්ධාතිස්ස හාමුදුරුවො. විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස් වගේ අය අපි මැරුවෙ නැහැ උන් සිය දිවිහානි කරගත්ත කියල. අපිට සුවර් ඒකත් මිනිස්සු විස්වාස කරනව කියල.   

මම :- උඹල අවංකයි කියල කියාගෙන බොරුවෙන්නෙ දේශපාලනේ කරන්නෙ?

මාලිමා මාමා :- මේකනෙ මචං අපේ රෝහණ විජේවීර ලොක්ක 1982 චන්දෙදි මුළු චන්ද ලක්ෂ 65 ණ් සියයට 4 ක් වගේ ඒ කියන්නෙ චන්ද 273,000 ක් ගත්ත. අවුරුදු 38 කට පස්සෙ 2020 මුළු චන්ද ලක්ෂ 115 න් අපිට ගන්න පුළුවන් වුනේ චන්ද 446,000 යි ඒ කියන්නෙ 3%. අවුරුදු 38 කට චන්ද 173,000 යි අපිට වැඩි වෙලා තියෙන්නෙ

 ගෝඨා අනාගත්තම තමයි අපිට දැන් ටිකක් රැල්ලක් එන්නෙ. ඒක අපේ දක්ෂකමට වෙන එකක් නෙවෙයි, අනික් වුන් අනාගන්න කොට තමයි අපිට එන්න පුළුවන්. වැරදිලාවත් පෙට්‍රල්, ගෑස් ප්‍රශ්ණ එහෙම හරි ගියොත් අපිට ආයිමත් හුලං. ඒක නිසා මොන බොරුවක් හරි දාල මේ පාර බලේ ගන්න එපැයි. උඹ ඉතින් මේව ගිහිල්ල එක එකාට කියනව එහෙම නෙවෙයි. පොරොන්දු වෙයන් මට එහෙම වෙන වුන්ට කියන්නෙ නැහැ කියල.

මම :- හරි හරි බං මම කාටවත් කියන්නෙ නැහැ කියල පොරොන්දුවෙන්නම්. එතකොට උඹලට වියදමට සල්ලි එන්නෙ කොහෙන්ද?

මාලිමා මාමා :- උඹත් හරි මෝඩයෙක්නෙ. දැන් බලපන් කොරෝනා කාලේ
ඇමරිකන් ලේකම් කෙනෙක් ලංකාවට එනවට අපි විරුද්ධ වුනා නේද?

මම :- ඔව්.

මාලිමා මාමා :- එතකොටම වගේ ආව කොරෝනා පතුරවපු චීන ආණ්ඩුවෙ තුන්වෙනියට අපි විරුද්ධ වුනාද?

මම :- නැහැනෙ

මාලිමා මාමා :- දැන් ඔය එනවයි කියන චීන ඔත්තු බලන නැවට අපි විරුද්ධ වෙනවද?

මම :- නැහැනෙ. ඕ ගොල්ල සපෝට් නෙ.

මාලිමා මාමා :- එතකොටවත් උඹට හිතාගන්න බැරිද අපිට සංවිධානය වෙන්න, රට වටේ මීටිං තියන්න, අපේ අයට ජීවත් වෙන්න සල්ලි එන්නෙ කොහෙන්ද කියල? 

මම :-  ජර්මනියෙන්?

මාලිමා මාමා :- උඹෙ %$#&&%&^%)

මම :- හරි බං තරහ ගන්න එපා, මට තේරුනෙ නැහැ. මම ගිහිල්ල එන්නං.


මම මෙහෙම පොරොන්දු වුනාට බ්ලොග් එකේ ලියන්නෙ නැහැ කියල පොරොන්දු වුනේ නම් නැහැ.










මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

25 comments:

  1. මාලිමාවෙ උනාට ඔයාගේ යාළුවා දැනගෙන හිටියේ නැති තව ක්‍රමයක් තියනවා විදේශ විනිමය ගේන්න. අනුර සහෝදරයාමයි කිව්වේ. මන්ත්‍රීවරු, ඇමතිවරු ලඟ තියෙන සුඛෝපභෝගී වාහන පිටරටට විකුණනවා.

    ReplyDelete
    Replies
    1. ඒ එක පරණ වාහනයක් ඩොලර් 20,000 කට පිටරට යැව්වොත් ඒකෙන් බොර තෙල් බැරල් 200 ක් ගන්න පුළුවන්. ඒක අවුරුද්දකට විතර ඇති නේද?

      Delete
  2. මට හැමදාම හිතෙන එකක් තමයි අනිත් පක්ශවල එවුන්ව අවිස්වාස කරන මිනිස්සු ජේවීපී, පෙරටුගාමී , අන්තරේ වගේ එවුන්ව විස්වාසකරන්නෙ ඇයි කියන එක.
    අනිත් පක්ශවලට වඩා කපටි නිසා වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඕක ලෝකෙම වාමාංශික පක්ෂ වල දක්ෂතාවයක්. මිනිස්සු සංවේදී වෙන ඒව හොයාගෙන ඒව ගැන කථා කරන්න පොයින්ට්ස් හදා ගන්නවා. ගොඩක් රටවල ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් ගැන දන්නේ නැහැ කියන එක ඒ අය දන්නවා. අනික මොකක් හරි කිව්වම ඒකෙ හරි වැරදි හිතන්න මිනිස්සුන්ට වෙලාව නැහැ. අනික වෙන කෙනෙක් ඇවිල්ල කිව්ව බොරුව නිවැරදි කලත් බොරුව ඇහුණ හැමෝටම ඒක ඇහෙන්නේ නැහැ. අනික ඕනම දෙයක් ගැන (ඇත්තක් හෝ බොරුවක් ) ඉස්සෙල්ලම කියන කෙනාට වාසියි කියන එක උන් දන්නවා. හදාගත්තු පොයින්ට්ස් ටික ගැන කථා කරන්න කට්ටිය පුරුදු කරනවා. ආවේගශීලීව කථා කරන්න, අහගෙන ඉන්න අය ආවේගශීලී කරන්න එහෙම වෙනම පුරුදු කරනවා. එක කාලයක් විමල් මේ දේ නියමෙට කලා. මිනිහ ඇමති කෙනෙක් වෙලා ඉන්නකොට තමයි බොරු කියන්නෙ කියල මිනිස්සු තේරුම් ගත්තේ. ඇත්තටම විමල්, ලාල් කාන්ත, විජිත හේරත් නොවන්න 2005 මහින්ද දිනන්නේ නැහැ. එකක්, මේ පාර වියත්මග එකෙන් මේ සිස්ටම් එක කොපි කලා.

      Delete
    2. BTW this is similar to the training given to lawyers on how to address the jury. As a lawyer you should know.

      Delete
    3. The difference being, a jury who gets swayed by a lawyer decides someone else's fate, not their own. The people who get dazzled by the socialist rhetoric are letting it decide their own fate.

      Delete
    4. In fact the first to use it in Sri Lanka was SWRD. He used the peoples' language and religious sensitivity.

      Delete
  3. මාකෝස් ගිහිල්ල අවුරුදු 31ට මිනිහ හොරකම් කරපු බිලියන ගානෙන් 5% වත් හොයාගෙන නැහැ නේද?// හොයන්න තියා මිනිස්සුන්ටවත් මතක නෑ නෙව එහෙම දේවල් උනාද කියලා.... අපටත් වෙන්නෙ ඕක තමයි තව අවුරුදු 10කින් වගේ. එතකොට නාමල් රජාණෙනි ගගා ඉඳි අපි

    ReplyDelete
    Replies
    1. එහෙ වුනෙත් ඒක. අවුරුදු 31 කට පස්සේ මාකෝස් ගෙ පුතා ජනාධිපති වුනා. ඩුඅර්තේ ගෙ දුව උප ජනාධිපති

      Delete
  4. මම හරිම කැමතියි වාමාoශික පක්‍ෂ වල නියම ඇත්ත මේ මොට්ට මිනිස්සුන්ට පෙන්වන එකට. රැසියාව ලුමුම්බා විශ්වවිද්‍යාලය ඇති කලේම මේ වාමාoශික මොළ ශෝධනය ලෝකයටම කරන්න. මගේ සැමියාගේ උපන් රට අප්‍රිකානු රටක්. ඔහුත් ඒ කාලෙ ඒ රටේ රැසියන් තානාපති කාර්‍යාලයේ නොයෙක් වැඩසටහන් වලට ගොස් තිබුනා (වෙන රටවලත් ඒවට ගියා), අන්තිමේ ඔය ලුමුම්බා විශ්වවිද්‍යාලයට යන්නට කිසිම සුදුසුකමක් නොබලම ශිෂ්‍යත්වයක් දුන්නට ඔහු ගියේ නෑ. ඇමරිකාව ඇතුළු බටහිර රටවල ශිෂ්‍යත්ව ගත්ත අය දන්නව (මම ඇතුළු) මොනතරම් විනිවිද භාවයක්ද එතන තියෙන්නෙ කියල. රෝහණ විජේවීරගෙ තාත්ත අමු කොමියුනිස්ට්කාරය නිසා රෝහණ විජේවීරට ලුමුම්බා විශ්වවිද්‍යාලයට ටිකට් එක ඇදුනා උවිඳුටත් එහෙමයි, එතන ඉඳන්ම තියෙන්නෙ අමු ගොට්ට ඇල්ලීම.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව කොපමණ විනිවිද භාවයකින් ක්‍රියා කරන බවට කදිම සාක්ෂියක් රුසියාව උක්රෛනයට පහර දුන් විට සහ ඊශ්රායලය පලස්තීනයට පහරදුන් විට ඔවුන් ක්‍රියා කළ අන්දම අපට හොඳින්ම පෙන්වාදී තිබෙනවා. එක සිදුවීමකින් සෑම දෙයක්ම සාමාන්‍යකරණය කරනු නොහේ.
      බාගවිට අජිත් ධර්මකීර්ති රුසියා අධ්‍යාපනය/ එයට අයදුම්කරුවන් තෝරාගැනීම ගැන මෙහි පැමිණ අදහස් දක්වාවි කියා මා සිතනවා.
      ඉයන් නම් උතුරු ඇමරිකාව ගැන ගොන්දින් දන්නවා ඇතිනේ?

      Delete
    2. // ඇමරිකාව ඇතුළු බටහිර රටවල ශිෂ්‍යත්ව ගත්ත අය දන්නව (මම ඇතුළු) මොනතරම් විනිවිද භාවයක්ද එතන තියෙන්නෙ කියල.// අර එතකොට සල්ලි දීල සුදුසුකම් හදාගෙන ගිය කට්ටිය. 😃 ඕක හැම තැනම වෙනවා. හුඟක් අමෙරිකවට් එහෙම යන අයගෙන් වැඩි හරියක් ප්‍රින්සිපල් ල ලොකු විදුහල් වල ජේෂ්ඨ ගුරු භවතුන් ගේ ළමයි එහෙම වෙන්නේ කොහොමද? හැබැයි සමහර සෝවියට් ශිෂ්‍යත්ව ගැන කියපු කතාවත් හරි. සමහර ලුමුම්බා ශිෂ්‍යත්ව. කොමියුනිස්ට් , ශ්‍රී ලනිප වගේ පක්ෂ වල බලපෑම තිබ්බ. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන්ගේ දරුවන් රිංගෙව්වා . කාලයක් තිබුන යුඇන්පී ආණ්ඩුවේ මුස්ලිම් ඇමති කෙනෙක් හිටිය නිශ අමුස්ලිම් අය සෑහෙන පිරිසක් ආව. ඔය ගොඩක් අය ඒ ශිෂ්‍ය්ත්වලට පින් සිදුවන්න කතා කරනවා තමයි. ශිෂ්‍යත්ව භාගයක විතර අරජයේ ඒවා. ඒවත් නොදී බැහැනේ. එනිසා අපි වගේ උන්ටත් පිනා චාන්ස් වැදුන.
      හැබැයි ඒක නිසාම මට අපක්ෂපාතිව සෝවියට් දේශය ගැන කතා කරන්න පුළුවන්. මම අවංකවම ඒ රටට කැමතියි. අපට හොඳට සැලකුව. ගෑනු ළමයිනුත් අපට හොඳට සැලකුවා 😃

      Delete
    3. https://kolambagamaya.blogspot.com/2017/07/blog-post_21.html

      Delete
    4. සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්https://kolambagamaya.blogspot.com/2017/01/blog-post_6.html

      Delete
    5. රටක් ශිෂ්‍යත්ව දෙන්නේ එයින් ඉගෙනගත් තැනැත්තා නැවත තම රටට ඇවිත් ලබාගත් දැනුමෙන් තම රටට සේවයක් කරයි යන පරමාර්ථයෙන්. ඇමරිකාවට ශිෂ්‍යත්ව අරන් ගිය කට්ටිය එහේ 'ගල්' උනාම ????

      Delete
    6. ඇමෙරිකාව ශිෂ්‍යයත්ව දෙන්නේ ඉගෙන ගෙන ඒ රටේ නැවතී වැඩ කරයි කියලා නෙමේද? ඒ කතාව හරි. අපි ආපහු යන්න ඕනේ තමයි. මම පවර් ස්ටේෂන් ඉන්ජිනියර් කෙනෙක් හැටියට ඉවර කරන කොට (1991) ත්‍රිකුණාමල බලාගාරය හදල නැහැ. මගේ වෙනත් ප්‍රශ්නයක් නිසා එංගලන්තේ ට එන්න වුනා. ඉතින් හදිසියේ හිරවුනා. මම ඊට පස්සේ අතින් ගෙවල අයිටී ඩිග්රියක් කළා. වැඩ කරන්නේ ඒක මත දැන්. නමුත් මම පෞද්ගලිකව හිතනවා මම හැකි පුළුවන්තරම් මුදල් යවල හෝ වෙනත් ව්‍යපෘති කරලා රටට උදව් කළා කියල. කොහොමත් අපට ගෙවන්න කියල අත්සන් කලේ රුපියල් 25000 ක බොන්ඩ් එකක්. ඒක මම ගෙව්වා තාත්ත ඉන්න කොට ඒ කාලෙම වගේ. මම හිතන්නේ ඒක වැඩි කරන්න ඕනේ කියල. ලක්ෂ පහකට වත්.

      Delete
    7. එය එසේම නම් ඔවුන්ට ඇමරිකාවේම සිසුන්ට එම ශිෂ්‍යත්ව දිය හැකියි නේද? එවුන් කොපමණ මුදල් නැති නිසා ඉගෙනුම අඩාළ කරගෙන සිටිනවාද?

      Delete
    8. ඇමෙරිකාවේ මුදල් නොමැති කම නිසා විශ්ව විද්‍යාල වලට යන්න බැහැ කියල නම් අහල නැහැ. ඒවට තියෙන බුද්ධි පරීක්ෂණ වලින් සමත් වුන අයට සිසු ණය තියෙනවා. එහෙ තියෙන ප්‍රශ්ණය සිසු ණය වල පොලී වැඩියි. ඇමෙරිකාව ශිශ්‍යත්ව පිටරට අයට දෙන්නේ ඒගොල්ලෝ ඉගෙන ගත්ත දේවලින් ඇමෙරිකාවට ප්‍රයෝජනයක් තියෙනවානම්. STEM උපාධි වලට තමයි ඉල්ලුම.

      Delete
  5. වසර පනහක් විතර ඉපැරණි පොතක් සිහිවෙයි මේ වෙලාවේ
    පොතේ නම නං අහල ඇති 'අවලස්සන ඇමෙරිකානුවා' වේ
    තවත් ඒ වගෙ පොත් තියෙනවා, එකිනෙකාගේ බොරුව කියැවේ
    ඔය හැමෝමත් මී කඩන්නේ, අත ලොවන්නද? කියා සිහිවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිදී හැමදාම කමෙන්ට් කරනවාට.

      Delete
  6. මට මතක විධිහට ඉයන් ජවිපෙට ඡන්දේ දෙනවා වගේ කතාවක් කිව්වා මතකයි මිට කලින්. 😀

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඒගොල්ල venter - left වෙලා නැහැනෙ. පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අයට චන්දෙ දීල රට කියුබාවක් කරන්න දායක වෙන්න බැහැ.

      Delete
  7. කවුරුත් එකයි බලන් ගිහාම !

    ReplyDelete