විශාල බරක් ඔසවාගෙන යන අයෙක් |
ෆේස්බුක් එකේ හෝ බ්ලොග් ලියන අය අතර එතරම් නොවූවත් සමාජයේ බොහෝ දෙනෙක් විශාල බරක් ඔළුව උඩ තියාගෙන යන අය වගේ ජීවත් වෙන් බව දැක තියෙනවාද? පාර තොටේදී දකින මැදි වියේ අය ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඔවුන් බොහෝ දෙනෙක්ගේ මුහුණු වලින් පිළිඹිබු වන්නේ විශාල ප්‍රශ්ණ කන්දරාවක් දරාගෙන සිටින අය වගේ ද?
ඇත්තටම බොහෝ දෙනෙක් විශාල බරක් අරගෙන තමයි ජීවිතය ගෙනියන්නේ. ඒ කියන්නේ අති විශාල පොට්ටනි දෙකක් ඔවුන් යන එන තැන අරගෙන යනවා. මේ බර පොට්ටනි දෙක ගැන පොඩ්ඩක් හිතුවොත් ඒ බර බිමින් තියල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියල ඒ අයට කියල දෙන්න.
හිතකට එක වෙලාවකදි හිතන්න පුළුවන් එක දෙයක් ගැන පමණයි කියල ඔබ පිළිගන්නව ඇති. ඇත්තටම එක හිතක ජීවිත කාලය තත්ත්පරයකින් 1/16 පමණයි. ඒ වගේ ප්‍රකෝටි ගාණක චිතක්ෂණ ප්‍රමාණයක් තමයි කෙනෙකුගේ ජීවිත කාලය.
අපේ අතීතය සිහිපත් කළොත් අපි අතින් සතුටුවිය හැකි දේවල් විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. ඒ වගේම අද පසුතැවිලි වන දේවලුත් විශාල ප්‍රමාණයක් වෙලා තියෙනවා. සාමන්‍ය මනුෂ්‍ය ස්වභාවය තමයි අප අතින් අතපසු වුණ දේවල් එහෙම නැත්නම් අද පාඩුවක් වීමට මුල්වුණ දේවල් ගැන වැඩිපුර මෙණෙහි කිරීම.
මට මේක මේ විදිහට කරන්න තිබුණ. එහෙම කලා නම් මේ ප්‍රශ්ණය ඇතිවෙන්නේ නැහැ ආදී වශයෙන් පසුතැවිලි වීම අපේ ජීවිතයේ හරිම බහුලයි. මේ අතීත වැරදි හෝ අතපසුවීම් ගැන සිතීමෙන් කිසිම සෙතක් වෙන්නේ නැහැ. ඒ ඒවා අපිට දැන් වෙනස් කල නොහැකි නිසා. අප අතින් වුණ වැරදි වලින් එවන් දේවල් නැවත සිදු නොවීමට පාඩමක් ඉගෙන ගැනීමට හැකිවුණත් ඒවා රිවර්ස් කරන්න බැහැ.
අද ජීවත් වීමට ඇති කාලය අතීත සිදුවීම් ගැන පසුතැවිලි වෙමින් ගතකිරීම අපරාධයක් නේද? අද, මේ මොහොතේ, මේ දැන් කියන කාලය අද ජීවත් නොවී අතීතය ගැන පසුතැවුණොත් මේ මොහොත මගේ අතින් නාස්තිවී යනවා. අපි අතීතය ගැන සිතා එනතෙක් වර්තමානය නැවතී බලා සිටින්නේ නැහැ.
ඒ නිසා අතීතය, සහ අතීතයේ අපි අතින් වුණු වැරදි ගැන මේ මොහොතේ සිතින් අත් ඇරීමට උත්සාහ කිරීම අර බර පොට්ටනි එකක් බිමින් තිබ්බා හා සමානයි.
අපි තව පොට්ටනියක් අපේ ජීවිත ගමන, මේ මොහොත අඩාල කර ගන්න කර තියාගෙන යනවා. ඒ තමයි නොපැමිණුන අනාගතය. හෙට හෝ අනාගතයේ කල යුතු දේවල් ගැන සැලසුම් කිරීම ගැන නෙවෙයි මම කියන්නේ. එලෙස හෙට දවස, අනාගතය සැලසුම් කිරීම අත්‍යාවශ්‍යයි. එහෙත් තමාගේ හෝ තමන්ගේ දරුවන්ට අදාලව අනාගතය ගැන බියකින් හෝ සැකයකින් සිතීමත් මේ මොහොත නාස්ති කිරීමක්.
මේක මෙහෙම වෙයි. එහෙම වුණොත් මේක අර විදිහට වෙයි කියල ඍණාත්මක විදිහට අනාගතය ගැන සිතමින් සිටීම තමයි අනික් පොට්ටනිය. අපි අද අපි කල යුතු හැම දේම හරියට කළොත් එතනින් එහාට අනාගතයේ වෙන දේවල් ගැන බිය වෙමින් සිටීම වැඩකට නැති දෙයක්.
අතීතය ගැන පසුතැවිලි වීම සහ අනාගතය ගැන බිය වීම යන පොට්ටනි දෙක බිමින් තියල වර්තමානයේ හිත තියා ගන්න උත්සාහ කරන්න. අපිට මේ ජීවිතයේ තියෙන්නේ නිශ්චිත චිතක්ෂණ ප්‍රමාණයක්. මැදි වියේ බොහෝ අය ඒ ප්‍රමාණයෙන් 60% පමණ ගෙවන්නේ අතීතය ගැන සිතමින්. තව 30% පමණ නොපැමිණුන අනාගතය ගැන බියෙන්. එම මොහොතේ ජීවත් වන්නේ ජීවිත කාලයෙන් 10% පමණයි.
තරුණ අය 60% පමණවත් අද මොහොත නාස්තිකරන්නේ අනාගතය ගැන බිය වීමට. 30% ප්‍රමාණයක් පමණ අතීතය ගැන ලතවීමට. ඔවුනුත් අද , මේ මොහොත ගැන සිත යොමු කරන්නේ 10% පමණ. මේ දෙගොල්ලම අපිට ජීවත් වීමට තියෙන වර්තමාන් වලින් 90% ක් ම අතීතයේ සහ අනාගතය ගැන පසුතැවෙමින් සහ බිය වෙමින් ජීවත් වීම අපේ ජීවිතය නාස්ති කර ගැනීමක්.
අමිහිරි අතීත දේවල් සහ ඔබට පාලනය කල නොහැකි අනාගතය යන පොට්ටනි දෙක බිමින් තිබ්බොත් ඔබ ඔසවාගෙන යන බර අති විශාල ප්‍රමාණයක් බිම තිබ්බා වෙනවා.
ඔබගේ සිත මේ අකාරයෙන් වර්තමානයෙන් පලායන බව තේරුණොත් වහාම නැවතී හිත හිස් කර ගන්න බලන්න. කිසිම සිතිවිල්ලකට ඉඩ නොදී හිත හිස් කරන්න. එවිට එම සිතිවිලි පරම්පරාව කඩා ගැනීමටත් සිත යලිත් වර්තමානයට ගෙන ඒමටත් පහසු වේවි.
මේක ලිව්වේ මට ඇසුණු ධර්ම දේශණාවක් ඇසුරෙනුයි
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
වෙන හැම දෙයක්ම සතුටෙන් බාරගන්න පුළුවනි නම්......... මට නම් ඉටු නොවුණු බලාපොරොත්තු; සිදුවෙන කරදර කවදාවත් හිතෙන නොයන නිසා මං ඒවාට කැමතියි. හැබැයි හූල්ල-හූල්ලා ඉන්න නෙවෙයි. අත්දැකීමක් විදිහට සිහි කරන්න.
ReplyDeleteඉඳල හිටල සිහි කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. දවසින් වැඩි කාලයක් සිහි කර කර සුසුම් හෙලනවනම් ඒක වර්තමානය නාස්තිකර ගැනීමක්. ස්තූතියි නිමල් මහතා.
Deleteබොහොමයක් ලතින් ඇමරිකානුවෝ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා, ඇල්කොහොල් සහ සංගීතය ඔවුන්ට විනොදයෙන් සිටින්න උදව් වෙනවා, ඒ දෙක ධර්මයට වඩා සමත් බව වටහාගන්න සත්‍ය ගවේෂකයෝ අසමත්.
ReplyDeleteඇණයා බොහොම ස්තූතියි. මට හිතුනෙ ඒ දෙක හිත වර්තමානයේ තියාගන්න උදව් වෙනව ඇති.
Deleteමේතනදි උබ ලියපු කාරනා දෙකක් ගැන අවදානය යොමුකරන්න කැමැති...පුලුවන්නම් අවවාදයක් විදිහට උනත් කමක් නැහැ උත්ත්‍රයක් දෙන්න...
ReplyDelete// ඒ නිසා අතීතය, සහ අතීතයේ අපි අතින් වුණු වැරදි ගැන මේ මොහොතේ සිතින් අත් ඇරීමට උත්සාහ කිරීම අර බර පොට්ටනි එකක් බිමින් තිබ්බා හා සමානයි.//
වර්තමානයේ මොනතරම් හොදට ජිවිත් වෙන්න උත්සහා කරත් පොඩ්ඩ එහාමෙහා වෙනකොට සමහරු අපිට ගහන්න අපේ අතිතය පාවිච්චි කරනවා..
/// තමන්ගේ දරුවන්ට අදාලව අනාගතය ගැන බියකින් හෝ සැකයකින් සිතීමත් මේ මොහොත නාස්ති කිරීමක්. ///
උන් දවසක කියයද අපේ තාත්තාලා මොනවද අපි වෙනුවෙන් කරේ කියලා
ස්තූතියි මෙන්ඩා. අනික් අය කරන කියන දේවල් අපිට පාලනය කරන්න බැහැ. උන්ට් ඕන දෙයක් කියා ගන්න කියල ආශ්‍රය අත් ඇරපන්. ඒකයි මෙකයි වෙනස්. මේ කියන්නේ අපි අපේ හිතෙන් හිතන දේවල් ගැන.
Deleteදෙවෙනි එක ගැන. ළමයි වුනත් අනාගතයේ කියන හෝ නොකියන එක පාලනය කරන්න අපිට බැහැ. උඹට පුළුවන් උපරිමය උන්ට කරල, පුළුවන් දේ කලා කියල හිත හදාගනින්. ඒකත් මේකට සම්බන්ධයක් නැහැ.
හොඳ අවවාදයක්... අනාගතය ගැන බියෙන් රෝගයෙන් පෙලෙමි. 🤗
ReplyDeleteඅනාගතය යහපත් වෙන්නේ අද කලයුතු දේ උපරිමයෙන් කිරීමෙන්. මට ඔබ ගැන තියෙන අනුමානය නම් ඔබට වරදින්නේ නැහැ. ඒ නිසා අනාගතය් ගැන නොහිතා අද හොඳම දේ කරන්න.
Deleteතමන්ට හැකි පමණින් ජිවත් විම හා සරල විම ජිවිතය ගෙනියන්න පහසුවෙනවා. ස්තූතියි ඉයන් මහතානනි.
ReplyDeleteස්තූතියි අසංග. ඕනවට වඩා වද නොවී ජීවත් වීම තමයි හොඳ
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeletethank you Pra Jay
Deleteදිග..අ.. වැටක් කියන්නේ සම්තින්ග් රියලි ස්පෙෂල් ෆොර් සුවර්.. :)))
Deleteකොච්චර බිම තියන්න හැදුවත් ඔය පොට්ටනි දෙක ඔළුවටමයි එන්නේ. විශේෂයෙන් අනාගත පොට්ටනිය. බලමු ඉතින් උත්සාහ කරලා. විටින් විට මෙහෙම කවුරුහරි මේ ගැන මතක් කරන එක නම් ගොඩක් හොඳයි.
ReplyDeleteස්තූතියි. ඔබට එන්න පුළුවන් දේ තමයි ඔබගේ දියණියගේ අනාගතය. හැකිතරම් හොඳින් ඇයට වර්තමානයේ කල යුතු දේ කරලා, ඇයගෙන් යමක් අනාගතයේ බලාපොරොත්තු නොවන විදිහට කටයුතු කලොත් අනාගත බිය අඩුවෙයි.
Deleteඇත්ත.
ReplyDeleteඒත් බණ දෙසන්න ලේසියි, පිළිපදින්න අමාරුයි. පිළිපදින එක ලේසි උනානම් ප්‍රසිද්ධ ධර්ම කථිකයන් වහන්සේලා ගමන් වියදම් ඉල්ලන්නේ නෑ.
මමනම් කියන්නේ, අතීතය අනාගතය ගැන නොහිතා මේ මොහොතේ ජීවත් වීම කියන දේ කුසලතාවයක්. ඒකට පුරුද්දක් තියෙන්න ඕනේ, ඔව් සාංසාරික පුරුද්දක්. අපි නිකං වෙන කෙනෙකුට කොච්චර කීවත් වැඩක් නෑ, ඕක ඇති කරන්න බෑ. කාලයක් ස්වෝත්සාහයෙන් ගොඩ නගා නොගත්තොත් ඕක පිහිටන්නේ නෑ. තමන්ගේම දරුවෙකුට (ඒ කියන්නේ දීර්ඝ කාලයක් තමන් ඇසුරේ දවසේ වැඩි කාලයක් ගත කරන කෙනෙකුට) මේක පුහුණු කරන්න යම් හැකියාවක් තිබුණත් කොයි දෙමාපියද දැන් කාලේ එහෙම කරන්නේ. දැන් කාලේ දෙමාපියෝ දරුවන්ව පුහුණු කරන්නේ "අනාගත භය"ට. හරියට හද්ද UNP කාරයින්ට තියෙන ගෝතා බය වගේ.
ඇත්ත. මේක පුරුදු කරවන්න අමාරුයි. ඒත් පුරුදු වෙන්න ටිකක් විතර ලේසියි. ඔබට ඊලඟ පාර අතීතය සම්බන්ධ දෙයක් හිතන කොට මේක මතක් වුණොත්, එතනින් සිතිවිලි පරම්පරාව (තාවකාලිකව හෝ) කැඩෙනවා.
Deleteමේ දවස්වල මගේ ඔලුවෙත් විශාල බරක් ඒකමනෙ ඔය මගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැත්තේ
ReplyDeleteඑහෙම වෙන්න බැහැ. ඔබ අළුත් කර්මාන්තයක් පටන් ගෙන තියෙන නිසා වර්තමානයේ හිත තියා ගන්න ලේසියි. හැබැයි කර්මාන්තය සම්බන්ධව අනාගත බියක් එන්න පුළුවන්. ඔබ කිසිම ලෙසකින් තත්ත්වය බාල නොකර ඕඉක කරගෙන ගියොත් කවද හරි හරියනවා.
Deleteසුවහසක් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා හිතේ පුරවාගෙන ඉඳීමෙන් තමයි අනාගතය ගැන බයක් ඇතිවෙන්නෙ. බලාපොරොත්තු අඩු වුන තරමට හිත සැහැල්ලුයි. අතීතයේ මතක අතර සැරිසැරීම නම් නිතැතින්ම සිදුවෙනවා. අද දවස ගැන හිතා ජීවත්වෙනවා නම් හිතට කිසිම බරක් නෑ.
ReplyDeleteහොඳ අදහස හැලපේ. බලාපොරොත්තු තබා ගැනීම තමයි බලාපොරොත්තු කඩ වීමට මුල. විශේශයෙන්ම අන් අයගෙන් (දරුවන් ගෙන් etc.) අප විවිධ දේවල් බලාපොරොත්තු වෙන එක අනාගත හිත් අමාරු වලට පාර කපනවා.
Deleteරෝග කිහිපයකින්ම පෙලෙන බව අවබෝධ උනා.. :/
ReplyDeleteහපොයි බ්ලොග් එක ලියන්න එපාද ?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteප්රොක්රැස්ටිනේශන් එකෙන් මිදිලා වැඩ දෙක තුනක්ම ඉවරකලා මේ පෝස්ටුවම දැකලා...සමහරදේවල් ගැන නම් ඡන්දෙයෙන්ම අගතියට පත්වෙනවාදෝත් කියලත් හිතූනා ..ලැබුන උපදෙස් ටිකට බොහොමත් පින්.🙏.යම් තරමක ගොඩනැගීමක් ඇතුලතින් වුන බව නම් දැනුනා..😊😊..
ReplyDelete