Showing posts with label politics. Show all posts
Showing posts with label politics. Show all posts

Thursday, July 18, 2024

දෙවෙනි මනාපෙ දිනයිද?

Anura, Ranil & Sajith



ජනමත සමීක්ෂණ (opnion polls) ලංකාවේ එතරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. ඇමෙරිකාවේ සහ අනික් රටවල නම් මේවා දවස ගානේ වගේ වෙනවා. ඒ වගේම ඒ ප්‍රතිඵල ප්‍රසිද්ධ වෙනවා. Institute for Health Policy විසින් පවත්වන ලද එවන් ජන මත විචාරණයක් අනුව අද ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් චන්ද බෙදී යන්නේ පහත දැක්වෙන ප්‍රතිශත අනුව.

අනුර කුමාර දිසානායක 39%
සජිත් ප්‍රේමදාස             38%
රනිල් වික්‍රමසිංහ          15%
පොහොට්ටුව                7%

මෙසේ චන්ද බෙදී ගිහින් කිසිම කෙනෙක් 50% කට වඩා චන්ද ලබා නොගතහොත් බොහෝ රටවල දෙවෙනි වටයක් පවත්වනවා. එහිදී වැඩිම චන්ද ගන්න දෙදෙනා අතර තරඟයක්. ලංකාවේ බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකක් අතර තිබුණු තරඟය නිසා එවැනි දෙවන වටයක් ගැන නීතියේ නැහැ. ලංකාවේ තියෙන්නේ දෙවෙනි මනාපය දිය හැකි ක්‍රමයක්. මම හිතන්නේ මෙතෙක් පැවති ජනාධිපති චන්ද වලදී දෙවෙනි මනාපය ගණන් කිරීමක් සිදුවුණේ නැහැ. නමුත් තුන් කොන් සටනක් ලෙස පෙනී යන මෙවර ජනාධිපතිවරණයේදී මේ දෙවන මනාපය තීරණාත්මක සාධකයක් වෙන්න ඉඩ තියෙනවා.

ජනාධිපතිවරණයේදී ඉහත ජනමත සමීක්ෂණය අනුව චන්ද වැටීමක් සිදුවුවහොත්  වැඩි දෙනෙක් දෙවන මනාපය දෙන කෙනා ජනාධිපති වෙන්න පුළුවන්.

මෙම දෙවන මනාප ගණන කිරීමේ ක්‍රමය මට පැහැදිලි නැහැ. එක් කෙනෙක් මට කිව්ව හැටියට වැඩිම චන්ද ගත් දෙදෙනාට අනික් අයගෙන් දෙවන මනාප වැටිච්ච ඒවා උඩ දෙදෙනාට එකතු කිරීමෙන් තමයි ඒක වෙන්නේ කියලා. එහෙම නම් මගේ උපකල්පනය මේකයි. 

අනුර කුමාර දිසානායකට චන්දය දෙන අය වෙනම කට්ටියක් නිසා ඔවුන් වෙන කාටවත් දෙවෙනි මනාප දෙන එකක් නැහැ. ඒ එක්කම ඔහුගේ පක්ෂය අනික් පක්ෂ වල චන්ද දායකයන් අතර එතරම් ජනප්‍රිය නැහැ. ඒ නිසා ඔවුන්ට අන් අයගෙන් දෙවෙනි මනාප ලැබීමේ සම්භාවිතාව අඩුයි. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සහ සජිත්ට  හෝ පොහොට්ටුවට චන්දෙ දෙන අය අනුරට දෙවෙනි මනාපයක් දීමේ අවස්ථාව අඩුයි කියලයි මගේ උපකල්පනය. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සජිත්ට දෙවෙනි මනාපයක් දුන්නොත් බොහෝ විට සජිත් මෙයින් ජයග්‍රහණය කරන්න පුලුවන්.

ඒ ක්‍රමයට නැතුව හැමෝගෙම දෙවෙනි මනාප අපේක්ෂකයාට කෙලින්ම ලැබුණු චන්ද වලට එකතු කරනවනම්, රනිල්ට පොහොට්ටූවේ සහ සජබේ දෙවෙනි මනාප ලැබී ජයග්‍රහණය කරන්න පුළුවන්. හරියටම දෙවෙනි මනාප ගණන් කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න.

කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයෙක් මේ දෙවෙනි මානප දීම ප්‍රවර්ධනය කරන එකක් නැහැ. එම නිසා තුන්වන පාර්ශව වලින් මෙවර මැතිවරණයේ දී දෙවන මනාපයේ වැදගත්කම ගැන චන්ද දායකයින් දැනුවත් කිරීමක් වෙයි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Monday, October 16, 2023

යුක්‍රේන් උගුලේ හොඳම පරාජිතයා තෝරමු





හැමෝම පෝස්ට් දාන්න පටන් ගෙන නිසා මගෙනුත් එකක්.

මාස ගණනක් ඇදී යන රුසියානු-යුක්‍රේන් යුද්ධය ගැන මගේ අදහස. ලෝකෙ වෙන දේවල් ගැන තියා ඒ රටවල් කොහේ තියෙනවාද කියාවත් නොදන්නා එහෙත් මාධ්‍ය වලින් පමණක් ලෝකය දකින ඇතැම් බටහිර රටවල් වල අයට නම් බටහිර ලෝකයේ අධාර ඇතිව සාර්ථකව යුක්‍රේනය රුසියාව පරදවමින් සිටිනවා. ඒ ගැන විරුද්ධ අදහස් දරන අයගේ මතය නම් යුක්‍රේනය ඔවුන්ගේ පිරිමි ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් මේ යුද්ධය බිලිදී ඇති බවත් රුසියානු හමුදා ඇතිකර ඇති වට කිහිපයක ආරක්ෂක වලල්ල බිඳ දැමීමට හැකිවී නැති බවත්,  බිලියන සිය ගණන් බටහිර යුධ උපකරණ සහ ඇමෙරිකාවෙන් ගෙවන යුක්‍රේන් හමුදා පඩි සමඟවත් යුක්‍රේනයට මේ යුද්ධය දිනීමට කිසිම හැකියාවක් නැති බවත්ය.

මට පෙනෙන්නේත් මේ දෙවැනි මතය නිවැරදි බවයි. රුසියාවෙන් ණයට ගෑස් සහ නොයෙකුත් වරදාන ලබමින් සැපසේ ජීවත් වූ යුක්‍රේනය ඩොලර් බිලියන 5 ක වියදමින් ඇමෙරිකාව 2014 දී ඇතිකල මයිදාන් අරගලය සහ මයිදාන් ඝාතනය හරහා ඔවුන්ට හිතවත් එහෙත්  රුසියාවට විරුද්ධ පාලනයක් ඇතිකර දැන් එය තුන්වන ලෝක යුද්ධයක් ඇතිවන තත්ත්වයට ආසන්න වෙමින් තිබේ. 2019 ශ්‍රී ලංකාවේ සිදුවුනාක් මෙන් වෘත්තියෙන් කොමඩි නළුවෙකු ජනාධිපති කරගත් යුක්‍රේනය අද බොහෝ ලෙස විනාස වී ඇත්තේ ඇමෙරිකාවට ඇති බල තන්හාව නිසා බව සමහරුන්ගේ මතයයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී මෙන් සතුරු රටක් විනාස කිරීමට එම රටට ඇති දුර අදට අදාල නොවේ. එකල තිබූ මිසයිල වල දුර සීමාව අනුව 1962 කියුබාවේ මිසයිල් ස්ථාන ගතකිරීමට සෝවියට් දේශය කල උත්සාහයට යම්කිසි හේතුවක් තිබුණ මුත්, වොර්සෝ සම්මුතිය බිඳ වැටී ඇති විටක සහ දුර විදින මිසයිල වල ගමන් කල හැකි දුර ඉතා විශාල ලෙස වැඩි වී ඇති කාලයක නේටෝට තව දුරටත් ව්‍යාප්ත කර රුසියානු අසැල්වැසි යුක්‍රේනයත් නේටෝවට ඈඳාගෙන්න උත්සාහ කලේ මොන කෙන්ගෙඩියට දැයි මට නම් ප්‍රෙහේලිකාවකි.

මේවන විට ඇමෙරිකාවෙන් පමණක් ඩොලර් බිලියන 190 ක් පමණ වටිනා මුදල් සහ යුධ උපකරණ ලබා ගැනීමට යුක්‍රේනය සමත් වී ඇත. ඉතා දූශිත දේශයක් ලෙස ප්‍රකට යුක්‍රේන පාලකයන්ට නම් මෙය හොඳ පල්ලමකි. එමෙන්ම ඇමෙරිකාවේ චන්ද වලට වැඩි පුරම වියදම් කරන යුධ උපකරණ නිශ්පාදනය කරන සමාගම් වලටත් මෙය ඉතාමත් වාසිදායි යුද්ධයකි. කැලෑවල ගුවන් තොටුපලවල්, වරායවල්, විශාල සම්මන්ත්‍රණ ශාලා, අඩි සීයේ පාරවල්, වැනි දේ දැක පුරුදු අපිට ඇමෙරිකානු ආරක්ෂාවට කිසිම වාසියක් නොවන මෙවන් ක්‍රියාදාමයකට ඇමෙරිකාව අවතීර්ණ වුනේ ඇයිදැයි සිතාගත හැක. 

Monday, May 15, 2023

ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය - සජිත් ප්‍රේමදාස

(ලංකා ඊ නිව්ස් -2023.මැයි.14, ප.ව.8.45) අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව සහ විපක්ෂය එක්ව යහපත් වැඩ පිළිවෙලක් දියත් කර තිබේ. විපක්ෂ නායකවරයා එය හැඳින්වූයේ ලෝකයේ ප්‍රශස්තම වැඩක් ලෙසයි. එය නම් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගී වී තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමයි. මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 - 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසක් ඊයේ (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති වැඩමුළුවක් සඳහා ආරාධනා කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන අය සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරී පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද එහිදී අදහස් දැක්වූහ. 

 පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කරන බව කියති. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් ප්‍රකාශ කෙළේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම සුවිශේෂී පියවරක් බවත් එය මෙතෙක් ලොව කිසිදු රටක සිදු නොවුවක් බවයි. වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. අද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ආංශික කමිටු සඳහා තෝරාගන්නා ලද තරුණ නියෝජිතයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඔබ සියලුදෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගීවීමට. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක වන්නේ. පාර්ලිමේන්තු කොමිටියකට, ඇමරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගිවිය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂනායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාව සැලසී තිබෙනවා.

Thursday, April 27, 2023

මහාචාර්‍යය විමල් වීරවංශ ගේ සුරංගනා කථා පොත



ලෝක භූ දේශපාලනය ගැන නවතම විශේසඥයා බවට මහාචාර්‍යය විමල් වීරවංශ මහතා පත්ව සිටී. ඔහු කියන පරිදි අරගලයට හේතුව ඇමෙරිකාව සහ ඉන්දියාවට ගෝටාභය රාජපක්ෂගේ ආණ්ඩුව වට්ටා කථානායක යටතේ නව රජයක් පිහිටුවා එම රටවල් වලට පාලනය කල හැකි පඹයෙකුගේ ආණ්ඩුවක් බිහිකර ගැනීමට ඇමෙරිකාව සහ ඉන්දියාව ක්‍රියා කිරීම බවය. ඔහු මෙම අරගලය සමාන කරන්නේ මගේ කලින් පෝස්ට් එකේ පිළිතුරක සඳහන් කල පරිදි යුක්‍රේනයේ රුසියන් ගැති රජය පෙරලා ඔවුන්ට පාලනය කල හැකි  ඔබාමා, බයිඩන් ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටියදී කල දේවල්ය. 

බැලූ බැල්මට පෙනෙන්නේ මහාචාර්‍යය විමල් විසින් විශාල සොයා ගැනීමක්  සිදුකොට  රටේ ස්වාධීනත්වයට ඇති තර්ජනයක් ගැන වැදගත් හෙලිදරව් කිරීමක් කර ඇති බවය. ඒ ගැන තීරණයක් ගැනීමට පෙර පහත කරුණු සලකා බලන්න. 

 මගේ අනුමානය නම් චීන රජයේ දේශපාලනික මාධ්‍යයක් විසින් රචනා කරන ලද මේ පොත විමල් ගේ නමින් මුදා හැර ඇති බවය. දේශපාලන සහ අනිකුත් වුවමනාවන් සඳහා මෙවන් ව්‍යාජ කරුණු  අඩංගු පොත් සහ සමහර විට වාර්ථා චිත්‍රපට නිෂ්පාදනය කොට එයට පිලිගැනීමක් දීමට ඒවා පිටුපස සිටින දේශපාලන හස්තය හංගා සමජයේ අනික් අය දන්නා හෝ පිලිගැනීමක් ඇති කෙනෙකු ගේ නමින් නිකුත් කිරීම ලෝකයේ දශක ගණනාවක් තිස්සේ කරන දෙයකි.   

බොහෝ භූ දේශපාලනික ගේම් සිදුවන්නේ රහසිගතවය. ඒවා සිදුවූ පසුව ඒවායේ  සමහර කොටස් විවිධ මාධ්‍ය හරහා සමාජයට මුදාහැරේ. ඔහුගේ පොත දොරට වැඩීමේ කථාවේ තිබුණේම  ලෝක ජන මාධ්‍යවල පසුගිය අවුරුදු 5-8 දී  ප්‍රචාරණය වී ඇති සිද්ධීන් කිහිපයක්  පිළිගත හැකි  හේතු නොදක්වා  එකිනෙකට සම්බන්ධ කොට ගොතන ලද කථාවකි.  

Monday, December 12, 2022

යකෝ හූ කිව්ව තමයි

සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් ලියන්නෙ කියවන්න එන ඕනම කෙනෙකුට. මේක ලියන්නේ බ්ලොග් හරහා මට හමුවුන සුන්දර මිනිසෙකු වන නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ  රවී වීරසිංහ මහතානන්ටයි. 


හිතවත් රවී 

මේක ලියන්නේ ඔබ මූණු පොතේ දැම්ම මෙන්න මේ පොස්ට් එක ගැනයි.


යකෝ හූ කිව්ව තමයි. ඒක එතනිං අහවරයි. කාලා ඉන්ට බැරි මගේ මේ සට්ටඹි දායක සබාව සද්ද නැතුව නොඉඳ ආයම ඒක හෝදන්ට ගිහිල්ල හත්පොලේ ගාන එකනෙ.
Ravi Weerasinghe and 21 others
1 comment
3 shares
Like
Comment
Share



ජනාධිපති රනිල් කොලඹ සරසවියේ නීති පීඨයේ උත්සවයකට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් හූ කීමක් ගැනයි. ඔබතුමා කියන්නේ ඒ හූ කීමට විරුද්ධව රනිල් ට කැමති අය ලියන දේවලින් ඒ සිද්ධියට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා කියන එකයි. ඇත්තටම ඔබ හරි. රනිල්ගේ දේශපාලන දර්ශණයට කැමති කෙනෙක් හැටියට මටත් ඒ ගැන ලියන්න හිතුනේ ඔබගේ පෝස්ට් එක නිසයි.

මගේ අදහස මේ හූ කීමෙන් රනිල්ට පුද්ගලිකව කිසිම අනිසි ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ කියන එකයි. එහෙම කියන්නේ මම ඔහු ගැන දන්න නිසා. නන්දසේන, හෝ මහින්ද රාජපක්ෂ වගේ අය ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අත්පොලසන් වලට, ප්‍රශස්ථි ගායනා වලට, වගේම අපහාස වලටත් ඉතා සංවේදීයි. ජුබිලි කණුවේ නන්දසේනට හූ කියපු වෙලාවේ විශාල පොලිස් හමුදාවක් එතනට එව්වා. ඒවගේම එතන තිබුණ පැල්වත්ත කිරි පිටි පෝලිම ආයිමත් ඇති නොවන්න ක්‍රමයක් දැම්මා.  
   

Friday, November 11, 2022

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු සහ දිළිඳු නොබෝසත්තු..!

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.11, ප.ව.5.40) ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරු” බුරුතු පිටින් කලඑළි බසිමින් සිටිති. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ බෞද්ධ ආගමික විශ්වාසය ලංකා සමාජය තුලට කොතෙක් කා වැදුනේ ද කීවොත් අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල මෙසේ සඳහනක් එයි.

“මේ ලක් හි නොබෝසත්තු නොරජ් වෙත්වැ”

මෙහි අර්ථය ‘බෝධිසත්වයෙක් නොවන කිසිවෙකු මේ රටේ රජ නොවිය යුතුය එසේත් නැත්නම් පරාර්ථයටම කැපනොවූ කිසිවෙක් මේ රටේ පාලකයා නොවිය යුතුය’ යන්නය. මේ නිසා බොහෝ රජවරු ස්වකීය නාමය ඉදිරියට ‘සිරි සඟබෝ’ යන ගෞරව නාමය එකතුකර ගැනිමට පුරුදු වූහ. මේ පරාර්ථය වෙනුවෙන් රාජ්‍ය කිරීම වර්තමානයට ගෙන එන්නේ 1956 දී ය.

“බෝසත් බණ්ඩාරනායක”

ඒ වසරේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයා වීමට උපතින්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානියෙක් වූ, සිංහල කියවීමට ලිවීමට නොදත්, ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක [සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් ] ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඔහු 'වීරයා' හැටියට කරේ තබාගත්  පංච මහා බලවේගය [සඟ, වෙද, ගුරු, ගොවි. කම්කරු] මේ ක්‍රිස්තියානි බණ්ඩාරනායක “බෝසත් බණ්ඩාරනායක” නමින් නම් ගන්වා වෙස් ගැන්නුවේ ය. අනතුරුව ඔහු නූතන දියසේන කුමාරයා [දුකට පත් රටවැසියන් ඉන් මුදවා ගැනීමට එන වීරයෙක්] බව ප්‍රචාරය කළහ.

කෙසේ වෙතත් බෝසත් බණ්ඩාරනායක, 1959 සැප්තැම්බර් 25 වෙනිදා වෙඩි තබා මරා දමන්නේ ඉහත කී “පංච මහා බලවේගයේ”  පලමු බලවේගය වු සංඝ බලවේගයේ නායකයා හා ඔහුගේ අනුගාමිකයෙක් එකතුවීමෙන් ය.

'ලිබරල් බෝසත්තු'

ලංකාව බඳු බෞද්ධ රටක ණයට ගැනීමෙන් හෝ ආර්ථිකයේ උත්පාතයක් පවතින විට භික්ෂූහු රහතුන් බව කියන්නට පටන් ගනිති. බැතිමත්තු සෝවාන් හො වෙනත් මාර්ග ඵල ලබා ගැනීමට පොර කති. ආර්ථික අවපාතය නාසයට උඩින් යන විට ජිවිත කාලයම බඩ වඩා ගැනීමට යොමු වූ පෘතග්ජනයෝ බෝසත්තු බවට පත්වෙති.  රට හා එහි හාමතට වැටුණු ජනයා බේරා ගන්න දැන් දැන් 'අලුත් බෝසත්තු' වර්ගයක් එළියට බැස සිටිති. ඔවුහු 'ලිබරල් බෝසත්තු' ය. 

නම් හැටියට කීවොත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ “ලිබරල් දහම්” දෙසන මේ බෝසත්තු අතරේ කැපී පෙනෙන්නේ පැතුම් කර්නර්, රසික ජයකොඩි, රෝහාන් සමරජීව වැන්නවුන් ය.

මෙයින් කැපී පෙනෙන ඉතිහාසයක් තිබෙන්නේ ආචාර්ය උපාධියක් ද ඇති රෝහාන් සමරජීව ය. සමරජීව 1990 දශකයේ මැද පටන් ලංකාවේ විවෘත ආර්ථිකයට මානුෂීක මුහුනුවරක් දෙන්නට බලයට පත් වූ අනුප්‍රාප්තික වු ආණ්ඩුවල උපදේශකයෙකු  හා කළමණාකරුවෙකු හැටියට මේ විනාශයට හවුල් වූවෙකි.

ජනාන්දෝලන ගංවතුරෙන් මතු වූවෝ..

පැතුම් කර්නර් බටහිර වෛද්‍යවරයෙකි. මොහු අඩුම තරමින් පසුගිය දශක කීපය තුල ලංකාවේ හෙදියන්ට උපාධි දිමට හතුරු වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයෙකි. ඔහු මේ "ලිබරල් බෝසතාණන්" කෙනෙක් වන්නට පෙරුම් පුරද්දී මේ ජරා දොස්තර ප්‍රතිපත්තියට වචනයකින් හෝ විරුද්ධ වූ බවට වාර්තා නැත. මහජනයා හිතු මනාපේ ගසා කන පුද්ගලික වෙදකම පාලනය කිරීමට පක්ෂයව කට හොලවා නැත. නමුත් ඔහු හිටි අඩියේ ‘ගෑස්- තෙල් ජනාන්දෝලනයේ’ ගංවතුරේ පිහිනා බෝධිසත්වයෙක් වී ජනයා ගලවා ගැනීමට ලිබරල් දහම් දෙසමින් සිටින්නේ ය.

රසික ජයකොඩි පාසල් යද්දී තමාට ‘දේශපාලන හැඟීම්’ තිබුනු බව කියන්නේ ය. ඔහු ද මෙ ජනාන්දෝලන  ගංවතුරෙන් මතු වූවෙක් මිස රටක් හෝ ජනතාවක් ගලවා ගැනීමේ වෙනත් බෝධිසත්ව ඉතිහාසයක් නැත්තෙකි.

ලිබරල්ලු අමතක කරන විජිතවාදය හා එයටම බැඳුනු යුද්ධ ඉතිහාසය..

මේ තිදෙනා ප්‍රමුඛ ලිබරල් බෝසතුන් පිරිස පසුගිය වසර 74 පාලනයේ ‘ලිබරල් ආර්ථිකය’ නොතිබුණු බව පුන පුනා කියති. මේ කිසිවෙක් ලංකාව වසර 500 කට ආසන්න කාලයක් යුරෝපීය යටත් විජිතයක්ව පැවති බව නොකියන්නේ ය. එයින් සිදු වූ බලපෑම එක්කෝ නොදැන සිටින්නෝ ය. නැතිනම් පැරණි යටත් විජිත හිමියන්ගේ ‘ලිබරලය’ යටත් විජිතවාදය හා එයටම බැඳුනු යුද්ධ ඉතිහාසය සමඟ ගමන් කරන නිසා හිතාමතාම අමතක කරමින් සිටින්නේ ය.

බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබී වසර 5 ගෙවෙන්නට පෙර බංකොලොත් වෙමින් තිබූ රටක, හාමතට වැටුණු ජනයා 1953 අගෝස්තුවේ දී මාරාවේශයෙන් මහපාරවල්වල වාඩි ලා ගත්තේ ය. මේ අර්බුදය එන්නේ දෙවන ලෝක යුද්ධයේ නිරත වු බටහිර ධනවත් රටවල් ද ආර්ථික අහේනියෙන් පෙලෙන්නට ගැනීමත් සමඟ ය. 1956 වෙද්දී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනයටවත්  මුදල් නොතිබුනේ ය. 1953 සිට 1978 දක්වාම තිබුනේ සාගතය හා අහේනිය පැතිරෙමින් ය. 1978 සිට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව ණය ගැනීම ආරම්භ වුනේ ය. ඒ වන විට බටහිර රටවල් දෙවන ලෝක යුද්ධයේ පාඩු මකා ගෙන ය. ණය දෙන්න සැදී පැහැදී සිටියේ ය. ආර්ථිකය විවෘත කෙරුණේ ය. ළූණු ගෙඩියේ පටන් හිම සපත්තු දක්වා සියල්ල ආනයනය කෙරුණේ ය. 1983 වෙද්දී  ලිබරල් විවෘත ආර්ථිකය රට සිවිල් යුද්ධයක් කරා ගෙන ගියේ ය. ඉතින් එතැන් පටන් යුද්ධ කෙරුනේ ණයට ගනිමින් ය.

නොබෝසත් දිළිඳු ජනයාට 'ලිබරල් නිවන' විකිණීමට..

දැන් මේ ලිබරල් බෝසත්තු එක් වටයකින් කෙළවුණු විවෘත ලිබරල් ආර්ථිකය යලිත් මේ නොබෝ සතුන් ආර්ථික කතරෙන් එතෙර කිරිමට විකුණමින් සිටිති. මොවුන් දෙවැනි වන්නේ පසුගිය කාලයේ මාර්ග ඵල විකුණු රහතුන්ටම පමණි. මන්ද මේ නොබෝසත් දිළිඳු ජනයාට තවත් වටයක් "ලිබරල් නිවන" විකීනීමට මොවුන් සමත් වූවහොත් මේ රට තවත් වටයකින් එක තැන කැරකෙනු ඇත. සමහර විට එය අවුරුදු 74 නොව 174 ක් වීමටත් ඉඩ ඇත.

-නන්දන වීරරත්න




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Thursday, September 29, 2022

ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews)

(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29, ප.ව.9.45) රටේ රාළ ජවිපෙ ගැන ලියපු පහුගිය ලිපිවලින් දිගටම කිව්වේ ජවිපෙට දැන් නිශ්චිත න්‍යායික ස්ථාවරයක් වගේම සංවිධාන මඟපෙන්වීමක් නෑ කියලයි. ඔය මොකක් හරි කියවන එකක් ඇති. රටේ රාළ ඒකට කියන්නේ වැඩවසම් සමාජවාදය කියලා. ඇත්තටම දැන් ජවිපෙ ගොඩක් දුරට සමාන රාජපක්ෂලාට. ඒ කියන්නේ වැඩවසම් ධනවාදයට. බලන්න දෙගොල්ලන්ටම තියෙන්නේ වහසි බස් දෙඩවීම, පුරසාරම් දෙඩවීම, පම්පෝරි ගහන එක විතරයි. අන්ත දෙකක ඉඳන් පම්පෝරි ගහන හින්දා සමහරුන්ට අරකට විකල්පය මේක කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැතිව අනුරගේ ජවිපෙන්වත් මහින්දගේ පොහොට්ටුවෙන්වත් මේ රටේ ප්‍රශ්නවලට උත්තරයක් නෑ. රටට සිද්ධ වෙච්චි යහපතකුත් නෑ. එහෙම එකක් තියනවා නම් හොයලා කියන්න.

අනුර දැන් වීරප්පන් වගේ..

මේ දවස්වල ජවිපෙ පට්ට සටන්කාමී වෙලා. පහුගිය දවසක කරපු ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණ පෙළපාලියෙන් පස්සේ, ඒ වගේම හඳුනෙත්තිගේ අකුරැස්ස ජාතික ජන බලවේගයේ ආසන සභාවෙන් පස්සේ, අනුර කුමාර හරියට වීරප්පන් වගේ වෙලා. අනුර දැන් කොච්චර සටන්කාමීද කියනවා නං මේ අනුර කුමාරමද කියලත් හිතෙනවා. අනුර ළඟදී මෙහෙමත් කිව්වා " මතක තියාගන්න දෙවන ජනතා නැගිටීම එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය හා මෙහෙයවීම යටතේ " කියලා. 88/89 යේ ඉඳන් ජවිපෙ තෝරපු හැම සටනකින්ම පෞද්ගලික බය නිසාම පැනලා ගිය අනුරට එක අතකින් එහෙම කියන්න හරි ගටක් ආපු එක ගැන නං සතුටුයි. හැබැයි අනුරගේ ඒ කතාවෙන් රටේ රාළ දිගටම ජවිපෙ ගැන කියපු එක කතාවක් ඔප්පු වෙලා තියනවා. දෙවෙනි අරගලය එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් නං පළවෙනි අරගලය ආවේ කාගේ නායකත්වයෙන්ද? ඒකට මොකද උනේ? කියන ප්‍රශ්නය එනවා. ඇත්තටම එහෙනම් කියන්න තියෙන්නෙ දෙවෙනි අරගලය වෙනුවෙන් ජවිපෙ පලවෙනි අරගලය පාවා දුන්නා කියලා.

ජවිපෙ අරගලය හයි ජැක් කරන්න බැරි වුනාම අල කළා.. 

ජවිපෙ අරගලය සම්බන්ධව පලවෙනි මොහොතේ ඉඳන්ම හිටියේ ඒකට ජනතාව නොයා යුතුයි කියන ස්ථාවරයේ. මිරිහානෙන් අරගලය පටන් ගත්ත අප්‍රියෙල් තුන් වෙනිදා ඉස්සෙල්ලා දවසෙත් ජවිපෙ කිව්වේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියලයි. ලාල් කාන්ත ඒක පැහැදිලිවම කිව්වා. අනුර ටිල්වින් ඩබලත් ඒකම කිව්වා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගූණ ජනතා විරෝධය ජවිපෙට එහෙම කියලා නවත්තන්න බැරි උනා. ජනතාව සටන්කාමීව අරගලයට ආවා. ඒක නතර කරන්න බැරි බව දැක්ක ජවිපෙත් තමන් අහෝසි වෙයි යන බයට මහරගම ඇතුළු තැන් කීපයකින් පාරට බැස්සා. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එක කේන්ද්‍ර කරගෙන පටන් අරන් පිම්මක් විදිහට ඉදිරියට යනකොට ජවිපෙ කළේ අරගලය හයිජැක් කරන්න හදපු එක. ඒක බැරි වෙනකොට අරගලය අල කරන්න ජවිපෙ මැදිහත් උනා. රටේ රාළත් පිලිගන්නවා ජවිපෙ තරුණ සංගමය, කාන්තා සංගමය, කලා සංගමය අරගල භූමියේ හිටියා කියලා. හැබැයි එයාලා වැඩ කළේ නිර්පාක්ෂික කාලසටහනට අනුව නෙවෙයි ජවිපෙ කාලසටහනට අනුවයි. ජූලි 09 වෙනිදා ගෝඨාභය පන්නන සටනට ජවිපෙ ලොකු දායකත්වක් දුන්නේ නෑ. හැබැයි සටන ගෝඨාභය එලවන තැනට පරිවර්තනය උනාට පස්සේ ජවිපෙ තමන්ට වෙච්චි ලැජ්ජාව මකාගන්න ජූලි 10 වෙනිදා දියත උයන ලඟට ජවිපෙ සාමාජිකයින් කැඳවලා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න මෙහෙව්වා.

Friday, August 12, 2022

පොරොන්දුවක් කඩ කිරීම

ගලක් උඩ හිරවුනු ඔරුවක් හබල් ගාන අනුර කුමාර



මට කාලෙකින් පස්සෙ මාලිමාවේ සහෝදරයෙක් හම්බුවුණා. ඒකාලෙ නිතර හම්බු වුනාට දැන් එහෙම මුණ ගැහැන්නෙ නැති එකෙක්. දැන් අනුර කුමාර මහත්තය එහෙම රටේ ප්‍රශ්ණ විසඳන විදිහ ගැන විස්තරයක් කියන්නෙ නැති නිසා මට හිතුන මෙයාගෙන් වත් අහල බලන්න.

මම :- කොහොමද බං කාලෙකින්.?

මාලිමා මාමා :-  හරි බිසී මචං. ඉක්මනට මැතිවරණයක් ඉල්ල ගන්න තමයි ට්‍රයි එක. මේ පාර අපි ගොඩ.

මම :- ඈ බං දැන් උඹල බලයට ආවොත් කොහොමද පෙට්‍රල් ගාණ අඩුකරන්නෙ?

මාලිමා මාමා :- ඒක සුළු දෙයක්නෙ අර රුසියාව ඩොලර් 35 ට බැරල් එකක් දෙන්න කැමතියිනෙ, අපි ඒ ගොල්ලන්ගෙන් ගන්නවා.

මම :- ඇයි බං මේ ආණ්ඩුවට ඕක කරන්න බැරි?

මාලිමා මාමා :-  ඒකනේ බං මේ රනිලයයි පෙට්‍රෝලියම් එකයි පගාව ගන්න තමයි වෙන රටවලින් තෙල් ගන්නෙ.

මම :- ඉතින් ඇයි රුසියාව ඩොලර් 35 ට විකුණන්නෙ, වෙන රටවල ඩොලර් 95 ක් වෙනකොට?

මාලිමා මාමා :- මේකනෙ බං දැන් රුසියාවට තෙල් විකුණගන්න බැහැ. සම්බාධක දාල තියෙන නිසා. ඒ වුණාට අපිට ඒකෙ ප්‍රශ්ණයක් නැහැ. 

මම :- ඉතින් බං සම්බාධක තියෙන රටකින් අපි තෙල් ගත්තම අපිට ප්‍රශ්ණයක් නැත්ද?

මාලිමා මාමා :- උඹ එහෙනං වැඩේ  දැනගෙන මාව අමාරුවේ දාන්න නේද ඔය ප්‍රශ්ණ අහන්නෙ?

මම :- ඇයි එහෙම ගත්තම මොකද වෙන්නේ? දන්නෙ නැති නිසයි අහන්නෙ.

මාලිමා මාමා :- රුසියාවෙන් තෙල් ගත්තම බටහිර රටවලින් සම්බාධක කැඩුව කියල අපෙන් ගන්න බඩු ගන්නේ නැතිවෙනව. එතකොට මහ විසාල ගාණක් ඩොලර් රටට නැතිවෙනව. එතකොට දැන් තරමටවත් කන්න ගේන්න බැරිවෙනවා. හොඳම එක තියෙන්නේ අපේ බඩු බටහිර රටවලට යවන්න බැරි වුණාම මෙහෙ රස්සාවල් නැතිවෙනවා. ඒකත් අපිට හොඳයිනෙ චන්දෙ ගන්න.

මම :- ඉතින් බටහිරට එපානම් අපේ බඩු වෙන රටවලට යවන්න බැරිද?

මාලිමා මාමා :- චීනෙ වගේ රටවල් අපේ බඩු මොනවත් ගන්නෙ නැහැ බං. සියයට 80 ක් විතර අපේ බඩු ගන්නෙ ඇමෙරිකාවයි යුරෝපෙයි. ඒ රටවල් තමයි රුසියාවට සම්බාධක දාල තියෙන්නෙ. රුසියාවත් එක්ක ගනුදෙනු කරන රටවලට ඒ රටවලට බඩු අපනයනය කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ ලංකාවෙන් කිසිම දෙයක් බටහිර රටවල් ගන්නෙ නැහැ. වෙන රටවලට අපෙන් බඩු ගන්න දෙන්නෙත් නැහැ. 

මම :- ඉතින් බං එතකොට ලංකාව ඉවරටම ඉවරයිනෙ?

මාලිමා මාමා :-  ඔව් බං ඒක නිසයි රුසියාවෙන් ගන්නෙ නැත්තෙ. ඒක ඔය අනික් මෝඩ මිනිස්සු දන්නෙ නැහැනෙ. රනිල ඩොලර් හොරා කනව කියල කියන්න හොඳ චාන්ස් එක. ඒකයි අපි කියන්නෙ.

මම :- ඇයි ඉතින් රනිල ඒක නොකියන්නෙ?

මාලිමා මාමා :- ඒ උගේ හැටිනෙ බං. දැන් අපි බටලන්ද ගැන කියවනකොට, ඌ සද්ද නැතුව ඉන්නව. ඌ හැමදාම පැරදුනේ ඕක නිසයි. ඌ හිතන්නෙ මිනිස්සු ඇත්ත දැනගන්න මොලේ තියෙන්න ඕන කියල. මිනිසුන්ට මොලේ තිබ්බ නම් ගෝටාභයට රැවටෙයිද? ඉතින් මුන් කවදාවත් රුසියන් තෙල් ගන්න බැරි හේතුව මිනිසුන්ට කියන්නෙ නැහැ.
 

Wednesday, July 20, 2022

අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති සහ ජවිපෙ

අනුර සහ අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති



මගේ උපකල්පනය වැරදිලා කලින් බයි සමාජිකාවක් සමඟ තිබ්බ  ඔට්ටුවකිනුත් මාව පරාද කරලා රනිල් වික්‍රමසිංහ අටවන (ලද ) ජනාධිපති වුණා. රනිල් කියන දේශපාලකයාගේ හැකියාව පෙන්නන්න ඔහුට සම්පූර්ණ ධුර කාලයක් නොව අර්ධ කාලයක් තියෙනවා.

අනුර කුමාර දිසානායක ඔහුගේ කථාවේදී කිව්වා අද පාර්ලිමේන්තුව මහජන මතය නියෝජනය වෙන තැනක් නෙවෙයි කියලා. ඒක එක පැත්තකින් හරි. අද චන්දයක් තිබ්බොත් පොහොට්ටුවට 2020 ලැබිච්ච ආසන ගණන ලැබෙන්නේ නැහැ. එහෙත් අනුර අදහස් කලේ අද ජනමතය පාර්ලිමෙන්තුවේ නියෝජනය වුනානම් ඔහු දිනනවා කියලා නම් ඒක වැරදියි කියලයි මම හිතන්නේ.

එහෙම කියන්න හේතු මේවායි.

2019 ජනාධිපතිවරණයෙදී (පාස්කු ප්‍රහාරයේ වැරැද්ද යොමුවෙද්දිත් සහ එම්සීසී සහ රට පාවාදීම් වැනි චෝදනා තියෙද්දිත්  ) එජාපය ලක්ෂ 55 ක් චන්ද ගත්තා. 2020  චන්දෙ ජවිපෙට  ලබා ගත හැකිවුණේ චන්ද 450,000 ක් පමණයි.1982 ජනාධිපතිවරණෙදි රෝහණ විජේවීර ලබාගත් චන්ද 250,000 සහ එදා සිට වැඩිවී සිටින චන්ද දායකයින්ගේ ප්‍රමාණය ගත්තාම ඒක ඉතාම සුළු වැඩිවීමක්. (2020 සජබෙ සහ එජාපෙ එකතුව ගත්තේ 2019 චන්දෙ ගත්තට වඩා අඩු ප්‍රමාණයක්. ඒකට හේතුව ලෙස මා දකින්නේ එජාපය දෙකඩ වීම නිසා පාක්ෂිකයින් අතර වූ කලකිරීම කියලයි ). ඒත් ඔවුන් තවමත් එජාප/සජබෙ යන දෙක අතර රැඳී සිටින බව සහ ජවිපෙ දෙසට හැරීමට හේතුවක් නැති බව මගේ විස්වාසයයි. අනික රනිල් ජනාධිපති වී ඇති නිසා මහින්ද/මෛත්‍රී මෙන් නොව ධුර කාලයෙන් පසුව ඔහු විශ්‍රාම යනවා. එවිට එජාපෙ සහ සජබෙ එකතුවීමට ඉඩ තියෙනවා.

Tuesday, July 12, 2022

අරගලයෙන් රට පරදියිද?




අරගලයත් ජයග්‍රහණය කරල රාජපක්ෂ පාලනයට විරුද්ධ අය බොහොම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක්. මේකේ ප්‍රතිඵලයක් හැටියට විනිවිදභාවයකින් යුක්ත, සාධාරණ මැතිවරණ පවත්වන, නීතිය හැමෝටම සමානව අදාල වෙන රටක් හැදෙනවනම් ඒක ඇත්තටම හොඳයි. ඒ ඇරුනම ආර්ඨික ක්‍රමය වෙනස් වෙන ලෝකෙම ප්‍රතික්ෂේප වුන වාමාංශික ක්‍රමයකට අනුගත වෙන්න අරගලය යොදාගන්න පෙරටුගාමී හෝ ජවිපෙ උත්සාහයක් ගන්නවනම් ඒක නම් රටට සහ මිනිසුන්ට හොඳක් වෙන දෙයක් නෙවෙයි කියලයි මගේ මතය.  

ජූලි 9 අරගලයට සහභාගී වුන හැමෝටම ජවිපෙ ප්‍රමුඛ රජයක් අවශ්‍යයි කියල අනුමාන කරන්න පුළුවන්ද? මැයි 9 සිද්ධියෙන් පස්සේ ගෝටාගම ජවිපෙ සහ පෙරටුගාමී සාමාජිකයින් අත්පත් කරගත්ත කියන එක රහසක් නෙවෙයි. ඒකෙන් වුනේ සහභාගී වෙමින් සිටි ජවිපෙ හෝ වාමාංශික නොවන අය එයින් ඉවත්වීමයි. ඊට පසුව රටේ ගෑස්, කිරිපිටි, ඉන්ධන ආදී ප්‍රශ්ණ තවත් උග්‍රවුනත් ගෝටාගෝගම මැරීයමින් පැවතුනේ. ඒ අතර සති දෙකකට විතර පෙර අන්තරය පෙලපාලියක් පැවැත්වුවා. ඒකෙන් වෙච්ච දෙයකුත් නැහැ. ඊට පසුව තමයි අරගලය නියෝජිතයන් ශ්‍රිලනිප, සජබෙ, 43 සේනාංකය වගේ අය සමඟ සාකච්චා කරල ජූලි 9 සංවිධානය කලේ. විවිධ පක්ෂ නායකයින් සහ පුරවැසි සංවිධාන ජූලි 9 ට සහභාගී වෙන්න මහජනයා උනන්දු කලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශාල ජනතාවක් සහභාගී වීම තමයි එහි සාර්ථකත්වයට එකම හේතුව. එහෙම ප්‍රයත්නයකින් ප්‍රධාන අරමුණ මුදුන්පත් කරගෙන ඊට පස්සේ ඒක රට වාමාංශික පැත්තට ගෙනියන්න හෝ පෙරටුගාමී හෝ ජවිපෙ පෙනී සිටින අදහස් ක්‍රියාත්මක කරන්න යොදා ගන්නවානම් ඒක විශාල  රැවටීමක්.

Friday, May 13, 2022

මේ රනිල්ගේ අවසාන දේශපාලන පත්වීමද?

     මූට මේක කටපාඩම් ඇති 




 මාතලන්තුමාගේ බ්ලොග් එක  කවුද ටොයියෙක් හැක් කරලා කියලා ඔබ දැන් දන්නවා ඇති. හැකර් කෙනෙක් ගෝටාභයට බැනලා රනිල්ට ආවඩලා ඒකේ පෝස්ට් එකක් දාල.  කොහොමවුණත්  රනිල්  අගමැති වීම අද සාමාන්‍ය මිනිසුන් කිරිපිටි, ගෑස්, ඉන්ධන ආදිය නැතුව විඳින දුකෙන් එලියට එන්න අවස්ථාවක් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ වුණත් අගමැති තනතුර භාර ගැනීම රනිල් දේශපාලන වශයෙන් සියදිවිනසා ගැනීමක් කියලත් හිතනවා. 

අරගලය දිගටම ගිහින් හෝ 21 සංශෝධනය හරහා ගෝටාභය ජනාධිපති තනතුරෙන් ඉවත්වුණොත් හොඳයි. එහෙම නැතුව රනිල් හරහා ආර්ථික ප්‍රශ්ණ ටික මඟහැරිලා ගෝටාභය දිගටම හිටියොත් ගෝටාභය බේරූ ද්‍රෝහියා ලෙස රනිල් ගේ දේශපාලනය ඉවර වෙනවා. 21 සංශෝධනයට පෙර ගෝටාභය අයින් වුණොත් රනිල් ජනාධිපති වෙලා ඊට පස්සේ දේශපාලනය ඉවර වෙනවා. ඒත් ගෝටාභය එහෙම අස්වෙන එක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.  

ඊයේ ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ ඕමල්පෙ සෝභිත ස්වාමීන් වහන්සේ සහ කාදිනල් තුමා කිව්වෙ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම වුණේ නිර්පාක්ෂික අගමැති කෙනෙක් පත්කිරීම නිසා මේ පත්කිරීම වැරදියි කියලයි. ඒ එක්කම එයා කිව්වා සජිත් ඉදිරිපත් වෙලා ඉන්න නිසා එයාට දිය යුතුයි කියලා. මේක නිකන් හතර බීරී කථාවක් වගේ. සජිත්ට දීම මහානායක වරුන්ගේ ඉල්ලීමට එකඟ වෙන්නේ කොහොමද? ඔහු නිර්පාක්ෂිකද? අනික් එක තමයි සෝභිත හාමුදුරුවෝ අනුර එක්ක ඇවිත් මේ පත්වීම හෙලා දැක්කා. එතකොට අනුරත් අගමැති කම භාරගන්න එකඟ වුණා නේද?. එතකොට එයා නිර්පාක්ෂිකද?

Thursday, May 12, 2022

මොනවද මේ වෙන්නේ ?


රාජපක්ශවරුන් රට කලදේ පිලිඹිබු වන පෙර සහ පසු චායාරූප 


බොහෝ දේවල් සිදුවුණ සතියක් ගතවෙන වෙලාවෙ මගේ සත දෙක.


නයාට ගසා වරද්දා ගත් පොල්ල

ගොඩ දෙනෙක් කියල තිබුණ ගෝටාගෝගම කියන්නේ ටෙන්ට් ටිකක් නෙවෙයි ඒක රටේ බහුතරයකගේ පැතුම පිළිඹිබු කරන තැනක් කියන එක. මේක දශක ගණනාවක් දේශපාලනයේ සිටින බුද්ධි අංශ සපයන වාර්ථා දකින අය කීප දෙනෙක් වැරදියට අර්ථ කථනය කලේ කොහොමද කියන එක මටත් ප්‍රශ්ණයක්. ඉන්ධන, පොහොර, ගෑස්, කිරිපිටි, සිමෙන්ති, ආදී දේවල් වල හිඟයෙන් සහ මිල විශාල ලෙස ඉහල යාමෙන් බහුතරයක් ජනයා පෙර නොවූ ලෙස අපහසුතාවන්ට පත්වී තිබුණත් පාරක් වසා දැමීම වැනි ඔබ්බට යමක් කිරීමට සාමාන්‍ය ජනයාට හැකියාවක් (ගටක්) හෝ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කලේ හැකි නම් ගෝටාගෝ උද්ගෝශණ වලට ඉඳ හිට එකතු වීම හෝ ගෙවල් වල සිටම තමන්ට කීමට ඇති දේ කියන එම අරගල කරුවන්ට හිතින් සහය වීමයි. ඒ නිසාම ඔවුන් හදවතින් අරගල කරුවෝ වුණා. ඔවුන්ගේ අරගලයේ සංඛේතාත්මක දේවල් වූ ටෙන්ට් වලට සහ අරගල කරුවන්ට එල්ල කල ප්‍රහාරය පෞද්ගලිකව තමන්ට එල්ල කල ප්‍රහාරයක් ලෙස බොහෝ දෙනෙකුට සිතීමට එමනිසා ඔවුන් පෙලඹුනා. එම පහරදීම සිදුවෙනවිටදීම කොළඹ කාර්යාල වල සහ රෝහල් වල සේවය කරන අය වැඩ කරන තැන් වලින් එළියට බහින්නත් අවේගශීලීව ගෝටාගෝගමට පෙලපාලි වලින් යන්නත් පටන් ගැනීම මමත් දැක්කා. පිටපළාත් වල අයත් සේවය අතරමැද කොළඹට ඒමට නොහැකිවුණත් සේවා ස්ථාන වලින් එළියට එන්න පෙළඹුණා. පහරදීම ඇතිකල ආවේගයන් ලංකාවේ පළමුවරට පාලක පක්ෂයේ අයගේ දේපල විනාශ කිරීම දක්වා දුර ගියා. 1977 සහ ඊට පෙර මැතිවරණයකින් පසුව ජයගත් කණ්ඩායම පරාජිතයන්ගේ ගෙවල් ගිණිබත් කිරීම ලංකාවේ දේශපාලනයේ අංගයක් වී තිබුණත්, බලයේ සිටින පක්ෂයක ආධාරකරුවන්ගේ දේපල විනාශයක් සිදුවුණ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. කොහොම වුණත් මහින්දගේ තනතුර රැක ගැනීමේ හෝ රැක දීමේ අරමුණින් පටන් ගත් දේ පැය දෙක තුණක් තුල ඔහුට ඉල්ලා අස්වෙන්න සිදුකරමින් තමයි ඉදිරියට ගියේ. අන්තිමට කොරෝන වලට රට වැසීම ප්‍රමාද කිරීමේ තීරණය, පොහොර තීරණය, ඩොලරය 202 හිර කිරීමේ තීරණය, වැනි ආණ්ඩුවේ හිස මත කඩා වැටුණ විනාසකාරී තීරණ ගොන්නට ගෝටාගෝගම කඩා දැමීමේ තීරණයත් එකතුවුණා.          


ඊලඟ අගමැති සහ ආණ්ඩුව

ජාතික ජනබලවේගයේ යෝජනාව වුනේ අනුර අගමැති වෙනවා නම් ඔවුන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එනවා. එහෙම නැත්නම් ඔවුන් විපක්ෂයේ සිටිනවා යන්නයි. තමන් අගමැති වෙනව නම් අනික් පක්ෂවල සහය ඕන ඒ වුණාට වෙන අගමැති කෙනෙක් යටතේ තමන් සම්බන්ධ වෙන්නෙ නැහැ කියල තමයි එයා කියන්නේ.   සජබෙ සහ එජාපෙ කලින් කියා සිටියේ වත්මන් ජනපති ඉවත්වුණොත් ඔවුන් ආණ්ඩුවට සහභාගී වෙනවා කියලයි. දැන් ඒක වෙනස් වෙමින් දැන් රනිල් සහ සජිත් අගමැති කම ගන්න සූදානම් කියල ඇහුණා. කොහොම වුණත් මේ අන්තර් කාලීන ආණ්ඩුවෙන් වෙන්නේ පොහොට්ටුවට ඔක්සිජන් දීමක්ම පමණයි. 

කවුරු ගත්තත් ඒ ආණ්ඩුව 'ගෙදර ගියොත් අඹු නසී.....' පන්නයේ ආණ්ඩුවක් වෙනවා. යම්කිසි විදියකින් අළුත් අගමැති කොහෙන් හරි විදේශ මුදල් හොයාගෙන සහ බදු වැඩි කිරීම මඟින් යම් කිසි ස්ථාවරත්වයක් රටෙ ඇති කලොත් ඊට පසු අගමැති කම නැවත පවරාගෙන තවමත් මන්ත්‍රී කෙනෙක් වන මහින්දට ආයිමත් අගමැති කම දෙන්න පුළුවන්. අළුත් අගමැති සහ ආණ්ඩුව රට යථා තත්ත්වයට පත්කිරීමට අපොහොසත් වුණොත් ඒත් එම හේතුව දක්වලා ආණ්ඩුව පවරගන්න පුළුවන්. ඒ කියන්නේ මොන පැත්තට ගියත් එකම දේ වෙන්නේ. අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව අනාථ වෙනවා. එහෙත් වෙන කට්ටියක් ටික කාලයක් හරි ආණ්ඩුව කරනකොට වෙච්ච ඔක්කොම වැරදි ඒ අයට පටවල පොහොට්ටුවට ආයිමත් ගොඩ එන්න පුළුවන්. එහෙම නොවන්න පොහොට්ටුවෝ කවදාවත්ම වෙන අයට ආණ්ඩු කරන්න දෙන අය නෙවෙයි. 

Wednesday, April 27, 2022

තමන්ට අදාල නීති තමන්ම සදා ගැනීම


ඔබ යටත් විය යුතු නීති සම්පාදනය කිරීමේ වගකීම ඔබටම පවරා දුන්නොත් එසේ වෙනස් කරගන්නා නීති මොනවාද? මම වෙනස් කරගන්නේ බීමතින් රිය පැදවීමට ඇති තහනමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීමට ඇති තහනමත් යන දෙකයි. එම නීති වෙනස් කිරීම පාරේ යන අනික් අයට සහ ප්‍රසිද්ධ ස්ථානවල ඉන්නා අනික් අයට අසාධාරණයක් වෙන බව ඇත්තයි. එම නිසා ඒ නීති සම්පාදනය මට භාරදීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙහෙම දේවල් රටේ වෙනව කියල කිව්වොත් ඔබ විස්වාශ කරන එකක් නැහැ. නීතියට අදාල වන අයම තමන්ගේ නීති හදාගන්නා අවස්ථාවක් තමයි ව්‍යවස්ථාව වෙනස් කිරීම. 

1978 ව්‍යවස්ථා සංශෝධනයට යම් හේතු තිබුණා. එක හේතුවන් නම් 1970 මහ මැතිවරණයේ ප්‍රතිඵලය. රටේ චන්ද 1,892,525 ක් ලබාගත් එජාපයට ආසන 17 ක් ලැබෙනවිට ඊට වඩා අඩුවෙන් එනම් චන්ද 1,839,979 පමණක් ලබාගත් ශ්‍රිලනිපයට ආසන 91 ක් 1970 දී ලැබුණා. සමසමාජ පක්ෂය ආණ්ඩුවට එකතුවීම නිසා ඔවුන් ලබාගත් චන්ද 433,224 ට ලැබුණු ආසන 19 ත් එක්ක ගත්කල ආන්ඩුවට වැඩි ජනතා චන්ද තිබූ බව කියන්න පුළුවන්. එහෙත් චන්ද 433,224 කට ආසන 19 ක් සහ චන්ද 1,892,979 එනම් හතර ගුණයකත් වඩා චන්ද ගත් පක්ශයට ආසන 17 ක් පමණක් ලැබීම සාධාරණ ක්‍රමයක් කියල කියන්න බැහැ. 

අනික නම් අති විශාල සංවර්ධනයකට රට ගෙනයාමට ශක්තිමත් ආණ්ඩු ඇතිකිරීම තමයි ප්‍රධානතම හේතුව. ඒවගේම සමාජවාදී ක්‍රමය සහ ධනවාදී ක්‍රමය වැනි එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් අනුගමනය කල විශාල පක්ශ දෙක ඇතිවිට ආණ්ඩු මාරුවකදී ජනසතු කිරීමේ අවදානම නිසා විදේශ අයෝජන නොලැබිය හැකි වීම වලක්වා ගැනීම වැදගත්. ඒවගේම මන්ත්‍රීවරුන්ට පැතිමාරු කිරීමෙන් ආණ්ඩු වට්ටන්න පුළුවන් වීම එජාප රජයට තිබ්බ සංවර්ධන වැඩ පිලිවෙල සාර්ථක කරගන්න ප්‍රශ්ණයක් වීම වලක්වා ගන්න එලෙස පැති මාරු කල නොහැකි සහ සමානුපාතික නියෝජනය ඇති චන්ද ක්‍රමයක් සහ පාර්ලිමේන්තුව හරහා වැට්ටවිය නොහැකි ජනාධිපති ධුරයක් ඇතිකිරීම සහ බලය ජනාධිපති වෙත තබා ගැනීම අවශ්‍ය වුණා.

Monday, October 14, 2019

අවුරුදු 71 ක් රටකරපු අය එපා


අවුරුදු 71 ක් රටකරපු අය එපා


මෙය අද සමහර අයට දේශපාලන පාඨයකි. බොහෝ දෙනෙක් වඩා නොසිතා එය අනුමත කරති. රට හැදීමට අවශ්‍ය වන්නේ ක්‍රමයේ වෙනසක් මිස පුද්ගලයින්ගේ වෙනසක් යන්න වටහා ගැනීම ඔවුන්ට අපහසුය. රට අසාර්ථක වීමට බලපාන විශාලම සාධකය හැමදේම නිකන් ලබා ගැනීමට බලා සිටින ජනතාව බව තේරුම් ගැනීම එම ජනතාවටම අපහසු වීම පුදුමයක් නොවේ. අද වනවිට රටේ විශාලම වියදම් වන්නේ නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සහ රජයේ සේවය නඩත්තු කිරීම බව අය වැය ලේඛනයක් දිහා බලන අයකුට තේරුම් යනු ඇත. 

නිදහස් අධ්‍යාපනය රටේ ශාක්ෂරතාවය ඉහල දැමීමට පදනම් වූ බව ඇත්තකි. එහෙත් එසේ සියළු දෙනාටම නොමිලේ අධ්‍යාපනය ලබා දීම නිදහස් අධ්‍යාපනය යැයි වර නැගීම රට කරගත් මෝඩකමකි. අද රටේ ජනගහනයෙන් 75% කට නොමිලේ අධ්‍යාපනය ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව සුදුසු බව උපකල්පනය කළොත්, ඉතිරි 25% ටත් නොමිලේ අධ්‍යාපනය ලබා දීම සුදුසුද? ආදායම හෝ වත්කම් වලින් රටේ ඉහලම මට්ටමේ සිටින 25% න් එක් දරුවෙකුට වියදම් වෙන ප්‍රමාණය මෙන් තුන්ගුණයක පාසැල් ගාස්තු අයකර ගන්නේ නම් එම ආදායමෙන් මුළු අධ්‍යාපන වියදමම ලබා ගත හැකි නේද?

Friday, January 5, 2018

ප්‍රේමදාස ජනාධිපතිවරයා ගැන විහිළු කථා

ප්‍රේමදාස ජනාධිපතිවරයා

අද මෙන් ෆේස් බුක් නැතිවුණත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ඔහු ගැන විව්ධ විහිළු කථා (yarns)  බොහොමයක් සංසරණය වුණා. මට මතක කිහිපහයක් බෙදාගන්න අවසර. එම කථාවල් හදපු අය නොදන්න නිසා ඒ විස්තර දාන්න විදිහක් නම් නැහැ. 


Image Building

අන්දරේ කියන රජකාලෙ හිටපු රජගෙදර කවටයා දන්නවනේ. ඒවගේ රජගෙදර කවටයෝ එක එක කාලෙ ඉඳල තියෙනවා. ගිය රජය කාලෙ මර්වින් එහෙම සමහර විට මේ රාජකාරි ඉටුකලා. ප්‍රේමදාස ජනාධිපති වරයගෙ කාලෙ රජගෙදර කවටයා වුණේ ඒ.ජේ රණසිංහ කියල ඇමති කෙනෙක්. එයාට 'සෙරෙප්පු සුපා' කියල අවර්ථ නාමයකුත් පට බැඳල තිබුණ. ප්‍රේමදාස ජනාධිපති වුණ ගමන්ම එයාව හම්බුවුණ විදේශිකයෙක් කියල තියෙනවා ජවිපෙ ත්‍රස්තවාදීන් මර්ධනය නිසා  ඒකාලෙ රටේ කීර්ති නාමය එච්චර හොඳ තත්ත්වෙක නොතිබුණ නිසා රටේ ඉමේජ් බිල්ඩිං ගැන අවධානය යොමු කරන්න කියල. ප්‍රේමදාස මහත්තය ලඟින්ම හිටපු කෙනෙක් නිසා ඒ.ජේ රණසිංහට තමයි මේ කාර්‍යය පැවරිලා තියෙන්නෙ. භාර දෙන වැඩ වෙනවද කියල හොයල බලන එක ප්‍රේමදාස මහත්තයාගෙ පුරුද්දක්. ඒ නිසා සති කීපෙකට පස්සෙ ඒ.ජේ රණසිංහ ගෙන් ඇහුවලු අරක ගැන බැළුවද කියල. එතකොට ඒ.ජේ රණසිංහ කිව්වලු " අනේ සර් මම කොළඹ තියෙන හැම පාරෙම ගියා”. “අනෙක රටේ තියෙන හැම ප්‍රධාන මාර්ගෙකම මගේ මිනිස්සු ඇරිය”. “ඒ වුණාට ඔය ඉමේජ් බිල්ඩිම තාම හොයා ගන්න බැරිවුණානෙ" කියල.


Thursday, July 27, 2017

මැදමූලන අතකොළු



තෙල් වර්ජනයේ ප්‍රධාන මෙහෙයවන්නා ලෙස පෙනී සිටිමින් හමුදා නිලධාරීන් ගේ ජීවිත බේරුණේ ඔවුන් යැවූ තෙල් නිසා යැයි කිවූ පුද්ගලයා කාගේ වහලෙක්ද යන්න මුහුණු පොතේ පළවූ ඉහත පින්තූරයෙන් හෙලිවී ඇත. 

රාජපක්ෂව ගොඩගනිමු



(ලංකා ඊ නිව්ස් -2017.ජුලි.25,  ප.ව‍‍‍‍.11.30) ඕනෑම නිෂ්පාදනයක යම් පමණක අපතයක් පිහිටීම ස්වභාවිකය. මනුෂ්‍ය උත්පත්තියේදීත් එය එසේමය. දේශපාලනයේ දී එය ඉහ වහා ගොස්ය. හේතුව යමක් කමක් කරගැනීමට දැනුමක් නැති අපත රාජයන් බහුතරයකගේ දිවිපැවැත්ම දේශපාලනය වීම නිසාය. 
අපතයන් යනු නූගතුන්මය යන්න නිවැරදි නොවේ. මන්ද පොත පත කට පාඩම් කර ඒවා විභාගයක දී ලියා සහතික ලබා ගත් අපතයන්ද සිටින බැවිනි. එයත් කළ නොහැකි අමනයන් අනෙකෙකු ලවා විභාග ලියවා තමුන්ට සහතික හිමිකර ගනිති. උදාහරණ නම් මහින්ද නාමල් ඩබලගේ නීති උපාධියන් ය.  
න්‍යාය ටොන් ගණන් වුවද ප්‍රායෝගික බව මංචාඩියක් වත් නැති  කට පාඩම් අපතයන්ට ජී. එල්. පීරිස්, දයාන් ජයතිලක, ප්‍රතිබා මහානාම හොඳම උදාහරණයන් ය. වරින්වර බිහිවන පාලක පාලිකාවන්ට අවනතව ලෞකික සුවය පැතූ මොහාන් සමරනායක, ආරියරත්න ඇතුගල ගේ නම් ද සඳහන් නොකළොත් අසාධාරණයකි. එමෙන්ම මළ භාෂාවන් වන පාලි, සංස්කෘත ආදිය පිළිබඳ උපාධි ලබා වත්මන් නවීන ලෝකයම පාලනය කළ හැකියයි උදම්වන චීවරධාරී අපතයන් ද ඇත. මැදගොඩ අභයතිස්ස ඊට හොඳ උදාහරණයකි. 

Wednesday, July 26, 2017

තෙල් වර්ජනයෙන් අඩපණ වූ රාජ්‍ය බලය ඩැහැගැණීමේ මෙහෙයුම

ගුවන් තොටුපොලට ඉන්ධන රැගෙන පිටත්වූ දුම් රිය මහජන අත්පොල්සන් මැදින් පිටත් වන ඡායාරූපයක් 


දොස්තරවරු, වරාය සේවකයන්, තෙල් සේවකයින්, තැපැල් සේවකයින්, විදුලි සේවකයින් යොදාගෙන මහජන ජීවිතය අපහසුවට පත්කරන වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරමින් රජය අපහසුවට පත්කර බලය ඩැහැගැනීමට සමහරුන් ගෙනගිය වැඩ පිළිවෙලේ  ප්‍රධානතම  පියවරක් අද අසාර්ථක විය. මෙම වැඩ පිළිවෙලේ ප්‍රධානම අංගයක් වූයේ තෙල් වැඩ වර්ජනයයි. තෙල් බෙදා හැරීම අඩපණ වීමෙන් විදුලිය නිපදවීම, බස් සහ දුම්රිය  ධාවනය, ගුවන් යානා වලට ඉන්ධන සැපයීම ආදී ක්ශෙත්‍ර කිහිපයකටම බලපෑම් ඇතිකිරීමට මෙම පිරිස බලාපොරොත්තු වූහ. දොස්තර වර්ජනයේදී ඔවුන්ගේ සටන් කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ඉදිරිපත් නොවීම නිසා ඉතිරි වර්ජන වලටත් එය එසේම වෙනු ඇතැයි මොවුන් සිතූහ. ඔවුන්ගේ ඒ සැලැස්ම බල රහිත කරවමින් ඉන්ධන අංශය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමටත් ත්‍රිවිධ හමුදා ලවා තෙල් බෙදා හැරීමේ මර්මස්ථාන වල පාලනය කඩාකප්පල් කරුවන්ගෙන් බේරාගැනීමටත් ක්‍රියාත්මක වූ මෙහෙයුමෙන් කුමන්ත්‍රණ කරුවන් අනාථ විය.

Sunday, December 18, 2016

හම්බන්තොට වරාය විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක්

ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම් පර්යන්තයකින් කන්ටේනර් දහයක් පහලොවක් බෑවත් එම කන්ටේනර් පර්යන්තය රටේ සම්පතකි. වඩාත්ම ප්‍රයෝජනයට ගන්නා නැව්මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරායට නැව් ගෙන්නා ගැනීමට රජය අපොහොසත් වී ඇත්තේ ඔවුන්ගේ අකාර්‍යක්ෂමතාව නිසාය. හම්බන්තොට වරායක් ඇතිබව නොදන්නා නැව් සමාගම් සහ කැප්ටන් වරුන්ට පෙනෙන ලෙස අඩුම ගණනේ හම්බන්තොට  මුහුදේ බෝඩ් ලෑල්ලක් වත් ගැසීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නැත.