Thursday, May 12, 2022

මොනවද මේ වෙන්නේ ?


රාජපක්ශවරුන් රට කලදේ පිලිඹිබු වන පෙර සහ පසු චායාරූප 


බොහෝ දේවල් සිදුවුණ සතියක් ගතවෙන වෙලාවෙ මගේ සත දෙක.


නයාට ගසා වරද්දා ගත් පොල්ල

ගොඩ දෙනෙක් කියල තිබුණ ගෝටාගෝගම කියන්නේ ටෙන්ට් ටිකක් නෙවෙයි ඒක රටේ බහුතරයකගේ පැතුම පිළිඹිබු කරන තැනක් කියන එක. මේක දශක ගණනාවක් දේශපාලනයේ සිටින බුද්ධි අංශ සපයන වාර්ථා දකින අය කීප දෙනෙක් වැරදියට අර්ථ කථනය කලේ කොහොමද කියන එක මටත් ප්‍රශ්ණයක්. ඉන්ධන, පොහොර, ගෑස්, කිරිපිටි, සිමෙන්ති, ආදී දේවල් වල හිඟයෙන් සහ මිල විශාල ලෙස ඉහල යාමෙන් බහුතරයක් ජනයා පෙර නොවූ ලෙස අපහසුතාවන්ට පත්වී තිබුණත් පාරක් වසා දැමීම වැනි ඔබ්බට යමක් කිරීමට සාමාන්‍ය ජනයාට හැකියාවක් (ගටක්) හෝ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කලේ හැකි නම් ගෝටාගෝ උද්ගෝශණ වලට ඉඳ හිට එකතු වීම හෝ ගෙවල් වල සිටම තමන්ට කීමට ඇති දේ කියන එම අරගල කරුවන්ට හිතින් සහය වීමයි. ඒ නිසාම ඔවුන් හදවතින් අරගල කරුවෝ වුණා. ඔවුන්ගේ අරගලයේ සංඛේතාත්මක දේවල් වූ ටෙන්ට් වලට සහ අරගල කරුවන්ට එල්ල කල ප්‍රහාරය පෞද්ගලිකව තමන්ට එල්ල කල ප්‍රහාරයක් ලෙස බොහෝ දෙනෙකුට සිතීමට එමනිසා ඔවුන් පෙලඹුනා. එම පහරදීම සිදුවෙනවිටදීම කොළඹ කාර්යාල වල සහ රෝහල් වල සේවය කරන අය වැඩ කරන තැන් වලින් එළියට බහින්නත් අවේගශීලීව ගෝටාගෝගමට පෙලපාලි වලින් යන්නත් පටන් ගැනීම මමත් දැක්කා. පිටපළාත් වල අයත් සේවය අතරමැද කොළඹට ඒමට නොහැකිවුණත් සේවා ස්ථාන වලින් එළියට එන්න පෙළඹුණා. පහරදීම ඇතිකල ආවේගයන් ලංකාවේ පළමුවරට පාලක පක්ෂයේ අයගේ දේපල විනාශ කිරීම දක්වා දුර ගියා. 1977 සහ ඊට පෙර මැතිවරණයකින් පසුව ජයගත් කණ්ඩායම පරාජිතයන්ගේ ගෙවල් ගිණිබත් කිරීම ලංකාවේ දේශපාලනයේ අංගයක් වී තිබුණත්, බලයේ සිටින පක්ෂයක ආධාරකරුවන්ගේ දේපල විනාශයක් සිදුවුණ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. කොහොම වුණත් මහින්දගේ තනතුර රැක ගැනීමේ හෝ රැක දීමේ අරමුණින් පටන් ගත් දේ පැය දෙක තුණක් තුල ඔහුට ඉල්ලා අස්වෙන්න සිදුකරමින් තමයි ඉදිරියට ගියේ. අන්තිමට කොරෝන වලට රට වැසීම ප්‍රමාද කිරීමේ තීරණය, පොහොර තීරණය, ඩොලරය 202 හිර කිරීමේ තීරණය, වැනි ආණ්ඩුවේ හිස මත කඩා වැටුණ විනාසකාරී තීරණ ගොන්නට ගෝටාගෝගම කඩා දැමීමේ තීරණයත් එකතුවුණා.          


ඊලඟ අගමැති සහ ආණ්ඩුව

ජාතික ජනබලවේගයේ යෝජනාව වුනේ අනුර අගමැති වෙනවා නම් ඔවුන් සර්ව පාක්ෂික ආණ්ඩුවට එනවා. එහෙම නැත්නම් ඔවුන් විපක්ෂයේ සිටිනවා යන්නයි. තමන් අගමැති වෙනව නම් අනික් පක්ෂවල සහය ඕන ඒ වුණාට වෙන අගමැති කෙනෙක් යටතේ තමන් සම්බන්ධ වෙන්නෙ නැහැ කියල තමයි එයා කියන්නේ.   සජබෙ සහ එජාපෙ කලින් කියා සිටියේ වත්මන් ජනපති ඉවත්වුණොත් ඔවුන් ආණ්ඩුවට සහභාගී වෙනවා කියලයි. දැන් ඒක වෙනස් වෙමින් දැන් රනිල් සහ සජිත් අගමැති කම ගන්න සූදානම් කියල ඇහුණා. කොහොම වුණත් මේ අන්තර් කාලීන ආණ්ඩුවෙන් වෙන්නේ පොහොට්ටුවට ඔක්සිජන් දීමක්ම පමණයි. 

කවුරු ගත්තත් ඒ ආණ්ඩුව 'ගෙදර ගියොත් අඹු නසී.....' පන්නයේ ආණ්ඩුවක් වෙනවා. යම්කිසි විදියකින් අළුත් අගමැති කොහෙන් හරි විදේශ මුදල් හොයාගෙන සහ බදු වැඩි කිරීම මඟින් යම් කිසි ස්ථාවරත්වයක් රටෙ ඇති කලොත් ඊට පසු අගමැති කම නැවත පවරාගෙන තවමත් මන්ත්‍රී කෙනෙක් වන මහින්දට ආයිමත් අගමැති කම දෙන්න පුළුවන්. අළුත් අගමැති සහ ආණ්ඩුව රට යථා තත්ත්වයට පත්කිරීමට අපොහොසත් වුණොත් ඒත් එම හේතුව දක්වලා ආණ්ඩුව පවරගන්න පුළුවන්. ඒ කියන්නේ මොන පැත්තට ගියත් එකම දේ වෙන්නේ. අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව අනාථ වෙනවා. එහෙත් වෙන කට්ටියක් ටික කාලයක් හරි ආණ්ඩුව කරනකොට වෙච්ච ඔක්කොම වැරදි ඒ අයට පටවල පොහොට්ටුවට ආයිමත් ගොඩ එන්න පුළුවන්. එහෙම නොවන්න පොහොට්ටුවෝ කවදාවත්ම වෙන අයට ආණ්ඩු කරන්න දෙන අය නෙවෙයි. 

මාස 4 න් ගෝටාභය යයිද

මේ මාස හතර කථාව ආවේ කොහෙන්ද? මාස හතරෙන් යන්න කැමති මිනිහා අද යන්නේ නැත්තෙ ඇයි. මේක තේරුම් ගන්න ඥාණක්කා ගෙන් අහන්න වෙනවා. මට නම් තේරෙන්නේ ඒකට හේතුව සෙනසුරු ග්‍රහයා කියලයි. පහුගිය අප්‍රේල් 29 දා, සෙනසුරු මකර රාහියේ ඉඳල කුම්භ රාශියට ගියානේ. ඒක ගෝටාභයට ඉතා අපලයිලු. ඒ වුනාට ජූලි මාසේ සෙනසුරු වක්‍ර වෙලා ආයිමත් මකර රාශියට යනවා. ඒ කියන්නේ ජූලි ඉඳන් 2023 ජනවාරි වෙනකන් අර අපලෙ තාවකාලිකව යටයනවා. ඒ නිසා ඥානක්කා කියල තියෙන්නේ කොහොම හරි ජූලි මැද පහුවෙනකන් අල්ලගෙන ඉන්න කියලා.  

නීතීඥ මහින්ද 

මහින්ද රාජපක්ෂ නීතිඥ කෙනෙක් කියලනෙ අපි අහල තියෙන්නේ. සමහර අය කියනව විභාගෙට ලිව්වෙ මියගිය ජෙයරාජ් ෆනැන්ඩුපුල්ලෙ කියල. ඒක එහෙමත් වෙන්න ඇති කියක මටත් හිතුනෙ. එයයි එක වසරක 99% ලකුණු අරන් සමත් වුන ලොකු පුතයි මැයි 9 වෙනිද සිද්ධිය වෙන්න කලින් ඒ කරන් දෙයින් තමන් අමාරුවේ වැටෙන බව තේරුම් ගන්නට අපොහොසත් වීම. පොඩ්ඩක් දුමින්ද සිල්වා නඩුව ගැන හිතල බලන්න. කලින්ම වෙඩි වැදුනෙ දුමින්දට. එය වැටිල ඉන්නකොට ඔහුගෙ ආරක්ෂකයෙක් හෝ ඔහු සමඟ සිටි කෙනෙක් තමයි භාරතට වෙඩි තිබ්බේ. මගේ උපකල්පනය එදා දුමින්ද කාටවත් වෙඩි තිබ්බේ නැහැ කියලයි. එහෙම තියෙද්දි අභියාචනාධිකරණය ඇතුළු උසාවි දෙකකින් ඔහු මිනීමැරුම් චෝදනාවකට වැරදි කරු කලේ ඇයි. ඒකට හේතුව තමයි වෙඩි තැබීම තවත් සිද්ධි දාමයක් අවසන් ජවනිකාව වුනත් එහි මුල දුමින්ද සිල්වා කොලොන්නාවේ ඔහුගේ කාර්යාලයකදී ඔහුගේ අනුගාමිකයන්ට බොන්න දෙමින් විරුද්ධවාදීන්ට හිරි හැරකරමින් කල පටන් ගැනීම. මේවට කියන නීති වචන මම දන්නේ නැහැ ඒක දන්නේ ප්‍රා ජේ තුමා. දුමින්ද සිද්ධිය වගේම මැයි 9 සිද්ධි පටන් ගත්තේ මහින්ද/ජොන්ස්ටන් ආදීන් අනුගාමිකයන්ව ගෙන්වා බොන්න දී ඔවුන්ට මයිනාගෝ ගම සහ ගෝටාගෝගමට පහරදීමට උසිගැන්වීම. එම නිසා එම සිද්ධියටත් ඒ නිසා ඇතිවුණ මිණීමැරුම් සහ ගිනි තැබීම් වැනි පසු සිද්ධි වලටත් නීතීඥ මහින්ද වැරදි කාරයෙක් වෙනවා. තවම නීති ක්‍රියාමාර්ගයක් ගෙන නැති වුණත් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂා කරන්නේ එවන් වරදකට විත්තිකරුවෙකු වීමට ඉඩ ඇති කෙනෙක්ව.


පහරදීමට සිරකරුවන් යොදා ගැනීම

සිරකරුවන් පහරදීමට යොදා ගැනීම ගැන නොයෙක් කථා ඇහුණා. ඒකට සම්බන්ධ වුණත් නොවුණත් මම මෙහෙම කරුණු දෙකක් කියන්නම්. 2020 ජනපතිවරණයෙන් පසුව අවන්ට්ගාඩ් හිමිකරු වන සේනාධිපති රූ-පවාහිනී සකච්චාවකදී ඔහු සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත් කරලා තියෙන බව කියා සිටියා. ඒ අනුව එළිමහන් සිරකඳවුරු වල සිටින රැඳිවියන් අවන්ට්ගාඩ් හෝ යම් සමාගමකට අනුයුක්තකර ඔවුන්ට යම්කිසි වෘත්තීය පුහුණුවක් ලබා දීමක් ගැන තමයි මගේ මතකයේ හැටියට ඔහු කිව්වේ. චීනයේත් මේ විදිහට සිරකරුවන් යම් කර්මාන්තවලට යොදාගනිමින් ලාබ හෝ නොමිලේ ශ්‍රමය ලබා ගැනීමේ සිද්ධි ගැන මම අසා තිබෙනවා. එය කෙතරම් සාධාරණ දෙයක්ද යන්න ගැන කියන්න මම දන්නේ නැහැ. ඇත්තටම එවන් පුහුණුවක් ලබා දීම හොඳ වුණත් එයින් ව්‍යාපාරිකයෙක් අයුතු ලාභයක් ලබා ගැනීම ප්‍රශ්ණකාරී දෙයක්. එලෙස සිරකරුවන් අවන්ට්ගාඩ් හෝ යම් සමාගමකට අනුයුක්ත කලාදැයි මම දන්නේ නැහැ.

දෙවෙනි කරුණ නම් මිරිහානේ ඇතිවුන සිද්ධියේදී එම පිරිස අතරට අවන්ට්ගාඩ් සමාගම මඟින් 200 දෙනෙක් ඇතුලත් කර ඇතිබව සේනාධිපති කිව්වා කියල සමහර නිව්ස් අඩවි වල මම දැක්කා. සිරකරුවන් මැයි 9 පහරදීමට යොදා ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් කරනවාලු. ඒ ගොල්ලෝ ඉහත කරුණු දෙකෙන් ගම්‍ය විය හැකිදේ මේ සිද්ධියටත් අදාලද නැත්ද යන්න ගැන හොයලා බලයි.      


ව්‍යවස්ථා සංශෝධනය

ආයිමත් ව්‍යවස්ථාව සංශෝධනය කරල පාර්ලිමේන්තුවට බලය දෙනවලු. මගේ කලින් පෝස්ට් එකේ  කිව්වා වගේ ඒ ගොල්ලගෙ බේරිල්ලට හොඳ විදිහට තමයි මොන සංශෝධනයත් වෙන්නේ. අද ඇතිවෙල තිබෙන තත්ත්වය ප්‍රයෝජනයට ගෙන නීතීඥ සංගමයට ඒ සංශෝධනය කෙටුම්පත් කිරීම භාර දෙන්න කියල මතයක් අරගලය හරහා හෝ පක්ෂ හරහා මතු වෙනනම් තමයි හොඳ. 


රට ගොඩ යයිද?

මගෙ මේ පොස්ට් එකෙන් කිව්වේ කවුරු ආවත් රට ගොඩ ගැනීම ආමාරුයි කියලයි. රටේ ණය ප්‍රතිව්‍යුගත කිරීම මඟින් විශාල ණය ප්‍රමාණයක් කපා හැරීමට ණය දෙන්නන් කැමතිවුණොත් ටිකෙන් ටික හෝ ආපස්සට හැරවීමක් කල හැකියි කියා මා හිතනවා. එහෙත් ඉතිරි ණය ප්‍රමාණය වත් ගෙවා දැමීමට හැකිවන සේ ඩොලර් අතිරික්තයක් රටේ ඇති වෙයි කියා හිතන්න අමාරුයි. එහෙත් විශාලම ණය ප්‍රමාණයක හිමි කරුවන් වෙන චීනය ණය කපා හැරීමකට කැමති වෙන එකක් නැහැ යන්න මගේ උපකල්පනයයි.. ඒකට හේතුව අදූරදර්ශී සහ වංචාකාරී නායකයින් සිටින රටවල ආදායම් නූපදන ව්‍යාපෘති වලට එම රටට දරාගත නොහැකි ප්‍රමාණයක් ණය දී එම රටවල් දේශපාලනිකව ඔවුන් යටතට ගැනීම ඔවුන්ගේ ක්‍රමය වන නිසා. එක් ණය හිමි කරුවෙක් කපා දැමීමකට එකඟ නොවන විට අනික් ණය හිමිකරුවන් එකඟ වන්නේත් නැහැ කියල තමයි මම හිතන්නේ.

අනික තමයි ඩොලර් අනුපාතය. එක පැත්තකින් රුපියල බාල්දු වීම ආනයන සඳහා වන ඉල්ලුම තරමක් අඩුකිරීමට බලපාන්න පුළුවන්. ඩොලර් අනුපාතය අඩු වෙන්න නම් විශාල රුපියල් ප්‍රමාණයක් සංසරණයෙන්  ලබා ගෙන අවලංගු කිරීමට මහ බැන්කුවට සිදුවෙනවා. එහෙම දෙයක් කරන්න රුපියල් අතිරික්තයක් ඇතිවෙන්න ඕන. එහෙම වෙන්න විශාල වශයෙන් රජයේ වියදම් කපාහැරීමක් සමඟ විශාල බදු ඉහල දැමීමක් කලයුතුයි. ඒවා දේශපාලන වශයෙන් ගැනීමට ඉතා අපහසු තීරණ. 

කොහොම වුණත් ජාතික ආර්ථිකය ගැන බ්ලොග් අවකාශයේ අදහස් දැක්වීමට ප්‍රවීනයා වන්නේ ඉකොනොමැට්ටා මහතා බැවින් මින් ඉදිරියට ආර්ථිකය ගෙනයාමට ඇති මුල්‍ය උපායමාර්ග ගැන බොහෝවිට ඔහු ලියන්න ඉඩ තියෙනවා.   

මොන පැත්තෙන් බැලුවත් නුදුරු අනාගතය රටට එතරම් සුභ දායක් නැති බවනම් පැහැදිලියි.  

කොහොම වුණත් මේක අමුතු කාලයක්. රටට හොඳක් වෙන්න ප්‍රාර්ථනා කරන එක විතරයි අපිට කරන්න පුළුවන්.   
    

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

18 comments:

  1. "ලින්ක්" දාන්න අරහෙම HTML කෝඩ් ලියන්න ඕනෙ කමෙන්ට් වල විතරයි. බ්ලොග් පෝස්ට් එකේදි කරන විදිහ, ඊට වඩා ලේසියි:
    https://www.youtube.com/watch?v=S3jirFOjdRM

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි බසු සර්. ඒක ඉගෙනගත්තා.

      Delete
  2. සෑහෙන හොඳ විග්‍රහයක්. ගෝටා ගැන ඔබේ කියවීම නිවැරදි විය හැකියි.
    https://www.youtube.com/watch?v=SwvbI-BYazM
    සාමකාමී නිරායුධ උද්ගෝෂණයට, මැර ප්‍රහාර දෙනකං , බුද්ධි අංශය බුදියගෙනද හිටියෙ? අරටුවටම කුණු වූ, මේ මජර දූෂිත ක්‍රමය තුල, ඒකාධිපතියෙක් යටතේ, ඔහු පත් කරන අගමැති/ ආණ්ඩුවකින් වෙනසක් බලාපොරොත්තුවිට හැකිද?

    ReplyDelete
    Replies
    1. Watched it and I made this comment on that video. මතුපිටින් ඔබ කියන එක හරි. ඒවුනාට ගෝටාභය කරන්නේ කට්ටකමක්. මේ අවස්ථාවේදී ඩොලර් රටට හොයාගැනීම (ණය වශයෙන්) රනිල්ට කරන්න පුළුවන්. එහෙම කරලා රට ටික ගොඩ යනකොට ආපසු ආණ්ඩුව පවර ගැනීම තමයි ඔවුන්ගේ උපාය. ඒ නිසා පොහොට්ටුවෝ තමයි රනිල් අගමැති කරන්න කියන්නේ. රනිල් ඒකට අහුවෙනවා. රට ගැන හිතා ඔහු භාරගන්නව වෙන්න පුළුවන්. රනිල් වගේ කෙනෙක් නැතිව උදහරණයකට ඩලස්/අනුර වගේ කෙනෙක් අගමැති කෙනෙක් ආවොත් අද තත්ත්වයෙන් වෙනසක් වෙන්නේ නැහැ. අද තියෙන ඩොලර් අහේනියෙන් මහජනතාව තවත් පීඩා විඳින එක තාවකාලිකව හෝ නවත්වන්න පුළුවන් ඔහුට විතරයි. අනික අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව අනාථයි. ඒ නිසා රනිල් ඉස්සරහට දාලා ඊට පස්සේ බදු වැඩි වෙනවිට ඒ වැරැද්ද රනිල් පිට දාලා පොහොට්ටුවට ආයිමත් ගොඩ දාන්න තමයි මේ යන්නේ.

      Delete
  3. දේශබන්දුට පහරදීපු 25ක් හොයා ගන්න තරම්, කාර්‍යක්ෂම පොලිසිය තමයි මේ, මැරයොත් එක්ක ජෝඩු දාගෙන ඉන්නෙ.
    https://www.youtube.com/watch?v=cJU2_1Nj9lw
    මෙවැනි දේශපාලකයන් විස්වාස කල හැකිද? ශ්‍රී මහා බෝධිය වැඳ පලමු, දෙවන, තෙවනුවත් මව්බිම කියා, නිරායුධ විරෝධතාවකට හොඳි නැතුව බෙදුවා. පොලීසියෙ අත් බැඳලා, ඒ ගැහුවෙ ප්‍රජාතන්ත්‍රවාදෙට.

    "නායකයො/වීරයො හදන එක භයානකයි" කියල ඉකනොමැට්ටා කිව්වා. ඇත්ත, තොරණ් බැඳලා, මහරජානෙනි කිව්වාම, මුං කුඩ්ඩො වගේ බලයට ඇබ්බැහි වෙනවා. රනිල්ට වෙනසක් කරන්න හැකිද, තාම රිමෝට් එක ගෝටගෙ අතේ.

    ReplyDelete
    Replies
    1. 20 සංශෝධනය නිසා තාම පොලිසිය, උසාවි ආදිය ගෝටගෙ අතේ. ඒක අයින් කලොත් විතරයි ආයිමත් ස්වාධීන කොමිසන් වලට යන්නේ. 20 අහෝසි කිරීම පාර්ලිමේන්තුවෙන් සුළු කාලයකදී කරන්න පුලුවන්. ඒකයි ඒක නොකර 21 සංශෝධනයක් ගැන මහින්ද සහ පොහොට්ටුව කථා කලේ. නව සංශෝධනයක් නැවතත් උපරිමාධිකරණය හරහා යායුතුයි. ඒකට කල් ගතවෙනවා. 20 අනුව පාර්ලිමේන්තුවට බලය අඩුයි. ඒත් ගන්න කෙනාට ආර්ථිකය පැත්තෙන් කරන දේවලට ගෝටා ඉඩ දෙයි කියලා හිතනවා.

      Delete
  4. කවුරුහරි ඉරාජ්ගේ ගෙට පහරදීම හොඳයි කියනවා නම්.
    කළු ජූලියත් ඒ වගේම හොඳ දෙයක් කියලා පිලිගත යුතුයි.

    කළු ජූලිය කියන සුළු සිද්ධිය වෙන්න දශකයකට වඩා වැඩි කාලයකට පෙර සිට උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතිවාදී ක්‍රියා වුනා. කොළඹ ඉන්න දෙමළුත් ඒකට කඩේගියා. කඩේ නොගිය අය වුනත් විරුද්ධව වචනයක් කිව්වේ නෑ.
    ඒ නිසා උන් මැරිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බාත්රූම් දෙකතුනක් කඩල අනික් ගෙවල් වලට වුනා වගේ ගිණි නොතිය තියෙන එක අනුව ගොඩ දෙනෙක් කියන්නේ ඒක ඉරාජ්ම කරගත්තා කියලා. ඒවුණාට කාගේවත් නිවාස හෝ වාහන විනාස කරන එක කොහොමත්ම හොඳ දෙයක් නෙවෙයි. මිනිස්සු රටේ ප්‍රශ්ණ වලින් මිරිකිල ඉන්නකොට ඔවුන්ට ඒ පීඩනය පිටකරන්න අවස්ථාව හදල දුන්නේ ගෝටාගෝගමට පහර දීමට තීරණය කල උදවියයි.

      Delete
    2. හමුදා සෙබළුන් සිටියදීම ඉරාජ්ගේ නිවසට පහර දෙන වීඩියෝ එකක් ඊයේ You Tube ඒකෙ තිබුණා.

      Delete
    3. මෙන්න වීඩියෝ එක: https://www.youtube.com/watch?v=o1ygE3nvDsU

      Delete
  5. මම මුල ඉඳන්ම කීවේ ගහන්න එපා ගෙවල් වලට, ප්‍රචණ්ඩත්වය එපා මොකද හමුදාව දාන්න පුළුවන් කියල. නමුත් දැන ගන්න තිබෙන විධිහට් හමුදාවත් බෙදිලා ඉන්නේ. නෙවි එකේ ලමයිමයි මහින්ද ඇවිත් කියල එලියට දුන්නේ. එනිසා ගෝටාට සම්පුර්නයෙන්ම හමුදාව දැමීමත් කළ නොහැකි දෙයක් අපි කමති වුනත් නැතත මහින්දලා ඉල්ලන් කෑව. බුද්ධි අංශ මහින්දට ඇත්ත කියන්න බය වෙලා ඉන්න ඇති. බලයේ එක අවධියක් එනවා තමන් කරන ඕන දෙයක් හරිය කියල හිතන. මහින්දට ඕක 2014ත් වුනා. රනිල් ට මාස දෙක තුනක් ගෙනයන්න ඉඩදී අරගලය නව ජවයකින් පටන් ගන්නය් ඕනේ. මොකද රනිල් 19 සංශෝධනය ආපහු ගෙනත් ජනාධිපති බලතල කැපුවොත් ඒක හොඳ දෙයක්. ඊට පස්සේ මැතිවරණයකට.

    ReplyDelete
    Replies
    1. අජිත් කියපු නිසා වෙන්න ඕන ලන්ඩන් වල එක ගෙයක් වත් ගිණි තිබ්බෙ නැත්තෙ. හෙහ් හෙහ්. 19 ආපසු ගේන්න ගෝටාභය එකඟ වෙලා තියෙනවා. එයාගෙ කීම නැතුව පොහොට්ටුවෝ අත උස්සන එක නැහැ. 2/3 ක් ඕනේ ඒක කරන්න. එක නොකලොත් උසාවියයි පොලිසියයි ගෝටා යටතේ තියාගෙන එච්චර දුරක් යන්න වෙන්නේ නැහැ. ස්වාධීන කොමිසම් ටික ආවොත් පොඩි දුරක් වත් ආපහු හරි පැත්තට යනවා.

      Delete
  6. හිතන්නට කරුණු එමටයි, වටේ ඇතී
    බැලිය යුතුය හැම තිස්සෙම හතර පැතී
    හිතන තරං සුදනන් හරි දුදනො නැතී
    වැඩිකල් නොයා කෙළි සේරම එළියෙ ඇතී!

    ReplyDelete
    Replies
    1. කොහොමහරි මිනිස්සු වැටිල ඉන්න වලෙන් ටිකක් හරි ගොඩදාන්න පුළුවන් වුනොත් හොඳයි. ස්තූතියි නිමල්

      Delete
  7. The economy is the start and end of everything. You can't have successful education reform or any other reform if you don't have a strong economy.
    - David Cameron

    ReplyDelete
  8. දැං ඉතිං වෙන දේ බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තත්ත්වයක් තමයි, ස්තූතියි ප්‍රසන්න

      Delete