ඔබ යටත් විය යුතු නීති සම්පාදනය කිරීමේ වගකීම ඔබටම පවරා දුන්නොත් එසේ වෙනස් කරගන්නා නීති මොනවාද? මම වෙනස් කරගන්නේ බීමතින් රිය පැදවීමට ඇති තහනමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීමට ඇති තහනමත් යන දෙකයි. එම නීති වෙනස් කිරීම පාරේ යන අනික් අයට සහ ප්‍රසිද්ධ ස්ථානවල ඉන්නා අනික් අයට අසාධාරණයක් වෙන බව ඇත්තයි. එම නිසා ඒ නීති සම්පාදනය මට භාරදීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙහෙම දේවල් රටේ වෙනව කියල කිව්වොත් ඔබ විස්වාශ කරන එකක් නැහැ. නීතියට අදාල වන අයම තමන්ගේ නීති හදාගන්නා අවස්ථාවක් තමයි ව්‍යවස්ථාව වෙනස් කිරීම.
1978 ව්‍යවස්ථා සංශෝධනයට යම් හේතු තිබුණා. එක හේතුවන් නම් 1970 මහ මැතිවරණයේ ප්‍රතිඵලය. රටේ චන්ද 1,892,525 ක් ලබාගත් එජාපයට ආසන 17 ක් ලැබෙනවිට ඊට වඩා අඩුවෙන් එනම් චන්ද 1,839,979 පමණක් ලබාගත් ශ්‍රිලනිපයට ආසන 91 ක් 1970 දී ලැබුණා. සමසමාජ පක්ෂය ආණ්ඩුවට එකතුවීම නිසා ඔවුන් ලබාගත් චන්ද 433,224 ට ලැබුණු ආසන 19 ත් එක්ක ගත්කල ආන්ඩුවට වැඩි ජනතා චන්ද තිබූ බව කියන්න පුළුවන්. එහෙත් චන්ද 433,224 කට ආසන 19 ක් සහ චන්ද 1,892,979 එනම් හතර ගුණයකත් වඩා චන්ද ගත් පක්ශයට ආසන 17 ක් පමණක් ලැබීම සාධාරණ ක්‍රමයක් කියල කියන්න බැහැ.
අනික නම් අති විශාල සංවර්ධනයකට රට ගෙනයාමට ශක්තිමත් ආණ්ඩු ඇතිකිරීම තමයි ප්‍රධානතම හේතුව. ඒවගේම සමාජවාදී ක්‍රමය සහ ධනවාදී ක්‍රමය වැනි එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් අනුගමනය කල විශාල පක්ශ දෙක ඇතිවිට ආණ්ඩු මාරුවකදී ජනසතු කිරීමේ අවදානම නිසා විදේශ අයෝජන නොලැබිය හැකි වීම වලක්වා ගැනීම වැදගත්. ඒවගේම මන්ත්‍රීවරුන්ට පැතිමාරු කිරීමෙන් ආණ්ඩු වට්ටන්න පුළුවන් වීම එජාප රජයට තිබ්බ සංවර්ධන වැඩ පිලිවෙල සාර්ථක කරගන්න ප්‍රශ්ණයක් වීම වලක්වා ගන්න එලෙස පැති මාරු කල නොහැකි සහ සමානුපාතික නියෝජනය ඇති චන්ද ක්‍රමයක් සහ පාර්ලිමේන්තුව හරහා වැට්ටවිය නොහැකි ජනාධිපති ධුරයක් ඇතිකිරීම සහ බලය ජනාධිපති වෙත තබා ගැනීම අවශ්‍ය වුණා.
එය එසේ වුණත් ඒකාධිපතියා කියා අවමන් කල ජේ ආර් ජයවර්ධන ජනාධිපති ජයවර්ධන මහතා ව්‍යවස්ථාව වෙනස් කිරීමකදී ඒ ගැන සොයා බැලීමට එවකට බොහෝ සේ ස්වාධීන වූ අධිකරණයට පවරා තිබුණා.
අධිකරණයට සරත් එන් සිල්වා මහතා පැමිණීමත් සමඟම මේ දේවල් විශාල ලෙස වෙනස්වුණා. ඉතා සුළු බහුතරයකින් පත්වී සිටි ඔහුගේ එවකට මිත්‍ර චන්ද්‍රිකගේ පාර්ලිමේන්තුවට සහයෝගයට පැතිමාරු නීතියට විකෘති අර්ථකථනයක් දී එය බල රහිත කලා.
එදා සරත් එන් සිල්වා කල දේ නොවන්නට ඉතා විනාශකාරී වූ 18 වන සංශෝධනය සහ 20 වන සංශෝධනය සහ එම සංශෝධන මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට සහ සමස්තයක් ලෙස රටටම වූ විශාල හානිය නොවන්නට තිබුණා. එසේ කීමට හේතුව 18 සහ 20 යන දෙකම අනුමත කරවා ගත්තේ විරුද්ධ පක්ශයේ අය මුදලට ගැනීමෙන් පසුව වීමයි. එමෙන්ම රටේ සියළු බලතල ජනාධිපතිට පවරාගත් 18 සහ 19 වන සංශෝධන වලට ජනමත විචාරණයකින් තොරව සම්මත කරගැනීමට ඉඩදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ගැන නම් කීමට දෙයක් නැහැ.
1978 ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වූ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා වන අසාධාරණ සංශෝධන වලට ඇති පාලනය අද සිදුවන්නේ නැහැ. එවන් යුගයක ව්‍යවස්ථා වෙනස් කිරීම් පාර්ලිමේන්තුව මඟින්ම වීම තමන්ගේ නීති තමන්ම සදා ගන්නවා හා සමානයි. අගමැති රාජපක්ෂ විසින් 20 බල රහිත නොකර අළුත් 21 ක් වන ව්‍යවස්ථාවක් ගෙන ඒමට හදන්නේ කල් මැරීමට අමතර තමන්ගේ වාසියට 20 හි ඇති සමහර වගන්ති එසේම රඳවා ගැනීමට වෙන්නත් පුළුවන්.
පාර්ලිමේන්තුවෙන් බාහිර වූ සියළු සමාජිකයින්ට නිශේධ බලය ඇති කොමිසමකින් රටේ උන්නතියට අවශ්‍ය වන සංශෝධන සඳහා කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ක්‍රමයක් ඇත්නම් මෙවන් අවස්ථා ඉදිරියේදී මඟහරවා ගැනීමට හැකිවීමටත්, 2010 සිට ගෙනගිය දුර්දාන්ත පාලනයන් නැවත ඇති නොවීමටත් වග බලා ගත හැකියි .
කොමිසමට සියළු ජාතීන් ගේ නියෝජනයක් තිබිය යුතු අතර සියළුම සාමාජිකයින්ට නිශේධ බල තිබිය යුතුය. එවිට එක ජන කොටසකට එරෙහි වන හෝ අවාසිවන ව්‍යවස්ථාවක් ඇතිවීම වැලැක්විය හැකිවන අතර පොදුවේ රටටම හොඳ දේවල් පමණක් එමඟින් නිර්දේශ වීමට ඉඩ සැපයේ. මෙවන් ක්‍රමයක් 1972 දී තිබුණා නම් සෙනේට් සභාව අහෝසි කිරීම සහ නඩුවල අවසාන තීරණය සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සලයට යාම තිබුණ ඉඩ අහෝසිවීම නොවන්නට තිබුණා. විද්වතුන් සහ සමාජයේ වැදගත් පුද්ගලයින් ගෙන් සමන්විතවූ සෙනේට් සභාව තිබුණේ නම් පාර්ලිමේන්තුවෙන් සම්මත වන අනවශ්‍ය සහ අසාධාරණ අණ පණත් බල රහිත කල හැකිව තිබුණා. සුළු ජාතීන් එයට විරුද්ධ වීම සහ 1972 සංශෝධනය අනුමතවීමට දින 18 කට පෙර නූතන බෙදුම්වාදයේ පටන් ගැන්ම වූ දෙමල එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගැනීම එයට සාක්ෂියි.
එම නිසා නව දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවන තරුණයින්, විද්වතුන් ඇතුළු මහජනතාව එවන් වෙනසක් ඉල්ලා සිටීම සුදුසු බව මගේ හැඟීමයි.
පොඩි හොරු හඳුනා ගන්න
ReplyDeleteඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න
බස්සො ඔහොම පොඩි හොරු ඉන්නෙ ලංකාවෙ විතරද?
Deleteපොඩි හොරු බිහි වෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ🤔
හොඳ ලිපියක්. ස්තුතියි.
ReplyDeleteසුදුස්සන්ට හැකි දේවල් පවරාලා
ReplyDeleteඋගත් නැණවතුන් ලව්වා හොයවාලා
රටටම පෙනෙන ලෙස නීතිත් තනවාලා
වෙනසක් කරමු අපෙ ඉදිරිය සලකාලා!
ඇති ගිලුණා අගති මහා සාගරයේ
ආත්මාර්ථයෙ කුණු ගංගා නදියේ
කරන දෙයක් කළ යුත්තේ කල-එළියේ
විනිවිද පෙනෙන ලෙස වාගෙම ප්‍රසිද්ධියේ
සරත් සිල්වා කරපු එකම හොඳ දේ ලවුඩ් ස්පීකර් භාවිතය තදින් පාලන කිරීමේ නීති බලාත්මක කිරීම.
ReplyDeleteමට ඕනෙ විදිහට නීති හදනවනම් මං හදන එකක් ඒ පාලනය තවත් තද කිරීමට.
ඉස්සෙල්ලා සිංහල ජනගහනය අඩු පලාත්සභාවක් ඔය ක්‍රමයට කරලා සාර්ථකද කියලා බලමු.
ReplyDeleteඇත්තටම අර නීති දෙක වෙනස්කරගන්ඩ බැරිවෙයිද , ගල් අරක්කු චුට්ටක් බීලා ගෝල්ලිප් එකක් ගහගන බයික්කේ පදින්ඩ
ReplyDeleteජේ. ආර්. සහ අධිකරණය ගැන ලියන විට නෙවිල් සමරකෝන් අග්‍ර විනිශ්චයකාර තුමා ගැනත් සඳහන් කිරීම වටිනවා.
ReplyDeleteඅපුරු ලිපියක්.
ReplyDeleteබීමතින් රිය පැදවීම වරදක් වෙන්නේ වෙන අය එනිසා ජිවිතයෙන් අවන්දි ගෙවන නිසානේ . නැත්නම් අවුලක් නැහැ. මම දාන නීතිය නම් පදනම් විරහිතව මිනිසුන්ට චෝදනා කරන හැම එකාටම අවුරුදු පහක විතර දඬුවමක් දෙන එක කාටහරි උදව් කරන්න දවසකට එක ගානේ. 😃
ReplyDelete