Monday, April 4, 2022

කවුරු ආවත් රට නැවත ආර්ථික වශයෙන් ගොඩනැගීම ඉතාමත් ආමරුයි

From the internet


රටේ සහ ආර්ථිකයේ සිදුවන දේවල් ගැන ඇති කලකිරීම සහ ඒගැන කථා කිරීමේ නිශ්ඵල තාවය දත් නිසා පෝස්ට් පල කිරීමෙන් වැලකී සිටියෙමි. ඇද පවතින තත්ත්වයේ සිට ජාත්යන්තර මුල්‍ය අරමුදල හරහා ප්‍රතිව්‍යුහ ගත කිරීමකින් පමණක්ම සියළු ප්‍රශ්න විසඳා යැයි බොහෝ අය සිතති. ප්‍රතිව්‍යුහ ගතකිරීමකදී ණය ප්‍රමාණයක් කපා හැරීමක් සිදු නොවේ.  මට නම් පෙනීයන්නේ එසේ ප්‍රතිව්‍යුහ ගත කිරීමක් සිදුවූවත් එම ණය ගෙවීමට රටේ ආනයන ආසන්න වශයෙන් සම්පූර්ණයෙන්ම නතර කිරීමකින් තත්ත්වයකට රට ඉක්මනින්ම පත්වන බවයි. මේ රට මේ අකරතැබ්බය සිදුවූ හැටි පහදා දීම පෝස්ටුවේ අරමුණයි.


අයියා කල පලමුවෙනි ආර්ථික හානිය

පසුගිය දශක කිහිපයේම ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය ආදායම් මාර්ග දෙක වූයේ ඇඟළුම් කර්මාන්තය සහ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේශණයි. 

ඇඟළුම් ආදයම් වලට කෙලවූයේ අද අගමැති මහින්ද ඔහුගේ ජනාධිපති කම දරන අවදියේය. එයට හේතුව නම් ඔහුගේ ලෝක දේශපාලනික නොදැනුවත් කමත්, උද්දච්ච කමත්, රටට හෙන ගැහුවත් ඔහුගේ තනතුර රැක ගැනීමේ අවශ්‍යතාවයත්ය. යුද්ධය අවසන් වූ වහාම කාගේවත් උපදෙස් නොගෙන බැන්කී මූන් සමඟ එක්සත් ජාතීන්ගේ යුද්ධය ගැන  පරීක්ෂණයකට එකඟ වූයේ ඔහුය. 

ඊට කලින් ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් යුද්ධ වලදී හමුදා ක්‍රියාකාරකම් ගැන බාහිර පාරීක්ෂණ වලට ලංකාව නතු වන ගිවිසුමකට අත්සන් කරන ලෙස 2001 -2003 රනිල් ගේ ආණ්ඩුවකට බලකලත් දැනට යුද්ධයක පැටලී සිටින රටක් ලෙස එය අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය. එම නිසා යුද්ධය අවසානයේදී කිසිම නිත්‍යානුකූල බාහිර පරීක්ෂණයක් සිදු කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොවිනි. යුද්ධය අවසන් වූ වහාම මෙරටට පැමිණි බැන්කී මූන් දුන් ලණුව කෑ මහින්ද එවන් පරීක්ෂණයකට එකඟතාවයක් අත්සන් කලේය. පසුව එම පරීක්ෂණය  සිදුකිරීමේදී එකක් පිට එකක් ලෙස පැවැත්වූ පලාත් සභා චන්ද වලදී බටහිර විරෝධය සහ විදුලි පුටුව පෙන්නා තවත් ජාතිවාදී ඡන්ද ගරා ගැනීම ඔහුට වාසියක් විය.

අන්තිමට ඔහු කලේ උගත් පාඩම් කොමිසමක් පත්කිරීමයි. ඒ වනවිට යුරෝපා සංගමයේ ඉල්ලීම වූයේ තමන් විසින්ම පත්කල කොමිසමේ නිර්දෙශ ක්‍රියාත්මක කරන ලෙසයි. එම කොමිසමේ නිර්දේශ වූයේ රජයේ රැකියා තරඟකාරී විභාග වලින් සිදු කිරීම වැනි සියලු දෙනාටම යහපතක් වන යෝජනායි. තම අනුගාමිකයින්ට රජයේ රැකියා ලබා දීමට අවශ්‍ය නිසා එම කොමිසමේ එක යෝජනාවක්වත් ක්‍රියාත්මක කිරීම ඔහු ප්‍රතිෂේප කලේය. එමනිසා යුරෝපා සංගමය මඟින් ලංකාවට තිබූ ජී එස් පී + සහනය නවතා දමන ලදී. 

ඊට පෙර ඉහල තත්ත්වයේ ඇඟළුම් නිශ්පාදන මිලදී ගන්නන් එම ඇණවුම් ලබා දුන්නේ ලාංකීය නිශ්පාදකයන්ටය. බංගලාදේශයට ලැබුණේ අඩු තත්වයේ ඇඟලුම් පමණි. බදු සහනය අහිමිවීමත් සමඟ බංගලාදේශ නිශ්පාදකයන් කලේ විශාල වශයෙන් රැකියා අහිමිවූ ලාංකික නිලධාරීන් එම රට විශාල වැටුප් වලට ගෙන්වාගෙන ඔවුන්ගේ ඥාණයෙන් එම රටේ නිශ්පාදන තත්ත්වය ඉහල නංවා ගැනීමයි. එහි ප්‍රතිපලයක් ලෙස බංගලාදේශයේ අපනයන ආදායම ඩොලර් බිලියනයක සිට ඩොලර් බිලියන 12 ක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය විය. යහපාලන රජය එම බදු සහනය නැවත ලබා ගත්තත් ඒවනවිට බංගලාදේශයේ නිශ්පාදන සහ ආශ්‍රිත කර්මාන්ත ඉතා ඉහල ප්‍රමිතියක් ලබා ගෙන තිබුණ බැවින් එම මිලදී ගන්නන් නැවතත් ලංකාවට නොපැමිණියේය.

වසරකට ඩොලර් බිලියන දහයක් පමණ වන ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි කලේ එලෙසයි.

කිසිම ආර්ථික පලදායීත්වයක් නැති ව්‍යාපෘති වලට ලැබෙන වටිනාකම මෙන් දෙතුන් ගුනයක් ණය ගැනීමෙන් වූ හානිය මීට අමතර දෙයකි. එහෙත් වසරකට ඇඟළුම් හරහා විහාල ප්‍රමාණයක් මුදල් ලැබුණේනම් අඩුම තරමින් ඒවා කවදා හෝ ගෙවා දැමීමට හැකියා තිබිණි

මල්ලී ජනාධිපතිවී ඊලඟ ඩොලර් ආදයම් මාර්ගය නැති කර ගැනීම.

ලංකාවට විදෙස් ශ්‍රමිකයන් ගෙන් සහ අන් මාර්ගවලින් එන ඩොලර් උන්ඩියල් ක්‍රමය හරහා යම් ප්‍රමාණයක් අහිමි වීම දශක කිහිපයක් තිස්සේ සිදුවන දෙයකි. උදාහරණයකට රටේ සොරකම් කරනා රුපියල් රටින් පිටකර ගැනීමට මෙම උන්ඩියල් ක්‍රමය වඩාත්ම යොදාගන්නේ දූශිත දේශපාලකයින් විසිනි. විදෙස් ශ්‍රමිකයන්ට උන්ඩියල් ක්‍රමය විශේෂ වාසිදායක ක්‍රමයක් නොවුනේ එමඟින් ඔවුන්ට ලැබුණේ ඩොලරයකට රුපියලක් දෙකක් වැනි අතිරේක මුදලක් වීම නිසාය.

අද පවතින රජය විසින් බැසිල් සහ නිවාඩ් කබ්‍රාල් යුගලයට ආර්ථිකය භාර දීමෙන් පසුව ඔවුන් කලේ විශාල වශයෙන් රුපියල් මුද්‍රණය කිරීමයි.එය එක හේතුවක් වූයේ ජනාධිපති පත්වූ විගස කරන ලද ජී එස් ටී අඩුකිරීම, වියත්මග දොස්තරවරුන් පෞද්ගලික චැනලින් වලින් ලබා ගන්නා මුදල් සඳහා වූ රඳවා ගැනීමේ බදු ඉවත් කිරීමට මුළු රටේම රඳවා ගැනීමේ බදු අහෝසි කිරීම, ලාබාංශ මත වූ 15% රඳවා ගැනීමේ බද්ද අහෝසි කිරීම, අවුරුදු හැටක් පමණ ඉතාම කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ උපයන විට ගෙවීම් බද්ද අහෝසි කිරීම වැනි හේතු නිසා බිලියන සියගණන් බදු ආදායමක් නැති කර ගැනීමයි. රජයේ ආදායම් පහල යනවිට ඒ ගැන සොයාබල එම වැරදි නිවැරදි නොකර ඔවුන් කලේ විශාල ලෙස මුදල් අච්චු ගැසීමයි.  

එසේ මුදල් අච්චු ගැසීමේදී වන්නේ රටේ මුදලේ වටිනාකම අඩුවීමයි. එනම් විදේශ මුදල් වල වටිනාකම රුපියලට සාපේක්ශව ඉහල යාමයි. එය එසේ වන්නට ඉඩහැර සිටියානම් ප්‍රශ්ණය අවම වීමට තිබුණත් රජයේ ආර්ථික ඔස්තාද්ලා කලේ රුපියල කෘතිමව රුපියල් 202 මට්ටමේ රඳවා තබා ගැනීමයි. එම අවස්ථාවේදී උන්ඩියල් මාර්ගය හරහා යන ඩොලර් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවන්නට වීම සිදුවිය. එමනිසා පහල වැටෙන ශ්‍රමිකයන්ගේ ප්‍රේශණ දුටු පසු එම වරද නිවැරදි කරනු වෙනුවට ඔවුන් කලේ අධ්‍යාපනය, ආනයනය, හරපත් වැනි දේවල් වලට මුදා හරින ඩොලර් ප්‍රමාණය සීමා කිරීමයි. එවිට උන්ඩියල් ක්‍රමයෙන් ලබා ගන්නා ඩොලර් වලට වඩා වැඩි ඉල්ලුමක් ලැබෙන බවත් එවිට උන්ඩියල් ක්‍රමය අමතරව ගෙවන මුදල තව තවත් වැඩි වන බවත් තව තවත් රටට ප්‍රේශණ අඩුවන බවත් තේරුම් ගැනීමට කපුටන්ට අවබෝධයක් නොතිබුණි.

ඉහත සඳහන් කල ඇඟලුම් කර්මාන්තයට සිදුවූ දෙය ශ්‍රමික ප්‍රේශණ වලටත් සිදුවී ඇත. මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් ගනිමු. ගාලු පාර වසර විස්සක් තිහක් කිසිම අවස්ථාවකවත් වාහන අවහිර වීමක් නැතිව ක්‍රියාත්මක වනවා යැයි සිතමු. එවිට බොහෝ රියැදුරන් අතුරු මාර්ග ගැන කවදාවත් ඉගෙන නොගනී. එහෙත් මාස කිහිපයක් මාර්ගය අවහිර වුවහොත් රියැදුරන් ඔවුන් විසින්ම සහ දන්නා අයගෙන් අසා අලුත් මාර්ග සොයා ගනී. ඊට අමතරව එම අතුරු මාර්ග වලින් ඔවුන්ට ගාළු පාර හරහා යනවාට වඩා වේගයෙන් ගමනාන්තයට යා හැකි වේ යැයි සිතුවොත් ගාලු පාර නැවත විවෘත වූවත් එම රියැදුරන් අතුරු මාර්ගම පාවිච්චි නොකරනු ඇත්ද? එහිදී වූවාක් මෙන් විදෙස් ශ්‍රමිකයන් අද උන්ඩියල් ක්‍රමය පාවිච්චි කර ඩොලරයකට රුපියල් 20-30 ක් වැඩිපුර ලබා ගනී. අපනයන සඳහා සහ වෙනත් කටයුතු සඳහා බැංකු විසින් මුදල් නිකුත් කිරීම ලිහිල් කරන තෙක් උන්ඩියල් හරහා අමතරව ලැබෙන රු 20-30 එසේම පවතිනු ඇත. දැන් මෙය විශම චක්‍රයක් වී ඇති බව බට වැටහෙනු ඇත. ප්‍රේශණ නොලැබුණොත් බැංකුවලට ආනයන සඳහා දීමට මුදල් නැත. එම නිසා උන්ඩියල් ගෙවීම වැඩිවේ. එම වැඩිවීම නිසා ලංකාවේ බැන්කු වලට ප්‍රේශණ නොලැබේ. මෙය සිදුවීමට පෙර මසකට ඩොලර් බිලියනයක් පමණ සහ වසරකට ඩොලර් බිලියන 10 කට එහා ප්‍රමාණයක් රටට ඩොලර් ලැබිනි. අදවන විට ශ්‍රමික ප්‍රේශණ 60% කට අධික ප්‍රමාණයකින් එනම් මසකට ඩොලර් මිලියන 600 කින් පමණ පහත වැටී ඇත. වඩා ඉඩ ඇත්තේ මෙය නැවත වැඩිවෙනවාට වඩා තවදුරටන් අඩුවීමටයි.  

මෙයින් සොහොයුරන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී ලංකාවේ විශාලතම විදේශ විනිමය මාර්ග දෙක විනාශ කිරීමට දායක වූ බව පෙනී යනු ඇත. 

ඕනෑම තනතුරක් දැරීමට එම තනතුර සහ ගන්නා තීරණ නිසා විය හැකි හොඳ මෙන්ම සිදුවිය හැකි අකරතැබ්බ ගැන වැටහීමක් අත්‍යාවශ්‍යම වේ. ජාතිවාදය වැනි පටු කෝණ වලින් බලා රටේ ඉහලම තනතුරු නුසුදුස්සන්ට ලබා දීමෙන් රටේ ජනයා නැවත ගොඩ ගිය නොහැකි වලකට රට තල්ලු කර අවසන්ය.

ඒ සඳහා පාර කැපූ අය එහි ප්‍රතිඵල විඳිත්වා.  




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

15 comments:

  1. හෙළයට පුරුදු නැත සිංහාවලෝකන
    එනමුදු දනියි ගෙම්බන් ලෙස පිම්බෙන්න
    මානය ඉඩ නොදෙයි අන් මත ඉවසන්න
    රටට වෙලා, උන් කැපු පාරේ යන්න!

    ReplyDelete
  2. මැදමූලන පවුල රටේ ණය අර්බුදය නව මානයකට ගෙනිච්චා කියන එකට එකඟ වෙනවා. ඔව් නහයෙන් උඩට වතුර ගැලුවට පස්සෙ, දැන් වැඩේ අමාරුයි. ඒත් කිසිම කෙනෙක් ලඟ පැහැදිලි ආර්ථික සැලැස්මක් තියෙනව කියල පේන්නෙ නෑ. හැම දෙයක්ම මැදමූලනට බැර කරන එක ලේසියි. සැබෑ ප්‍රශ්ණෙ සමාජයට/ සංස්කෘතියට ඔඩු දුවල ඉවරයි කියල මට හිතෙනවා.

    ReplyDelete
  3. මෙතනත් හිතන්න යමක් තියනවා කියල හිතෙනවා

    https://youtu.be/RO_NVrLAgI4?t=364

    ReplyDelete
  4. උන්ඩියල් ක්‍රමයට සල්ලි එවලා පිට රට ඉන්ඳන් ගෝටා ගෝ කියන අය තම්න්ගෙ වගකීම හරියට ඉටු කළානම් අඩුම තරමෙ තමන්ගෙ මිනිස්සු පෝලිම්වල රස්තියාදු වෙන එකවත් නවතීවි. හෙටානිද්දා වෙනකොට උද්ගෝෂණ කරන්නවත් කෙලින් හිටගන්න බැරි තත්ත්වයක් ඒවි..

    ReplyDelete
  5. කෙටියෙන් කියනවා නම් අයියයි මල්ලියි හොඳටම කළේ සීෂෙල්ස් ගොඩ නගපු එක විතරයි

    ReplyDelete
  6. Airbus
    Chogum
    Suriya wewa stadium
    Mr cin hall
    Hreek bond

    Hedging

    ReplyDelete
  7. රජයේ වියදම (over staffed රජයේ සේවය, දේශපාලකයන්ගේ වියදම් හා වරප්‍රසාද, උත්සව, චන්දෙ සදහා කරන අවිධිමත් සංවර්ධනය, අනවශ්‍ය අයටත් දෙන නොමිලේ අධ්‍යාපනය/සෞඛ්‍ය සේවා) අඩු කරන්න තරම් නිර්භය ආණ්ඩුවක් එනකම් අර්බුදයෙන් ගොඩ ඒමක් නෑ.

    ReplyDelete
    Replies
    1. රජයේ පඩි ගෙවීම් වගේ දේවල් වෙන්නේ නම් රුපියල් වලින්. වාහන, යන්ත්‍රසූත්‍ර ගෙන්වීම, ඉන්ධන, ආහාර යම් ප්‍රමාණයක් ගෙන්වීම වගේ දේවල් වලට ඩොලර් වියදම් වෙනවා. ඒවා අඩු කලොත් තමයි ඩොලර් ඉතුරුවෙන්නේ.

      Delete
  8. අපි මේ ගිනියාවත් ගොඩනගන එකේ මොකෑ ලංකාව ගොඩනගන්ඩ බැරි?
    https://lankanewsweb.net/archives/7211/ambassador-kananathan-presents-credentials-in-guinea/

    ReplyDelete
  9. පුලුවන්නම් පිටරට ඉන්න අය උන්ඩියෙල් හවාල නැතුව හරි විදියට සල්ලි එවන රැල්ලක් හදන්න. අපේ මිනිස්සුන්ට හරියට අවුරුදු හරි කන්න පුලුවන් වෙයි. හරි හමන් හොරකන් නොකරන එවුන් ටිකක් එනකම්ම අරගලය තිබිය යුතුයි. ඒත් ඊලගට එන අනුර හරි සජිත් හරි මොකාට හරි රට කරගෙන යන්න පුලුවන් වෙන්නේ සල්ලි තිබ්බොත් විතරයි.

    හොදට බලන්න ඔය උන්ඩියෙල් හවාල කරන්නෙ එක්කො දෙමළ නැත්තම් මුස්ලිම් අය. රට වැටුනට පස්සෙ බිස්නස්, ගෙවල්, ඉඩම් ගන්න එයාල දැන් ඉදන්ම සල්ලි එකතු කරනව. පොඩ්ඩක් අහල බලන්න කැනඩාවේ, එංගලන්තෙ ඉන්න අයගෙන් පහු ගිය මාස වල ඩයස්පෝරාව කොච්චර ඇක්ටිව් උනාද කියල. ඕමාන්, ඩුබායි, මැලේසියා, සිංගප්පූරු වල මුස්ලිම් අය සල්ලි එකතු කරන ඒවා අහල බලන්න. පිටකොටුව පැත්තෙ ඇවිදල බන්න, එක ඩොලර් එකක් දෙන්නෙ නෑ සිංහල අයට. ඔක්කොම යටි මඩි ගහගෙන තියාගෙන ඉන්නෙ. ඇයි?

    උන්ඩියෙල් හවාල කියන්නෙම කලු සල්ලි. කලු සල්ලි එකතු වෙනව කියන්නෙ රටක් වට්ටන එකට ලොකු පහසුවක්. පොඩි පාඩුවක් විදගෙන හරි මේ දවස් වල සල්ලි එව්වෙ නැත්තම් අපේ පරම්පරා ගානකට විදවන්න වෙන විනාසයක් වෙන්නෙ. මෙයාල කිසිම අවුලක් නැතුව ඊලමයි, ශරියයි තව අවුරුදු දෙකක් ඇතුලත ගන්නවා. රාජපක්ශල රට පනියි, පුලුපුලුවන් එවුන් කොහෙ කොහෙට හරි රටකට යයි. ඉතුරු වෙන සිංහලයන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ තමා ඉන්න වෙන්නෙ.

    එක හින්ද ඔය ගමන්ම රැල්ලක් හදන්න කීය කීය හරි පුලු පුලුවන් විදියට පිටරට ඉන්න අයට හරි පාරෙන් එවන්න කියල. සල්ලි දාල රිසිට් එක ෆේස්බුක් එකේ පෝස්ට් කරන්න, මගේ යුතුකම ඉටු කලා කියල...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ලංකාවේ සාමාන්‍ය සංස්කෘතිය ආත්මාර්තකාමී එකක්. බැංකුවෙන් හම්බුවෙන ගාණට වඩා 10% විතර පිට ලැබෙනකොට එහෙම එවන්න කී දෙනෙක් ඉදිරිපත් වෙයිද? ඒත් ඔබට පුළුවන් එහෙම රැල්ලක් හදන්න උත්සාහ කරන්න.

      Delete
  10. කාලීනයි.අපක්ෂපාතීව නිදහස් විද්වත් කණ්ඩායමකට පාලනය හිමි වුණොත් තාමත් මේ ප්‍රශ්ණ වලට විසදුම් හොයන්න පුළුවන්.

    ReplyDelete
  11. ඉයන්
    මේන්න මගෙන් මුල්ම යෝජනාව
    https://lankasithuwili.blogspot.com/2022/04/5000.html

    ReplyDelete
  12. ඉයන්

    ඔබ පෙන්වා දෙන්නේ වැදගත් කොටසක් ඔබ පෙන්වා නොදුන් කොටස තමයි

    https://lankasithuwili.blogspot.com/2022/04/225.html

    https://www.sundaytimes.lk/210418/news/sla-uplifts-102-tons-of-printed-material-to-uganda-but-refuses-to-give-details-440509.html

    රට බංකොලොත් වී ඇත්තේ ඔබ කියන දේට වඩා ඔය ඉහත හේතු නිසා.

    ReplyDelete