Wednesday, March 27, 2019

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

Dear Cupid, next time hit both

බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහසට වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා.

මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි.