Monday, August 15, 2016

ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක්



ගීත කියන්නේ අපේ ජීවිතෙත් එක්ක බැඳිච්ච කොටසක්. ආදරයෙන් මත්වෙලා ඉන්නකොට, විරහවක් දැනුනු කොට විතරක් නෙමෙයි කිසිම පෞද්ගලික හේතු නැතිවත් අපි සමහර ගීත වලට බැඳෙනවා. අද මාසයකට ගීත සිය ගණනක් පිටවුණත් දැනට දශකයකට පෙර කාලේ එහෙම ගීත ප්‍රමාණයක් පිටවුණේ නැහැ. ඒක නිසාම පිටවුණ හොඳ ගීත ඉක්මනින් ජනප්‍රිය වුණා. 

වසර කීපයකට පෙර උපන් දිනයකට මගේ ජීවිත කාලේ සිත්ගත් ගීත සී ඩී තැටි කරල දන්න අයට දුන්න. ඒ ගීත වලිනුත් වඩාත්ම හදවතට සමීප වෙච්ච ගීත දහය පෝස්ට් කරන්න හිතාගෙන පටන් ගත්තත් ඒ ලිස්ට් එක දහසයකට වඩා අඩුකරන්න බැහැ.  මේ තියෙන්නේ ඒ ගීත ටික. ඒවාට බැඳෙන්න හේතුවත් කෙටියෙන් දක්වලා තියෙනවා.


1. මුළින්ම පුරුදු තැනින්. දෙගුරුන් නිසා ආදරයක් අහිමි වුණ කෙනෙක් නිසා පුන්සිරි සොයිසා ගේ මේ ගීතයට මම ආසා කලා.





2. ගීතයේ සමහර කොටස් මගේ කථාවට වෙනස් වුණත් ඉහත හේතුව නිසාම මිල්ටන් මල්ලවආරච්චිගේ මේ ගීතයටත් මම බැඳුණා .







3. ඒ ආදරට සම්බන්ධ හැඟීම්  උඩම අබේවර්ධන බාලසූරිය ගේ මේ ගීතය මට ඉතාමත් සමීප ගීතයක් වුණා.





4. මෙම හේතු නිසාම ටෙලි නාට්‍යයක තේමා ගීතය වෙච්ච ග්‍රේෂන් ආනන්ද ගයන මේ ගීතයක් මට සමීප ගීතයක්.







5. කාන්තාවගේ පාර්ශවයෙන් කියවුණ ප්‍රියානී ජයසිංහ ගයන මේ ගීතයත් මම ගොඩක් බැඳුණු ගීතයක්.







6. තරුණ කාලේ ක්‍රශ් තිබීම සාමාන්‍ය දෙයක් නේ. ඒ වුණාට මගේ එක ක්‍රශ් එකක් වුණේ මගේ හොඳම මිතුරාගේ මිතුරිය. ඒක ඔවුන් දෙදෙනාම දැනගෙන හිටියා විතරක් නෙමෙයි මිතුරන් අතර ගොඩක් විහිළු වලට හේතුවකුත් වුණා. විහිළුවල උච්ච්ස්ථානය ඔවුන් විවාහ වන විට දෙවන මනමාලයා වීමට මට ඇරයුම් කිරීම. මේ ගීතයයේ කියවෙන්නේ ඊට තරමක් වෙනස් අවස්ථාවක් වුණත් මට නක්කිය දැමීමට යොදාගත් නිසා සහ මගේ හිතත් ලලිත් පොන්නම්පෙරුම ගැයූ මේ ගීතයට ආසා වුණා.






7. පුන්සිරි සොයිසා ගයපු මේ විරහ ගීතයත් පසුබිම මට අදාල නොවුණත් මම ආස කරන ගීතයක්.






8. පසු කාලයක ආපු උමාරා සිහවංශ  ගැයූ මෙම ආදර ගීතයත් මම ආසා කලා. ඒකට හේතුව වෙන්න ඇත්තෙ මෙම වීඩියෝව. එහි නර්තනය නිසා කලින් හිත ගිහින් ඊට පස්සේ ගීතයට බැඳුණා කිව්වොත් වඩාත් නිවැරදියි.




9. ඉන්ද්‍රාණී පෙරේරා ගයන මේ ගීතයත් මගේ සිත්ගත් ගීතයක්.





10. වරක් දුම්රියක යද්දී තරුණයන් පිරිසක් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගැයූ මේ ගීතය ගායනා කරනු අසා පසුව එය මගේ ප්‍රිය කරන ගීතයක් වුණා.





11. වෙන හේතු නිසා ආස කරන ගීත වලින් කමල් අද්දර ආරච්චි සහ නීලා වික්‍රමසිංහ  ගැයූ මේ ගීතය එහි එලිදක්වන යථාර්තය සහ සංගීතය සහ ගායනය නිසා බැඳුණු ගීතයක්.






12. ශර්ලි වෛජයන්ත ගයන මේ ගීතයත් මට අහන්න ආස ගීතයක්. එහි පදමාලාව හොඳ වුණත් මම මුලින්ම බැදුණේ එකේ සංගීතයට. 






13. මේ ගීතය ගැන පෞද්ගලික කථා ගොඩක් තියෙනවා. ඒ ගැන තව අවුරුදු දහයකින් පමණ බ්ලොග් පෝස්ට් එකක් ලියනවා. ඒකට හේතුව එය ආන්දෝලනාත්මක විය හැකි නිසා. එක දෙයක් කියන්න පුළුවන්. ඒ මම නොවන්න මේ ගීතය බිහි නොවන බව.  එම හේතුව නිසාම නොවුණත් මේකත් මම ආසම ගීතයක්. කසුන් කල්හාරගේ නමින් තිබුනත් මෙය ගායනා කලේ ආනන්ද පෙරේරා.






14. නාමල් උඩුගමගේ මේ ගීතය ලඟකදී අහන්න ලැබුණ මම ආස කරන ගීතයක්. ඒකට හේතුව එහි අදහස. මේ ගැන කලින් පෝස්ට් එකකුත් ලිව්වා.






15. රූකාන්ත ගුණතිලක ගයන මේ ගීතය ප්‍රසිද්ධ නොවන්න හේතුව නම් මට හිතාගන්න බැහැ. මේ ගීතය ගැනත් මම කලින් පෝස්ට් එකක් ලිව්වා.






16. ගායනා කරන විලාසය, පද සහ තනුව කියන තුනම නිසා මම බැඳිච්ච ගීතයක් මේ. කාලෝ ෆොන්සේකා ලියූ මේ ගීතය ගැනත් කලින් ලිව්වා.








ඔබ කැමතිම ගීත දහසයත් පෝස්ට් එකකින් බෙදාගන්න චැලෙන්ජ් එක භාර ගන්න කැමති කවුද?


අභියෝගය හතර දෙනෙක් භාර අරගෙන. ඒ කමියා, නිර්මාණී,හංසි සහ කසුන්. එයින් කමියා ගේ පෝස්ට් එක සහ හංසියාගේ පෝස්ට් එක   දැනටමත් දාලා. ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාවේ එන තේරීම සිංදු තේරීම යොදාගෙන විස්තර කරලා.තව කවුරුද ඉන්නේ????????????????


ඒවගේම මම කැමතිම ගීත 16 අතුරින් ඔබ කැමතිම ගීත තුන මොනවාද කියා කමෙන්ට් එකකින් දාන්න. මේ ගීත 16 න් අහඹු ලෙස තෝරා ගත් ගීත තුනක් ලියූ තුණ්ඩුවක් හිතවත් නීතීඥ්ඥ ප්‍රා ජේ ට දීලා තියෙනවා. ඔබ තෝරාගන්නා ගීත තුන එම ගීත තුනට සමාන වුවොත් හෝ ආසන්නම සමානකමට රුපියල් 10,000/= ක ත්‍යාගයක් හිමිවෙනවා.

----------------------------------------------------------------------------------------


 රඟ තීරක අතිගරු ප්‍රා ජේ නීතීඥ තුමාගේ පණිවිඩය


මා ඉදිරිපිට කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරාගත් ගීත තුන පහත දැක්වේ.

7 - මේ බස් නැවතුම  10 - යෙහෙළියක සේ 11. තුන්සිත දැහැගතවෙනා  

එක ගීතයක් නම් කල අය - ප්‍රසන්න, ඉවාන්, රසික, ගිම්මි, පත්තරේ, දුකා, කපිල වස්තු, ලොකු පුතා, නිර්මාණි, ඩූඩ්, සිතූ, දුමින්ද, සහ පොකුරු වැහි.

ගීත දෙකක් නම් කල අය - කල්‍යාණ මිත්‍ර, සෙන්නා, කම්මල, සහ තරිඳු චතුරංග (සොමියා) 

ගීත තුනම නම් කල අය නොමැති බැවින් ත්‍යාග මුදල ගීත දෙකක් නම් කල අය අතර බෙදී යයි. අදාල මුදල මා  සතුව ඇති අතර මා වෙත බැංකු ගිණුම් අංක එවන ලෙස ඉල්ලා සිටිමි. 


තරඟ තීරක



108 comments:

  1. චැලේන්ජ් එක බාර ගන්නවා . හෙටම දාන්න ඕනි පොස්ට් එකක්.. දැන් රෑ වැඩියි නැත්නම් ප්‍රා ට කෝල් කරල අහගන්න තිබ්බ .. මගේ ප්‍රියතම සිංදු තුන නම්
    1. රැලකින් තනිවී
    2. තුන් සිත දැහැන් ගත වෙනා
    3. යෙහෙළියක සේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමියෝ

      Delete
  2. //ඒ ගැන තව අවුරුදු දහයකින් පමණ බ්ලොග් පෝස්ට් එකක් ලියනවා.//
    තව අවුරුදු දහයක් බ්ලොග් එක පවත්වා ගෙන යාමට ඇති අධිෂ්ඨානය ලොකු දෙයක්! :). අපිත් ජීවත් වෙලා හිටියොත් කියවන්න එන්නම්!

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඇත්තේ ද එයයි.

      මං නං මළා ම පළවෙන්න පෝස්ට් එකක් දාලා තියෙන්නේ අනාගතේ දිනයක් දාලා. ඒ දිනය සතියෙන් සතිය වෙනස් කරමින් හිටියත්, පසුගිය දා සතියක නිවාඩුවක් ගත් වෙලාවේ දින වෙනස් කරන්න අමතක වී ඉබේ පළ වුණා.

      ඉයන්ට කරන්න තියෙන්නේ දැන් ම ලියා, වසර දහයක දිනයක් දා පළ කිරීමයි. මරණය ප්‍රශ්නයක් නැති නිසා!

      Delete
    2. මේ විස්තරේ පොස්ට් එකක් නොදා කටින් කියන්න පුළුවන්. ඊලඟ හමුවීමෙදි කියන්නම්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මළාම පලවෙන්න දැන්ම පොස්ට් ලියල තේරුමක් නෑ. ඒ වෙනකොට හිතන විදිහෙ ගොඩක් වෙනස්කම් වෙලා තියෙන්න පුලුවන්...

      Delete
    5. @ X- Porter
      මා මළ පසු පළ වෙන්නට සූදානම් කර ඇති ලිපියේ ඇත්තේ මගේ අදහස් නොවේ.

      මා මළ පසු දන්නා යුනිකෝඩයකින් දුක් ගීයක් ලියනු පිණිස සෑදුණු සයිබර් සොහොන් කොතකි.
      http://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html

      !

      Delete
  3. සිංදු ටික ඔක්කොම අහලා ඉන්න ඕනා, සිංදු තුන නම් කරන්න...

    මම කැමති සිංදු දහය ගැන ලියුවොත්, අනිවා ඒකෙන් පහට වැඩි සංඛ්‍යාවක් අමරසිරි පීරිස්ගේ සිංදු වෙනවා... :D

    ReplyDelete
  4. රැලකින් තනිවී
    මේ බස් නැවතුම
    වස්සානයට අත වනල

    //"නීතීඥ්ඥ ප්‍රා ජේ"// ?????? කවුද බොල ඒ .... හැක

    ReplyDelete
    Replies
    1. මොකා වුනත් නහයෙ ප්‍රශ්නයක් තියන එකෙක්වෙන්න ඕනෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. http://www.everydayhealth.com/healthy-living/blow-your-nose-blow-your-mind-a-runny-nose-that-was-really-a-brain-leak.aspx

      Delete
  5. සින්දු දහසයකින් තුනක් තේරිය හැකි ක්‍රම 3,360 ක් තියෙනවා නේද? මේක අමාරු වැඩක්.

    තරගකරුවන් කළ යුත්තේ ඔවුන් ද අහඹු ලෙස සින්දු තේරීමයි!

    ReplyDelete
    Replies
    1. කැමති ගීත අනුපිළිවෙල ප්‍රශ්ණයක් නැහැ රසික.

      Delete
    2. මගේ අහඹු තේරීම්
      4, 11, 13

      Delete
  6. මමම් හිතුවේ ඔහේ මිලටන් පිස්සෙක් කියලා... දැන් බැලුවාම පුන්සිරි පිස්සෙක් නේ... මට නම් මේ දේ කවදාවත් කරන්න වෙන්නේ නෑ.. මොකෝ..., මම කැමති සිංහල ගීත මහා ගොඩයි.. ඒවාට නොම්බර දාන්න මම කෑමති නෑ... මොකෝ ඒ ඒ ගීතය මුලට එන අවස්ථාව පස් මහා බැලුම් අනුව වෙනස් වෙනවා.. එකම දේ ඕනම ගීතයක් රස විඳින්න පුළුවන් වීම නිසා.. මට ඕන තැනක ඉන්න පුළුවන් වීම..

    පුන්සිරි සොයිසාගේ ගීත වලට ප්‍රිය කරන ඉයන්ගේ ක්ලාස් එකේ අය බොහෝම අඩුවෙන් මට හම්බ වෙලා තියෙන්නේ.. ඒත් ඒ ගීතත්.. ඒ හැඟුම් බර කට හඬත් හරිම සුවිශේෂීයි.. මගෙත් ප්‍රියතම ගායකයෙක්..

    ReplyDelete
    Replies
    1. මාතෙ මේවයින් තුනක් තෝරලා දාන්නකෝ. ටක් ටික් ටුක් තේරුවත් කමක් නැහැ.

      Delete
    2. පුන්සිරි සොයිසාට කැමති නිසා... එකක් අනිවාර්යයෙන් දෙගුරුන් වෙනුවෙන් වෙන්න ඕන..

      ඉයන් මිල්ටන්ට කැමතියි.. එයාගේ එක සින්දුවයි තියෙන්නේ ඒ කියන්නේ "දවසක් තියේවී" තව එකක් වෙන්න ඕන කියලා හිතනවා..

      අනික ඇවිල්ලා.."කෙලෙසද කිව මැන" කියලා හිතනවා...

      Delete
    3. මාතෙ අර ලිස්ට් එකේ තියෙන්නේ Random selection එකක්. මම කමති ඒව තෝරල නැහැ.

      Delete
  7. කමිෂන්, අල්ලස්, රිගින්, ජිල්මාට් සියල්ලට විවෘතයි. ටෙන්ඩර් ක්‍රමයට ඔෆර් කල හැක.

    ReplyDelete
  8. දවසක් තියේවී
    රැළකින් තනිවී
    මේ බස් නැවතුම

    අර නීතීඥ්ඥතුමාගෙ ගාස්තු එහෙම කොහොමද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල හරි ගණන් :)

      Delete
  9. හරි. ඔන්න චැලේන්ජ් එක බාරගත්ත එහෙනම්. තව දවස් දෙකක් හෝ තුනක් ඇතුලත පෝස්ට් එක වැටෙයි.

    1. දෙගුරුන් වෙනුවෙන්
    2. රැලකින් තනිවී
    3. කෙලෙසද කිව මැන.

    මේ අර කෙලෙසද කිව මැන කියන සින්දුව කමල් චිත්‍රසේනගෙ නෙවෙයිද ඈ?

    ReplyDelete
    Replies
    1. කසුන් මේ ගීතය දශක දෙකක් විතර පරණ ගීතයක්. එය ගායනා කලේ ලලිත් පොන්නම්පෙරුම. කමල් චිත්‍රසේන රණවිරු ස්ටාර් වැඩ සටහනකින් ලඟදි ආව කෙනෙක් නේද? සමහර විට ඔහු ගීතය පළමු ගායකයාගෙන් ලබා ගන්න ඇති කියල තමයි හිතෙන්නෙ.

      Delete
    2. කමල් චිත්‍රසේන ගේ තමයි.. මිනිහා අපි පොඩි කාලේ ඉඳන් සින්දු කියන්නේ.. ලලිත් පොන්නම්පෙරුමගේත් නෙවෙයි කමල් චිත්‍රසේන රණවිරුවෙකුත් නෙවෙයි..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හරි හරි ඔන්න මේ සින්දුවෙ ඔර්ජිනල්ම ගායකය හොයාගත්ත.
      ක්වින්ටස් අදිකාරි

      Delete
    5. වෙන්න බැ කසුන් කොහොමද ඒක හොයාගත්තේ ඕක කමල් චිත්‍රසේන ගේ

      කෙලෙසද කිව මැන සිපගත් දැතට
      මංගල මල් කලබක්‌ දෙන්නෙ
      එදා මගේ පෙම්වතියේ අද ඔබ
      මනමාලියවි මගෙම මිතුරාගේ
      කෙලෙසද මම මල් කලබ අරන් එන්නෙ

      මේ තුරු සෙවනෙම හමුවු ඔබ මා
      මේ සෙවනෙමයි වෙන්වුයෙ
      කිසිදා හමුනොවෙනට වෙන්වු අපි
      කෙලෙසද මේ ලෙස හමුවන්නෙ
      කෙලෙසද මේ මල් කලබ ඔබට දෙන්නෙ

      Delete
    6. http://www.sarasaviya.lk/2013/11/14/?fn=sa13111432

      Delete
    7. මීට දශකයට උඩදී ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වුණු කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කලඹක්‌ දෙන්නේ....." ගීතය ඔබ අසා ඇතුවාට කිසිදු සැකයක්‌ නොමැත. එම ගීතය එදා අසන්නන්ගේ ගීත ඉල්ලීම් අතර ද ජනප්‍රිය විය. මෙම ගීතය රචනා කළේ ප්‍රියානන්ද විඡේසුන්දර විසිනි. සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් ගීතය සඳහා සංගීතය සැපයීය. කෙසේ වෙතත් ගීතය ගායනා කරන ගායන ශිල්පියා ඔබ දන්වාද? නමින් ඔහු ගායන ශිල්පී කමල් චිත්‍රසේන.

      "මං ගායනා කළ "කෙලෙසද කිව මැන සිපගත් දෑතට" ගීතය 1995 දී ඉතා ජනප්‍රිය වුණා. ඉන් පස්‌සේ රසිකයන් අතර මගේ "ඔබෙ සිත ළඟ බවුන් වඩන සඳ", "හිතවත්කමට සිනහපාලා" වැනි ගී ජනප්‍රිය වුණා. මගේ ඒ පළමු ගීත පෙල ඇතුළත් ගීත කැසට්‌ පටයට හොඳ ප්‍රතිචාරයක්‌ ලැබුණා. ඊට පස්‌සේ මං 1998 දී ජපනායේ රැකියාවක්‌ සඳහා ගියා. ඉතිං වසර දහයක්‌ රැකියාව කරලා පසුගියදා නැවත ලංකාවට ආවා. දිගු නිහැඬියාවකින් පස්‌සේ මගේ නවතම ගීත දහසය ඇතුළත් සංයුක්‌ත තැටියේ වැඩ ආරම්භ කළා. ඒක මං ළඟදීම රසිකයන්ට තිලිණ කරන්න බලාපොරොත්තු වෙනවා."
      http://www.divaina.com/2009/07/03/cineart03.html

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //මම වැඩියෙන්ම ආස එක සින්දුවක් වත් නැහැ//
      අපොයි. එහෙනම් මේ කඩදාසි කොලේ ඉරාදාල, වෙන ලිඛිත ලිස්ට් එකක් හදන්න ඉක්මනට ඉයොංතුමෝ

      Delete
    2. ඒ වෙනසට අපි ගරු කරනවා . හැක්. ලිඛිතා මේ සින්දු වලින් කැමති තුනක් දාන්නකෝ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  11. අප්පට සිරි..

    දැන් ඉතින් පෝය දවසේ නීතීඥ්ඥ ප්‍රා ජේ තුමා ව ලස්සන තැනකට එක්කන් ගිහින් කන කඩා වැටෙන්න බොන්න දීලා උඩ සාක්කුවෙ තියෙනා තුන්ඩු කෑල්ල ගල් කොරන්න එපායෑ....

    එනවා නේද නීතීඥ්ඥ ප්‍රා ජේ තුමෝ?

    ReplyDelete
    Replies
    1. එඥ්ඥ හිතං ඉඥ්ඥවා

      Delete
  12. 1.වස්සානයට අත වනලා
    2.යෙහෙලියක සේ
    3.ගඟක් රකිනා

    මන් ආස කරන තව සින්දු වැඩිපුරම තියෙන්නෙ ටී.එම්.ජයරත්න මහත්මයගෙයි අමරසිරි පීරිස් මහත්මයගෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තූතියි ගිම්මි

      Delete
  13. Replies
    1. ස්තූතියි පත්තරේ. මේකෙන් තුනක් තෝරලා දාන්න ප්ලීස්

      Delete
    2. දෙගුරුන් වෙනුවෙන්
      වස්සනයට අත වනලා
      තියනවා තුන් සිත දැහැන් ගත වෙනා

      ජය වේවා !!

      Delete
    3. ස්තූතියි පත්තරේ

      Delete
    4. හිරු නම් සල්ලි තමයි වාගේ දැන් බ්ලොග් බැලුවොත් සල්ලි තමයි කියලා එකක් පටන් ගත්තොත් නරකද ?????? ...

      Delete
    5. අපේ ඉයන් සෑර් පටං ඇරං තියෙන්නේ. දැං කියහං උඹේ සිංදු තුන.. :D

      Delete
  14. අජිත් ආරියරත්න ගායනා කරන "තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි . . වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි" ගීතයත්, ලලිත් පොන්නම්පෙරුම ගායනා කරන "අවසන් සැඳෑවයි දෙදෙනා හමුවූ මින්පසු නෑ අප හමුවන්නේ . . දෛවය ලන්කල අප දෙදෙනාදෝ වෙන්වී යන්නට සැරසෙන්නේ" අහලා බලන්නකෝ. මේ ගීත 16 සඳහන් කරන අත්දැකීම් වලට ඒ ගීත දෙකත් නියමෙට මැච් වෙයි.
    අහ් කෙලෙසද කිව මැන ගීතය ලලිත් පොන්නම්පෙරුමගේද?

    ReplyDelete
  15. කමල් චිත්‍රසේන කෙනෙක්ගේ කියලා කමෙන්ට් වලින් දැක්කා.
    අහ් මේ ඔයාගේ සින්දු අතරින් මගේ කැමතිම 3
    1. යෙහෙලියක සේ සොයුරියක සේ
    2. දවසක් තියේවී වෙන්වුනු ඔබ මා
    3. කඳුල නිවන්නම් නෙත නොතමනවානම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා

      Delete
  16. මෙතන තියන සිංදු වලින් මම ආසම මේ සිංදු තුනට

    කඳුළ නිවන්නම්
    සමනල රෑනක් සේ
    රැලකින් තනිවී

    මේ පෝස්ටුව දැක්ක ගමන් මටත් ලියන්න හිතුන මම ආසම සිංදු ටික.කලණ අය්යත් පෝස්ටුවක් දාල තියනව දැක්ක. ඒවත් හෙමිහිට කියවලම පෝස්ටුවක් දාන්නම් :)

    ReplyDelete
    Replies
    1. රැලකින් තනිවී සිංදුවයි දවසක් තියේවි සිංදුවයි දෙකම ලස්සනයි ඒ සින්දු දෙකෙන් මොකක්ද තෝරන්නෙ කියල හිතුව. රැලකින් තනිවී සිංදුවේ තනු නිර්මාණය පද රචනය දෙකම ලස්සනයි සිංදුවත් වැඩිය කලබල නැහැ අහන්නත් ආසයි ඒ නිසා ඒ සිංදුව ලිව්ව :)

      Delete
    2. බොහොම ස්තූතියි හංසියා

      Delete
  17. ඇත්තම කිවුවොත් ඉයන් මම කැමතිම කියන සිංදු එකක්වත් මෙතන නෑ , ඒත් සල්ලි අමාරු මේ දවස්වල 10,000/ කියන්නෙ ලොකු දෙයක් හින්ද මෙතනින් ආස සිංදු ටික පහලින්

    දවසක් තියේවී - මිල්ටන්
    මේ බස් නැවතුම - පුන්සිරි
    තුන්සිත - කමල් , නීලා


    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කම්මල , බොහොම ස්තූතියි මචං
      උඹ කැමති සිංදු ටිකත් පෝස්ට් එකකින් දානවද?

      Delete
    2. පෝස්ට් දාන්න මට කොහෙද බ්ලොග් එකක්. අර කමියගෙ පෝස්ට් එකේ උඝෙ ඒවට අමතරව මම ආස ඒව කමෙන්ට් එකක් දැම්ම.
      අපි වෘතීය කොකා ල

      Delete
  18. මීට මාසෙකට උඩදී ආසම සින්දු 20 තෝරන්න ගිහින් 100 ට වඩා අඩු කරන්න බැරුව ඇත ඇරලා දැම්මා.
    මෙන්න මගේ තුන,
    1. දෙගුරුන් වෙනුවෙන්
    2. රැලකින් තනිවී
    3. තුන් සිත දැහැන් ගත වෙලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කපිල වස්තුව
      maru nama :)

      Delete
  19. 3, 6 & 11 ට මම කැමතියි...

    මම කැමති සිංදු අති බහුතරයක් මෙතන නැහැ...

    ReplyDelete
  20. 1. දෙගුරුන් නිසා ආදරයක් අහිමි වුණ
    2. ගඟක් රකිනා
    3. රැලකින් තනි වී

    හරිම ලස්සන සිංදු ටිකක්. ඉයන් මට තේරෙන්නේ නැ කොහොමද සිංදු 10ක් 20ක් තෝරන්නේ කියලා කැමති සිංදු අතරින්, හැබැයි ඉයන්ගේ අභියෝගය බාර අරන් ලියන අය නිසා හොඳ සිංදු ටිකක් අහන්න ලැබෙයි වගේ..

    තව අවුරුදු 10ක් ... අම්මෝ ඉයන්, අඩුම ගානේ 5කින් වත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. TY නිම්නයක තනි වී හීන දකින්නී.

      Delete
    2. මොන හේතුවක් නිසාද මන්දා අහපු දවසේ ඉඳලා මට මර්වින් පෙරේරා ගයන "මේ නගරය" සිංදුව අහන්න බැ.. අද වෙනකන් මම ඒ සිංදුව ඉවර වෙනකන් මගෙ උවමනාවට අහලා නැ, එහි කියවෙනවා වගේ අත්දැකිමකුත් මට නැ. සින්දුවේ ඇති වැරද්දකුත් නැ.. කාටහරි එහෙම අත්දැකිමක් තියනවද..

      Delete
  21. දවසක් තියේවී
    රැලකින් තනි වී
    සමනල රෑනක් සේ

    මේ දවස් වල මගේ ඔලුවෙ වැඩ කරන්නෙ මේං මේක...

    ඇල් පවනේ යාවෙලා මල්වියනේ පානගා
    ලන්ද දිගේ හිනහී එන්න ලඳේ..


    මිල්ටොං මල්ලවාරච්චි
    පද රචනය කරුනාරත්න අබේසේකර
    සංගීතය මට මතක හැටියට ක්ලැරන්ස්

    https://www.youtube.com/watch?v=Vh7kbSt0NKQ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි X Porter

      Delete
    2. හරිම ආසාවෙන් කියෙව්වා . සින්දු ඔක්කොමත් ඇහුව . පුදුම වැඩේ මම කවදාවත් ආසාවෙන් අහපු නැති සින්දුත් ආසාවෙන් ඇහුවා . තුති.
      කොහිද කියා
      ගඟක් රකිනා, රැළකින් තනිවී
      මේ දවස්වල දැනෙන ගීය දමා යන්නට නොහැකි මිහිමත ... සෝමතිලක ජයමහ

      Delete
    3. බොහොම ස්තූතියි ඉන්දුමතී, සාදරයෙන් පිළිගන්නවා මෙහාට.

      Delete
  22. 16 න් ගොඩක් සිංදු වලට කැමති... ඒ අතරින්

    1.. ආදර සීණුව
    2. තුන් සිත දැහැන් ගත වෙලා
    3.. නැගී සිටිමු



    පෝස්ටුවක් ලියන්න අදම බලන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි. පෝස්ට් එකක් දාන්න අභියෝගය භාරගත් තුන් දෙනාගෙන් කෙනෙක්. +++

      Delete
  23. සමනල රෑනක් සේ
    යෙහෙලියක සේ
    දවසක් තියේවී


    මේ උඹ කැමති ඒවා හෝ උඹ ප්‍රාජේට දීපුවා නෙවෙයි. මෙතනින් මම කැමති ඒවා විතරයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕන ඒක තමයි Dude. Thank you

      Delete
  24. මේ මං කැමති සින්දු තුන

    1) කඳුළ නිවන්නම්...
    2) තුන් සිත
    3)වස්සානයට අත වනල...

    සින්දු වලින් සමහර ඒවා ඇහුවේ ගොඩක් කාලෙකින්. ස්තුතියි ඒවා මතක් කරලා දුන්නට! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ

      Delete
  25. මම කැමතියි ඉයන්, රැලකින් තනි වෙලා ඇවිත් මේ බස් නැවතුමට වෙලා වස්සානයට අත වනන්න

    ReplyDelete
  26. මෙතන තියන ගීත අතරින් මෙන්න මගේ තේරීම.

    1. රැලකින් තනිවී

    2. දවසක් තියේවී

    3. සමනල රෑනක් සේ

    අම්මෝ..........කවම කවදාවත් කැමති ගී ලැයිස්තුවක් හදලා නැහැ. හොඳයි බලන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා

      Delete
  27. ඉයන්ගේ ගී ගොන්නෙන් මම කැමතිම 3
    1. ආදර සීනුව
    2. තුන් සිත දැහැන්ගත
    3. සමනළ රෑනක් සේ..

    ජයවේවා!!!

    ReplyDelete
  28. සින්දු ටික නම් එල. නිවාඩු තියෙන වෙලාවක ඔක්කොම අහලා පෝස්ට් එකක් දාන්නම්. මට නම් හිතා ගන්න බහ මොන දහසයද තෝරන්නේ කියල. ඊට වැඩිය තියනවනේ.

    ReplyDelete
  29. challenge accepted :D

    මේ සින්දු අතරින් ආදර සීනුව, මේ බස් නැවතුම, තුන්සිත දැහැන් ගතවෙනා සින්දු වලට ආසයි (සොමියා)

    ReplyDelete
  30. 4,5,8
    ඔන්න අහඹු ලෙස ලියැවුනු ගීත අංක තුන.ටයිප් කලොත් ඉලක්කමක්,ආවොත් 10 000ක්.(ප්‍රා.., කෙරෙන විදිහට කොරන්නත් ඔට්ටුයි.)
    ගස්ලබ්බත් ඔන්න සිංදු 16ක් බෙදාගන්නවාලු ඈ.. හැබැයි ටික දවසකට පස්සෙ ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete
  31. අඩේ මේක මරු බං මාත් දානවා මෙහෙම පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. අටම් මේ ටිකෙන් තුනක් තෝරල දාපන්කො

      Delete
    2. මං කැමතිම එව්වා මෙතන නැනේ ඉයන් , හා කමක් නැ ඔන්න එහෙනං ටිකක් කැමති එව්වා
      1 කඳුල නිවන්නම්
      2 කෙලෙසද කිවමැන
      3 රැලකින් තනිවී

      Delete
  32. ඉයන්... අපි බෙස්ට් සිලෙක්ෂන් ගැන ලිව්වේ සෑහෙන කාලෙකට ඉස්සර ..
    ඒ කාලයට අදාළ වෙන පරිදි ..ආදර ගීත සම්බන්ධ පොස්ට් එකක..
    1. http://helmalu.blogspot.com.au/2015/10/blog-post_27.html
    2. http://helmalu.blogspot.com.au/2015/10/blog-post_30.html
    3.http://helmalu.blogspot.com.au/2015/10/blog-post_28.html
    කියවලා ,, අහලා බලන්න .. ජයවේවා.. ඔබේ ලිස්ට් ඒකෙත් මගේ සිලෙක්ෂන් ගොඩක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංදු ටිකත් බැළුවා. බොහොම ස්තූතියි කවිඳු

      Delete
  33. රැලකින් තනිවී
    යෙහෙළියක සේ
    වස්සානයට අත වනල

    කැමති සිංදු 16ක් බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්... :)

    ගීතයෙන් තොර ජීවිතයක් නැති හන්ද ඒක සුන්දර වැඩක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොකුරු. ඔබගේ ලිස්ට් එක අහන්න ආසාවෙන් ඉන්නවා

      Delete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  35. කාලෙකට පස්සේ බන් බ්ලොග් වලට බැස්සේ. නොහිතපු ප්‍රශ්නෙකට හදිසියේ මැදි වුනා..
    එව්වා ඕන නැහැ.

    සිංහල බ්ලොග් අවකාසේට කාලෙකට පස්සේ ලස්සන වෙනස් කන්සෙප්ට් එකක් ඇවිල්ල.
    බොහොම අගය කරනවා උඹට මේ වගේ අයිඩියාස් එකක් ඔලුවට ආපු එකට.

    ඔන්න මාත් පහුවෙලා හරි චැලේන්ජ් එක බාර ගන්නවා.

    අච්චාරු හැලියක් වගේ සිලෙක්ෂන් එකක් දාන්නම් උඹටත් "අපරාදේ " කියලා හිතෙන්නම.

    ReplyDelete
    Replies
    1. #4,#11

      උඹේ ලිස්ට් එකේ ඔන්න ඔය නම්බර් දෙක නම් මාත් ගොඩක් කැමති සින්දු දෙකක්.

      Delete
  36. //වරක් දුම්රියක යද්දී තරුණයන් පිරිසක් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගැයූ මේ ගීතය ගායනා කරනු අසා පසුව එය මගේ ප්‍රිය කරන ගීතයක් වුණා.//

    ඒ වගේ ම පුංචි කාලේ අම්මලා එක්ක බදුලු කෝච්චියේ (රාත්‍රී තැපැල් දුම්රිය) ගමේ ගිහින් එද්දි හරි යද්දි හරි අහපු සිංදුවක් මටත් තාම මතකයි. අනිත් පැත්තේ තිබුණු අනිත් අතට යන කෝච්චිය ඉඳන් කෝච්චියට පහර දෙමින් තාලය අල්ලමින් අයියලා/මාමලා කට්ටියක් කිව්වේ.

    සැඳැ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දිල්, මම කියන සිද්ධිය වුණෙත් රාත්‍රී බදුලු කෝච්චියක තමයි. 1989 දෙ විතර

      Delete
  37. සොඳුරු ආවර්ජනයක යෙදෙන්න පුළුවන් විදිහේ අභියෝගයක් ඉදිරිපත් කළාට ඉයන්ට බොහෝම ස්තූතියි. මගේ ප්‍රියතම ගීත අතුරින් දාසයක් බොහොම අමාරුවෙන් තෝරගෙන ඔන්න මාත් බ්ලොග් ලිපියක් පළ කළා. :)

    ඔබ තෝරාගත් ගීත අතරින් 'තුන් සිත දැහැන්ගත වෙලා', 'වස්සානයට අත වනලා' සහ 'ආදර සීනුව' ගීත මාත් බොහොම ආස කරන ගීත.

    ReplyDelete
  38. තරුණ කාලේ ක්‍රශ් තිබීම සාමාන්‍ය දෙයක් නේ. ඒ වුණාට මගේ එක ක්‍රශ් එකක් වුණේ මගේ හොඳම මිතුරාගේ මිතුරිය. ඒක ඔවුන් දෙදෙනාම දැනගෙන හිටියා........... - මේ කතාව පොඩ්ඩක් කියන්නකො. නැගලා යයි.

    ReplyDelete
  39. රැල්ලක් හින්දම මේ පැත්තේ ගොඩවැදුනට මේ සිංදු ටික ඇහුවට පස්සේ සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන්නේ කට කහනවට නෙමෙයි කියලා හිතුනා... අපූරු සිංදු ටික.....

    ReplyDelete
  40. මම නිවැරදි නම් මේ 100 වෙනි කමෙන්ට් එක මේ පොස්ට් එකේ... :)

    ඔන්න තුශානිත් අභියෝගේ බාර ගත්තා...

    http://littleflowerbuds.blogspot.com/2016/08/111-16_20.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තුශාණි, 100 වන කමෙන්ට් එක දැම්මාට සහ ඔබගේ තේරීම් පෝස්ට් එකක් දැම්මාට.

      Delete
  41. කළ්‍යාණ මිත්‍ර, අටම්පහුර වගේ අය කියපු එක හරි, 'කෙලෙසද කිව මැන සිපගත් දෑතට' ගීතය කමල් චිත්‍රසේනගෙ තමයි. මම මුලින් කිවුවා වගේ අර ක්‍රෂ් එකේ කතාව අහන්න පාඨකයො කැමති වෙයි. තරහා නැතුව කියන්න.

    ReplyDelete
  42. ''අමතක කල ඒ, අපේ අතීතතය,,,, මින් පසු මතෙකෙට'' නගා, ඒ සුන්දර අපේම අතීතය, අප මනදසුන් කල 'ඉයන්ට' ප්‍රතමයෙන් මගේ ස්තූතිය​, කල් පසුවී, ත්‍යාගද​ පිරිනමා, තරඟය හමාර වී තිබුනත්, මෙය මගේ ප්‍රියතම විශය වන බැවින් 16 න් මං කැමැති ගී 3 තෝරනවා. මං කැමැති ගී 16 තෝරා ලිපියකින් කියන කර්තව්‍යයත් කල් පසු වී හෝ මං අද අරඹනවා...

    මෙන්න මං කැමැති ඉයන්ගේ ගීත තුන​,

    මේ බස් නැවැතුම​
    යෙහෙළියක සේ
    කෙලෙසද කිව මැන​

    ReplyDelete
  43. මෙන්න මං තෝරපු මා උන්මත් කල​ ගී 16 https://unmanthaka.blogspot.com/2016/08/16.html

    ReplyDelete
  44. මේ බස් නැවැතුම
    දවසක් තියේවී
    දෙගුරුන් නිසා ආදරයක් අහිමි වුණ

    ReplyDelete
  45. බොහොම ස්තූතියි මෙන්ඩෝ

    ReplyDelete
  46. ඔන්න බඩා මාමත් දැම්මා

    http://badamama.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
  47. ඔන්න දැන් තමයි දැක්කේ "පටන් ගැනීමේ පෝස්ටුව"...

    ReplyDelete