Saturday, August 17, 2019

වැඩකට නැති බර ඔසවාගෙන යන්නෝ

විශාල බරක් ඔසවාගෙන යන අයෙක්

ෆේස්බුක් එකේ හෝ බ්ලොග් ලියන අය අතර එතරම් නොවූවත් සමාජයේ බොහෝ දෙනෙක් විශාල බරක් ඔළුව උඩ තියාගෙන යන අය වගේ ජීවත් වෙන් බව දැක තියෙනවාද? පාර තොටේදී දකින මැදි වියේ අය ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඔවුන් බොහෝ දෙනෙක්ගේ මුහුණු වලින් පිළිඹිබු වන්නේ විශාල ප්‍රශ්ණ කන්දරාවක් දරාගෙන සිටින අය වගේ ද?

ඇත්තටම බොහෝ දෙනෙක් විශාල බරක් අරගෙන තමයි ජීවිතය ගෙනියන්නේ. ඒ කියන්නේ අති විශාල පොට්ටනි දෙකක් ඔවුන් යන එන තැන අරගෙන යනවා. මේ බර පොට්ටනි දෙක ගැන පොඩ්ඩක් හිතුවොත් ඒ බර බිමින් තියල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියල ඒ අයට කියල දෙන්න.