Monday, July 25, 2022

බස් ගමනාගමනය ප්‍රතිව්‍යුහගත කිරීම.

රජයේ සහ පෞද්ගලික බස් රථ

අද පවතින බස් ගමනාගමන ක්‍රමයේ විශාල ගැටළු කිහිපයක් ඇත. එනම් සමහර මාර්ගවල විශාල පුද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවනය වන විට සමහර මාර්ග වල අඩුප්‍රමාණයක් ධාවනය වීම. රජයේ සහ පුද්ගලික බස් අතර සහ පුද්ගලික බස් දෙකක් අතර තරඟය. අධිවේගයෙන් ධාවනය කිරීම, පුහුණුව නොලත් රියැදුරන්, සහ කාලයකට පෙර නිර්ණය කරන ලද ධාවන මාර්ග, පුද්ගලික බසයක් කාර්මික දෝශයකට ලක්වුණොත් ඇතිවන සංකූලතා ආදියයි. 

මේ සඳහා විසඳුම නම් බස් ධාවනය සහ බස් අයිතිය වෙන්  කිරීමයි. එනම් රටේ හෝ පළාතක බස් ප්‍රවාහණ පහසුකම් සැපයීම රජයේ ආයතනයකට පැවරීමයි. බස් හිමියන් එනම් පුද්ගලික බස් හිමියන් සහ ගමනාගමන මණ්ඩලය එම ආයතනයට බස් කුලියට දීමක් කරනු ලබයි. අයිති කරුවන් බස් රථය සහ රියැදුරා මෙම ආයතනයට සපයනු ලබන අතර, දෛනික දීමනාවක් සහ ධාවනය වන දුර මත පදනම් වූ ගෙවීමක් බස් හිමියන්ට ලැබේ. බස් හිමියන්ට අසාධාරණයක් නොවන ලෙස පරිගණක පද්ධතියක් මඟින් ඊලඟ දිවීම සඳහා බස් තෝරාගත හැක, එසේම බස් වල සවිකරන ට්‍රැකින් යන්ත්‍ර හරහා බස් ධාවනය වන වේගය ආදිය ලබා දී ඇති කාල වලට සිදුවන බවට තහවුරු කල හැක. එවිට වැඩිපුර ධාවනය ලබා ගැනීමට වේගයෙන් ධාවනය කිරීමට නොහැකිවේ. එමෙන්ම එම ට්‍රැකින් යන්ත්‍ර හරහා බස් නැවතුමේ සිටින අයට බස් රථය කොතරම් දුරකින් පවතින්නේ ද යන්න බලා ගත හැකිවනු ඇත, ප්‍රවාහණය මෙහෙයවන්නේ එක ආයතනයක් බැවින් එකම රීලෝඩ් කල හැකි ඉලෙක්ට්‍රොනික් පාස් එකක් හරහා මහජනයාට ඕනෑම රථයක ගමන් කල හැකි වනු ඇත. 

බස් රථ ලබාගන්නේ ප්‍රවාහන ආයතනය විසින් බැවින් විටින් විට රෝද වල තත්ත්වය සහ කාර්මික තත්ත්වය පරීක්ෂා කිරීමටත් රියැදුරන්ගේ බලපත් සහ පුහුණුව පරීක්ෂාකර අනුමත කිරීමට ඔවුන්ට හැකිය.   

මේ ක්‍රමයේ ඇති විශාලතම වාසිය නම් ඉල්ලුම අනුව බස් රථ එකම දිනයකදිත් විවිධ මාර්ග වල ධාවනයට යෙදීමට ප්‍රවාහන අධිකාරියට හැකිවේ. දැනට ගමනා ගමන මණ්ඩලය අනුයුක්ත කර ඇති ආකාරයට හෝ රූට් පර්මිට් අනුව මිස බස් ධාවනය කල නොහැක. ඉල්ලුම පාලනය කිරීමට මහජනයා වෙත ඇප් එකක් ලබාදී එයින් ඔවුන් බස් නැවතුමට එන වේලාව සහ ගමනාන්තය   ලබා ගත හැකිවේ. එම දත්ත යොදාගෙන පරිගණකය මඟින් ඊලඟට පැමිණෙන බස් රථය සහ එහි ඇති ඉන්ධන ප්‍රමාණය ආදිය සලකා බලා ඉහල ඉල්ලුමක් ඇති මාර්ග සඳහා ඊලඟ ධාවනයට අනුයුක්ත කල හැක.

එමෙන්ම ඒ වෙලාවකට පසුව ධාවනය පාඩු නිසා පුද්ගලික බස් ධාවනය නවත්වන එක වෙනුවට ප්‍රවාහණ අධිකාරියට එම මාර්ග වල පැයකට සැරයක් බසයක් ධාවනය කල හැක. ටික කාලයක් ගතවන විට එම කාලයේ එකතු වූ දත්ත යොදාගෙන පරිගණකට සති කිහිපයකට එහාට ඉල්ලුම පිළිබඳව අනාවැකි (predict) ලබා ගෙන ධාවන කාල සටහන් නිර්ණය කිරීමත් ඒ අනුව ප්‍රවාහණ ආයතනයට ඉල්ලුම අනුව කුලියට ගන්නා බස් රථ සංඛ්‍යාව එහෙ මෙහෙ කිරීමටත් හැකිවනු ඇත.

මෙවන් ක්‍රමයක කාර්යක්ෂමතාවය ඉහල අගයක් ගනු ඇත. එමෙන්ම විශ්වාසය තැබිය හැකි සේවයක් ලැබීම නිසා වැඩි දෙනෙක් බස් ප්‍රවාහණය ලබා ගැනීමට උනන්දු වනු ඇත. අවශ්‍යනම් මෙය බසයෙන් බසින තැන සිට මඟියා යායුතු ස්ථානයට කුඩා වාහන වලින් ප්‍රවාහණය සැපයීම දක්වා වැඩි දියුණු කල හැක.











මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Wednesday, July 20, 2022

අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති සහ ජවිපෙ

අනුර සහ අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති



මගේ උපකල්පනය වැරදිලා කලින් බයි සමාජිකාවක් සමඟ තිබ්බ  ඔට්ටුවකිනුත් මාව පරාද කරලා රනිල් වික්‍රමසිංහ අටවන (ලද ) ජනාධිපති වුණා. රනිල් කියන දේශපාලකයාගේ හැකියාව පෙන්නන්න ඔහුට සම්පූර්ණ ධුර කාලයක් නොව අර්ධ කාලයක් තියෙනවා.

අනුර කුමාර දිසානායක ඔහුගේ කථාවේදී කිව්වා අද පාර්ලිමේන්තුව මහජන මතය නියෝජනය වෙන තැනක් නෙවෙයි කියලා. ඒක එක පැත්තකින් හරි. අද චන්දයක් තිබ්බොත් පොහොට්ටුවට 2020 ලැබිච්ච ආසන ගණන ලැබෙන්නේ නැහැ. එහෙත් අනුර අදහස් කලේ අද ජනමතය පාර්ලිමෙන්තුවේ නියෝජනය වුනානම් ඔහු දිනනවා කියලා නම් ඒක වැරදියි කියලයි මම හිතන්නේ.

එහෙම කියන්න හේතු මේවායි.

2019 ජනාධිපතිවරණයෙදී (පාස්කු ප්‍රහාරයේ වැරැද්ද යොමුවෙද්දිත් සහ එම්සීසී සහ රට පාවාදීම් වැනි චෝදනා තියෙද්දිත්  ) එජාපය ලක්ෂ 55 ක් චන්ද ගත්තා. 2020  චන්දෙ ජවිපෙට  ලබා ගත හැකිවුණේ චන්ද 450,000 ක් පමණයි.1982 ජනාධිපතිවරණෙදි රෝහණ විජේවීර ලබාගත් චන්ද 250,000 සහ එදා සිට වැඩිවී සිටින චන්ද දායකයින්ගේ ප්‍රමාණය ගත්තාම ඒක ඉතාම සුළු වැඩිවීමක්. (2020 සජබෙ සහ එජාපෙ එකතුව ගත්තේ 2019 චන්දෙ ගත්තට වඩා අඩු ප්‍රමාණයක්. ඒකට හේතුව ලෙස මා දකින්නේ එජාපය දෙකඩ වීම නිසා පාක්ෂිකයින් අතර වූ කලකිරීම කියලයි ). ඒත් ඔවුන් තවමත් එජාප/සජබෙ යන දෙක අතර රැඳී සිටින බව සහ ජවිපෙ දෙසට හැරීමට හේතුවක් නැති බව මගේ විස්වාසයයි. අනික රනිල් ජනාධිපති වී ඇති නිසා මහින්ද/මෛත්‍රී මෙන් නොව ධුර කාලයෙන් පසුව ඔහු විශ්‍රාම යනවා. එවිට එජාපෙ සහ සජබෙ එකතුවීමට ඉඩ තියෙනවා.

Saturday, July 16, 2022

මීලඟ ජනාධිපති ඩලස් අලහප්පෙරුම මැතිතුමා

මීලඟ ජනාධිපති ඩලස් අලහප්පෙරුම මැතිතුමා



හොඳ බැනුම් ටිකක් අහගන්න හිතාගෙන මේක ලියන්නේ. රනිල් රාජපක්ෂ වරුන්ට නඩු දැම්මේ නැහැ කියල හැම තැනම කියනවා. එතකොට 20 සම්මත කරගෙන පෝලිමට නිදොස්කර නිදහස් වෙච්ච නඩු දැම්මේ අනුර කුමාරද? මැයි 9 න් පසුව රනිල් අගමැති කම බාරනොගන්න ගෝටාභයත් යන්නලු හිටියෙ. ඇත්තට? ජූලි 9 න් පස්සෙත් ගියේ හමුදා ප්රධානීන් මන්දිර අල්ලගෙන ඉන්න අයට වෙඩි තියන්න බැහැ කිව්වයින් පස්සෙ. අගමැති කම භාරගන්න සජිත් සහ අනුරත් (සෝභිත හාමුදුරුවො හරහා ) කැමති වුණා නේද? එතකොට රනිල් ගත්ත එක වැරදි වෙන්නෙ කොහොමද? කල නොහැකි වුණත් රනිල් ගත්තෙ ඇත්තටම ඔහුට ඒක විසඳන්න පුලුවන් වෙයි කියලයි. නමුත් අධාර දෙන රටවල් ගෝටාභයව බේල් අවුට් කරන්න අකමැති වීම තමයි එතනදි වුණේ. රනිල් නිසා ඩොලර් ලැබුණනම් තාම ගෝටාභය ඉන්නවා.

Tuesday, July 12, 2022

අරගලයෙන් රට පරදියිද?




අරගලයත් ජයග්‍රහණය කරල රාජපක්ෂ පාලනයට විරුද්ධ අය බොහොම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක්. මේකේ ප්‍රතිඵලයක් හැටියට විනිවිදභාවයකින් යුක්ත, සාධාරණ මැතිවරණ පවත්වන, නීතිය හැමෝටම සමානව අදාල වෙන රටක් හැදෙනවනම් ඒක ඇත්තටම හොඳයි. ඒ ඇරුනම ආර්ඨික ක්‍රමය වෙනස් වෙන ලෝකෙම ප්‍රතික්ෂේප වුන වාමාංශික ක්‍රමයකට අනුගත වෙන්න අරගලය යොදාගන්න පෙරටුගාමී හෝ ජවිපෙ උත්සාහයක් ගන්නවනම් ඒක නම් රටට සහ මිනිසුන්ට හොඳක් වෙන දෙයක් නෙවෙයි කියලයි මගේ මතය.  

ජූලි 9 අරගලයට සහභාගී වුන හැමෝටම ජවිපෙ ප්‍රමුඛ රජයක් අවශ්‍යයි කියල අනුමාන කරන්න පුළුවන්ද? මැයි 9 සිද්ධියෙන් පස්සේ ගෝටාගම ජවිපෙ සහ පෙරටුගාමී සාමාජිකයින් අත්පත් කරගත්ත කියන එක රහසක් නෙවෙයි. ඒකෙන් වුනේ සහභාගී වෙමින් සිටි ජවිපෙ හෝ වාමාංශික නොවන අය එයින් ඉවත්වීමයි. ඊට පසුව රටේ ගෑස්, කිරිපිටි, ඉන්ධන ආදී ප්‍රශ්ණ තවත් උග්‍රවුනත් ගෝටාගෝගම මැරීයමින් පැවතුනේ. ඒ අතර සති දෙකකට විතර පෙර අන්තරය පෙලපාලියක් පැවැත්වුවා. ඒකෙන් වෙච්ච දෙයකුත් නැහැ. ඊට පසුව තමයි අරගලය නියෝජිතයන් ශ්‍රිලනිප, සජබෙ, 43 සේනාංකය වගේ අය සමඟ සාකච්චා කරල ජූලි 9 සංවිධානය කලේ. විවිධ පක්ෂ නායකයින් සහ පුරවැසි සංවිධාන ජූලි 9 ට සහභාගී වෙන්න මහජනයා උනන්දු කලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශාල ජනතාවක් සහභාගී වීම තමයි එහි සාර්ථකත්වයට එකම හේතුව. එහෙම ප්‍රයත්නයකින් ප්‍රධාන අරමුණ මුදුන්පත් කරගෙන ඊට පස්සේ ඒක රට වාමාංශික පැත්තට ගෙනියන්න හෝ පෙරටුගාමී හෝ ජවිපෙ පෙනී සිටින අදහස් ක්‍රියාත්මක කරන්න යොදා ගන්නවානම් ඒක විශා  රැවටීමක්.