Saturday, July 16, 2022

මීලඟ ජනාධිපති ඩලස් අලහප්පෙරුම මැතිතුමා

මීලඟ ජනාධිපති ඩලස් අලහප්පෙරුම මැතිතුමා



හොඳ බැනුම් ටිකක් අහගන්න හිතාගෙන මේක ලියන්නේ. රනිල් රාජපක්ෂ වරුන්ට නඩු දැම්මේ නැහැ කියල හැම තැනම කියනවා. එතකොට 20 සම්මත කරගෙන පෝලිමට නිදොස්කර නිදහස් වෙච්ච නඩු දැම්මේ අනුර කුමාරද? මැයි 9 න් පසුව රනිල් අගමැති කම බාරනොගන්න ගෝටාභයත් යන්නලු හිටියෙ. ඇත්තට? ජූලි 9 න් පස්සෙත් ගියේ හමුදා ප්රධානීන් මන්දිර අල්ලගෙන ඉන්න අයට වෙඩි තියන්න බැහැ කිව්වයින් පස්සෙ. අගමැති කම භාරගන්න සජිත් සහ අනුරත් (සෝභිත හාමුදුරුවො හරහා ) කැමති වුණා නේද? එතකොට රනිල් ගත්ත එක වැරදි වෙන්නෙ කොහොමද? කල නොහැකි වුණත් රනිල් ගත්තෙ ඇත්තටම ඔහුට ඒක විසඳන්න පුලුවන් වෙයි කියලයි. නමුත් අධාර දෙන රටවල් ගෝටාභයව බේල් අවුට් කරන්න අකමැති වීම තමයි එතනදි වුණේ. රනිල් නිසා ඩොලර් ලැබුණනම් තාම ගෝටාභය ඉන්නවා.

රනිල්ට චන්ද නැහැ කියන එක. ගිය පාර චන්දය විකෘතියක්. එජාපය දෙකඩ වෙලා තිබුණෙ. ගොඩක් එජාප අය චන්දෙ දැම්මේ නැහැ. 2019 ජනාධිපතිවරණ එජාප චන්ද සහ 2020 මහමැතිවරන එජාප +සජබ චන්ද අතර පරතර ලක්ෂ 20 ක් විතර. ඒත් ජවිපෙ ගත්තෙ 445,000 යි. හැමදාම මැතිවරණ වල මුළු ලංකාවෙන්ම ජවිපෙ ගත්තෙ චන්ද 450,000 ට අඩුවෙන්. රනිල් හැමදාම වගේ කොළඹින් මනාප ලක්ෂ 5 ක් විතර ගත්තා. අද ජවිපෙ චන්ද 4 ගුණයක් වැඩි වෙලා තිබ්බත් රනිල් සහ අනුර අතර පමණක් චන්දයක් තිබ්බොත් රනිල් දිනනවා කියලයි මම හිතන්නේ. අරගලයේ ජවිපෙ පෙරටුගාමී අය වැඩි ඇති.රනිල් අගමැති කම ගත්තාම අරගලයෙන් අඩුවෙලා ගිය ගාන හැමෝම දැක්ක. ජූලි 9 ට අරගලේ කට්ටිය ගිහින් අනික් පක්ෂ වලින් සහය ඉල්ලලා ඒ පක්ෂත් උනන්දු කරල නේද මහ සෙනගක් ආවේ. ජවිපෙයි පෙරටුගාමී අයයි විතරක් කිව්වනම් එච්චර සෙනඟක් එයිද? එහෙම නැත්නම් අර මැයි 9 න් පස්සේ පාළු වෙලා තිබ්බ අරගල හෝ ජූලි 9 ට සුමාන දෙකකට කලින් තිබ්බ අන්තරේ පාගමනට ජූලි 9 වෙච්ච දේ කරන්න බැරිවුණේ ඇයි?


මේක නිකන් දැම්මේ



ඇත්ත කථාවනම් සජිත් හෝ ඩලස් අගමැති වීම ජවිපෙට 2024 දි හොඳයි කියල එයාල හිතන එක. හේතුව කවුරු ආවත් මේ ප්රශ්ණයෙන් ගොඩ එන්න කාලයක් යන නිසා. අරගලයේ කෑගහන අය ගණන් කරල හෝ බුකියෙ පෝස්ට් ගාන ගනන් කරල රනිල් ජනතාවට එපා වෙලා හෝ ජවිපෙ හරි ජනප්රියයි කියල හිතන අය ගැන කියන්න දෙයක් නැහැ. නමුත් ඒ අයට තියෙන හොඳ නිව්ස් එක තමයි 20 දා රනිල් ජනාධිපති වෙන්නේ නැහැ. බැසිල්ලා මෙහෙයවන, කිසිම දෙයක් ගැන කිසිම දර්ශණයක් නැති ඩලස් තමයි ඊලඟ ජනාධිපති. අගමැතිත් පොහොට්ටුවෙන්. ඒ නිසා රාජපක්ෂලාට විරුද්ධව කිසිම පරීක්ෂණයක් වත් නඩුවක් වත් නැහැ. ඒ අයට අනික් හොඳ නිව්ස් එක 2024 පස්සේ රනිල් දේශපාලනයෙන් විශ්රාම ගන්නවා.
රටකට ලැබෙන්නේ එහි ජනතාවට ලැබිය යුතුම දේශපාලකයින්ය.- Joseph de Maistre



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

31 comments:

  1. ඊලඟ ජනාධිපති. අගමැතිත් පොහොට්ටුවෙන්. ඒ නිසා රාජපක්ෂලාට විරුද්ධව කිසිම පරීක්ෂණයක් වත් නඩුවක් වත් නැහැ..........api paw

    ReplyDelete
  2. We need a new face. As per my knowledge Dalas is not corrupted. My choice is Dalas.

    ReplyDelete
    Replies
    1. I agree with a new face. Ideal time for a new face is 2024. The country is in a crisis. If we don't handle this we could sink. This may not be the time to experiment or try out new faces for the sake of new faces. If a new face is required ideal is Dr. Harsha who knows what can be done in this situation.

      Delete
  3. සුරැකෙයි රටවැසියො ලොක්කන් හොඳ කලෙක
    ඔවුන් පත් වේවි රට්ටුත් හොඳ කලෙක
    දෙගොල්ලටම නොපෙනේ නම් හොඳ නරක
    සිහිනෙකි රටක් ඉදිරියටම ඇදෙන එක!

    ReplyDelete
    Replies
    1. රට පෙරටම යනවා දැන්, නෑ සැකක් බියක්
      කතා නායකටත් තියනවාලු මාජ්ජ ඒකකයක්
      කියැවුනාය ජනාධි-පති අස් වෙච්ච බවක්
      තවත් එකෙක් එලවමු අපි,ඉන් ගන්න වැඩක්

      Delete
    2. එකෙක් යද්දි එන්නට හුඟ දෙනෙක් ඇත
      කරන බව කියති ඇවිදින් රටට සෙත
      ආවට පස්සෙ ඒවා මතකයේ නැත
      නිදහස ලැබුණු දා සිට වුණු සෙතක් නැත!

      Delete
    3. නිදී හැමදාම කවියෙන් කමෙන්ට් කරනවා. මට ඉස්සරන ටිකක් ගැටගහගන්න පුළුවන්. දැන්නම් හරිම අමාරුයි

      Delete
    4. කවියෙන් උත්තර නොදුන්නට කමක් නෑ ඉයන් මහත්තයෝ. දිගටම ලියන්න- අප දැනුවත් කරමින්!

      Delete
  4. මේ සයිට් එකේ එල්ලගෙන තියෙන විජට් ටිකක් අඩුකරන්න බලන්න. ලොකු අවුලක් තියනවා. කමෙන්ට් ලියාගෙන යනකොට හුටස් ගාලා, රිප්‍රේෂ් වෙලා වාෂ්ප වෙනවා.

    ReplyDelete
    Replies
    1. මට මේක හදාගන්න තේරෙන්නේ නැහැ. කමෙන්ට් වලට රිප්ල්යි කරනකොටත් හරි වාටහය්ක්. එක රිප්ල්යි එකක් දාල ආයිමත් විනාඩි 5-10 කින් තමයි තව එකක් දාන්න පුළුවන්. එතකන් රිප්ලයි බටන් එක වැඩ කරන්නේ නැහැ. වෙලාවක් දුන්නොත් මම කෝල් කරන්නම් හදා ගන්න උදව් කරන්න , බස්සා

      Delete
  5. //රටකට ලැබෙන්නේ එහි ජනතාවට ලැබිය යුතුම දේශපාලකයින්ය//

    අපි එලවන දේශපාලුවො, කියන්නෙ හුදීජන සමාජයේම හරස්කඩක්. දේශපාලුවො කරන්නෙ, ජනප්‍රිය දේශපාලනය - මහජනතාව ඉල්ලන දේ. ජනතාව ඉල්ලුවෙම, අඩුවෙන්ම වැඩකරලා, වැඩියෙන් කන්න. කෝවිඩ් ඇවිත්, සංචාරක ව්‍යාපාරය සහ ඩොලර් හිඳුන් නැත්නම්, අපි තාමත් ජොලියෙ ට්‍රිප් යනවා, සැමන් ෆ්ලේ සමඟ ගෝට් චීස් කනවා. බඩේ පාර වැදිච්ච නිසා පාරට බැස්සා මිසක්, අපි එච්චරම අවංක, පරාර්ථකාමී, හික්මුණු සහ සාධරණ ජාතියක් නෙමෙයි. ඕකතමයි ඇත්තම කතාව.

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයා. කෝවිඩ් සහ සංචාරක කර්මාන්තය නිසා නම් නෙවෙයි මේ ප්‍රශ්ණෙ ඇතිවුණේ.ඒක අපිට මෙන්ම මුළු ලෝකයටම බලපෑවා. ඒකෙන් කෙල වුනේ වැඩියෙන්ම ඒ කර්මාන්තයේ යෙදී සිටිය අයයි. මේ ප්‍රශ්ණයට එකම හේතුවයි තියෙන්නේ. බදු බිලියන 800 කින් පමණ අඩුකරලා විශාල වශයෙන් මුදල් අච්චු ගසන ගමන්, ඩොලර් අනුපාතය 200 මට්ටමේ අලාගෙන සිටීමයි. ඒ නිසා මසකට ඩොලර් මිලියන 800 ක් පමණ වූ ශ්‍රමික ප්‍රේශණ මසකට ඩොලර් මිලියන 200 කට විතර බැස්සා. ඊට අමතරව රුපියල 200 මට්ටමේ තියාගන්න කියල හිතාගෙන ඩොලර් බිලියන ගණනක් සංචිත වික්කා.

      Delete
  6. Whatever you say, you cannot deny the fact that Ranil was in the front and centre protecting and shielding the Rajapakshas.

    D.B.S Jeyaraj රනිල් ගැන ලියපු ලස්සන දෙයක් තිබුනා 'Quite often his punches are not punchy enough' කියලා. May be that explains.

    ReplyDelete
    Replies
    1. රනිලා නඩු දැම්ම නේද? මයිත්‍රී ගේම ගැහුවේ. රාජපක්ෂලා රනිල්ව කෝනර් එකට ඇල්ලුවා බැංකු කේස් එකට. රනිල කොටු වුනා රනිල්ගේම ගොන්කම ඒක

      Delete
    2. උත්තරේට ස්තුතියි, අජිත්. නඩු දැමීම අගය කල යුතුයි but wasn't it done just to pacify the people. දැන් ඔය රාජපක්ශලා ඇතුලු පොහොට්ටු සෙට් එක රනිල්ව ජනාධිපති කරන්න ඔච්චර දඟලන්නෙ එතකොට නඩු ටික ඔක්කොම දාගන්නද. බලමුකො ඉතින්.

      (කවුරු ආවත් නඩු දාන්න හෝ වෙනත් නීතිමය පියවර ගන්න තියෙන ඉඩ අඩුයි, that's a different story. Regardless, I don't think anyone can deny the significant and deceitful role played by Ranil in protecting the Rajapakshas).

      Delete
    3. Ajith රාජපක්ෂලා රකින්නේ රනිල් තමයි. අර එක දාලා දීර්ග ලෙස විභාග කරලා 20 සංශෝධනයෙන් පස්සේ නිදොස් කොට නිදහස් කර ගත නඩු එකසිය ගාන ඔක්කොම දාගත්තේ රාජපක්ශලාමයි.

      Delete
    4. Lotus මිනිසුන්ට පේන්න කරනවානම් රනිල්ට තිබුණේ ජනාධිපති කොමිසමක් දාල දෙන සාක්ෂි දවස ගානේ රූපවාහිනියේ පෙන්නන්න. එහෙම නැතුව නඩු එකසිය ගාණක් දැම්මේ විශේෂ පොලිස් අංශයක් පිහිටුවලා පරීක්ෂණ කරලා. එකෙන් ලැබුණු ප්‍රසිද්ධිය අඩුයි. මතකනම් අවන්ට්ගාඩ් නඩුවට ගෝටා ඇතුලට යන්න ඉන්නකොට මෛත්‍රී ඉස්සරහට පැනල එයාව බේරගත්තා. එවකට හිටපු අල්ලස් කොමසාරිස් ඩිල්රුක්ශි අස්වෙච්ච හේතුව හොයා බලන්න.

      Delete
    5. මම කියන්නේ වෙන කතාවක් -රනිල කොටු වුනා - කියල. මහා බැංකු කේස් එකට රනිල්ව ඇතුලට යවන්න රාජපක්ෂලාට පුළුවන්. ඒක (බැංකු කේස් අක) එලියට ආවට පස්සේ. රනිල හිරේ යන්න ගූ බයයි. රනිල රාජපක්ෂලාව බේරන්න ගත්තේ එතැන් සිට.

      Delete
    6. රනිල් , අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම කලත් එසේ පත් වුන කෙනෙකුගේ ක්‍රියාවන් සඳහා ඔහුට නඩු පවරන්න පුලුවන්ද? අනික අවුරුදු 10 ක් පෞද්ගලික ප්ලේස්මන්ට් හරහා කරපු බොන්ඩ් සේල්ස් පත්තරේ ඇඩ් දාල ලන්සු ගෙන්නල කෙරුවේ රනිල් ගේ නියෝග අනුව. ඇත්තටම වග කියන්න ඕන රවී. මෛත්‍රීගේ කොමිසමෙනුත් රනිල් වැරදිකාරය වෙලා නැහැ.

      Delete
  7. දෙයක් ඇත්නම් එය සුදුස්සාටම ලැබිය යුතුයි.
    ගොවි දන මනා වූ. දිනිය යුතු වූ සේම ගම් බිම්.

    විධායක ජනපති විය යුත්තේ රනිල්මයි.

    ReplyDelete
    Replies
    1. ඔහුට ලැබිය යුතුයි කියන තර්කය නම් වැරදියි. ඇද තියෙන ප්‍රශ්ණ ටිකට විසඳුමක් හොයාගන්න ඉතා අමාරු වෙනවා. ඒ ප්‍රශ්ණ විසඳිය හැකි කෙනෙක් වෙනුවට 'අරගලය' ඉල්ලන්නේ හොරු අල්ලන කෙනෙක්. ඔවුන් හිතනවා රාජපක්ෂ සහ අනික් අය හොරකම් මුදල් ලැබුණම රටේ ප්‍රශ්ණ ඉවර වෙයි කියල. ඒ අය දන්නේ නැහැ පිලිපීනයේ මාකෝස් එලවල අවුරුදු 35 ක් විතර වෙනවා. එයා හොරා කාපු දේවල් වලින් 3% ක් වත් හොයාගෙන නැහැ. ගිය මාසේ මාකෝස් ගෙ පුතා ජනධිපතිවරණය දින්නා. මගෙ අදහස මේ ප්‍රශ්ණය විසඳන්න දැනුම් තේරුම් සහ අත්දැකීම් ඇති සහ ලෝකේ පිලිගැනීමක් ඇති කෙනෙක් ඕන ඒකට ගැලපෙන්නේ රනිල් කියලයි.

      Delete
  8. මේ වගේ පෝස්ට් දාල ගෝල්ෆේස් පැත්තේ යන්න වත් හිතන්න එපා

    ReplyDelete
    Replies
    1. ඔව් පරිස්සම් වෙන්න වෙනවා. ජප්විපෙ / පෙරටුගාමී කියන්නෙ අන් මත ඉවසන කට්ටිය නෙවෙයිනෙ. ඒ ගොල්ලන් කියන එක හරි. වෙනස් මත තියෙන්නෙ ද්‍රෝහීන්ට.

      Delete
  9. අනුර ඡන්දෙට කලින් මොකක් හරිබයිලයක් ගහලා ඉල්ලා අස්වෙනවා. එහෙ නැත්නම් දෙවියන්ට භාරයක් වෙලා ඇති අනේ දෙවියනේ මාවනම් පත්වෙන්න එපා කියලා. උන්ට පුරුදු විනාශ කරලා මිසක් පාලනය කරලා නෙමේ.

    ReplyDelete
    Replies
    1. රනිල් ජනාධිපති වීමට වඩා ඩලස් - සජිත් සංයෝගයට ජේවීපී ප්‍රමුඛ අරගලකරුවන් එකඟවන්නේ එය ඔවුන්ට වාසි සහගත නිසයි. අද තියෙන ප්‍රශ්ණ වලින් ටිකක් හරි ගොඩ එන්නත් කාලයක් යනවා. රනිල් සහ පොහොට්ටු ආණ්ඩුවක් තිබුණොත් ඊලඟ මහමැතිවරණයේදී සජිත් දිනීමට හෝ ජවිපෙ සමඟ කරට කර සිටීමට ඉඩ තිබෙනවා. එහෙත් සජිත් අගමැති වුණාම ඉදිරි කාලයේ ඔවුන්ගේ ජනප්‍රිය භාවය පිරිහෙනවා. ඒකේ වාසිය යන්නේ ජවිපෙට.

      Delete
  10. මදැයි මගේ උපකල්පනය වැරදුනා. ඔට්ටුවකිනුත් පැරදුනා.

    ReplyDelete