Tuesday, July 12, 2022

අරගලයෙන් රට පරදියිද?




අරගලයත් ජයග්‍රහණය කරල රාජපක්ෂ පාලනයට විරුද්ධ අය බොහොම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක්. මේකේ ප්‍රතිඵලයක් හැටියට විනිවිදභාවයකින් යුක්ත, සාධාරණ මැතිවරණ පවත්වන, නීතිය හැමෝටම සමානව අදාල වෙන රටක් හැදෙනවනම් ඒක ඇත්තටම හොඳයි. ඒ ඇරුනම ආර්ඨික ක්‍රමය වෙනස් වෙන ලෝකෙම ප්‍රතික්ෂේප වුන වාමාංශික ක්‍රමයකට අනුගත වෙන්න අරගලය යොදාගන්න පෙරටුගාමී හෝ ජවිපෙ උත්සාහයක් ගන්නවනම් ඒක නම් රටට සහ මිනිසුන්ට හොඳක් වෙන දෙයක් නෙවෙයි කියලයි මගේ මතය.  

ජූලි 9 අරගලයට සහභාගී වුන හැමෝටම ජවිපෙ ප්‍රමුඛ රජයක් අවශ්‍යයි කියල අනුමාන කරන්න පුළුවන්ද? මැයි 9 සිද්ධියෙන් පස්සේ ගෝටාගම ජවිපෙ සහ පෙරටුගාමී සාමාජිකයින් අත්පත් කරගත්ත කියන එක රහසක් නෙවෙයි. ඒකෙන් වුනේ සහභාගී වෙමින් සිටි ජවිපෙ හෝ වාමාංශික නොවන අය එයින් ඉවත්වීමයි. ඊට පසුව රටේ ගෑස්, කිරිපිටි, ඉන්ධන ආදී ප්‍රශ්ණ තවත් උග්‍රවුනත් ගෝටාගෝගම මැරීයමින් පැවතුනේ. ඒ අතර සති දෙකකට විතර පෙර අන්තරය පෙලපාලියක් පැවැත්වුවා. ඒකෙන් වෙච්ච දෙයකුත් නැහැ. ඊට පසුව තමයි අරගලය නියෝජිතයන් ශ්‍රිලනිප, සජබෙ, 43 සේනාංකය වගේ අය සමඟ සාකච්චා කරල ජූලි 9 සංවිධානය කලේ. විවිධ පක්ෂ නායකයින් සහ පුරවැසි සංවිධාන ජූලි 9 ට සහභාගී වෙන්න මහජනයා උනන්දු කලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශාල ජනතාවක් සහභාගී වීම තමයි එහි සාර්ථකත්වයට එකම හේතුව. එහෙම ප්‍රයත්නයකින් ප්‍රධාන අරමුණ මුදුන්පත් කරගෙන ඊට පස්සේ ඒක රට වාමාංශික පැත්තට ගෙනියන්න හෝ පෙරටුගාමී හෝ ජවිපෙ පෙනී සිටින අදහස් ක්‍රියාත්මක කරන්න යොදා ගන්නවානම් ඒක විශා  රැවටීමක්.

අරගලයේ ඉල්ලීම් කියල ප්‍රකාශණය්ක් නිකුත් වෙලා තියෙනවා. එකේ තියෙන බොහෝ දේවලට මම එකඟයි. එකඟ වෙන්න බැරි දේවල් කිහිපයකුත් තිබුණ.

එක යෝජනාවක් තමයි විශාල සමාගම් වලට බදු තවත් වැඩිකිරීම. මේ අවුරුද්ද ගත්තොත් බොහෝ සමාගම් 35%-50% දක්වා  පමණ බදු අනුපාතිකයකට යටත් වෙනවා. වාමාංශික සිතීම තමයි කොම්පැණි කාරයොන්ගෙන් කඩාගෙන බෙදල දෙන එක. ඒකෙන් වෙන්නේ රත්තරන් බිත්තර දමන කිකිලිය මරාගැනීම වගේ එකක්. ඊට වඩා වෙන්න ඕන නව රැකියා ඇතිකිරීමට ඉලක්ක දී ඒවා සපුරන අද තිබෙන සහ නව සමාගම් වලට බදු සහන දීම. ඒවගේම කලයුතුම දෙයක් රජයේ වියදම් කපා හැරීම. වර්ජනය කරන්නම බලාගෙන ඉන්න පෙරටුගාමී සහ ජවිපෙ වෘත්තීය සමිති වලට ඕන වියදම් කපා හැරීමක් නෙවෙයි.

අනික් කරුන තමයි රටේ ඩොලර් ප්‍රශ්ණෙන් මහ අමාරුවක වැටිල ඉන්න විදෙස් රටවල ඉගෙන ගන්න ළමයි. අවුරුද්දකට ඩොලර් බිලියන 2-2.5 ක් වියදම් වෙන්නේ විදේශ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින්ට ගෙවන්නයි. ඩොලර් ප්‍රශ්ණය සහ ඩොලයක මිල යන හෙතු නිසා අනාගතයේදී ඒකත් සුපිරි ධනවත් අයට පමණක් කල හැකි දෙයක් වෙනවා. වාමාංශික ආර්ථික ක්‍රමයේ ප්‍රධාන ගුරුවරුන් වෙන රුසියාවත්, චීනයත් පෞද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමය පිළිගෙන තමන්ගේ රටේ ළමයින්ට මෙන්ම විදේශීය සිසුන් ගෙන්වාගෙන ඩොලර් හොයද්දි ජවිපෙ පෙරටුගාමී අය  පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධයි. එතකොට වාමාංශික සහ වාමාංශික නොවන අය එකතුවෙන් ජයග්‍රහණය කල  අරගලය යොදාගෙන අනුරව ජනාධිපති කිරීමට ඉල්ලීම සහ ජවිපෙට හිතවත් අරගලකරුවන්ගෙන් සමන්විත ජන සභා වලින් රටට මඟ පෙන්වීම වගේ දේවල් ඉල්ලා සිටීම සාධාරණයිද?

පුරවැසි හෝ ජන සභා වලින් පාර්ලිමේන්තුව මෙහෙයවීමේ වරදක් නැතත් එම සභාවලට පත්විය යුත්තේ උගතුන් සහ එක් එක් ක්ශෙත්‍ර වල පලපුරුදු අය මිසක් අවුරුදු ගණනක් විශ්ව විද්‍යාල වල පල්වෙන අන්තරේ අය හෝ රට කියුබාවක් හෝ වෙනුසුවෙලාක් කරන්න දඟලන ජවිපෙ නෙවෙයි. අද තියෙන ප්‍රශ්ණ වලට හේතුව ධනවාදී ආර්ථික ක්‍රමය නෙවෙයි. ඒ හරහා සිදුවුණ මහා පරිමාණ හොරා කෑම, හැමදේම නොමිලේ බලාපොරොතුවන සමාජය සහ මැතිවරන දිනීමට පත්කල  විශාල රාජ්‍ය සේවයයි.   


හොරකම නැතිවුණත් අනික් දේවල් ප්‍රතිසංස්කරණ කිරීමට පෙරටුගාමී හෝ ජවිපෙ කැමතිවෙයිද? 

ඡන්දයකින් ජයග්‍රහණය කලොත් හැර ජවිපෙ හෝ පෙරටුගාමී ආර්ථික ප්‍රතිපත්ති අරගලය ජයග්‍රහණය මුවාවෙන් ක්‍රියාවට නංවන්න හදන එක ගැන පරිස්සම් නොවුණොත් නම් රට වෙන්නේ හානියක් පමණයි. කලකට පෙර මම ලිවූ මේ ලිපියෙන්  පෙන්වා දුන් පරිදි ජවිපෙ විසින් හැම රටකම වගේ කම්කරු පක්ෂ යොදාගත් center-left ආර්ථික ක්‍රමයක් පිලි නොගන්නේ නම් ඔවුන් බලයට පත්කිරීම හොඳ වෙන එකක් නම් නැහැ.

එම නිසා system change යනු ක්‍රමය වෙනස් කිරීම මිස පුද්ගලයින් වෙන කිරීම නොවන බව තේරුම් ගෙන සොරකම් කිරීමට වැටබඳින රජය අත්‍යාවශ්‍ය වියදම් පමණක් හඳුනා ගෙන කරන, බදු පැහැර හැරීම්, නීතියෙන් හැමෝටම එක හා සමානව සැලකෙන ලෙස ක්‍රමය වෙනස් කිරීම වැනි දේවල් සඳහා පමණක් යනුවෙන් අරගලයේ ජයග්‍රහණය අර්ථකතනය දෙන්න මතක් කිරීම කල යුතුමයි. ඒ නිසා හැමෝම එකතුවෙලා ගත්ත ජයග්‍රහණය වාමාංශිකයින් හයිජැක් කරලා රට පරද්දන එක ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙන්න පුළුවන්.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

28 comments:

  1. එකඟයි. මකරා එලවන්න ආපු ගැලවුම්කරුවන්, ඊළඟ මකරුන් බවට පත්වීමේ අවදානමක් නැත්තෙම නෑ. අපට අවශ්‍ය වන්නේ, ස්වීඩනයේ වැනි දේශපාලන ක්‍රමයක්.
    https://namiyageweediya.blogspot.com/2022/07/9.html?showComment=1657637309321#c5273881784353146373


    ReplyDelete
    Replies
    1. බකුස්,
      අපි context එක තේරුම් ගන්න ඕනි නැද්ද?
      sweden වල තිබුන තත්වය, ලංකාවට සම්පූර්ණයෙන් වෙනස්, දැනට ලංකාවෙ තියෙන තත්වය ඊටත් වඩා මඥ්ඥං.

      Delete
    2. "අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හැදිලා තියෙන්නෙම බහුතරය ගොනාට අන්දවන්න පුළුවන් පල් හොරුන්ට පත්වෙලා වරප්‍රසාද භුක්ති විඳින්න" කියල ඩ්‍රැකී කිව්ව එක හරියි කියල මට හිතෙනවා. අපේ සාකච්චා, කමිටු හැකියාව දන්න නිසා අනේ මන්දා?.....

      Delete
    3. නමියගෙ පෝස්ට් එක කියෙව්වා. ඔබතුමාගේ කමෙන්ට් කීපයත් කියෙව්වා. මට කියන්න තියෙන්නේ ස්වීඩන ක්‍රමය පමණක් නොව දියුණු රටවල් වල ඇති ක්‍රමය කියලයි. එක උදාහරණයක්. එම රටවල අධිවේග මාර්ගයක් හදනවනම් රටේ ජනාධිපති, ඇමතිවරුන් ඒකට සම්බන්ධ වෙනවද? නැහැ. සංවර්ධන වැඩ සඳහා එම වැඩ තෝරාගැනීම, සැලසුම් කිරීම, සහ ක්‍රියාත්මක කිරීම වෙන්නේ විනිවිදභාවයකින් යුක්ත ආයතන වලින්. 1972 සහ 1978 ව්‍යවස්ථාවලින් තමයි සංවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආදී දේවලට දේශපාලනය සම්බන්ධ වුණේ. විදේශ ප්‍රතිපත්තිය, රාජ්‍ය ආරක්ෂාව, නීති සම්පාදනය හැර අනික් ඒවා දේශපාලනයෙන් අයින් කිරීම එනම් 1972 ට පෙර තිබ්බ ක්‍රමය තමයි පිළිතුර. උදාහර්නයකට රටේ ණය පාලනය කලයුත්තේ ස්වාධීන මහ බැංකුවක් විසින්. එහෙම වුණානම් මෙපමණ ණය ප්‍රමාණයක් ගන්න වෙන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති දේශපාලන ග්‍රහණයේ නොතිබුණානම් නැව් නො එන වරායවල්, ප්ලේන් නො එන ගුවන් තොටුපොලවල්, නෙළුම් කුළුණු, වහල තියෙන සම්මන්ත්‍රණ ශාලා ඇතිවන්නේ නැහැ. තරඟකාරී සහ තාක්ශණික අගැයීම් සහඉත ක්‍රමයක් තිබුණානම් නෝරච්චෝලේ වගේ දේවල් ඇතිවන්නේ නැහැ. විදුලිබල මණ්ඩලය, ශ්‍රීලංකන්, ඛනිජ තෙල් සංස්ථාව වගේ නාස්තිකාර සංවිධාන තිබෙන්නේ නැහැ.

      Delete
  2. ලේසියි බොර වතුරෙ මාළුන් ඇල්ලීම
    දිනුමට තාත්තල හරියට හැම තැනම
    සතිය තියෙනවද පුරවැසි හැමෝටම
    වේවා ඔවුන්හට නිසි මඟ පෙන්වීම!

    ReplyDelete
    Replies
    1. සතියක් තිබේ නම් ප්‍රශ්නය ඇති වෙයි ද?
      නිසි මඟ පෙනුම විතරක් තිබුනොත් ඇතිද?
      වල පල්ලට යන රට වලකනු හැකිද?
      වැල යන අතට මැසි ගහලා හරි යයි ද?

      Delete
    2. සතිය තියෙන විට වරදින් මිදෙන එක
      මං ගොඩකින් හරි එක දැන ගන්න එක
      ඒ මඟ ගිහිං රට මුදවා ගන්න එක
      අරුම නොවේ යැයි සිතනෙමි; නැතිය සැක!

      Delete
    3. මිනිසුන් ලෙසින් සතියක් අප හට නැතිය
      අසතිය මඟින් අප පාලනෙ කර ඇතිය
      හරි මඟ දන්න අය නැත්තේ නැතිය
      ඒ මඟ යන්නෙ නෑ නොවැ නැතියෙන් සතිය.

      ආර්ථිකේ දැන් ගොඩ ගන්නේ කෙලෙස
      පහලට ඇද වැටුම ඇරඹී ඇත මෙලෙස
      උඩ සිට දෙයක් බිමටම වැටෙනවා මිස
      ආයෙ උඩට යන්නේ නැත එක විගස.

      Delete
  3. ඉන්ධන ප්‍රශ්නය තමයි මූලික වුනේ සාමාන්‍ය ජනතාවටනම්

    ReplyDelete
    Replies
    1. එකඟයි. දර භාවිතා කරන වාහන නැති බොහෝ අයට දැනෙන්නේ බඩු මිල පමණයි. අපේ ගමේ නම් අඩු ආදායම්ලාභී අයට සහල් කිලෝ දහයේ ද කොහෙද බෑග් එකකුත් ලැබිල තිබුණා. ඒ අය හිටියට වඩා හොඳින් ඉන්නවා දැන්. :D

      Delete
    2. රටට වුණ දෙය කෙටියෙන් මෙච්චරයි. 2020 මහමැතිවරණය කාලය වෙනකම් ඩොලර් බිලියන 7 ක පමණ සංචිත තිබුණා. කෝවිඩ් කාලයෙත් ඩොලර් මිලියන 800 ක් පමණ මාසයකට ප්‍රේශණ ලැබුණා. වැරදුන තැන නම් විශාල බදු සහන දීම සහ එයින් වුන ආදායම පියවා ගැනීමට මුදල් අච්චු ගැසීම නිසා. එහෙම මුදල් අච්චු ගසා එයින් වෙන රුපියල අවප්‍රමාණයට ඩොලර් එක යන්න ඇරියනම් ප්‍රේශණ අඩුවෙන්නේ නැහැ. සල්ලි අච්චු ගසන ගමන් රුපියල 200 ට හිර කිරීම නිසා ප්‍රේෂණ උන්ඩියල් ක්‍රමයට ගියා. දැන් මාසයකට ලැබෙන්නේ එවකට ඩොලර් 800 න් මිලියන 200-250ක් පමණ. ඊට පසු ඩොලරය පා කලත් උන්ඩියල් ක්‍රමය ඉගෙන ගත් අය දැන් බැංකු වලට මුදල් එවන්නේ නැහැ. මේගැන මම පෝස්ට් එකක් ලීවා ඒක මෙතන. ඊට අමතරව පොහොර නිකන් දීමේ පොරොන්දුවෙන් ගැලවෙන්න පොහොර ආනයන නැවැත්වීමට කල කාබනික මුවාව.

      Delete
    3. ශ්‍රමික ප්‍රේශණ විශාල ලෙස අඩුවීම, ඩොලරයේ මිල පවත්වාගෙන යාමට මහ බැංකුව ඩොලර් විකිණීම සහ සහ යුක්‍රේන් යුද්ධය නිසා ඇතිවුණ බොරතෙල් මිල විශාල ලෙස ඉහලයාම තමයි ඉන්ධන අර්බුධයට හේතුව.

      Delete
    4. අපි මේ කරන්නෙ වචන නාස්තියක් වෙන්නත් පුළුවන්. හොරකම, අකාර්‍යක්ෂමතාවය සමාජගත වුනාට, මකවල තමයි හදන්න වෙන්නෙ. බඩේ පාර වැදිච්ච හන්දා වීදී බැස්සට, ලොකු කැපවීමක් කරන්න, ගත්ත ආතල් නැති කරගන්න කවුරුත් කැමති වෙන එකක් නෑ.

      Delete
    5. ඒක තමයි බස්.. ස්වීඩන් නෙවෙ ලෝකේ හොඳම ව්‍යවස්ථා, කෙටුම්පත්, ක්‍රමසම්පාධන... ආවත් ඉන්ට මිනිස්සු ඒවාට අනුගත වීම තුලයි නියම system change එක තියෙන්නෙ. ආකල්ප සංවර්ධනය වගේ දේවලුත් මේ change එක ඇතුලේ තියන්නෙ ඕන.
      වාහනෙන් තෙල් අදින එකා රට විනාසයි කියා කියා තවත් ඒ වෙනුවෙම්ම නෙව වැඩ කරන්නෙ

      Delete
  4. පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්නේ අඩු ආදායම්ලාභී අයට ලැබෙන අවස්ථා අඩුකම නිසා නම්, පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න කැමති, නමුත් අධ්‍යාපනය සඳහා වියදම් කරන්න මුදල් අඩු ළමුන්ට බැංකු ණයක් හඳුන්වා දුන්නා නම් හරි. එතකොට ඉගෙන ගෙන ඉවර වෙලා විදේශගත රැකියා වලට යන අය ණය පියවීම සඳහා මුදල් එවනකොට, විදේශ මුදල් රට තුලට ගලා ඒමකුත් සිදු වෙනවා.

    පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්නේ ප්‍රමිතිය සම්බන්ධව ගැටළු නිසා නම්, දේශපාලන අතපෙවීම් වලින් තොරව ප්‍රමිතිය පරීක්ෂා කරන්න ඉඩ දිය යුතුයි. (යාලුවෝ කීප දෙනෙක් පුද්ගලික විශ්ව විද්‍යාල වල සේවය කරන නිසා දන්නා දෙයක් තමයි, සමහර පුද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය ඇත්තටම දුර්වලයි. ඔක්කොම නෙවෙයි, එකක් දෙකක්)

    ReplyDelete
    Replies
    1. මානවී බොහොම ස්තූතියි. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යාමට සිසුණය ක්‍රමය හඳුන්වා දීම කලයුතුම දෙයක් කියල මම පිළිගන්නවා. ඊට අමතරව තත්ත්ව නියාමනය සඳහා ආයතන, කටපාඩම් කරුවන් නැතිව බුද්ධිමත් දරුවන් තෝරාගන්නා SAT, MCAT, වැනි විභාග හරහා තෝරා ගැනීම, ඉහල ලකුණු ගන්නා අයට ශිශ්‍යත්ව වැනි සියළු දෙයම ඊට ඇතුලත්.

      නමුත් අඩු අදායම් අයට යාමට නොහැකි නිසා කියන තර්කය වැරදියි. එහෙමනම් අඩු අදායම් අයට යා නොහැකි තරුපහේ හෝටල්, ඔවුනට ගත නොහැකි මෝටර් රථ, ඔවුනට ගත නොහැකි වායු සමනය වගේ උපකරණ, සියල්ලම තහනම් කලයුතුයි නේද?

      Delete
    2. ඔව්. හැමදාම ණය ගන්නා රටක් වෙලා හිටපු එකේ, වෙනසකටත් එක්ක, මූලික ආර්ථික විද්‍යාව පාසල් අධ්‍යාපනයට ඇතුලත් කළා නම් මිනිස්සු ප්‍රයෝගික නැති ඉල්ලීම් කරන එක ටිකක් හරි අඩු වෙයි.

      කටපාඩම් කතාව නම් ඇත්ත. ඒකත් අපේ විෂය නිර්දේශයේ තියන ලොකු ගැටළුවක්. ඒ වගේම, නීතිය සහ මූලික මිනිස් අයිතිවාසිකම් එහෙම පාසල් අධ්‍යාපනයට ඇතුලත් විය යුතුයි කියල මම හිතනවා. අපි පාසල් යන කාලේ තිබුණා ජීවන නිපුනතා කියලා විෂයක්. ගෘහ ආර්ථික විද්‍යාව උගන්නන ගුරුතුමියක් ඇවිත් කතා කර කර ඉදලා යන එක විතරයි කරන්නෙ. එතුමිය දවසක් කිවුවා "පාසල් කාලේ ආදර සම්බන්ධතා පවත්වන ගැහැණු ළමුන්ට අවසානයේ නතර වෙන්නට වෙන්නේ ලිංගික ශ්‍රමිකයින් ඉන්නා 'මඩමක'" කියල. ඔය වගේ විකාර ඔලුවට දාන කාල පරිච්ඡේද වල වැදගත් දෙයක් ඉගැන්නුවා නම් ආකල්ප දියුණු වෙනවා බොහොම පිළිවෙලට.

      Delete
    3. මානවිකා,
      හැමදේම පාසලෙන්ම උගන්න එකත් අමාරුයි නේද?
      පාසල කියන එකෙන් විධිමත්, ව්‍යුහමය අධ්‍යාපනයක් දෙන්න නම් සුදුසුයි.
      තව අපිට applied psycology, emotional intelligence, financial litaracy වගේ දේවලුත් ඉගැනුව නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඒ හැමදේම පාසලෙන් කරන්නත් බෑ නේද කියලා ප්‍රශ්නයක එනවා.🤔

      Delete
    4. සමාජ පිරිහීමක් එක්ක, අලුත් පරම්පරාව තුලින් ආකල්ප දියුණුවක් ඇති කරන්න නම් පාසල් අධ්‍යාපනයට ටිකක් වැඩිපුර දේවල් එකතු කරන්න වෙනවා, ගෙදරින් මේවා උගන්නයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි නිසා, නේද? මේ යෝජනා ක්‍රියාත්මක කරනකොට එන අභියෝග තිබෙනවා. එකක් තමයි දුෂ්කර පාසල් වල තිබෙන අනිත් ගැටළු එක්ක ලොකු විෂය නිර්දේශයක් උගන්නන්න අමාරු වීම. අනික තමයි, කොහොම විෂය නිර්දේශ සකස් කලත්, උගන්නන ගුරුවරයාගේ අදහස් ළමුන්ට ගලා යන එක. අර ඉහත brothel කතාව කියපු ගුරුවරුන්ට අමතරව, අපට හිටියා, ඔසප් වූ විට පිටවෙන්නේ අපිරිසිදු රුධිරය බව ප්‍රකාශ කරන ගුරුවරු. ගැහැණු ළමුන් විතරක් ඉඳලත් අපිට ප්‍රජනනය පාඩම හරියට ඉගැන්නුවේ නැහැ, A/L මැත්ස් class එකේ හිටියා බබාලා ලැබෙන විදිය දන්නේ නැති ළමයි (වයස 18). ඉයන් ගේ ලිපියේ ප්‍රධාන topic එකෙන් බාහිර උනත් මේක පුළුවන් නම් බලන්නකෝ, ඔහොම තමයි ඒ දවස් වල නම් අපේ ලිංගික දැනුම. :D
      https://www.youtube.com/watch?v=nqeQhACFHj0

      විෂයක් විදියට වෙනම උගන්නලා විභාග තියලා උගන්නන්න ගියොත් මේ ඔක්කොම උගන්නන්න අමාරුයි තමයි. මේ කරුණු ඇතුලත් වෙන්න ඕනේ සමස්ත විෂය නිර්දේශයේ පොදු අරමුණු විදියට. මූලික මිනිස් අයිතිවාසිකම් සහ නීතිය වගේ ඒවා නම් කරුණු වශයෙන් උගන්නන්න වෙනවා තමයි. හැබැයි ගොඩක් ගැඹුරට නෙවෙයි නිසා, එච්චරම ලොකු කාලයක් ඒ දේවල් වලට වැය වෙන්නේ නැහැ කියලා හිතමු. applied psychology සහ emotional intelligence වගේ දේවල් නම් විෂය කරුණු විදියට උගන්නන්නවාට වඩා සාර්ථක වෙයි කියලා හිතනවා අනිත් විෂයන් තුළින් මේ කුසලතා ඇතිකෙරෙන විදියට විෂය නිර්දේශ හදන එක. උදාහරණයක් විදියට, සෞඛ්‍ය පාඩමේ ප්‍රජනක සෞඛ්‍යය උගන්නනකොටම, consent එක ගැන කියලා දෙන්න පුළුවන්. සමාජ අධ්‍යයනය උගන්නනකොට, සමානාත්මතාවය සහ සහකම්පනය ගැන අදහස් ලබා දෙන්න පුළුවන්.

      තව පුංචි කතාවක් කියන්නම්. අපේ කාලේ තිබුණු ලොකු ගැටළුවක් තමයි O/L ගණිතය ප්‍රශ්න පත්‍රය අසමත් වෙන ළමුන් සංඛ්‍යාව අධික වීම. මේකට විසඳුමක් විදියට කලේ ප්‍රශ්න පත්‍රය අතිශයින්ම පහසු කරන එක. ඒත් අසමත් වෙන නිසා අගෝස්තු මාසේ විතර පුහුණු ප්‍රශ්න පත්‍රයකුත් දුන්නා. හැබැයි හිතලා බැලුවම, මේ ප්‍රශ්නයට හේතුව තමයි පොඩි කාලේ ඉඳලාම තර්ක හැකියාව දුර්වල වෙන විදියට උගන්නපු එක. නමුත් කෙටි කාලීන විසඳුම විදියට කලේ අසමත් වෙන්න අමාරු තරම් පහසු ප්‍රශ්න පත්‍රයක් ලබා දීම.

      Delete
  5. මුල ඉදන් පටන් ගන්න වෙලා, මුල තියෙන්නේ පුංචිකාලේ ඉදන්ම ජේවීපී තාලේ හිතන එක වෙනස් කිරීම තුලයි. ඒක කරන්න අපි ආගම් වලට බාර දීලා තිබ්බත් ආගම් අසමත් වෙලා, යුනෙස්කෝව වෙහෙසක් දරනවා ඉස්කෝල තුලින් සහකම්පණය (empathy) වර්ධනය කරන්න, අනූගණන් වල ග්රාස්රෑට් ෆන්ඩින් ගත්ත සංවිධාන වල කෝසෙට් එක වුනේ අපේ කැම්පස් වල සෝෂල්සයන්ස් ලෙක්චර්ලා සහ 89 මර්ධනයේදී හැංගිලා ඉදලා බේරුණු ජේවීපී ක්‍රියාකාරීන්, සංවර්ධනයේ මාවත විදිහට ඔවුන් ප්‍රවර්ධනය කලේ ජවීපේ මතවාදයම තමයි. අපි දුප්පත් වූ නිසා ආයිත් ඒ ෆන්ඩින් එවි, මේ වතාවේවත් එව්වා යොමුවිය යුත්තේ කෙසේද සහ කා අතටද යන්නේ කියන එක ගැන ප්‍රෙව්ශම් විය යුතුයි, අපේ සෝෂල් සයන්ස් කාරයෝ අතට නම් ඒවා නොයා යුතුයි.

    ReplyDelete
  6. හැමෝගෙම අවධානය යොමුවිය යුතු කාලීන ලිපියක්! තමන් එකඟ නොවන විරුද්ධ මතධාරීන්ට එල්ල කරන ත්‍රස්තවාදී ප්‍රතිචාර වලින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ නායකත්වය කෙතරම් භයානක ද යන වගයි.

    ReplyDelete
  7. ඉයන් තුමෝ... ඔන්න දැන් බස්නාහිරට ඇඳිරිනීතිය දාල හෙම වැඩභාරගන්නැයි ලැහැත්තිය අගමැටි රනිල්.
    මුන්ට තාමත් රට ගැන අබමල් රේණුවකවත් හැඟීමක් නැහැ නෙව අම්මපා.....

    ReplyDelete
  8. අහලා තියෙනවා නේද කියමනක් "The first step of learning to fly is learning to fall" කියලා. කොහොමත් ඉස්සරහට යන්න වෙන්නෙ වැරදි වැරදි තමයි. වැරැද්ද හැකි ඉක්මනින් හදාගෙන, learn and move on කිරීමයි වැදගත්, අමාරු වුනත්.

    මේ වගේ පෝස්ට් වැටීම හා හැමෝම තමන්ගෙ අදහස් අවංකව ප්‍රකාශ කිරීම හුඟ දෙනෙක් රට ආපස්සට යන, අන්තගාමී වැඩ ගැන අවදානයෙන් ඉඳීම ගැන හොඳ ලකුණක්. කාලයක් තිස්සෙම 'හොරකම් කරන්නෙ නැතුව රට හදන්න බෑ', 'රට බේරාගත් අය පොඩ්ඩක් හොරකම් කරාට කමක් නෑ' කියලා කියපු මිනිස්සු කොට්ඨාශයක්, රටේ අර්බුද ඇති කරපු අයට රටින් පනින්න නොදී, පොඩි හෝ පීඩනයක් එල්ල කරපු එකම කොච්චර වෙනසක්ද. මට හිතෙන විදිහට,තවත් හදා ගන්න ඕනෙ එක දෙයක් තමයි තමන් කරන දේට වගකීම ගන්න පුරුද වෙන එක (accountability). ඔක්කොම අර්බුද ඇතිකරලා 'අපිට බලය දුන්න ජනතාව තමයි වැරදි' කියන, රාජ්‍යතාන්ත්‍රිකව වැදගත්- තීරනාත්මක ප්‍රකාශ කරලා 'ඒවා කියවුනේ වැරදිලා, ස්ට්‍රෙස් නිසා' කියලා නින්දිත විදිහට බෝලෙ පාස් කරන දේශපාලකයින්, රාජ්‍ය නිලදාරීන් මේ රටේ ඇති වුනේ වගවීම පිළිබඳව අපේ සමාජයේ තියෙන දුර්වල ආකල්ප නිසා. දෙවෙනි එක තමයි ගැටලු විසදාගැනීමේදි සම්මුතියකට එන්න නම් තමන්ගෙ අදහස් තව කෙනෙක්ගෙ අදහස් නිසා වෙනස්කරගන්න අවශ්‍යයි කියන එක (consensus and compromise). 'මම තමයි හොඳටම කරේ' චින්තනයෙන් වුනු විනාශය හැමෝම අත් වින්ඳනෙ. පුරවැසියන් ඒවා ගැන අවධානයෙන් දිගටම ඉන්නවා නම් අරගලය දිනූ පමනින් තමන්ට ඕනේ දේ විතරක් කරමින් රට ආපස්සට ගෙනියන්න තියෙන ඉඩකඩ අඩුවෙන්න පුලුවන්. ඇත්ත සිස්ටම් චේන්ග් එකක් වෙන්නෙ එතකොට. ('සිස්ටම් එකක් නෑ පුතා, ඒ නිසා වෙනස් කරන්න සිස්ටම් එකක් නෑ' කියලත් කවුද කියලා තියෙනවා දැක්කා).

    ReplyDelete
  9. අරගලය සාර්තක වෙයි ව්‍යවස්තානූකූලව බලහුවමාරුව සිදු වුනොත්. එහෙම නැතුව අරගලයේ ඉන්න සමහර වාචාලයන් කියන විදිහට ව්‍යවස්තාවෙන් පිට ඒ අයවත් පාලනයට සම්බන්ධ කරගෙන අටවන් යන පතෝල මැසිවලින් වෙන්නෙ මේක තවත් අවුලෙන් අවුලට ගිහින්, ජාත්‍යන්තරයේ පිළිගැනීමත් නැති වෙලා, IMF කඩාකප්පල් වෙලා මේක තවත් ලෙබනනයක් වෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ රජය ගන්නා ඕනම් තීරණයකට එක කට්ටියක් ගෝ ගමවල් හදයි. Thank you Senna

      Delete