Showing posts with label LTTE. Show all posts
Showing posts with label LTTE. Show all posts

Saturday, May 20, 2017

ලෝකය නටවන අපේ අය

Geopolitics

අපි හරිම කැමතියි අපි ඉන්න පරිසරය අපේ පාලනය යටතේ තියෙනවනම්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මට මතක විදිහට එහෙම කාලයක් මට තිබ්බෙ මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ල. හැම දේම මට ඕන විදිහට. අම්මල තාත්තල, අයිය, ආච්චි අම්ම එහෙම මම් 'හ්ම්' කිව්වොත් ඒක තමයි අවසාන තීරණය. ඊට ටික කාලෙකට පස්සෙ මල්ලි කෙනෙක් එකතුවෙලා මගේ ඒ සුවිශේශී බලපරාක්‍රමය පැහැරගත්ත. ඊට පස්සෙ එයා තමයි බොස් වුණේ.

ඉස්කෝලේ යනකොටත් එතන ගුරුවරු ගේ බලයයි, මට වඩා ශක්තිය තියෙන අයගෙ බලයයි එක්ක මොලේ පාවිච්චි කරල ඇඟ පත තලාගන්නෙ නැතුව ඉන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ මගේ වුවමනාවට ජාති දාති දාන්න ගියා නම් කෝටු කිතයියල දෙතුන් දෙනෙකුට නෙලන්න පුළුවන් වුනත් කාගෙන් හරි ගුටි කනව. ඒ නිසා තමයි එක එක්කෙනාගෙ දක්ෂකම්, බලපුළුවන්කාරකම්, සම්බන්ධකම්, වගේ දේවල් ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න වුණේ.

Thursday, October 6, 2016

ඉන්දියාව සහ ලංකාවේ යුද්ධය

කලින් පෝස්ටුවේ යුද්ධය අවසන් වුන අයුරින් අවසන් වීමට බලපෑ හේතු ගැන වූ සංවාදයේදී මට වැටහුණු කාරණයක් වූයේ රාජපක්ෂවාදීන්ට යුද්ධය සහ ඒසමඟ බැඳුණු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ ඇතේ අල්ප දැනුමක් බවයි. කාටවත්  ඉවරකරන්න බැරිවුණ යුද්ධය ඉවරකළ විශ්ම කර්මයා වශයෙන් ඔවුන් රාජපක්ෂ ගැන සිතා සිටින්නේ මේ අල්ප දැනුම නිසා වන්නට පුළුවන. විෂය නිර්දේශයට අයත් දේ කටපාඩම් කර විභාගවලදී වමෑරීමෙන් දැනුම ලබන අධ්‍යාපන ක්‍රමයකට නිසා මෙය සිදුවන්නට ඇත. රටේ සහ ලෝකයේ සිදුවන දේ ගැන කියවීමට හා ඒ ගැන විස්තර සෙවීමට උත්සාහයක් නොගෙන ලිඳේ ඉන්නා මැඩියන් මෙන් විභාග වලට හෝ රැකියාවට අවශ්‍ය දැනීමෙන් සීමා වන මෙවන් අය සිටින්නේ ලංකාවේ පමණක්ද යැයි මට නම් සැකයක්ද ඇත. අන්ධ අනුගාමිකයන් නොවන ඉතිහාසය ගැන නොදැනුවත් වීම නිසා වැරදි අවබෝධයක සිටින කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ඒ ගැන ලියන්නට තීරණය කලෙමි.

Sunday, October 2, 2016

යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්‍රෝහීන්

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයන්

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැඟුණු අල්ලස් චෝදනාවකට නඩු පැවරී පලමු දිනයේදීම ඇප ලැබිණි. ඔහුගේ නඩු දිනයේ නීතීඥයන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. සමහරුන් ෆේස්බුක් සහ අනිකුත් සමාජ මාධ්‍යවල සටහන් තැබුවේ යුද්ධය ජයග්‍රහණයට උරදුන් වීරයා අල්ලස් චෝදනාවකට ලක් කිරීම යහපාලන රජයේ පළිගැණීමක් බවත් කවදාවත් දමිල ජනතාව ප්‍රභාකරන්ව මෙවන් පලිගැනීමකට ලක් නොකරන බවත්ය.

මෙසේ තර්ක කරන අයට අනුව යහපාලනයට ඡන්දය දුන් අය, එම රජයට සහයෝගය දක්වන මෙවන් යුධ වීරයන්ට 'කරදර' කිරීමෙට පංගුකාරයන් බවත් එම නිසාම ඔවුන් දේශ ද්‍රොහීන් බවත්ය. පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ සොයුරු හිටපු ජනාධිපති මහින්ඳ රාජපක්ෂ මහතාගෙන් යුද්ධය අවසන් කිරීමට  ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව හැමෝම පිළිගනිති.  මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය. එමෙන්ම ආරක්ෂක ලේකම් ලෙස සිටි අය එම ජනාධිපතිගේ සොහොයුරෙකු  වීමත් ඔහුත් කලින් සිටි හමුදා නිලධාරියෙක් වීමත් මෙම ජයග්‍රහණයට හේතු විය. එවකට හමුදාපති තනතුරේ නොසිටි කොටින් සමඟ යුද්ධය ජයග්‍රහණය කිරීමට දක්ෂ  සරත් ෆොන්සේකා මහතා හමුදාපති කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා  කල දෙයක් බවත් රහසක් නොවේ.

Wednesday, January 20, 2016

දෙමළ බෙදුම්වාදය 3


මීට පෙර කොටස් මෙතනින්   දෙමළ බෙදුම්වාදය 1        දෙමළ බෙදුම්වාදය 2

මේ කොටසත් තව එකක් විතරක් දාල මේ ලිපි පෙළ අවසන් කරන්නයි යන්නේ. මගේ තියෙන සංනිවේදන නොහැකියාව නිසා මේ ලිපි වලින් නිකුත් වෙන්නේ  'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වගේ අදහසක් කියල හිතෙනවා. ඒ මදිවට මම සයිඩ් එකෙන් බයි ලේ කට්ටියට විහිළුවට වගේ ගහන කෑලි වලින් කට්ටිය ඇවිස්සිලා බයි ලා සහ කපිරිඥ්ඥාත් අහන්න වෙච්ච එක.  ඒකෙන් වුනේ ලිපියේ ප්‍රධාන අදහස පැත්තක තියෙද්දි සංවාද ඔක්කොම යූ එන් පී සහ යූ එන් පී විරෝධී ඒවා වෙච්ච එක. බෙදුම්වාදයේ වෙන්කට රාමසාමි ගේ චරිතය සහ බෙදුම්වාදය අරමුණ කරගත් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්වූ පක්ෂය 1972 ජනරජ ව්‍යවස්ථාවට දවස් 18 කට කලින්  බිහිවීම වැනි සංසිද්ධි කිසිවක් සංවාදයට භාජනය වුනේ නැහැ. 

ලිපි වල ප්‍රධාන අදහස වුනේ දෙමළ බෙදුම්වාදය ඇතිවුනේ ලංකාවේ නොව ඉන්දියාවේ දමිලයන්ගේ වුවමනාවට කියන එක කියන්න. සමහර කමෙන්ට් කරුවන් කොච්චර ලින්ක් දුන්නත් වෙන්කට් රාමසාමිගෙන් පටන් ගත්ත බෙදුම්වාදී භූමිකාව පිළිගන්න ලෑස්ති නැහැ. ලංකාවේ මේව පටන් ගත්තේ සිංහලුන්ගේ වැරදි නිසා  එස් ජේ වී චෙල්වනායකම් වැන්නවුන් කියල තමයි බොහෝ දෙනෙක් පිලිගන්න කැමති. මට කියන්න තියෙන්නේ වෙබ් එකේ තියෙන දත්ත කියවලා හරි වෙන විදිහකින් තමන්ගේ මතය හදා ගන්න එක තමන්ගේ වැඩක් වුනත් විස්තර තියෙන කොට වැරදි මතයක් ඉන්න එක නම් ඥාණවන්ත දෙයක් වෙන්න බැහැ කියන එක. 




Thursday, January 14, 2016

දෙමළ බෙදුම්වාදය 2


මීට පෙර කොටස මෙතනින්   දෙමළ බෙදුම්වාදය 1


මෙම ලිපි වල ප්‍රධානතම අරමුණ දමිල බෙදුම්වාදය ශ්‍රී ලංකාවේ ඇතිවූ දෙයක් සහ සිංහල ජනතාවගේ වෙනස්කම් කිරීම (discrimination) , සමූලඝාතන (genocide) , ජනවාර්ගික ශුද්ධය (ethnic cleansing) නිසා බව කාලයක් තිස්සේ බෙදුම්වාදීන් ගෙන ගිය ප්‍රචාර වල අසත්‍ය භාවය ගෙන හැර දැක්වීමය. දෙමල බෙදුම්වාදය 1922 දී පමණ ඉන්දියාවේ වෙන්කට් රාමසාමි මහතා පටන් ගත් එකක් බවත් 1961 ඉන්දු -චීන යුද්ධයෙන් පසු ඉන්දියාවේ ජනතාවගේ ඇතිවූ බෙදුම් විරෝධී හැඟීම, සිදුවූ නීතිමය / ව්‍යවස්ථාමය වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට ආනයනය කල එකක් බවත් පසුගිය ලිපියෙන් පෙන්වා දුනිමි.

එල් ටී ටී ය යුධ වශයෙන් පරාජය කිරීමෙන් බෙදුම්වාදී තර්ජනය අවසන් වී ඇතැයි යන අනවබෝධය නිසා පසුගිය රජය ගෙනගිය බටහිර විරෝධී  ස්ථාවරයේ තිබූ භායානක කම පෙන්වා දීම තව අරමුණක් විය. පාලකයින්ගේ සහ සමාජයේ බොහෝ දෙනා අතර තිබෙන ලෝක භූ-දේශපාලනික කටයුතු ගැන ඇති නොසැලකිල්ල සහ බෙදුම්වාදීන් ලෝකයේ සිදුවන  සිද්ධීන් / වෙනස්කම් තමන්ගේ වාසියට යොදාගැනීම නිසා රටේ ඒකාග්‍රතාවයට අනාගතයේ යම් දිනක තර්ජනයක් ඇතිවිය හැකි බවට ඇති මගේ හැඟීමයි. එම නිසා ඒවා සමහරක් ගැන මතු පිටින් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමද තවත් අරමුණකි.      

Monday, January 11, 2016

දෙමළ බෙදුම්වාදය 1

බෙදුම්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය ගැන දැනුවත් වීම අනාගතයේ හෝ ශ්‍රී ලංකාව දෙකඩ වීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී ඉවහල් වේ. පසුගිය රජය කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් රට දෙකඩ වීමට තිබූ අවස්ථාව අවසන් කළ බව සිතුවත් එහිදී සිදුවූයේ කාළයක් තිස්සේ පැවැතගෙන ආ දෙමළ බෙදුම්වාදය කාළයකදී පැහැරගත් ප්‍රභාකරන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් විනාශ වීම මිස බෙදුම්වාදය අවසාන වීම නොවන බව තේරුම් ගැනීමට ඥාණයක් ඔවුනට නොවීය. කලින් පෝස්ට් එකේ සඳහන් කළ බෙදුම්වාදීන්ගේ ප්‍රයන්නයක් ජනවාරි 8 විප්ලවයෙන් බිඳවැටුණු බව කීමට හේතුව එයයි.


දෙමළ බෙදුම්වාදයේ ඉතිහාසය නොදන්නා බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඇතිවූ යුද්ධයට හේතුව 1983 කළු ජූලිය, 1956 දී බණ්ඩාරණායකගේ සිංහල පමණයි (Sinhala Only) ව්‍යාපාරය හෝ 1974 දී උසස් අධ්‍යාපනයට තෝරා ගැනීමේ ක්‍රමයේ සිරිමා බණ්ඩාරණායක මැතිණිය කළ වෙනස්කම් යැයි අදහසක් දරයි. ඇත්ත වශයෙන්ම දෙමළ බෙදුම්වාදයේ මූලාරම්භය සිදුවූයේ 1917-1922 වැනි අතීතයක ඉන්දියාවේදීය. 1879 දී මදුරාසියේ උපත ලැබූ   ඉරෝද් වෙන්කට රාමසාමි විසින් දෙමළ ජාතියේ ආත්ම අභිමානය උදෙසා පටන් ගත් ව්‍යාපාරය ( Self Respect Movement) පසුව වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලීම දක්වා දිග්ගැස්සුනි. මෙම බෙදුම්වාදීන් බලාපොරොත්තු වූයේ මහා බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට සහ ලංකාවට නිදහස ලබා දෙන අවස්ථාවක්දී ඉන්දියාවේ තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත කොටසක් සහ ලංකාවේ උතුරු ප්‍රදේශයද එකතුව දෙමළ ජාතිකයින් සඳහා වෙනම රාජ්‍යයක්  සාදා ගැනීමය. 

Friday, January 8, 2016

ජනවාරි 8 විප්ලවයේ වීරයා කවුද


ජනවාරි 8 විප්ලවයේ පියවරු බර ගණනකි. හැමෝම ඒ සඳහා ක්‍රෙඩිට් එක ගැනීමට උත්සාහ කරති. මම දන්නා කරුණු අනුව මෙම විප්ලවයේ වීරයා මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේය. පෙර ගමන්කරු  යුධ ජයග්‍රහණයෙන් පසු උමතුවූ රාජපක්ෂ වරුන්ගේ අපරාජිකත්වයට (invincibility) මුලින්ම අහියෝග කළ ෆීල්ඩ් මාර්ශල් සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්ෂකයෙකු සොයාගැනීම සහ මෛත්‍රීපාල සිරිසේන ඒ සඳහා පොදු එකඟතාවයකින් ඉදිරිපත් කිරීම පිටුපස සිටින්නේ තව දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මෑතකදී පිස්සු වැඩ කීපයක් නිසා මඩ කෑ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය. අනෙක් පුද්ගලයා සිතාගත නොහැකි ආකාරයේ අවදානමක් ගෙන කටයුතු කල වැඩි දෙනෙක් නොදන්නා ආචාර්‍යය කපිල රණසිංහය. ඊට අමතරව ඔවුන්ගේ සහයට සහ එක්සත් ජාතික පක්ශය ඒ සමඟ සම්බන්ධිකරණය සඳහා කටයුතු කළ කොමර්ශල් බැංකුවේ හිටපු සභාපති දිනේශ් වීරක්කොඩිය. එමෙන්ම අන්තිම මොහොතේ ඇතිවූ ප්‍රශ්ණයක් විශිශ්ඨ ලෙස සමනය කල අතුරලියේ රතන හිමියන්ද මෛත්‍රීපාල මහතාට ශක්තියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගැනද කිවයුතුමය.  

නොවැම්බර විසි එක් වැනි දිනෙන් පසුව තවත් විශාල ප්‍රමාණයක් වීරයන් බිහිවිය. බ්ලොග් කරුවන්, මුහුණු පොතේ ක්‍රියා කාරීන්, ගුටි කමින් පාරට බැසි කලා කරුවන්, සිවිල් සංවිධාන, පක්ශ ක්‍රියා කාරීන්, මේ සියළු දෙනාම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ කොන්දට සහ නිර්භීත කමට පින්සිදුවන්නට ජනවාරි 9 දින සැනසුම් සුසුමක් හෙලූහ. 

Wednesday, April 20, 2011

LET’S UNITE ONCE MORE AGAISNT THE UN (LTTE) LIES

By Ian

All of us have heard of the latest ‘findings’ of the UN appointed panel. It looks like it’s a copy/ paste from the Tamilnet in early 2009. My issue is how these people who write and also comment on the report do that in isolation from the main issue. Let for a moment assume that what is written in the report actually happened. In that hypothesis I like to invite the attention of all to the following.

Friday, August 28, 2009

ARE WE DOING ALL THE RIGHT THINGS? I THINK NOT

By Ian

For many of us we have won the war. But for me we have won a crucial battle of the war and the end of the war is yet to come. The ‘war’ for separation that started in the 1920’s created division amongst its people and destabilized a country that had highest per capita GDP in Asia. This war is still not over and unless defeated is likely to be there until one day the Ealam is created in Sri Lanka. Defeating the separatist war will take diplomatic, constitutional, communication and other ‘warfare’ efforts used consistently, effectively and intelligently.

Monday, June 8, 2009

What Next for the Tamil Tigers?

by John Thompson
President Mackenzie Institute, Toronto, Canada



Predictions of the impending end of the Liberation Tigers of Tamil Eelam (LTTE) came thick and fast after the Sri Lankan Army’s offensive swept through their long-held sanctuaries in late 2008 and January of 2009. However, the Tiger’s mental flexibility should not have been underestimated – they staved off complete defeat for four months by taking over 200,000 Tamil hostages; and simultaneously used them as a human shield and a propaganda instrument. By way of comparison, think of a gunman who takes hostages, terrifies and cuffs them, and then issues statements about how concerned he is with their welfare whenever the police return his fire.

Wednesday, June 3, 2009

Persue LTTE/TRO International funds for Developement in the North

By Ian


There were many LTTE and LTTE front organizations that raised billions of dollars in the pretext of delivering an ealam in Sri Lanka. These funds were raised by collecting monthly contributions from the Diaspora and also conducting many illegal activities in many parts of the world. The activities carried out in Sri Lanka by using these funds have had following repercussions.

Wednesday, May 20, 2009

The Solution is implementation of a Comprehensive Equal Opportunity Act and Not a Federal Solution


By Ian

The military phase of liberation of Sri Lanka has ended and it would bring a sigh of relief to average people of all communities. The people who were used as a human shields and made to go from place to place, some of the expatriate Tamil citizens who were made to contribute to the ‘cause’ by coercion, and the people who lived with a fear of losing their lives and lives of loved ones to a bomb, are the average people who would be happy to see an end to the military phase.

Monday, April 27, 2009

Staged campaign to win ealam

By Ian

These LTTE hunger strikers and self immolators are paid by LTTE international wing. Anyone who dies by a hunger strike or self immolation, their families are promised/paid approximately $50000. All Tamils living abroad have to pay varying sums to LTTE. (We all know this). Every family member who attends a protest rally is given 1 or 2 weeks respite from payment. I = 3 from a family attend 3-6 weeks off. This is why the large number of protestors. They don’t care two hoots for civilians. They are only at 'work'.Organizers of the rallies are of course in the full time employment of LTTE. They know if LTTE fails their livelihood is at a risk. Also each rally is allocated over a million USD. This is misleading at its best. Need strategies to counter this.

Friday, April 10, 2009

Tamils' self determination was never LTTE's Goal

Wednesday, April 8, 2009

By Ian

Many Tamils (and non Tamils) staunchly believe that the intention of VP and LTTE was to secure a Tamil nation in the northern and eastern parts of Sri Lanka. Many were dreaming of a developed and democratic Tamil nation and were on the belief that VP will deliver that dream to them. It is my belief that the VP’s war since 1980’s in Sri Lanka has been fought only to fulfill dubious political and financial aspirations of narcissist namely Velupillai Prabakaran (VP) and has never been a war to fulfill any so-called aspirations of Tamil people or to seek self determination by Tamils due to ‘discriminations’ by the majority Sinhalese.