Saturday, May 20, 2017

ලෝකය නටවන අපේ අය

Geopolitics

අපි හරිම කැමතියි අපි ඉන්න පරිසරය අපේ පාලනය යටතේ තියෙනවනම්. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මට මතක විදිහට එහෙම කාලයක් මට තිබ්බෙ මොන්ටිසෝරියට යන්න ඉස්සෙල්ල. හැම දේම මට ඕන විදිහට. අම්මල තාත්තල, අයිය, ආච්චි අම්ම එහෙම මම් 'හ්ම්' කිව්වොත් ඒක තමයි අවසාන තීරණය. ඊට ටික කාලෙකට පස්සෙ මල්ලි කෙනෙක් එකතුවෙලා මගේ ඒ සුවිශේශී බලපරාක්‍රමය පැහැරගත්ත. ඊට පස්සෙ එයා තමයි බොස් වුණේ.

ඉස්කෝලේ යනකොටත් එතන ගුරුවරු ගේ බලයයි, මට වඩා ශක්තිය තියෙන අයගෙ බලයයි එක්ක මොලේ පාවිච්චි කරල ඇඟ පත තලාගන්නෙ නැතුව ඉන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ මගේ වුවමනාවට ජාති දාති දාන්න ගියා නම් කෝටු කිතයියල දෙතුන් දෙනෙකුට නෙලන්න පුළුවන් වුනත් කාගෙන් හරි ගුටි කනව. ඒ නිසා තමයි එක එක්කෙනාගෙ දක්ෂකම්, බලපුළුවන්කාරකම්, සම්බන්ධකම්, වගේ දේවල් ගැන අවබෝධයෙන් සහ අවධානයෙන් ඉන්න වුණේ.



ඊට පස්සෙ සමාජයට ආවමත් එහෙමයි. සමාජය ඒක ක්‍රියාත්මක වෙන සංකීර්ණ ලියූ නොලිවූ නීති, සබඳකම්, බලවත් අය සහ දුබලයන්, වගේ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න පුරුදු වුණා. තරුණ කාලෙ සර්ව සාධාරණය වෙනුවෙන් සටන් කරන්න ගිහින් පාඩම් දෙක තුනකුත් ඉගෙන ගන්න වුණා. ඒවයින් ඉගෙන ගත්තෙ ලෝකෙ සර්ව සාධාරණ තැනක් නෙවෙයි ඒවගේ තැනක තමන්ගේ දේවල් සහ තමන්ගේ අය පරිස්සම් කරගන්න ඥාණය පාවිච්චි කලයුතුයි කියල. ඒ කියන්නෙ කට තිබ්බට හෝ අතපය තිබ්බට සමාජය ක්‍රියා කරණ පැත්තට එරෙහිව යාමෙන් වෙන්නේ තමන්ට තියෙන ඒවගේම ආරක්ෂා කරගත යුතුදේ නැතිවෙන්න ඉඩ සලස්වාගන්න කියන එක තේරුම් ගැණීම.

මේක මට මතක් වුණේ පසුගිය දින කීපයෙ ෆෙස්බුක් එකේ බ්ලොග් වල ලියවෙන දේවල් දැකල. යුද්ධෙ අවසාන වුණ එකේ සංවස්තරයත් එක්ක සිංහල ජාතිය, ශ්‍රී ලංකාව බේරගන්න කී බෝඩ් වලින් සටන් කරන වීරයො කියන දේවල් දැකල. සමහර අය ලෝකය ක්‍රියාත්මක වෙන හැටි ගැන කොතරම් ළදරු අවබෝධයකින් ඉන්නවද කියන එක ගැන නම් හරි පුදුමයි. ලංකාව ලෝකේ තිබෙන පුංචිම පුංචි රටක්. ජනගහණය ලෝක ජනගහණය අතින් පොඩියි. සිංහල මිනිස්සු ප්‍රමාණය ගත්තොත් ඒක ලෝකෙ ඉන්න කුඩාම ජාතියක්. ලෝකෙ ඉන්න දමිල ජනගහණය එක්ක ගත්තම ඒකෙන් දහයෙන් පංගුවකටත් වඩා අඩුයි. ඒවගේ තත්ත්වයක් යටතේ අපි සිංහල ජාතිය සහ ශ්‍රී ලංකාව කෑලි නොකැඩී අනාගතයට ගෙනියන්නෙ ඕන මොළෙන් මිසක් අත පයින් හෝ වීරකම් කියවීමෙන් නොවන බව අපි තේරුම් ගැනීම ජාතියෙත් රටෙත් අනාගතයට හොඳයි. දුටුගැමුණු රජතුමා එළාර රජුව පරාජය කරල ශ්‍රීලංකාව එක් සේසත් කරපු කාළෙ මානව හිමිකම් කැඩීම වගේ ජාත්‍යන්තර චෝදනා ආවෙ නැහැ. ඒකට හේතුව ලෝකය අද වගේ සංනිවේදනයෙන්, ගමනාගමනයෙන් දියුණු තත්ත්වෙක හිටියෙ නැති නිසා සහ තමන්ගේ ප්‍රතිවාදියාටත් ගරු කරන යුධ ක්‍රම ඒ කාලේ තිබ්බ නිසා. 

අද සිංහල ජාතිය සහ ශ්‍රී ලංකාවේ අඛන්ඩතාවය තියා ගන්න නම් ලෝකෙ රටවල් කැඩිච්ච විදිහ ඒව කඩන්න උදව් කලේ කවුද ඒව කඩපු අය අනුගමනය කරපු ක්‍රියා මාර්ග මොනවද කියන එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕන. කෙටියෙන්ම කිව්වොත් ඊශ්‍රායලය ඉඳන් අන්තිමට කැඩුණු සුඩානය දක්වා ඒව පිටිපස්සෙ හිටියෙ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය. දෙකට නොකැඩුණත් ලිබියාවෙ, ඉරාකයෙ වුණා වගේ රට නැතිවෙලා ගියෙත් ඒවයේ නායකයෝ බටහිර රටවලට කටේ හයිය පෙන්නන්න ගිය එක. අපේ අවශ්‍යතාවය ඉටුකරගන්න අපි කළ යුත්තේ  එම රටවල් සමඟ හොඳින් සිටීමෙන් බෙදුම්වාදීන් ඒගොල්ලන්ගේ ආශ්‍රයෙන් ඈත්කරන එක. ඡන්ද ව්‍යාපාර වලට හරි වෙන හේතු නිසා ඒ ගොල්ලො එක්ක අරියාදුවට යාමෙන් වෙන්නෙ බෙදුම්වාදීන් ඒ ගොල්ලන්ගෙ තුරුල්ලට අරින එක.

එලියට එන්නෙ මොකටද ලිඳ ඇතුලෙ හරි හොඳයි කියන ගෙම්බන්පිල මොඩ්ල් අය හිතන්නෙ එල්ටීටීයී එක පරාජය කරන්න පුළුවන් වුණේ අපේ නායකයින් සියළුම විදේශ මැදිහත්වීම් නොසලකා ක්‍රියා කරපු නිසා කියල. ලෝකේ දුවන්නේ ඊට වඩා යටි කූට්ටු නූල් සූස්තර වලින් කියල ලෝක දේශපාලනය ගැන කියවන අය දන්නව ඇති. ඇමෙරිකාවට අපේ රටට මොක වුණත් කිසිම ගාණක් නැහැ. නමුත් ඒකාලේ බලයේ හිටපු සුළු ජාතික සහ කළු ඡන්ද වලින් පැවතෙන ඩිමොක්‍රටික් පක්ෂයට නම් ඔවුන් ගේ ඡන්දදායකයින් සතුටු කරන්න විවිධ දේවල් කරන්න සිදුවුණා. කථාවක් තිබ්බා ඇමෙරිකානු මැරයින්ස් කොටුවී සිටින දමිල ජනයා බේරගන්න මුහුදෙන් එන්න උත්සාහ කරනව කියලා. මෙච්චර බලවත් ඇමෙරිකාව එහෙම ආවේ නැත්තෙ ඇයි? අපේ නායකයින්ගේ තර්ජන වලට බයවෙලාද? ඇත්ත කථාව නම් ඒකාලේ ලෝක සංවිධාන වල අපිට විරුද්ධ තීරණ ගන්න එක සහ අනිකුත් බාධක ඔක්කොම වැලැක්වූයේ ඉන්දියාව කියන එකයි. ඒකට හේතුව ඉන්දියාව කියන දේකට උඩින් මේ කලාපයේ මැදිහත් වීමක් බටහිර රටක් කරන්නේ නැහැ කියන එකයි. ජේ ආර් ජයවර්ධනත් 1987 දි ඉගෙන ගත්තෙ ඒ පාඩම.

එංගලන්තෙ ලේබර් පක්ෂෙ මිලිබෑන්ඩ් සහ තව දෙන්නෙකුත් ඒ ගොල්ලන්ගෙ ඡන්ද දායකයො සනසන්න යුද්ධෙ නවත්වන්න කියාගෙන මේ පැත්තට ආව තමයි. ඒ වුණාට ඒගොල්ලන්ගේ උත්සාහයත් අසාර්ථක වුණේ ඉන්දියාවට යුද්ධය අවසාන වෙනකම්ම යන්න ඕන වුන නිසා. ඒ ඇයි. ඒකට හේතුව තමයි 1987 දී ජේ ආර් ජයවර්ධන ඉගෙන ගත්ත පාඩම ප්‍රභාකරන් අමතක කිරීම. එල්ටීටීයී ඇතුළු මේ ත්‍රස්තවාදී සංවිධාන ඔක්කොම මුලින්ම හැදුවේ, ආයුධ සන්නද්ධ කලේ ඉන්දියාව. ඒකට ප්‍රධානම හේතුව ආර්ථික එකක්. 1977 ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්න කොට සිංගප්පූරුව ඒක පටන් අරන් අවුරුදු 12 යි. 1990 වෙනකම් සංවෘත ආර්ථික ක්‍රමයක් ගෙනගිය ඉන්දියාවට චීනෙ අග තායිවානය, හොංකොං වගේ ඒගොල්ලන්ගෙ ලඟපාත තවත් සිංගප්පූරුවක් බිහිවෙලා නේරුගේ කාලයේ සිට කොන්ග්‍රස් පක්ෂය ගෙනගිය ආර්ථික ක්‍රමයේ වැරැද්ද හෙළිවෙන්න ඕන වුණේ නහැ. අනික තමයි වොයිස් ඔෆ් ඇමෙරිකා එකට ඉඩම් දෙමින් ත්‍රිකුණාමලය තෙල් ගබඩා බටහිර රටකට දීමට උත්සාහ කිරීම වැනි ජයවර්ධන ආණ්ඩුවේ බටහිර ගැති ප්‍රතිපත්තිය. ඒ කාලේ ලෝකේ ආර්ථික ක්‍රම දෙක ක්‍රියාත්මක කල බල කඳවුරු අතර තිබ්බ ශීතල යුද්ධය මතක ඇතිනෙ. රජීව් ගාන්ධි මරා දැමීමෙන් සහ ඉන්දියාවට අවනත නොවීමෙන් ප්‍රභාකරන් පොට වරද්දා ගත්තා. එය තමයි යුද්ධයේ අවසානයේ මුල.

මේ යුද්ධෙ අවසන් වෙන්න හැකි අවස්ථා දෙකෙන් එකකදී ඉන්දියාව අපිට විරුද්ධවත් අනිකේදී අපිට පක්ෂවත් හිටියා. 1987 දී ආහාර නැව් එවමින් සහ රට හරහා ගුවන් යානා වලින් 'ආහාර' දමමින් ගෙනගිය පූමාලේ මෙහෙයුම මතක ඇතිනෙ. එතෙන්දි ඉන්දියාව ලංකාව ආක්‍රමණය කර දෙමළ ජනයා 'බේරගන්න' බවට තර්ජනය කලා. සයිප්‍රසය කියන රට බිහිවෙච්ච ආකාරය ගැන දන්න කෙනෙකුට එවන් දෙයක් වුණානම් වෙන දේ හිතාගන්න පුළුවන්. ඉන්දියාව ඉදිරිපත් කරපු අනික් විසඳුම තමයි ඔවුන්ගේ හමුදා එවලා ත්‍රස්තවාදී සංවිධාන නිරායුධ කරන එක. ලංකාව පළාත් සභා බඟින් බලය බෙදන්න එකඟ වුණා. එතකොට ඒ දෙවෙනි විසඳුම භාර ගැනීම රට බෙදීමට තිබුණ අවදානමකින් එය ගලවා ගැනීමක් මිස නායකයින්ගේ නිවට කමක් නෙවෙයි. 1987 දී කලාපයට විතරක් සීමා වෙච්ච දේ 2009 වෙනකොට ජාත්‍යන්තර ප්‍රශ්ණයක් බව පත්වෙලා තිබුණේ. එල්ටීටීයී සංවිධානයත් ඉන්දියාවේ ග්‍රහණයෙන් මිදිලා ලෝකයේ බලවත් රටවල ත්‍රස්තවාදී සංවිධාන සහ දේශපාලන සංවිධාන එක්ක බැඳිලා හිටියේ. 1987 දෙ ඉන්දියාව දුන්න ආයුධ වලින් සටන් කරපු අය ලෝක ආයුධ සපයන්නන්ගේ හොඳම ගැණුම් කරුවන් වෙලා තිබුණා. 1987 දී ඉන්දියාව දෙන සල්ලි වලින් යැපුණ එල්ටීටීයී එක ලෝකෙ පුරා වසරකට ඩොලර් මිලියන 300 පමණ එකතුකරන විශාල සංවිධානයක් වෙලා. ඒ අයගෙ මුදල් බලයෙන් දේශපාලකයින් බලපෑම් කරන්නන් සල්ලි වලට අරගෙන තිබුණෙ. මෙවන් පරිසරයක ශ්‍රී ලංකා හමුදා සාර්ථක යුද්ධයක් කරන්න පුළුවන් කියල පේනකොට හතර වටෙන් එන බලපෑම් ඔක්කොම නවතා යුද්ධය ඉවර කරන්න ඉඩ සලසා දුන්නේ ඉන්දියාවයි. යුද්ධෙන් පස්සෙ ලෝකයේ බලවත් රටවල් වල බලපෑම නැවැත්තුවේ මමයි මල්ලියි කියල කයි දෙනකොට ඉන්දියාවට ඒ ගැන මුකුත් කියන්න බැරි වෙන්නේ තමිල්නාඩුවේ අය නොමඟ යැවීමට මිසක් ඒ කියන දේවල් ඇත්ත නිසා නෙවෙයි. ලෝකේ වෙන දේවල් නොතේරෙන අයට නම් මේවා මහා වීර ක්‍රියා. සමහර අය හිතන්නේ ලංකාවේ අපට ගෙම්බර් දැම්ම වගේ මුළු ලෝකෙම ඒ ගොල්ලන්ට බයේ ඒ ගොල්ලන්ට ඕන විදිහට නැටුව කියලයි.

අනික මේ රටේ දේශපාලනයට ඉන්දියාවේ සහ විදේශ වල බලපෑම් තියෙනවා කියන යථාර්තය තේරුම් ගත යුතුයි. අර සමාජයේ අපිට ඕන විදිහට ඉන්න බැහැ වගේම ලෝකය දුවන්නේ බලවත් රටවල් අදින නූල් සූස්තර උඩ බව තේරුම් ගත යුතුයි.  බණ්ඩාරණායක බටහිර තෙල් සමාගම් ජනසතු කලේ සෝවියට් දේශය සහ ඉන්දියාවේ බලපෑම් උඩ ඔවුන්ගේ ආරක්ෂාව සමඟ. ඊට කළින් අපි හිටියේ බ්‍රිතාන්‍ය සතුවූ ත්‍රිකුණාමල කඳවුර සහ කටුනායක තිබුණ ඇමෙරිකාවට පහසුකම් සපයන කඳවුර නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තිබ්බ ආරක්ෂක ගිවිසුම නිසා. ඒක අවසන් කරලා බ්‍රිතාන්‍යයන් සහ ඇමෙරිකානුවන් රටෙන් පන්නා ඉන්දියාවට අපේ අනාගතය භාරදුන්නේ බණ්ඩාරණායක. 2003 දී එජාප රජය පෙලා දැම්මේ ඉන්දියාවේ බලපෑමට. ජනතා විමුක්ති පෙරමුණටත් ඇමෙරිකානු ආක්‍රමණයට පෙර ඉරාකයෙන් මුදල් දුන්නා. තවත් බොහොමයක් තානාපති කාර්‍යාල හරහා ඔය හැමෝටම මුදල් ලැබෙනවා. 2005 ඡන්දෙදී මහින්ද රාජපක්ෂට එල්ටීටීයී එකට දෙන්න මුදල් දුන්නෙත් විදේශ රටක්. ඒ රනිල් ජනාධිපති වීමෙන් වළක්වන්න. 2015 පෙරළිය පස්සෙත් ඉන්දියාව සිටියා. එකම දේ අනික් කෙනා දින්නම ඒ ගැන චෝදනා කරනවා. රාජපක්ෂ පැරැද්දුවේ බටහිර රටවල් සහ ඉන්දියාව කියනවා වගේ. මම නම් හිතන්නේ ඉන්දියාව වෙන හැමදාම වගේ විවිධ ආකාරයේ ආධාර සිරිසේන ජනාධිපතිටත් චීනය විශාල මුදල් ආධාර මහින්දටත් දුන්නා.

ඒක නිසා ලංකාව වැනි කුඩා රටක් ලෝක ආරක්ෂාවට හෝ දේශපාලනයට බලපෑමක් කල නොහැකි රටක් අන් රටවල් බලපෑම් වලින් තොරව  ක්‍රියාත්මක වෙනවා කියන්නේ බොරු කථාවක්. අපේ රට ආරක්ෂා කරගන්න ඕන නම් විශේෂයෙන්ම ඉන්දියාව සමඟත් රටවල් කඩන්න උල්පන්දම් දීමේ ඉතිහාසයක් ඇති බටහිර රටවල් සමඟත් ඒ අයගේ හොඳ පැත්තේ සිටිය හැකි නායකත්වයක් රටේ තිබිය යුතුයි. අනික බෙදුම්වාදී සංවිධාන බටහිර රටවල සිට ක්‍රියාත්මක වීමත් ඔවුන් බලවත් වීමත් වලක්වන්න නම් අපි ඔවුන්ට අපි ගැන වැරදි කීමට ඇති අවස්ථා නැතිකල යුතුයි. ජාතිවාදී නායකයින් බලයට ඒමෙන් වෙන්නේ බෙදුම්වාදීන් බටහිර රටවල් සමඟ බලවත් වීමයි කියන එක තේරුම් ගතයුතුයි. බෙදුම්වාදීන්ට සහ උතුරේ දේශපාලකයින්ට ඔවුන්ගේ පැවැත්මට විවිධ දේවල් කල යුතුයි සහ කිව යුතුයි. ඒවා ජාතිවාදීන්ට හොඳ දේශපාලන වේදිකා තනා දෙන්නත් ලෝක භූ දේශපාලනය ගැන කිසිවක් නොදත්  මහජනයා මුලා කරන්නත් හොඳයි. යුද්ධය ඉවරවෙන කොටම මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ආවේ සුඩානයේ කල ක්‍රමයට ලංකාව  අමාරුවේ දාන්න කියන එක ඒකාලේ නායකයින්ට තේරුණේ නැහැ. ඒගොල්ලෝ ඒක පාවිච්චි කලේ විදුලි පුටුව පෙන්නලා චන්දෙ දිනන්න. එක ඡන්දයක් තිබ්බේ ඒ වගේ යෝජනාවක් සම්මත වෙන කාලෙක. ඒවගේ දේවල් වලින් ලංකාවේ අනාගතය සහ ආර්ථිකය කොච්චර අවදානමක දැම්මද? නැතිවෙච්ච ජීඑස්පී නිසා කොච්ච්චර කට්ටියකට රකියා අහිමිවුණාද? අපේ රටට ආව මිලදී ගන්නන් කීයක් බංගලා දේශයට ගියාද?

පසුගිය රජයට නම් උතුරේ තියා දකුණේ රැකියා ඇතිකිරීමට දර්ශනක් තිබුණේ නැහැ ඒගොල්ලෝ රස්සාවල් දුන්නේ හෝටල් වල සම-මුඛ-පුක පරීක්ෂණ තියල ආණ්ඩුවේ රැකියා ගාණ දෙගුණ කරල. අද රජය කරන්නේ මේ ලෝක දේශපාලනය බැලැන්ස් කරමින් තවත් කැරැල්ලකට සම්බන්ධ වීමට හැකි තරුණයක් ප්‍රමාණය අඩු කිරීමට එම පළාත්වල රැකියා ඇතිකිරීමට ක්‍රියා කිරීමයි. ඒ සඳහා එම පළාත්වල කර්මාන්තශාලා ඇතිකරන්නන්ට විශාල බදු සහ අනිකුත් සහන ප්‍රමාණයක් ලඟදී හඳුන්වා දුන්නා. උතුර සංවර්ධනය හරහා අනාගත කැරැල්ලක් වළක්වා ගැනීම යන මාතෘකාවෙන් 2010 දී මම පුවත්පත් වලට ලිවූ ලිපියක් ලංකාවෙබ් අඩවියේ තියෙනවා. පුළුවන් නම් කියවන්න.

උතුර මට්ටු කරන්න පසුගිය පාළකයින් ගේන්න කථා කරන අය ඒ දේවල් කරන්නේ රටට ආදරෙන්ද එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නැති වෙච්ච වරප්‍රසාද හෝ කොන්ත්‍රාත් ආපසු ලබා ගන්න අරමුණෙන්ද කියන එක පැහැදිලි නැහැ. නමුත් ඇත්තටම ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන අය දන්නවා ඒ අයගේ ක්‍රියා කලාප වලින් රටේ ආරක්ෂාවට වෙන්න ගිය සහ වෙන්න  පුළුවන් හානිය. අපේ රට නොබෙදී තබා ගැනීමට අවශ්‍ය වන්නේ ගැලරියට කථා කරන අය නොව ලෝක භූ දේශපාලනය ගැන අවබෝධයක් ඇති ඒ මඟින් රට ඇතිවන බලපෑම් සහ අනතුරු වළක්වාලිය හැකි පරිණත අය රටේ නායකත්වය ඉසිලීම බව මගේ මතයයි.

පහත කමෙන්ට් කල ඇනෝ තුමකු හට මගේ පිළිතුරත් කියවන්න

ඇනෝ බොහොම ස්තූතියි. මේ ලිපිය වෙන බ්ලොග් එකක මම කියෙව්වා. ඒ ගැන මගේ කිසිම එකඟ නොවීමක් නැහැ. මම කියන්නෙත් ඉන්දියාව නොසිටින්න මේ යුද්ධය අවසාන නොවනවා කියන එක. බටහිර රටවල අත පෙවීමෙන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වැනි තැන් වලින් යුද්ධය නැවතීමට ගත් උත්සාහයන් ඔක්කොම නැවැත්වූයේ ඉන්දියාව. මට විශ්වාසයි ඊට එහා ගිහින් යුද්ධය සඳහා විවිධ දේවල් ඉන්දියාව ලංකාවට සැපයූවා. මම විස්තර කරන්නෙත් 1987 සහය නොදී ත්‍රස්තවාදීන්ගේ සහට අපිට විරුද්ධව සිටි ඉන්දියාව මෙම යුද්ධයේදී තනිකරම ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපේ සහයට හිටියා කියන එකම තමයි.

තමිල්නාඩුවේ ඔවුන්ට සහ කොන්ග්‍රස් පක්ෂයට තිබෙන බල සමීකරණ නිසා ඔවුන්ට එය එළිපිට කියන්නවත් පිළිගන්නවත් බැහැ. ඒකනිසා හිටපු නායකයින් කලේ ඇමෙරිකාව, යුරෝපය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බළපෑම් ඔක්කොම මෙල්ල කලේ රාජපක්ෂ අයිය මලෝ කියන කයිය ගැනයි. 

රාජපක්ෂ සහ ඔවුන්ට ආවඩන අයගේ අනික් වැරැද්ද තමයි මේ යුද්ධය බෙදුම්කාරී ක්‍රියාකාරකම් වල අවසානය කියල හිතන එක. ඒක අවසානයනම් යුධ අපරාධ වගේ දේවල් අදිමින් ඔවුන් මෙපමණ උද්ගෝශණ ගෙන ගියේ ඇයිද කියන එක ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒකට ලෝකේ කළින් කැඩුණු අනික් රටවල් කැඩිච්ච ආකාරය හදාරන්න. ඒ හැම බෙදුමකින්ම බෙදුම්වාදීන් ඉගෙනගෙන කොපිකලා. යුධ අපරාධ ක්‍රමයෙන් තමයි දකුණු සුඩානය එ.ජා ජනමත සමීක්ෂණයක් හරහා කඩා ගත්තේ. අනික බටහිරට අභියෝග කරමින් බෙදුම්වාදීන් ඒ රටවල් තුරුල්ලට තල්ලු කලේ රාජපක්ෂ වරුන්. අපගේ අපනයන බටහිරට යද්දී ආර්ථික සම්භාධක වගේ දේවලින් මේ රට නැති කරන එක නවත්වන්න ඉන්දියා ඉදිර්පත්වෙන්නේ නැහැ. චීනය ඉදිරිපත් වෙන්නෙත් නැහැ. බණ්ඩාරණායක වරුන්ට නොමිලේ සම්මන්ත්‍රණ ශාලා දුන් චීනය රාජපක්ෂවරුන්ට දුන්නේ අධි පොලී ණය.

අනාගත ශතවර්ශයේ බෙදුම්වාදීන් කොන් කරන්න සහ අපේ ආර්ථිකය සඳහා බටහිර රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කල හකි නායකයන් රටට අවශ්‍යයි. එමෙන්ම බෙදුම්වාදීන් ගේ ක්‍රියා තමිල්නාඩුව හරහා වීම අඩපණ කරන්න ඉන්දියාව සමඟ හොඳ හිත අවශ්‍යයි. ඒ දේ කරන ඕන කරන්නේ රාජපක්ෂ වරුන් වැනි බජාර් කාරයන් නොවේ කියන එකයි මගේ තර්කය.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

24 comments:

  1. ගිය රජේ අය එන්නෙ නැවතත් රටක් ගැන දුක හිතිලදෝ
    එය සැබෑනම් හිටපු කාලෙදි ගැටළු තිබුණේ නැතිමදෝ
    සිය රටට මුලු ලොවෙන් වෙන්වී යන්න පාරක් තිබෙයිදෝ
    ඔය කියූ ලෙස ලෝක මිතුදම් වටින බව දන්නැතිමදෝ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කවියාණෙනි

      Delete
  2. The best post of this genre I have ever read.
    It's a pity that the number of people who understand what you say or would wish to take the trouble to understand it is limited.

    ReplyDelete
  3. ඉයන්, දේශපාලනය ගැන කතා කරන්න කලිං බ්ලොග්කාරයෙක් විදිහට ගිහිං බලනව අර බ්ලොග් වසන්තයෙ වෙන වැඩ. ඔහෙයි, අටමයි, කෙහෙල්කොටුවෙ පඹයයි, විකාර ලියන රසිකයයි තමුසෙලා උඩ දාන යාංහෑලිකාරයයි සේරම පහු කරගෙන අන්න අර කැන්ගරු ඩොකා ඡන්ද දාගන්නවා. උගෙ කඩමාල්ල කවුරුවත් බලන්නෑනෙ ඕයි. ඒ යකා දාන හොර ඡන්ද ගොඩේ හැටියට ඕකා මේ රටේ හිටියනං හොර චන්ද දාලම අගමැති වෙනවා. ඒක නවත්තලා අපේ සිනුවර තට්ටසේනයාට ඡන්දෙ අරං දෙනවා. එහෙමත් නැතිනම් අර දම්පාට ජීවනී බීපු එකාටවත් සම්මානයක් අරගෙන දෙනවා. නැතිනම් තමුසෙලා ලෝක දේශපාලනය කියාදෙද්දි ඩොකා ලී කොට කෑලි තුනම ගනියි.

    ReplyDelete
    Replies
    1. Ha ha ha ha

      Well said dude. The truth is out there!

      Why these guys keep silent on this? We should form that stupid MR goon Sa rasa to fight against this corrupted blog award ceremony.

      Delete
  4. // ඇත්ත කථාව නම් ඒකාලේ ලෝක සංවිධාන වල අපිට විරුද්ධ තීරණ ගන්න එක සහ අනිකුත් බාධක ඔක්කොම වැලැක්වූයේ ඉන්දියාව කියන එකයි. ඒකට හේතුව ඉන්දියාව කියන දේකට උඩින් මේ කලාපයේ මැදිහත් වීමක් බටහිර රටක් කරන්නේ නැහැ කියන එකයි. ජේ ආර් ජයවර්ධනත් 1987 දි ඉගෙන ගත්තෙ ඒ පාඩම.// ඔය ඇත්ත ගොඩක් අය තේරුම් ගත්තේ පහු වෙලා
    -ඉයන් කියන අන්ත දක්ෂිණාංශික මහතාගේ වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්. හැබැයි මම අන්ත දක්ෂිණාංශිකයෙක් නෙවෙයි. Center Right is a better discription

      Delete
  5. ලංකාවෙබ් අඩවියේ තියෙන ලිපිය කියවන්න බැහැනේ

    ReplyDelete
    Replies
    1. ඒක පරණ ලිපියක් නිසා සමහර වාක්‍ය පේන්නෙ නැහැ.

      Delete
  6. එහම නායකයකුට ඉන්නේ රනිල් පමණමයි...

    සියල් සපිරි සුපිරි එළුකිරි පෝස්ට් එකක් ලොක්කා

    විශේෂ:-

    එළුකිරි, එළකිරි වලට වඩා ගනන් බව සලකන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතෙ. රනිල් විතරක් කියල කියන්න බහැ. මම හිතන්නේ සරත් අමුණුගම, ජී එල් පීරිස් වගේ අයට තේරෙනවා. ඒ වුණාට හංදියේ බජාර් දුවන්න වඩා සුදුසු රාජපක්ෂල යටතේ ඉන්නකම් ඒ ගොල්ලන් ගේ හැකියාවන් පේන්නේ නැහැ. ලංකාවට ගැලපෙනම නායකය නම් ලක්ෂ්මන් කදිරගාමර්. ඔහුට තිබ්බ ජාත්‍යන්තර පිළිගැනීම රනිල්ට වඩා වැඩියි.

      Delete
  7. ඉයන්, මමනම් දකින්නේ මුළු ලෝකයේම පාලනය එක තැනකින් සිදුකරනා ආයතනය හදන්න මුලික පියවර ගන්න කාලය හරි කියල. සන්නිවේදනයේ සහ ගමනා ගමන යේ ඇති වෙලා තියෙන දියුණුව සහ වේගය මේ කාරනාව පහසු කරනු ඇති.
    මුල් යුගයේදී අප වැනි කුඩා රටවලට දරා ගන්න අපහසු උනත් පසු කලෙක සියල්ල සමනය වෙලා සම්පත් බෙදී යාමේ නිසි ක්‍රමවේදයක් පැමිණෙනු ඇති

    ReplyDelete
    Replies
    1. ජීවන. මම නම් හිතන්නෙ මේක ප්‍රායෝගික එකක් නෙවෙයි. ඒකට හේතුව ලෝකයේ විවිධ පාර්ශව වල බල ලෝභය සහ රටවල් වල නායකත්වයට පත්වනන්ගේ බල ලෝභය සහ තණ්හාව. උදහරණයකට ලෝකයේ බඩගින්න නැතිකරන්න පුළුවන් තාක්ෂණය, සම්පත් සහ මුදල් තිබෙද්දී ලෝක ජනහනයෙන් 1/5 වත් තාම බඩගින්නේ. බඩගින්න නිවීම ආදී දේවළුත් විවිධ ආයතන වලට මුදල් උල්පත්. අනික තවමත් ලෝක ආධිපත්‍ය යුද්ධ අසහ අස්ථාවර කිරීම් හරහා හොයන මහ බලවතුන්. අනික් හේතුව සම්පත් බෙදා ගැනීමට ජනයාගේ ඇති අකමැත්ත. එහෙම සම්පත් බෙදා ගැනීමට සමහර සමාජ කැමතිවුණත් ඒකට මිනුන් තොරාගැණීමේදී වෙන මුදල් ඉපයීම්. (උදාහරණයකට සරණාගතයන් භාර ගැනීමට ජර්මනිය කලා වගේ රටක් ඉදිරිපත් වුණිත් යන්නේ සරණාගතයන් නොව මුදල් අතරමැදියන්ට මුදල් ගෙවා සංක්‍රමණය වන්නන් හෝ ත්‍රස්තවාදීන්.) . හැබැයි න්‍යශ්ඨික යුද්ධයකින් වෙන විශාල හානියකින් පස්සේ වගේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්.

      Delete
    2. සුපිරි බලවතුන් බිහිවෙන තාක් කල් ඔය කියන දේ වෙන්නේ නැහැ. මම දකින්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ගැලවුන එක හොඳ තත්වයක්. මොකද නැතිනම් ටිකකලක් ගිහින් EU එක සුපිරි බලවතකුගේ තත්වයට එනවා. එහම උනොත් ආර්ථික යෝධයා වන චීනය මඩින්න ඇමෙරිකාව EU එක එකතු වෙනවා. පවතින ක්‍රමය තුල චීනය සහ ඇමෙරිකාව සහයෝගීතාව ඇමෙරිකාවට අත්‍යවශ්‍ය වෙනවා. ලෝක රාජ්‍යයක් හැදුනොත් කවද හරි එකේ මුලිකයන් වෙන්නේ ඇමෙරිකාව සහ චීනය.

      මේ ලියන දේවල් කෙනෙකුට හිතෙන්න පුළුවන් දවල් හීන කියලා ....................

      Delete
  8. ඉයන්,

    ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්වරයෙකු (1 October 2006 – 31 July 2009) සහ මධ්‍යම රජයේ ආරක්ෂක උපදේශකයා (17 January 2011 – 28 May 2014) වූ ශිවශංකර් මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද “ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ගොඩනැංවීමේ ඇතුලන්තය” (CHOICES : Inside the Making of India’s Foreign Policy) නැමති කෘතිය ඇසුරින්

    ත්‍රස්ථවාදයට එරෙහිව වසර 26 ක් තිස්සේ රාජ්‍ය නායකයින් 5 දෙනෙකු යටතේ ශ්‍රී ලංකා හමුදාවන් කල සටන 2009දී සාර්ථකව අවසන් කොට එල් ටී ටී ඊ ය මුලින් උපුටා දැමීමේ තීරණාත්මකය සාධකයක් වූයේ විදේශ බලවේගයන් හමුවේ නොසැලුන රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයයි.

    ශ්‍රී ලංකිකයින්ගෙන්ම සමහරක් දෙනෙකුට කිසිදින නොවැටහුනු, එමෙන්ම බොහෝ දෙනෙකුට අමතක වුනු මේ සත්‍යය මනාව පැහැදිලි කෙරෙන පරිච්ඡේදයක් මෙම යුද්ධයට රාජ්‍ය තන්ත්‍රික මට්ටමින් ඍජුවම සම්බන්ධ අත්දැකීම් ලබා ඇති ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම් වරයෙකු වන (2006-2009) ශිවශංකර් මෙනන් මහතා විසින් පසුගියදා එලි දක්වන ලද ” ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ථියේ ඇතුලන්තය ( CHOICES- Inside the Making of India’s Foreign Policy) ” නැමති පොතෙහි දක්නට ඇත.

    මෙම පොත ත්‍රස්ථවාදයට එරෙහි ශ්‍රී ලංකා රජය කල යුද්ධය පිලිබඳ පැහදිලි අවබෝධයක් ලබා ගන්නට කැමති සෑම කෙනෙකු විසින්ම කියවිය යුතුයැයි මා සිතන්නේ එය ලංකාවේ දේශපාලනයෙන් පරිබාහිරව සිතන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් තමන්ගේ අත්දැකීමද උපයෝගී කරගෙන ලියන ලද්දක් නිසාය.

    මෙම ග්‍රන්ථය මෙතෙක් පරිශීලනය කොට නැමති අයගේ ප්‍රයෝජනය සඳහා එහි 4 වන පරිච්ඡෙදයේ ” බලය වැඩකරයි – ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්ථවාදය නිමකරයි” යන මාතෘකාව යටතේ ශිව ශංඛ මෙනන් මහතා විසින් ලියා ඇති සමහරක් වැදගත් කරුනු මෙහි පහත සඳහන් කරමි. මා මෙතැන් සිට භාවිත කරන්නේ ඔහුගේ වචන හා ශෛලයයි………..

    //2009 යුද්ධය අවසාන අදියරට පැමිනෙමින් තිබෙනා කාලයේ ඉන්දීය රජය මහින්ද රාජපක්ෂගේ රජය සමඟ ඉතා සමීප හා නිරන්තර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. ඒ ශ්‍රී ලංකාවේ උතුරේ තත්වය ඉන්දියාවේ දේශපාලනයට තමිල්නාඩුව හරහා ඍජු හා දැඩි බලපෑමක් එල්ල කල නිසාය. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය 2009 මැයි මස පැවත්වීමට නියමිතව තිබුන අතර එවකට බලයේ සිටි කොන්ග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්තය දේශපාලන වශයෙන් ඉතා වැදගත් විය.//

    //රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් ක්ෂනිකව අදහස් හුවමාරු කර ගැනීම සඳහා මීට පෙර කිසිවිටක ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රියාත්මක නොවු ක්‍රමවේදෙයක් මේ වන විට දෙරට විසින් සාර්ථකව භාවිත කෙරෙමින් තිබුනි. එය අප හැදින්වූයේ ‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය ‘ කියාය. මේ යටතේ වගකිවයුතු කුඩා කන්ඩායමක් ලෙස කටයුතු කිරීමටතීරණ ගැනීමේ හැකියාව හා බලය තිබෙන තිදෙනෙකු බැගින් දෙරට විසින් නම් කර තිබුනි. ඉන්දියාව පැත්තෙන් මෙය නියෝජනය කලේ ඉන්දීය රජයේ ආරක්ෂක උපදේශක එම් කේ නාරායන්,ආරක්ෂක ලේකම් විජය සිං හා විදේශ ලේකම් ශිවශංඛ මෙනන්ය. ශ්‍රී ලංකාව නියෝජනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගය. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරන් වීම මෙම ක්‍රමවේදය සාර්ථක වීමට මූලික හේතුවක් විය. ඒ ඔවුන් විසින් ගනනා තීරණ පසුව වෙනස් නොවන අවසන් තීරණ වීමය. අවශ්‍යතාවක් පැන නැගුන විට ජනාධිපති වරයාට ඍජුවම කතා කිරීමේ හැකියාවද ඔවුන්ට තිබුනි. ඉන්දියාවේ පැත්තෙන් ඉහත කී තිදෙනාට අමතරව එවකට සිටි විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද මෙම සම්බන්ධීකරණයට බොහෝ විට එක්විය. ඉන්දීය අගමැති මන් මෝහන් සිං මහතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට මෙම කන්ඩායම වග බලා ගත්හ.//

    Continue...

    ReplyDelete
    Replies
    1. //‘ත්‍රිත්ව සම්බන්ධීකරණ ක්‍රමවේදය" නිසා මීට පෙර ශ්‍රී ලංකා හා ඉන්දියා රජයන් අතර යුද්ධය සම්බන්ධයෙන් පැවති අනවබෝදය සහමුලින්ම වාගේ නැති වී ගියේය. අප කන්ඩායම නිරන්තරයෙන් මුන ගැසී සාකච්ඡා කල අතර 2009 මුල කාලයේ බොහෝ දිනවල රාත්‍රිකාලයේ ඉන්දීය ගුවන් හමුදායානයකින් අප ලංකාවට පැමින සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු නැවත ඉන්දියාවට යාම සිදුවිය. විදේශ අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජී මහතාද බොහෝ විට අප සමග පැමිනි අතර ජනාධිපති මන්දීරයේ පැවත්වූ සාකච්ඡාවලට ජෙනරාල් සරත් ෆොන්සෙකා වැනි ජේෂ්ඨ නිලධාරීන්ද පැමින සිටියහ.//

      //මේ සාකච්ඡාවලදී ඉන්දියානු නියෝජිතයින්ගේ මූලික අවධානය යොමුවුයේ යුදයට කොටුවී සිටින සිවිල්වැසියන්ගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න පිළිබඳවය. ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධය සම්බන්ධව දැඩි ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙම කරුනේදී ඉතා සංවේදී විය. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල නොකිරීම, බර අවි යොද පහර නොදීම, යුධ මුක්ත කලාප නම් කිරීම, සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා විශේෂ කොරිඩෝවන් ලබාදීම වැනි යහපත් තීරණ මේ සාකච්ඡා වලදී ගැනුන නිසා ඉන්දීය රජයට මහත් පහසුවක් දැනුනි. පොරොන්දු වූ දේවල් ඒ අකාරයෙන්ම ඉටු කිරීමට රාජපක්ෂ රජය සැමවිටම වගබලා ගත් බවද සඳහන් කල යුතුය.//

      //රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පනපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ.//

      Delete
    2. //යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබා ගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි.

      මතු පිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි.

      ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.

      26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්).

      ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මිය ගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

      යුද්ධයේ දී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටු කලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය.

      හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාල පත්කිරීම් හා යුධ තීරණවලට නායකත්වය සැපයුවේ ය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලණය කරන්නෙකුට පෙනෙනු ඇත.
      මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි.

      මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසි විටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි.

      මෙහිදී ගෝඨාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේශ ලේකම්ධූරයෙන් ඉවත්වන තුරු කිසි විටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

      මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසි විටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි.

      ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

      මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක. මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇද ගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.
      2009 දී ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා ඉන්දියාවටත් ලෝකයේ තවත් බොහෝ රටවලටත් යම් තීරණ ගන්නට සිදුවිය. ලෝකයටත් අපටත් තිබුන ගැටලුව වූයේ දේශපාලන හේතු මත හෝ මානුෂික හේතු මත ශ්‍රී ලංකා රජය විසින් කර ගෙන යන ලබන වැඩපිලිවෙලට ඇඟිලි ගසනවාද නැත්නම් ඔවුන්ට ඔවුන්ගේ කාර්යය කරන්නට ඉඩ හැර බලා ඉන්නවාද යන්නයි.

      ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් අප මේ දෙකටම අතරමැද ක්‍රමවේදයක් මගින් සියලු දෙනා සතුටු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක නිරත වුනෙමු. ප්‍රතිඵලය වුයේ අපට කිසිවෙකු සතුටු කරන්නට නොහැකි වීමයි. දේශපාලනයේදී සියලු දෙනාම සතුටු කල නොහැකි බව මින් යලිත් පෙනී යයි.
      ශ්‍රී ලංකාව පිලිබඳ ගැටලුවකදී අවසාන තීරණය ගත යුත්තේ එම රටේ අවශ්‍යතා මත මිස අන්තර්ජාතික සබඳතා හෝ අන් රටවල විදේශ ප්‍රතිපත්ති මත නොවේ.

      2009 දී ශ්‍රී ලංකා රජය කිසිදු විදේශ බලවේගයකට ගැති නොවී ස්වාධීනව තම රටේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියේය.
      අප සියලු දෙනාම අද පිලිගත යුතු සත්‍යය නම් එල් ටී ටී ඊ යෙන් තොර ශ්‍රී ලංකාව වඩා හොඳ රටක් බවයි. එම තත්වය උදාකරගැනීමට ඉන්දියාවද සහාය විය.//

      ශිවශංකර් මෙනන්

      ඉන්දීය රජයේ හිටපු විදේශ ලේකම්
      (1 October 2006 – 31 July 2009)
      ඉන්දීය මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක
      (17 January 2011 – 28 May 2014)

      Delete
    3. ඇනෝ බොහොම ස්තූතියි. මේ ලිපිය වෙන බ්ලොග් එකක මම කියෙව්වා. ඒ ගැන මගේ කිසිම එකඟ නොවීමක් නැහැ. මම කියන්නෙත් ඉන්දියාව නොසිටින්න මේ යුද්ධය අවසාන නොවනවා කියන එක. බටහිර රටවල අත පෙවීමෙන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වැනි තැන් වලින් යුද්ධය නැවතීමට ගත් උත්සාහයන් ඔක්කොම නැවැත්වූයේ ඉන්දියාව. මට විශ්වාසයි ඊට එහා ගිහින් යුද්ධය සඳහා විවිධ දේවල් ඉන්දියාව ලංකාවට සැපයූවා. මම විස්තර කරන්නෙත් 1987 සහය නොදී ත්‍රස්තවාදීන්ගේ සහට අපිට විරුද්ධව සිටි ඉන්දියාව මෙම යුද්ධයේදී තනිකරම ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපේ සහයට හිටියා කියන එකම තමයි.

      තමිල්නාඩුවේ ඔවුන්ට සහ කොන්ග්‍රස් පක්ෂයට තිබෙන බල සමීකරණ නිසා ඔවුන්ට එය එළිපිට කියන්නවත් පිළිගන්නවත් බැහැ. ඒකනිසා හිටපු නායකයින් කලේ ඇමෙරිකාව, යුරෝපය, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බළපෑම් ඔක්කොම මෙල්ල කලේ රාජපක්ෂ අයිය මලෝ කියන කයිය ගැනයි.

      රාජපක්ෂ සහ ඔවුන්ට ආවඩන අයගේ අනික් වැරැද්ද තමයි මේ යුද්ධය බෙදුම්කාරී ක්‍රියාකාරකම් වල අවසානය කියල හිතන එක. ඒක අවසානයනම් යුධ අපරාධ වගේ දේවල් අදිමින් ඔවුන් මෙපමණ උද්ගෝශණ ගෙන ගියේ ඇයිද කියන එක ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒකට ලෝකේ කළින් කැඩුණු අනික් රටවල් කැඩිච්ච ආකාරය හදාරන්න. ඒ හැම බෙදුමකින්ම බෙදුම්වාදීන් ඉගෙනගෙන කොපිකලා. යුධ අපරාධ ක්‍රමයෙන් තමයි දකුණු සුඩානය එ.ජා ජනමත සමීක්ෂණයක් හරහා කඩා ගත්තේ. අනික බටහිරට අභියෝග කරමින් බෙදුම්වාදීන් ඒ රටවල් තුරුල්ලට තල්ලු කලේ රාජපක්ෂ වරුන්. අපගේ අපනයන බටහිරට යද්දී ආර්ථික සම්භාධක වගේ දේවලින් මේ රට නැති කරන එක නවත්වන්න ඉන්දියා ඉදිර්පත්වෙන්නේ නැහැ. චීනය ඉදිරිපත් වෙන්නෙත් නැහැ. බණ්ඩාරණායක වරුන්ට නොමිලේ සම්මන්ත්‍රණ ශාලා දුන් චීනය රාජපක්ෂවරුන්ට දුන්නේ අධි පොලී ණය.

      අනාගත ශතවර්ශයේ බෙදුම්වාදීන් කොන් කරන්න සහ අපේ ආර්ථිකය සඳහා බටහිර රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කල හකි නායකයන් රටට අවශ්‍යයි. එමෙන්ම බෙදුම්වාදීන් ගේ ක්‍රියා තමිල්නාඩුව හරහා වීම අඩපණ කරන්න ඉන්දියාව සමඟ හොඳ හිත අවශ්‍යයි. ඒ දේ කරන ඕන කරන්නේ රාජපක්ෂ වරුන් වැනි බජාර් කාරයන් නොවේ කියන එකයි මගේ තර්කය.

      Delete
  9. මට මේවා තේරෙන් නැහැ නොවැ...තේරෙන එකම දේ පෘථග්ජනයින්, බල ලෝභී,මුදල් තිබ්බත් කොපමන අවසානයේ බලයට කෑදරයි.. කවුරු උනත් එච්චරයි

    ReplyDelete
  10. සෑහෙන කාලෙකින් කියවපු හොඳම පොස්ට් එකක්.. යුද්දේ ගැන ඇතිවෙන්න කියවල තියෙනවා දේශපාලනේ ගැනත් එහෙමයි.. ඒත් මේ යුද්ධයයි දේශපාලනයයි පටලවාගෙන පඹ ගාලක තමුනුත් පැටලිලා අනික් උන්වත් පටලවන්න හදන කි දෙනෙකුට මේ කාලින යුද/ දේශපාලන සහ සම්භාන්දතාවය වැටහෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.. මම යුද්දේ තිබ්බ කාලෙම ඉන්දියානු/ චීන පාකිස්ථාන වගේම ඇමෙරිකානු හමුදා නිලධාරීන් බොහෝ දෙනෙක් ආශ්‍රය කලා. මට වැටහුණු දෙයක් තමයි අපේ බොහෝ හමුදා නිලධාරීන්ටත් සිවිල් ක්‍රියාකරිකයින්ටත් වඩා 'අපේ යුද්දයේ දේශපාලන පසුබිම' ගැන ඒ විදේශ නිලධාරීන්ට අවබෝධයක් තිබුණු බව. ඇත්තටම ඒ රටවල්වල තමන්ගේ අසල්වැසියන් මිතුර මෙන්ම සතුරන් (විය හැකි) ගැන අපේ රටට වඩා සෑහෙන්න හොයනවා. ඒ අතරම කොටසක් 'මදර් ඉන්දියා' පකිස්ථාන් සින්දාබාද්' කියා කියා රටේ හොරණෑවත් ගහනවා.. අපේ හොරණෑ කාරයෝ නම් ඔනිතරම්.. අනිත් කොටස තමයි නැත්තේම.. ඉන්න දෙතුන් දෙනගේන්වත් වැඩක් ගන්න බවක් පේන්නෙත් නෑ.
    අනික, ඕනෙම තැනක මධ්‍යස්ත වෙනවා කියන එක කරන්න හරිම අමාරු දෙයක්.. එහෙම කරන එකෙක් හිටියත් අපේ රටේ නම් ඌව විශ්වාස කරන්නෙත් නෑ.
    එක තැනක 2009 කියන එක 2019 කියල ටයිපෝ එකක් තියෙනවා.. ඒක හදන්න බලන්න. අර ලංකා වෙබ් එකේ පෝස්ට් එකට මාරු කමෙන්ට් ටිකක් වැටිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමී. වැරැද්දත් නිවැරදි කලා

      Delete