දියුණු රටවල් වල මෙන් ලෝක පිලිගැනීමක් ඇති ගුවන් යානා හෝ මෝටර් රථ නිශ්පාදනය කිරීමට අපට නොහැකි වී ඇත. තේ සහ ඇඟළුම් හැරුණු විට චීනය වැනි නිශ්පාදන පිරිවැය අඩු රටවල් කරන අපනයනයන් අපට නිශ්පාදනය කිරීමට නොහැකි වී ඇත. අපට තවම තෙල් සොයා ගැනීමට නොහැකිවී ඇත. එහෙත් සිසුන් විශාල ප්‍රමාණයකට තාක්ෂණික විෂයයන් කියා දීමට හැකි උගතුන් අපට සිටියත් එක සාක්ෂාත් කරගැනීමට හැකිවෙලත් නැහැ . ඒ සඳහා අවශ්‍ය වන්නේ සියළු දෙනාට අධ්‍යාපනය ලබා ගැනීමට ක්‍රමයක්, අදාල ගොඩනැඟිලි, සුදුසුකම් වලට සහතිකයක් ලබා දීමට බලය ඇති විශ්ව විද්‍යාල වැනි ආයතන පමණයි. මේ සඳහා කළ යුත්තේ උසස් අධ්‍යාපන නියාමන කොමිසමක් හරහා විශාල පිළිගත් පෞද්ගලික ආයතන වලින් ආයෝජන ලබා ගෙන එක දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එකක් හෝ වන සේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිකිරීමයි. කාලයක් යනවිට මාලදිවයින වැනි ලඟ පාත රටවල සිසුන්ටත් උසස් අධ්‍යාපනය සපයන කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත්වනු ඇත. අළුතින් බිහිවන විශ්ව විද්‍යාල වලට ජාත්‍යන්තර පිළිගැනීම් ලැබීමෙන් අන් රටවල් වල අයද අධ්‍යාපනය සඳහා පැමිණීමෙන් අද අධ්‍යාපනය දීමට අපෙන් මුදල් ලබා ගන්නා චීනය, බංග්ලාදේශය , බෙලරුස් මෙන් අපද අන් රටවලින් මුදල් සොයා ගන්නා රටක් බවට පත්වනු ඇත
පෞද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරමින් උසස් පෙළ සමත්වන ලක්ෂ දෙකකට අධික සිසුන් ප්‍රමාණයෙන් ලක්ෂයක්වත් උසස් අධ්‍යාපනයට යොමුකිරීමේ පළමු පියවර විය යුත්තේ බොහෝ රටවල් ක්‍රියාත්මක කරන සිසු ණය ක්‍රමය ලංකාවේ ක්‍රියාත්මක කිරීමයි. දෙවන පියවර විය යුත්තේ විද්වතුන් විසින් සකස් කර අනුමත කරන ලද විශ්ව විද්‍යාලයක තිබිය යුතු අවම පහසුකම්, අධ්‍යයන කාර්‍ය මණ්ඩල, පර්යේශණ සඳහා පහසුකම් ආදිය පිළිබඳව නීති පද්ධතියක් හඳුන්වා දීමයි. තෙවන පියවර විය යුත්තේ එම ආයතන නියාමනය සඳහා ඒ පිළිබඳව පළපුරුදු නිර්දේශපාලනික පුද්ගලයන්ගෙන් සමන්විත පෞද්ගලික උසස් අධ්‍යාපන නියාමන කොමිසමක් පිහිටවීමයි. අවසන් වශයෙන් එම නීති පද්ධති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටවීමට විශාල ලෙස මුදල් ආයෝජනය කල හැකි රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සහ ජෝන් කීල්ස්, හේමාස් වැනි විශාල ලැයිස්තුගත සමාගම් වලට ආරාධනා කිරීමයි.
මෙහි පළමුවන පියවර ලෙස සිසු ණය ක්‍රමය ඇති කිරීම සිදුකල යුත්තේ ඕනෑම ආර්ථික මට්ටමක සිටින අයෙකුට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට එමඟින් අවස්ථාව සලසා දීමයි. සයිටම් වැනි දේශීය ආයතන වැසී ගියත් එමඟින් පොහොසත් පවුල් වල දරුවන්ට හානියක් නොවේ. ඒ ඔවුන්ට රටේ විදේශ විනිමය ලබාගෙන විදේශ විශ්ව විද්‍යාල වලට යා හැකි නිසාය. දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීමෙන් එතරම් පොහොසත් නැති එහෙත් රජයේ, බැංකු වල සහ පෞද්ගලික අංශයේ ඉහල තනතුරු දරන අයගේ දරුවන්ට එතරම් මුදලක් වියදම් නොකර උසස් අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවේ. SAITM සහ SLIIT වැනි විද්‍යාල නිසා විදේශ වලට ගලායන රටේ මුදල් යම් ප්‍රමාණයක් හෝ රට තුල ඉතිරිවේ. එකම අඩුව එවන් වියදමක් කරගත නොහැකි පවුල වල දරුවන්ට අත්වන ඉරණමයි. කොතරම් බුද්ධිමත් දරුවෙක් වුවත් නොමිලේ අධ්‍යාපනය දිය හැකි රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් විය නොහැකි වුවහොත් මිල මුදල් නැත්නම් උසස් අධ්‍යාපනය ලැබීමට යොමුවීම අසීරුය. එම නිසා සිසු ණය ක්‍රමය ඉක්මනින් හඳුන්වා දීම නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසුව අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ගන්නා විශාලතම ක්‍රියාමාර්ගය වනු ඇත.
දැනටමත් රටේ ඇති ජාත්‍යන්තර පාසැල් වල ඉගෙනුම ලබන අයට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි නිසා එම සිසුන්ට මෙරට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නැත්නම් විදේශ විශ්ව විද්‍යාල වලට යෑම හැර වෙන විකල්පයක් නොමැත. සති අන්ත පුවත්පත් බලන්නෙකුට ලෝකයේ කොතරම් උසස් අධ්‍යාපන ආයතන ප්‍රාමාණයක් මේ රටේ සිසුන් ඇදගැනීමට දැන්වීම් පල කරනවාදැයි වටහා ගත හැකිය. ඒ මේ රටේ පවතින පෞද්ගලික විශ්ව විද්‍යාල නොමැති කම ඔවුන්ට ඉතා හොඳ ව්‍යාපාරයක් වී ඇති නිසාය. අප තේරුම් ගත යුතු කරුණ වන්නේ එක සිසුවෙකු විදේශ විශ්ව විද්‍යාලයකට වසරකදී ගෙවිය යුතු මුදල මැදපෙරදිග වහල් සේවයේ යෙදෙන සේවිකාවන් දස දෙනෙකු උපයන විදේශ විනිමය ප්‍රමාණයට සමාන බවයි.
පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට තෝරගන්නා අයෝජක ආයතන වලට අධිවේගී මාර්ගවලින් පිටවීම් වලට කිට්ටුවෙන් හෝ අධිවේගී මාර්ග නැති පළාත්වල ප්‍රවාහන මධ්‍යස්ථාන වලට කීටුවෙන් ඇති රජයේ ඉඩම් අක්කර 25-50 ක් පමණ දීර්ඝ කාලීන බදු ගිවිසුම් යටතේ ලබා දිය යුතුය. එමෙන්ම ඒවා සඳහා අඩු ආදායම් බදු අනුපාතයක් අය කිරීමෙන් අයෝජකයින් දිරිමත් කල හැක.
සිසු ණය ක්‍රමය සඳහා මම යෝජනා කරන්නේ බිලියන් 500 පමණ තැන්පතු ඇති ජාතික ඉතිරිකිරීමේ බැංකුව ජාතික ඉතිරිකිරීමේ සහ නිපුණතා සංවර්ධන බැංකුව ලෙස වෙනස් කරන ලෙසයි. එමඟින් රජයේ මුදල් ප්‍රමාණයක් අයෝජනය කිරීමට අවශ්‍ය නොවී ඉතා ඉක්මනින් සිසු ණය ක්‍රමය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ක්‍රියාත්මක වන සිසුණය ක්‍රමය ඒ ආකාරයෙන්ම මෙරටට හඳුන්වා දිය හැක. තවද ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති සැලකිය යුතු පොලියක් ගෙවිය යුතු සිසු ණය ක්‍රමය වෙනුවට ඉතිරිකිරීම් සඳහා ගෙවන පොලියට සුළු අතිරික්තයක් සමඟ දැරිය හැකි පොලී අනුපාතයකට එවන්නක් හඳුන්වා දීම කළ යුතුය. එහෙත් එක්තරා කාලයකට පසුවත් ණය නොගෙවන අය සඳහා දඬුවම් පොලී අනුපාත ඇතිකිරීම වැරදි නැත. රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ අර්ථසාධක අරමුදල සඳහා 10% පමණ ප්‍රමාණයක් සේවකයාගෙන්ද 15% ක පමණ ප්‍රමාණයක් සේව්‍යාගෙන්ද දායක වේ. සේවකයාගේ සිසු ණය ප්‍රමාණය ගෙවා අවසන් වන තෙක් එම දායක මුදල් සිසුණය බැංකුවට යොමුකිරීම මඟින් සේවකයාට මාස් පතා අතට ලැබෙන මුදල අඩු නොවී සිසුණය ගෙවී යා හැකි ක්‍රමයක් සැකසේ. මේ සියල්ල ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ක්‍රමය මෙහි ඇති කිරීමෙන් සිදුවේ.
සිසු ණය ක්‍රමය ක්‍රියාත්මක විය යුත්තේ එක්තරා මට්ටමකට වඩා අඩු ආදායමක් ලබන පවුල් වලටය. එසේ නොමැතිනම් පොහොසත් පවුල් වල අයත් එමඟින් අයුතු වාසියක් ලබා ගනු ඇත. ඒ සඳහා මසකට රුපියල් ලක්ෂයකට අඩු පවුලේ ආදායමක් හෝ රුපියල් මිලියන විස්සකට අඩු ශුද්ධ වත්කමක් ඇති පවුල වල දරුවන්ට පමණක් මෙම සිසු ණය පහසුකම ලබා දීම වඩා සුදුසුය. ඊට වඩා අදායම් හෝ වත්කම් ඇති අයට උසස් පෙළ සහ තෝරාගැනීමේ පරීක්ෂණ හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලුවීමට තෝරා ගත්තත් ඔවුන්ට මාසික හෝ වාර ගාස්තු ගෙවීම ඔවුන් විසින්ම කල යුතු විය යුතුය.
වසර කිහිපයක් යනවිට වෛද්‍ය , ඉංජිනේරු වැනි පහසුවෙන් රැකියා ලබා ගත හැකි ක්ශෙත්‍ර වලට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන අයටද මෙම සිසුණය ක්‍රමය හා සබැඳි ගාස්තු අයකිරීමක් කළ යුතුය. එවිට සුළු පිරිසකගේ උසස් අධ්‍යාපනය සඳහා දුප්පත් පෝසත් හැමෝගෙන්ම එකතුවන බදු මුදල් යොදාගෙන සිදු කිරීම නවතා දැමිය හැක. මෙමඟින් රජයේ වියදම වසරකට බිලියන් 20-30 ප්‍රමාණයකින් අඩුවනු ඇත.
ඉහත යෝජනා කර ඇති උසස් අධ්‍යායපන නියාමන කොමිසමට මෙම ක්‍රමය යටතේ ඇතිවන පෞද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු සඳහා අය කල හැකි ගාස්තු නියාමනය කිරීමේ බලයක්ද තිබිය යුතුය. එසේ නැතිනම් සිසුන් විසින් කවදා හෝ ගෙවිය යුතු ණය මුදල් වලින්ගෙවන ගාස්තු හරහා විශාල ලාභ ලබා ගැනීමට ඔවුන් පෙලඹෙනු ඇහ. මේ සඳහා අනුගමනය කළ හැකි ක්‍රමයක් ඉන්දියාවේ තාක්ෂණ සහ වෛද්‍ය අධ්‍යාපන ආයතන වල ගාස්තු නියාමනයට යොදා ගනී. ලංකාවේත් කිරි පිටි වැනි අත්‍යාවශ්‍ය ආහාර වර්ග සඳහා මිළ ගණන් පාලනය සඳහා එම මිල වල් රජයෙන් කළින් අනුමත කළ යුතු ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ගාස්තු නියාමනය මෙන්ම මෙම පෞද්ගලික විදුහල් වල පාලනය අයෝජකයින්, අධ්‍යාපන ක්ශේත්‍රයේ විද්වතුන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ගෙන් සමන්විත සෙනේට් සභා මඟින් සිදු විය යුතුය. එවිට ආයෝජකයින්ට අධ්‍යාපන මට්ටම් වෙනස් කිරීම, සිසුන් තෝරාගැනීම්, කථිකාචාර්‍යය වරු බඳවා ගැනීම, විභාග සහ උපාධි ප්‍රධානයට අවශ්‍ය සුදුසුකම් සැපිරීම, වැනි දේවලදී අදාල නීති සහ සම්මත වලට පිටින් ක්‍රියා කිරීමට අයෝජකයින්ට නොහැකි වනු ඇත.
රටට වැඩදායී සාර්ථක උසස් අධ්‍යාපන ක්‍රමයක් රටක් ක්‍රියාත්මක වීමට උසස් අධ්‍යාපනය සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රමයත් විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. කට පාඩම් කිරීමෙන් ඉහල ලකුණු ලබා ගන්නා අය සහ දිස්ත්‍රික් පදනමෙන් ඇතුලත් කිරීම වෙනුවට ඉහත සඳහන් කල නියාමන කොමිසම යටතේ පිහිට විය යුතු ආයතනයකින් පවත්වන බුද්ධි පරීක්ෂණ ක්‍රමයකින් රටේ පිහිටුවන පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට සිසුන් බඳවා ගැනීම වඩා යෝග්‍යය. ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. වෛද්‍ය, නීති, ඉංජිනේරු, නීති ආදී ක්ශේත්‍ර වලට තෝරාගන්නේ ඒ වෘත්තීන් සඳහා සුදුස්සන් තෝරාගැනීමට පවත්වන බුද්ධි පරීක්ෂණ වලිනි. එම පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දීමෙන් පහසුකම් අඩු පළාත් වල අයටත් තමන්ගේ බුද්ධිය අනුව නගර වල අය හා කරට කර තරඟ කළ හැකිය. අද පහේ ශිෂ්‍යත්ව විභාග වලින් ගම්වල සිසුනුත් එක ලෙස සමත්වීමෙන් මෙම බුද්ධි පරීක්ෂණ වලට එම ප්‍රදේශ වල පවතින අධ්‍යාපන පහසුකම් වල බලපෑම අඩු බවට සාක්ෂි සපයයි. සිසුන් 11 වසර සම්පූර්ණ කරන විටම මෙම විභාග වලට යොමු කිරීමෙන් උසස් පෙළ අවසන් වූ වහාම උසස් අධ්‍යාපනය සඳහා අදාල ආයතන වලට අනුයුක්ත කල හැක. ඒ සඳහා එම බුද්ධි පරීක්ෂණ විභාග වලට මුහුණ දීමට පුහුණු කරන පාඨමාලා 11 වසරේ විෂය නිර්දේශයට ඇතුලත් කළ යුතුය.
අද ලෝකයේ රැකියා සපයා ගත හැකි අංශ හඳුණාගෙන එම අංශ සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වල සිසුණය හරහා අනාගත පරම්පරා පුහුණු කළ යුතුය. උදාහරණයකට වෛද්‍යවරුන්, හෙදියන්, වයසක අය බලා ගන්නන්, මෝටර් ඉංජිනේරු ශිල්පීන්, පුහුණුව ලත් නාවිකයන්, පුහුණු හෝටල් සේවකයන්, විදුලි කාර්මික ශිල්පීන්, විදුලි ඉංජිනේරු ශිල්පීන්, පරිගණක ශිල්පීන්, ගණකාධිකරණ ශිල්පීන්, පෙදරේරු ශිල්පීන්, වැනි අය අවුරුදු එකේ සිට හතර දක්වා ක්‍රියාත්මක වන සහතික/ඩිප්ලෝමා/උපාධි පාඨමාලා මඟින් විශාල වශයෙන් බිහි කල හැක. පංති කාමර පුහුණුවෙන් පසු ලංගම, විදුලි බල මණ්ඩලය, රජයේ රෝහල්, පෞද්ගලික ඉදිකිරීමේ ආයතන ආදියෙහි ප්‍රායෝගික පුහුණුව ලබා දීමට හැකිවේ. විශාල සුදුසුකම් ලත් ශ්‍රම බලකායක් තිබෙන රටකට විදේශ අයෝජන ලබා ගැනීමට පහසුවේ. එමෙන්ම මැද පෙරදිගට ගෘහ සේවිකාවන් යවනු වෙනුවට පුහුණු ශිල්පීන් සහ උපාධිධාරීන් යැවීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා ගත හැකි වනු ඇත. එමෙන්ම පාසැල් අධ්‍යාපනයෙන් පසු සිසුවෙකුට හැලී යා නොදී ඔහුට ඇතුලත් විය යුතු උසස් අධ්‍යාපන ආයතන වලට පාසැල් හරහාම යොමු කිරීමෙන් මඟ පෙන්වීමක් නොලැබෙන සමාජයේ පහල ස්ථර වල අයට උසස් අධ්‍යාපනය හරහා ද්‍රරිද්‍රතාවයෙන් එක පරම්පරාවක් තුල එලියට ආ හැකිවනු ඇත.
මේ ගැන තව දුරටත් කථා කර මින් නොසිට ආචාර්‍ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි උගත් දේශපාලකයින් කිහිප දෙනෙකුට මෙම ක්‍රමය සුළු කාළයක් තුල ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරිය හැක. මෙමඟින් කඩිනම් මහවැලි ව්‍යාපාරයෙන් රට ඇතිවූ දීර්ඝ කාලීන වාසි වලට වඩා වාසියක් අත්වනු ඇත. ජනසවිය, සමෘද්ධි වැනි දුප්පත් කම නැතිකිරීමේ ව්‍යාපාර වලට වඩා ඉක්මනින් රටේ දුප්පතුන් ප්‍රමාණයේ අඩුවීමක් මෙමඟින් සිදුවනු ඇත. මෙම කටයුත්තට ජනාධිපති සහ අගමැති දෙදෙනාගෙම පොදු කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් එක පිලකට පමණක් මෙයින් දේශපාලන වාසි ලබා ගැනීමට ඇති ඉඩ මඟ හැරෙනු ඇත. මෙවන් ක්‍රමයකට විරුද්ධ විය හැක්කේ දුප්පතුන් සැමදාම දුප්පතුන් ලෙස තබා ගැනීමෙන් දේශපාලන හෝ සමාජයීය තත්ත්වයෙන් වාසියක් ඇත්තෙකුට පමණි.
නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ අධ්‍යාපනය දීම නොවේ. නිදහස් අධ්‍යාපනය යනු මුදල් ඇති සහ මුදල් නැති යන දෙකොටසම එක හා සමානව අධ්‍යාපනයට පිවිසීමට ඇති අවස්ථාව ඇති කිරීමයි. එම නිසා දුප්පත් සිසුන් සඳහා සිසු ණය ක්‍රමයෙන් පොහොසත් සිසුන් ලබන අධ්‍යාපනයම ලබා ගැනීමට හැකියාව සැලැස්වීම නිදහස් අධ්‍යාපනයයි.
මීලඟට - රට නගන මඟ 2 - රාජ්‍ය වියදම් පාලනය
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
ඉස් සර කාලේ මෙහෙම ණය ක්‍රමයක් තිබුණා ලු නේද ලංකාවේ? අපේ අය රජයට පොලු නොතියා ණය ගෙවන්න තරම් විනයකින් යුක්ත වෙනවා නම් හොඳ ක්‍රමයක්
ReplyDeleteබැංකු හරහා තිබී තියෙනවා. එය විදේශ රටවල් වගේ ප්‍රචලිත ක්‍රමයක් නෙමෙයි. ස්තූතියි කවිඳු
Deleteමහජන බැංකුවෙන් දුන්නෙ.
Deleteඒත් පුද්ගලික අංශෙ ජොබ් වලට යන අය කවදාවත් කොම්පැනිවලට බැඳෙනකොට ලෝන් ගත්ත බව ඩික්ලෙයා කලේ නෑ.
ඒ නිසා බැන්කු වලට ලෝන් රිකොවර් කර ගන්න එක විශාල ගැටලුවක් උනා. ඉන් පස්සෙ බැංකු විසිනුත් නීති තද කලා.
මොකෝ බැන්කු කියන්නෙ පුණ්‍යාතන නෙවෙයිනෙ
බොහොම ස්තූතියි. මේකට විසඳුම තනි අංක ක්‍රමය. ඇමෙරිකාවේ ණය ගන්නත්, රැකියාවකටත් Social Security No (SSN) එක අවශ්‍යයි. නවසීලන්තෙ IRD No එක අවශ්‍යයි. ලංකාවේ තාම NIC අංකය සහ EPF අංක වෙනස්. එවන් තනි අංකයක් හරහා එවන් loopholes වහගන්න පුළුවන්. කෙසේ වෙතත් කීප දෙනෙක් ණය නොගෙවීම දුප්පතුන්ට අවස්තා ඇති කරන්න පුළුවන් වෙන ණය ක්‍රමයක් හඳුන්වා නොදීමට හේතුවක් නෙවෙයි.
Deleteඕනෙ මගුලක් දාගත්තට කමක් නෑ.
ReplyDeleteහැබැයි පුද්ගලික වයිද්‍ය පීඨ බෑ තෙරුනාද
- මීට ගොමා
සයිටම් 'එක' අහෝසි කරනු !! සයිටම් 'දෙක' හෙට අනිද්දා පටන් ගනු !!! GOMA
Deleteඔය ණය ක්‍රමයට බැංකුවල කැමැත්ත ගන්න අසීරු වෙනවා.
ReplyDeleteඔය අයගෙන් බාගයක්ම රට අත් හැරලා යන නිසා රිකවරි රිස්ක් එකක් තියෙනෙවනෙ.
ඒකට විකල්පයක් අවශ්‍ය වෙනවා.
මෙම ප්‍රශ්ණය වෙන රටවල තිබෙන සිසු ණය ක්‍රම වලත් තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් විවිධ ක්‍රියා මාර්ග ගන්නවා. එකක් තමයි නැවත අය කර ගැනීම කරන්නේ ආදායම් බදු අයකර ගැනීමේ ක්‍රමය හරහා. ලංකාවේ මසකට පඩිය 100,000 කට අඩු අයට මේ අප්‍රේල් සිට ආදායම් බදු නැහැ. ඒ වෙනුවට ඊපීඑෆ් එක හරහා අයකර ගන්න පුළුවන්. නවසීලන්ත ක්‍රමයේ ණය නොගෙවා විදේශ ගතවන අය නැවත රටට පැමිණෙන විට අත්ඩංගුවට ගන්නවා. කොහොමත් යම් ප්‍රමාණයක් ණය පැහැර හරිනවා. ඒක එවන් ක්‍රමයක් නොතිබීමට හේතුවක් නෙවෙයි.
Deleteජපානෙ 100%ක්ම වාගෙ ලෝන් එක ගන්නවා.
ReplyDeleteග්‍රැජුවෙට් උනායින් පස්සෙ රට හැර යාමේ රිස්ක් එකත් ඕල්මොස්ට් සීරොනෙ.
ප්‍රයිවෙට් හරි ආන්ඩුවේ හරි ඕනැම ජොබ් එකට ගිහින් මාස 3කින් ගෙවන්න් පටන් ගන්නවා.
ලංකාවෙ ඒ කාලෙ ණය ආපහු ගෙව්වෙ ආන්ඩුවෙ ජොබ් වලට යන අය විතරයි.
ඔබට බොහොම ස්තූතියි. ණය අයකරගැනීමේ ක්‍රමයක් තියෙන්න ඕනා. නොගෙවීම වැනි ප්‍රශ්ණ ඔක්කොම හොතා බලා තමයි වෙන රටවල ක්‍රමයන් හදල තියෙන්නේ. රෝදේ නැවත සොයා නොගෙන ඒවා අධ්‍යනයය කොපි කලාම හරි
Deleteඉතාම වටිනා ලිපියක් ඉයන් !!
ReplyDeleteඔබට බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි
Deleteකාලීන මාතෘකාවක්. ගිය අවුරුද්දේ මේ ගැන සම්මන්ත්‍රණයක් තිබුනා, ඒ සම්මන්ත්‍රණයේ මූලිකවම කථා උනේ වෘත්තීය අධ්‍යාපනය සඳහා මුළ්‍ය පහසුකම් ගැන. මේ ලින්ක් එක බලන්න.
ReplyDeletehttp://www.ft.lk/article/535000/Need-for-loan-schemes-for-vocational-training-and-skills-development-rising
LW
බොහොමත්ම ස්තූතියි Ano
Deleteවැදගත් අදහස් මතුකල ලිපියක් ඉයන්. මේ වගේ දේවල් දිගටම ලියන්න.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි කුරහන්
Deleteනොමිලේ අධ්‍යාපනය වෙනුවට සිසු ණය හා ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කරනවා නම් ඇත්තෙන්ම නිදහස් අධ්‍යාපනයක් ඇතිවේවි. උසස්පෙල සමතුන්ගෙන් පොඩි ප්‍රතිශතයකට විතරක් රජයෙන් නොමිලේ අධ්‍යාපනය දීම නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නොවේ
ReplyDeletePra +++++++++++
Deleteහොඳ ලිපියක් ඉයන්, අපට අවශ්‍ය වන්නේ මෙවන් වැදගත් අදහස් සහිත සංවාද කලාවක් ඇතිකිරීමයි. මේ කරුණු/ යෝජනා/ සැලසුම් විද්වත් කතිකාවක් ලෙස වර්ධනය කර රජයට ලබාදිය යුතුයි. ජාතික සංවර්ධන බැංකුව (NDB) නිවේදනය කරන පරිදි අඩු පොලිය යටතේ වසර 8ක සිසු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත. සියලූම සිසුන්ට මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව ඇති අතර මේ හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දැරීමට වන බර පැන අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
ReplyDeleteවත්මන් රජයේ හර්ෂ ද සිල්වා වැනි සැලසුම් සම්පාදකයන්, එරාන් වැනි දක්ෂ කළමණාකරුවන් මීට වඩා ක්‍රියාකාරී විය යුතුයි ඉයන්. එමෙන්ම අකිල විරාජ් වැනි තරුණ ඇමතිවරුත් යමක් කිරීමට උත්සාහ කරනවා, විශේෂයෙන්ම දූෂිත නිලධාරීන්ගේ අවකල් ක්‍රියාවලට එරෙහිව සෘජුව පෙනී සිටීම අගය කළ යුතුමයි. සාගල මහතාත් යමක් කිරීමට උත්සාහ කරනු පෙනෙනවා. නමුත් පොලීසිය වැනි ආයතන මීට වඩා කාර්යක්ෂම කල යුතුයි නේද? මෙම සංවාද වලට විපක්ෂ කණ්ඩායම්ද සහභාගී කරගත යුතුයි. විශේෂයෙන්ම "සරස" නමින් ඉතා ප්‍රසිද්ධ බ්ලොග් එකක් ලියන සරසවි ආචාර්ය වරයා රාජ්‍ය විශ්ව විද්‍යාල වල අවකල් ක්‍රියා හෙළි කරමින් පෝස්ට් දමා තිබෙනු දුටුවා. ඔහු උග්‍ර රාජපක්ෂවාදියෙක් වුණත් ඇතැම් විට සාධනීය අදහස් දක්වන බුද්ධිමත් අයෙක් බව පෙනෙනවා ඉයන්. එබැවින් එබඳු අයත් මෙම සාකච්ඡා වලට සහභගී කරගත යුතුයි. එමෙන්ම රජය නියෝජනය කරන අයට මේ අදහස් සන්නිවේදනය විය යුතුයි.
බොහොම ස්තූතියි ඇනෝ. විවිධ බැංකු වලින් හඳුන්වා දී ඇති ණය ක්‍රම වානිජ ඒවා. එම නිසා බොහෝ විට දුප්පත් අයට ඒවා ගන්න බැහැ. එහෙම නැත්නම් ඒවා ගැන තේරුමක් නැහැ. අනික ඒවා නැවත ගෙවීම සහතික කරගන්න ඒ බැංකුවලට බැහැ. ඒ නිසා දියුණු රටවල මෙන් මෙවන් ක්‍රමයක් එන්න ඕනෑ රාජ්‍ය සිසුණය බැංකුවක් හරහා. එවිට ඒවා ලබා දීම සහ නැවත අයකර ගැනීම වැනි සියළු දේට රජයේ දෙපාර්තමේන්තු වල සම්බන්ධීකරණය ලබා ගත හැකියි.
Deleteහහ් හහ් හා.. මේක ලියලා තියෙන්නෙ ඇනෝ ආපු "සරස" ම තමයි //විශේෂයෙන්ම "සරස" නමින් ඉතා ප්‍රසිද්ධ බ්ලොග් එකක් ලියන සරසවි ආචාර්ය වරයා//
ReplyDelete//විශේෂයෙන්ම "සරස" නමින් ඉතා ප්‍රසිද්ධ බ්ලොග් එකක් ලියන සරසවි ආචාර්ය වරයා//
Deleteමෙන්න මෙහෙම නිවැරදි කරමුද?
"විශේෂයෙන්ම "සරස" නමින් කුප්‍රකට මඩ බ්ලොග් එකක් ලියන දත් දොස්තර වරයා"
ණය ක්‍රමය ගැන මටත් තියෙන මූලික ගැටලුව තමා අපේ මිනිසුන් ණය ගෙවිය යුතුයි කියන මූලිකම මූල්‍ය විනය රීතිය රකීවිද කියන එක.
ReplyDeleteහැබැයි මේක මෙහෙම සම්බන්ධ කරන්න පුලුවන් නේද , ප්‍රායෝගික පැත්ත වෙනම සලකා බලන්න ඕන. විදේශ ගමන් බලපත්‍රය මේ ණය ක්‍රමය සමග ලින්ක් කිරීම, ඊපීඑෆ් එක සමග ලින්ක් කිරීම වගේ දේවල් මගින් නැවත ගෙවීම සඳහා පෙලඹවීමක් ඇතිකල හැකියි නේද . හැබැයි ඒ සඳහා හොඳ පරිගණක ගත යාන්ත්‍රණයක් රජයට තිබිය යුතු වෙනවා.
ප්‍රධාන කාරනය රජය පාර්ශවයන් අප්ඩේට් වීමක් අවශ්‍ය වෙනවා
ස්තූතියි ඉවාන්. වෙනත් රටවල ක්‍රියාත්මක ක්‍රම වල මේ හැම එකම තියෙනවා. රැකියාවකට ගිය පසු පාවිච්චි කල යුතු අංකය හරහා ඒ සියල්ලම සේව්‍යාට දැන ගැනීමට හැකිවෙනවා. එවිට අදාල අඩුකිරීම් කරගැනීම සේව්‍යා ගේ නීතිමය වගකීමක්. ඒවගේම තමයි එම විස්තර ආගමා විගමන දෙපාර්තමේන්තුවලට ලැබෙනවා. විශේශයෙන්ම ණය නොගෙවා පැහැර හරින්නන් ගැන. නොගෙවන්නන්ගේ විස්තර ණය තොරතුරු කාර්යාංශය එකටත් යනවා. එවිට පිළිගත් හේතුවක් නැතිව සිසුණය ගෙවා නැත්නම් බැංකු සහ මුල්‍ය ආයතන වලින් වෙන අවශ්‍යතා සඳහා ණය ගන්න බැහැ. මේ මොනව තිබ්බත් නොගෙවන කට්ටියකුත් ඉන්නවා. ඒක ඕනෑම ණය ක්‍රමයක තිබෙන අවදානමක්.
Deleteඉතාමත් වටින යෝජනාවලියක්.... නරකද මේක අගමැති ජනපති අතට පත් කෙරුවොත්. හැබැයි ජේවීපි අයියාලා අක්කලා ටිට නම් මාර විරෝධයක් ගෙනෙයි මේකට.
ReplyDeleteනලීන් මේකට උත්තරේ හම්බුවුණ වෙලාවක කියන්නම්. මෙතන ලිව්වොත් නාගන්න වෙනවා. :)
Deleteමේ රට හදන්න නම් අධ්‍යාපන ප්‍රතිසංකරණ අත්‍යවශ්‍යයි.ඉයන් ගේ මේ යෝජනාවලිය හරි අගේයි.රජයට හැමදේම නඩත්තු කරන්න බැහැ.රජයේ නියාමනයන්ට යටත්ව පුද්ගලික අධ්‍යාපන අවස්ථා රටේ තවත් වැඩි කල යුතුයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මනෝජ්. රජය කරනවනම් සුළු පිරිසකට. මෙහම කළොත් වැඩි පිරිසකට. රජයෙන් ආහාර වවල කන්න දෙන ක්‍රමයක් තිබ්බනම් මිනිස්සු හාමතේ මැරිලා. පෞද්ගලික ගොවියන් වවන නිසා සහ මිනිසුන් මුදල් දී ගන්න නිසා තමයි මිනිස්සු කාල ඉන්නෙ.
Deleteඉයන්,
ReplyDeleteඔබේ මේ ලිපියට මම බොහෝම එකඟයි.
මේ කථාවම මම මීට වඩා බොහෝම සංක්ශිප්තව මගේ බ්ලො ලිපිවලිනුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම අපිට රටක් හැටියට ඉදිරියට යන්න තියෙන පැහැදිලිම මාවතක් තමයි මේ ක්‍රමය. මේකට විරුද්ධව කෑ ගසන වත්මන් වි වි ශිෂ්‍ය ප්‍රජාව නොදකින ඇත්ත තමයි මේ විදියට දේහීය හා ජාත්‍යන්තර ආයෝජන වලින් විශාල සංඛ්‍යාවක් විශ්ව විද්‍යාල බිහි වුනාම ඒ තුලින් ඇතිවන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව. මේක ඇත්තටම වත්මන් සිසුන් වෙනුවෙන් ඇතිවන විශාල වේදිකාවක්. ඒ වගේම අනාගත පරපුරට ලෝකය වෙත යන්නට හැදින පාලමක්.
මේ ණය ක්‍රමය ගැන ඔබ ඉදිරිපත් කරන වැඩ පිළිවෙල ඇත්තෙන්ම හොඳයි. ඒවා තව ටිකක් ෆයින් ටියුන් කරලා ගත්තහම වැඩේ අපූරුවට කෙරේවි.
දේශපාලන පක්ශ මතවදවලින් තොරව අඩු ගානේ අපේ රටේ උගතුන් මේ මතයට ගෙන ආ හැකි කෙනෙකු සිටීනම් ඒක රටට කරන විශාලතම මෙහෙවරක්.
//මේක ඇත්තටම වත්මන් සිසුන් වෙනුවෙන් ඇතිවන විශාල වේදිකාවක්. ඒ වගේම අනාගත පරපුරට ලෝකය වෙත යන්නට හැදින පාලමක්.//
Deleteහරියටම හරි නයනේ. අපි දේශපාලනය ගැන කා කොටා ගන්නෙ නැතුව මොන ආණ්ඩුවක් තිබ්බත් රටට ඕන දේ කරවා ගැනීමට එකතුව බල කල යුතුයි.
ඉයන්, කරනවනම් මේක තමයි ලංකාවට හොඳම ක්‍රමය. ඔබ සඳහන් කරන දුර්වලතා වලට පිලියම් හොයා ගන්න පුලුවන් වෙයි මේක ක්‍රියාත්මක කරලා ටික දවසක් යනකොට.මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මගේ දුව දැනට හතරවන වසරේ වි.වි.සිසුවියක්.ඇයගෙ Course fee මුදල් ගෙවන්නේ HECS නමින් හඳුන්වන නය ක්‍රමය මගින් .ඔවුන් රැකියාවක් කරන විට ඒ මුදල් ආපසු ගෙවිය යුතුයි.
ReplyDeleteලංකාවේ මේ ක්‍රමය පටන් ගත්තොත් ඔය අන්තරේ වගේ ඒවා පස්සේ යන එකත් අඩු වෙයි.ඔබ කියලා තියන පරිදි ඉලක්ක කරන්න ඕනේ වැඩිම ඉල්ලුමක් තියන රැකියා සඳහා ඉගැන්වීමයි.නැතුව කලා උපාදියක් කරලා අපිට ආන්ඩුවේ රස්සාවක් දියව් කියන කොටසක් නම් නෙමෙයි. මම මෙහෙම කිව්වට කලා උපාදි තියන අය තරහ වෙන්න එපා.
හැබැයි ඔබ කියනවා වගේම හොඳම තත්ව නියාමනයක් ඕනෑ.මේ නියාමනය හැම අංශයක්ම බැලිය යුතුයි.
මම පොඩි උදාහරනයක් දෙන්නම්.මම මගේ කාර්මික පුහුනුව ලබා ගත්තේ මොරටුවේ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙන්. හැමෝම කියන හැටියට ජර්මන් ටෙක් එක. 1975 කටුබැද්දේ අලුත් තැන මේ ආයතනය ඉදිකලේ වසරකට150 දෙනෙකුට පුහුනුව ලබාදෙන්න පහසුකම් සහිතව. එවකට බටහිර ජර්මන් රජය මේ සැලසුම් කලේ. නමුත් පසු කාලීනව අපේ දේසපාලුවන්ගේ තීරන නිසා මේ වසරකට ගන්න 150 ටික ටික වැඩිවෙලා දැන් 600 ක් වෙලා. නමුත් පහසුකම් ඊට සමානව වැඩි වුනේ නැති නිසා පුහුනුව ලබා දීමේ ගැටලු තියනවා.
ඔබ සඳහන් කරලා තිබුනා ප්‍රායෝගික පුහුනුව දෙන්න ලං.ග.ම ,විදුලිබල මන්ඩලය වගේ ඒවායේ පුලුවන් කියලා .ලං.ග.ම. ගැන නම් හිතන්නවත් එපා.ඒ තරමට පිරිහුන තැනක්.ඉස්සර ජර්මන් ටෙක් ලමයි ප්‍රායෝගික පුහුනුවට ගියේ ලං.ගම ඩිපෝවලට.කියන්න සතුටුයි දැන් එක ලමයෙක්වත් ය්න්නේ නෑ.
බොහොම ස්තූතියි කුමාර. පහසුකම් අඩුවෙන් හරි වැඩි දෙනෙක් බඳවා ගැනීම. මේකට වෙන්න ඕන ඒ ආයතන වලට දෙන ගාන බඳවා ගන්න සිසුන් ප්‍රමාණය අනුව තීරණය කිරීම. එවිට තිබෙන පහසුකම් යටතේ වැඩි දෙනෙක් බඳවා ගැනීමට ඉඩ තියෙනවා. අද තියෙන ක්‍රමයෙන් වෙන්නේ විශේශයෙන්ම විශ්ව විද්‍යාල වල බඳවා ගන්නා ප්‍රමාණය් අඩු මට්ටමක තියා ගත්තත් වැඩි වෙන වියදමට රජයෙන් මුදල් ලැබෙන එක. එම නිසා ඔවුන්ට ධාරිතාව වැඩිකරගන්න ඕන කමක් නැහැ. ඒ අතින් ජර්මන් ටෙක් එක ඔබ කියන අවදියේ කල දේ හොඳක් මා දකිනවා.
Deleteරට නගන මගකට
ReplyDeleteඅධ්‍යාපනේ මුලකට
ණයක් දී සිසුනට
දැණුම බෙදුවොත් වටියි හෙටකට.....
ජයවේවා!!!
දුමී හැමදාම මෙන් කවියකින්. බොහොමත්ම ස්තූතියි
Deleteනිදහස් අධ්‍යාපනය දී උනත් සල්ලි ගෙවන්න පුලුවන් එකා ගෙන් යම් කිසි ප්‍රතිශතයක් අයකරගන්න ඕනෑ
ReplyDeleteඔව් සෙන්නා. ඒ ගැනත් ලිපියල් ලියනවා. මේක පෞද්ගලික අධ්‍යාපන අවස්ථා සහ හැමෝටම එය ලබා ගැනීමට ඉඩ සැලසීම ගැන.
DeletePart time jobs වැඩි වෙන්න ඕනා.. ඒවල පැයක ගනනත් යුරෝපා රටවල වගේ නියම ප්‍රමිති අගයක් වෙන්නඕනා... එතකොට පෞද්ගලික වි.වි. තිබුනා කියලා ප්‍රශ්නයක් නෑ.. අවශ්‍ය කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්.. පිටරට වල වුනත් ළමයි ඉගෙන ගන්නේ එහෙම... ඒත් ලංකාවේ තියන දේශපාලන පසුබිම එක්ක ඔයවගේ දේවල් හීන විතරයි... සල්ලි තියන ළමයිට පුලුවන් ඕනම තැනකින් ඉගෙන ගන්න...
ReplyDeleteබොහොම ස්තූතියි අරූ. ඔබ කියදේත් හරිම වැදගත්. කිසිම දෙයක් ඒ වෙනුවෙන් නොකර මහපොළ ශිෂ්‍යත්වයක් දෙනවට වඩා, විශ්ව විද්‍යාලයක අනද්‍යන කාර්‍ය මණ්ඩලය අඩුවෙන් බඳවාගෙන එම වැඩ සඳහා සිසුන් ට මුදල් ගෙවා ලබා ගත යුතුයි. එමඟින් අනාගතයේ හොඳ ව්‍යවසායකයො බිහි වෙන්නත් පුළුවන්. මෙවන් දේවල් දියුණු රටවල විශ්ව විද්‍යාල වල තියෙනවා.
Deleteඉදලා හිටලා උබටත් හිතෙන දේවල් ....
ReplyDeleteරටට හොදක් වෙනවනම් අපේ පොඩි එවුන් වෙනුවෙන් ඕන කැපකිරීමක් කරන්න අපි කැමති
ස්තූතියි මෙන්ඩා
Deleteනිදහස් අධ්‍යාපනයේ හොඳම ප්‍රතිලාභ ලැබුවේ කන්නන්ගර යුගයේදී මධ්‍ය විද්‍යාල හරහා විශ්ව විද්‍යාල වලට ඇතුළත්වූ අය. මේ මුල් යුගයේ බොහෝ අය අද ජීවතුන් අතරත් නැහැ. මාද නිදහස් අධ්‍යාපනය මගින් 1950 වසරේදී ශිෂ්‍යත්වයක් ලබා මධ්‍ය විද්‍යාලයකට ඇතුලත් වී 1960 වසරේ විශ්ව විද්‍යාලයට ගිය කෙනෙක්. අපට මධ්‍ය විද්‍යාලයේ (අවම) නේවාසික පහසුකම් තිබුනා. ඒ කාලයේ මසකට ලැබුණේ රුපියල් විස්සයි. එම මුදලින් මාසයක් 'හොස්ටල්' එකෙත් කෑම බීම ඉඳුම් හිටුම් සැපයුනා. දෙමාපියන්ගේ මාසික ආදායම රුපියල් 250 කට නොවැඩි බවට අවුරුදු පතා දිව්රුම් ප්‍රකාශයක් ලබාදිය යුතුව තිබුනා.පසුව විශ්ව විද්‍යාලයට ගිය පසු මාසිකව ලැබෙන මුදල රුපියල් සියයක් වුවා. ඒ මුදලින් යන්තම් පිරිමහ ගන්නට හැකි උනා. මා විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ විද්‍යාලයෙන්ම ශිෂ්‍යත්වධාරීන් 30 ක් පමණ එම වසරේ විශ්ව විද්‍යාලයට ඇතුල් උනා. වසර තුන හතරකට පසුව සියලු දෙනාටම රජයේ වැදගත් රැකියාවල් ලැබුනා.
ReplyDeleteමෙම පැරණි ක්‍රමය නැවත නව මුනුවරකින් අඩු වශයෙන් මුල් මධ්‍ය විද්‍යාල 54 න්වත් ක්‍රියාත්මක කළහොත් වඩාත් ඵලදායී වන බව මගේ හැගීමයි. මෙම ක්‍රමය යටතේ අද කාලයේ ලබාදිය යුතු මාසික ශිෂ්‍යත්ව ආධාර මුදලින් කොටසක් රජයෙන් ලබාදෙන අතර ඉතිරි කොටස යෝජිත 'නිපුණතා සංවර්ධන බැංකුවෙන්' ලබාදිය හැකිවේවි. මේ ටිකත් ඔබගේ සටහනට එකතු කර, නිදහස් අධ්‍යාපන බලධාරීන්ට යොමු කළොත් හොඳ නේද?
ඔබට ජයම !
දයාවී අධ්‍යාපන ක්ශෙත්‍රයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඇති ඔබවැන්නෙකු මේ ගැන කමෙන්ට් කිරීම ඉතා වැදගත්. අද උසස් පෙළ දක්වා යන්න තියෙන බාධක අඩුයි. වෙන එකක් තියා ගණිතය විෂය අසමත් වෙන අයටත් අද උසස් පෙළ ගැපෙන අංශයකින් යන්න පුළුවන්. අද bottle neck එක තියෙන්නේ විශ්ව විද්‍යාල / උසස් අධ්‍යාපනයට ඇතුල් වෙන තැන. එක් වයස් කාණ්ඩයක ඉන්න 350,000 ක් පමණ වන ප්‍රමාණයෙන් උසස් අධ්‍යාපනයට ඇතුළු වන්නේ 25,000. ඒක වැඩි කරන්න නම් මහජනයාගේ මුදලින් විශාල ප්‍රමාණයක් එයට වෙන් කරන්න වෙනවා. රජයේ පඩි, විශ්‍රාම වැටුප්, නිදහස් සෞඛ්‍ය වගේ ඔක්කොම දේවලට වෙන් කරන ඒවා කපා දමන්නත් බැහැ. එවිට අන් රටවල් මේ ප්‍රශ්ණයට විසඳුම් හොයාගත්තෙ කොහොම ද කියල බලල ඒ අනුව යන්න ඕන. දියුණු රටවල් හැමෝම කරල තියෙන්නේ ඉගෙන ගන්න ණය දීල රැකියාවක් ලැබුණ පසු ණය අයකර ගැනීම. එතකොට රටට බරක් නැහැ.
Deleteනිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනය යනු දෙකක් මිස එකක් නොවන බව ඔය ආචාර්ය, මහාචාර්ය උතුමන්ට නොතේරෙන එකනේ මෙතන තියෙන කරුමේ.
ReplyDeleteඉතා වටිනා ලිපියක් ඉයන් තුමෝ :)
ඒක ඒගොල්ලො 'පටලවාගෙන' ඉන්නෙ ඒගොල්ලන්ගේ වාසියට. බොහොමත්ම ස්තූතියි උදය
Deleteගොඩක් වටින ලිපියක් අයියේ. කලින් කියවා ගියත් කමෙන්ට් කරන්න බැරිවුණා. රටේ අද්‍යාපනය සම්බන්දව යම් යම් තීරණ ගන්න ,වෙනස් කම් කරන්න බලය තියෙන( අපි දීපු බලය) අයට මේ දේවල් තේරෙන්නැත්තේ ඇයි කියලා හිතාගන්න බෑ. එක වසරේ ඉඳලා උසස්පෙළ දක්වා පිම්මට යන දරුවන්ට එතනින් විශ්‍යවිදයාල ප්‍රවේශයට යන්න බැරි වුණාම අතේ සල්ලි නැත්තම් ගාමන්ට් එකක රස්සාවක්, සුපර්මාර්කට් එකක ,රෙදි කඩේක හොයන් නවතින්න වෙනවා. ඒත් ලෝකයේ දියුණු රටවල විශ්‍යවිද්යාල ප්‍රවේශය නොලබන අයට ඊළගට ගොඩක් තෝරාගැනීම් තියෙනවා තමන් කැමති අංශයකින් හදාරන්න. අපේ රටේ හැමදේටම ඉහළින් තියෙන්නේ සල්ලි විතරයි වෙන මොකුත් නෑ. මේ රටේ තරුණ ළමයින්ට තියෙන අවස්ථා දකිද්දී මට පුදුම වේදනාවක් කලකිරීමක් දැනෙන්නේ.. උසස් පෙළින් පස්සේ ඕනෙම දුප්පත් පවුලක ළමයෙක්ට යුරෝපෙට ,තමන් කැමති ඕනේ රටකට සංචාරය කරලා එන්න අවස්තාව තියෙනවා, ඒ වගේම ළමයින්ගේ පැත්තෙන් ගත්තම ඉස්කෝලේ 10,11 කාලේ ඉදන්ම හැම ළමයෙක්ම වගේ හවසට ජොබ් එකක් කරනවා තමන්ට වියදමට සල්ලි හොයාගන්නවා. අපේ රටේ ගැහැණු ළමයින්ට පිරිමි ළමයි හා සමානව තමන්ට ඕනේ ජොබ් එකක් කරන්නවත් අවස්ථාවක් නෑනේ.
ReplyDeleteඔව් ඔමායා බොහොම ස්තූතියි දිග කමෙන්ට් එකට.
Deleteමේක හෙන බයස් . සයිටම් එකට විරුද්ධව කතා කරන්න බ්ලොගාල එකෙක්වත් නැහැ. ඉයන් සල්ලි ගෙව්වා වත්ද ?
ReplyDeleteමේ යෝජනාව අපිත් කොපමණ කරලා තියනවද? කෝ මුන් සත පහකටගණන් ගන්නවද? අරහේ පෙළපාලි එනකොට මෙහෙන් ගහනවා. දෙපැත්තම ශේප් කරගන්නවා. ඔච්චරණේ හැමදාම
හෙහ් හෙහ් අජිත් බොහොම ස්තූතියි.
Deleteසම්පුර්නයෙන්ම එකඟයි මේ ලිපියට. විශේෂයෙන්ම රතු පාටින් ලියපු එකට. ණය ආපසු අය කර ගැනීම ගැන සළකලා බලනකොට සිස්ටම් එකෙත් වෙනස්කම් කරන්න වෙනවා. ඒක ඉතින් කරන්න බැරි වැඩක් නෙමෙයි.
ReplyDeleteබොහොම ස්තූතියි සයුරි
DeleteUPFRONT FEES WITH POTENTIAL LOAN OFFER
ReplyDeleteහෙලෝ,
ඔබේ මූල්ය අවශ්යතා මොනවාද?
අවම වශයෙන් ඩොලර් 2,000.00 සිට උපරිම වශයෙන් ඩොලර් 100,000,000 ක උපරිම ණය ලබා දෙන අතර, 3% ක ඉතා අඩු පොලී අනුපාතයකින් වසර 1 සිට 30 දක්වා කාලයක් ගත වේ. විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com
ඔබට ව්යාපාර ණය අවශ්යද?
ඔබට පුද්ගලික ණය අවශ්යද?
ඔබට මෝටර් රථයක් මිලදී ගැනීමට අවශ්යද?
ඔබට ප්රතිමූල්යකරණය කිරීමට අවශ්ය ද?
ඔබට උකස් ණයක් අවශ්යද?
ඔබේ ව්යාපාර යෝජනාව හෝ ව්යාප්තිය ආරම්භ කිරීම සඳහා ඔබ විශාල ප්රාග්ධනයක් අවශ්යද? ඔබට බලාපොරොත්තුවක් අහිමි වී ඇති අතර ඔබට මාර්ගයක් නැති බව ඔබ සිතන අතර, ඔබේ මූල්ය බර තවමත් පවතිනවා ද?
විය හැකි ව්යාපාරික සහයෝගීතාවයක් අප වෙත සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න
විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com
Constantloanfirm@yahoo.com
UPFRONT FEES WITH POTENTIAL LOAN OFFER
ReplyDeleteහෙලෝ,
ඔබේ මූල්ය අවශ්යතා මොනවාද?
අවම වශයෙන් ඩොලර් 2,000.00 සිට උපරිම වශයෙන් ඩොලර් 100,000,000 ක උපරිම ණය ලබා දෙන අතර, 3% ක ඉතා අඩු පොලී අනුපාතයකින් වසර 1 සිට 30 දක්වා කාලයක් ගත වේ. විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com
ඔබට ව්යාපාර ණය අවශ්යද?
ඔබට පුද්ගලික ණය අවශ්යද?
ඔබට මෝටර් රථයක් මිලදී ගැනීමට අවශ්යද?
ඔබට ප්රතිමූල්යකරණය කිරීමට අවශ්ය ද?
ඔබට උකස් ණයක් අවශ්යද?
ඔබේ ව්යාපාර යෝජනාව හෝ ව්යාප්තිය ආරම්භ කිරීම සඳහා ඔබ විශාල ප්රාග්ධනයක් අවශ්යද? ඔබට බලාපොරොත්තුවක් අහිමි වී ඇති අතර ඔබට මාර්ගයක් නැති බව ඔබ සිතන අතර, ඔබේ මූල්ය බර තවමත් පවතිනවා ද?
විය හැකි ව්යාපාරික සහයෝගීතාවයක් අප වෙත සම්බන්ධ කර ගැනීමට පසුබට නොවන්න
විද්යුත් තැපෑල හරහා අපව අමතන්න: constantloanfirm1@gmail.com
Constantloanfirm@yahoo.com
ස්කයි වර්ල්ඩ් කෙයාර් සමාගම, අපි පොළී අනුපාතය 0f 3% ක් ලබා දෙමු. Skyworldloanfirm@gmail.com
ReplyDeleteසුබ දවසක් සර් / මැම්.
අපි පුද්ගලික සමාගමක් වන අතර, ණය ප්රමාණය කොපමණද යන්න තීරණය කිරීම සඳහා අඩු පොලී අනුපාත යටතේ ණය ලබා දෙන අතර, ව්යාපාර සංවර්ධනය සඳහා ඩොලර් දසදහසක ණය ණය ප්රතිපාදන: රබර් / ව්යාපාර ව්යාප්තික තරඟකාරීත්වය.
විවිධ ණය ලබා දෙනවා
පුද්ගලික ණය (සුරක්ෂිත හා අනාරක්ෂිත)
ව්යාපාර ණය (සුරක්ෂිත හා අනාරක්ෂිත)
* ඒකාබද්ධ ණය
පෙරගෙවුම් ගාස්තු නැත.
මෙම දැන්වීම කියවීම සඳහා කාලය ගැනීම සඳහා අපි ඔබට ස්තූතියි.
වැඩි විස්තර හා විමසීම් සඳහා අප වෙත ඊමේල් පණිවුඩයක් එවන්න
Skyworldloanfirm@gmail.com
Skyworldloanfirms@yahoo.com
සාරා විලියම්ස්.
පෞද්ගලික ණය දැන් අඩු මිල 2% නත්තලට පෙර ඔබේ ව්යාපාර ආරම්භ කිරීමට හදිසි අවස්ථාව ඔබට නත්තල් ණය අවශ්යද? ඔබ සමාගමට හා පුද්ගලයන්ට සෑම දෙයක්ම පිරිනමයි. එබැවින් ඔබට පැය 12 හදිසි හදිසි ණයක් අවශ්ය නම් එය ප්රමාදයකින් තොරව අනුමත කළ හැකිය. නත්තල් නය දැන් 2% ක අඩු පොලී අනුපාතයක් යටතේ: අප අමතන්න [privateloaninvestors@gmail.com] සමාගමේ නම: පුද්ගලික ක්රෙඩිට් සමාගම විද්යුත් ලිපිනය: [privateloaninvestors@gmail.com] කොම්පියුස් පීප්ල්ස් Ed: 517219 ඔබ කැමතිද සියලු හොදම පුද්ගලික ණය ... Wattab +2347010852818
ReplyDeleteආයුබෝවන්, මම නීත්යානුකූල හා විශ්වාසනීය සමාගමක නීත්යානුකූල හිමිකරු වන HEINRICH ADAMI මහතා, මම විවේචනාත්මක කොන්දේසි සහ තේරුම්ගත හැකි කොන්දේසි සහ කොන්දේසි ලබා දෙමි. වටිනාකම් සහ ව්යාපාර දර්ශනය පාරිභෝගික සේවා සඳහා ඉතා දැඩි කැපවීමකි, ඉතා උසස් සදාචාර ප්රමිති, අඛණ්ඩතාව සහ විවෘත සන්නිවේදනය. මගේ ගනුදෙනුකරුවන්ට තොරතුරු ලබා දෙන නිදහස් ප්රවාහය දුප්පත් අයට මුදල් ලබා දීම. ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න: [privateloaninvestors@gmail.com] ආකෘති පත්රය පුරවා අප වෙත අප වෙත පැමිණෙන්න * පළමු නම: __________ * නම: ___________ * රැකියාව: __________ * ලිංගය: _________________ * රට: _____________ * මාසික ආදායම: ______ * : _______ * කාලය: ____________ * දුරකථන අංකය: _______ අපගේ ස්වාමීන්ව ඔබ ආරක්ෂා කරයි. සමගම,
ReplyDeleteāyubōvan, mama nītyānukūla hā viśvāsanīya s