රුසියානු ජනාධිපති පූටින් මහතා |
මේ සුමානෙ මේ බ්ලොග් එකේ හිට්ස් ගාන ලක්ෂය පහු කලා. මම ලියන විකාර කියවන්න මෙච්චර කට්ටියක් ඉන්නවද? ඇත්තම කථාව එහෙම විශාල පාඨක සංඛ්‍යාවක් නැහැ. මේ හිට්ස් ගාන වැඩිවෙන්න හේතුව රුසියාවේ සයිට් වලින් එන බොරු හිට්ස්. මගේ ඇස්තමේන්තුව පහුගිය අවුරුදු 2 දී වැඩිම වුණොත් 25,000 ක් හිට්ස් ලැබෙන්න ඇති.ඉතිරි 75,000 පූටින් සහෝදරයාගේ සාදර අනුග්‍රහයෙන් ලැබෙන බොරු හිට්ස්. උදාරණෙකට පසුගිය මාසෙ හිට්ස් 5,000 ක් විතර ලැබිල තියෙනවා. ඒවුණාට පෝස්ට් වල කවුන්ට්ස් වැඩි වෙලා තියෙන්නේ 1,000 කින් විතර. එතකොට 4,000 ක් විතර පෝස්ට් නොකියවන හිට්ස්. ලැබෙන රටවල් බැලුවම 80% ක් එන්නෙ රුසියාවෙන්.
2009 ඉඳන් 2015 වෙනකම්ම තිබ්බෙ හිට්ස් 500 කට වඩා අඩුවෙන්. හිට්ස් දාකට වඩා අඩු ගාණක් තියෙද්දි බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල එල්ලන්න උපදෙස් දුන්න චෙෆාකි සර් ටත්, මගේ විකාර කියවපු අයටත්, කියවන්නන් විශාල ප්‍රමාණයක් යොමු කල මාතලන්ගේ සින්ඩිය, කොත්තු සින්ඩිය, අටම්පහිය වැනි සින්ඩි වලටත්, ට්‍රම්ප්ව දිනවන්න මහන්සිවෙන අතරේ හිට්ස් 75, 000 ක් විතර එවල හිට්ස් ලක්ෂය පහු කරන්න උදව් කරපු පූටින් මහත්තයටත් බොහොමත්ම ස්තූතියි කියන්න මේ අවස්ථාව යොදාගන්නවා.
බ්ලොග් ලෝකෙට අළුතෙන් හඳක් පායලා. සඳවතිය බ්ලොග් එකට මෙතනින් ගිහින් එකතුවෙන්න.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
පළමුව සුබ පැතුම්.. ඇත්තටම කොහොමද මේ රුසියාවෙන් හිටිස් එවන්නේ ඒකට මොකක් හෝ ගැජට් එකක් ඔයා එල්ලලා තියනවද? ඒ කතාව මට ටිකක් අපැහැදිලියි. හිට්ස් නම් මන්දා රොබෝ කමෙන්ට් නම් කාලයක් මගේ එකටත් එන්න ගත්තා. දැන් නම් ඒවවත් එන්නේ නෑ.
ReplyDeleteදන්නෙ නැහැ නලීන්. එක කාලෙක ලොකු හිට්ස් ගාණක් ආවා. පසු ගිය මාසෙත් එහෙමයි. හිට්ස් එන රටවල් සිතියමෙන් පේන නිසා එහෙන් එනව කියල කියන්න පුළුවන්.
Deleteලක්ෂෙට සුබපැතුම් !
ReplyDeleteපුටින්ට ඉංග්‍රීසි බැරි වුනාට සිංහල පුළුවන් ඒ කියන්නෙ...! පුටින් ලොක්කා ඉයන්ගෙ බ්ලොග් එක කියවනවා කියන එකම කොච්චර ආඩම්බරයක් ද ? හැබැයි පරිස්සමින් !
එකනේ සෙන්නා. පූටින්ම ඔය ලෝකෙ හැමතැනම ගෝරි දාන අස්සේ මේ බ්ලොග් එක කියවනව කිව්වම කාටද ආඩ්මබර? හෙහ් හෙහ්
Deleteඒක නෙමෙයි හේතුව. අර දකුණට බර පෝස්ට් එක බුකියේ නැගලම ගියා...
ReplyDeleteමටත් වැඩියෙන්ම හිට්ස් එන්නේ බුකියෙන්
ඇත්ත හිට්ස් වලින් වැඩියෙන්ම එන්නේ මාතලන්ගේ සින්ඩියෙන්, ඊලඟට කොත්තු, ඊලඟට ෆේස්බුක්. ඒ නිසා උඹටත් බොහොම ස්තූතියි මාතෙ.
Deleteතියන් නාමයක් මේ බ්ලොග් ලොව අතර
ReplyDeleteලියන් ආව ලිපි නුඹෙ ඉහළයි නිතර
කියන් නෙමිය දිගටම ඉනු අප අතර
ඉයන් මගේ සුපැතුම පිළිගනු මිතුර.....
ජයවේවා!!!
මගේ ප්‍රියතම කමෙන්ට් කරු දුමී, බොහොම ස්තූතියි
Deleteදෙන්නකෝ ඉයන් කවියෙන් ම පිළිතුරක්.
Deleteමං අලුත් විදියක් සොයා ගත්තා කවි ලියන්න.
මේ බ්ලොග් ලොව අතර හොඳ නාමයක් තියන්
නුඹෙ ලිපි ඉතා ඉහළයි ආ නිතර ලියන්
දිගටම ඉන්න වැරඹී අප අතර කියන්
සුපැතුම මගේ පිළිගනු මැන මිතුර ඉයන්
ඒ සුභ පැතුම මගෙන්!
Delete.....වැජඹී.......
Rasika +++++++++
Deleteඋණුසුම් සුභ පැතුම් !!!!!!!!
ReplyDeleteසඳවතිය බොහොම ස්තූතියි
Deleteඔබතුමා වගේ බ්ලොග් ලොව දැවැන්තයෙකුගෙ බ්ලොග් අඩවියක මං වගේ වැලි කැටයක් ගැන සඳහන් කර තැබුවට ගොඩක් ස්තුතියි ඉයන්....
Deleteසඳවතිය මේ අවුරුදු දවස් වල කාල ටික මහත් වෙලා තමයි. ඒ දැවැන්තයෙන් නෙමෙයි. කොහොම හරි මේ මාසෙ ඩයට් කරලා අඩු කරගන්න ඕන. බ්ලොග් ලෝකෙ මම තාම අවුරුදු 2 ක විතර පොඩි එකෙක්.
Deleteසුභ පැතුම් .. අපිත් දැන් එක්ලක්ශ දහහතර දාහා වගේ ගානක ඉන්නේ... ලක්ශෙ සමරන්නත් බැරි වුණා..
ReplyDeleteස්තූතියි කවිඳු, මගේ ලක්ෂෙන් නම් වැඩක් නැහැ. ඇත්තටම ස්පෑම් හිට්ස් විශාල ප්‍රමාණයක් මගේ බ්ලොග් එකට එනවා.
Deleteලක්ෂයට සුබ පැතුම්!
ReplyDeleteබොහොම ස්තූතියි ඉකොන්
Deleteමම හිතුවා දොස්තරලට ලියපු එකෙන් කියලා !
ReplyDeleteබෝධිනී, උපහාසය නියමයි. ඇත්තටම ඇත්ත නම් මම කියුවා වගේ ලැබෙන බොරු හිට්ස්. වෛද්‍යවරුන් ගැන. මා සමඟ එකට ඉගෙන ගත් බොහෝ දෙනෙක් අද විශේෂඥ වෛද්‍යවරු. ඔවුන් ගෙන් වෙන සේවය ගැන හොඳාකාරවම දන්නවා. තවත් හේතු දෙකක් නිසා වෛද්‍යවරුන් ගැන සාමන්‍ය කෙනෙකුට වඩා දැනීමක් තියෙනවා. මගේ මිතුරන් මෙන්ම ඔබ තව කෙනෙකුව අපහසුවට පත්කර තමන්ට අවශ්‍ය දේ සකසා ගන්න කෙනෙක් බව ඔබ සමඟ කථා කල දිනයේ තේරුම් ගියා. එම ලිපියෙන් ඔබ වැන්නන්ට හිත් අමනාපයක් සිදු නොවූවා යැයි සිතනවා.
DeleteBTW වැඩිපුරම දෙනෙක් කියවා ඇත්තේ දොස්තර වරු ගැන ටික කාලයකට කලින් ලිවූ මේ ලිපිය .
Delete/මගේ මිතුරන් මෙන්ම ඔබ තව කෙනෙකුව අපහසුවට පත්කර තමන්ට අවශ්‍ය දේ සකසා ගන්න කෙනෙක් බව ඔබ සමඟ කථා කල දිනයේ තේරුම් ගියා/
Deleteඉයන් මෙන්න මම ඔබේ අගය කරන එක් ලක්ෂණක්. හිතවත්කම් ගැන නොසලකා කිව යුතු දේ කෙලින්ම කියනවා. ( T.I.C )
රවී බොහොම ස්තූතියි. TIC කියන්නෙ මොකද්ද බං?
Deleteඅඩේ එතන වැරදීමක් නෙවෙයිද වුනේ? ඉයන්ට කියන්න ඕන වුනේ මෙහෙම නෙවෙයිද?
Delete/මගේ මිතුරන් මෙන්ම ඔබ තව කෙනෙකුව අපහසුවට පත්කර තමන්ට අවශ්‍ය දේ සකසා ගන්න කෙනෙක් නොවන බව ඔබ සමඟ කථා කල දිනයේ තේරුම් ගියා/
T.I.C = Tongue in cheek
බොහොම තැන්ක් යූ රවී . මට කියන්න ඕන වුණේ ඇය එසේ නොවන බව.
DeleteNo worries...every profession has good ones and bad ones so any kind of criticism is welcome.my comment wasnt serious.
DeleteVlad plans to prop up Ian and in doing so, pave the way to topple the government of our dear leader Hon. Ranil Wickramasinghe. Vlad knows this is viable because the primitive people in this country are incapable of understanding what Ian writes. If ian is propped up and more people start reading his articles, since those same people can't understand a word Ian writes, they will get irritated. And when they get irritated, they get angry. And when they get angry, they want to do something about it. And when they want to do something about it, they will vote against the Hon. PM. And when they vote against the Hon. PM, he will no longer be the Hon. PM. ie the government is toppled. This, at least, is the reasoning behind Vlad's plan when he decided to grant Ian more "hits".
ReplyDeleteGood one Ano. I am sure that it is his plan.
Deleteමට නම් ට්‍රම්පච්චිත් එවනවා තත්පරයකට තිහ ගානේ හැමදාම උදේට.
ReplyDeleteඇමරිකාවෙන් එන ඒවා නම් ගොඩක් genuine හිට්ස් නේද රසික.
Deleteනෑ ඉයන්, ලිපියක් පළ කර විනාඩි කිහිපයකින් තත්පරයක් ඇතුළත හිට්ස් තිහක් විතර එනවා. මං හිතන්නේ ගූගල් හෝ එවැනි තැනකට බොට්ටෙකු ගේ වැඩ.
Deleteස්තූතියි රසික, එහෙනම් මගේ genuine හිට්ස් ගාන තවත් අඩු ඇති
Deleteලක්ෂයට සුබ පැතුම් ඉයන්!!
ReplyDeleteබොහොම ස්තූතියි හැලපේ. සුභ පැතුම් කියන කොට ටිකක් ලැජ්ජයි. මොකද මගේ දක්ෂ කමක් නිසා වෙච්ච දෙයක් නොවන නිසා.
Deleteඑහෙනං පුටිං වත් රවට්ටගත්තා ඈ. ඔය නෙලුම් යායෙ එවුං ඔහොමමයි. පුටිං වත් කඩේ යවනවා
ReplyDeleteසාමාන්‍යයෙන් ලස්සෙට කොඩිය දැම්මම පාටි දානවා
Deleteඉවාන්, පාර්ටි දාන්න මොන කොඩියක් වත් ඕන නැහැ. ඉක්මනට හම්බුවෙමු
Deleteඒක ඇද ගානෙන් නැතිව මේ ඉවානයට කොමෙන්ටුවක් දාගන්න බැරි හැටි? සරසා ගේ ලෙඩේ බෝ වෙලාද?
Deleteහරියට බොන එකෙක් වගේ පාටි ඉල්ලන්නෙ , හෙහ් හෙහ්
Deleteඉවාන් ....උම්මා උම්මා
Deleteසුභ පැතුං හොදේ....
ReplyDeleteජ ය වේ වා !!!
Thank you Vidane
Deleteඑකාබද්ද විපක්සෙට කඩේ යන අපෙනුත් සුබපැතුම් හිටන්!
ReplyDeleteලබන අගෝස්තුවේදීවත් එජාප තනි ආන්ඩුවක් සාදාගැනීමට වාසනාව ලැඹේවා!
Thank you Sarasa.
Deleteමගේ එකට නං ඔහොම එනවා පෙන්නේ ඇමරිකාවෙන්
ReplyDeleteලංකාවෙන් 386219 ක් එනකොට ඇමරිකාවෙන් 245617 ක් ඇවිත්
ඒ මචෝ ඉයන් ගැන හොයන්නේ කේජීබී එකෙන් බොලා ගැන හොයන්නේ සීඅයිඒ එකෙන් අන්න ඒකයි වෙනස.
Deleteනලීන් මාව ගන හොයනවනම් කේ ජී බී වෙන්න බැහැ. මොකක් හරි රුසියාවෙ හන්දියක ඉන්න පොලිස් කාරයෙක් වෙන්න ඇති. ඒවුනාට අටම ගැන නම් සී අයි ඒ එක හැමදාම සෙවිල්ලෙන්.
DeleteCongratulations වේවා
ReplyDeleteජනාධිපති පූටින් වෙනුවෙන් සුභ පැතුම් පිළිගන්නෙමි.
Deleteමටත් වැඩියෙන්ම හිට්ස් තියෙන්නේ රුසියාවෙන්, අඩුගානේ ලියන බ්ලොග් එකක් නම් කමකුත් නෑ. 75% ක් රුසියාවෙන්
ReplyDeleteඅපෝ ඇති යන්තන් ඔමායටත් මට තියෙන ප්‍රශ්ණයක්ම තියෙනවා. හැක්. ස්තූතියි ඔමායා.
Deleteසුබ පැතුම්
ReplyDeleteTks Dr. Ruwan . ජනාධිපති පූටින් වෙනුවෙන් සුභ පැතුම් පිළිගන්නෙමි.
Deleteඑතකොට මට රුසියාවත් වැඩිය ඉරිසියා හිතෙනවා ..(හිත නිවන කතා ආණ්ඩු පක්ෂය )
ReplyDeleteජය වේවා ..!!!!
Tks Sunudhu . ජනාධිපති පූටින් වෙනුවෙන් සුභ පැතුම් පිළිගන්නෙමි.
Deleteලක්සයක් කියපුවම සෙල්ලම්ද.....? 10 ඒවා දහා දාහක්... සීයේ ඒවා දාහාක්....
ReplyDeleteකොයික වෙතත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.......
.
ජය වේවා ලක්සයට....!!!
//කොයික වෙතත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.......//
Deleteබටහිර කුමන්ත්‍රණයක් නෙවෙයි මචං, නැගෙනහිර එකක්. ස්තූතියි සින්බෑඩ්
මේක නම් තනිකරම අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්.
ReplyDeleteඅධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්.+++++++++++
DeleteThank you Ajith
තැන්ක් යූ කිව්වේ මොකටද කියල කල්පනා කලේ. සින්බෑඩ් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල කිව්වනේ. මම ලිව්වේ ඒකෙ අනිත් පැත්ත. දැන් මටම තේරෙන්නේ නැහැ අධිරාජ්ජේ පුටින්ද ඉයන්ද කියල.
Deleteබලාගෙන යනකොට පූටින් , ඉයන් නම් දෙකත් එකවගේ නේද? අධිරාය විරෝධී කුමන්ත්‍රණ වලට නම් දරාපු මව්බිමේ කන්හැන්ද ඉන්දෙද්දි මට එහෙම නම්බුවක් දෙනකොට ස්තූති කරන්න එපායෑ.
Deleteඑහෙනම් මේකත් කියවල එන්න. දැන් මේ උණු උණුවේ ලියල ඉවර කලේ. gramar හෙම වැරදි නම් පොඩ්ඩක් හදලා දෙන්න රසික
ReplyDeletehttp://quantumchecks.blogspot.co.uk/2017/05/once-thavarish-always-thavarish.html
යා නේ ෂ්නායු ග්රැමටිකා තවාරිෂ්
DeleteRead it. Very impressive Ajith
DeleteThanks Ian.
Deleteමේවා මෙහම නිකන් අත අරින්න බැහැ අඩියක් ගහලා සමරන්න ඕනේ
ReplyDeleteපුටින් වොඩ්කා එවනවා කිව්වා. ලැබුනම කියන්නම් මෙන්ඩෝ.
Deleteරුසියන් කාරයෝ බොන්නෙම වොඩ්කා තමයි, මේ රටේ වැඩියෙන් වොඩ්කා බොන්න කැමති අයට විහිලුවට කියනවා මල්"මූ හොස්පිට්ල් එකේදි මාරුවෙච්ච රුසියෙක්ද කොහෙද "කියලා. විස්කි එහෙම හොඳ බ්‍රෑන්ඩ් ලාබෙට තිබ්බත් එයාලා හොයන්නෙම වොඩ්කා ������
Deleteමගේ දැනගැනීම පිණිස බොක්කෙන්ම අහන්නේ ...රුසියන් වොඩ්කා සහ ලංකාවේ විකුනන්න තියන වොඩ්කා අතර වෙනසක් තියනවද? කොලිටි එකේ, සැර වෙනසක් තියනවද
Deleteමම දන්න විධිහට හෙවත් බිව්වා විධිහට් ස්මිර්නොව් රෙඩ් ලේබල් එකයි බ්ලු එකයි වෙනස්. එතකොට ස්මිර්නොව් එකයි රුසියන් ස්තලිච්නයා එකයි සෑහෙන්න වෙනස්. රුසියන් ප්ශේනිච්නයා කියල එකක් තියනවා ඒක වඩා හොඳයි. ලංකාවට එන වොඩ්ක මොනවද?
Deleteඉයන් ලියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා. අපි ඒවයින් යමක් ඉගෙන ගන්නවා. ඉයන්ගේ දැනුමට මම ගරු කරනවා.
ReplyDeleteබොහොම ස්තූතියි කුරහන්
Deleteඅගමැතිතුමා නිතරම චිනේ යන නිසා ඉස්සරහාට චීනෙන් එහමත් එවි.
ReplyDeleteඑහෙම ආවොත් නියමයිනෙ. මිලියන් එකක් මාස දෙකකින් ගන්න පුළුවන් වෙයි. ස්තූතියි මනෝජ්
Deleteහිට්ස් ලක්ෂයට සුභ පැතුම් ඉයන්.... ^_^
ReplyDeleteබොහොම ස්තූතියි අරූ
Deleteලක්සෙට කොඩිය දාපු අඹ යාළුවට ජය වේවා !!!
ReplyDelete