Sunday, May 14, 2017

ලක්ෂෙට කොඩිය සහ පූටින් ගේ නොමඳ සහය

රුසියානු ජනාධිපති පූටින් මහතා


මේ සුමානෙ මේ බ්ලොග් එකේ හිට්ස් ගාන ලක්ෂය පහු කලා. මම ලියන විකාර කියවන්න මෙච්චර කට්ටියක් ඉන්නවද? ඇත්තම කථාව එහෙම විශාල පාඨක සංඛ්‍යාවක් නැහැ. මේ හිට්ස් ගාන වැඩිවෙන්න හේතුව රුසියාවේ සයිට් වලින් එන බොරු හිට්ස්. මගේ ඇස්තමේන්තුව පහුගිය අවුරුදු 2 දී වැඩිම වුණොත් 25,000 ක් හිට්ස් ලැබෙන්න ඇති.ඉතිරි 75,000 පූටින් සහෝදරයාගේ සාදර අනුග්‍රහයෙන් ලැබෙන බොරු හිට්ස්. උදාරණෙකට පසුගිය මාසෙ හිට්ස් 5,000 ක් විතර ලැබිල තියෙනවා. ඒවුණාට පෝස්ට් වල කවුන්ට්ස් වැඩි වෙලා තියෙන්නේ 1,000 කින් විතර. එතකොට 4,000 ක් විතර පෝස්ට් නොකියවන හිට්ස්. ලැබෙන රටවල් බැලුවම 80% ක් එන්නෙ රුසියාවෙන්. 




2009 ඉඳන් 2015 වෙනකම්ම තිබ්බෙ හිට්ස් 500 කට වඩා අඩුවෙන්. හිට්ස් දාකට වඩා අඩු ගාණක් තියෙද්දි බ්ලොග් එක සින්ඩිකේටර්ස් වල එල්ලන්න උපදෙස් දුන්න චෙෆාකි සර් ටත්, මගේ විකාර කියවපු අයටත්, කියවන්නන් විශාල ප්‍රමාණයක් යොමු කල මාතලන්ගේ සින්ඩිය, කොත්තු සින්ඩිය, අටම්පහිය වැනි සින්ඩි වලටත්,  ට්‍රම්ප්ව දිනවන්න මහන්සිවෙන අතරේ හිට්ස් 75, 000 ක් විතර එවල හිට්ස් ලක්ෂය පහු කරන්න උදව් කරපු පූටින් මහත්තයටත් බොහොමත්ම ස්තූතියි කියන්න මේ අවස්ථාව යොදාගන්නවා.


බ්ලොග් ලෝකෙට අළුතෙන් හඳක් පායලා. සඳවතිය බ්ලොග් එකට මෙතනින් ගිහින් එකතුවෙන්න.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

78 comments:

  1. පළමුව සුබ පැතුම්.. ඇත්තටම කොහොමද මේ රුසියාවෙන් හිටිස් එවන්නේ ඒකට මොකක් හෝ ගැජට් එකක් ඔයා එල්ලලා තියනවද? ඒ කතාව මට ටිකක් අපැහැදිලියි. හිට්ස් නම් මන්දා රොබෝ කමෙන්ට් නම් කාලයක් මගේ එකටත් එන්න ගත්තා. දැන් නම් ඒවවත් එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැහැ නලීන්. එක කාලෙක ලොකු හිට්ස් ගාණක් ආවා. පසු ගිය මාසෙත් එහෙමයි. හිට්ස් එන රටවල් සිතියමෙන් පේන නිසා එහෙන් එනව කියල කියන්න පුළුවන්.

      Delete
  2. ලක්ෂෙට සුබපැතුම් !

    පුටින්ට ඉංග්‍රීසි බැරි වුනාට සිංහල පුළුවන් ඒ කියන්නෙ...! පුටින් ලොක්කා ඉයන්ගෙ බ්ලොග් එක කියවනවා කියන එකම කොච්චර ආඩම්බරයක් ද ? හැබැයි පරිස්සමින් !

    ReplyDelete
    Replies
    1. එකනේ සෙන්නා. පූටින්ම ඔය ලෝකෙ හැමතැනම ගෝරි දාන අස්සේ මේ බ්ලොග් එක කියවනව කිව්වම කාටද ආඩ්මබර? හෙහ් හෙහ්

      Delete
  3. ඒක නෙමෙයි හේතුව. අර දකුණට බර පෝස්ට් එක බුකියේ නැගලම ගියා...

    මටත් වැඩියෙන්ම හිට්ස් එන්නේ බුකියෙන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිට්ස් වලින් වැඩියෙන්ම එන්නේ මාතලන්ගේ සින්ඩියෙන්, ඊලඟට කොත්තු, ඊලඟට ෆේස්බුක්. ඒ නිසා උඹටත් බොහොම ස්තූතියි මාතෙ.

      Delete
  4. තියන් නාමයක් මේ බ්ලොග් ලොව අතර
    ලියන් ආව ලිපි නුඹෙ ඉහළයි නිතර
    කියන් නෙමිය දිගටම ඉනු අප අතර
    ඉයන් මගේ සුපැතුම පිළිගනු මිතුර.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රියතම කමෙන්ට් කරු දුමී, බොහොම ස්තූතියි

      Delete
    2. දෙන්නකෝ ඉයන් කවියෙන් ම පිළිතුරක්.

      මං අලුත් විදියක් සොයා ගත්තා කවි ලියන්න.

      මේ බ්ලොග් ලොව අතර හොඳ නාමයක් තියන්
      නුඹෙ ලිපි ඉතා ඉහළයි ආ නිතර ලියන්
      දිගටම ඉන්න වැරඹී අප අතර කියන්
      සුපැතුම මගේ පිළිගනු මැන මිතුර ඉයන්

      ඒ සුභ පැතුම මගෙන්!

      Delete
  5. උණුසුම් සුභ පැතුම් !!!!!!!!

    ReplyDelete
    Replies
    1. සඳවතිය බොහොම ස්තූතියි

      Delete
    2. ඔබතුමා වගේ බ්ලොග් ලොව දැවැන්තයෙකුගෙ බ්ලොග් අඩවියක මං වගේ වැලි කැටයක් ගැන සඳහන් කර තැබුවට ගොඩක් ස්තුතියි ඉයන්....

      Delete
    3. සඳවතිය මේ අවුරුදු දවස් වල කාල ටික මහත් වෙලා තමයි. ඒ දැවැන්තයෙන් නෙමෙයි. කොහොම හරි මේ මාසෙ ඩයට් කරලා අඩු කරගන්න ඕන. බ්ලොග් ලෝකෙ මම තාම අවුරුදු 2 ක විතර පොඩි එකෙක්.

      Delete
  6. සුභ පැතුම් .. අපිත් දැන් එක්ලක්ශ දහහතර දාහා වගේ ගානක ඉන්නේ... ලක්ශෙ සමරන්නත් බැරි වුණා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කවිඳු, මගේ ලක්ෂෙන් නම් වැඩක් නැහැ. ඇත්තටම ස්පෑම් හිට්ස් විශාල ප්‍රමාණයක් මගේ බ්ලොග් එකට එනවා.

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි ඉකොන්

      Delete
  8. මම හිතුවා දොස්තරලට ලියපු එකෙන් කියලා !

    ReplyDelete
    Replies
    1. බෝධිනී, උපහාසය නියමයි. ඇත්තටම ඇත්ත නම් මම කියුවා වගේ ලැබෙන බොරු හිට්ස්. වෛද්‍යවරුන් ගැන. මා සමඟ එකට ඉගෙන ගත් බොහෝ දෙනෙක් අද විශේෂඥ වෛද්‍යවරු. ඔවුන් ගෙන් වෙන සේවය ගැන හොඳාකාරවම දන්නවා. තවත් හේතු දෙකක් නිසා වෛද්‍යවරුන් ගැන සාමන්‍ය කෙනෙකුට වඩා දැනීමක් තියෙනවා. මගේ මිතුරන් මෙන්ම ඔබ තව කෙනෙකුව අපහසුවට පත්කර තමන්ට අවශ්‍ය දේ සකසා ගන්න කෙනෙක් බව ඔබ සමඟ කථා කල දිනයේ තේරුම් ගියා. එම ලිපියෙන් ඔබ වැන්නන්ට හිත් අමනාපයක් සිදු නොවූවා යැයි සිතනවා.

      Delete
    2. BTW වැඩිපුරම දෙනෙක් කියවා ඇත්තේ දොස්තර වරු ගැන ටික කාලයකට කලින් ලිවූ මේ ලිපිය .

      Delete
    3. /මගේ මිතුරන් මෙන්ම ඔබ තව කෙනෙකුව අපහසුවට පත්කර තමන්ට අවශ්‍ය දේ සකසා ගන්න කෙනෙක් බව ඔබ සමඟ කථා කල දිනයේ තේරුම් ගියා/

      ඉයන් මෙන්න මම ඔබේ අගය කරන එක් ලක්ෂණක්. හිතවත්කම් ගැන නොසලකා කිව යුතු දේ කෙලින්ම කියනවා. ( T.I.C )

      Delete
    4. රවී බොහොම ස්තූතියි. TIC කියන්නෙ මොකද්ද බං?

      Delete
    5. අඩේ එතන වැරදීමක් නෙවෙයිද වුනේ? ඉයන්ට කියන්න ඕන වුනේ මෙහෙම නෙවෙයිද?

      /මගේ මිතුරන් මෙන්ම ඔබ තව කෙනෙකුව අපහසුවට පත්කර තමන්ට අවශ්‍ය දේ සකසා ගන්න කෙනෙක් නොවන බව ඔබ සමඟ කථා කල දිනයේ තේරුම් ගියා/

      T.I.C = Tongue in cheek

      Delete
    6. බොහොම තැන්ක් යූ රවී . මට කියන්න ඕන වුණේ ඇය එසේ නොවන බව.

      Delete
    7. No worries...every profession has good ones and bad ones so any kind of criticism is welcome.my comment wasnt serious.

      Delete
  9. Vlad plans to prop up Ian and in doing so, pave the way to topple the government of our dear leader Hon. Ranil Wickramasinghe. Vlad knows this is viable because the primitive people in this country are incapable of understanding what Ian writes. If ian is propped up and more people start reading his articles, since those same people can't understand a word Ian writes, they will get irritated. And when they get irritated, they get angry. And when they get angry, they want to do something about it. And when they want to do something about it, they will vote against the Hon. PM. And when they vote against the Hon. PM, he will no longer be the Hon. PM. ie the government is toppled. This, at least, is the reasoning behind Vlad's plan when he decided to grant Ian more "hits".

    ReplyDelete
    Replies
    1. Good one Ano. I am sure that it is his plan.

      Delete
  10. මට නම් ට්‍රම්පච්චිත් එවනවා තත්පරයකට තිහ ගානේ හැමදාම උදේට.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙන් එන ඒවා නම් ගොඩක් genuine හිට්ස් නේද රසික.

      Delete
    2. නෑ ඉයන්, ලිපියක් පළ කර විනාඩි කිහිපයකින් තත්පරයක් ඇතුළත හිට්ස් තිහක් විතර එනවා. මං හිතන්නේ ගූගල් හෝ එවැනි තැනකට බොට්ටෙකු ගේ වැඩ.

      Delete
    3. ස්තූතියි රසික, එහෙනම් මගේ genuine හිට්ස් ගාන තවත් අඩු ඇති

      Delete
  11. ලක්ෂයට සුබ පැතුම් ඉයන්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපේ. සුභ පැතුම් කියන කොට ටිකක් ලැජ්ජයි. මොකද මගේ දක්ෂ කමක් නිසා වෙච්ච දෙයක් නොවන නිසා.

      Delete
  12. එහෙනං පුටිං වත් රවට්ටගත්තා ඈ. ඔය නෙලුම් යායෙ එවුං ඔහොමමයි. පුටිං වත් කඩේ යවනවා

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ලස්සෙට කොඩිය දැම්මම පාටි දානවා

      Delete
    2. ඉවාන්, පාර්ටි දාන්න මොන කොඩියක් වත් ඕන නැහැ. ඉක්මනට හම්බුවෙමු

      Delete
    3. ඒක ඇද ගානෙන් නැතිව මේ ඉවානයට කොමෙන්ටුවක් දාගන්න බැරි හැටි? සරසා ගේ ලෙඩේ බෝ වෙලාද?

      Delete
    4. හරියට බොන එකෙක් වගේ පාටි ඉල්ලන්නෙ , හෙහ් හෙහ්

      Delete
    5. ඉවාන් ....උම්මා උම්මා

      Delete
  13. සුභ පැතුං හොදේ....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  14. එකාබද්ද විපක්සෙට කඩේ යන අපෙනුත් සුබපැතුම් හිටන්!


    ලබන අගෝස්තුවේදීවත් එජාප තනි ආන්ඩුවක් සාදාගැනීමට වාසනාව ලැඹේවා!

    ReplyDelete
  15. මගේ එකට නං ඔහොම එනවා පෙන්නේ ඇමරිකාවෙන්

    ලංකාවෙන් 386219 ක් එනකොට ඇමරිකාවෙන් 245617 ක් ඇවිත්

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ ඉයන් ගැන හොයන්නේ කේජීබී එකෙන් බොලා ගැන හොයන්නේ සීඅයිඒ එකෙන් අන්න ඒකයි වෙනස.

      Delete
    2. නලීන් මාව ගන හොයනවනම් කේ ජී බී වෙන්න බැහැ. මොකක් හරි රුසියාවෙ හන්දියක ඉන්න පොලිස් කාරයෙක් වෙන්න ඇති. ඒවුනාට අටම ගැන නම් සී අයි ඒ එක හැමදාම සෙවිල්ලෙන්.

      Delete
  16. Replies
    1. ජනාධිපති පූටින් වෙනුවෙන් සුභ පැතුම් පිළිගන්නෙමි.

      Delete
  17. මටත් වැඩියෙන්ම හිට්ස් තියෙන්නේ රුසියාවෙන්, අඩුගානේ ලියන බ්ලොග් එකක් නම් කමකුත් නෑ. 75% ක් රුසියාවෙන්

    ReplyDelete
    Replies
    1. අපෝ ඇති යන්තන් ඔමායටත් මට තියෙන ප්‍රශ්ණයක්ම තියෙනවා. හැක්. ස්තූතියි ඔමායා.

      Delete
  18. Replies
    1. Tks Dr. Ruwan . ජනාධිපති පූටින් වෙනුවෙන් සුභ පැතුම් පිළිගන්නෙමි.

      Delete
  19. එතකොට මට රුසියාවත් වැඩිය ඉරිසියා හිතෙනවා ..(හිත නිවන කතා ආණ්ඩු පක්ෂය )

    ජය වේවා ..!!!!

    ReplyDelete
    Replies
    1. Tks Sunudhu . ජනාධිපති පූටින් වෙනුවෙන් සුභ පැතුම් පිළිගන්නෙමි.

      Delete
  20. ලක්සයක් කියපුවම සෙල්ලම්ද.....? 10 ඒවා දහා දාහක්... සීයේ ඒවා දාහාක්....
    කොයික වෙතත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.......
    .
    ජය වේවා ලක්සයට....!!!

    ReplyDelete
    Replies
    1. //කොයික වෙතත් මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.......//

      බටහිර කුමන්ත්‍රණයක් නෙවෙයි මචං, නැගෙනහිර එකක්. ස්තූතියි සින්බෑඩ්

      Delete
  21. මේක නම් තනිකරම අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්.

    ReplyDelete
    Replies
    1. අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්.+++++++++++
      Thank you Ajith

      Delete
    2. තැන්ක් යූ කිව්වේ මොකටද කියල කල්පනා කලේ. සින්බෑඩ් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියල කිව්වනේ. මම ලිව්වේ ඒකෙ අනිත් පැත්ත. දැන් මටම තේරෙන්නේ නැහැ අධිරාජ්ජේ පුටින්ද ඉයන්ද කියල.

      Delete
    3. බලාගෙන යනකොට පූටින් , ඉයන් නම් දෙකත් එකවගේ නේද? අධිරා‍ය විරෝධී කුමන්ත්‍රණ වලට නම් දරාපු මව්බිමේ කන්හැන්ද ඉන්දෙද්දි මට එහෙම නම්බුවක් දෙනකොට ස්තූති කරන්න එපායෑ.

      Delete
  22. එහෙනම් මේකත් කියවල එන්න. දැන් මේ උණු උණුවේ ලියල ඉවර කලේ. gramar හෙම වැරදි නම් පොඩ්ඩක් හදලා දෙන්න රසික
    http://quantumchecks.blogspot.co.uk/2017/05/once-thavarish-always-thavarish.html

    ReplyDelete
  23. මේවා මෙහම නිකන් අත අරින්න බැහැ අඩියක් ගහලා සමරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. පුටින් වොඩ්කා එවනවා කිව්වා. ලැබුනම කියන්නම් මෙන්ඩෝ.

      Delete
    2. රුසියන් කාරයෝ බොන්නෙම වොඩ්කා තමයි, මේ රටේ වැඩියෙන් වොඩ්කා බොන්න කැමති අයට විහිලුවට කියනවා මල්"මූ හොස්පිට්ල් එකේදි මාරුවෙච්ච රුසියෙක්ද කොහෙද "කියලා. විස්කි එහෙම හොඳ බ්‍රෑන්ඩ් ලාබෙට තිබ්බත් එයාලා හොයන්නෙම වොඩ්කා ������

      Delete
    3. මගේ දැනගැනීම පිණිස බොක්කෙන්ම අහන්නේ ...රුසියන් වොඩ්කා සහ ලංකාවේ විකුනන්න තියන වොඩ්කා අතර වෙනසක් තියනවද? කොලිටි එකේ, සැර වෙනසක් තියනවද

      Delete
    4. මම දන්න විධිහට හෙවත් බිව්වා විධිහට් ස්මිර්නොව් රෙඩ් ලේබල් එකයි බ්ලු එකයි වෙනස්. එතකොට ස්මිර්නොව් එකයි රුසියන් ස්තලිච්නයා එකයි සෑහෙන්න වෙනස්. රුසියන් ප්ශේනිච්නයා කියල එකක් තියනවා ඒක වඩා හොඳයි. ලංකාවට එන වොඩ්ක මොනවද?

      Delete
  24. ඉයන් ලියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා. අපි ඒවයින් යමක් ඉගෙන ගන්නවා. ඉයන්ගේ දැනුමට මම ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරහන්

      Delete
  25. අගමැතිතුමා නිතරම චිනේ යන නිසා ඉස්සරහාට චීනෙන් එහමත් එවි.

    ReplyDelete
    Replies
    1. එහෙම ආවොත් නියමයිනෙ. මිලියන් එකක් මාස දෙකකින් ගන්න පුළුවන් වෙයි. ස්තූතියි මනෝජ්

      Delete
  26. හිට්ස් ලක්ෂයට සුභ පැතුම් ඉයන්.... ^_^

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ

      Delete
  27. ලක්සෙට කොඩිය දාපු අඹ යාළුවට ජය වේවා !!!

    ReplyDelete