Wednesday, September 19, 2018

කියවලම බලන්න


එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා. පැය තුනක් ගතවුණත් ඔවුනට එම සමීකරණය විසඳීමට හැකිවෙලා නැහැ. අවසානයයේ ඔවුන් තීරණය කරනවා මුළු Princeton University එකේම එවකට දක්ෂසිසුවා ලෙස සැලකූ වෙනත් සිසුවෙක්ගෙන් එය විසඳීමට උදව් ඉල්ලීමට.

තුන්වන ලෝකයේ රටකින් විශ්ව විද්‍යාලයට පැමිණි එම දක්ෂ සිසුවා ඔවුන් දෙදෙනාට විසඳිය නොහැකිවූ සමීකරණය දෙස විනාඩි තුනක් පමණ බලා සිට පිළිතුර ප්‍රකාශ කරනවා. එම පිළිතුර ගත් ආකාරය පැහැදිලි කිරීමට එම දක්ෂ සිසුවා පිටු තුනක් පුරා සමීකරණ ලියමින් ඔවුන්ට පහදා දෙනවා. එතරම් අසීරු සමීකරණයක් ඒ දෙස බලා සිටීමෙන් පිළිතුර ප්‍රකාශ කිරීමත් ඔහු එම සමීකරණය විසඳන ආකාරය කියාදීමත් ගැන මවිත වන ඇමෙරිකන් සිසුවා සහ ඔහුගේ මිතුරා ජෝ අසන්නේ එවන් සංකීර්ණ සමීකරණයක් මනෝමයෙන් විසඳුවාද යන්නයි.

Saturday, September 15, 2018

සිලෝන් ටකරන් බස් (CTB)

ලංගම ලාංජනය



තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක්
කියෙව්වම තමයි මේක ලියන්න හිතුනෙ.

බස් කර්මාන්තය ජනසතු කරපු අය ඒකට නම තිබ්බෙ ලංකා ගමනාගමන මණ්ඩලය කියලයි. මම හිතන්නේ ඒ නම පමණමයි ඒ සම්බන්ධයෙන් හරියට කරපු එකම දෙය. ඒ කියන්නේ ලංකා බස් මණ්ඩලය හෝ ලංකා බස් සංස්ථාව කියල නම නොතිය ගමනාගමන මණ්ඩලය කියල නම දැම්මේ. කාලෙන් කාලෙට එන දේශපාලන නායකත්වය මොකක් වුණත් ලංගමේ සේවකයින්ට සහ නිලධාරීන්ට ඒ නම යොදාගෙන බොහෝ දුර යන්න තිබුණ.

උපායමාර්ගී කළමණාකරණ ගැන දේශාණාවක් නොකර ලංගම ඔවුන්ගේ වටිනාකම සහ කල හැකි සේවය තේරුම් ගත්තනම් හෝ ඇත්තටම ලංගමට ආදරය කරපු වෘත්තීය සංගම් එහෙම තිබුණනම් ඔවුන්ට ඒ ගමනාගමනය කියන කර්මාන්තය බස් වලට සීමා කරගන්නේ නැහැ.


හැම ඩිපෝවකම වගේ බස් රථ අළුත්වැඩියා කල හැකි විශාල ගරාජ තිබුණ. ඒවා යොදාගෙන ඔවුන්ට වාහන අළුත්වැඩියා කර්මාන්තයට යන්න තිබුණ. සංස්ථා අරක්කු, සංස්ථා සිමෙන්ති වගේ දේවලට තිබ්බා වැනි නමක් ලංගම ගරාජ වලට අත්කරගන්න තිබ්බා. ඔවුන්ගේ විශාල ස්ථායී වියදම් ප්‍රමාණයක් බස් අංශය මඟින් කවර් වෙන නිසා සාධාරණ මුදලකට වගකීමේ සහතිකයක් එක්ක අළුත්වැඩියා සේවය ඇරඹුවා නම් එමඟින් විශාල ආදායම් ප්‍රමාණයක් ලබා ගන්න තිබුණා. ඉහල තත්ත්වයට සේවයක්, දිවා රාත්‍රී සේවයක් මඟින් ඉක්මනින් සහ සාධාරණ මුදලකට සපයා දුන්නානම් එය අදවෙනකොට පෞද්ගලික අංශයට ලබා දිය නොහැකි මට්ටමේ තත්ත්වයකට ගෙන එන්න තිබ්බා. ඔවුන්ගේ ඩිපෝ යොදාගෙන අඩුම තරමේ වාහන සේවා කිරීමේ ජාලයක් වත් ක්‍රියාත්මක කලේ නැහැ.

Monday, September 10, 2018

ගයිඩ් වැඩක්

සුධීක කිව්වයින් පස්සෙ ගයිඩ් වැඩේ නොකර ඉන්නත් හිතුව. ඒවුනාට සමහර ලිපි දැක්කම ඒව ප්‍රසිද්ධ නොකර ඉන්න අමාරුයි.  මේ ලිපි දෙකම කියවන්න.



ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා මිසක වෙන දෙයක උවමනාවක් තිබුන්නෑ. තමන්ගේ මිය ගිය පෙම්වතිය ගැන කියවමින් හිටියේ ඔහු අන්ධ භක්තිකයෙන් වගේ ප්‍රේමය අදහමින් ජිවිත් වෙනවා කියලායි මට හිතුනේ. කොහොමටවත් පුද්ගලයෙක්ව අතීතයෙන් අපේ ඉතිහාසයෙන් ගලවලා දාන්න බැහැනේ. මට ඔහුට කියන්න තිබුණේ දැන් අවුරුදු දෙකකට කලින් රිය අනතුරකින් තාත්තයි මගේ සහෝදරයයි මිය ගිය පුවත විතරයි. ඒක ඔහුට ලොකු කම්පනයක් උනේ නෑ. වෙන පිරිමි වගේ මාව සනසන්න ඕන උනේත් නෑ. මමත් එහෙම සැනසීමක් බලාපොරොත්තුවෙන් කිව්ව දේකුත් නෙවෙයි. නිහඬව ඉන්න බැරි තැනකදි කිව්වා විතරයි.

ඔය කොටස තිබ්බෙ මෙන්න මේ කථාවෙ


උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.



දෙවෙනි කොටස තිබ්බේ මේකෙ



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.