Thursday, April 10, 2025

ට්‍රම්ප් රිවර්ස් වුනේ ඇයි?

ඇමෙරිකාව පැනවූ තීරු බදු දින 90 කට අත්හිටුවා තියෙනවා. ඒ වුනාට ඉතා දැඩි ස්ථාවරයක සිටි ට්‍රම්ප් ගේ හදිස්සි වෙනස් වීම නම් පුදුමයි. සමහර අය කියනවා ඒ වෙනස්  වීමට හේතුව බැඳුම්කර වෙලඳ පොල කඩා වැටීමක් නිසා කියල. තීරුබදු වැඩි කල ගමන්ම ඇමෙරිකානු කොටස් වෙලඳ පොල කඩා වැටුනා. සාමාන්‍යයෙන් කොටස් වෙලඳපොලින් මුදල් ඉවත් වෙනවිට බැඳුම්කර වලට ඇති ඉල්ලුම වැඩි වෙන බවත්, එහෙත් මේ අවස්ථාවේදී එහෙම නොවී බැඳුම්කර ඉල්ලුම විශාල ලෙස අඩුවී ගෙන ගිය බවයි ඔවුන් කියා තිබුනේ. එහෙම ඉල්ලුම විශාල ලෙස අඩු වුනානම් ඒ රටේ අදායම් සහ වියදම් අතර හිඟය පියවා ගන්නට භාන්ඩාගාරය අලුතින් නිකුත් කරන්න නියමිත බැඳුම්කර නොවිකිණී මුදල් සොයා ගැනීම අපහසු වීම ගැන ට්‍රම්ප්ව දැනුවත් කල පසු ඔහු අඩියක් පස්සට ගත්තා කියල යමෙක් කියා තිබුණා. ඒක ඇත්තනම් මගේ නම් අනුමානය ඒ තීරුබදු දින 90 කින් නැවත එන එකක් නැහැ කියලයි.

මේ තීරුබදු දැමීමේ අරමුණ ලෙස ට්‍රම්ප් කියා තිබුණේ ඇමෙරිකාවේ අඩු තීරුබදු නිසා අනික් රටවල් ඇමෙරිකාවට අපනයනය කර උපයා ගන්නා අදායම් අනික් රටවල් ඇමෙරිකානු භාණ්ඩ ආනයන කරන ප්‍රමාණයට වඩා අඩු නිසා කියලයි. මගේ පෞද්ගලික මතය නම් ඇමෙරිකානු සමාජය නාස්තිකාර පරිභෝජනයක් කරන නිසා ඔවුන්ගේ ආනයන වැඩියි කියලයි.

ඇත්තටම තීරුබදු වැඩි කිරීම මඟින් ආනයනික බඩු වල මිල ඉහල යන නිසා පරිභෝජනයේ අඩුවීමක් වෙන්න පුලුවන් හා ඒකේ ප්‍රතිඵලයක් ලෙස වෙලඳ හිඟයේ  යම්කිසි අඩුවීමක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. 

වෙලඳ හිඟය අඩුකර ගැනීම විතරක්ම අරමුණ නම් ඔහුට කරන්න තිබුණේ සියළුම ආනයන වලට 25% තීරු බද්දක් අය කිරීමයි කියන එකයි මගේ අදහස. ඇමෙරිකාවේ ආනයන ප්‍රමාණය වසරකට ඩොලර් ට්‍රිලියන 3.8 පමණ වෙනවා. වෙලඳ හිඟය ඩොලර් බිලියන 900 ක් පමණ. එතකොට වැඩිපුර බද්ද 25% වුනානම් ඒ ගාන තීරුබදු ලෙස රටට ලැබෙනවා. එහෙම හැම රටකටම බලපාන ලෙස ප්‍රතිශයකින් තීරුබදු වැඩි කලානම් ලෝකයේ ආර්ථික වලට වෙන්න ඉඩ තිබුණු හානිය ඇති නොවන්න තිබුනා කියලයි මම හිතන්නෙ. ලංකාවට තීරුබදු 44% කරලා දකුණු ඇමෙරිකානු රටවලට 10% වුනාම ඇඟලුම් ආදිය නිශ්පාදනය එහෙම ඒ රටවලට යන්න පුලුවන්. නැව් ගාස්තු වල වෙනසක් තිබ්බත් හැමෝටම එක ප්‍රතිශතය වුනානම් ඇමෙරිකාව තුල මිල ගනන් ඉහල ගියත් මේකෙන් වෙන තරම් ලෝක ආර්ථිකයට හානියක් හෝ රැකියා නැති වීමක් වෙන්නේ නැහැ.

ඒ නිසා මම නම් හිතන්නේ ට්‍රම්ප් ගේ අදහස වුනේ වෙලඳ හිඟය පියවා ගැනීම පමණක්ම නෙවෙයි කියලයි. ඇමෙරිකාවේ අයවැය හිඟය වසරකට ඩොලර් ට්‍රිලියන 2.5 ක් පමණ වෙනවා. මේ නිසා අද වෙනකොට සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 36 ක් වෙනකම් වැඩි වී තියෙනවා. මට හිතෙනවා 25% තීරුබදු වැඩි නොකර එක් එක් රටවල් වෙලඳ හිඟය මත පදනම් වෙන බව පෙන්නලා ඉහල තීරුබදු ප්‍රමාණයක්  උපයලා වෙලඳ හිඟයට අමතරව අයවැය හිඟයෙනුත් යම් ප්‍රමාණයක් පියවා ගන්න ගත්ත උත්සාහයක් කියලයි මට හිතෙන්නේ.

එහෙම හිතන්න එක හේතුවක් තමයි එක එක රටවල් වලට එක එක තීරුබදු ප්‍රතිශත තීරණය කරන්න ඔවුන් පාවිච්චි කල සමීකරණය. 25% ක බද්දක් හැම රටකටම දැම්මනම් අනික් රටවලටත් (reciprocal) බදු නියම කරන්න පුළුවන්. එහෙම නැතිව මේ ප්‍රතිශතය හදලා තියෙන්නේ එම රට සමඟ ඇති වෙලඳ පරතර පදනම්ව කිව්වම, අනික් රටට ඒ ගානට බදු වැඩිකරන එක සාධාරණ නැහැ කියල තර්කයක් ගේන්න පුළුවන්.

හැබැයි මෙහෙම තීරුබදු වලින් ආර්ථිකය හසුරුවන එක ගැන ට්‍රම්ප් කථා කලේ අද ඊයේ නෙවෙයි. මේ තියෙන්නේ ජනාධිපති වීමට සැලසුමක් නොවූ කාලෙක අදට අවුරු 38 කට පෙර ට්‍රම්ප් මේ පිලිබඳ දැක්වූ අදහස ඇති වීඩියෝවක්.



ඇත්තටම මේ වෙච්ච දේ ගැන හාස්‍යජනකම කාරණය නම් දශක ගණානාවක් සවෘත ආර්ථික ක්‍රමයට විරුද්ධව නායකත්වය දුන්න, එමෙන්ම ඒ නිසාම ප්‍රොක්සි යුද්ධ ගනනාවක් කරපු සහ චීනය වැනි කලින් සවෘතව තිබූ රටවල් විවෘත ආර්ථික ක්‍රමයකට ඇතුළුවීම උනන්දු කල ඇමෙරිකාව චීනය වැනි රටවලටම තීරුබදු වැඩිකිරීම මඟින් අංශක 180 ක් ආපස්සට හැරීමයි.

මේක ලිව්වේ මේ ක්ශෙත්‍රය ගැන මගේ ඇති සීමිත දැනුමෙන්. බොහෝ විට මීට වඩා ගැඹුරු විග්‍රහයක් ඉකොනොමැට්ටා බ්ලොග් එක  ඉදිරිපත් කරයි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

20 comments:

  1. //....හාස්‍යජනකම කාරණය ...... චීනය වැනි කලින් සවෘතව තිබූ රටවල් විවෘත ආර්ථික ක්‍රමයකට ඇතුළුවීම උනන්දු කල ඇමෙරිකාව .... අංශක 180 ක් ආපස්සට හැරීමයි//

    ++++++++++++++++👌😂🤣🤔

    ReplyDelete
    Replies
    1. බසු තුමා ට්‍රම්ප් ගෙ වැයික්කියේ ඉන්නව කියල මට හිතෙනවා. ඒක හරිද?

      Delete
    2. අල්ලපු රටේ -උන්දැගෙ 51 වැනි ප්‍රාන්තයේ.🤣😂

      Delete
    3. @ බස්සා

      කැනඩාව එක්සත් ජනපද බුද්ධි අංශ තදටම ක්‍රියාත්මක වන එක්සත් ජනපද පාර රාජ්‍ය ඩීප් ස්ටේට් එකට යටවී ඇති රටක් ලංකාව වගේම, බටහිර යුරෝපයත් බොහෝ දුරට එහෙමයි, මේ අවුල හැදිලා තියෙන්නේ ආර්ථික කාරණා එක්ක ආණ්ඩු දෙකේ තීරුබදු සමග මූල්‍යමය වශයෙන් ඇතිවන ප්‍රශ්න නිසාමයි, කොහොම වුණත් අපේ මවු රට පිංකෙත හෙළ රන් දෙරණේ නම් (ලංකාවේ) දැන් වෙනකොට සියලූම දේශපාලන පක්ෂ බලන්නේ ඉන්දියාව සහ එක්සත් ජනපදයේ හිත දිනාගෙන කොහෝම හරි තමන් බලයට එන්න මිස රටක් විදිහට ලංකාව දිනවිමට නම් නොවේ කියන එක පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා

      මේක තමයි තිත්ත ඇත්ත... තවම බලශක්තියෙන්, විදුලි කෙබල්වලින්, ඩිජිටල් මගින්, පාලම් මගින් ඉන්දියාව තාම ලංකව පාලනය නොකරාට....ලංකවේ දේශපාලනයෙ පක්ෂ විපක්ෂ සෑම පක්ෂයක් හරහාම ඉන්දියාව ඉතාමත් සූක්ෂ්මව ලංකව පාලනය කරනවා. ඊට එරෙහි ස්වාධීන වීමට ගටක් තියෙන අය සහ ඇත්තටම ඉන්දු ඇමරිකානු විරෝධී අය බොහොම ලස්සනට දේශපාලන පිටියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරවලා ඉවරයි මේ වෙනවිට.

      2015 පස්සේ ලංකාවේ පත්වූ සියලුම ආණ්ඩු ඉන්දියානු සහ ඇමරිකානු රූකඩ ආණ්ඩු මිස ශ්‍රිලංකාවේ ජනතාව වෙනුවෙන් පත් වූ ආණ්ඩු නෙවෙයි. මේක එකපාරටම පිළිගන්න අමාරු වගේ නම් මේක ගැන ඔයා හොඳට අධ්‍යනය කළොත් ඔයාටම තේරේවි. අනුරලා වගේම නාමල්ලා සජිත්ලා දිලිත්ලා රනිල්ලා මේ සේරම එකම කණ්‌ඩායමක් වෙනස් වෙනස් interfaces වලින් ජනතාවට approach කරන.

      Delete
    4. ඇනෝ ඔබ කියන දේ යම් සත්‍යයක් තිබෙන බව ඇත්ත. ලංකාව තියෙන ස්ථානය චීන්නුන්ට වැදගත්. ණය උගුල මඟින් චීනා ලෑස්ති වුනේ, ලංකාව නොපෙනෙන හස්තයකින් පාලනය කරන්න. ඒකට ඉන්දියාව ඉඩ දෙන්නෙ නෑ. චීනට වඩා ඉන්දියාව හොඳයි කියනවා නෙමෙයි, මේ?

      හිටපු ආණ්ඩු ඔක්කොම චීන ණය උගුල කෑවා. මහින්ද තමයි ලෙසටම කාලා, පිම්බිලා ගසාත් කෑවේ. නැව් නොඑන වරායවල්, ස්ථානය නොගැලපෙන ගුවන්‍ තොටුපලවල් එහෙම. ඒත් අධිවේගය ගැන මහින්දට නිසි ගෞරවය දෙන්න ඕනෙ. අනුරලා එනකොට පාටිය ඉවරයි.

      කවුරු ආවත් චීනෙන්වත්, ඉන්දියාවෙන්වත්, ඇමරිකාවෙන්වත් අපට ගැලවෙන්න බෑ. අපි බංකොලොත් වෙච්ච, කම්මැලි ජාතියක්. ඔය උඩදාගෙන පිම්බෙන තරමට, අපිට අපේ විකල්ප තාක්ෂණයක් හෝ හැකියාවක් නෑ. මේ ලෝක බලවතුන් බැලන්ස් කරගෙන ගේම ගහන එක ලේසි දෙයක් නෙමෙයි. රට බංකොලොත් වෙච්ච වෙලාවෙ රනිල් කරපු විදිහ හොඳයි, ඒත් හය පාරක් බලය ඇවිත්ලත් රට දියුණු කරන්න රනිල්ට බැරි වුනා.
      අනුරලාගෙන් බලාපොරොත්තු වෙච්ච තරම් වෙනසක් නූනත්, මේ ලෝකෙම අවුල් වෙච්ච වෙලාවෙ, රට ගොඩ දාන වෙන විකල්ප ක්‍රමයක් මට නං පේන්නෙ නෑ. විපක්ෂෙ ඉන්න කං හැමෝම, ඉන්න ආණ්ඩුවට බණිනවා "අපේ ගාව රට ගොඩ දාන ක්‍රමේ තියනවා, දෙන්නෙ නෑ තොපිට" කියනවා. මේ එක බඩගෝස්තරවාදියෙකුටවත් රට ගැන කැක්කුමක් තියනවාද?🤔

      Delete
  2. බදු වැඩි කලහම කොටස් වෙළඳ පොලා කඩන වැටුන . ඒ කාලෙට තමයි ඒවා ගන්න හොඳම .ට්‍රම්ප් ගේ බිලිය්නර් යාලුවෝ කුණු කොල්ලෙට කොටස් ඩැහැ ගත්ත . ඊට පසේ බදු අයින් කළා . කොටස් වෙළඳ පොළ සීග්‍රයෙන් නැග්ග . තරම් යහළුවෝ කිහිප ගුණයකින් පොහොසත් . සරලයි නේ

    ReplyDelete
    Replies
    1. I don't think that's the case. මේක නම් ටිකක් ජේ වී පී ගේන තර්කයක් වගේ.

      Delete
    2. මමත් හිතන්නෙ නෑ, තර්කාණුකූලව පේන් විදිහට රොබර්ට්ගෙ තර්කය හරි වගේ. ඒත් ට්‍රම්පුච්චගෙ ටැරිෆ් "ප්ලිප්-ප්ලොප්" සෙල්ලමෙන්, බොර දියේ මාලු බාන Marjorie Taylor Greene වගේ අයත් ඉන්නවා. මේ මිලියනයර්ලා කෙලින්නෙ, මැද පන්තියේ රිටයර්මන්ට් තුට්ටු දෙකට. ඇමරිකන් යුටෝපියාව වෙනුවට ට්‍රම්පුච්චා ඉතිහාසෙ කුණූ කූඩෙට යන්න තියන ඉඩ වැඩියී.

      Delete
    3. — 1. Trump and his buddies (and sons?) buy puts — bets that a stock will fall — against a handful of volatile stocks. Puts can be highly leveraged; you ante up a little bit of money and make a huge return if the stock does go down. Jacob Mintz over at Cabot Wealth Network tells the story of a time he made a 320% return (for example, put up $100 million, walk away with $420 million just a few days later) buying puts against Chrysler (and that was a small return, compared to some that big-time traders like Jeff Yass have done, according to legend).
      — 2. Trump then announces a huge, belligerent tariff that will strike at the stocks purchased, driving down their price overnight. As the stock bottoms out, they exercise the puts and then use the huge cash return to buy “calls” (essentially, leveraged bets a stock will rise) on the very stock they just bet against.
      — 3. He then announces that the tariff is off, at least for a while, so the stock rises back up; Trump and friends again triple their money or more.
      — 4. Rinse, repeat the following week.

      The scam only works if you know in advance what actions the president is going to take to drive up or down stock prices; it requires insider information, and if you or I were to do this, it would be a felony.

      Delete
    4. https://finance.yahoo.com/news/trump-stock-market-crash-3-070600347.html?guccounter=1&guce_referrer=aHR0cHM6Ly93d3cuZ29vZ2xlLmNvbS8&guce_referrer_sig=AQAAAIz0fwS5YPivT9m5FnzeV-9Jw6znsfQCUAqtnwlyy0vT-IDnpVe1ZSJPAjlzhVmRFoj80C-LKwfQpfj5zSjU7Tod-rd9GFt87roYDuSYhnn-QfvEKqMz9nrC85x6lFGZx_jwmvlwx0AdpLQjMBW6Fs_c7CCgVRUFlgzO-U479IkX

      Delete
  3. ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ අන්යෝන්ය තීරුණ ප්‍රතිපත්තිය ආපසු හැරවූයේ අලෙවිකරණ අස්ථාවරතාවය හා මූල්ය නායකයින්ගේ බලපෑම් නිසාය. රජයේ බැඳුම්කර වෙළඳපොලේ තියුණු අඩුවීම් හමුවේ මූල්ය අමාත්යාංශ නිලධාරීන්ගේ ආර්ථික බිඳවැටීම් අනතුරු ඇඟවීමෙන් පසුව 90-දින සීමාවක් සහිත තීරුණ අත්හිටුවීමක් අනුගමනය කරන ලදී. ප්‍රධාන හේතු:

    බැඳුම්කර වෙළඳපොලේ අර්බුදය: ආරක්ෂිත ආයෝජනයක් ලෙස සැලකෙන එක්සත් ජනපද රජයේ බැඳුම්කර වෙළඳපොලේ තියුණු අඩුවීම්, උපදේශකයින්ගේ නරකම ප්‍රතිපත්ති අනුමාන ඉක්මවා ගිය මූල්ය අර්බුදයක බියක් ඇති කළේය.

    සමාගම් බලපෑම්: JPMorgan Chase හි ජේමී ඩිමොන් වැනි විධායකයින් තීරුණ මගින් මන්දගාමී තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා සිටියහ.

    උපායමාර්ගික නැවත සකස්කිරීම: මූල්ය අමාත්ය ස්කොට් බෙසෙන්ට් චීනය ප්‍රධාන ඉලක්කයක් ලෙස හඳුනාගනිමින්, සම්මන්ත්‍රණ සඳහා මිත්‍ර රටවලට තාවකාලිකව පීඩනය ලිහිල් කිරීමට යෝජනා කළේය.

    ට්‍රම්ප් මෙම තීරණය සාකච්ඡා අවස්ථාවල නම්යශීලීභාවය ලෙස ප්‍රසිද්ධියේ පැහැදිලි කළ නමුත්, අභ්‍යන්තර වාර්තා අනුව බැඳුම්කර වෙළඳපොලේ ""queasy" ප්‍රතිචාරය තීරණාත්මක විය. මෙම අත්හිටුවීම චීනය හැර අනෙකුත් වෙළඳ හවුල්කරුවන්ට සහන ලබා දෙමින්, බීජිං මත තීරුණ 125% දක්වා ඉහළ නංවා පීඩනය පවත්වා ගන්නා ලදී.

    ReplyDelete
  4. ඉකොනො මැට්ටා නං රෙදි නැතුව ට්‍රම්ප්ට කඩේ යන නිසා මිනිහගේ බ්ලොග් එක කියවන එක නවත්තලා දැම්මා

    ReplyDelete
    Replies
    1. මලා. ඒකත් එහෙමද? මමත් මේ තීරුබදු තීරණය ක්‍රියාත්මක කිරීමට ගත්ත ක්‍රමයට හැර අනික් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පිළිගන්න කෙනෙක්.

      Delete
    2. The deportation debacle was brutal but effective, despite many injustices and flaws. Government efficiency was necessary, but the way it was executed was wrong on so many levels.

      Delete
    3. Yes, I agree. The way they are going is antagonizing people.

      Delete
  5. කියවමි මෙවැනි ලිපි ටිකකුත් ඉඩැති ලෙස
    උගනිමි නේක දේවල් එව්වයෙන් යස
    යන්තං තියෙන දැනුමෙන් බලනවා මිස
    'මත' පළ කරන්නට නං ගසනෙමි පස්ස

    ReplyDelete
  6. +++++++++++++++++++++++++

    ReplyDelete
  7. කාලෙක ඉඳල ඔය කඩිකුලප්පු තීරණ ට්‍රම්ප්පච්චිට තියෙනව නෙ. උන්දැත් මෙහෙ හිටපු ඇමතිලගෙ උපදෙස්ද දන්නෙ නෑ පිළිපදින්නෙ.
    ඉකොනොගේ බදු ගැන හොඳ ලිපියක්නං තිබුන. එහි තිබ්බ කරුණු විස්වාසදායකයි!

    ReplyDelete