Thursday, April 3, 2025

ට්‍රම්ප් ගේ තීරු බදු ගැන ඉරේෂාන් සිරිවර්ධනගේ අදහස්

මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා.
එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කර ගැනීමට නොහැකි වීම ඇති වූ තත්ත්වයක්.
ඩොනල්ඩ් ට්රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ.
ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා.
ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.
දක්ෂ රාජ්යතාන්ත්රිකයෙකුට ට්රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්රමාණවත්.
ට්රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්රතිවාදීන් ඉලක්ක කර නොවෙයි.
ජනපති ට්රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.
ඔහු ඇමෙරිකාවේ දිගුකාලීන දේශපාලනික මිතුරෙකු වන (Ally) කැනඩාව පවා ඉලක්ක කරන්නේ එම නිසයි.
ට්රම්ප් පැහැදිලිව ප්රකාශ කළේ පසුගිය දශක ගණනාව තුළ ගෝලිය වෙළඳාම තුළ ඇමෙරිකාව අසාධාරණයට ලක් වූ බවත්, එය නිවැරදි කිරීම තමන්ගේ අරමුණ බවත්.
එනම් යම්කිසි රටකට ඇමෙරිකාව භාණ්ඩ අපනයනය කරද්දී, ඇමෙරිකානු භාණ්ඩ උදෙසා එම රට විශාල තීරු බද්ධක් පනවනවා.
නමුත් එම රටෙන්ම ඇමෙරිකාව භාණ්ඩ ආනයනය කරද්දි ඇමෙරිකාව පනවන්නේ කුඩා බද්ධක්.
එය ගෝලීය වෙළඳාමේ දී පැහැදිලිවම ඇමෙරිකාවට අවාසියක්. ට්රම්ප් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එයයි.
මාර්තු මුල් සතියේ දී ට්රම්ප් ඊළග අප්රේල් 02 දා 'ටිට් ෆෝ ටැට්' බදු පනවන බව ප්රකාශ කළා.
එහිදී ඔහු සිදු කළ දේශනයේ ඉන්දියාව ද එහි ඉලක්කයක් බව ප්රකාශ කළා.
ශ්රී ලංකා රජය ක්රියාත්මක වීමට තිබුණේ එදා.
ශ්රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ඇමෙරිකාව.
ශ්රී ලංකාව සහ ඇමෙරිකාව අතර වාර්ශිකව ඩොලර් බිලියන 3.4 ක පමණ වෙළඳාමක් සිදුවෙනවා.
ඉන් ඩොලර් මිලියන 368 ක වටිනාකමක් ඇති භාණ්ඩ අප ඇමෙරිකාවෙන් ආනයනය කරනවා.
ඒ ප්රධාන වශයෙන්ම මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, තිරිගු පිටි ආදී භාණ්ඩ.
ඉතිරි ඩොලර් බිලියන තුනම අප ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ.
ඒ ප්රධාන වශයෙන් ඇඟළුම්, අත් වැසුම්, රබර් නිෂ්පාදන, මැණික් සහ වටිනා ඛණිජ ආදිය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරනවා.
ඇමෙරිකාවේ මිල අධික සෑම ඇඟළුම් සන්නාමයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ශ්රී ලංකාවේ.
විදේශ විනිමය සම්බන්ධයෙන් ආර්ථික අර්බුධයක සිටින අප වැනි රටකට, අපගේ විශාලතම අපනයනකරුවා අහිමි කර ගැනීම දැරිය නොහැකි පාඩුවක්.
එවැනි පසුබිමක මේ පුවත සැලවූ සැණින් එය විශ්ලේෂණය කරමින් අවශ්ය පියවර නොගැනීම ශ්රී ලංකා රජයෙන් සිදු වූ දරුණු අතපසුවීමක්.
ඉන්දියාව ඉලක්ක කරනවා නම් ශ්රී ලංකාව ද නියත ඉලක්කයක් බව කියවා ගැනීමට අපහසු වීම ශ්රී ලංකාවෙන් සිදු වූ විශාල අතපසුවීමක්.
ට්රම්ප් ඉහත ප්රකාශය කළ දිනට පසුදාම මා, මාගේ යූටියුබ් නාළිකාවේ මෙවැනි අනතුරක ශ්රී ලංකාව සිටින බව අනාවැකි පළ කළා.
ඉතින් අපට වැටහෙන කරුණ මෙරට ආර්ථිකය සහ රාජ්ය තාන්ත්රික සබඳතා හැසිරවීම වෙනුවෙන් විශාල වැටුපක් සහ වරප්රසාද ලබනා පාලකයන්ට සහ නිළධාරීන්ට වැටහිය යුතුමයි.
ශ්රී ලංකාව මේ තත්ත්වය නිවැරදි කරගැනීමට තිබූ මාසයක කාලයක් නිරපරාදේ අපතේ හැරියා.
මෙරට ඇමෙරිකානු තානාපතිනිය රජයේ ඉහළ බලධාරීන් ගණනාවක් හමුවනු දුටුවත් මේ තීරුබදු අනතුර පිළිබඳව සාකච්ඡා කළ බවක් පෙනුනේ නැහැ.
ඒ වෙනුවට ප්රජාතන්ත්රවාදය, ලිංගික දිශානතීන් වැනි කරුණු පිළිබඳ අප ඇමෙරිකානු තානාපතිවරිය සමග සාකච්ඡා කළා.
මේ තීරුබදු අනතුරෙන් ගැලවීමට කළ යුතුව තිබුණේ ඉතා කුඩා තීරණයක් පමණයි.
එනම් ඇමෙරිකානු ආනයනික භාණ්ඩ වල තීරුබදු අඩු කිරීම පමණයි. මේ බදු පසුපස දේශපාලනික අරමුණු නැහැ.
ට්රම්ප් රජයට අවශ්ය ශ්රී ලංකාව හෝ වෙනත් රටක් දේශපාලනික උවමනා මත සිර කිරීම නොවෙයි.
ගෝලිය දේශපාලනයේ සිය කොටස සාධාරණව අය කර ගැනීම පමණයි.
ජනපතිවරයාගේ එක් අත්සනකින් අපට එය කළ හැකිව තිබුණා.
නමුත් ඒ වෙනුවට අප පසුගිය මාසයේ ඇමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුලු සියලූම මෝටර් රථ වල තීරු බදු තවත් වැඩි කළා.
එය රජයෙන් සිදු වූ විශාල වරදක්. එය ඇමෙරිකාවට අප ලබා දුන් සංඥාවක්.
අද එයට වන්දි ගෙවීමට අපට සිදු වුණා.
ශ්රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක් දක්වා තීරුබදු වැඩි කිරීමට අද ට්රම්ප් රජය තීරණය කළා.
අද දින ට්රම්ප් තීරුබදු ඔස්සේ රටවල් 25 ක් ඉලක්ක කළා.
ඉන් ඔහු වැඩිම තීරු බද්ධක් පැනවූ රටවල් අතර ශ්රී ලංකාව ද සිටිනවා.
50% ක තීරු බද්ධක් පනවනු ඇතැයි කී ඉන්දියාව 26% කින් පමණ කළමණාකරණය කර ගැනීමට සමත් වෙලා.
පසුගිය මාසයේ ට්රම්ප් මේ තීරණය දැනුම් දුන් දිනම ඉන්දීය වෙළඳ ඇමති පියුෂ් ගෝපාල් සිය සියලූම රාජකාරී නවතා ඇමෙරිකාවේ සංචාරය කළා.
ඉන්දියාව යම්කිසි හෝ සහනයක් හෝ ලබා ගත්තේ එම සංචාරයත් සමගයි.
නමුත් ශ්රී ලංකාව එම ස්වර්ණමය අවස්ථාව මග හැරියා.
එම තීරණයත් සමග GSP බදු සහනය හිමිව තිබූ ශ්රී ලංකා භාණ්ඩ 3000 කට පමණ නව බදු පැනවුණා.
එය මෙරට ඩොලර් බිලියන තුනක අපනයන ආර්ථිකයට හානියක් පමණක් නොවෙයි.
ඇඟළුම් ක්ෂේත්රය කඩා වැටීමෙන් රැකියා දහස් ගණනක් අනතුරට පත්විය හැකියි.
මෙරට මැණික් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට ලක් වෙනවා.
වාර්ශිකව ඩොලර් බිලියන තුනක් මෙරට ආර්ථිකයෙන් ඉවත් වීම ඔස්සේ යළිත් පහසුවෙන්ම විදෙස් මුදල් හිඟයක් ඇති වීමේ අවදානමක අප සිටිනවා.
ට්රම්ප් රජය විසින් තීරුබදු පැනවූ සෑම රටකටම වඩා ශ්රී ලංකාවට සිදුවන හානිය වැඩියි.
එම රටවලට වෙනත් විකල්ප තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශ්රී ලංකාව තරම් අවදානමක නැහැ.
එමෙන්ම හොඳින් නීරික්ෂණය කළහොත් ගෝලිය ඇඟළුම් වෙළදපොළේ ශ්රී ලංකාවට තරගයක් දීමට සිටිනා බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවලට පනවා තිබෙන බදු ප්රතිශත ශ්රී ලංකාවට වඩා අඩුයි.
ඒ ඔස්සේ එක් රැයකින් ශ්රී ලංකා ඇඟළුම් වලට වඩා එම රටවල නිෂ්පාදිත ඇඟළුම් ඇමෙරිකානු වෙළඳපොළේ මිලෙන් අඩු වෙනවා.
ඒ සමගම මෙරටට ලැබෙන ඇඟළුම් ව්යාපාර සියල්ල බංග්ලාදේශයට හෝ ඉන්දියාවට හිමිවිය හැකියි.
කණගාටුවට කරුණ නම් මේ අනතුර තරමක් දුරට හෝ වළක්වා ගත හැකිව තිබූ එකක්.
ස්වල්ප මොහොතකට පෙර මේ තීරු බදු සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත් කර තිබෙන බව දුටුවා.
සැබැවින්ම ශ්රී ලංකාවේ සහ ඇමෙරිකාවේ වෙනස නිර්මාණය වන්නේ මේ තීරණ ගැනීමේ සහ ක්රියාත්මක වීමේ වේගය නිසායි.
ඇමෙරිකාව මාසයකට පෙර අනතුරු ඇඟවීම් කළා.
ඉන්පසුව පොරොන්දු වූ දිනයේම තීරණය ලබා ගත්තා.
ඉන්දියාව වැනි රටවල් ක්ෂණිකව ක්රියාත්මක වුණා.
ශ්රී ලංකා රජය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසනවා මෙන්, සියල්ල සිදු වූ පසු කමිටුවක් පත් කරලා.
කණගාටුව එයයි.
2025. 04. 03
All reactions:
41
3 comments
20 shares
Like
Comment
Share
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Facebook
Faceboo


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

12 comments:

  1. අනේ මේ ඉයන් අපේ අතිදක්ෂ හඳුන්නෙත්ති සහෝදරයා කීවා එහෙම කිසි දෙයක් වෙන්නෙ නෑ බය නැතුව ඉන්න කියලා. ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බවට පළමු වතාවට ලොවට හෙළිකරපු හඳුන් සහෝදරයාට වරදින්න විදියක් නෑනේ

    බතුමත් කලබල නොවී ඉන්ට

    ReplyDelete
    Replies
    1. @ ano 9.20 pm

      See this link

      https://www.facebook.com/share/v/1DAGHeEtev/?mibextid=wwXIfr

      Delete
    2. @AnonymousApril 3, 2025 at 11:27 PM

      ස්තුතියි විරාජ් ඉදුනිල්

      Delete
    3. මේ සිදුවීමේ ඇති බරපතලකම ගැන තාම ආණ්ඩුවට අවබෝධය මදි වගේ. ඒ නිසාම මේ ගැන දැනුම් තේරුම් තියෙන අය මේ ගැන සාකච්ඡා කරලා රජයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න ඕනේ.

      Delete
  2. සමහර කරුණු සමඟ එකඟයි. ඒත් "විශාලම අතපසුවීම" ගැන නම් මට විස්වාස නෑ. කැලිෆෝනියාව ගිණි ගනිද්දී "වෝටර් බොම්බ්" අහස්‍ යාන සපයපු කැනඩාව ඒක ට්‍රයි කලා. ටෲඩෝට අපහාස කරලා එලෙව්වා. වැරදි ආර්ථික කළමනාකරණය නිසා අපකීර්තියට පත් වෙලා හිටි ටෲඩෝට අද සෑහෙන පිලිගැනීමක් ආවෙත්, රට වෙනුවෙන් කට්ට කෑ නිසයි. ලංකාවෙ නියෝජිතයෙක් කතා කරන්න ගියා නං වෙන දේ හිතා ගන්නවත් බෑ.

    ට්‍රම්ප් "කතා කරල, දුක කියල වැඩේ ගොඩ දාගන්න" හැකි අයක් නෙමෙයි. ට්‍රම්ප් ගෙදෙට්ට කතා කරලා කණට ගහන ජාතියෙ නරුමයෙක්. ඔහු වැරදි පිලි නොගන්නා, උද්දච්චයෙක්. ඒ වගේම ඕන බොරුවක් කැත නැතිව කියන්න හැකි අයෙක්. පසුගිය ඇමරිකන් රජයන් වල ලිහිල් ප්‍රතිපත්ති නිසා ඇමරිකාවට යම් හානියක් වුන බව ඇත්ත. ට්‍රම්ප් දිනුවෙ ඒ නිසයි. ඔහු නවතින්නේ ඇමරිකන් අර්ථිකය ගිණි ගත්තොත් පමණයි.

    ඒත් ලෝක ආර්ථිකයට විතරක් නෙමෙයි ලෝක දේශපාලනයටත්, ට්‍රම්ප් ලොකු බලපෑමක් කරනවා. ඇමරිකන් මත යැපීම අඩු කරන්න, යුරෝපය සමඟ නව වෙළඳ ගිවිසුම් ගහන්න සහ සමහර විට චීනයට EV මාර්කට් එක විවෘත කරන්න කාළය හරි වගේ.ඒත් ලෝකයේම බඩු මිල තවත් ඉහල යාවි. ලක්ෂ ගාණකට රැකියා නැති වේවි.

    සමහර විට මේ අර්බුදයේ නියම ජයග්‍රාහකයා රුසියාව වෙන්නත් ඇහැකි.

    ReplyDelete
  3. //දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්..//
    මම හිතන්නෙ නෑ, කිසිවෙක් ඔහුව හරියටම "කියෙව්වා" කියලා පුටින් ඇරෙන්න. හ්ම්... නේටෝව දුර්වල කිරීම, බටහිර කඳවුරේ අසමගිය සහ ආර්ථික අර්බුදය, රුසියන් සම්බාධක ඉවත් කිරීමට සැරසීම. දන්න එකම දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයා හිටපු KGB බොසා වෙච්ච පුටියා තමයි.

    ReplyDelete
  4. විමසා බලා විග්‍රහකොට අලුත් තතු
    දැනුමට තව යමක් කර ගන්නට එකතු
    කැමති කෙනෙකු ලෙස එන්නෙමි නැවත මතු
    අලුත් comments ලියැවේවා සමඟ තතු

    ReplyDelete
    Replies
    1. ආයේ නාවට කමක් නැහැ.

      Delete
  5. ඇත්තටම ඉයන් ලංකාවට මේ ප්‍රශ්නය විසඳන්න කළ හැකි දේවල් මොනවද? කෙටිකාලීන දිගුකාලීන සහ මධ්‍යකාලීන ලෙස කරන්න පුළුවන් දේවල් යෝජනා කරන්න පුළුවන්ද?

    මේ ගැන පුළුල්ව සමාජ කතිකාවක් ආරම්භ කරන්න ඕන කියල මම විශ්වාස කරනව ඔයා මොකද ඇත්තටම හිතන්නේ ඒ ගැන?

    ReplyDelete
  6. ඉයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ HYDE PARK සාකච්ඡාව​ සම්පූර්ණයෙන් බලන්න​. ඒකෙදි ට්‍රම්ප් පරිපාලනයේ (Tariff) නව බදු අනුපාත ගැන​ අනතුරු ඇගවිම​ විතරක් නෙවෙයි කරන්න ඕනි දේ ගැනත් කලින්ම කියනවා. ජෙප්පො නම් බලන්න එපා. එයාලට ඉතින් ඉංග්‍රීසි බෑනේ 😕 ඒකටත් හිනාවෙලා බනීවි මොකද අන්තර්ගතය ගැන මෙලෝ අවබෝධයක් නැති නිසා.

    ReplyDelete