මම හිතන්නේ වර්තමාන රජය බලයට පත් වී ගත වූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදු වූ විශාලම අතපසුවීම අද වාර්තා වුණා.
ඩොනල්ඩ් ට්‍රම්ප් රජය බලයට පත් වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගණුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ.
ඉන්පෙර බලයට පත් වී පළමු සතියේදීම, ට්‍රම්ප් රටවල් තුනකට තීරු බදු පැනෙව්වා.
ඒ චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.
දක්ෂ රාජ්යතාන්ත්රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්.
ට්‍රම්ප් මෙලෙස තීරු බදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්‍රතිවාදීන් ඉලක්ක කර නොවෙයි.
ජනපති ට්‍රම්ප් ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.
ඔහු ඇමෙරිකාවේ දිගුකාලීන දේශපාලනික මිතුරෙකු වන (Ally) කැනඩාව පවා ඉලක්ක කරන්නේ එම නිසයි.
ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දශක ගණනාව තුළ ගෝලිය වෙළඳාම තුළ ඇමෙරිකාව අසාධාරණයට ලක් වූ බවත්, එය නිවැරදි කිරීම තමන්ගේ අරමුණ බවත්.
එනම් යම්කිසි රටකට ඇමෙරිකාව භාණ්ඩ අපනයනය කරද්දී, ඇමෙරිකානු භාණ්ඩ උදෙසා එම රට විශාල තීරු බද්ධක් පනවනවා.
නමුත් එම රටෙන්ම ඇමෙරිකාව භාණ්ඩ ආනයනය කරද්දි ඇමෙරිකාව පනවන්නේ කුඩා බද්ධක්.
එය ගෝලීය වෙළඳාමේ දී පැහැදිලිවම ඇමෙරිකාවට අවාසියක්. ට්‍රම්ප් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එයයි.
මාර්තු මුල් සතියේ දී ට්‍රම්ප් ඊළග අප්‍රේල් 02 දා 'ටිට් ෆෝ ටැට්' බදු පනවන බව ප්‍රකාශ කළා.
එහිදී ඔහු සිදු කළ දේශනයේ ඉන්දියාව ද එහි ඉලක්කයක් බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වීමට තිබුණේ එදා.
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ඇමෙරිකාව.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වාර්ශිකව ඩොලර් බිලියන 3.4 ක පමණ වෙළඳාමක් සිදුවෙනවා.
ඉන් ඩොලර් මිලියන 368 ක වටිනාකමක් ඇති භාණ්ඩ අප ඇමෙරිකාවෙන් ආනයනය කරනවා.
ඒ ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, තිරිගු පිටි ආදී භාණ්ඩ.
ඉතිරි ඩොලර් බිලියන තුනම අප ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ.
ඒ ප්‍රධාන වශයෙන් ඇඟළුම්, අත් වැසුම්, රබර් නිෂ්පාදන, මැණික් සහ වටිනා ඛණිජ ආදිය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරනවා.
ඇමෙරිකාවේ මිල අධික සෑම ඇඟළුම් සන්නාමයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ.
විදේශ විනිමය සම්බන්ධයෙන් ආර්ථික අර්බුධයක සිටින අප වැනි රටකට, අපගේ විශාලතම අපනයනකරුවා අහිමි කර ගැනීම දැරිය නොහැකි පාඩුවක්.
එවැනි පසුබිමක මේ පුවත සැලවූ සැණින් එය විශ්ලේෂණය කරමින් අවශ්‍ය පියවර නොගැනීම ශ්‍රී ලංකා රජයෙන් සිදු වූ දරුණු අතපසුවීමක්.
ඉන්දියාව ඉලක්ක කරනවා නම් ශ්‍රී ලංකාව ද නියත ඉලක්කයක් බව කියවා ගැනීමට අපහසු වීම ශ්‍රී ලංකාවෙන් සිදු වූ විශාල අතපසුවීමක්.
ට්‍රම්ප් ඉහත ප්‍රකාශය කළ දිනට පසුදාම මා, මාගේ යූටියුබ් නාළිකාවේ මෙවැනි අනතුරක ශ්‍රී ලංකාව සිටින බව අනාවැකි පළ කළා.
ඉතින් අපට වැටහෙන කරුණ මෙරට ආර්ථිකය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හැසිරවීම වෙනුවෙන් විශාල වැටුපක් සහ වරප්‍රසාද ලබනා පාලකයන්ට සහ නිළධාරීන්ට වැටහිය යුතුමයි.
ශ්‍රී ලංකාව මේ තත්ත්වය නිවැරදි කරගැනීමට තිබූ මාසයක කාලයක් නිරපරාදේ අපතේ හැරියා.
මෙරට ඇමෙරිකානු තානාපතිනිය රජයේ ඉහළ බලධාරීන් ගණනාවක් හමුවනු දුටුවත් මේ තීරුබදු අනතුර පිළිබඳව සාකච්ඡා කළ බවක් පෙනුනේ නැහැ.
ඒ වෙනුවට ප්රජාතන්ත්රවාදය, ලිංගික දිශානතීන් වැනි කරුණු පිළිබඳ අප ඇමෙරිකානු තානාපතිවරිය සමග සාකච්ඡා කළා.
මේ තීරුබදු අනතුරෙන් ගැලවීමට කළ යුතුව තිබුණේ ඉතා කුඩා තීරණයක් පමණයි.
එනම් ඇමෙරිකානු ආනයනික භාණ්ඩ වල තීරුබදු අඩු කිරීම පමණයි. මේ බදු පසුපස දේශපාලනික අරමුණු නැහැ.
ට්‍රම්ප් රජයට අවශ්‍ය ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් දේශපාලනික උවමනා මත සිර කිරීම නොවෙයි.
ගෝලිය දේශපාලනයේ සිය කොටස සාධාරණව අය කර ගැනීම පමණයි.
ජනපතිවරයාගේ එක් අත්සනකින් අපට එය කළ හැකිව තිබුණා.
නමුත් ඒ වෙනුවට අප පසුගිය මාසයේ ඇමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුලු සියලූම මෝටර් රථ වල තීරු බදු තවත් වැඩි කළා.
එය රජයෙන් සිදු වූ විශාල වරදක්. එය ඇමෙරිකාවට අප ලබා දුන් සංඥාවක්.
අද එයට වන්දි ගෙවීමට අපට සිදු වුණා.
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක් දක්වා තීරුබදු වැඩි කිරීමට අද ට්‍රම්ප් රජය තීරණය කළා.
අද දින ට්‍රම්ප් තීරුබදු ඔස්සේ රටවල් 25 ක් ඉලක්ක කළා.
ඉන් ඔහු වැඩිම තීරු බද්ධක් පැනවූ රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටිනවා.
50% ක තීරු බද්ධක් පනවනු ඇතැයි කී ඉන්දියාව 26% කින් පමණ කළමණාකරණය කර ගැනීමට සමත් වෙලා.
පසුගිය මාසයේ ට්‍රම්ප් මේ තීරණය දැනුම් දුන් දිනම ඉන්දීය වෙළඳ ඇමති පියුෂ් ගෝපාල් සිය සියලූම රාජකාරී නවතා ඇමෙරිකාවේ සංචාරය කළා.
ඉන්දියාව යම්කිසි හෝ සහනයක් හෝ ලබා ගත්තේ එම සංචාරයත් සමගයි.
නමුත් ශ්‍රී ලංකාව එම ස්වර්ණමය අවස්ථාව මග හැරියා.
එම තීරණයත් සමග GSP බදු සහනය හිමිව තිබූ ශ්‍රී ලංකා භාණ්ඩ 3000 කට පමණ නව බදු පැනවුණා.
එය මෙරට ඩොලර් බිලියන තුනක අපනයන ආර්ථිකයට හානියක් පමණක් නොවෙයි.
ඇඟළුම් ක්ෂේත්රය කඩා වැටීමෙන් රැකියා දහස් ගණනක් අනතුරට පත්විය හැකියි.
මෙරට මැණික් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට ලක් වෙනවා.
වාර්ශිකව ඩොලර් බිලියන තුනක් මෙරට ආර්ථිකයෙන් ඉවත් වීම ඔස්සේ යළිත් පහසුවෙන්ම විදෙස් මුදල් හිඟයක් ඇති වීමේ අවදානමක අප සිටිනවා.
ට්‍රම්ප් රජය විසින් තීරුබදු පැනවූ සෑම රටකටම වඩා ශ්‍රී ලංකාවට සිදුවන හානිය වැඩියි.
එම රටවලට වෙනත් විකල්ප තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශ්‍රී ලංකාව තරම් අවදානමක නැහැ.
එමෙන්ම හොඳින් නීරික්ෂණය කළහොත් ගෝලිය ඇඟළුම් වෙළදපොළේ ශ්‍රී ලංකාවට තරගයක් දීමට සිටිනා බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවලට පනවා තිබෙන බදු ප්‍රතිශත ශ්‍රී ලංකාවට වඩා අඩුයි.
ඒ ඔස්සේ එක් රැයකින් ශ්‍රී ලංකා ඇඟළුම් වලට වඩා එම රටවල නිෂ්පාදිත ඇඟළුම් ඇමෙරිකානු වෙළඳපොළේ මිලෙන් අඩු වෙනවා.
ඒ සමගම මෙරටට ලැබෙන ඇඟළුම් ව්‍යාපාර සියල්ල බංග්ලාදේශයට හෝ ඉන්දියාවට හිමිවිය හැකියි.
කණගාටුවට කරුණ නම් මේ අනතුර තරමක් දුරට හෝ වළක්වා ගත හැකිව තිබූ එකක්.
ස්වල්ප මොහොතකට පෙර මේ තීරු බදු සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත් කර තිබෙන බව දුටුවා.
සැබැවින්ම ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ වෙනස නිර්මාණය වන්නේ මේ තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක වීමේ වේගය නිසායි.
ඇමෙරිකාව මාසයකට පෙර අනතුරු ඇඟවීම් කළා.
ඉන්පසුව පොරොන්දු වූ දිනයේම තීරණය ලබා ගත්තා.
ඉන්දියාව වැනි රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා.
ශ්‍රී ලංකා රජය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසනවා මෙන්, සියල්ල සිදු වූ පසු කමිටුවක් පත් කරලා.
කණගාටුව එයයි.
2025. 04. 03
All reactions:
41413 comments
20 shares
Like
Comment
Share
Faceboo
අනේ මේ ඉයන් අපේ අතිදක්ෂ හඳුන්නෙත්ති සහෝදරයා කීවා එහෙම කිසි දෙයක් වෙන්නෙ නෑ බය නැතුව ඉන්න කියලා. ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බවට පළමු වතාවට ලොවට හෙළිකරපු හඳුන් සහෝදරයාට වරදින්න විදියක් නෑනේ
ReplyDeleteබතුමත් කලබල නොවී ඉන්ට
@ ano 9.20 pm
DeleteSee this link
https://www.facebook.com/share/v/1DAGHeEtev/?mibextid=wwXIfr
@AnonymousApril 3, 2025 at 11:27 PM
Deleteස්තුතියි විරාජ් ඉදුනිල්
මේ සිදුවීමේ ඇති බරපතලකම ගැන තාම ආණ්ඩුවට අවබෝධය මදි වගේ. ඒ නිසාම මේ ගැන දැනුම් තේරුම් තියෙන අය මේ ගැන සාකච්ඡා කරලා රජයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ව දැනුවත් කරන්න ඕනේ.
Deleteසමහර කරුණු සමඟ එකඟයි. ඒත් "විශාලම අතපසුවීම" ගැන නම් මට විස්වාස නෑ. කැලිෆෝනියාව ගිණි ගනිද්දී "වෝටර් බොම්බ්" අහස් යාන සපයපු කැනඩාව ඒක ට්‍රයි කලා. ටෲඩෝට අපහාස කරලා එලෙව්වා. වැරදි ආර්ථික කළමනාකරණය නිසා අපකීර්තියට පත් වෙලා හිටි ටෲඩෝට අද සෑහෙන පිලිගැනීමක් ආවෙත්, රට වෙනුවෙන් කට්ට කෑ නිසයි. ලංකාවෙ නියෝජිතයෙක් කතා කරන්න ගියා නං වෙන දේ හිතා ගන්නවත් බෑ.
ReplyDeleteට්‍රම්ප් "කතා කරල, දුක කියල වැඩේ ගොඩ දාගන්න" හැකි අයක් නෙමෙයි. ට්‍රම්ප් ගෙදෙට්ට කතා කරලා කණට ගහන ජාතියෙ නරුමයෙක්. ඔහු වැරදි පිලි නොගන්නා, උද්දච්චයෙක්. ඒ වගේම ඕන බොරුවක් කැත නැතිව කියන්න හැකි අයෙක්. පසුගිය ඇමරිකන් රජයන් වල ලිහිල් ප්‍රතිපත්ති නිසා ඇමරිකාවට යම් හානියක් වුන බව ඇත්ත. ට්‍රම්ප් දිනුවෙ ඒ නිසයි. ඔහු නවතින්නේ ඇමරිකන් අර්ථිකය ගිණි ගත්තොත් පමණයි.
ඒත් ලෝක ආර්ථිකයට විතරක් නෙමෙයි ලෝක දේශපාලනයටත්, ට්‍රම්ප් ලොකු බලපෑමක් කරනවා. ඇමරිකන් මත යැපීම අඩු කරන්න, යුරෝපය සමඟ නව වෙළඳ ගිවිසුම් ගහන්න සහ සමහර විට චීනයට EV මාර්කට් එක විවෘත කරන්න කාළය හරි වගේ.ඒත් ලෝකයේම බඩු මිල තවත් ඉහල යාවි. ලක්ෂ ගාණකට රැකියා නැති වේවි.
සමහර විට මේ අර්බුදයේ නියම ජයග්‍රාහකයා රුසියාව වෙන්නත් ඇහැකි.
The bizarre way Trump’s team calculated reciprocal tariffs
Delete//දක්ෂ රාජ්යතාන්ත්රිකයෙකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්..//
ReplyDeleteමම හිතන්නෙ නෑ, කිසිවෙක් ඔහුව හරියටම "කියෙව්වා" කියලා පුටින් ඇරෙන්න. හ්ම්... නේටෝව දුර්වල කිරීම, බටහිර කඳවුරේ අසමගිය සහ ආර්ථික අර්බුදය, රුසියන් සම්බාධක ඉවත් කිරීමට සැරසීම. දන්න එකම දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයා හිටපු KGB බොසා වෙච්ච පුටියා තමයි.
https://www.youtube.com/watch?v=G0swAZQeZRc
Deleteට්‍රම්ප් කරන වැඩේ හොඳයි එක පැත්තකින් . රුසියාවට සම්බාධක කෝටියක් විතර දැම්මට පසේ අපි රුසියාවේ සංචාරයක ගිය 2016. උන් සත පහකට ගණන් අරන් තිබ්බේ නැහැ . අඩුපාඩුවක් රටේ තිබ්බෙත් නැහැ . උන්ට පුරුදුයි හොර බඩු අරන් . ඔය ටරිෆ් වදන් හැම රටක්ම තමන්ගේ ඒවා හද ගන්න පුරුදු වේවි . ඒක හොදයි නේ
Delete//ට්‍රම්ප් කරන වැඩේ හොඳයි එක පැත්තකින්//
Deleteඔව් රුසියාවට නං හොඳයි. ඒත් රැකියා අහිමි වෙන, බිස්නස් බංකොලොත් වෙන මිලියන ගාණක් එහෙම හිතයිද?
//ඔය ටරිෆ් වදන් හැම රටක්ම තමන්ගේ ඒවා හද ගන්න පුරුදු වේවි . ඒක හොදයි නේ//
මේ ස්වයං පෝශිත සංවෘත ආර්ථික ක්‍රමය සෝවියට් කඳවුර යටතේ අසාර්ථක වුනා වගේ තමයි මතක. වඩා කාර්යක්ෂම ගෝලීය ආර්ථිකය ආවෙ ඊට විකල්පයක් විදිහට නේද?
ඔව් රුසියාවට නං හොඳයි. ඒත් රැකියා අහිමි වෙන, බිස්නස් බංකොලොත් වෙන මිලියන ගාණක් එහෙම හිතයිද? - රුසිය්වට විතරක් නෙමේනේ , එතකොට තැචර් ල නිසා අහිමි වෙච්ච මිලියන් ගාණක් රැකියා . බ්‍රිතාන්‍යයේ විතරක් ද . නිව් කාසල් , ග්ලාස්ගොව් ඒ නගර අදටත් කෙලවෙලා තියෙන්නේ . යන්තම් ඔලුව ගහනඉන්නේ ලංකාව ඉන්දියාව වගේ රටවලින් එන ශිෂ්‍යයෝ නිසා . රුසියාව මම ගත්තේ උදාහරණයක් විධිහට . හැම දෙයින්ම ස්වයන්පෝෂණය වන්න ඕනේ නැහැ . ඔයාට ඕන දේ මම නිෂ්පාදනය කරලා මට ඔඅ දේ ඔයා නිෂ්පාදනය කලහම හරි .
Delete// ස්වයං පෝශිත සංවෘත ආර්ථික ක්‍රමය සෝවියට් කඳවුර යටතේ අසාර්ථක වුනා වගේ තමයි මතක. වඩා කාර්යක්ෂම ගෝලීය ආර්ථිකය ආවෙ ඊට විකල්පයක් විදිහට නේද?// සෝවියට් කඳවුර අසාර්ථක වුනේ ඒක නිසාම නෙමෙයි . තමන්ගේ රටේම මිනිස්සුන්ට සලකපු නැති නිසා . කොමියුනිස්ට් පක්ෂයට රිංගපු හොරු නිසා , අපි වගේ එවුන්ට ශිෂ්‍යත්ව දුන් නිසා . ලෝකේ වටේ ටිහ්බ්බකොමියුනිස්ට් පක්ෂ උවලට සහ නෑදෑයන්ට සලකන්න ගිය නිසා . ලෝකේ වටේ විප්ලවය අපනයනය කරන්න ගිය නිසා . මගේ අම්මෝ දිග ලිස්ට් එකක් තියනවා .
බසු සඳහා - නව ඇමෙරිකානු නිෂ්පාදන සංග්‍රාමය - 😀https://www.facebook.com/share/r/1AKuegZzkW/
Deleteවිමසා බලා විග්රහකොට අලුත් තතු
ReplyDeleteදැනුමට තව යමක් කර ගන්නට එකතු
කැමති කෙනෙකු ලෙස එන්නෙමි නැවත මතු
අලුත් comments ලියැවේවා සමඟ තතු
ආයේ නාවට කමක් නැහැ.
Deleteඇත්තටම ඉයන් ලංකාවට මේ ප්රශ්නය විසඳන්න කළ හැකි දේවල් මොනවද? කෙටිකාලීන දිගුකාලීන සහ මධ්‍යකාලීන ලෙස කරන්න පුළුවන් දේවල් යෝජනා කරන්න පුළුවන්ද?
ReplyDeleteමේ ගැන පුළුල්ව සමාජ කතිකාවක් ආරම්භ කරන්න ඕන කියල මම විශ්වාස කරනව ඔයා මොකද ඇත්තටම හිතන්නේ ඒ ගැන?
++++++++++++++++
ReplyDeleteඉයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ HYDE PARK සාකච්ඡාව සම්පූර්ණයෙන් බලන්න. ඒකෙදි ට්‍රම්ප් පරිපාලනයේ (Tariff) නව බදු අනුපාත ගැන අනතුරු ඇගවිම විතරක් නෙවෙයි කරන්න ඕනි දේ ගැනත් කලින්ම කියනවා. ජෙප්පො නම් බලන්න එපා. එයාලට ඉතින් ඉංග්‍රීසි බෑනේ 😕 ඒකටත් හිනාවෙලා බනීවි මොකද අන්තර්ගතය ගැන මෙලෝ අවබෝධයක් නැති නිසා.
ReplyDelete@ Ian
ReplyDeleteශ්‍රී ලංකාවට රටේ අනාගත තිරසාර සංවර්ධනය ගැන හරි හමන් දැක්මක් තියෙන නායකයෙක් අදටත් නෑ.
මෝදි ලංකාවට ආපු වෙලාවේ හරි කී යුතුම දෙයක් තමයි ලංකාවට වඩාත්ම වටින දැන් අවුරුදු දහයක් තිස්සේ කතා කරන චෙන්නායි-අනුරාධපුර විදුලි ජව රැහැන් පද්ධතිය.
ලෝකයේ Energy Import Export කියන්නේ දැන් පුනර්ජනනීය බලය උපරිම භාවිතයට ඇති බාධා නැති කරන්න peak shaving, load shifting වගේ දේවල් කරන්න ලොවම භාවිතා වෙන වෙන අතිනවීන අති සාර්ථක ක්‍රමයක්.
ඒ නිසාම යෝජිත 1.2 Billion USD ඇස්තමේන්තුව ව්‍යාපෘතියේ feasibility study පවා කරලා සෑහෙන කාලයක්.
The planned capacity of 1000 MW cabling with back-to-back HVDC will link Anuradhapura and Chennai, the capital of Tamil Nadu state in India.
After a 130-km overland transmission line in India, an undersea line will emerge at Thiruketheeswaram in Mannar in Sri Lanka.
හැබැයි ලංකාවේ තනි ග්‍රිඩ් එක කොටස් වලට නොකඩා, ස්මාට් නොකර, ඒකාධිකාරය නැතිනොකර බලශක්ති ප්රශ්නය විසඳන්න අමාරුයි. හැබැයි මේක වෙනවනම් ඒ වැඩෙත් ඊට සමගාමීව කරන්න ඕන
ලස්සනම වැඩේ කියන්නේ ඉන්දියාවේ වැරදි අඩු පාඩු ඇහේ තියෙන් විවේචනය කරපු පුද්ගයට ලොකු අයියා මෝදීට අතට අතදීලා කතා කරන්න පුලුවන් උන එක.
නමුත් රනිල් වික්‍රමසිංහ ඒ දවස්වල ඕක කරන්න කතා කරගෙන ආපු වෙලාවෙ මාලිමාවෙ කොච්චර විරුද්ධ උනාද .රැස්වීම මීඩියා කොන්ෆෙරන්ස් තියල බැනලා රෙදි ඇදන් අද එයාලම ඕක අත්සන් කරන්න උනු එකයි සරදම කියන්නේ 🤣
මේ තියෙන්නේ 2023 යෝජනාවලිය ඒ පිළිබඳව
https://economynext.com/sri-lanka-president-reiterates-power-grid-connectivity-plans-with-india-136512/
ඇත්තටම ඉයන් ලංකාවේ ආණ්ඩුව දිහා බලන කොට මං දකින්නේ මුං නාගන්නේ උන්ගේ තියෙන අධිඋද්දච්චකම නිසා, ට්‍රම්ප්ගේ කේස් එකත් මාසෙකට කලින් පාර්ලිමේන්තුවේ විපක්ෂ කට්ටිය කතාකලා. ඒත් ආණ්ඩුව ගණනකට ගත්තේ නැති නිසාම වෙච්ච දෙයක් නෑ, ඕක ඇත්තටම උන්ගේ ඔය කියන උපසංකෘතිය හින්දා වෙන දෙයක්, ජවිපේ හිටි අයම කියනවා ඇතුලේ වැඩ වෙන හැටි, ටිල්වින්ට හිතුනොත් මෙහෙම හොදයි කියල එච්චරම තමයි, ආයේ වෙන යෝජනා චෝදනා මොකුත් නෑ, කරන්නත් බෑ, ඉස්සරනම් එහෙම කලොත් බෙල්ල වැටේ, පෙට්ටිය දනිසෙන් පහලට, ඕකයි අවුල, අවු 76 ක් තිස්සේ රට පාලනය කල අය සේරම අට පාස් උන් බවත්, උන් හොරාකෑවා පමණයි උන් රට විනාස කලා, අපි විතරයි උගත්තු අපිට විතරයි පුලුවන් අනික් උන් දන්න ලබ්බක් නෑ කියල හිතන් ඉන්නකන් , , , , අපිට හොද විනෝද සමයක් බලන්න පුලුවන්.
ReplyDelete