හොරකම් නැවැත්වීම සහ නීති විරෝධී වෙනත් කටයුතු තුරන් කිරීම නව පාලනයේ ප්‍රධාන පරමාර්ථයක් බව පුන පුනා කියනු අසන්නට ලැබෙයි. ඒවා වචන වලට සීමා නොකර ප්‍රායෝගිකව කල හැකි එක් ආකාරයක් තිබේ. එනම් රු 5,000 නෝට්ටු අවලංගු කොට නව නෝට්ටු නිකුත් කිරීමයි. 2015 පත් වූ යහපාලන රයට මෙය කරන ලෙස සමහර අය උපදෙස් දුන්නද එය ක්‍රියාත්මක නොවිනි. එයට හේතුව ලෙස මා දකින්නේ එවකට ඇමති දුර දැරූ කිහිපදෙනෙක් සතුවද බදු නෙගෙවූ මුදල් තිබූ නිසා ලෙසයි.
නව පාලනය එසේ මුදල් පොට්ටනි ගසා නැති බව ඔප්පු කිරීමටත් මෙය හොඳ අවස්ථාවකි. එනෙම්න්ම දේශපාලනයේ සිටි සහ එසේ නොමැතිව අත යට මුදල් සොයන්නන් සහ නීති විරෝධී කර්මාන්ත වලින් මුදල් සොයන්නන් බොහෝ විට එම මුදල් නෝට්ටු වලින් ගොඩ ගසා ගෙන සිටිනවා විය හැකිය.සමහර අයනම් ඒවා විදේශ මුදල් වලට හරවාගෙන හවාලා ක්‍රමයෙන් පිට කරත්, බොහෝ දෙනෙක් නෝට්ටු ලෙස ගබඩා කරගෙන සිටින බව මගේ මතයයි.
සාමාන්‍යයෙන් එලෙස මුදල් නෝට්ටු අවලංගු කරන්නේ නව නෝට්ටු මුද්‍රණය කර සූදානම් කරගත් පසුවයි. එය බොහෝ විට ලීක් වීමට ඉඩ ඇති නිසා මගේ අදහස නම් රු 5,000 නෝට්ටු අවලංගු කර ඒවා වෙනුවට බැංකු මඟින් රු 1,000 නෝට්ටු ලබා දීමයි. අවලංගු කිරීම නිවේදනය කල පසුව නව රු 5,000 නෝට්ටු මුද්‍රණය කල හැක.
මීට කලින් ලංකාවේ රු 100 සහ රු 50 (එවකට විශාලතම වටිනාකම තිබූ නෝට්ටු ) අවලංගු කිරීමක් 1970 ගණන් වල මුදල් ඇමති එන් එම් පෙරේරා විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙවන් අවස්ථාවල විශාල ලෙස මුදල් හංගා ගෙන සිටින අය කරන්නේ අන් පුද්ගලයින් විශාල පිරිසක් හරහා එම මුදල් එක්වරකට සුළු ප්‍රමාණ වලින් බැංකු වලින් මාරු කර එම අයගේ ශ්රමයට ගෙවීමයි. එය තරමක් හෝ අඩුකර ගැනීමට ඉන්ධන බෙදා හැරීමට උපයෝගී කරගත් QR කෝඩ් ක්‍රමය යොදාගත හැකිය. එක් අයකුට ලබා දෙන කෝඩ් එකකට රුපියල් 10,000 ක් පමණක් මාරු කර ගැනීමට සීමා කල හැක.
නිසියාකාරව බදු ගෙවන පුද්ගලයින් සහ සමාගම් ගනු දෙනු කරන්නේ චෙක් පත් හෝ ඔන්ලයින් ක්රමයටය. එම නිසා එම කාර්යයන්ට මෙසේ අවලංගු කිරීමෙන් කරදරයක් නොවේ. එමෙන්ම රජයේ විශ්‍රාම වැටුප් සහ වෙනත් සහනාධාර ගෙවීම් බැංකු ගිණුම් හරහා සිදුවන බව මගේ මතයයි. ඔවුන් සඳහා මුදල් මාරු කරගැනීම මසක ගෙවීමේ ප්‍රමාණයට සීමා කල හැක.
මෙමඟින් මහජනයාට අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බවට සැකයක් නැත. එහෙත් එසේ කිරීමට හේතුව මහජනයාට පැහැදිලි කලහොත් එමඟින් සිදුවිය හැකි ආණ්ඩුව පිලිබඳ අප්‍රසාදය අඩු කර ගත හැකි වනු ඇත. එමෙන්ම ආර්ථීකය තාවකාලික සංකෝචනය වීමක්ද මෙමඟින් සිදුවිය හැක.
නව පාලනය මෙය වහාම නොකරන්නේ නම් එයින් පෙනෙන්නේ ඔවුන් සමහරක් ලඟත් එවන් ප්‍රකාශ නොකරන ලද මුදල් තිබෙන බවයි.
No comments:
Post a Comment