Wednesday, September 19, 2018

කියවලම බලන්න


එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා. පැය තුනක් ගතවුණත් ඔවුනට එම සමීකරණය විසඳීමට හැකිවෙලා නැහැ. අවසානයයේ ඔවුන් තීරණය කරනවා මුළු Princeton University එකේම එවකට දක්ෂසිසුවා ලෙස සැලකූ වෙනත් සිසුවෙක්ගෙන් එය විසඳීමට උදව් ඉල්ලීමට.

තුන්වන ලෝකයේ රටකින් විශ්ව විද්‍යාලයට පැමිණි එම දක්ෂ සිසුවා ඔවුන් දෙදෙනාට විසඳිය නොහැකිවූ සමීකරණය දෙස විනාඩි තුනක් පමණ බලා සිට පිළිතුර ප්‍රකාශ කරනවා. එම පිළිතුර ගත් ආකාරය පැහැදිලි කිරීමට එම දක්ෂ සිසුවා පිටු තුනක් පුරා සමීකරණ ලියමින් ඔවුන්ට පහදා දෙනවා. එතරම් අසීරු සමීකරණයක් ඒ දෙස බලා සිටීමෙන් පිළිතුර ප්‍රකාශ කිරීමත් ඔහු එම සමීකරණය විසඳන ආකාරය කියාදීමත් ගැන මවිත වන ඇමෙරිකන් සිසුවා සහ ඔහුගේ මිතුරා ජෝ අසන්නේ එවන් සංකීර්ණ සමීකරණයක් මනෝමයෙන් විසඳුවාද යන්නයි.

මේ සිද්ධිය එම ඇමෙරිකානු සිසුවාට තමාට න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකු වීමට තරම් දක්ෂතාවයක් නැතැයි යන්න සිතීමට හේතු වෙනවා. එමනිසා ඔහු හදාරමින් සිටි පාඨමාලව වෙනස් කරනවා. පසුව ඔහු පොත් වෙලඳාම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරනවා. මේ පුද්ගලයන් කවුද.

අද ලොව ධනවත්ම පුද්ගලයා වන Amazon සමාගම හිමි Jeff Bezos තමයි න්‍යාත්මක භෞතික විද්‍යාව අතහැර වෙනත් අධ්‍යයන මාර්ගයක ගිය ඇමෙරිකානු සිසුවා.

Jeff Bezos
ඔහුට පැය තුනකින්වත් විසඳීමට නොහැකි සමීකරණය විනාඩි තුනක් මනෝමයෙන් විසඳූ තුන්වන ලෝකයේ රටකින් ආ සිසුවා රාජකීය විද්‍යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයයේ ආදි සිසු යසන්ත රාජකරුණානායක.

යසන්ත රාජකරුණානායක
ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන Jeff Bezos මෙම සිද්ධිය විස්තර කිරීම මේ සමඟ ඇති වීඩියෝවේ 24 මිනිත්තුවේ විට 27 මිනිත්තුව දක්වා නරඹන්න.









47 comments:

  1. wow... A story I never heard before! Thanks Ian fore sharing!

    ReplyDelete
  2. ලෝකේ ධනවත්ම මිනිසාට ඉණිමග හදලා දීලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙක්.

    ස්තූතියි ඉයන්. මේ කතාව ඇහුවමයි ඔය.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා. වීඩියෝ එකේ විනාඩි තුන බලන්න. ඔහු වැන්නන් ලංකාවට ආඩම්බරයක්.

      Delete
    2. බැලුවා ඉයන්...අර යකා යසන්ත කියන විධිහ තේරුම් ගන්න සෑහෙන දගලන්න වුනා. අද ඔහු මොනවද කරන්නෙ කියලා කුතුහලයක් අවා...

      Delete
    3. From his LinkedIn - I am a senior technologist and scientist with 23+ years of experience in the Bay Area, (27+ years after Ph.D. from Caltech) with a proven track record of innovation and R&D contributions, experience in building and leading world class teams to create innovative products and software solutions for high tech companies to capitalize on opportunities recently in leveraging Artificial Intelligence.

      I have demonstrated innovation strength in creating and filing around 90 issued and pending US patents to date in high tech fields. I have also published over 50 technical publications in past careers.

      My current work and R&D interests for 2018 are in developing Machine Learning / AI algorithms and Computer Vision systems for energy constrained embedded devices and innovative applications and AI algorithms for human presence, motion and gesture detection with mmWave radar systems. I have also recently developed and designed systems and algorithms that leverage Artificial Intelligence in novel Medtech and medical imaging applications, and successfully implemented and improved techniques and methodologies that improve medical diagnosis speed and accuracy of Pathology, and CT scans with algorithmic AI innovations.

      In the past I have been expert at many key technical areas (e.g. WiFi, Digital Stellite Comm, Video, DSL etc.) and have meaningfully contributed to the fundamental technology as well as key product design through Si-valley companies, mainly during my tenure at Broadcom. I have experience in all parts of the Internet, mobility, connectivity and cloud ecosystems from design of low level hardware functional blocks, streamlined software driver architectures to backend, and full stack application server systems and, adaptive inferential systems for cloud and high tech edge devices, with GPUs.

      Delete
    4. මේ දැනුම, හැකියාව තියන තව කී ලක්ෂයක් මේ වෙද්දි පිට රටවලට වැඩ කරණවා ඇත්ද? ඒ ගොල්ලන්ගෙන් රටට ප්‍රයෝජණයක් ගන්න අපේ කාලකණ්නි පාලකයෝ හිතලවත් ඇත්ද?

      Delete
    5. සෙන්නා මේ මට්ටමේ අයට සේවය කරන්න තුන්වන ලෝකයේ තාක්ෂණය දියුණු වෙන්නේ නැහැ. තුන්වන ලෝකය බොහෝ විට කරන්නේ innovations මිසක inventions. නෙමේ. ලංකාවෙ විතරක් නෙමෙයි බොහෝ රටවල මේ මට්ටමේ අය බොහෝ දෙනෙක් ඇමෙරිකාව වගේ රටවලට යනවා.

      Delete
  3. මේ තියෙන්නෙ යසන්ත ඒ ගැන කියන කතාව...
    https://www.linkedin.com/feed/update/urn:li:activity:6447952558572085248

    බොහොම ස්තූතී ඉයන්!

    ReplyDelete
  4. Replies
    1. It also shows the brilliance of some Sri Lankans, isn't it?

      Delete
  5. ෆේස් බුක් එකෙත් මේකේ කෙටි වීඩියෝ එකක් දැක්ක. ගොඩක් වෙලාවට මිනිස්සු, තමන්ට හරියටම ගැලපෙන පාත් එක හොයාගන්නේ අහම්බෙන් කියල හිතෙනව, මේ වගේ මිනිස්සුන්ගෙ කතා අහද්දි.

    බොහොම ස්තුතියි බෙදාගත්තට මේක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මානවී. ඔබත් ලංකාවේ නම මේවගේ උඩින් තියන්න පුළුවන් වන කෙනෙක් වෙයි කියලා බලපොරොත්තු වෙනවා ඒ වගේම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  6. Thanks a lot Ian ,

    Very valuable post .

    ReplyDelete
    Replies
    1. Thanks Kalana. I felt really proud as he is also a batch mate of mine in School.
      kohen hari kokkak dhaaganna epaaya. lol

      Delete
    2. It's my pleasure Mr.Ian .
      Yes , Absolutely ha ha ha . proud to be a royalist yeah ?
      “Disce Aut Discede”

      Delete
  7. ස්තුතී ඉයන්

    ‍වැදගත් ලිපියක් කියවන්න බලන්න අවස්ථාව හදලා දුන්නට
    ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාත්‍රා ඒකාලේ A තුනක් ගත්ත කෙනෙක් විදිහට ඔබත් ඉහල හැකියාවක් ඇති කෙනෙක් විය යුතුයි.

      Delete
  8. බටහිර සෛද්ධාන්තික භෞතික විදයාඥයෙකු වීමට නම් වියුක්ත චින්තනයේ කෙලපැමිනියෙකු වියයුතුයි.
    සිංහලයන්ට තියෙන්නේ සංයුක්ත චින්තනටයක් එමනිසා කොපමණ හොඳට විභාග පාස්කලත් යසන්ත රාජකරුණානායක මහතාට බටහිර සෛධාන්තික භෞතික විද්‍යාඥයෙකු වන්නට බැහැ.

    ReplyDelete
    Replies
    1. Theoretical කියන එකේ සිංහල තීරුම මම හෙව්වා. න්‍යායාත්මක කියල තමයි මම හිතුවේ. නියම නම දුන්නට බොහොම ස්තූතියි. ඔබ කිවූ දෙය හරිද වැරදිද කියන්න මට තේරුමක් නැහැ. ඔහු අද කැලිෆෝනියාවේ ඉහල මට්ටමක ඉන්න pHd ධාරියෙක්. ඔහුගේ LinkedIn info ඉහල ලියා තිබෙනවා.

      Delete
  9. ඇහැට කඳුලක් ආවා. ඒක සතුටට ආපු කඳුලක්ද ? දුකට ආපු කඳුලක්ද කියළා හිතා ගන්න බෑ. නමුත් මට මගේ අත්දැකීමක් මතක් වුණා. ඇත්තටම අත්දැකීම් සමුදායක්. ඒවා මෙතැන කිව්වොත් පම්පෝරි වෙනවා. ඉයන් හමු වුණු වෙලාවක කියන්නම්.

    ReplyDelete
    Replies
    1. දිල් රුක්, එච්චර කල් ඉවසගෙන ඉන්න බැහැ. එක්කො ඉක්මනට හම්බුවෙමු එහෙම නැත්නම් FB මෙසේජ් එකක් වත් එවන්න. ඔබ අති දක්ෂයෙක් බව මට වැටහිලා ගොඩක් කල්.

      Delete
  10. නොදැන හිටිය කතාවක්.
    මොනව උනත් ඒ ඇමරිකානු සිසුවා වගේ තමන් කරගෙන යන දේ තමන්ට ගැලපෙන දෙයක් නෙමෙයි කියල තේරුම් අරන් වෙන මගක් සොයාගන්න එක ගොඩ දෙනෙක් නොකරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා. වෙන රටක හිටිය කාලෙ. සමහර තනතුරු වලට අයැදුම් කරන අය කාලයක් වෙන වෙන අංශ අත්හදා බලල තමයි තමන්ට ගැලපෙන එක තෝරගන්නේ. සමහර අයගෙ ඩිග්‍රිය එකක් කරන්නෙ වෙන එකක්.

      Delete
  11. බුකි බොසත් එහෙම තමන්ගෙ පාත් එක හදාගත්ත කෙනෙක්. මේක බලල තිබ්බට ඒක ගැන යසන්ත කියපු එක අහල නෑ. තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. මේක බොහොම මෑතක තිබ්බ සම්මුඛ සාකච්චාවක්. ඔහු බිල් ගේට්ස් පරදා ලෝකයේම ධනවතා වූ පසුව. අනික යසන්තගෙ සිද්ධිය අවුරුදු 34 කට කලින් වෙච්ච දෙයක්.

      Delete
  12. ඇඩෙනවා! දුකටයි සතුටටයි දෙකටම.. බොහොම ස්තුතියි මේ පෝස්ට් එකට.. මුළු වීඩියෝ එකම බැලුවා අන්තිමේ.. :)

    ReplyDelete
    Replies
    1. මිනිහ කථා කරනවා අහගෙන ඉන්න ආසයි නේද? යසන්තගෙ කථාව ඇහුවම මමත් හිරි වැටිල ගියා. එක හේතුවක් ඔහු මගේ පසැල් බැච් මේට් කෙනෙක්. පාසැලේදීත් අන් අයට වඩා ගොඩාක් ඉදිරියෙන් හිටපු. ඒක නිසා මේ විඩියෝ එක අපේ බැච් FB පිටුවේ පෝස්ට් වුණා. මම දැක්කෙත් එහෙමයි.

      Delete
  13. මෙහෙම හිටියට මම නිසාත් කී දෙනෙක් තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවද පොඩි කාලේ ඉඳන්ම ,
    මොකද ඉස්සර මාව දැක්ක ගමන් උන්ගේ අම්මලා තාත්තලා කියනවා අන්න අරූ වගේනම් හැදෙන්න එපා උඹලා කියල්ලා :D

    ReplyDelete
  14. විඩියෝ එක නැහැනේ බන්....ඒ තරම් සාර්තක නොවුනත් වෙලාවකට අපිත් ටිකක් හරි ඒ මට්ටමේ ඉන්නවා නෙද

    ReplyDelete
  15. ශ්‍රී ලංකේය අභිමානය කියන්නේ ඔන්න ඕවාට තමයි මචෝ..

    ReplyDelete
  16. dhepaarak kiyewwaa! yamak thiyenawaa! umba magee kament eka makuwadha?

    ReplyDelete
  17. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  18. පරණ පෝස්ට් එකක් උනාට මට කොමෙන්ටුවක් කොටන්න හිතුනා. මට මේක මිස් වෙලා තියෙන්නේ කොහොමද කියලා මං කල්පනා කරනවා තාම. ඇත්‍තටම හොඳ ලිපියක්.. ස්තූතියි මේක බෙදා ගත්‍තට....

    ReplyDelete
  19. වැදගත් ලිපියක් සහෝදරයා.

    ReplyDelete