![]() |
| පැරාගේ පියා වූ දිවංගත කුලසේකර ජයසිංහ මැතිතුමා |
පැරා ඉල් මහ විරුවන් අතර නොකියවෙන නම් ගැන ලියා තිබුණා. ඔහු ගේ විරුවා එවකට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිසා ඔහුගේ දෙමව්පියන් (පියා) විඳි දුක් ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ පියාවූ අභවප්‍රාප්ත කුලසේකර ජයසිංහ මහතා ගැනයි. එය කියවීමෙන් මට හැඟුනේ ජේවිපී අයගේ මෙන්ම ඔවුන්ගේ විරුද්ධ කණ්ඩායමේ (බොහෝ විට යූ එන් පී ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු අය ) ගේ දෙමව්පියන් කීදේ නාහන දරුවන් නිසා මොනතරම් කටුක කාලයෙක් ගෙව්වාද කියන එකයි.
එහි දැමූ මගේ කමෙන්ට් එක
පැරා මේ ලිපිය මාව 88/89 කාලයට අරගෙන ගියා. ඒ කාලයේ කෙලින්ම යූඑන්පී දේශපාලනයට සම්බන්ධවී සිටි නිසා ඔබ කියන ඛේදවාචකය අනිත් පැත්තෙන් අත්වින්දා. අදටත් සතුටුවිය හැකි එකම දෙය මම සම්බන්ධ වූ ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරීන් ගැන දැනෙගෙන සිටියත් මම සම්බන්ධ කණ්ඩායම ඒ එක් කෙනෙක් වත් හමුදාවට අල්ලා දීමට ක්‍රියා කලේ නැහැ. ඒනිසා ඔවුන්ට අප කණ්ඩායම ගැන යම් පැහැදීමක් තිබුණා කියා මම විස්වාශ කලා. ඒත් මම සම්බන්ධවී සිටි දේශපාලකයා හදිස්සියෙම ජවිපෙ විසින් මරා දැම්මා. ඉන් පසුව මා දේශපාලනිකව ආශ්‍රය කල කීප දෙනෙක්ටත් ඒ ඉරණම අත්වුණා. ඒ අයගේ පවුල් වල අයත් නොවිඳිනා දුක් වින්දා. ජවිපෙ ක්‍රියාකාරීන් සහ අනිත් කඳවුරේ අය තම තමන්ගේ කඳවුරු වලට සම්බන්ධ වුනේ කැමැත්තෙන්මයි. නමුත් මගේ දෙමව්පියන් ඇතුළු දෙපැත්තේම අයගේ දෙමව්පියන් නාහෙට නාහන දරුවන් නිසා විඳි දුක් අපමණයි. සමහර දිනවල රෑ 4ට මම ගෙදර එනකන් මගේ දෙමව්පියන් කන්නෙත් නැහැ. අද දරුවන් සිටින මට අදමෙන් ජංගම දුරකථන නොතිබූ යුගයක අපි ගෙදර එනතෙක් ඇහින් දකින තෙක් දිනපතාම ඔවුන් විඳි දුක පැහැදිලිවම තේරෙනවා. ඔබගේ පියාට නිවන් සුව.

No comments:
Post a Comment