Sunday, November 16, 2025

ඉල් (ill) මහ විරුවන්

පැරාගේ පියා වූ දිවංගත කුලසේකර ජයසිංහ මැතිතුමා



පැරා ඉල් මහ විරුවන් අතර නොකියවෙන නම් ගැන ලියා තිබුණා. ඔහු ගේ විරුවා එවකට ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු නිසා ඔහුගේ දෙමව්පියන් (පියා) විඳි දුක් ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ පියාවූ අභවප්‍රාප්ත කුලසේකර ජයසිංහ මහතා ගැනයි. එය කියවීමෙන්  මට හැඟුනේ ජේවිපී අයගේ මෙන්ම ඔවුන්ගේ විරුද්ධ කණ්ඩායමේ (බොහෝ විට යූ එන් පී ක්‍රියාකාරී දේශපානයේ යෙදුණු අය ) ගේ දෙමව්පියන් කීදේ නාහන දරුවන් නිසා මොනතරම් කටුක කාලයෙක් ගෙව්වාද කියන එකයි.

එහි දැමූ මගේ කමෙන්ට් එක 


පැරා මේ ලිපිය මාව 88/89 කාලයට අරගෙන ගියා. ඒ කාලයේ කෙලින්ම යූඑන්පී දේශපාලනයට සම්බන්ධවී සිටි නිසා ඔබ කියන ඛේදවාචකය අනිත් පැත්තෙන් අත්වින්දා. අදටත් සතුටුවිය හැකි එකම දෙය මම සම්බන්ධ වූ ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරීන් ගැන දැනෙගෙන සිටියත් මම සම්බන්ධ කණ්ඩායම ඒ එක් කෙනෙක් වත් හමුදාවට අල්ලා දීමට ක්‍රියා කලේ නැහැ. ඒනිසා ඔවුන්ට අප කණ්ඩායම ගැන යම් පැහැදීමක් තිබුණා කියා මම විස්වාශ කලා. ඒත් මම සම්බන්ධවී සිටි දේශපාලකයා හදිස්සියෙම ජවිපෙ විසින් මරා දැම්මා. ඉන් පසුව මා දේශපාලනිකව ආශ්‍රය කල කීප දෙනෙක්ටත් ඒ ඉරණම අත්වුණා. ඒ අයගේ පවුල් වල අයත් නොවිඳිනා දුක් වින්දා. ජවිපෙ ක්‍රියාකාරීන් සහ අනිත් කඳවුරේ අය තම තමන්ගේ කඳවුරු වලට සම්බන්ධ වුනේ කැමැත්තෙන්මයි. නමුත් මගේ දෙමව්පියන් ඇතුළු දෙපැත්තේම අයගේ දෙමව්පියන් නාහෙට නාහන දරුවන් නිසා විඳි දුක් අපමණයි. සමහර දිනවල රෑ 4ට මම ගෙදර එනකන් මගේ දෙමව්පියන් කන්නෙත් නැහැ. අද දරුවන් සිටින මට  අදමෙන් ජංගම දුරකථන නොතිබූ යුගයක අපි ගෙදර එනතෙක් ඇහින් දකින තෙක් දිනපතාම ඔවුන් විඳි දුක පැහැදිලිවම තේරෙනවා. ඔබගේ පියාට නිවන් සුව. 



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.





31 comments:

  1. ඇත්ත ඉයන් ඔයා වෙනස් මාතෘකාවක් ගැන අද ලියලා තියෙනවා, පොඩි දෙයක් අහන්න කැමතියි මම ඉංග්‍රීසි පුවත්පත් වල දැකපු විදියට හම්බන්තොට වරාය සමස්ත භාණ්ඩ හැසිරවූ ප්‍රමාණය 2024 ට සාපේක්ෂව මේ වසරේ 151% ක වැඩිවීමක් වාර්තා කරලා තිබෙන අතර, මේ වසරේ සැප්තැම්බර් වන විට මෙට්‍රික් ටොන් මිලියන 6 හසුරුවා ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 41 ක දොඹකර ආයෝජනයක් සහිතව වාර්ෂිකව ඒකක මිලියන 1 දක්වා ධාරිතාව ඉදිරියේදී වැඩිවෙනු ඇත. LPG වායු, ඉන්ධන සැපයීම,වාහන ප්‍රතිනැවු ගතකරණයෙ බහුකාර්ය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස දකුණු ආසියානු කලාපයේ මේ වන විටත් සැලකිය යුතු භූමිකාවක් සිදුකරයි . චීනයේ සීඑම් පෝර්ට්ස් අයතනය මේක ලාබ ලබන තත්ත්වයට පත්කර තිබෙනවා, ආණ්ඩුව යටතේ තිබුණා නම් වර්තමාන ජාජබ මන්ත්‍රීලාට මේකෙනුත් කන්ටේනර් හොරෙන් පන්නලා ආයතනය බිලියන සිය ගණනක පාඩු ලබන්නට සලස්වලා එයාලගේ පෞද්ගලික වත්කම් කෝටි ගණනකින් වැඩිකර ගන්න තිබුණා වෙලාවට රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරන කාලේ මේක චීන සමාගමකට ලබාදීමට කටයුතු කළේ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වාහන ආනයනය පටන් ගත්ත නිසා කියලයි.

      Delete
  2. කවදාවත් මානසික මට්ටම අඩු මන්ද මානසික රෝගීන්ට දොස් කියන්න එපා ඉයන් , රටේ මිනිස්සු එක අතකට හරිදෙයක් කලේ මේ ජනතා විමුක්ති පෙරමුගේ මානසික රෝගීන් ටිකට පොඩි කාලෙකට සතුටෙන් ඉන්න දුන්න එක.

    ReplyDelete
    Replies
    1. මානසික රෝගයකට වඩා විජේවීර උත්සාහ කලේ චන්දෙන් ගන්න බැරි බලය තුවක්කුවෙන් ගන්න. දැන් කට්ටිය කලේ ඇත්තෙන් ගන්න බැරි එක බොරුවෙන් ගත්ත එක.

      Delete
  3. ලංකාවේ මාධ්‍ය වේදීන් BYD එකේ වාහන ගැන ලස්සනට වීඩියෝ කරලා තියෙනවා, ඒක බලපු මිනිසුන් කමෙන්ට් කරලා තියෙනව ලක්ෂ 12 හෑවගේ මොඩල් vitz එකක් හදලා දෙන්න කියන්න බෑද අහන්නලු BYD එකට. ඒත් බැරි නම් ජනතා බදු මුදල් වැය වෙන්නැති කෝටි 6250 ක ඩබල් කැබ් දෙදාස් ගානෙන් ඩබල් කැබ් වලින් කැබ් එකක් හරි කමක් නෑ, හදලා දෙන්න කියන්න පීස් කියලා දාලා තිබ්බ 😅🤣😂

    ReplyDelete
  4. විරුවෝ නෙමේ ඉල් හොරු සහ මිනී මරුවෝ... අපෙ පැත්තේ ඔය අසු ගණන්වල අග කාලේ JVP කළෙ ගමේම හිටිය අමුම කාලකන්නි, වැස්සටවත් ඉස්කෝලේකටවත් නොගිය හොරු සහ තියන එකාට ඉරිසියා කරපු පාහර රස්තියාදු කාරයො ටික විතරයි.උන් කලෙත් මන් කොල්ල කෑම් පමනයි. ඒ කාලේ මට මතකයි බිග් කුච්චන් පොඩි කොල්ල ඌ 88/89 JVP කලෙ නෑ හැබැයි ඌට ඒකාලෙත් හොදට ගොතලා අතේ පැලවෙන බොරු කතා කියන්න පුළුවන් ඇත්ත වගෙ , කොටපොල ඉස්කෝලේ සාහිත්‍ය සංගමයෙ පොර . මම මේ කියන්නෙ 89 ට පෙර .

    ReplyDelete
    Replies
    1. රටේ අවාසනාවට පහල් වෙච්ච අය. මේ ගොල්ලයි කොටියි දෙගොල්ලොම.

      Delete
  5. ඉල්මහ වගේද මාලිමා චෞර රෙජීමයේ මත්කුඩු ජාවාරම? මාලිමා කුඩු ජාලයේ දේශපාලන නායකයන් ගෙන් ඕන්න අද නව වෙනි වාසනාවන්තයා අත්අඩංගුවට අරගෙන

    //
    ඊයේ දින ගල්කිස්ස ප්‍රදේශයේ මත් කුඩු පැකට් සඳහා සලකුණු මුද්‍රණය කරනා මුද්‍රණාලයක් වැටලුවා.

    නමුත් එහි හිමිකරුවා අත්අඩංගුවට පත් වුණේ නැහැ. ඉන්පසුව ප්‍රදේශවාසීන් ඒ ගැන ප්‍රශ්න කර තිබුණා.

    ප්‍රදේශවාසීන්ගෙන්, විශේෂයෙන්ම මහා සංඝ රත්නයෙන් එල්ල වූ පීඩනය මත අද මේ කුඩු ජාලයේ හිමිකරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නමින් ඔහු ටෝනි මොහොමඩ්.

    මාලිමාවේ දෙහිවල සංවිධායක.

    ඒ වගේම දෙහිවල ගල්කිස්ස - හිටපු මාලිමා මන්ත්‍රීවරයෙක්.

    //

    ඇත්තටම ඉයන් ඔයාට පේනවද මේ අහම්බෙන් සිදු කරන වැටලීම් වලින්, නොහිතා නොදැන කොටුවන මාලිමා ක්‍රියාකාරිකයන්ගෙන් ඉතාමත්ම සුළු අතලොස්සක් පමණයි නේද?

    මාලිමා කුඩුජාලය කොතරම් ප්‍රබලදැයි දන්නේ දෙවියන් වසන්සේ පමණයි.

    වටගල ලා කොළඹ, ගල්කිස්ස, බේරුවල, මීගමුවේ, යාපනයේ, ත්‍රිකුණාමලයේ කුඩු සඟවා දකුණට පමණක් අවදානය යොමු කරන්නේ ඇයිදැයි දැන් හොඳින් පැහැදිලියි නේද?

    ReplyDelete
  6. අජිත් ධර්මකුමාරNovember 16, 2025 at 6:06 PM

    මම ටිල්වින් ලොකු අයියා එක්ක දවල් කෑම ගමන් මේ ගැන අහන්නම්.

    ReplyDelete
    Replies
    1. මචං ධර්මෙ, ටිල්වින් ලොක්කා කියන්නේ මංකොල්ල කෑම් මිනීමැරීම් ගණනාවක් කරපු අතිශය කුහක තක්කඩි තුච්ඡ මිනිහෙක් කියලා හැමෝම කියනවා, ඔය වගේ අමු සක්කිලියෙක් එක්ක බත් කන කොට පරිස්සමින් මොකද ඕකා උඹවත් මරාගෙන අමුවෙන් මස් කන එක කයි ඒ වගේ ලේ පිපාසිත අමු සක්කිලියෙක් බං ඕකා, ටී පනස්හය එක්ක පොලිසි වලට ගහන්න ඇවිත් මාට්ටු වෙලා හිරේ ගිහින් පස්සේ චන්ද්‍රිකා මඟින් ඩීල් දාලා සමාව අරගෙන නිදහස් වෙච්ච දඬුවම් ලබපු මිනීමරුවෙක් ත්‍රස්ත වාදියෙක්

      Delete
  7. කාටවත් හොඳක් කියන්න බැරි අන්ත අහිංසකයන්ටත් කෙලවපු කුහක හැත්තක් හිටිය කාලයක්. එච්චරයි මගෙ නිගමනය ඕක ගැන. මොකද අනිත් ගෙදැ එකා එක්ක තරහටත් ඌව මොකේට හරි පාවල දීල වැලිගම්පිටි යවපු කාලයක් නේ. සමහරු අදටත් හෙන විරයො වගෙ කියෝනව මං අහ ඉදල.තියේ. අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් පුදුම කාලයක්. ආයේ ඒවගේ කාලයෙක් නො ඒවා කියල තමයි ප්‍රාර්ථනය.

      Delete
  8. 2014 ලන්ඩන් ආපු වෙලේ අනුර කුමාර දිස්නයක 1988-89 වෙච්හි දේවල් ගැන සමාව ඉල්ලුවනේ ඉයන් . ඔයාට අසාධාරණයක් වුනා කියල හිතනවානම් දැන් තියෙන හොඳම දේ ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලන්න . කොමිසමක් පත් කරන්න කියන්න . හැබැයි එතකොට දෙතුන් පැත්තේම මිනී මරපු ඒවා එලියට එයි . ටයර් වල දාල මරන්න ජාත්‍යන්තර නිතිය අනුව වුනත් බැහැනේ . හරි හෝ වැරදි වේවා . ඒ වගේම ඇඹිලිපිටිය වගේ කේස් නුත් වුනානේ . දෙපැත්තම හරියි කියන්න අමාරුයි ඔය වයලන්ස් එක ගැන . එදා ජවිපෙ වෙනුවෙන් ජිනීවා ගිය මහින්ද ට සලකන ආකාරය ගැන නම් මගේ අකමැත්තක් තියනව . ඒවා ඉතින් ඒ ගොල්ලෝ ඒගොල්ලෝ අතර ප්‍රශ්න නේ . https://www.facebook.com/watch/?v=331470387010716

    ReplyDelete
    Replies
    1. මට අසාධාරණයක් වුනේ නැහැ අජිත් කොමිසමක් ඉල්ලන්න. මම ඒ කාලේ දේශපාලනයට සම්බන්ධ වුනේ මගේ කැමැත්තෙන්. ඒ එජාපෙ මහ ලේඛම් ල දෙන්නෙක් මැරුවට පස්සෙ, අනික් මිනී මැරුම් වෙනකොට. වෙනද එජාප දේශපාලනයේ හිටපු අය බුරුතු පිටින් දේශපාලනයෙන් අයින්වෙනකොට. ඒක මගේ මෝඩකම. ඒකට කොමිසමක් දන්න ඕන මට විරුද්ධව මමමයි. මෙතන කියන්නෙ වෙන එකක්. ජවිපෙ සහ එජාපෙ තරුණයෝ ඒගොල්ලන්ගේ කැමැත්තෙන් ඒ ඒ අයගෙ දේශපාලන වලට සම්බන්ධවෙලා, ඒ අයගෙ දෙමව්පියන්ට දුන්න දුක් කරදර ගැන.

      Delete
    2. ඔතනදී ඉයන් දෙමාපියන් සහෝදරයන්ට විතරක් නෙවෙයි තම පක්ෂයේ තමන් සමග එකට අත්වැල් බැඳගෙන එකට දේශපාලනය කරපු මිනිස්සුන්ට සලකපු හැටි අතිශය පාහර නින්දිත තුච්ඡ විදියට බව බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කියනවා, නන්දන ගුණතිලක විශේෂයෙන් සඳහන් කළා මේ පක්ෂයේ අය තාමත් කොයිතරම් තුච්ඡ ද කියලා

      මූලිකව මම නම් කියන්නේ මේ වාමාංශික දේශපාලනයත්, සාමාන්‍ය මිනිස්කමත් යනු දෙකක් මිසක් එකක් නො වන බවයි. වාමාංශික සංස්කෘතික අනන්‍යතාව නිර්මානය වෙන්නේම පොදු මිනිස්කම මරා දැමීම තුළයි. එය සිදු වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට පෙර මමඋදාහරණ ලෙස සිද්ධි කීපයක් දක්වමි.

      1. කවුරුත් දන්නා නන්දන මාරසිංහ ඝාතනය

      2. ජවිපෙ සන්නද්ධ අංශයේ සටන්කරුවකුව සිටිමින් විජය කුමාරතුංග ඝාතනය ඇතුළු පණහකට වැඩි ජවිපෙ දේශපාලන ඝාතන රැසක තුවක්කුකරු පමණක් වූ, අත්අඩංගුවේ සිටියදී ආරක්ෂක අංශ විසින් අමානුෂික මරා දමන ලද ලයනල් රණසිංහ නම්වූ තම සහෝදර පාක්ෂිකයා ප්‍රේමදාසගේ කුලී මිනීමරුවකු යයි ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා පසු කලෙක පැවසීම

      3. ජවිපෙ හා පසුකාලීනව පෙසප බවට පත් වූ පිරිස අතර ඇති වූ ගැටුමෙහිදී සෝමවංශ අමරසිංහ සමග සාකච්ඡා කරන්නට පැමිණි පිරිසට බත් කා යන්නැයි සෝමවංශ කළ ආරාධනය මත ඔවුන් බත් කමින් සිටියදී එතැනට පැමිණි ටිල්වින් “පක්ෂයට ද්‍රෝහී වුණ අමනයන්ටත් මේ පක්ෂයේ වියදමින් කන්නට දෙනවාද?" කියා ඇසීම (මූලාශ්‍රය ඉන්ද්‍රානන්ද සිල්වා, ලංකාදීප 2016-06-26)

      4. 1971 කැරැල්ල සම්බන්ධ ලේඛන එක්රැස් කර ජවිපෙන් 1982දී බිඳී ගිය උදේනි සමන් කුමාර විසින් මහත් වෙහෙසක් දරා වසර කීපයක් රටපුරා සංචාරය කර කරුණු එක් රැස් කර ඉතාමත්ම වෙහෙසකර ව්‍යායාමයකින් පසුව සංස්කරණය කරන ලද ‘71 මහ නඩුව, විජේවීරගේ හෘදය සාක්‍ෂිය’ නම් පොත නියමුවා ප්‍රකාශනයක් ලෙස පළ කළ ජවිපෙ එහි සංස්කාරකවරයාට අඩු තරමේ පොතේ පිටපතක්වත් නො දීම හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නමැත්තා අතිශය කුහක සහ තුච්ඡ ලෙස සංස්කාරකවරයාට එය ඔහුට අයත් දෙයක් නොව පක්ෂයේ දේපලක්ය යන අදහස ප්‍රකාශ කිරීම.

      මේ වගේම තව ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්, දැන් ඔය පක්ෂයට කඩේ යන අයටත් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.

      Delete
    3. පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?

      පදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.

      එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”

      මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..

      ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…

      එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්‍ර්‍රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.

      ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..

      ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..

      හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..

      Delete
    4. මේ නන්දන මාරසිංහ ගැන මම ලිව්ව එකක් ඒ කාලේ - https://kolambagamaya.blogspot.com/2016/06/blog-post_14.html

      Delete
    5. //ඒ එසේ වුවද 1987-1990 කාලය තුල ජවිපෙ නැවතත් කලේ නරෝද්නික් වාදී දේශපාලන ත්‍රස්තවාදයක් බව මම එදත් අදත් දැරූ මතයයි. මෙය ජවිපෙ සාමාජිකයන්ගේ මුහුණටම පැවසීම ට 1987 දී මට ශක්තියක් තිබුණි. නරෝද්නිකවාදී ත්‍රස්ත කියා හා ජනතා අරගල යනු එකක් නොව දෙකක් බව මුලින්ම කියා දුන්නේ ඔවුන් අනුගමනය කරනවා යයි කියන ලෙනින් මය. ලෙනින් තමන්ගේ සහෝදරයා විසින් කරන ලද සාර් රජුට බෝම්බ ගැසීම වෙනුවට නරෝද්නික් වාදයේ තිබු ජනතා විරෝධතා පමණක් තෝරා ගත්තේ ඇයිද යන්න සුළු කාලයක් පමණක් රුසියාවේ සිටි විජේවීර නොදැන සිටියා වත්ද?
      Discover more
      බ්ලොගර්
      Blogger


      මට මෙය සිහිවුනේ සමහරුන් තමන්ව මිනීමරුවන් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි ජවිපෙ හා ඉන් ඉවත්ව ගිය හිතවතුන්ට අදත් ප්‍රශ්නයක් වන හෙයිනි.

      කලාත්මක මෙන්ම නිර්භීත චරිතයක් වූ නන්දන මාරසිංහ ගේ මරණය මට ඉමහත් ශෝකයක් දැනවූ සිදුවීමක් විය. මේ වැරැද්ද නිවැරදි කිරීමක් ගැන මම ජවිපෙන් වෙන්වී ගිය පක්ෂයක සාමාජිකයෙකු ගෙන් වරක් විමසුවෙමි. ඔහු නන්දන මාරසිංහ කරන ලදැයි කියන ද්‍රෝහී ක්‍රියා කිහිපයක් ගැන මට පැවසීය. ආණ්ඩුවට ඔත්තු සැපයීමේ චෝදනාවක්ද ඒ අතර විය. මා ඔහුගෙන් ඇසුවේ ඒවා ඔප්පු කිරීමට ඔහුට හැකිද සහ ඒවා මිනිසකු මරා දැමීමට තරම් බරපතල ඒවා ද කියායි. සමහරවිට මරා නොදැමිය යුතුව තිබූ බව පමණක් ඔහු කිසියම් උදාසීන බවකින් පැවසිය.

      Delete
    6. හැබැයි මට ඔය වෛරය නැහැ . මම ඔවුන්ට සමාව දීල ඉවරයි . මේක සමාව දෙමින් එකට යන්න ඕනේ ගමනක් . ඉයන් බුද්ධාගම ගැනත් හොඳට දන්නා කෙනෙක් නිසා මේක තේරෙනවා ඇති . අවහ්‍ය නම් මරුන හැමෝම සමරන්න . තමන්ගේ පැත්තේ අයත් සමරන්න් ඔයාලට පුළුවන්නේ . මම නම් කියන්න LTTE සොහොන් වලට යන්න ඉඩ දෙන්න ඕනේ .ඒ දෙමාපියන්ට ඒ මැරුණ දරුවන් සමරන්න් දෙන්න ඕනේ කියල .

      Delete
    7. @ Ano 9.35 AM

      ඔයා කතා කරන්නේ මීට දශක කිහිපයකට පෙර හිටපු වාමාංශික දේශපාලනය ගැන නමුත් දැන් එහෙම වමක් ඇත්තේ නෑ, දැන් මේක තනිකරම දේශපාලන බලය අත්පත්කර ගැනීම පිණිස අවස්ථාවාදය යොදාගැනීමක් පමණයි.

      අනුරලා ටිල්වින්ලා මහින්ද රාජපක්ෂගේ පස්ස පැත්ත ලෙවකාගෙන ඌව ජනාධිපති කළා, ඊළඟට ඌ අතහැරලා රනිල්ගේ නායකත්වය යටතේ පොන්සේකාගේ පස්ස පැත්ත ලෙවකෑවා, ඊටත් පස්සේ මෛත්‍රීපාලට වක්‍රව කඩේ ගියා රනිල්ගේ ප්ලෑන් එකක් යටතේ, හැබැයි වසර දෙක තුනකින් ඊළඟට බැඳුම්කර සිදුවීම අල්ලාගෙන ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කළා, ඊටත් පසුව එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ බලපෑම මත දැන් ආණ්ඩු බලය අරගෙන හානවා, වෙලාවට ලංකාවේ ආර්ථිකය මෙහෙයවන්න IMF එකෙන් නිසාත් අයවැය ලේඛනය හදන්නෙත් IMF එක නිසාත් ආර්ථිකය ස්ථාවර වුණාට රටේ එදිනෙදා පාලනය අජූතයි, මාලිමා මැති ඇමැතිවරු කුල්ල කුජීතයි

      මේ වෙලාවේ නාමෝලා විපක්ෂ කණ්ඩායම් සේරටම ගේම දීලා විපක්ෂ බලය අල්ලන්න 21 ගේමක් ගහනවා රනිල්ගේ නායකත්වය යටතේ, මේ වෙලාවේ ඒක වැඩකලෝත් සජබය ඉවරයි මිනිස්සුන්ට ආණ්ඩුව එපාවෙලා තියෙන නිසාම ඌ එකරැයින් තරුවක් වෙන්න පටන් ගන්නවා

      හැබැයි සජබෙ දිලිත් එක්ක එකතු වෙලා දිලිත් ව පොදු අපේක්ෂකයා කරොත් එහෙම නාමල්ටයි රනිල්ටයි අනුරටයි දුවන්න වෙන්නෙ පස්ස නොබලා. ඔය අපේක්ෂා භංග වුන අනුර ගාව ඉන්න විද්වත් බයියන්ගෙන් 80%ක් විතර ගැලවිලා එනවා එදාට. මොකද ඇත්තටම මේ වර්තමාන මාලිමාණ්ඩුව කියන්නේ තනිකරම බයි ආණ්ඩුවක් ජෙප්පෝ 3% ඇර අනිත් අය පැත්ත මාරුකරන්නේ ක්ෂණිකව

      මේ දක්වාම මේක මෙහෙම නොවුණේ මොකද සජිත් ට තියන උඩගුකම සහ බල තන්හාව හින්දා. ඒත් දිගින් දිගටම පරාජය වීම නිසාත් දැඩි මානසික ආතතිය නිසාම සජිත් 2010 රනිල් කළාවගේ පොදු අපේක්ෂක නාටකයකට සම්බන්ධ වේවි, එතකොට ඔහුට දැනට පවතින හොඳම විකල්පය දිලිත්

      මේක උනොත් ඊළඟ මැතිවරණයේදී අනුර කුමාර සහ මාලිමාවට ඇපත් නැතිවේවි, එතකොට එහෙම අනුර අංකලයාට සහ ටිල්වින් මුත්තාට එජාප පොහොට්ටු ජවිපෙ/මාලිමා සන්ධානයක් හදලා 2034 වගේ එකට ඉල්ලන්න පුළුවන් වෙයි. ලාල් කාන්තයි තිස්ස කුට්ටියි වජිරටයි එක වේදිකාවෙ කතා පවත්වන්නත් පුළුවන්. කොහොමද එතකොට ආතල් එක?

      Delete
    8. @Annonymous 9:35

      මම අහල තියෙන විදියට ටිල්වින් හමුදා කඳවුරකට පහර දෙන්න ඇවිල්ල හමුදාවට යටත් වෙලා පස්සෙ අනිත් අයව පාවලා දීලා බේරුණ ගෝනිබිල්ලෙක්

      අනෙක මම අහල තියෙන විදියට ටිල්වින්ගේ පෙනුම තියෙන රංජිදම් ගුණරත්නම්ව ඝාතනය කළාට පසුව රංජිදම්ගේ අම්මා ටිල්වින් තමන්ගේම පුතා වගේ ආදරෙන් සලකලා බලාගෙන තියෙනවා, ඒත් ඒ අමන ටිල්වින්ම රංජිදම්ගේ මල්ලී ප්‍රේම් කුමාර් ගුණරත්නම්, පක්ෂය වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම් කරලා හිරේ ගිහිල්ල වධ විඳලා අන්තිමට සේරම වැඩ අරගෙන පක්ෂයෙන් එලවලා දැම්මම මේකා ලැජ්ජ නැතිව කිව්වානේ එහෙම කෙනෙක් පක්ෂයේ හිටියේ නෑ කියල ෂික් තුක් නොදකින්

      මේ යූටියුබ් එකේ ටිල්වින් දීපු තවත් ගේම් ගැන, අපරාධ ස්ත්‍රි දූෂණ වගේ ජඩ වැඩ ගැන හෙළිදරව්වක් මේකත් බලන්න

      https://www.youtube.com/watch?v=PTVx9mV7Fs8

      Delete
    9. @ ලක්මාල්

      ඇත්තටම till-win (දිනන-කං) කියන්නේ යෝසප් ගොබෙල්ස්ටත් වඩා බොරුව න්‍යාය කරගත් මුසාවේ මහා න්‍යායාචාර්යයි.

      " අපි කවදාවත් මාර්ග හෝ අධිවේගී මාර්ග හදන්න විරුද්ධ වෙලා නෑ.අපි විරුද්ධ උනේ ඒවා හදන ක්‍රමයටයි.ඒ කාලේ අධිවේගී මාර්ග පහක වියදම එක අධිවේගී මාර්ගයකට වැය කළා.නුවර - කොළඹ අධිවේගී මාර්ගයට අපි කිසිදා විරුද්ධ උනේ නෑ.කඩවත මීරිගම කොටසේ පඬු කරඳ ගහේ සිද්ධිය දේවානි ජයතිලක නම් පරිසර නිලධාරිනියක සමග ඇති උන එකක්.එදා තිබුණ ආණ්ඩුව ඒ ගහ ගලවා ඉවත් කළා.ඒ මාර්ගයේ කටයුතු නතර වූයේ ආර්ථික අර්බුදය හින්දයි.නඒ නිසා චීන සමාගමට විශාල වන්දියක් ගෙවීමට සිද්ධවෙලා තියනවා.

      -ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා."

      ටිල්වින් කියන්නේ ජවිපෙ වර්තමාන න්‍යායචාර්ය වරයා.

      ටිල්වින්ගේ න්‍යාය තමයි තනිකරම බොරුව වපුරන එක.

      බොරුව න්‍යාය කරගත් ලොව සිටින එකම න්‍යායාචාර්යවරයා තමයි ටිල්වින් සිල්වා.

      සමාජවාදය මුසාවාදය බවට පත්කලේ ටිල්වින්.

      ටිල්වින් ජවිපෙ න්‍යාය බවට බොරුව පත් කළා..

      අනුරගෙන් පටන් ගත්තොත් අනුර ලැජ්ජ නැතිව චේතිය ටොම්පච ඇදබානකොට මාලිමාව නියෝජනය කරන ගමේ ඉන්න මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා කියන්නේ තනිකරම පට්ටපල් බොරු.

      ටිල්වින්ගෙන් පටන් ගත්තොත් ජවිපෙ පහලම කමිටුවේ සාමාජිකයා දක්වා කියන්නේ තනිකරම අමූලික බොරු.

      ඉබ්බෙක් ගෙන් පිහාටුවක් ගත්තත් චේතිය බොරු නොකියන ජේවීපී කාරයෙක් හොයා ගන්න බෑ.

      මෙයාලගේ බොරුවට අහිංසක බයියෝ නෙවෙයි සමහරක් ආචාර්ය, මහාචාර්යවරු පවා රැවටුනා. ඒක තමයි ඇත්ත කතාව.

      Delete
    10. ටිල්විං මිනීමරුවා වගේ ද බං ආනන්ද විගඩං විජේබාලේ?

      ආනන්ද විගඩමා ගැන ලස්සනට ලියලා තිබුණා බුකියේ හරිම ජනප්‍රිය වෙලා තිබුණ ඒවායින් එකක් මේක

      //ආනන්ද විගඩන් විජේපාලගේ දුරකථනය නාද වේ!

      අනිත් පසින් සිටින්නේ නාමල් රාජපක්ෂය..

      නාමල් රාජපක්ෂ:
      "ආනන්ද විජේපාල අංකල්,මම නාමල්"

      ආනන්ද විජේපාල :
      "ඔව් නාමල් පුතා,කියන්න,ඊයෙ පෙරේදා කරපු සන්නස්ගලගේ ඉන්ටවීව් එක බැලුවා,නියමයි පුතා..නියමෙට ෆේස් කලා,මොනවද මගෙන් වෙන්ඩ ඕන පුතා..කියන්න "

      නාමල් රාජපක්ෂ :
      "ආනන්ද අංකල්,මේකයි සීන් එක,අපි අර 21 නුගේගොඩ රැළියක් කරනවනෙ,ඒකට සෙනග ටිකක් වැඩිපුර ගෙන්නගන්න ඕන"

      ආනන්ද විජේපාල :
      "ආ බස් ටිකක් ඕනද පුතා,මං කරලා දෙන්නම්"

      නාමල් රාජපක්ෂ: "නෑ නෑ විජේ අංකල්,වෙන සීන් එකක්,මේකයි අර ත්‍රිකුණාමලේ පන්සලක හාමුදුරුවරු වගයක් බුදුපිළිමයක් තැන්පත් කරනවා කියලා පොඩි ආරංචියක් ආවා,අංකල්ට බැරිද පොලිසියෙ සෙට් එකක් බස්සලා ඒකට නෙලන්ඩ..එතකොට සිංහ⁣ල බෞද්ධයො ටික කම්පා වෙලා යනවා.. 21 නුගේගොඩ රැස්වීමට
      සෙනග පිරෙනවා සට සට ගාලා..

      ආනන්ද විජේපාල :
      "අයියෝ සිම්පල් වැඩක්නෙ පුතා,අපි අතර මොන දේශපාලන ප්‍රශ්න තිබ්බත් ඒවා ගැලරියට විතරනෙ පුතා..මං කරලා දෙන්නම්, මං කි⁣ව්වොත්
      මගේ ටොයිලට් එක හරි කඩාගෙන කන ගෝත එස්එස්පී කෙනෙක් ඉන්නවා ට්‍රින්කොවල,මං ඌට කියලා අද රෑට වැඩේ සෙට් කරන්නම්"

      නාමල් රාජපක්ෂ:
      "අනේ තැන්කිව් විජේ අංකල්,මං තාත්තිටත් කියන්නම් අංකල් මට මේ වෙලාවෙ පට්ට සපෝට් එකක් දුන්නා කියලා..එහෙනං අංකල් මං තියනවා..තැන්කිව් වෙරි මච්,"

      ආනන්ද විජේපාල :
      "යු ආ වෙල්කම් පුතා,පොලිසියට මං කියන්නම් සතපඩිසටපඩි වෙන්ඩ දෙන්න කියලා සාදුලට..පුතාලට නොකරන උදව් මොකටද පුතා මේ ඇමතිකටු අද තියෙයි,හෙට නෑ..

      නාමල් රාජපක්ෂ: තැන්කිව් අංකල්,බායි..

      -තිරෙන් පිටුපස සිට වාර්තා කලේ සමින්ද කුරේ-

      //

      😅

      ඕන්න ඔහොමලු වුණේ 😅😆😂

      Delete
  9. හැත්තෑ එකත් දැක්කා මං බිය අස්සේ
    අසූ තුනත් ආවා - කලබල වැස්සේ
    අසූ අටෙත් මරු උන්නා පසු පස්සේ
    කී දාහක් මැරුණද - ඔය දුක් අස්සේ?

    ReplyDelete
    Replies
    1. ඔව් නිදී. අදටත් යුක්‍රේන් රුසියා යුද්ධෙත් මේ වගේ. දේශපාලන තීරණ ගන්න අය නෙවෙයි මැරෙන්නේ හෝ ආබාධිත වෙන්නේ. මම හිතන්නේ වෙන ග්‍රහලෝකෙකින් පෘතුවියට ආක්‍රමණයක් එනකන් මෙහෙ ඉන්න වුන් ඇනකොටාගනියි.

      Delete
  10. මටනම් සමාජවදෙ කිව්වම මතක් වෙන්නෙ පොල්පොට්වයි, ස්ටාලින්වයි. දැන්නම් අර උතුරු කොරියාවෙ පිස්සවත් මතක් වෙනවා. මට දැන් හිතෙනවා, 88/89 කාලෙ ජවිපෙ රට ඇල්ලුවානම් අර පොල්පොට් කලා වගේ, ධනවත් පන්තිය, මධ්‍යම පන්තිය සහ රටේ උගත්තු සේරම මරල දාල, රටේ මිනිස්සුන්ව සමූහ ගොවිපලවල්වල වහල්ලු කරයි කියලා. මොකද දැනටත් කතා කරන්නෙ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ගැනනෙ. ඔය මාක්ස්වාදෙත් හරියට අර ඉස්ලාම් ආගම වගේ. තමන්ගෙ පිල නොවන සේරම ද්‍රෝහීන්, එක්කො තමන්ට එකතු වෙන්න ඕනෙ, නැත්නම් මරණය තෝර ගන්න ඕනෙ. ඔය විජේවීර, සෝමවංශ වගේ මිනිස්සු අන්තගාමීන් වුණත් ඒ මිනිස්සු අවංකවම තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටි අය, නමුත් හැරෙන හැරෙන පැත්තට අමු අමුවේ බොරු බයිලා කියලා ජනතාව රවට්ටන්න ලැජ්ජ නැති අනුර කුමාර වගේ රට කපටියෙක්ට අමු තක්කඩියෙක්ට වඩා ඒ මිනිස්සු අවංක මිනීමරුවන් කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  11. ඉල් විරුවන් නෙවෙයි ඔය ILL (ලෙඩ) විරුවෝ, ඇත්තටම මරුවෝ කියලා කියන්න පුළුවන්.

    මේ ප්‍රකාශය බලමු “තාමත් ගමේ ජවිපෙ දේශපාලනය කරන්නේ එදා 88 – 89 ජවිපෙ කරපු අයමයි. අලුතෙන් මාලිමාවේ අය හිටියත් එදා ඉඳන් රබර් සෙරෙප්පු දෙක ගෙවෙනකන් පත්තර මිටියයි ෆයිල් එකයි කිහිල්ලේ ගහගෙන ප්ලේන්ටියක් බීලා දවසෙම ගෙවල් ගානේ ඇවිද්ද ජවිපෙ අය තමයි අදත් ගම් මට්ටමේ වැඩ කරන්නේ. ඔය කට්ටියම තමයි 88 – 89 කාලේ විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීන් මරන්න ඕඩර් දුන්නේ. මැරුවේ. ඉතින් මම නම් ජවිපෙට බයයි. අපි ගෝඨාභය රාජපක්ෂගේ ගේ ඉදිරිපිටට උද්ඝෝෂණය කරන්න ගියේත් මරයිද කියලා බයකුත් හිතේ තියාගෙන. අපි කවුරුත් ජීවිතේට ආසයිනේ. හැබැයි ගෝඨාභය අපට වෙඩි තිබ්බේ නෑ. නමුත් ජවිපෙ බලයේ ඉන්න මේ වගේ කාලෙක අපි උද්ඝෝෂණ කළොත් නම් අපට අනිවාර්යයෙන්ම වෙඩි තියලා මරනවා. නිකන් මරන්නෙත් නෑනේ. බෙල්ල ටික ටික කපලා වද දීලානෙ මරන්නෙ. ඒ නිසා ඇත්තටම මම නම් ජවිපෙ බලයට විරුද්ධව සටන් කරන්නත් බයයි. ඔවුන් යටතේ අපට තව ටික දවසකින්ම ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක ජීවත්වෙන්න වෙනවා. ඒවට එරෙහි වුණොත් මැරුම් කන්නත් වෙනවා.”

    – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    (සජබ කාන්තා සංවිධානයේ සභාපතිනි)

    ReplyDelete
  12. පී ජයසිංහ - අගලවත්තNovember 17, 2025 at 2:54 PM

    ගොඩක් හොද ලිපියක්.

    ටිල්වින් සිල්වා කියන්නේ මිනීමරුවෙක්.
    ස්ත්‍රී දුශකයෙක්.
    මංකොල්ලකාරයෙක්.

    මේ ගැන නන්දන ගුණතිලක සහෝදරයා ලියල තියෙනවා

    ReplyDelete
  13. මේ සිදුවීම් සිදුවූ යුගවල මිනිසුන් හිතපු ආකාරය පිළිබඳව වෛද්‍ය රුවන් ජයතුංග මෙහෙම කියනවා

    //ලංකාවේ මිනිසුන් තුල ක්‍රොනික් ඩිප්‍රෙශන් එකක් තියනවා. හේතුව ජීවිතේ දුකයි දුකයි කියලා පොඩි කාලේ ඉඳන්ම ආගම විසින් ඔලුවට දාන එක වෙන්න පුලුවන්. ඔවුන් සතුට වෙනුවට හඹා යන්නේ දුක. රූකාන්ත ගේ බඹර පහස වෙනුවට නන්දාගේ කපුගේ ගේ දුක , ශෝකය , දුප්පත්කම ගැන කියන සිංදු ඔවුන් වැළඳ ගත්තා. වින්දනාත්මක ජීවිතය ලංකාවේ මිනිසුන්ට නුපුරුදුයි. ඔවුන් දේශපාලන මතවාදයන් වෙනුවෙන් මරා ගන්නවා, ආගමික මතවාදයන් වෙනුවෙන් කා කොටා ගන්නවා. මේ ඔක්කොම පොපියුලේශන් එක තුල තියන ක්‍රොනික් ඩිප්‍රෙශන් එක විසින් කරන දේවල්. මේ මතවාද ගේන පුද්ගලයන් ගේ ලමා කාලය ගත වන්නේ දරිද්‍රතාව , සමාජ පීඩනය , ග්‍රාමීය , පසුගාමීත්වය කේන්ඳ්‍ර කර ගෙන ඒ නිසා මොවුන් වැඩිහිටි වයසේ තුන් වේල කාලා හිටියත් අර මානසික දරිද්‍රතාවේ ශේෂයන් උඩට එනවා. ඔවුන් ගේ නිර්මාණ , සමාජ අගයන් දේශපාලනය කේඳ්‍ර වෙන්නේ මේ දරිද්‍රතාව වටා.ලතින් ඇමරිකාව බලන්න දුප්පත් නමුත් ඔවුන් තුල වින්දනාත්මක නර්තන ජීවිතයක් තියනවා.

    1971 දී වෝල්ට් ඩිස්නි ෆ්ලොරීඩා වල Disney World එක හදනවා. Led Zeppelin සංගීත කණ්ඩායම "Stairway to Heaven"සිංදුව නිකුත් කරනවා. United Artists Fiddler on the Roof සංගීතාත්මක චිත්‍රපටය ඉදිරිපත් කරනවා. ලංකාවේ තාරූන්‍ය ආයුද අතට ගෙන මිනී මරා ගන්නවා. 1983 ජෝජ් ලූකස් ගේ ස්ටාර් වෝස් චිත්‍රපටය එනවා. මයිකල් ජැකසන් Billie Jean ගායනා කරනවා. ලයනල් රිචී All Night Long ගීතය එලි දක්වනවා. ලංකාවේ මිනිස්සු ජාතිවාදී කෝලහලයක් අවුලුවලා ප්‍රභාකරන්ට 30 අවුරුදු යුද්දයකට උපස්තරය සකසලා දෙනවා. 1988 ලෝකයා එඩී මර්ෆි ගේ Coming to America බලලා හිනා වෙනවා. ලෝකයේ අන් රට වල තරුනයෝ ජෝජ් මයිකල් ගේ Faith, ඒ වගේම Guns N' Roses' "Sweet Child o' Mine,", Rick Astley' ගේ "Never Gonna Give You Up අසමින් වින්දනය ලබනවා . ලංකාවේ තාරූන්‍ය නන්දා මාලිනී ගේ පවන අහලා ආයුද අතට අරගෙන මිනී මරා ගන්නවා. මල මිනී ටයර් මත පුච්චනවා, මල කඳන් ගංගා වල පා කර යවනවා කබරයන්ට කන්න.
    අපේ පොදු චින්තනයේ යම් අවුලක් තියනවද ? //

    උපුටාගැනීම වෛද්‍ය රුවන් ජයතුංග ගෙන්

    මේ කතාව ගැන ඉයන් හිතන්නේ කුමක්ද?

    ReplyDelete
  14. @ Ian

    ඔයාගේ මතය එක්ක මමත් එකඟ වෙනවා, ඇත්තටම විරුවෙක් වුණත් මරුවෙක් වුණත් කවුරු කොහොම වුණත් අම්මට තාත්තට ඒ තමන්ගේම රත්තරන් පුතා, අර සනත් නන්දසිරිගේ ගීයේ කියන විදියට... දුදනන් ඇසුරින් පර පණ නැසුවත් ඔහු මා පුතුය අනේ... කියන්නේ ඒකනේ

    ඔය අසූ අට නමය කලබල ඉවරවෙච්ච 1991වගේ කාලේ මම රන්ජන් ඝාතයට කලින් දවසේ රාජගිරියේ මගේ මිතුරෙකුගේ නිවසේ පැවති රාත්‍රී සාදයකට එක්ව, එහිම රැය පහන්කල අතර උදේ 8.30 පමන වනවිට ( මතකයේ හැටියට) රන්ජන් ඝාතන සිද්ධිය ඉතා කඩිනමින් අපට දැනගැනීමට ලැබුනා, එවේලේ ම මමත්, මගේ මිත්‍රයාත් හැරෙන තැපෑලෙන් සිද්ධිය වූ ස්ථානයට ගියා, මගේ මිත්‍රයා සම්බන්ධතා ජාලයක් සමඟ ජීවත් වූ අයෙක් නිසා සිද්ධිය වූ ස්ථානය තුලටම යෑමට යම් හැකියාවක් තිබුනා, මම හැමදාම වැඩට යනකොට දකින " ටානියා ඇන්ඩ් ටමාරා" හී අරලියගස්වල මස් වැදලි එල්ලෙමින් තිබුනා, තත්වය බරපතල්, ඒවනවිටත් රන්ජන්ගේ දේහය එතැනින් ඉවත්කර තිබුනා, එකල මේ ආකාරයේ සිදුවන මරණ ( ඝාතන ) ඉතා ඉක්මනින් ම සිදු වූ ස්ථානයෙන් ඉවත් කිරීමේ ක්‍රමයක් තිබුනා ( ප්‍රේමදාසත් ඒ වගේ ), කිසිකෙනෙන් මීක් නෑ, හැමෝම රාජකාරියක් කරන වගක් පෙනුනට කිසිකෙනෙකුට දුකක් තිබුන බවක් නම් පෙනුනේ නෑ, අදටත් මම එතැනින් යනකොට Taniya & Tamara එක දිහා බැලෙනවා, අපේ ජීවිතකාලය අවසන්වන තෙක්ම කොළඹ සැරිසරණකොට මේ වගේ ස්ථාන විශාල ප්‍රමාණයක් කොළඹ හා ඒ අවට තිබූ බව නිතැතින්ම සිහියට එනවා,

    රන්ජන් විජේරත්න ⁣දකුණේ ගැටුම විසඳා ඒ අයුරින්ම උතුරේ ගැටළුවත් විසඳන්න සැළසුම් කලා, ඔහු⁣ මේ ක්‍රියාන්විතය තුල ඉතා ඉහළින් වැජඹෙමින් සිටියා, ඔහු කාටත් නොනැමෙන අයෙක් ලෙස පෙනුනා, ඔහු පාලනයකින් තොර ඔහුගේම ක්‍රමෝපායන් අනුගමනය කරමින් සිටියා යැයි සඳහන්, ඔහු දකුණේ සංහාරයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටියා, ඒ ප්‍රමෝදය ඩබල් කර ගැනීමට හා එකම වීරයා බවට පත්වීමට LTTE වෙතද ටයර් සෑ ඉඳිකරනු ලැබුවා, මතකයේ හැටියට ඔහුට එවැනි ටයර් සෑ ඉඳිකිරීමට ලැබුනේ දෙකක් හෝ තුනක් පමනයි, එකී සමූහ ඝාතන දෙක තුනෙන් පසුව කවුරුන් හෝ රන්ජන් විජේරත්න සොයා පැමිනියා, උතුරේ ඒ ඳඬුවමට හිළව් වීමට ඔහුට දකුණේ දී, වඩා ජනාකීර්ණ ස්ථානයකදී කෑලි - කෑලි බවට පත්වී දඬුවම් ලැබීමට සිදුඋනා.

    ReplyDelete
  15. අමතක නොකරමු කිසිදා
    "මිනීමරුවෝ"
    (තමුන්ගේ දේශපාලන මතය වෙනුවෙන් පෙනීසිටි නිරායුධ අහිංසකයන් අතිශය අමානුෂික ලෙස අමුඅමුවේ මරලා දාපු ජවිපේ ඉල්මහ විරුවන්)

    ReplyDelete