මීට කලින් පළ කල ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් පෝස්ට් එකට ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම බොහොම ස්තූතියි.
ගීත තුනක් නම් කිරීමේ අභියෝගයට ප්‍රතිචාර දැක්වූ කල්‍යාණ මිත්‍ර, සෙන්නා, ඉවාන්, රසික, මාතලන්, ප්‍රසන්න, කසුන්, ගිම්මි, පත්තර මල්ලි, අටම්පහුර දුකා, හංසි, කම්මල, කපිල වස්තු, ලොකු පුතා, නිම්නයක තනිවී, X porter, නිර්මාණි, තිලක සිත, විචාරක, දුමින්ද, ඉන්දුමතී, තරිඳු, ගස් ලබ්බ, පොකුරුවැහි යන මිතුරු මිතුරියන්ටත් ගීත නම් නොකොට අදහස් දැක්වූ ඉකොන්, කවිඳු, සා රස, ලිඛිතා, සින්දු ඇනෝ, ආදී මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම ස්තූතියි.
තමන් කැමති ගීත 16 ක පෝස්ට් එකක් පළ කිරීමෙ අභියෝගය භාර ගත් සියළු දෙනාටත් දැනටමත් පෝස්ට් දැමූ කල්‍යාණ මිත්‍ර , හංසි, නිර්මාණි අටම් සහ තරිඳු ( සොමියා ), සිතුවිලි සිතූ, ගස් අබ්බ, රවී (නිදහස් සිතුවිලි ), අජිත් ( කොලඹ ගමයා ) ටත් සුබ පැතුම් සහ ස්තූතිය.
තරඟ තීරක ලෙස ගරු සේවයක් කල ප්‍රා ජේ මහතාගේ පණිවිඩය පහත දැක්වෙනවා.
තරඟ තීරක අතිගරු ප්‍රා ජේ නීතීඥ තුමාගේ පණිවිඩය
මා ඉදිරිපිට කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරාගත් ගීත තුන පහත දැක්වේ.
7 - මේ බස් නැවතුම 10 - යෙහෙළියක සේ 11. තුන්සිත දැහැගතවෙනා
එක ගීතයක් නම් කල අය - ප්‍රසන්න, ඉවාන්, රසික, ගිම්මි, පත්තරේ, දුකා, කපිල වස්තු, ලොකු පුතා, නිර්මාණි, තිලක සිත, ඩූඩ්, සිතූ, දුමින්ද, සහ පොකුරු වැහි.
ගීත දෙකක් නම් කල අය - කල්‍යාණ මිත්‍ර, සෙන්නා, කම්මල, සහ තරිඳු චතුරංග (සොමියා)
ගීත තුනම නම් කල අය නොමැති බැවින් ත්‍යාග මුදල ගීත දෙකක් නම් කල අය අතර බෙදී යයි. අදාල මුදල මා සතුව ඇති අතර මා වෙත බැංකු ගිණුම් අංක එවන ලෙස ඉල්ලා සිටිමි.
දිනපු ඈයොන්ට සුබ පැතුම් !!
ReplyDeleteඅඩුගානෙ එකක් හරි තිබ්බ එක මදෑ. හැක්..
ඒකනේ ඒකනේ ප්‍රසන්න
Deleteඉක්මන් තරගයක්. ඉක්මන් ප්‍රතිඵලයක්. සුභ පැතුම්. නිවාඩුවක් ලැබුනාම ආසම ගීත 16 ක් දාන්න උත්සාහ කරන්නම්.
ReplyDeleteජයවේවා!!!
ඉක්මනටම දාන්න දුමින්ද .
Delete:D ඉයන් මාමගෙ පෝස්ටු නිසා කට්ටිය දැන් හරි හරියට කැමතිම සිංදු 16 තෝරනව.ඒකෙන් තව ලස්සන අහපු නැති සිංදු ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි.මම වගේ පෝස්ටුවක් දාන්න කම්මැලි කමේ ඉන්ට ළමයෙකුත් පෝස්ටුවක් දාන මට්ටමටම ඇවිස්සුවානෙ :D මේක නම් හොඳ වැඩක්.ස්තූතියි ඉයන් මාමෙ :) :) :) ......... තෑගී ගත්ත හැමෝටම මගෙන් සුබපැතුම් :D :) ^_^
ReplyDeleteබොහොම හොඳයි හංසියෝ කොහොම හරි පෝස්ට් එක ඉක්මනටම දැම්මනේ.
Deleteඅඩේ..මාත් ලියනව කැමතිම සිංදු 16 ගැන. ඒත් වැඩේ බං එක සිංදුවක් ගැන පසුබිම් කතාව ලිව්වම එතනම පෝස්ට් එකක් ලියවිලා. ඒ හින්ද පෝස්ට් 16 දාන්න කියලයි මම හිතාගෙන ඉන්නෙ...හෙහ්,හෙහ්,
ReplyDeleteඅනේ දෙයියනේ...
Deleteඑහෙම නම් අපිට ඒ පෝස්ටුව ආත්ම කීයක්නම් කියවන්න වෙයිද මන්දා???????????????????????????
Deleteබුදු අම්මෝ රවී.
DeleteI can predict one song 'ආදර නිල් දෑසේ'.
රවී ගී ගීත ගායනයත් මරු
DeleteJayawewa
ReplyDeleteTY විදානේ
Deleteදහය හතරට බෙදුවම අර වෙරලු ගෙඩිය අටට කැපුව වගේනේ..කාටවත් නෑ..සත් ගුනවත්, දානපති ඉයන් තුමා.... දෙන්නකෝ අඩුගානේ පන්දාහේ කොල හතරක්වත් ඔය ලමයි හතර දෙනාට..සක්...!
ReplyDeleteI would like to second that proposal!
DeleteAnyone to third ?
DeleteI would like to fourth it....
Deleteප්‍රසන්න, ඉවාන්, රසික, ගිම්මි, පත්තරේ, දුකා, කපිල වස්තු, ලොකු පුතා, නිර්මාණි, තිලක සිත, ඩූඩ්, සිතූ, දුමින්ද, සහ පොකුරු වැහි ඇතුළු අපේ පක්ෂයට එක ආසනයක් හිමිවෙලා තියෙනවා , ඒ නිසා අපි තමයි මෙතන තීරක බලවේගය . මේ රජය තුලින් අපේ අභිවෘද්ධිය සඳහා උපරිම කේවල් කිරීමේ බලයක් අපි ලබා ගන්නවා . ඊළඟ මැතිවරණයේදී අපි තුන්වන බලවේගය බවට පත්වන අතර ඊට පසු මැතිවරණයේදී රජයක් පිහිටුවීමට බලාපොරෝත්ටුහ් වෙනවා
ReplyDeleteමීට තනි ආසනයක් ලබා ගත පක්ෂයේ ප්‍රචාරක ලේකම්
ඉවාන් තනි අලියා වගේ සැර වෙලා....!
Deleteචේ සහ විමල්... එකම වේදිකාවක!
Deleteඅන්න හරි, අරින්නෙපා. ඕන උනොත් පාද යාත්‍රාවක් හරි යං.
Deleteහෑ? පැරදිලා නෙහ්? හරි ඊලඟ චන්දෙදි දෙන්නම් පුතෝ.
ReplyDeleteදිනපු හැමෝටම සුබ පැතුම්.
අතාරින්න එපා කසුනෝ. බොහොම ස්තූතියි මචං
Deleteආ එකක් හරියට කියලානේ....
ReplyDeleteතෑගි නැතුවට මේ වැඩේ හරිම අපූඍුයි ඉයන්...
බොහොම ස්තූතියි නිර්මාණි. ඔබගේ ලිස්ට් එකත් අපූරුයි
Deletehttps://atampahura.blogspot.com/2016/08/blog-post_16.html
ReplyDeleteඅම්මෝ හොද පන ගියා
අටම් මචං බොහොම ස්තූතියි. ලින්ක් එක පෝස්ට් එකට දැම්මා.
Deleteදැන් ඒ දහදාහ වෙන තරඟෙකට යොදෝමු. බ්ලොග් ප්‍රවර්ධනයට මේක නියම වැඩක් ආ . . හිරු ඇහුවොත් සල්ලි තමයි . . . හෙ හෙ හේ
ReplyDeleteබොහොම ස්තූතියි දුකා. ත්‍යාග මුදල් නොදුන්නොත් විශ්වාසය බිඳෙනවානේ. තව මාස දෙකකින් විතර වෙන තරඟයක් තියමු.
Delete'ජන්ද පොර්තිපලත්' දුන්නට පස්සේ, ආයේ පෝස්ට් ලියන්න කම්මැලියි අප්පා.
ReplyDeleteප්‍රතිඵල ආවේ පළමුවෙනි අභියෝගයේ. දෙවෙනි එක සිංදු 16 දාන එක. ඔහොම අධෛර්යට පත්වීම යුධ හමුදාවට හොඳ නැහැනෙ. හැක්
Deleteලිව්වා :D
ReplyDeletehttps://sonduruminisa.blogspot.com/2016/08/16.html
බොහොම ස්තූතියි සොමියා ,
Deleteඅමුතු දෙයක්.
ReplyDeleteස්තූතියි සලිත
Deleteසින්දු ගැන කතා වෙන නිසා අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. සින්දු දෙකක් ගැන!
ReplyDeleteඑකක්, 2002 වසර වගේ කාලයේ සිරස රූපවාහිනියේ විකාශනය වුණ ගීතයක්. මතකයේ හැටියට අමරසිරි පීරිස් මහත්මය ගායන කලේ. "ඔබ සුදුද මම කළුද, ඔබ සුදු වන්නේ මම කළු හින්දා" වගේ පද පෙළක් තිබුනේ. සාපෙක්ෂතවයට සම්බන්ධ සමීකරණයත් එක්කම ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රඥයාගේ පින්තූරත් රූප රචනයේ තිබුන. මේ ගීතයේ වෙබ් සම්බන්දියක් තිබෙනවා නම් දැන ගැනීමට කැමතියි.
අනෙක, 2000 වර්ෂයට ආසන්න කාලයක ස්වාදීන රූපවාහිනියේ විකාශය වුණ ටෙලි නාට්‍යයක ගීතයක් තිබුන, ගායන කලේ අසංක ප්‍රියමන්ත පීරිස් විය යුතුයි, පද වැල " සොඳුරු ලොවක් ගැන ඔබ මා පැතුවද අද එය බිඳ වැටිලා, මා හද තුල රැඳී ඔබ ගැන මතකය නෑ තව වියැකීලා" වගේ මතක. එම ටෙලිනාට්‍යයේ ප්‍රධානය චරිතය රඟපෑවේ රොෂාන් පිලපිටියයි. මේ ගීතයේ වෙබ් සම්බන්දියක් තිබෙනවා නම් දැන ගැනීමට කැමතියි.
සමහර විට වැඩිය දැන් ඇසෙන්නේත් නැති සිංහල තිබෙන නිසා සිංහල ගීත ගැන කතා කිරීමේ රැල්ලක් බ්ලොග් අවකාශයේ ඇතිවීමත් බොහොම හොඳ දෙයක් ලෙසයි මට පෙනෙන්නේ. අපිට අසුවල් ගීත අසන්නය කියල තරුණ යට බල කරන්නට අයිතියක් නැති වුනත්, මෙවැනි ගීත අන්තර්ජාලයේ ඇසීමට තිබේය කියල දකින බ්ලොග් කියවන තරුණ පරපුර ඒවාට යම් ආකර්ෂණයක් දක්වාවි යයි මම හිතනවා. මෙහි යම් වටිනා කමක් පෙනෙන බැවින් කැමති සින්දු 16ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ගැන කුඩා ලිපියක් ඉදිරි සතිය ඇතුලත ලියා තැබීමට සිතනවා.
බොහොම ස්තූතියි කෙන්කියුෂා, ඔබේ ලිස්ට් එකත් බලන්න ආසාවෙන් ඉන්නවා
Deleteනියමයි වැඩේ... ගස්ලබ්බට ඇපත් නෑ වගෙ.. හෙහ් හෙහ්
ReplyDeleteඅන්න අටමත් සුපිරි සෙට් එකක් බස්සලා..
ජයවේවා..!!
උඹේ එකත් ඉක්මනට දාපන්
Deleteඔන්න දැම්මා
Delete
ReplyDeleteතෑගි බලාපොරොත්තු නොවේ. ඉයන්ටත්, ප්‍රාජේ ටත් ස්තූතියි..
වන් මෝ ප්ලීස්...
චිත්‍රපටි, නවකතා, කෙටිකතා, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, බලොග් ලිපි... ඔය තියෙන්නේ ගමකට...
දිනපු අයට සුබ පැතුම්
ReplyDeleteඉවසපල්ලා...මම මග...
ReplyDelete-----
මචෝ, උඹේ වැඩේ නම් බොහොම ලස්සනයි. පංකාදුයි, පින්සාරයි, උත්කුෂ්ටයි, අනගිභවනීයයි...
අටමගේ ගීත දාසය නම් ඉහලින්ම මම කැමතිම ඒවා. දැන් අපේ පොස්ට් දාල වැඩක් නැහැ වගේ.
ReplyDeleteඅත අරින්න පුලුන්ය එහෙමත්? මෙන්න මගේ ගීත දහසය.(හා 25) ගස් ලබ්බගේ, විභිෂනගේ , සොඳුරු ගේ හා රවීගේ මිස් වුණා.
ReplyDeletehttps://kolambagamaya.blogspot.co.uk/2016/08/blog-post_17.html
කාර්යබහුල ජිවිත වලට මොහොතක් නැවතිලා තමන්ට කැමති තැනක අතරමං වෙන්න ලබා දුන්න ඉඩ නම්, නියම අදහසක් ඉයන්...
ReplyDelete+++++++
Deleteඉයන් ගේ ගීත 16 කලින් ලිපියත් කියෙව්වා
ReplyDeleteඒකට ලිපියක් පල කරමු කියලා හිතුවට ලිපිය තියා කමෙන්ට් එකක් තරමවත් ලියා ගන්න බැරුව ගියානේ.
ඒත් ඉයන්ගේ අභියෝගය නිසා කියැවිය යුතු ලිපි බොහෝ ගනනක් විව්ධ බ්ලොග් වල පලවී තිබීම නම් අපූරුයි.
හැමෝගෙම ගීත 16 ලිපි කියවන්න ඕනේ.
අර තරඟේ ජය ගත්තු අයට සුභ පැතුම්
මමත් දානෝ මම කැමතිම සින්දු
ReplyDeleteකාව්‍යා බොහොම හොඳයි ඉක්මනට දාන්න
Deleteස්තුතියි ඉයන්, මේ ගී ගඟුලක් හැදුනු උල්පත පාදලා දුන්නට... ඔක්කොම එකම තැනකට ගෙනාපු එක ඊටත් වැඩිය ලොකු දෙයක්...
ReplyDeleteදිනපු අයට සුබ පැතුම්, අපි මේ සිංදු හදපු අයට කොයි තරන් ණයගැතිද...
ඔන්න මමත් දැම්මා.
ReplyDeletehttp://ahasenenna.blogspot.com/2016/08/16_17.htmlT
පොඩිකාලෙ ජැක්පොට් ගහල දෙකේ කාසි වලින් රුපියල් 90 ගානක් ඇදුනට පස්සෙ සල්ලි වලින් තෑග්ගක් ඇදුනෙ ඉයන්ගෙන්. හෙක් ...හෙක් ඒ කුළුදුලේ හම්බවෙච්චි ජැක්පොට් එක හින්ද අම්මගෙන් ගුටිත් කෑව. මේ සල්ලි ටික තියල තියපන් මම ලොකු උනාම අඹ බෝතලයක් බොන්න.
ReplyDeleteanniversary quotes for husband
ReplyDeleteI have to thank you on this Mother’s day for giving me the best gift ever
ReplyDeletehttps://www.motherdayquotesi.com
motherdayquotesi