Wednesday, March 27, 2019

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

Dear Cupid, next time hit both

බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහස වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා.

මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි.



එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට......


විස්මිත ගම අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......


සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......


අහල නැත්නම් (අහල තිබුණත් ආයිමත්) අහන්න.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

41 comments:

  1. ගොඩක් වර අහලා,ඇහිලා තියෙන ලස්සන සින්දුවක්

    ReplyDelete
  2. ලස්සන සිංදුවක්.

    ReplyDelete
  3. මම කැමතිම සින්දු වලින් එකක් තමයි මේ.
    ජය වේවා!!!

    ReplyDelete
  4. සෙනෙහස හොඳයි තරහෙන් දුරු වුණු විටෙක
    පැතුම අගෙයි! ඉපදුණු බෝසත් හදක

    ReplyDelete
  5. ලස්සණ ගීතයක් .

    ගොඩක් දේ මතක් උන .

    ස්තුතී ඉයන් බෙදා ගත්තාට වගේම මතක අලුත් කරාට .

    ReplyDelete
  6. "නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට..." කියල කිව්වහම මතක් උනේ සිසිර කුමාර මානික්ක ආරච්චිගෙ කියමනක්. එයා කියනව ඒ කාලෙ නවකතා කෙටිකතාවල පෙම්වතුන් සහ සැමියන් ගැන විස්තර කරද්දි "පාරමිතා පුරණ" සංකල්පයක් ඇතුලත් කරනව කියල. එයා කියනව, "භාර්යාව වෙනත් මිනිහෙක් එක්ක ගිහින් නම් සැමියා පාරමිතා පුරන්නෙකි. පෙම්වතිය වටේම ගිහින් ආපහු එද්දී අඬා දොඩා ඇය බාරගන්නේනම් ඒ පෙම්වතා පාරමිතා පුරන්නෙකි... ඔය විදිහට ගිහින් අපි දන්නා දස පාරමිතාවලට අමතරව "නෂ්ටකාම පාරමිතාව, "නපුංසක පාරමිතාව" ආදී පාරමිතා ද එකතු වන්නට ඉඩ ඇත."

    ගීතය ගැන අදහසක් නෙවෙයි, මට මතක් උනු දෙයක් එකතු කළේ. පෝස්ට් එකට අදාළ නෑ ඈ...

    ReplyDelete
    Replies
    1. Kinda agree with Sisira Manikkaarachchi. Thank you Drachy

      Delete
  7. ලස්සනම ගීතයක් මතක් කරාට ස්තූතියි .

    ReplyDelete
  8. සින්දුව ලස්සනයි , ඔයාද ලිව්ව්වේ

    ReplyDelete
    Replies
    1. ගැහැව්වා හින්ට් එකක්

      Delete
    2. අනේ නැහැ මෙන්ඩ, ලියන්න පුළුවන් කෙනෙක් නේ ඒ වගේ

      Delete
    3. Thanks Ajith. Composed by Mr. Bandula Nanayakkarawasam
      lol Menda

      Delete
  9. පට්ට සින්දුව ... කටහඩත් මරු.............. තව ඔය වගේ ලස්සන සින්දුවක් තියනවා ....සමුගත්තේ පෙරදා මා ඔබගෙන් සෝවෙන නද මැද මිලාන වී ..වී කියල ..විජේසුන්දර වේරගොඩද කොහෙද ගායකයා

    ReplyDelete
    Replies
    1. ආ නැද්ද කොහෙද ... එයානේ අපි එකම රැනේ කුරුල්ලෝ කියන්නේ ... එයා නෙමෙයි ... නාවික හමුදාවේ කෙනෙක්ද කොහෙද ඒක කියුවේ ............දැන් ඒක ඇහෙන්නේ නැ ........... සින්දුව මැද්දේ බියුගල් නලා හඩක් එහෙම තියනවා....... ඉයන්ට මතකද ඒක

      Delete
  10. // තව කුමකටද දුක් ගී කල්පනාවන්.......//
    කොහමද කොල්ලගේ ආඩ්ම්බරකම....වැ‍ටුනත් වැ‍ටුනා කියලා පෙන්නන්නේ නැහැ..
    දැන් ඉන්න එවුන් දාලා ගිය එකට අඩන වැලපෙන හැටි දැක්කාම....වාසනාවන්

    ReplyDelete
  11. ඉයන්... කෝ මේ ඉයන්...?

    ReplyDelete
  12. තව කුමකටද දුක් ගී කල්පනාවන්...!

    ReplyDelete
    Replies
    1. මගේ කෙමෙන්ට් එක කොපි කරාට කතෘ බාගේ දිපිය

      Delete
  13. අතට ආපු වෙලේ බෝසත් කමටය කියල නෙලා නොගත්තම පස්සේ මෙහෙම දුක් වෙන්න වෙනවා ඉතීම්.. සින්දුවනම් අහන්න පුළුවන් දවසක් උනත්..

    ReplyDelete
  14. බොහෝ කැමති ගීයක්. "ආල වඩන යන තේරුම බෝසත්කම සකි" කියන ගීතයත් මේවගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බෝධිනි. හුලවාලි චිත්‍රපටියේ තියෙන 'කුඩා ගමේ , මද්දහනේ' ගීතය.

      Delete
  15. බුලේගොඩ මහාගොඩක් සින්දු නොකිව්වට කියපු ටික අපේ හදවත් වල ගැඹුරුම තැන් වල සටහන් කරලා තියෙනවා...සඳක් නම් බැස යන්න තිබුනා, උපනා තනිකම වගේ සින්දු අතරෙ මේ ගීයත් මගේ ප්‍රියතම එකක්..

    ReplyDelete
  16. ඉයන් තුමෝ. මේ සින්දුව එක්ක මට පට්ට ලව් ස්ටෝරියක් මතක් උනා. අපි සාමාන්‍ය පෙළ කරන කාලෙ. කෙල්ල කොන්වන්ට් ගියේ. තුරුල් කරගෙන ගියේ ශේක්ෂ්පියර් ගෙ ඉංගිරිසි පොත්. අපි ඔය කාලෙ dj කරනව. නටනව. අයිස් මෝලෙ ගැන්සි බහිනව. (ඔය දවස්වල අයිස්මෝල කියන්නෙ ගාල්ලෙ පාතාලය. පාතාලය කිව්වට ඒක ඒ දවස්වල සංගීතමය පාතාලයක්. කුඩු ගංජා තිබ්බත් අපි ඒ දවස්වල චීන කොරටුවේ ස්ට්‍රීට් ස්ට්‍රෝලින් DJ සෙට් එකේ ජුනියර් සෙට් එකේ මමත් හිටිය)

    අපේ ගැන්සියේ නායකයත් ඔය දවස්වල ඔය කියනම ළමයට ලයින්. මමත් 50% ලව්. ඔය කාලෙදිම මගේ යාලුව අහලත් බැහැ කියල තිබ්බ. මම මගේ යාලුවො දැම්මල ඇහුවහම කියල තිබ්බ ටිලාන් ට කියන්න මගෙන්ම අහන්න කියල.

    ඔන්න මම අහන්න ගිය. එතන එයාගෙ අම්ම හිටිය නිසා එයා චිට් එකක් මට දීල ගියා. ඒකෙ තිබ්බේ love is only skin deep කියල. ඔය චිට් එක මගේ යාලුවටත් ආරංචි වෙලා තිබ්බ. පස්සේ මම තනියම ගිහිල්ල එයාගෙන් ඇහුව.

    මට කිව්ව. ටිලාන් ඔයාට මගේ අකමැත්තක් නැහැ. ඒත් ඔයාගෙ යාළුවො නිසා මට කැමති වෙන්න බැහැ කියල.

    පස්සෙ මම එංගලන්තෙ අවට පස්සෙ මුහුණු පොතෙන් මට ආයෙ හම්බුන. එයා ලොකු සල්ලි කාරයෙක් බැඳල. දුවෙක් ඉන්නව. මගෙන් විස්තර අහල මම ගැන අහල දුක් උනා. දික්කසාදය නිසා. අපි දැනටත් හොඳම යාළුවො. ෆේස් බුක් එක මම වහල දැනට අවුරුදු පහක්. ඔන්න ගිය සතියෙ ඉන්ස්ට එකෙන් මට රික්වෙස්ට් එකක් ආව. ඇක්සේප්ට් කලාට පස්සෙ මට මැසේජ් එකක් තියල තිබ්බ, උබේ ඇඟේ ඉඩ ටිකක් තියාගනින් උබේම කියල ළමයෙක් හිටියහම කොටාගන්න තැනක් කියල. අන්තිමට කියල තිබ්බ මම උබට තවමත් ලව් මගේ හොඳම යහළුවෙක් විදිහට ඒත් උබට මට කවදාවත් හොඳම යාළුවන් වෙන්න බෑ කියල මම දැන දැනත් කියල.

    ජිවිතේ සුන්දරද මෙතරම්... නැද්ද ඉයන් තුමෝ.....

    ReplyDelete
  17. එක්තරා කාලයක මිහිරි මතකයක් නැවත අලුත් උනා. ඒ දවස්වල වගේම අදටත් ආසම සින්දුවක් කොතරම් ඇහුවත් එපා නොවන.

    ReplyDelete
  18. දැන් ඉන්න අයට විරහව පිහි ඇනුමන් තමා කෙළවර කරන්න ඔන. ඒ කියන්නේ උන්ගේ ආදරය ගැන වෙනම හදාරන්න ඔන.
    විතාරක දියණිය

    ReplyDelete
  19. මමත් කැමති සින්දුවක් ...

    ReplyDelete