Saturday, February 9, 2019

සහල් ආචාර්‍යය පල්ලෙවත්ත ගමලාරලාගේ ඩඩ්ලි යූනුස් තුමාට නොබෙල් ත්‍යාගය ලබා දිය යුතුයි.


ක්ෂුද්‍ර ණය ක්‍රමය (microfinance) ලෝකෙට හඳුන්වා දුන්නේ ඉහල පින්තූරයේ සිටින බංගලා දේශයේ මහාචාර්‍යය මොහොමඩ් යූනුස්. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වුණත්, ඒ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබෙල් ත්‍යාග කමිටුව වගේ අය මේ ක්‍රමය ගැන සොයා බලා එයින් සිදුවෙන විශාල ආර්ථික වාසිය ගැන සොයාගත්තත්, එයින් සිදුවෙන හානි ගැන සොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පොලොන්නරුවෙන් බිහිවුණ ශ්‍රෙෂ්ඨ උගතෙක් වන සහල්ආචාර්‍යය ඩඩ්ලි යූනුස් තුමාට.

ඩඩ්ලි සිරිසේන කියන්නේ රටේ ජනාධිපතිගේ භාග සහෝදරයෙක් (Half brother). ඒකියන්නේ ඔවුන් එකම පියෙකුට දාව මව්වරුන් දෙදෙනෙකුගෙන් බිහිවූ දරුවන්. මම අසා තිබෙන විදිහට මෛත්‍රීපාල ඉපදුන පසුව ඔහුගේ මව මියයනවා. පියාගේ දෙවන කසාදයෙන් ලැබුණ දරුවන් තමයි ඔහුගේ සහෝදරයින්. 

ඒ අය විවිධ හේතු නිසා මහජනයා අතර දැනගැනීමක් අත්කරගෙන සිටියා. එයින් එක්කෙනෙක් තමයි ඩඩ්ලි සිරිසේන. ඔහු ස්වෝත්සාහයෙන් විශාල සහල් අධිකාරියක් ගොඩනගාගෙන තියෙනවා. එයින් වෙන හොඳ මෙන්ම බොහෝ නරක තිබෙන්නත් පුළුවන්. ඒ නරක ඕනම ඒකාධිකාරයක තිබෙන දේවල්. නවසීලන්තය වැනි රටවල සිදුවී ඇති ආකාරයේ ගොවියන් එකතුවී තනාගත් සමාගම් ඇතිවනතුරු මේවගේ ඒකාධිකාරයන් නැතිවන්නේ නැහැ.

ලඟකදී ඩඩ්ලි රජුන් තනන්නෙකුගේ තත්ත්වයට පත්වුණා. පසුගිය රජයේ බලවතුන් ඔවුන්ගේ නඩු බලවා ගැනීමට මේ රජය පත්වුන මුල් අවධියේ ඩඩ්ලි තුමා යොදවාගත්තා කියන එක ගොඩ දෙනෙක් දන්නවා.

ඩඩ්ලි ලඟකදී අළුත් කොන්ත්‍රාත්තුවක් පටන්ගෙන. ඔහු ක්ෂුද්‍ර ණය සමාගම් වලට පහර ගහන්න පටන් ගෙන. සාමාන්‍ය කෙනෙක්ට මේවගේ චන්ඩි වැඩ කරන්න බැරිවුණත් හිටපු ජනාධිපති ගේ සහෝදරයන් මෙන්ම මොහුටත් අයියාගේ හයිය තිබෙනවා. 

මේ තියෙන්නේ  පොලොන්නරුවේ ක්ෂුද්‍ර ණය සමාගම් වලට විරුද්ධව ඩඩ්ලි සිරිසේන කොළඹදී සිදුකරන ලද ප්‍රවෘත්ති සාකච්චාව ගැන ලංකාදීප පුවත්පතේ ලිපිය.

දුප්පත් ගම්වැසියන් සදාකාලික ණයකරුවන් බවට පත්කරමින් සිදුකර ගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය සහමුලින්ම රටින් තුරන් කළ යුතු යැයි අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා කොළඹදී අද(06) පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මුළු රටපුරාම මෙම ව්‍යසනකාරී ණයක්‍රමය අරක්ගෙන ඇති අතර එම නිසා දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවද ඇතැම් පිරිස්වලට යන එන මං නැති බවද එහිදී ඩඩ්ලි සිරිසේන මහතා කීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂ්‍රද්‍ර මූල්‍ය (මයික්‍රො ක්‍රෙඩිට්) ණයකරුවන්ට ලබන මාර්තු 31 වැනි දිනා දක්වා කල් ලබාදෙන බවද එදිනෙන් පසුව ණයදෙන්නා පහරදී පළවා හරින බවද ඔහු පැවසීය.


“ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අද ගම් විනාශ වෙලා. මොවුන් 75%ක් 80%ක් වගේ අධික පොලියක් ගන්නවා. දිනපතා මුදල් රැස්කරන්න ගෙදරට එනවා. ඇතැම් කාන්තාවන් මේ නිසා බලවත් ව්‍යසනයකට පත්වෙලා. ඇතැම් කාන්තාවන්ට ණය ගෙවාගන්න බැරි නිසා  වංචාකරුවන් ඔවුන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා. මට මේවා ඔප්පු කරන්න පුළුවන්. මම පොළොන්නරුවෙන් මේ ණය දෙන පුද්ගලයන් පන්නනවා. මම බය නැහැ. මීටපස්සේ ණයගන්න එපා කියලයි ණයගන්න අයට කියන්නේ. ගමේ ප්‍රභූන් පූජ්‍ය පූජක පක්ෂය එකතුවී ගම ආරක්ෂා කරන්න ඕන. ණයදෙන්න එන අයට ඉඩක් නොදී පන්නගන්න ඕනේ. මම ඒකට පෙරමුණ ගන්නවා.”
බැංකු වලින් නොසලකා හරින අයට microfinance  සමාගම් වලින්  ලොකු සේවයක් වෙනවා. අනික මේ ණයකරුවන්ගෙන් 95% පමණ ණය වෙලාවට ගෙවනවා. අතලොස්සක් පමණයි ගෙවීම පැහැර හරින්නේ. එදිනෙදා බිස්නස් කරන අයටත් මේකෙන් වාසියක් වෙනවා. මේ ක්‍රමය පටන්ගත්තේ බංගලාදේශයේ. ලෝකයේ බොහෝ දුප්පත් රටවල සහ මුල්‍ය පහසුකම් දුප්පතුන්ට ලබාගත නොහැකි රටවල එය එහි අතිසාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ සෙලින්කෝ සමූහය හිමිව සිටි ලලිත් කොතලාවල මහත්තයා. අද වෙනකොට සමාගම් විශාල ප්‍රමාණයක් මෙම ණය මුදල් සපයනවා. මේකෙන් වැදුනේ ගමේ පොලී මුදලාලිලාට. ඇප නැතිව ණය දෙන නිසා ගමේ පොලී මුදලාලිලාට දුපත්තුන්ගේ දේපල කොල්ල කා ගැනීමට නොහැකිවී තිබෙනවා.

ක්ෂුද්‍ර ණය ගන්නා අය අතර සුළු ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මෙම ණය ක්‍රමය නැත්නම් සුලු ගොවීන් සහල ඒකාධිකාර වල අතේ නැටවෙනවා. මෙම සහල් ඒකාධිකාර ගොවියාට පොලියට ණය දී, පසුව අස්වැන්න ඔවුන්ට ඕනෑ ගණනට ණයට හිලව් කරගන්නවා. ක්ෂුද්‍ර නය සපයන සමාගම් නිසා සමහර ගොවීන්ට සහල් ඒකාධිකාර හෝ අතරමැදි මුදලාලිලාගෙන් හෝ ගමේ පොලී මුදලාලිගෙන් ණය ගැණීම අවශ්‍ය නැහැ. 

පොලී කරුවන්ගෙන් සමාජයේ පහලම ස්ථර වල ඉන්න අයට වෙන හානියෙන් වලක්වා ගන්න  බංගලා දේශයේ මොහොමඩ් යූනුස් විසින් පටන් ගත් මෙම වත්කම් නොමැති අයට ලබා දෙන ක්ෂුද්‍ර ණය ක්‍රමය අද බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල පැතිරිලා. මෙම ක්‍රමය නිසා මොහොමඩ් යූනුස් ට නොබෙල් ත්‍යාගය පවා හිමිවුනා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නොබෙල් ත්‍යාග කමිටුව පවා පිළිගත් මොහොමඩ් යූනුස් විසින් මුලින්ම ලොවට හන්දුන්වා දුන් ක්ෂුද්‍ර ණය ක්‍රමය පොලොන්නරුවේ ඩඩ්ලි යූනුස්ට ගැලපෙන්නේ නැතිලු. 

ක්ෂුද්‍ර ණය ක්‍රමයට විරුද්ධව ඩඩ්ලි යූනුස් දාන තර්ක හරියට ගොමා සංවිධානෙ තර්ක වගේ. ඒ නිසා ඒ උත්තමයට ගොමා සංවිධානෙ සාමජිකත්වය ලබා ගන්නත් පුළුවන් වෙයි.

මේ අගනා සොයා ගැනීම කල අපේ ඩඩ්ලි යූනුස්ට නොබෙල් ත්‍යාගය ලබා දීමට ඉල්ලා සිටීමට ඔබත් එක්වන්න.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

31 comments:

  1. මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් මටත් ඒකෙ පොඩි අවුලක් තියනවා කියලා හිතුනා එ්ත් පන්නලා හොයන්න හිතුනෙ නෑ...දැන් තමා පොඩ්ඩක් මීටර් වුනේ ගොනා හැරෙන්නෙ කොහාටද කියලා..


    ඩඩ්ලි යූසුෆ් කියලා දැම්මෙ නක්කලේටද, නැත්නම් ඇත්තම නමද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සෙන්නා. මිනිහගෙ නම ජනාධිපති තාත්තගෙ නමම තමයි.

      Delete
  2. මාත් සෙන්නා වගේ නිව්ස් එක දැක්කට වැඩිය හාරලා බැලුවෙ නෑ මොකක්ද කියලා. දැන්නෙ තේරුනේ...
    ඩඩ්ලි යූනුස් සහ ගොමා සංවිධානය... :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ස්තූතියි මියුරු

      Delete
  3. ඉයන් තුමෝ..!! 

    මම දැක්ක දැන් ටිකදවසකට කලින් මිස්ටර් ඩඩ්ලි යූනුස් තුමා කියනව හිටං "මම ගෙදරින් එලියට අඩියක් තියන්නෙ නැතුව චන්දෙ ඉල්ලුවත් උඩින්ම දිනනව" කියල. ඒ කියන්නෙ මිනිහට තක්කෙටම ෂුවර් ලංකාවේ චන්දදායකය කියන්නෙ බත් කන හරක් කියල. අනික ජනාදිපති තාත්ත හිතං ඉන්නෙත් එයයිටත් අර මොකක්ද නෝබෙල් එක හම්බවේවි කියල. එව්ව මෙව්ව කෙසේවෙතත් පුක කහගන්න නියපොත්ත නැති උනත් ශී ෂෙල්ස් වලට නැව් දෙකක් දන් දුන්න දවසෙනම් මට හිතුනෙ... මේ වගේ &@£*^……. (නෑ එක්කො ඕන නෑ... 😜)

    ReplyDelete
    Replies
    1. ටික්කා, ස්තූතියි. සී ෂෙල්ස් කථාව මම දැක්කා. ඔබ දන්නවා ඇති සී ෂෙල්ස් කියන්නේ British Virgin Islands හෝ Dubai හෝ වගේ රහසිගත ගිණුම් තියා ගන්න පුළුවන් තැනක් බව. අර ඔක්තෝබර් සෙල්ලලමට සුමානයකට ඉස්සෙල්ලා ගමරාල එහෙ ගිහින් ආව එක ගැන දන්නවද?

      Delete
    2. Seychelles රටේ මමත් අවුරුදු දහයක් විතර රජයේ අධ්‍යාපන ආයතන වල සේවය කර තිබෙනවා. ඒ රටේ මිනුස්සුන්ට එතරම් අහේනියක් තිබෙන අය නොවෙයි. අධ්‍යාපනය අතින් නම් තරමක පසුබෑමක් ඒ කාලයේ තිබුණා. ලෝකයේ විවිධ රටවලින් ගෙන්නා ගත් අධ්‍යාපන ප්‍රවීණයන් මගින් අධ්‍යාපන ගුණාත්මක බව වැඩිකර ගත්තා. දැන් දකුණු ආසියානු කලාපයේ සාගර විශ්ව විද්‍යාලයේ සමුද්‍රජීවී පීඨය තිබෙන්නෙත් එහේ. ඒ කාලයේ නම් 'රහසිගත' ගිණුම් ගැන ආරංචියක් තිබුණේ නැහැ.

      Delete
    3. ඉයන් සහ දයාරත්න තුමන්ලා වෙත.
      මමත් අහල තියෙනවිදිහට සී ෂෙල්ස් කියන්නෙ ටුවරිසම් එහෙමත් හොඳට කෙරෙන යමක් කමක් තියෙන ඒ වගේම ඔය බැංකු කතන්දරත් කරන තැනක් විදිහට. නැතුව අපේ අම්මටසිරි ලංකාව වගේ රාවනා නැගිටල දඬුමොණරෙන් එනකං අවුරුදු 2500 ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන මේ වගේ රටක් ලොවෙත් නැතෙයි කියල කට ඇරන් ඉන්න ගොන් හැති කරයක් ඉන්න රටක් නෙමෙයි නේ.... කොයි කොහොම වෙතත් මයිත්‍රී ලොක්කට නං මහින්ද ගැහුව වගේ හංගල ගැහිලි ගහන්න බැහැ. ඔය ගොං තැම්බ ළඟදීම මහින්ද සහ රනිල් කපන වලට වැටෙනවම තමයි.

      Delete
  4. මිනිස්සුන්ට 'ලොකුකම' ඔලුවට වැටෙන විට කුමන දෙයකින් හෝ ප්‍රසිද්ධ වෙන්නට බලනවා. මේකත් ඒවගේ වැඩක් බවයි පෙනෙන්නේ. ටික කලකින් එයාටම ඇති වේවි.

    ReplyDelete
    Replies
    1. දයාවී මහත්මයා, මේක කට මැත දෙඩවීමක් පමනක් නම් එයින් ගතයුතු දෙයක් නැහැ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර ණය සමාගම් එලවන්නේ ගොවීන්ට එම ණය ලබා ගැනීමට අවස්ථා නැතිකර එමඟින් ගොවීන් සහල් ඒකාධිකාරීයේ ග්‍රහණයට අසුකර ගැනීමටනම් ඒක ඊට වඩා බරපතලයි.

      Delete
  5. ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමය න්‍යායාත්මකව ඉතාමත් හොඳයි.. හැබැයි ඩඩ්ලි කියන තරමටම නෙවෙයි යම්කිසි ප්‍රමාණයකට මේ ණය ක්‍රමය නිසා අමාරුවේ වැටෙන මිනිස්සුත් ඉන්නවා. ඒක වෙන්නේ මූල්‍ය සමාගම් අතර තරඟය නිසා හා ණය දෙන නිලධාරීන්ට දෙන ටාගට් නිසා.. අවශ්‍යතාවය, ආපසු ගෙවීමේ සක්‍යතාවය බලන්නේ නැතුව සමිති හරහා සාමාජිකයින්ට ණය දෙනවා.. ඒවගෙන් බලාපොරොත්තුවෙන ආයෝජන වෙනවද බලන්නේ නෑ.. ඉතින් බලාපොරොත්තු වෙන ආදායම් ලබන්නත් බෑ.. ණය වාරික ගෙවන්න වෙන්නේ දෛනිකව උපයන වෙනත් ආදායමකින්.. සමහරුන්ගේ වාරික ගෙවන්නත් වෙනම ණය ගන්න වෙනවා.. හරියටම ලංකාවට වෙනවා වගේ.. :) :D ළමයාගේ කොටහළු උත්සවේට, මරණෙට, මගුලට විතරක් නෙවෙයි විනෝද චාරිකා යන්නත් ක්ෂුද්‍ර ණය ගන්න/ දෙන්න මිනිස්සු, සමාගම් ඉන්නවා.. මේවා බිම් මට්ටමේදී අහපු දැකපු සිද්දි.. ඩඩ්ලි ගේ උවමනාව වෙනස් එකක් වගේම ක්ෂුද්‍ර ණය දෙන සමාගම් වලත් උවමනාව වෙනස්.. දෙකෙන් එකක්වත් මොහොමඩ් යූනුස් ගේ වත් ලොබෙල් කමිටුවේවත් උවමනාවන් එක්ක සමපාත වෙන්නේ නෑ.. ඒ ගැනත් හොයල බලන්න.. දන්නවනේ.. 'නියාමනය'.. ලංකාවේ නැතිම එක.. එතනයි ගැටළුව.. ඩඩ්ලි ලා ප්ලේ කරන්නෙත් ඒ ඉඩකඩවල් ඇතුලේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙන්න පුළුවන් නම් තමයි. ඒකට විසඳුම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් එලවීම නම් නෙවෙයි. පොලී කාරයෙන් ගෙන් ණය ගන්න ඔප්පුවක් තියන්න වෙනවා. වී මුදලාලිගෙන් ණය ගන්න ලැබෙන වී ටික කුණු කොල්ලෙට දෙන්න වෙනවා. මේ ණය නොගෙවා හිටියොත් ණය දෙන්නාට අයකරගන්න විදිහක් නැහැ. ඒ නිසා ණය ගන්නාට තිබෙන අවදානම අඩුයි. ණය නොගෙවීම නිසා වෙනත් කරදර කරනවානම් කළයුත්තේ පොලිසියට පැමිණිලි කිරීමට උපදෙස් දීමයි. එහෙම නැතිව සමාගම් පන්නා දැමීම නෙවෙයි.

      අනික් කරුණ නම් මේවා ජෙනරලයිස් කිරීම. බොහෝ දෙනෙක් ගන්නා ණය ගෙවනවා. ඔවුන් ණය ගන්නේ පොඩි ව්‍යාපෘති වලට. ණය ගෙවීමට නොහැකි පොඩි දෙනුක තිබෙන ප්‍රශ්ණයක් උඩ සමාගම් එලවීමෙන් වෙන්නේ විශාල ප්‍රමාණයකට නැවත පොලී මුදලාලි පිහිට පැතීම. අනික මේ පොලී මුදලාලිලා දෙන්නේ 10-20% මාසික පොලියට. සමාගම් දෙන්නේ අවුරුද්දකට 30% වගේ පොලියට.

      Delete
  6. ඔය ක්‍ෂුද්‍ර ණය දෙන ආයතන (?) බොහොමයක් ව්‍යාජ ආයතන, සෙලින්කෝ ග්‍රාමීන් වගේ ඒවායේ වැඩ කරපු සමහර නිලධාරී මුදල් තියන ව්‍යාපාරිකයෝ එක්ක එකතුවෙලා විවිධ ව්‍යාජ මුල්‍ය ආයතන අටෝගන තියනවා, සමහරු වෙනත් ලියාපදිංචි ආයතන වල ගිවිසුම් ආදී වෙනත් ලියකියවිලි හොරට කොපිකරගෙන බිස්නස් කරනවා, ඩේලි කලෙක්ෂන් ක්‍රමයට කුඩා වියපරිකයන්ට නය දෙන අයගෙන් බහුතරය නිකම්ම නිකම් ගිනි පොලිකාරයෝ, ලගම පොලිසියේ ලොක්කත් එක්ක සෙට්,ගේන්නේ නැතිනම් පොලිසියෙන් ඇවිත් තගදනවා. ක්ෂුද්‍රණය ක්‍රමය විනාශ කරේ කබරාල්ගේ කැන්රිච් එකෙන්, ඔවුන් තමයි ටාර්ගට් ක්‍රමයට වැඩ කරන ෆීල්ඩ් ඔෆිසර්ල දැම්මේ, බොරු කුඩා කණ්ඩායම් හැදෙව්වා ගමේ කාන්ත සමිති කරපු නායිකාවන්ට අනෙක් කාන්තාවන්ට හොරෙන් බෝනස් දීල, එකම කණ්ඩායම විවිද ආයතන ගණනාවකින්ම නය ගන්න ගත්තා, සඳුදට එක ආයතනයක් කුඩා කණ්ඩායම් රැස්වීම, අඟහරුවදට වෙනත් ආයතනයක රැස්වීම වගේ. සොයාබැලීමකින් තොරව තරගෙට නය දුන් නිසා ගොඩක් තරුණ කාන්තාවෝ නය ගත්තේ එක්කෝ බයික් ගන්න නැතිනම් ගෙදර තීන්ත ගාන්න ටයිල් අල්ලන්න වගේ දේවල් වලට. නයහිරවුනම වෙනත් ආයතනයකින් ණය අරගෙන හිරවෙච්ච වාරික ගෙවනවා.

    ගොඩක් ෆීල්ඩ් ඔෆිසර්ලා හොඳටම ණය ගෙවාගෙන යන කාන්තාවන්ට නය දෙන්නේ ආයතනයට හොරෙන් තමුන්ගේ පෞද්ගලික මුදලින් හෝ කලෙක්ෂන් එක රෝල් කරලා, එහෙම සාක්කුවෙන් දුන්නු ණයක් හිරවුනොත් එහෙම එක ආපසු අය කරගන්න එයාල ඕනෙම සදාචාර විරෝධී වැඩක් වුනත් කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම වෙන්න පුළුවන් නම් තමයි. ඒකට විසඳුම ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් එලවීම නම් නෙවෙයි. පොලී කාරයෙන් ගෙන් ණය ගන්න ඔප්පුවක් තියන්න වෙනවා. වී මුදලාලිගෙන් ණය ගන්න ලැබෙන වී ටික කුණු කොල්ලෙට දෙන්න වෙනවා. මේ ණය නොගෙවා හිටියොත් ණය දෙන්නාට අයකරගන්න විදිහක් නැහැ. ඒ නිසා ණය ගන්නාට තිබෙන අවදානම අඩුයි. ණය නොගෙවීම නිසා වෙනත් කරදර කරනවානම් කළයුත්තේ පොලිසියට පැමිණිලි කිරීමට උපදෙස් දීමයි. එහෙම නැතිව සමාගම් පන්නා දැමීම නෙවෙයි.

      අනික් කරුණ නම් මේවා ජෙනරලයිස් කිරීම. බොහෝ දෙනෙක් ගන්නා ණය ගෙවනවා. ඔවුන් ණය ගන්නේ පොඩි ව්‍යාපෘති වලට. ණය ගෙවීමට නොහැකි පොඩි දෙනුක තිබෙන ප්‍රශ්ණයක් උඩ සමාගම් එලවීමෙන් වෙන්නේ විශාල ප්‍රමාණයකට නැවත පොලී මුදලාලි පිහිට පැතීම. අනික මේ පොලී මුදලාලිලා දෙන්නේ 10-20% මාසික පොලියට. සමාගම් දෙන්නේ අවුරුද්දකට 30% වගේ පොලියට.

      Delete
  7. ඔහු මෙම සාකච්චාවේදී ක්ෂුද්‍ර ණය වශයෙන් අදහස් කලේ පොදුවේ විය හැකියි.මෙම පළාත් වල ක්ෂුද්‍ර ණය වශයෙන් ණය ලබාදෙන ආයතන බොහොමයක් ඒවා ලබාදෙන්නේ දිනපතා හෝ සතිපතා ඒවා එකතු කිරීමේ පදනමෙන්.මේවගේ ඔවුන් ප්‍රකාශ කරන පොළී අනුපාතය අඩු අගයක් උනත් එය ගණනය කර බලු විට වාර්ෂික පොළී අනුපාතය 60% සිට 120% දක්වා පමණ වෙනවා.මම මේ සදහන් කරන්නේ මහබැංකුවේ ලියාපදිංචි ආයතන නොවන අතර ප්‍රදාන වශයෙන් ක්ෂුද්‍ර ණය විශාල ප්‍රමාණයක් ලබාදී ඇත්තේ මෙවැනි ආයතන මගිනුයි.මේවායෙන් ණය ලබාගන්නා බොහෝ අය මෙම ක්‍රමය තුල සිරවන අතර ඔවුන් දියුණුවක් ලබා ගැනීම වෙනුවට මෙම අදික පොළිය නිසා දිනෙන් දින තවත් අගාදයට වැටීම වැඩිපුර සිදුවේ.

    ReplyDelete
    Replies
    1. Thank you Jeewantha, ඇපයක් නැති නිසා නොගෙවා ඉන්නවුන්ගෙන් අයකරගැනීමට ක්‍රමයක් සමාගමට නැහැ නේද? පොලිසිය හෝ වෙන අය යොදාගෙන තග දානවා නම් ඒ ගැන පැමිණිලි කිරීමට මහජනයා දැනුවත් කිරීම නම් කල යුතුයි.

      Delete
  8. ක්ෂුද්‍ර ණය දෙන තැන්වල වැඩ කරන හිතවතුන් කීප දෙනෙකුගෙන්ම මං මේ කතාව ගැන ඇහුවා. එයාලා කියන්නෙත් ග්‍රාමීය ජනතාවට මේකෙන් වැඩිපුරම යහපතක් වෙන බවයි.
    ඒත් දැන් සමාගම් අතර ලොකු තරගයක් තියෙන නිසාත්, ඇප නැතිව ණය දෙන නිසාත් සමහර ගැමියන් ඉව-බව නැතිව ණය අරන් හිරවෙලාලු. ඒ නිසා මේ ආයතනවලටලු යම්කිසි වාරණ පනවන්න තියෙන්නේ.
    පෙනෙනවානේ රට පුරා 'සණස සමූපකාර සමිතිවලින්' ගහපු ගැහිලි. මහරගම වත්තේගෙදර සමිතියේ වංචාව කෝටි ගණනක්.
    හැබැයි ඉතින් 'සහලේ සහෝදර සහල් ආචාර්යතුමා' සද්දේ දැම්මා විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. නිමල් ඕනම ක්‍රමයක ප්‍රශ්ණ තියෙනවා. මුළු ක්‍රමයම කඩා බිඳ දම්මන්න ඕන කියල ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. අනික මේ ක්‍රමයෙන් පාඩු වෙන කෙනෙක් එනම් හාල් මුදලාලි කෙනෙක් මේකට විරුද්ධ වීම සැකසහගතයි.

      Delete
  9. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. Good post. සමහර මිනිස්සු එම ක්‍රමය දවසේ ජීවන වියදම වියදම් කිරීමට පාවිච්චි කරනවා.ඒක වරදක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ශලිත. ඕනම ක්‍රමයක අඩුපාඩු තියෙනවා. ඒ වුණාට 95% විතර මේ ණය වෙලාවට ගෙවනවා. අර 5% කරගන්න වැරැද්දෙන් ඉතුරු 95% ත් අනාථ කරනවද නැත්ද කියන එක තමයි ප්‍රශ්ණෙ.

      Delete
  11. ගමරාලගෙ මල්ලිනෙ...:)

    ReplyDelete
  12. එක ණයක් බේරගන්න තව ණයක් ගත්ත මිනිසුන්ගේ ඛේදවාචකය. එහෙම කීප අවස්තාවක් මම දැක්කා. බය කරලා පොලිය ඉල්ලන්නේ. අපි ලංකාවෙනෙ. මැක්‍රෝ සහ මයික්‍රො පැටලිලා......

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් වෙන්නේ පොලී මුදලාලිගෙන් ගන්න තමයි

      Delete
  13. me scene ekata kapati ekathuwela thiyenwa. Lalith kothalawalath Grameen bank demma. oya sanasa kiyanneth yatin private

    ReplyDelete
  14. මමත් ඔය ලිපිය පත්තරේ කියේව්වා...ටිකක පොලිය වැඩි උනත් සමහර වෙලාවට සමහර මිනිස්සුනට මේ වගේ සමාගමකින් නය මුදලක් දෙන ලොකු උපකාරයක්...
    අපේ ගම්වල බැන්කුවලට ගිහින් නය මුදලක් ගන්න තියා හිතන්නවත් බැහැ සර්මක් චිත්තය්ක් ඇදපු කෙනුකුට ඒ බැන්කු තියෙන්නේ ලොකු ලොකු මුදල්ලලිට විතරයි..උකස් බඩු කඩේ මහින්ද මුදල්ලිනම් ඉල්ලන ගැනක් දෙයි බඩු මුට්‍ටුවක් නැත්නම් සුවර්නබුමි ඔප්පුව හරි ඉල්ලනවා...
    සමාගම් එලවලා දව්ම්මා කිය්මු හැබැයි ඩඩ්ලි මුදල්ලිට පුලුවන්ද මනුස්සයෙකුට හදිස්සියක අතමාරුවක් දෙන්න ..

    ReplyDelete