Thursday, July 18, 2024

දෙවෙනි මනාපෙ දිනයිද?

Anura, Ranil & Sajith



ජනමත සමීක්ෂණ (opnion polls) ලංකාවේ එතරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. ඇමෙරිකාවේ සහ අනික් රටවල නම් මේවා දවස ගානේ වගේ වෙනවා. ඒ වගේම ඒ ප්‍රතිඵල ප්‍රසිද්ධ වෙනවා. Institute for Health Policy විසින් පවත්වන ලද එවන් ජන මත විචාරණයක් අනුව අද ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් චන්ද බෙදී යන්නේ පහත දැක්වෙන ප්‍රතිශත අනුව.

අනුර කුමාර දිසානායක 39%
සජිත් ප්‍රේමදාස             38%
රනිල් වික්‍රමසිංහ          15%
පොහොට්ටුව                7%

මෙසේ චන්ද බෙදී ගිහින් කිසිම කෙනෙක් 50% කට වඩා චන්ද ලබා නොගතහොත් බොහෝ රටවල දෙවෙනි වටයක් පවත්වනවා. එහිදී වැඩිම චන්ද ගන්න දෙදෙනා අතර තරඟයක්. ලංකාවේ බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකක් අතර තිබුණු තරඟය නිසා එවැනි දෙවන වටයක් ගැන නීතියේ නැහැ. ලංකාවේ තියෙන්නේ දෙවෙනි මනාපය දිය හැකි ක්‍රමයක්. මම හිතන්නේ මෙතෙක් පැවති ජනාධිපති චන්ද වලදී දෙවෙනි මනාපය ගණන් කිරීමක් සිදුවුණේ නැහැ. නමුත් තුන් කොන් සටනක් ලෙස පෙනී යන මෙවර ජනාධිපතිවරණයේදී මේ දෙවන මනාපය තීරණාත්මක සාධකයක් වෙන්න ඉඩ තියෙනවා.

ජනාධිපතිවරණයේදී ඉහත ජනමත සමීක්ෂණය අනුව චන්ද වැටීමක් සිදුවුවහොත්  වැඩි දෙනෙක් දෙවන මනාපය දෙන කෙනා ජනාධිපති වෙන්න පුළුවන්.

මෙම දෙවන මනාප ගණන කිරීමේ ක්‍රමය මට පැහැදිලි නැහැ. එක් කෙනෙක් මට කිව්ව හැටියට වැඩිම චන්ද ගත් දෙදෙනාට අනික් අයගෙන් දෙවන මනාප වැටිච්ච ඒවා උඩ දෙදෙනාට එකතු කිරීමෙන් තමයි ඒක වෙන්නේ කියලා. එහෙම නම් මගේ උපකල්පනය මේකයි. 

අනුර කුමාර දිසානායකට චන්දය දෙන අය වෙනම කට්ටියක් නිසා ඔවුන් වෙන කාටවත් දෙවෙනි මනාප දෙන එකක් නැහැ. ඒ එක්කම ඔහුගේ පක්ෂය අනික් පක්ෂ වල චන්ද දායකයන් අතර එතරම් ජනප්‍රිය නැහැ. ඒ නිසා ඔවුන්ට අන් අයගෙන් දෙවෙනි මනාප ලැබීමේ සම්භාවිතාව අඩුයි. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සහ සජිත්ට  හෝ පොහොට්ටුවට චන්දෙ දෙන අය අනුරට දෙවෙනි මනාපයක් දීමේ අවස්ථාව අඩුයි කියලයි මගේ උපකල්පනය. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සජිත්ට දෙවෙනි මනාපයක් දුන්නොත් බොහෝ විට සජිත් මෙයින් ජයග්‍රහණය කරන්න පුලුවන්.

ඒ ක්‍රමයට නැතුව හැමෝගෙම දෙවෙනි මනාප අපේක්ෂකයාට කෙලින්ම ලැබුණු චන්ද වලට එකතු කරනවනම්, රනිල්ට පොහොට්ටූවේ සහ සජබේ දෙවෙනි මනාප ලැබී ජයග්‍රහණය කරන්න පුළුවන්. හරියටම දෙවෙනි මනාප ගණන් කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න.

කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයෙක් මේ දෙවෙනි මානප දීම ප්‍රවර්ධනය කරන එකක් නැහැ. එම නිසා තුන්වන පාර්ශව වලින් මෙවර මැතිවරණයේ දී දෙවන මනාපයේ වැදගත්කම ගැන චන්ද දායකයින් දැනුවත් කිරීමක් වෙයි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

37 comments:

  1. ලංකාවේ නීතිය අනුව ඕක වෙන්නේ පළමු ක්‍රමයට. ඒ නිසා, ඡන්ද බෙදී යාම ඔය විදිහට සිදු වුනොත් දිනන්නේ සජිත්. රනිල් තරඟයට එයිද, පොහොට්ටුවෙන් වෙනම කෙනෙක් එයිද නොඑයිද වගේ දේවල් ගැන තවමත් තියෙන්නේ අවිනිශ්චිතතාවයක්. රනිල් එනවානම් එන්නේ දිනන්න බලාගෙන. දෙවන වටයෙන් හෝ දිනන්නනම් පළමු වටයේ මුල් දෙන්නාගෙන් කෙනෙක් වෙන්න වෙනවා. දැනට ඉදිරියෙන් ඉන්නේ අනුර හා සජිත්. ඒ වගේම ලොකු පරතරයක් තියෙනවා. ඒ නිසා, පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙක් දැම්මොත් රනිල්ට කොහොමටවත් දිනන්න බැහැ. පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලැබුණොත් ඒ ඡන්ද ටික සහ ඒ එක්ක එන ගැම්ම එක්ක මුල් දෙන්නා කිට්ටුවට එන්න පුළුවන්. නමුත් මුල් තැන් දෙකෙන් එකක් ගන්නනම් සජබ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ගැලවිලා එන්න ඕනෑ. ඒ කියන්නේ රනිල්ට සහ සජිත්ට යන දෙන්නාටම මුල් තැන් දෙකට එන්න බැහැ. වෙන විදිහකට කිවුවොත් අනුර ඡන්ද වලින් අවම වශයෙන් තුනෙන් එකක් ගත්තොත් ඉතිරි දෙන්නාට බෙදී යන්නේ තුනෙන් දෙකකට අඩු ප්‍රමාණයක්. ඒ නිසා එක් කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ අනුරට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක්. ඔය හේතුව නිසා රනිල් හා සජිත් දෙන්නාම තරඟයට ආවොත් දෙවන මනාපය සම්බන්ධව විවෘත සහයෝගයක් ඇති වීමේ ඉඩක් නැහැ. නමුත් ගම වල සම්ප්‍රදායික එජාප පාක්ෂිකයින්ට තවමත් එජාප හා සජබ කියලා වෙනසක් නැහැ. දෙකම එකයි වගේ. ඒ නිසා, සජිත්ට හෝ රනිල්ට දෙන ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් අනෙක් අපේක්ෂකයාට දෙවන මනාප දෙන්න ඉඩ තිබෙනවා. අනුරට ඒ වාසිය නැහැ. කුඩා තෙවන පක්ෂ වලින් සුළු දෙවන මනාප ටිකක් ලැබුනොත් තමයි. ඒ නිසා පළමු වටයේදී අනුර සජිත්ට වඩා 10%කවත් පරතරයක් තියාගත්තේ නැත්නම් සජිත්ට දිනන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ මේ වගේ තත්ත්වයක් යටතේ, (1) රනිල් තරඟයට එයිද? (2) පොහොට්ටුව රනිල්ට අවස්ථාව දෙයිද? පොහොට්ටුව සජබ පළුවක් ගලවලා පෙන්වන්න කියලා රනිල්ට බල කරන බව පේන්නේ මේ නිසා. එහෙම වුනොත් සමීකරණය වෙනස් වෙනවා. නමුත් සජිත් දිනන බව පෙනෙන්න තියෙද්දී ලේසියකට ඔය පළුව ගැලවෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොන් පැහැදිලි කිරීමට. ඒ කියන්නේ පලමු දෙදෙනාට විතරයි දෙවෙනි මනාපය හරහා අවස්ථාවක් තියෙන්නේ. පොහොට්ටුවේ සහයෝගය රනිල්ට ලැබෙනවා. පොහොට්ටුව මේ අවස්ථාවේ ඒ අයට ඇති අඩු සහය එනම් ලක්ශ 69 සිට කඩා වැටීම පෙන්නන්න එන එකක් නැහැ කියලයි මගේ අවබෝධය. අවාසනාවකට සජිත් ගේ ආත්මාර්ථකාමීකම සහ රනිල් ගේ stubbornness නිසා තමයි යූ එන් පී එක කැඩුනේ. ඒ දෙක එකතුවීමේ අවස්ථාවනම් ඉතාම අඩුයි. එම නිසා මම වගේ රනිල්ට චන්දෙ දාන අයට වගකීමක් තියෙනවා සජිත්ට දෙවෙනි මනාපය දෙන්න. නැවතත් බොහොම ස්තූතියි.

      Delete
    2. A good analysis.
      Actually, two good analyses !

      Delete
  2. ඉන්දියානු සමීක්ෂණයක ප්‍රතිපල ලැබුන ගිය මාසේ. මම ඉයන්ට එව්වද කොහෙද. ඒකෙ තියෙන විධිහට මේ තුන්දෙනාම ඉල්ලුවොත් අනුරට 51% වැඩිය ලැබෙනවා කියල තමා තිබ්බේ, හැබැයි මොබයිල් ඩේට. කාගෙන්ද අහන්නේ කියන එක මත තමා තීරණය වෙන්නේ. සජිත්ට 30% පමණ සහ ඉතිරි ටික අනිත් අයට. කොළඹ , කුරුණෑගල වැනි ප්‍රදේශ වලත් තව ඈත පැතිවලත් සමික්ෂන් තිබ්බොත් විතරයි හරි අත්තක් බලා ගන්න පුඋවන්. හැබැයි අනුර ඉදිරියෙන් ඉන්නේ හැම සමික්ෂනයකම. සජිත්, රනිල් පොහොට්ටුව තුනම එකතු වෙලා ඉල්ලුවොත් විතරයි ඒ ගොල්ලන්ට මාලිමාවට චැලේන්ජ් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මොබයිල් ඩේට වලින් බැලුවොත් කොහොමත් මාලිමාව ගොඩක් ඉස්සරහට එනවා. හෙළකුරු එකෙන් කරපු එකක 80%ක් පමණ මාලිමාවට. ගොඩක් අය ඒ දත්ත විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ දත්ත ඒ නියදියට හරි කියලා. නියදිය මුළු ජනගහණයට අදාළ කරගන්න එකයි වැරදි. මොබයිල් ඩේට වලින් රනිල් වුනත් exaggerate වෙනවා. ඒ ඉන්දියානු සමීක්ෂණය එවන්න පුලුවන්ද?

      Delete
    2. ඔතන ඒක තමා වෙන්නේ. ෆේස්බුක් එකේ අනුර දිනන්නෙත් එහෙමයි. ගම්වල ඩේට ගත්තොත් අනුරයි සජිතුයි ඉන්නේ කරට කර. සමහර ගම්වල රනිල් ඉස්සරහින් ඉන්නේ . සම්ප්‍රදායික යුඇන්පී ගම්වල සජිත් ඉන්නේ ඉස්සරහින් , හුඟක් නගරාසන්න පළාත්වල අනුර ඉස්සරහින්

      Delete
    3. අජිත් ඉන්දියාණු සමීක්ෂණය ලඟදි කරපු එකක්ද? මට හිතෙන විදිහට ආර්ථික ප්‍රශ්ණ කාලෙ තිබ්බ් අනුරගෙ ජනප්‍රියතාවය දැම් වෙනස් කියලයි.

      Delete
    4. Sri Lankan Election Prediction for 2024: Artificial Intelligence Analysis
      Summary of Key Points as of June 10, 2024
      Leading Candidates and Support Levels:

      NPP Leader Anura Kumara: Leading the race with 59% support.
      Sajith Premadasa: Holding 16% support.
      SLPP: Garnering 8% support.
      President Ranil Wickramasinghe: Receiving 5% support.
      Floating Voters: Constituting 12% of the electorate.
      Survey Details:

      Conducted by a group of Indian researchers.
      Researchers have a track record of accurately predicting election outcomes, particularly in India.
      Access to their conclusions was granted, but the full report is not to be disclosed. Only the final notes are published.
      Research Methodology:

      Data was collected via mobile technology.
      Analysis was performed using artificial intelligence software.
      The software highlighted a decrease in the percentage of "floating voters" since March, attributing this to their increasing support for Anura Kumara of the NPP.
      Factors Affecting Candidate Support:

      SJB Leader's Media Absence: Sajith Premadasa's failure to attend ITN channel's public debate is noted to have contributed to his support dropping to 16%.
      Class-Based Support: Increasing backing for the NPP among middle-class and working-class voters.
      Youth Vote: Voters aged 18 to 31 are predominantly inclined to vote for the NPP.
      Female Voters: Over 49% of female voters are fully committed to voting for the NPP.
      Public Sentiment:

      Negative Views on Other Leaders: Voters generally dislike Sajith Premadasa, SLPP leaders, and President Ranil Wickramasinghe. These leaders are accused of corruption and have been part of previous governments.
      Economic Concerns: Voters express anger over the high cost of living, rising utility bills, lack of opportunities, and hospitals lacking medicines. In contrast, UNP-SJB and SLPP leaders are perceived as living a luxurious lifestyle.
      This analysis reflects the current political climate and voter tendencies in Sri Lanka as of June 2024, based on data-driven insights provided by the Indian researchers.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. In a striking shift in the political landscape of Sri Lanka, Anura Kumara Dissanayake, the leader of the National People's Power (NPP), is currently leading the 2024 presidential election survey with an impressive 59% support. This surge in popularity marks a significant departure from the established political order, reflecting widespread dissatisfaction with traditional parties and a yearning for genuine change. Here are the key reasons behind Anura Kumara's leading position in the polls:
      1. Disillusionment with Established Parties
      The traditional powerhouses of Sri Lankan politics, such as the SLFP, UNP, and SLPP, have seen a sharp decline in public trust. Leaders from these parties, including Sajith Premadasa and President Ranil Wickramasinghe, are viewed unfavorably by a significant portion of the electorate. Accusations of corruption and their association with previous governments have tarnished their reputations. Voters are tired of the same faces and unfulfilled promises, creating a fertile ground for Anura Kumara's message of reform and transparency.
      2. Economic Discontent
      Sri Lanka's economic situation has been a major driver of voter sentiment. Rising costs of living, higher utility bills, and lack of opportunities have left many citizens struggling. Hospitals are reportedly without essential medicines, further aggravating the public's frustration. Amid these economic challenges, the luxurious lifestyles of UNP-SJB and SLPP leaders have only deepened public resentment. Anura Kumara's platform, which addresses these economic grievances, resonates strongly with the electorate seeking practical solutions and a departure from the status quo.
      3. Support from Key Demographics
      Anura Kumara's appeal extends across various demographic groups, consolidating his lead in the polls:
      • Middle and Working Class: These voters, who make up a substantial part of the electorate, have increasingly rallied behind the NPP. Anura Kumara's policies, which focus on economic justice and reducing inequality, align well with their needs and aspirations.
      • Youth Vote: Voters aged 18 to 31 are predominantly inclined to support the NPP. This age group is particularly frustrated with the lack of job opportunities and high living costs, making Anura Kumara's promise of a better future particularly appealing.
      • Female Voters: Over 49% of female voters are fully committed to voting for the NPP, driven by the party's focus on social justice, healthcare, and education.
      4. Effective Campaign Strategies
      Anura Kumara's campaign has been marked by its effective use of modern technology and grassroots mobilization. The NPP has successfully utilized mobile data and artificial intelligence to target and engage potential voters, ensuring their message reaches a broad audience. Additionally, the campaign's emphasis on public debates and transparency has set it apart from rivals, who have often been criticized for their lack of engagement.
      5. Perception of Integrity and Accountability
      One of the most compelling aspects of Anura Kumara's candidacy is the perception of integrity and accountability. Unlike many of his rivals, he is not burdened by a history of corruption allegations or failed governance. This clean image, combined with a clear and consistent message of reform, has endeared him to voters seeking a break from the past.

      Anura Kumara's lead in the 2024 presidential election survey is a testament to the changing political dynamics in Sri Lanka. His ability to tap into widespread economic discontent, appeal to key demographic groups, and present a credible alternative to established parties has positioned him as the frontrunner. As the election approaches, his challenge will be to maintain this momentum and translate survey support into actual votes, steering Sri Lanka towards a new political era.

      Delete
  3. කියෙව්වා. සකච්චාවට දායක වෙන්න දැණුම මදි.😁
    +++++++++++++++++++👌🙏💐

    ReplyDelete
  4. ඉයන් ඔතන සුදත්ත සුදා ගේ සමීක්ෂණ වගේම අන්තර්ජාලය හරහා වෙන සමීක්ෂණ ප්‍රතිඵල පවා සාර්ථක නෑ ඒකෙදි වෙන්නේ විවිධ ගෲප් හරහා සංවිධානය වී සිටින කුඩා පිරිසක් ලින්ක් ෂෙයාර් කරලා එක්කෙනා කිහිපවරක් බැගින් එකම අපේක්ෂකයකුට හොර ඡන්ද දැමීම.

    සුදාගේ විමසුමේදී රහසේ කරන ඡන්දය දැමීම එලිපිට අහනවා ඒක එතිකලි සුදුසු නෑ වගේම ජවිපෙ ජාතික ජන බලවේගයේ කුඩා පිරිසක් වුණත් ඒ අය මනාව සංවිධානය වී මැර බලය යොදා තර්ජනය කරන නිසා විශේෂයෙන්ම පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයන් ජවිපෙ තර්ජන වලට බයේ එක්කෝ කාටවත් නෑ කියනවා නැත්නං මේපාර මාලිමාවට කියලා බොරුවට කියනවා

    ලංකාවේ 2024 ජනපතිවරණය අවසන් වනහැටි:

    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුණේ.

    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50 දාහක් ගතයුතුයි.

    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.

    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000)

    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.

    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.

    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .

    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....

    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.

    රත්නපුරය (925,000), ගාල්ල (900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය

    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර ,

    කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....

    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.
    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය උපරිමයත් ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.

    ඔවුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාවක් තිබිනි.

    නමුත් කලින්ම ජනපතිවරණයක් පැවැත්වෙන නිසාම ඔවුන්ගේ
    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත. එම පක්ෂය නැවතත් මෙම මැතිවරණය අවසන්වූ පසුව බරපතල ලෙස දෙකඩ විම නියතය.... NPP හා JVP හෝ වෙනත් විවිධ නම්වලින් පක්ෂ කීපයකට කැඩීමට නියමිතයි.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.
    ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි. ඒ ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි .

    රනිල් වික්‍රමසිංහ මහතාගේ 2001-2005 කාලය ඉලක්ක කරගෙන ගෙනගිය යලි පුබුදමු සංවර්ධන සැලසුම විනාශ කර එම ආණ්ඩුව පෙරලීමට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන ගිය ජවිපෙ නිදහස් පක්ෂය සමග එකතුවී 2004 සංධාන ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර හතරක්ද අරගෙන කරපු දෙයක් නැත, කළ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා යටම මැටි තට්ටුව හාරා ඉවත් කිරීමෙන් වැව් සින්දවා නියං කාලයේ ජනතාව හාමතේ තැබීම පමණි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. මම මේ විශ්ලේශණය කියවා තියෙනවා. ඒ විදිහට අනුරට ලක්ශ 70 ගන්න අමාරු වගේම අනික් අයටත් එහෙමම නේද? ලක්ෂ 69 කොයි පැත්තට හැරෙයිද කියල මට පැහැදිලි මදි. උගත් කියාගත්ත අය 69 ටත් හිටියා, අනුරටත් ඉන්නව වගේ පේනවා.ඔබ කියන උපකල්පනය ඇත්ත වෙනවට මම නම් කැමතියි.

      Delete
    2. ඒ විශ්ලේෂන්යත් හොඳයි. මගේ අදහස ලක්ෂ 69 භාගේට භාගයක් අනුරට සහ රනිල්ට තියෙන්නේ කියා. ඔවුන් සජිත් ට චන්දෙ දෙන්නේ නැහැ . (බොහොමයක්

      Delete

  5. නැණවත් අය කියති ඔවුනගෙ මතවාද
    පාරාජිකා වුණු අය මොකටද නේද
    ජනයා නඟති ඒ හැමටම අපවාද
    වෙනසක් වෙන්න තිබෙනා ඉඩ වැඩි නේද?

    ReplyDelete
    Replies
    1. වෙනසක් වෙන්න තිබෙනා ඉඩ වැඩි නේද?

      yes

      Delete
  6. උඹ සිංහල කතෝලික පවුලක අපන් කෙනෙක් විදියට සතුටු විය යුතුයි.
    මෙරට දමිල ජනතාව සජිත්ට චන්දේ දෙනවා

    ReplyDelete
    Replies
    1. නැහැ ජගත් බොහෝ දුරට දමිළ ජනතාවගේ ඡන්ද දෙකට බෙදෙන බව පේනවා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර, රනිල් ඉල්ලුවේ නැත්නම් උතුරේ වෙනම දෙමළ ජාතික අපේක්ෂකයෙක් දානවා කියලයි කියන්නේ එතකොට උතුරේ දමිළ ජනතාවගේ බහුතර ඡන්දය උතුරේ අපේක්ෂකයාට ලැබෙයි.

      Delete
    2. බොහෝ දමිලයන් අපිට වඩා දේශපාලනිකව ඥාණවන්තයි, මගේ උපකල්පනය නම් වැඩිපුර දමිල ඡන්ද යන්නේ රනිල්ට.

      Delete
  7. මේ වෙනකොට ලංකාවේ මෙවර ඡන්දය දැමීමට තීරණය කර ඇති බහුතර ජනතාව අතර රනිල් සජිත් අභිබවා ගිහිල්ලා ඉයන්.

    ලංකාවේ ජනාධිපතිවරණ පොර පිටිය දවසින් දවස උණුසම් වෙනවා.සටනට ඉස්සෙල්ලාම බැස්සේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක. මුලදි විජිත, ටිල්වින්, හදුනෙත්ති කිව්වේ එයාලා ඉන්නේ 80% සීමාවේ කියලා.80% හිටිය අනුර දැන් ඉන්නේ 20% ටත් වඩා පහලින්. අනුරට පස්සේ කැම්පේන් එකට බැස්සේ සජිත්. සජිත් ටික දවසක් අනුරට වඩා පස්සෙන් හිටියා. එක වෙලාවක සජිත් සහ අනුර අතර කරට කර තරඟයක් තිබුණා.

    කොහොම උනත් මේ මොහොත වෙනකොට සජිත් යම් පමණකට අනුරට වඩා ඉස්සරහින් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ මාසයේ අවසානයේ හරි ලබන මාසේ මුල් සතියේ හරි මැතිවරණය කොමිසම ජනාධිපතිවරණය call කරයි.ඒ එක්කම වගේ රනිල්ලුත් ජනාධිපතිවරණයට එන බව එනවුන්ස් කරයි.රනිල් එන බව නිලවශයෙන් පවසනවත් එක්ක මැතිවරණ පිටිය වෙනස් වෙන බව පේනවා.

    රනිල් එන්නවද නැද්ද කියන අවිනිශ්චිතකම යටතේ උනත් රනිල්ගේ ජනප්‍රියත්වය වැඩිවෙලා තියනවා.ප්‍රධාන අපේක්ෂකයෝ තුන් දෙනා සලකලා බලද්දී ජනප්‍රියත්වය වැඩිවීමේ වේගය වැඩි රනිල්ගේ.

    මුලදී ගොඩක් පහල තැනක හිටිය රනිල් දැන් උඩට ඇවිත්.දැන් අපේ තක්සේරුවට අනුව අනුරට වැඩිය උඩට රනිල් ඇවිල්ලා.ඉදිරි සති දෙක ඇතුලත රනිල් සම්බන්ධ සාකච්ඡාව තවත් පළල් වෙනවා.

    රනිල් දැන් සජිත්ට විතරක් නෙවෙයි අනුරටත් උත්තර දෙන්න පටන් අරන්.අනුර ළඟ තියන ෆයිල් හාරසීයයකට 360 හිස් කියලා රනිල් කිව්වා.ඒ කියන්නේ අනුර ලග තියෙන්නේ ෆයිල් හතලිහයි. රනිල්ගේ ඒ කතාවෙන් එකක් පැහැදිලියි.අනුර අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී කමිටුවට මූලිකයා විදිහට ඉන්දැද්දී තමයි ඔය ෆයිල් හදලා තියෙන්නේ.ඒවා හදන්න අවශ්‍ය සියලු දෙනා දුෂණ විරෝධී කාර්යාලයට අනුයක්ත කරලා තිබූණා.

    අනුර කරලා තියෙන්නේ එතනින් ෆයිල් හොරකම් කරන එකයි.නැත්තං ඒ ෆයිල් ජවිපෙ මූලස්ථානයේ තියෙන්න විදිහක් නෑ.ඒවා තියෙන්නේ ඕනි අදාල තැන.ඇත්තටම ඒවා ජවිපෙ මූලස්ථානය ගෙනිච්චේ ඇයි?ඒක සම්බන්ධව තර්ක දෙකක් තියනවා.එකක් ජවිපෙ ආණ්ඩුවක් ආවම හොරු අල්ලනවා කියලා හිතාගෙන අවංකවම ගෙනිච්චා වෙන්න පුළුවන්.හැබැයි ඒ කාලේ කියන්නේ අනුරට ලබන ආත්මයේදීවත් බලය ගන්න පුළුවන් කියලා ජවිපෙ හීනෙන්වත් හිතපු කාලයක් නෙවෙයි.

    අනිත් කාරණාව තමයි මේ ෆයිල් ටික පාව්චිචි කරලා බිස්නස් කරන්නත් පුළුවන්.නිකං හිතන්නකෝ දිගටම බදු පැහැර හරින කෙනෙක්ගේ ෆයිල් එකක් මෙතන තියනවා කියලා.එයා ලගට මේ ෆයිල් එක ගෙනිහින් කියනවා ඔයා කෝටි මෙච්චරක බදු පැභැර ඇරලා තියනවා.මොකද කියන්නේ නඩු දාගන්නවද නැත්තං අපට මෙච්චර ගානක් දෙනවද කියලා කේවල් කරන්නත් පුළුවන්.කෝටි දහයක බදුපැහැර හැරපු කෙනාට අනිවාර්යයෙන්ම හිතෙනවා මෙයාලට කෝටියක් දීලා වැඩේ ශේෂ් වෙනවා කියලා.

    නඩු දාන්නේ නැතිව ෆයිල් තියාගෙන ඉන්න ජවිපෙ ගැන එහෙම හිතන්නත් අපට අයිතියක් තියනවා.ජවිපෙ කවදාවත් තමන්ගේ පක්ෂ අරමුදලට සල්ලි ආපු විදිහ ගැන කියන්න බෑ. වැරදිකාරයන්ට විරුද්ධ නඩු දාන්න අනුරගේ ආණ්ඩුවක් එනකම් ඉන්න ඕනි නෑ.කෙහෙළියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ ආණ්ඩුව නෙවෙයි.ඇත්තටම ඒ වැඩේ කළේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්.අනුරලා හිතුවේ රට හදන වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකර හොරු අල්ලන සටන් පාඨයෙන් විතරක් ගොඩ යන්න.

    ඒක නිසා අනුරට එයාගේ කැම්පේන් එක පවත්වාගෙන යන්න බැරිවුනා.එයාලා අවසාන වශයෙන් ආදේශ කරන්න හදපු වැඩවර්ජන ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් අසාර්ථක වුනා.දැන් වැඩවර්ජනවලට ආවොත් ජනතාව වර්ජකයන්ට උත්තර දෙන්න බලාගෙන ඉන්නේ. නිකං හිතන්නකෝ අනුරලාගේ කන්සෙප්ට් එක ගැන.ජනාධිපතිවරණ කාලපරිච්ඡේදය ඇතුලේ රට අස්ථාවර කරනවා.

    අස්ථාවර රටක බලය අරන් අනුර ජනාධිපති වෙච්චි දවසෙම පාර්ලිමේන්තුව විසුරවනවා. මෙයාලා ගේම ගහන්න හදන්නේ ඒ අස්ථාවරකම ඇතුලේ.ඒක ඇතුලේ තමයි අර ලාල් මාක් කරගෙන ඉන්නවා කියපු අයට වැඩේ දෙන්නේ. දුෂණ විරෝධී සටන් පාඨය පාවිචි කරගෙන තමයි විපක්ෂය මර්දනය කරන්නේ.අනුරලා, ටිල්වින්ලා හිතාගෙන ඉන්නේ ලංකාවේ බහුතර ජනතාව ගොන්නු කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා ඉයන් ලංකාවේ බහුතර ජනතාවට මේ අනතුර තේරෙනවා.ඒක නිසා කවුරුවත් දැනට තියන මේ හොඳ තත්වය පැත්තකින් තියලා විනාශය වැළද ගන්නේ නෑ. ජනතාව අතර දැන් තියන සාකච්ඡා වෙලා තියෙන්නේ මේ වෙලාවේ වාහනේ ඩ්‍රයිවර් මාරු කරන්න හොඳ නෑ කියන එකයි.තව අවුරුදු පහක් රනිල්ට වාහනේ පදවන්න දෙන්න ඕනි.ඇත්තටම රනිල්ගෙන් ගන්න ඕනි වැඩේ අපි ගන්න ඕනි.

      ඒ රනිල් වෙනුවෙන් නෙවෙයි මේ රට වෙනුවෙන්. නැත්තං රනිල් ඉතිහාසයේ අපිට මගහැරුණු නායකයෙක් බවට පත්වෙනවා.රනිල් ජනාධිපතිවරු කීපදෙනෙක් යටතේ අගමැතිකම් කළා.ඒවායේදී රනිල් හයිලයිට් උනේ රට බෙදන විකුණන නායකයෙක් විදිහට.රනිල් ජනාධිපතිවරයෙක් විදිහට ලංකාව පාලනය කළේ අවුරුදු දෙකක් වගේ කෙටිකාලයක්.ඒ කාලය කියන්නේ ඉතිහාසය රටේ තිබුණ දුෂ්කරම අවධියක්.

      රට බංකොලොත් වෙලා පොලිම්වල මිනිස්සු මැරෙනවා.රටේ ජන ජීවිතය කඩාගෙන වැටිලා. ඇත්තටම ලෝකය ඇතුලේ අපි අතරමං වෙලා. කවුරුත් බාරනොගත්ත රටක්.රට බංකොලොත් කරන්න මැදිහත් වෙච්චි අය පැනලා ගිහිල්ලා.රට බංකොලොත් කලා කියලා කෑගහපු අයත් රට බාර ගන්නේ නැතිව පැනලා ගිහිල්ලා.අන්තිමට ඉතිරි උනේ රනිල් විතරයි.රනිල්ට ඉතිරි වෙලා හිටියේ විපක්ෂ ඔය කියන හොරු ටික විතරයි.

      මහ හොරු ටිකත් පැනලා ගිහිල්ලා.රනිල්ට ඉතිරි උනේ බංකොලොත් රටක් හා එයාලා කියන හොරු කණ්ඩායම විතරයි.රනිල් ඔය කියන සත් ගුණවත් බෝධිසත්ව මහත්තුරුන්ට ආරාධනා කලා රට ගොඩනගන්න එන්න කියලා.එයාලා අම්මෝ බෑ කියද්දී රනිල් හොරුත් එක්ක එකතු වෙලා රට ගොඩගත්තා.ඔය කියන වැදගත් මහත්තුරු එන්නේ නැති තත්වයන් යටතේ රනිල්ට සිද්ධ උනේ ඉන්න මොකා එක්ක හරි වැඩේ කරන්න.

      ඇත්තටම අද මේ රට මේ තත්වයට ගෙන ඒමේ ගෞරවයයේ කොටසක් අර කියන හොරුන්ටත් තියනවා. ගිය මාසය අවසන් වෙනකොට රනිල්ගේ ජනප්‍රියත්වය තවත් 10% කින් වැඩිවෙනවා කියලා අනුමාන කළා වගේම ඇත්තටම දැන් ඒක වෙලා ඉවරයි.මෙච්චර කල් ජනමත සමීක්ෂණ ආයතන දැක්ක නැති ඇත්ත දැන් එයාලට දකින්න සිද්ධ වෙලා.එයාලගේ සමීක්ෂණවලට අනුව දැන් රනිල්ගේම ජනප්‍රියත්වය තුන් ගුණයකින් වැඩි වෙලා.

      තවම මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය නොකර සිටින 50% කට ආසන්න ඡන්ද දායකයන්ට තීරණයක් ගන්න හොඳම විදිහ
      ගිය මාසේ මුලදී ජනප්‍රියත්වය වැඩිවීමේ වේගය අතින් රනිල් සජිත්ට සහ අනුරට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා සමීක්ෂණ ප්‍රතිඵල වල තිබුණාට හැබැයි රනිල්ට තවම පිම්මක් ආවේ නෑ.ජනාධිපතිවරණයේ අවසන් දින 75 තීරණාත්මකයි.ස්ථිර වශයෙන් රනිල් සජිත් අභිබවා ඉස්සරහා එනවා.රනිල් ජනාධිපතිවරණයට එනවා කියපු ගමන් තීරණයක් නැති බහුතරය රනිල්ට ඡන්දය දෙන්න තීරණය කළොත් රනිල් සජිත්ව අභිබවා යනවා.අනුර ක්‍රමයෙන් එයාලට උරුම 3% ඉලක්කම දක්වා කෙමෙන් කෙමෙන් පසුබහිමින් ඉන්නවා, සමහර වෙලාවට ජාජබ උපරිම 3% -10% අතර මෙවර නතර වේවි. මේක තමයි බොහෝ දුරට වෙන්න ඉඩ තියෙන දේ.

      Delete
    2. //රට බංකොලොත් වෙලා පොලිම්වල මිනිස්සු මැරෙනවා.රටේ ජන ජීවිතය කඩාගෙන වැටිලා. ඇත්තටම ලෝකය ඇතුලේ අපි අතරමං වෙලා. කවුරුත් බාරනොගත්ත රටක්.රට බංකොලොත් කරන්න මැදිහත් වෙච්චි අය පැනලා ගිහිල්ලා.රට බංකොලොත් කලා කියලා කෑගහපු අයත් රට බාර ගන්නේ නැතිව පැනලා ගිහිල්ලා.අන්තිමට ඉතිරි උනේ රනිල් විතරයි.රනිල්ට ඉතිරි වෙලා හිටියේ විපක්ෂ ඔය කියන හොරු ටික විතරයි.//

      සහතික ඇත්ත. රනිල් හොරු අල්ලන්නෙ නැහැ කියල නොමඟ යැවීමක් තියෙනවා. යහපාලන කාලෙ එකෙන් දාපු නඩුවලින් 20 සන්ශෝදනයෙන් විනිසුරුවන් පත්කිරීම ගෝඨාභය ගත්තයින් පස්සේ ඔක්කොමල නිදහස් වුනා. ආර්ථිකය හරවන්න සම්මත කරවගන්න ඔහුට තිබුණේ පොහොට්ටු සහයෝගය විතරයි. ඒ අස්සේ රාජපක්ශලව හිර කරන්න ගියා නම්, බැසිල්ලා වැඩෙ චොර කරනවා. අනික ඔහු 2022 භාරගත්තෙ ආර්ථිකය හදන්න පමණයි. දීර්ඝ කමෙන්ට් එකට ස්තූතියි.

      Delete
    3. රනිල්ට 5% වඩා චන්ද තියෙන බව නම් පැහැදිලියි.

      Delete
  8. අනුරට දෙමළ මුස්ලිම් චන්ද නෑ. දෙමල ජාතිවාදයට පුකදෙන ජෙප්පන්ට හොඳ වැඩේ.සාදු.
    මට කටුවාපිටිය පල්ලියේ සිංහල කතෝලිකයෝ මැරුනාම ඇතිවුන ජොලියම, යාපනේ කැම්පස් එකේ එවුන් ඉංග්‍රීසි බැරුව වහබීලා මැරෙනවා කියලා ඇහුවාම ඇතිවුන ජොලියම, ජනාධිපති වරනයෙන් පස්සෙත් ඇතිවෙයි.

    ReplyDelete
    Replies
    1. @ Jagath Pathirana

      උතුරේ සහ නැගෙනහිර දමිල සහ මුස්ලිම්වරුන් පිළිබඳව ඔබේ තර්කය එක්ක බොහෝ දුරට එකඟයි නමුත් ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ නායකයන්. නමුත් කොළඹ සහ නාගරික ප්‍රදේශවල සිටින දමිළ මුස්ලිම්වරුන්ගේ තරුණ පිරිස අතර තරමකට ජනප්‍රියත්වයක් ඔවුන් ගැන තිබෙනවා නමුත් මැතිවරණ වලදී ඔවුන් තෝරාගන්නේ බොහෝදුරට සජබය හෝ එජාපය, ඒත් එම ජනතාවගේ තරුණ පරපුර අතර රනිල්ට වැඩි ප්‍රසාදයක් තියෙන බව පේනවා ඔහු දුෂ්කර අවස්ථාවක රට මෙහෙයවීම පිළිබඳව.

      ඔබ සිංහල බෞද්ධ කෙනෙක් ලෙස පෙනෙන නිසා ඔබගේ කටුවපිටිය සිංහල කතෝලික ජනතාව මියයාම සහ උතුරේ දමිළ තරුණයන් මියයාම නිසා "ජොලියක්" දැනුන බව කීම පිළිගත නොහැකියි. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය අසා සිංහල බෞද්ධ ජනතාව සතුටු වෙන්න ඇති, ඒත් ඔබ පැවසූ සිදුවීම්වලදී දකුණේ සිංහල බෞද්ධ බහුතර ජනතාව දැඩි ලෙස ශෝකයට පත්වුණා අතිශය ජාතිවාදී සිංහල බෞද්ධ අය පවා ඒවා දැක කම්පනයට පත්ව සිටිනු මා පුද්ගලිකව දැක තිබෙනවා

      බෞද්ධ දර්ශනය අනුව බලනවිට ඔබ කරගන්නේ බලවත් අකුසල කර්මයක්, එනම් හිංසනයක් දැක ඉන් තෘප්තියට පත්වීම, එය පවකට වඩා අකුසලයක්. ඔබ පව් පින් කුසල් අකුසල් ගැන හොඳට දන්න කෙනෙක් නම් දන්නව ඇති ඇත්තටම පින සහ කුසලය අතර සම්බන්ධයක් වගේම වෙනසකුත් තියෙනවා. පහත දැක්වෙන කාරණා කියෙවුවාම ඔබේ තර්කයට පිලිතුර ලැබෙනවා.

      පැහැදිලි කිරීම;

      අකුසල් කියන්නෙ රාග, ද්වේශ, මෝහ නැමති කෙලෙස් සිත් මතු වීමට. කුසල් කියන්නෙ රාග, ද්වේශ, මෝහ නැමති කෙලෙස් සිත් ප්‍රහාණය කිරීමට.

      තදංග ප්‍රහාණය, විශ්කම්භන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහානය ලෙස කෙලෙස් ප්‍රහාණය කරණ ක්‍රම 3ක් ඇත. ඒ කියන්නෙ කුසල කර්ම කරණ ක්‍රම 3ක් තියෙනවා.

      1.) තදංග ප්‍රහාණය

      තාවකාලිකව කෙලෙස් යටපත් කරණ කුසල කර්මයන් මීට අයත්.
      - දන් දීම, පූජා පැවැත්වීම ආදී පින්කම් කිරීම මීට ඇතුලත්. පින්කම කෙරෙහි සිත අලවා වාසය කරණ කාලය තුල කෙලෙස් තාවකාලිකව ප්‍රහාණය වෙනවා. මෙහිදී ඇති වන්නේ පුන්‍යාභිසoඛාර නැමති සිත් වර්ගයයි. අන්‍යාගමිකයන්ටත් මේක කරන්න පුලුවන්. මේකෙන් නිවන් සැප ලැබෙන්නෙ නෑ. මේකෙන් මනුශ්‍ය, දිව්‍ය සැප ලබන්න පුලුවන්.

      විශේෂයි: මේවා පින්කම් බැවින් මේවා අන්‍යයන්ට අනුමෝදන් කරන්න පුලුවන්.

      2.) විශ්කම්භන ප්‍රහාණය

      තාවකාලිකව කෙලෙස් යටපත් කරණ කුසල කර්මයන් මීට අයත්.
      - ධ්‍යාන වැඩීම මීට ඇතුලත්.
      ධ්‍යානයට සමවැදී වාසය කරණ කාලය අතරතුර කෙලෙස් තාවකාලිකව ප්‍රහාණය වෙනවා. මෙහිදී ඇති වන්නේ ආනෙන්ජාභිසංඛාර නැමති සිත් වර්ගයයි. අන්‍යාගමිකයන්ටත් මේක කරන්න පුලුවන්. මේකෙන් නිවන් සැප ලැබෙන්නෙ නෑ. මේකෙන් බ්‍රහ්ම සැප ලබන්න පුලුවන්.

      3.) සමුච්ඡේද ප්‍රහාණය

      නැවත මතු නොවන ලෙස ස්ථිරවම කෙලෙස් ප්‍රහාණය කරණ කුසල කර්මයන් මීට අයත්.
      - චතුරාර්‍ය සත්‍ය අවබෝධය, විදර්ශනා වැඩීම, සතර සතිපට්ඨානය වැඩීම ආදිය මීට ඇතුලත්. මෙහිදී කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වීමෙන් මාර්ගපලයන්ට පත් වෙනවා. මේකෙන් නිවන් සැප ලබන්න පුලුවන්.

      **************
      ඔන්න ඔය ආකාරයට ගත්තාම, පින් කියන්නෙ කෙලෙස් ප්‍රහාණය කරණ කුසල කර්ම වලින් කොටසක් පමණක් බව පැහැදිලියි. හරියට නිකම් කොලඹ යනු ලoකාවෙන් කොටසක් පමණයි වගේ. එහෙම උනා කියල කොලඹයි ලoකාවයි එකක් කියල කිවුවොත් ඒක අනවබෝධයෙන් කියන වැරදි කතාවක්.

      බුදු දහමේ දස පුන්‍ය ක්‍රියා සහ දස කුසල් යනුවෙන් දෙකක් දැක්වෙන්නේ මේ වෙනස නිසයි.

      ප්‍රායෝගික උදාහරණ:
      උපරිමයට පින් කරපු සත්වයන් පරනිම්මිත වසවර්ථිය නැමති ඉහලම දිව්‍ය ලෝකයේ ඉපදුනා මිසක් නිවන් දැක්කෙ නෑ. නිවන් සැප ලැබුවෙ නෑ. නමුත් අපට තරම් ආහාර ලැබීමට වත් පිනක් නොතිබූ ලෝසක තෙරුන්, කෙලෙස් ප්‍රහාණය කරල නිවන් දැක්කා.

      පින් තිබුනත් නැතත්, ඉහත 3 න් වන ක්‍රමයට කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරණ සත්වයන් නිවන් දකිනවා. ඔබත් මෙම කරුණු පිළිබඳව වැඩිදුර සොයා අධ්‍යනයක නිරත වෙන ලෙස ඉල්ලාසිටිමි.

      Delete
    2. @ All

      සාංසාරික චක්‍රයේ සැරිසරන සත්ත්වයාට සසර චක්‍රයෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමවේදය නම් දෘෂ්ටිගතවීමේ ඇති මුලා සහගත හිස් බව හඳුනා ගැනීම පමණයි, නිවන සරලයි , හැබැයි හරිම ගැඹුරුයි!!!

      බුදුන්ට‍ ඇත්තටම රූපයක්‌ නැ බුදුවරයෙක් රූපයට‍ නගන්න බැ රූපයට‍ නැගුවොත් දෘෂ්ටිගත වෙනවා ඇත්තටම බුද්ධ කියන්නෙ ස්වභාවයක්‌ හා විශ්විය රිද්මයක්‌ ... බුද්ධත්වය සිද්ධාර්ථ ගෞතම කියන පුද්ගල ස්වරුපයකට‍ දාලා පිටින් බුදු වුණා කියලා පෙන්වනවා විතරයි එත් ඇත්තටම එතැන පවතින්නේ බුද්ධ ස්වභාවය... ඒ බුද්ධ ස්වභාවය පුද්ගල ස්වරුපයකට දාන්නෙ සාමාන්‍ය මිනිස්සු දන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා දන්න නිසා එත් මේ විශ්වයේ ඇත්තටම නිශ්චිත සත්වයෙක් පුද්ගලයෙක් නැ පරමාර්ථය පමණයි පවතින්නේ..අනික ලෝකය මායාවක්‌ නම් බුද්ධ රූපය කෙසේද ස්ථිර වෙන්නෙ

      මේ කතාවත් ටිකකට අහල බලන්න;
      https://www.facebook.com/share/v/T6yJUKwa2Ycdso3B/?mibextid=oFDknk

      Delete
  9. රනිල්ගේ ජනප්‍රියත්වය වැඩිවෙමින් පවතිනව වගේම අනුර සිග්‍රයෙන් පල්ලම් බැහැගෙන යන තත්වයක් තමා මට නම් පේන්න තියෙන්නෙ. ලංකාවේ මිනිස්සුන්ගේ අවිඥානය ක්‍රියාත්මක වෙන්නේ සුපුරුදු රාමුවටමයි.
    බොහෝවිට සජිත් දිනන්න තියෙන ඉඩ වැඩියි.
    නමුත් මම කැමතියි සජිත් වගෙ පිංගොනොකුට වඩා රනිල් වගේ නරියෙකුට

    ReplyDelete
  10. හදිසි අවදානම් තත්ත්වයකට සූදානම් වන ලෙස බ්‍රිතාන්‍ය රජය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඇජෙන්ඩාවෙ(NWO)ඉතිරි වැඩ කටයුතු උන් පටන් ගන්නයි යන්නේ.බ්‍රිතාන්‍ය ජනතාව පමනක් නොව ලෝකයේ සියලු රටවල වැසියන් සූදානම් වෙන්න වෙයි.

    වසංගත
    විදුලි බිද වැටීම්
    යුද ගැටුම්
    සයිබර් ප්‍රහාර
    ආහාර සහ ජල අර්බුද
    ගංවතුර හා නායයෑම්
    සියල්ල තව දුරටත් ස්වභාවික නොවනු ඇත.

    ශ්‍රී ලංකා වැසියනි ඔයරටේ වහල් පාලකයොයි විපක්ෂ හොර තක්කඩි රැලයි කවුරුවත් ඕවා තොපිට කියන්නේ නෑ.

    ඒ බව දැනගෙන තොපිත් සූදානම් වෙයව්.☝⚠

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/New_World_Order_conspiracy_theory

      Nice !!

      Delete
  11. අද ගොඩක් අයගෙ මයික්‍රෝසොෆ්ට් පද්ධති ඇති පරිගණක වලට blue screen error එකක් ඇවිත් තියෙනවා.

    Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ආයතනය විසින් එයාලගෙ මෘදුකාංගයක සිදු කරපු යාවත්කාලීන කිරීමක් නිසා මේක උනේ කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ

    ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් අද මේ විදියට උනා නම් මේ ටික ට්‍රයි කරල බලන්න

    1.ඔයාගෙ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න, එහෙම නැත්නම් live OS එක පාවිච්චි කරලා හරි කමක් නෑ

    2.system partition එකේ මේ තියෙන path එකට යන්න

    C:\Windows\System32\drivers\CrowdStrike directory

    මේකෙ C වෙනස් වෙන්න පුලුවන් ඔයාගෙ partition lable එක අනුව

    3.උඩ කියපු path එකේ තියෙන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන මෙන්න මේ නම තියෙන ෆයිල් එක හොයාගන්න

    “C-00000291*.sys”

    4. ඒක Delete කරලා දාන්න.

    5. පරිගණකය ආයෙමත් සාමාන්‍ය විදියට on කරගන්න

    Safe mode එකට ගන්නෙ කොහොමද කියලා ඔයාගෙ computer එකේ model එක අනුව youtube එකේ search කරලා බලන්න. එකින් එකට ඒක වෙනස් වෙන්න පුලුවන් නිසා.

    Dos commands දන්න කෙනෙක්ට නම් මේක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ

    කාට හරි වැදගත් වෙයි කියල හිතාගෙන ලිවුවෙ, මාතෘකාවට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  12. දෙවෙනි මනාපෙ ගනින්නෙ මෙහෙමයි. එක් අපේක්ෂකයෙක්වත් වලංගු ඡන්ද සංඛ‍යාවෙන් 50%ක් සහ එක ඡන්දයක් නොලද අවස්ථාවක, වැඩිම ඡන්ද ලබාගත් දෙදෙනා ඉතුරුකර, අනිත් අය තරඟයෙන් ඉවත් කරනවා. ඉන්පසු අනිත් අපේක්ෂකයින්ගෙ දෙවන මනාප සහ තුන්වන මනාප මෙම අපෙක්ෂකයින්ට ලැබී ඇත්නම්, ඒවා මෙම ප්‍රධාන අපෙක්ෂකයින්ට එකතු කරනු ලබනවා. උදාහරණෙකින් පැහැදිලි කරමු. පහසුව සඳහා වලංගු ඡන්ද 1000ක් ගමු. අපෙක්ෂකයො 6ක් පමණයි කියල ගමු.
    අනුර කුමාර 400 (40%)
    සජිත් ප්‍රේමදාස 350 (35%)
    රනිල් වික්‍රමසිංහ 70 (7%)
    ධම්මික පෙරේරා 150 (15%)
    දිලිත් ජයවීර 20 (2%)
    බත්තරමුල්ලේ සීලරත්න 10 (1%)

    දැන් එක්කෙනෙක්වත් 50%යි එක් ඡන්දයක් වන ඡන්ද 501ක් අරගෙන නෑ. එතකොට වැඩියෙන්ම ඡන්ද ගත්ත දෙන්නා, අනුර සහ සජිත් ඉතුරු කරලා, අනිත් අය තරඟයෙන් අයින් කරනවා. දැන් අනුර ඡන්ද 400යි, සජිත් 350යි. ඊට පස්සෙ, අනිත් අපේෂකයන්ගෙ දෙවෙනි සහ තුන්වෙනි මනාප ගණන් කරනවා.

    රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දුන්නු අය (70):
    අනුරට (දෙවෙනි මනාප) 0
    සජිත්ට (දෙවෙනි මනාප) 20, (තුන්වෙනි මනාප නොසලකා හරී)
    ධම්මිකට (දෙවෙනි මනාප) 10, සජිත්ට (තුන්වෙනි මනාප) 5, අනුරට (තුන්වෙනි මනාප) 0
    රනිල්ට කතිර විතරක් ගහපු අය 40
    මෙතනදි සජිත්ට දෙවෙනි මනාප 20කුත්, ධම්මිකට දෙවෙනි මනාප 10කුත්, ඒ දෙවෙනි මනාප ධම්මිකට ගහපු අයගෙන් 5 දෙනෙක් සජිත්ට තුවෙනි මනාපකුත් දීල තියෙනවා. ධම්මික තරඟෙන් ඉවත් කරපු නිසා මෙතනදි ගනන් කරන්නෙ සජිත්ට තුන්වෙනි මනාප ගහපු අය විතරයි.

    ධම්මික පෙරේරාට ඡන්දෙ දුන්නු අය (150):
    අනුරට (දෙවෙනි මනාප) 25, (තුන්වෙනි මනාප නොසලකා හරී)
    සජිත්ට (දෙවෙනි මනාප ) 15, තුන්වෙනි මනාප නොසලකා හරී)
    රනිල්ට (දෙවෙනි මනාප ) 100 සජිත්ට (තුන්වෙනි මනාප) 92 අනුරට (තුන්වෙනි මනාප ) 6
    ධම්මිකට කතිර පමණක් 10

    දිලිත්ට ඡන්දෙ දුන්නු අය (20):
    අනුරට (දෙවෙනි මනාප) 2,(තුන්වෙනි මනාප නොසලකා හරී)
    සජිත්ට (දෙවෙනි මනාප) 4, (තුන්වෙනි මනාප නොසලකා හරී)
    ධම්මිකට (දෙවෙනි මනාප) 3, සජිත්ට (තුන්වෙනි මනාප) 1, අනුරට (තුන්වෙනි මනාප ) 0
    කතිර පමණක් 11

    සීලරත්නට ඡන්දෙ දුන්නු අය (10)
    කතිර පමණයි, කාටවත් මනාප ලකුණුකර නැත

    දැන් බලමු මුලු එකතුව

    අනුර ප්‍රථම මනාප (පලමු වටයෙන්) 400
    රනිල්ට ඡන්දෙ දුන්නු පිරිසෙන් (දෙවෙනි මනාප) 0, (තුන්වෙනි මනාප) 0
    ධම්මිකට ඡන්දෙ දුන්නු පිරිසෙන් දෙවෙනි මනාප) 25, තුන්වෙනි මනාප 6
    දිලිත්ට ඡන්දෙ දුන්නු පිරිසෙන් (දෙවෙනි මනාප) 2, තුන්වෙනි මනාප 0
    මුලු එකතුව 400+0+0+25+6+2+0 = 433

    සජිත්
    ප්‍රථම මනාප (පලමු වටයෙන් ) 350
    රනිල්ට ඡන්දෙ දුන්නු පිරිසෙන් (දෙවෙනි මනාප) 20, තුන්වෙනි මනාප 5
    ධම්මිකට ඡන්දෙ දුන්නු පිරිසෙන් දෙවෙනි මනාප) 15, තුන්වෙනි මනාප 92
    දිලිත්ට ඡන්දෙ දුන්නු පිරිසෙන් (දෙවෙනි මනාප) 4, තුන්වෙනි මනාප 1
    මුලු එකතුව 350+20+5+15+92+4+1 = 487

    ReplyDelete
  13. ලංකාවේ ජන්ද දායකයන්ගෙන් අඩක්වත් තේරුම් ගන්න බැරිනම් ඇයි අපේ රටේඅති බහුතරයක් මේ සා දුක සේ ජිවත්වෙන්නේ කියලා, එතන ලොකු ගැටළුවක් තියෙනවා. අද ජනගහනයට ප්‍රමාණවත් ඉස්පිරිතාල, පාසල්, ප්‍රවාහන, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දේ සහ රැකියා අවස්ථා නෑ. ඇයි එහෙම උනේ කියලා අපි මීට වඩා ගැඹුරින් කල්පානා කරන්න ඕනි. අඩුම දෙවනි මනාපය දෙද්දිවත් ඒ ගැන හිතන්න ඕනි.

    ReplyDelete
  14. ඉයන්, අතිඋතුම් කාදිනල් හිමිපාණන් විසින් අධිකරණයට ගොස් සුදුසුකම් රහිත දේශබන්දු තෙන්නකෝන් පොලිස්‌පතිවරයා ධූරයෙන් ඉවත්කළ පසුව මේවන විට රජය මගින් ක්‍රියාත්මක කරන වැඩ බලන පොලිස්‌පතිවරයකු පත් කරන ක්‍රමවේදය අනුව සහ යෝජිත නව 22 වන ව්‍යවස්ථා සංශෝධනය නිසාම ඇතිවී තිබෙන තත්ත්වය තුල විශේෂයෙන්ම පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ඉදිරි මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විශේෂඥයින්, රජයේ නීති උපදේශක ආයතන සහ රජයේ
    බලධාරීන් අතර සාකච්ඡා වෙමින් ඇති බව ලංකා ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබෙනවා.

    ඒ අනුව දැනට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිත්‍ය පොලිස්පතිවරයකු සිටියදී වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරමින් මැතිවරණයක් මෙහෙයවීමට නොහැකි වනු ඇති බව එම විශේෂඥයින් සහ රජයේ නීති සහ මැතිවරණ නිලධාරී කණ්ඩායම්වල අදහසයි.

    ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් පැවැත්වීමේදී පොලිසියට විශේෂ රාජකාරියක් පැවරෙන නිසා එය අත්‍යවශ්‍ය ආයතනයක් බවට පත්වෙයි.

    නිත්‍ය පොලිස්පතිවරයා ගේ සේවය වාරණය කර ඇති තත්ත්වයක් තුළ වැඩ බලන පොලිස්පතිවරයකු යටතේ මැතිවරණයක් පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණය තව මාස කිහිපයකට කල් දැමීමට සිදුවිය හැකි බවද සාකච්ඡා වෙමින් තිබේ.

    ReplyDelete
  15. සරත් පොන්සේකා විජේදාස රාජපක්ෂ ඇතුලු විශාල පිරිසක්ද මෙවර එන බව කියනවා නේද?

    මේක ශ්‍රී ලංකා ඉතිහාසයෙ පවත්වන මඤ්ඤම්ම ජනාධිපතිවරණය
    මොකක් වෙයිද කියලා හිතා ගන්නත් බෑ.

    ReplyDelete
  16. ගොඩක් අය ස්වාදීනව එන්නේ කාටවත් 50%ට වඩා ලැබෙන එක නතර කරන්න කියනවා. එකේ ඇත්තක් තියෙනවද ?

    ReplyDelete