Monday, October 16, 2023

යුක්‍රේන් උගුලේ හොඳම පරාජිතයා තෝරමු





හැමෝම පෝස්ට් දාන්න පටන් ගෙන නිසා මගෙනුත් එකක්.

මාස ගණනක් ඇදී යන රුසියානු-යුක්‍රේන් යුද්ධය ගැන මගේ අදහස. ලෝකෙ වෙන දේවල් ගැන තියා ඒ රටවල් කොහේ තියෙනවාද කියාවත් නොදන්නා එහෙත් මාධ්‍ය වලින් පමණක් ලෝකය දකින ඇතැම් බටහිර රටවල් වල අයට නම් බටහිර ලෝකයේ අධාර ඇතිව සාර්ථකව යුක්‍රේනය රුසියාව පරදවමින් සිටිනවා. ඒ ගැන විරුද්ධ අදහස් දරන අයගේ මතය නම් යුක්‍රේනය ඔවුන්ගේ පිරිමි ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් මේ යුද්ධය බිලිදී ඇති බවත් රුසියානු හමුදා ඇතිකර ඇති වට කිහිපයක ආරක්ෂක වලල්ල බිඳ දැමීමට හැකිවී නැති බවත්,  බිලියන සිය ගණන් බටහිර යුධ උපකරණ සහ ඇමෙරිකාවෙන් ගෙවන යුක්‍රේන් හමුදා පඩි සමඟවත් යුක්‍රේනයට මේ යුද්ධය දිනීමට කිසිම හැකියාවක් නැති බවත්ය.

මට පෙනෙන්නේත් මේ දෙවැනි මතය නිවැරදි බවයි. රුසියාවෙන් ණයට ගෑස් සහ නොයෙකුත් වරදාන ලබමින් සැපසේ ජීවත් වූ යුක්‍රේනය ඩොලර් බිලියන 5 ක වියදමින් ඇමෙරිකාව 2014 දී ඇතිකල මයිදාන් අරගලය සහ මයිදාන් ඝාතනය හරහා ඔවුන්ට හිතවත් එහෙත්  රුසියාවට විරුද්ධ පාලනයක් ඇතිකර දැන් එය තුන්වන ලෝක යුද්ධයක් ඇතිවන තත්ත්වයට ආසන්න වෙමින් තිබේ. 2019 ශ්‍රී ලංකාවේ සිදුවුනාක් මෙන් වෘත්තියෙන් කොමඩි නළුවෙකු ජනාධිපති කරගත් යුක්‍රේනය අද බොහෝ ලෙස විනාස වී ඇත්තේ ඇමෙරිකාවට ඇති බල තන්හාව නිසා බව සමහරුන්ගේ මතයයි. දෙවන ලෝක යුද්ධ සමයේ දී මෙන් සතුරු රටක් විනාස කිරීමට එම රටට ඇති දුර අදට අදාල නොවේ. එකල තිබූ මිසයිල වල දුර සීමාව අනුව 1962 කියුබාවේ මිසයිල් ස්ථාන ගතකිරීමට සෝවියට් දේශය කල උත්සාහයට යම්කිසි හේතුවක් තිබුණ මුත්, වොර්සෝ සම්මුතිය බිඳ වැටී ඇති විටක සහ දුර විදින මිසයිල වල ගමන් කල හැකි දුර ඉතා විශාල ලෙස වැඩි වී ඇති කාලයක නේටෝට තව දුරටත් ව්‍යාප්ත කර රුසියානු අසැල්වැසි යුක්‍රේනයත් නේටෝවට ඈඳාගෙන්න උත්සාහ කලේ මොන කෙන්ගෙඩියට දැයි මට නම් ප්‍රෙහේලිකාවකි.

මේවන විට ඇමෙරිකාවෙන් පමණක් ඩොලර් බිලියන 190 ක් පමණ වටිනා මුදල් සහ යුධ උපකරණ ලබා ගැනීමට යුක්‍රේනය සමත් වී ඇත. ඉතා දූශිත දේශයක් ලෙස ප්‍රකට යුක්‍රේන පාලකයන්ට නම් මෙය හොඳ පල්ලමකි. එමෙන්ම ඇමෙරිකාවේ චන්ද වලට වැඩි පුරම වියදම් කරන යුධ උපකරණ නිශ්පාදනය කරන සමාගම් වලටත් මෙය ඉතාමත් වාසිදායි යුද්ධයකි. කැලෑවල ගුවන් තොටුපලවල්, වරායවල්, විශාල සම්මන්ත්‍රණ ශාලා, අඩි සීයේ පාරවල්, වැනි දේ දැක පුරුදු අපිට ඇමෙරිකානු ආරක්ෂාවට කිසිම වාසියක් නොවන මෙවන් ක්‍රියාදාමයකට ඇමෙරිකාව අවතීර්ණ වුනේ ඇයිදැයි සිතාගත හැක. 

එහෙත් ඇමෙරිකානු පාලකයන් ලංකාවේ අය මෙන් මෝඩ නැත. එහෙත් මා දකින ඔවුන්ගේ යටි අරමුණු ගැන එතරම් කථා වෙනවා මා අසා නැත. ඒ ගැන මෙහෙම හිතමු. මේ යුද්ධයේ ජයග්‍රාහකයා නොව පරාජිතයා කවුද කියා  හිතමු.   ඒ දැනට තම බිම් ප්‍රමාණයෙන් 27% පමණ නැති කරගෙන සිටින යුක්‍රේනය පමණක් නොවේ. මට හිතෙන්නේ ප්‍රධානම පරාජිතයා යුරෝපය බවයි. ඒ ගැන මගේ තර්කයේ පදනම් මෙයයි.

1991 සෝවියට් සමූහාණ්ඩුව බැඳ වැටුනු පසු ලෝකයේ එකම බලවතා වූවේ ඇමෙරිකාවයි. 1993 යුරෝපා සංගමය ඇතිකරගත් දා සිට එය හරහා නොයෙකුත් ආකාරයෙන් ඇමෙරිකාවේ ආර්ථික බලවතා යන තත්ත්වයට හානි දායක වෙන දේවල් ඇතිවෙමින් තිබින. ලෝකයේ බොහෝ රටවල් ඩොලර් වලින් ගණුදෙනු කරන විට යුරෝපය තුල සහ ඔවුන් සමඟ ගනුදෙනු කරන රටවලට ඩොලර් එකට විකල්පයක් ලෙස යුරෝව හඳුන්වා දීම ඉන් එකකි. අද වනවිට ලෝකයේ ගනුදෙනු වලින් 37% ක් පමන යුරෝ වලින්   සිදුවේ.

අනික් කරුණ නම් භූගෝලීයව ආසන්නව ඇති රුසියාවේ බලශක්ති සැපයුම මත යුරෝපා සංගමයේ රටවල් යැපීමයි. ජර්මනිය ආදී රටවල ශීඝ්‍ර දියුණුවට රුසියාවෙන් අඩු මිලට ලැබෙන තෙල් සහ ගෑස් යම පමණකට දායක වන්නට ඇත. ගෑස් ඇමෙරිකාවෙන් ලබා ගන්නේ නම ප්‍රවාහණය ආදිය සමඟ යුරෝපයට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවේ.

තම හිතවාදී යුක්‍රේන් රජය ඇමෙරිකාව මැදිහත්වී පෙරලාදැමීම නිසා  යුක්‍රේනය පාලනය කල ක්‍රිමියාව  2014 දී රුසියාව ඈඳා ගැනීම පදනම්ව ඇමෙරිකාව මූලිකව ඇතිකල ආර්ථික තහන්චි නිසා යුරෝපය රුසියාවෙන් ගෑස් මිලදී ගැනීම අඩුකලේය. 2022 යුක්‍රේන් යුද්ධයත් සමඟම ලෝකේ තෙල් මිලද ඉහල ගියේය.  ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අද ජර්මනිය සහ යුරෝපයේ සමහර රටවල් ආර්ථික අවපාතයකට ලක්වෙමින් තිබේ.   

යුක්‍රේන් ප්‍රශ්ණය ඇති නොවී තව අවුරුදු 50 ක් පමණ ගියානම් ඇතිවන තත්ත්වය ගැන සිතා බලමු. රුසියාවේ තෙල් සහ ගෑස් මත යුරෝපය යැපෙයි. යුරෝපයට ඒවා අලෙවි කිරීම මත රුසියානු ආර්ථිකය යැපෙයි. එම  අන්තර් රඳා පැවැත්ම මත රුසියාව තවදුරටත් හතුරෙකු ලෙස යුරෝපීය රටවල් නොදකින තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබිනි. එසේ වූවානම් නේටෝ සංවිධානය කිසි වැඩකට නැති සංවිධානයක් බවට කෙමෙන් පත්වීමට ඉඩ තිබිණි. එසේ වූවා නම් ඇමෙරිකාව මත යුරෝපයේ යැපීම විශාල ලෙස අඩුවෙන්නට ඉඩ තිබිණි. මෙයට චීනයේ දියුණුවද එක් කල විට අති විශාල ණය කන්දකට යටවී ඇති ඇමෙරිකාව ආර්ථිකවද අනිකුත් ආකාර වලින්ද හුදකලා වීමට ඉඩ තිබිණි.

යුක්‍රේනයේ ඇමෙරිකාව ඇතිකල අර්බුධය නිසා එය දැන් වෙනස් වී ඇත. ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සංවිධානයට බැඳිනි. යුරෝපය ඇමෙරිකාවෙන් බලශක්ති මිලදී ගනී. යුරෝපයේ සියළුම රටවල් පාහේ ආර්ථිකව ඇද වැටෙමින් පවතී. නේටෝව ශක්තිමත් විය. යුක්‍රේන යුද්ධයට අවශ්‍ය අවි ඇමෙරිකාව නිශ්පාදනය කරයි. එනම් ඉදිරි කාලයේදී යුරෝපය ඇමෙරිකාවෙන් යැපෙන රටවල් කීපයක් බවට තවදුරටත් පත්වනු ඇත. එම නිසා යුරෝපයේ පැවැත්මට ඇමෙරිකාවට අතිවැදගත්  සාධකයක් ලෙස තව බොහෝ කලක් පෙනී සිටීමට හැකිවනු ඇත.

එසේ නම් ඇමෙරිකාව යුක්‍රේනය හරහා ගැසූ ගැටයේ අහුවී පරාද වී ඇත්තේ රුසියාවවත් යුක්‍රේනයවත් නොව යුරෝපා සංගමයේ රටවල් බවට ඔබත් එකඟවෙනු ඇති. යුරෝපා සංගමයෙන් වෙන්වී සිටියත් ඇමෙරිකාවට හැමදාම දෙකපුන එක්සත් රාජධානියටත් වන්නේ ඒ ටිකමය. 

අද පවතින යුද්ධය සමහර විට තුන්වන ලෝක යුද්ධය බවට පත්වී න්‍යශ්ඨික අවි ප්‍රහාර වලින් විශාල මිනිසුන් ප්‍රමාණයක් මියයන තත්ත්වයකට පත්වනු ඇත. එසේ නැත්නම් සාම සාකච්චාවලින් යුද්ධය නැවතී යුක්‍රේනයෙන් කොටසක් රුසියාව යටතේ පාලනය වනු ඇත. මෙයින් දෙවැන්න වීමේ ඉඩකඩ වැඩිය. එයට හේතුව මම කියනා ඉලක්කය ලබා ගැනීමට ඇමෙරිකාව ශක්තිමත් අඩිතාලමක් යුද්ධය හරහා දමාගෙන ඇති බැවිනි. එහෙත් ඇමෙරිකාව මේ ගැසූ ගැටය තව අවුරුදු කීපයකින් හැමෝටම අමතක වනු ඇත. ආක්‍රමණකාරී රුසියාවක් ගැන පමණක් ඔවුන් කථා කරනු ඇත. එහෙත් රුසියාව දුර්වල රාජ්‍යයක් නොව තම ආරක්ශාව වෙනුවෙන්  ඕනෑම කැපකිරීමක් කල හැකි සහ ඕනෑම අවදානමක් ගන්නා ජාතියක් වශයෙන් ඉතිහාස ගතවනු ඇත. 

 
එහෙත් ඇමෙරිකාව මේ ලබාගත් වාසිය නිදහසේ භුක්ති විඳීමට ඔවුන්ට නොලැබෙනු ඇත. ඔවුන් පමණක් නොව මුලු ලෝකයම මේ සඳහා වන්දි ගෙවනු ඇත.  රුසියාවේ තෙල් සහ ගෑස් සහ වෙලඳපොල සමඟ චීනය ආර්ථික වශයෙන් සහ ආරක්ෂාව අතින් විශාලම බලකඳවුර වනු ඇත. BRICS වැනි සංවිධාන නිසා සහ ඇමෙරිකාව දැනට නටවන  UN, IMF, SWIFT, VISA සහ Mastercard වැනි බටහිර ආර්ථික යටිතල වල බලය අඩු වනු ඇත. දැනටමත් සිදුවන ආකාරයට අප්‍රිකාවේ, දකුණු ඇමෙරිකාවේ සහ ආසියාවේ රටවල් විශාල ගණනක් චීන-රුසියා බල කඳවුරට නැඹුරු වනු ඇත. වෙන විදිහකින් කිව්වොත් 1991 සිට මේ දක්වා පැවැති ඇමෙරිකානු මූලික ඒකධ්‍රැව ලෝකයක් වෙනුවට ද්විධ්‍රැව හෝ බහුධ්‍රැව ලෝකයක් බිහිවනු ඇත. 1991 න් පසුව කඹ ඇඳීම් නැති සාමය සහ ආර්ථික සංවර්ධනයෙන් යුත් ලෝකයක් ඇතිකිරීමේ මූලිකත්වය ගැනීම ප්‍රතික්ෂේප කර ඇමෙරිකාව සහ බටහිර රාජ්‍යය ගෙනගිය My way or Highway ප්‍රතිපත්තිය නැවත න්‍යශ්ඨික සහ ජීව විද්‍යාත්මක අවි අත්හදා බලන, proxy wars වලින් බහුල සීතල යුද්ධයකට ලෝකය ගෙනයනු ඇත.  

ඒ අනුව නම් විශාලතම පරාජිතයා අනාගත පරපුරයි.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

30 comments:

  1. හිතන්න දේ ඉදිරිපත් කල හොඳ ලිපියක්.👌

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙවැනි අපහාසාත්මක බොරු ඔබේ බ්ලොග් අඩවියෙන් ඉවත් කරන්න.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. තවත් වටින විස්තරයක් මෙහෙම ලියන්
    එදත් වගේ හුරු දැනුමම ලිපියෙ තියන්
    මමත් ආව දිගු කලකට පසුව ඉයන්
    අදත් මතකෙ ඉන්නේදැයි දැන්ම කියන්....

    සතුටක් නැවත එන්න ලැබීම ගැන මට. පරන මිතුරන් නැවත හොයාගෙන යන ගමන් ඉයන්. ඉඩ තිබෙන වෙලාවක මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න. මම දුමී.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. කොහොමද බං උඹව අමතක වෙන්නේ? කාලෙකින් දකින්න ලැබුණු එක ගැන සංතෝසයි.

      Delete
  4. //ඒ අනුව නම් විශාලතම පරාජිතයා අනාගත පරපුරයි.//

    මිනිහත් තිරිසනෙකි තිරිසන් ගති නොහළ
    මහපටඟිල්ල නැමුමෙන් විය ලොව ඉහළ
    යුදෙන් දිනුව අය හිඳියිද දියත තුළ
    දියුණෙන් දියුණුවට යේවා 'මිනිස් මොළ'

    ReplyDelete
  5. මගේ අදහසත් මේකම නිසා ඉයන් කියන්න දෙයක් ඉතිරි කරලා නැහැ. හමාස් කාරයා ට ලණුවක් දුන්නේ රුසියාව සහ ඉරානය කියලත් හිතෙනවා. ඒ ඇරෙන්න ජර්මනියට තෙල් අරන් එන්න හදපු ඩොලර් බිලියන් නමයේ පයිප්පෙ විනාශ කරපු එක ලොකු හානියක්. ඒ ඇරෙන්න ඉයන් දැන් ජාත්‍යන්තර ප්‍රශ්න ගැන අදහස් දැක්වීම බලපුවහම හිතීමේ රටාවේ පෙරලියක් ඇතිවෙලා කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්

      Delete
  6. දැන් මේක ඇමෙරිකා/යුරෝපයට කොටි වල්ගයක් වෙලා, රිපබ්ලිකන් සහය නැතිවීම සහ ඊශ්‍රායල්/හමාස් ප්‍රශ්නය හමුවේ උක්රේනය අමතක වෙන්න පුළුවන්. දැන් උක්රේනය වැඩිපුර නිවූස් වලත් නෑ.

    අපිත් මේ වගේ පරිප්පුවක් කෑවනේ ජේ ආර් පප්පා ඉන්දියාවට විරුද්ද වෙලා ඇමෙරිකාව එක්ක සෙට් වෙන්න ගිහින්.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් අයගේ සහයෝගයත් 80% ඉඳල 50% ට බැහැල. රිපබ්ලිකන් සහයෝගයත් 30% ට වගේ ඇවිල්ලා. මේලඟදි බජට් එක අනුමත කරන්න රිපබ්ලිකන් කට්ටිය යුක්‍රේන් මුදල් කැපුවා.ඒත් යුක්‍රේනයේ කප්පම් ගත් හන්ටර් බයිඩන් ගේ පියා ජනාධිපති නම් කොහොම හරි මුදල් දෙන්න කථා කරනවා.

      Delete
  7. ඔය ජාත්‍යන්තර ප්‍රශ්නවලට අත දාල නිකං අහක යන මිසයිල පාරක් කන්න බෑ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. අර ඩැන් ප්‍රියසාද් කියල තියෙනව හමාස් ලංකාවට මිසයිල එව්වොත් එයා ඒ ගැන ක්‍රියාත්මක වෙනව කියල. ඒ වගේ ඉන්නකො ප්‍රසන්න.

      Delete
  8. හැම දෙනාම තමතමන්ගෙ අරමුණු ඔස්සෙ දුවනව.
    කරුණු කාරණා එක්ක විවිධ අදහස් තිව්නත් අන්තිම කියා තියෙන //ඒ අනුව නම් විශාලතම පරාජිතයා අනාගත පරපුරයි// අදහසට සම්පූර්ණ එකඟයි. මේවායේ ප්‍රතිඵල නෙලාගන්නේ අනාගත පරපුරම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නමී ඒක තමයි ප්‍රශ්ණෙ. කීප දෙනෙකුගෙ බල ආශාවට විශාල ජනගහනයක් දුක් විඳින්න වෙනවා.

      Delete
  9. මෙතැන තව පැත්තකුත් තියෙනවා කියලා මට ඇහිලා තියෙනවා.

    ඉදිරි දශකය ඇතුලතදි චීනය ඇමෙරිකාව අභිබවා ලෝක ආර්ථික බලවතා වෙයි කියලා කියනවනෙ. සාමාන්‍යයෙන් ලෝක ඉතිහාසය ගත්තම මේ බලතුලන හැමවිටම වෙනස් වෙන්නෙ මහා පරිමාණ යුද්ධයකින්.

    ඇමෙරිකාව මීලඟ මහපරිමාන යුද්ධය චීනය සමග පැසිපික් සාගරයේ ඇති වේ යැයි කියලා අනුමාන කරනවා. ඒ තායිවානය හරහා.

    මේ යුද්ධයේදී රුසියාව චීනය සමග හිට ගන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඊට කලින් රැසියාව වෙනත් දිර්ඝ කාලීන යුද්ධයක පටලවා ඔවුන්ගේ ශක්තිය හීන කිරීමක් ලෙස යුක්රේන රුසියා යුද්ධය නිර්වචනය කරනවා. ඒ වගේම රුසියාවේ යුද්ධ ශක්තිය ඇස්තමේන්තු කර ගන්නත් රුසියාවට ඉඩ ලැබෙනවා.

    ඒ නිසාම රුසියාව ප්‍රකෝප වෙන විදිහට නේටෝ බල සීමාව රුසියාවට ලං කලේ මේ කාරණය හින්දා කියලා කියනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. ඇමෙරිකාව තායිවානයේ semiconductor නිශ්පාදනය මත යැපෙනවා. හැබැයි මේ ලඟදී semiconductor නිපදවන තායිවාන් සමාගම් කීපයක් ඇමෙරිකාවේ කර්මාන්තශාලා වල අයෝජනය කලා. ඇමෙරිකාව ඒවා චීනයට අපනයනය කිරීම මේ ලඟදී තහනම් කලා. ඒ වුනාට යම්කිසි දුයුණුවක් ඇති semiconductors චීනය මඟින්ම නිපදවා මේ ලඟදී හුවාවේ සමාගමෙන් ඉතා දියුණු මොබයිල් ෆෝන් එකක් එලියට දැම්මා. බොහෝ දෙනෙක් කියනවා චීනය ඔවුන්ට කලින් අයිතිව තිබූ තායිවානය ආක්‍රමණය කරයි කියලා. එහෙම වුනොත් ඇමෙරිකාව සහ බටහිර රටවල් තායිවානය පැත්ත ගන්න ඉඩ තියෙනවා. ඒ වුනාට ඇමෙරිකාව චීනය සමඟ යුද්ධයකට පැටලුනොත් ඒක නම් ඇමෙරිකාවට ලේසි වෙන්නේ නැහැ. මොකද චීනය උතුරු කොරියාවේ ලඟම හිතවතෙක්. රුසියාවත් ඒපැත්තේ. ඒ රටවල් තුනටම න්‍යශ්ඨික අවි තියෙනවා. මම නම් හිතන්නේ ඇමෙරිකාව චීනයට ආර්ථික දියුණුවට බාල්දි දැම්මට කෙලින්ම චීනය සමඟ කෙලින්ම යුද්ධ කරන්න මැලි වෙයි කියලයි.

      Delete
    2. https://www.youtube.com/watch?v=-KrdcTsScKk

      Delete
    3. මයියා ගේ අදහස කලින් හිතපු එකකේ නෙමේ. එකෙත් හොඳ තර්කයක් තියෙනවා. ජර්මනියට උඩට එන්න ඉඩ දෙන්නේ නැති එකනම් දන පැහැදිලි වෙලා ඉවරයි මටනම්. අලුතින් ඇතිවුණු යුද්ධය නෙත්නයාහු සහ රුසියාව දෙකටම වාසියි කියන එකයි මගේ අදහස. හමාස් උන්ට ආයුධ දීල තමන්ටම ගස්සා ගත්තද මන්ද

      Delete
  10. ස්තූතියි ඉයන් හිතලා බලන්න යමක් ලිව්වාට (මගේ දේශපාලන විරුද්ධ වාදියා උනත්!)
    කොහොමත් යුද්ධයක් පටන් ගන්න රට නොවේ එය ක්‍රියාත්මක කරවන්නේ.
    ඒ වගේමයි ඉන් ඵල ලබන්නේ තවත් කවුරුවත්.

    අපි පොඩි ප්‍රොජෙක්ට් එකක් කරණවා "ශනිදා දහයට" කියලා.
    අපි කිහිප දෙනෙක් සෑම සෙනසුරාදාවකම රෑ 10ට බ්ලොග් පෝස්ට් එකක් ලියලා දානවා!
    ඉයනුත් අපිත් එක්ක සෙට් වෙනවා නම් අපි කැමතියි!

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයාගේ රෑ 10 අදහස නම් මරු, ඒ ටික වෙනම සින්ඩියකට දාගන්න පුළුවන් පින්වතෙක් ඉන්නවනම් බ්ලොග් කියවන අපෙන් පින්.
      මම විජේබාහු

      Delete
    2. කවුද ඇනෝ කෙනෙක් දෙන්නෙක් හිතන් ඉන්නවා මේක මගේ ප්‍රොජෙක්ට් එකක් කියල. ආයිත් වටයක් බොරු ප්‍රචාර වපුරන නිසා හිතුනේ. ප්‍රොජෙක්ට් එක තට්ටයාගේ කොලම මහතා ගේ කියල තවම දන්නේ නැහැ එයා. 🙃

      Delete
    3. වෙනමම සින්ඩියක් කෙසේ වෙතත් https://sandhakadapahana.blogspot.com/ සින්ඩියේ සියල්ල යාවත්කාලීන වෙනවා! තවම එයාලා මේකට මුකුත් කියලා නෑ!
      බ්ලොග් හමුව කරණ්න ගිහිං එපා උනාද දන්නේ නෑ!

      Delete
    4. වැඩේ කාගේ උනත් වැඩේ හොඳ නම් මොකෑ

      Delete