Wednesday, July 5, 2023

අස්වැසුමෙන් අස්වැසීම




1989 සිට ,කෙරෙන දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන ජනසවිය, සමෘද්ධි, යන නම් වලින් සහ දැන් අස්වැසුම නමින් ක්‍රියාත්මක වෙනවා. අතිශයින් දේශපාලනකරණීය වෙච්ච මේ වැඩසටහනින් කීදෙනෙක් දිලිඳු කමින් මිදුනාද යන්න ගැන දත්ත මම දැකල නැහැ. මගේ නම් අනුමානය වෙනත් හේතු නිසා මෙම සහනාධාර ක්‍රමයෙන් අයින් වුන අය ඉන්නවා නම් හැර මෙම වැඩසටහන නිසාම එහෙම මිදුන කෙනෙක් නම් ඉන්න බැහැ. ඒකට ප්‍රධානම හේතුව යම් මුදලක් දීම හැර එහෙම දිලිඳු කමින් මිදෙන්න තිබ්බ කොටසවල් හරියට ක්‍රියාත්මක නොවීමයි සහ ඒම කොටසවල් වල තිබ්බ අසම්පූර්ණ බවයි.

මේ වැඩසටහනේ තිබ්බ අනෙක් විශාලතම දුර්වල කමක් තමයි මේ අධාර ලැබිය යුතු සමහර අයට ඒවා නොලැබීමත්, ලැබිය නොයුතු අය දැනහැඳුනුම් කම් හෝ දේශපාලන සම්බන්ධකම් මත ඒවා ලබාගැනීමත්.

අස්වැසුම පටන් ගැනීමට පෙර ඒවා ලැබෙන අය තෝරාගැනීම භාර වුන සමෘද්ධි නිලධාරීන් වැරදි දත්ත සහ නිර්දේශ කිරීම වලට දඬුවම් ලැබෙන ක්‍රමයට විරුද්ධ වුනා කියල දැනගන්නට ලැබුණා.

මේ වගේ සහනාධාර ක්‍රමයයන් දියුණු යැයි සම්මත රටවලත් තියෙනවා. ඒවා ඇසුරෙන් වෙනස්කම් කිහිපයක් කිරීමෙන් මේ ක්‍රමයේ තිබෙන සමහට අඩුපාඩු අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා කලයුතු වෙනස්කම් නම්:

1. සහනාධාර ලාභීන්ට ඔවුන්ගේ ආදායම සහ වත්කම් පිලිබඳව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලැස්වීම. එම දිවුරුම් පෙත්සම අනුව එක්තරා වත්කම් ප්‍රමාණයකට වඩා අඩු ඒවගේම එක්තරා ආදායම් ප්‍රමාණයකට වඩා අඩු අයට පමණක් ඒ අධාර දීම. 

2. අතිරික්ත රජයේ සේවකයින් පූණුවකින් පසුව යොදවාගෙන සාදන කමිටු මඟින් අහඹු ලෙස තෝරාගන්නා ලාභීන් ප්‍රමාණයකගේ සැබෑ වත්කම් සහ ආදායම් විගණනය කිරීම.

3. සාවද්‍ය දත්ත ඉදිරිපත් කර ප්‍රතිලාභ ලබාගෙන හසු වන අයට එසේ සාවාද්‍ය ලෙස ලබා ගත් ප්‍රතිලාභ මෙන් දෙගුණයක හෝ තුන්ගුණයක දඩයක් නියම කිරීම. එය ගෙවිය නොහැකිනම් වත්කම් ප්‍රමාණයක් රජයට පවරාගෙන විකිණිමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම. එසේ සාවද්‍ය ලෙස ප්‍රතිලාභ ලබා ගන්නා අය පිලිබඳව ඔවුන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳව තොරතුරු දෙන අයට එම දඩයෙන් 1/3 (එනම් ව්‍යාජ ලෙස ලබා ගත් මුදලට සමාන ප්‍රමාණයක්) ත්‍යාගයක් ලෙස ගෙවීම. එලෙස විගණනය කරන බව සහ විගණනයන්ගෙන් අසුවූ අයට දුන් දඬුවම් සහ දඩයන් ගැන පුළුල් ප්‍රචාරයන් ලබා දීම.

මීට අමතරව 'අස්වැසුම ප්ලස්' යන නමින් මෙවන් ක්‍රමයක් හඳුන්වා දීම හොඳ යැයි මම හිතනවා.

1. මසකට රුපියල් 10,000 ක් හෝ 15,000 ක් පරිත්‍යාග කල හැකි සහ දුප්පත් පවුලක් වෙනුවෙන් මසකට පැය කිහිපයක් ගත කල හැකි අයගෙන් අයදුම් පත් කැඳවා තෝරාගැනීම. මෙලෙස අනුග්‍රාහකත්ව ලබාදීමට සඳහා කුඩා හා විශාල පෞද්ගලික ආයතන, සමිති සමාගම්, විදෙස්ගත ශ්‍රීලාංකිකයන් ආදිය උනන්දු කිරීම. සමහර ධනවතුන් හෝ විශාල සමාගම් දුප්පත් පවුල් කිහිපයකටම අනුග්‍රහය සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇත.

2. විශේෂයෙන් තෝරාගන්න දුප්පත්ම පවුලක් බැගින් එම අයදුම්කරුවන්ට අනුයුක්ත කිරීම. එම අනුග්‍රාහකින් මසකට ගෙවිය යුතු මුදල අස්වැසුම ගිණුමකට ලබා ගෙන අදාල දුප්පත් පවුලේ ගිණුමට බැර කිරීම.

3. අනුග්‍රාහයින්ට ඔවුන්ගේ පවුල් වල ඇති අතිරික්ත ඇඳුම්, කම්පියුටර්, විදුලි උපකරණ, ගෘහභාණ්ඩ, පොත්පත් ආදිය ඔවුන් අනුග්‍රහය දක්වන දුප්පත් පවුලට ලබාදීමට උනන්දු කරවීම.

4 දුප්පත් පවුලේ ළමයින් සහ වැඩිහිටියන් තාක්ෂණික පුහුණුවීම සඳහා උනන්දු කරවීමට හෝ ඔවුන්ගේ දන්න අය හරහා රැකියා ලබාදීම ආදිය උනන්දු කරවීම. 

5. ඉහත ආකාරයෙන් පුහුණුවක් ලබා රැකියාවක් ලබා ගැනීමට සැලසීම හරහා පවුල් දුප්පත් කමින් මුදවා ගැනීම් විශාල ප්‍රමාණයක් කරන අයට සහ සමාගම් වලට ඉහල ප්‍රසිද්ධියක් දී සම්මාන ප්‍රධානය කිරීම සහ ඔවුන් එම කාර්යයන් කල ආකාරය පිලිබඳව අත්දැකීම් රූපවාහිනී සහ අනිකුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම.

මෙම ක්‍රමයේ වාසි

1. සහනාධාර සඳහා යන රජයේ වියදමින් කොටසක් හෝ ඉතිරිවීම.

2. දැන් පවතින ක්‍රමය මෙන් නොව කුඩා කාල පරාසයක් තුල විශාල ප්‍රමාණයක් සත්තකින්ම දුප්පත්කමින් ගලවා ගැනීමට හැකිවීම.

3. දානය ගැන වටිනාකම දෙන රටේ බෞද්ධයන්ට සහ අන්‍යාගමිකයන්ට බොරු කාරයන්ට නොරැවටී ඇත්තටම දුප්පත් අයට උදව් කර පින් ලබා ගැනීමට සහ මහත් චිත්ත ප්‍රසාදයක් ලබා ගැනීමට හැකිවීම. 

4. දුප්පත් කමින් ගැලවුනු පසුවත් හඳුනාගත් පවුල අතර සුහදතාවයක් සහ ඉදිරියටත් මඟ පෙන්වීම ආදිය ලැබීම.

5. කලින් දුප්පත් පවුලේ ප්‍රගතිය අනුග්‍රාහකයා දන්නා නිසා යම් දියුණුවක් ලැබූ පසුවත් සහනාධාර වලින් ඉවත් නොවී නිකන් ලැබෙන මුදල් ලබා ගැනීම් ආද්ය විශාල ලෙස අඩුවීම.

මේවා කිරීමෙන් දුප්පත් කම තුරන් කිරීමේ රටේ උත්සාහයන් වලින් දේශපාලනය ඉවත්වී, හොරෙන් සහනාධාර ලබා ගන්නන් අඩුවී, ඇත්තෙන්ම දුප්පත් කමින් මිදීම නිතර ඇතිවෙන ලෙස වෙනස් වීම කවදා හෝ වෙනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි.


 

   


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

24 comments:

  1. ඉයන් ඔය වගේ ව්‍යාපෘති වලදී අදාල ව්‍යාපෘතිය ජනගත කිරීමට මාකටින් නැත්නම් නිසි ලෙස branding කිරීම අත්‍යවශ්‍ය කාරණයක, ඒ නිසා "අස්වැසුම" කියන නම ඉතාම පැහැදිලිව brand එකක් හැටියට අවුල්.

    නිදහස් පක්‍ෂ පොදුජන එක්සත් පෙරමුණ, පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊටත් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පාක්ෂික හෙංචයියන්ට රැකියා සහ ආදායමක් ලබාදීමට ක්‍රියාත්මක කරපු සමෘද්ධිය ගත්තම "සමෘද්ධි" කියන්නේ හොඳ නමක්. ඕනම වැඩක් කරන කොට brand එක හරියට හදන එක ඉතාම වැදගත්. එතනදී "නම" ඉතාම වැදගත්. ඔය පැරණි ක්‍රමයට ගණ පිහිටුවනවා කියන්නේ එහෙම දෙයක්.

    නමුත් මේ අස්වැසුම කිව්වම නිකං හිස්වැසුම වගේ... වැසුම කිව්වම එන්නේ අසුබ ගතියක්. ඇස්වහ වගේ... Brand එකක් හදන කොට බලන්න ඕනේ ඒ product එක ගන්න පාරිභෝගිකයා සහ/හෝ ප්‍රතිලාභියා කවුද කියලා. නම හදන්න ඕනා ඔවුන්ගේ සංස්කෘතියට දැනුමට මට්ටමට ගැලපෙන විදිහට.

    ඒ අතින් ලංකාවේ පොළවේ පැටවෙන එහෙම නැත්නම් ජනතා මනසට ගෝචර වන පරිදි හරියට "වැඩකරන" Brands හදන්න නම් බැසිල් රෝහණ රාජපක්ෂ තරම් දක්ෂයෙක් මා දැක නැහැ. උදාහරණ විදිහට දැනට කුජීත වී ප්‍රතික්ෂේප වී ඇතත් මීට වසර දෙකකට පමණ පෙර අතිශය ජනප්‍රිය සාර්ථක දේශපාලන කැම්පේන් එකක් වුණ "පොහොට්ටුව" කියන්නේ ලංකාවේ සමාජය විනිවිද ගිය අතිශය සාර්ථක ලෙස මාකට් කරපු එම කණ්ඩායම හදපු සුපිරිම brand එකක්. ලංකාව තුල සාමාන්‍ය ජනතාව විශේෂයෙන්ම ගැමි ගොවී ආකාරයේ පොදු ජනතාවට Market කරන්න පුළුවන් brand එකක් හදන්න නම් consult කරන්න ඕනා රෝහණ රාජපක්ෂ පසුපස සිටින දිලිත් ජයවීර ඇතුලූ නිර්මාණශීලී කණ්ඩායම.

    නමුත් ඒ අයත් එක්ක වැඩ කරන්න ලෙහෙසි නැහැ. රනිල්වික්‍රමසිංහ ඒක දන්නව. (නමුත් බැ.රෝ.රා කවදාවත් තමන්ව එහෙම brand එකක් කරගන්න සමත් වුණේ නැහැ. ඒකත් මාර වැඩක්.) එහෙම නේද?

    ReplyDelete
  2. මේ තලේබාන් බෞද්ධ පූජකයා අස්වැසුම ගැන පවසමින් වටේටම නෙළනවා නේද?

    https://fb.watch/lypNmxr-XH/?mibextid=8Bs6kp

    ඔබ ඔය ඉහත කුඩා ක්ලිප් එකේ පවසන දේවල් ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  3. අවුරුදු දසක ගණනකට පෙර- ජනසවිය දෙද්දී මම බතික් ව්‍යාපාරිකයෙක්. මගේ ළඟ සේවිකාවන් දහ-පහලොවකුත් වැඩ කළා. ග්‍රාමසේවක හිතවතෙක් මගෙන් ඇහුවා 'මචන්, උඹවත් මේකට දාන්නද. නිකන් හම්බ වෙන එකනේ' කියලා. (මං ගත්තේ නෑ.)

    කොරෝනා දවස්වල 5,000/- දෙනකොට... දවසකට රුපියල් දෙතුන් දහස උපයමින් හිටි අයත්; 30-40ස් දාස් ගණන්වලින් පඩි ලබන අයත්, යාන වාහන ගෙවල් හිමි අයත් ඒ සල්ලි ගත්තා, කිසිම හිරිකිතයක් නැතිව.
    මම දන්නා එක්කෙනෙකුට ග්‍රාමසේවක මිතුරෙක් (හොරට අත්සන යොදලා) 5,000/- අරන් තියලත් තිබුනා.

    මං බ්ලොග් අඩවියෙත් ලියු ලාවතී අක්කා මාස දෙක-තුනකට කලින් මියගියා. (එයාගේ තමයි ගේ ගිනි ගෙන තිබුණු වෙලාවේ බාගෙට පිලිස්සුනු පන්දහේ නෝට්ටුත් හම්බ වුනේ.) එයා ගෙයකුත් කුලියට දීලා හිටියේ. ඒත් වැඩිහිටි දීමනා- සහනාධාර- සේරම ගත්තා. ඊට අමතරව දවස තිස්සේ හිඟා කෑවා. මැරුණට පස්සෙයි දැනගන්නට ලැබුණේ- බැංකුවේ ලක්ෂ 34 තිබ්බ බව.

    මට හිතෙන්නේ ලංකාවේ වැඩි හරියක් ඉන්නෙ 'සිතින් දිළින්දෝ' කියලයි.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ උදාහරණයක්. "නිකං දෙන එකනෙ, ඒ නිසා ගත්තම මක් වෙනවද?" වගේ තමයි අදහස. සමාජය මෙය වංචාවක් ලෙස දකින්නෙ නෑ. සමාජය තියා නීතියවත්, ඇමටියෙක් 10% කොමිස් ඉල්ලපු එක වරදක් ලෙස දකින්නෙත් නෑ.

      Delete
  4. අදහස නං හොඳයි ඒත් මෙතන තියෙන්නෙ සමාජ සම්මත/ආකල්ප ගැන ප්‍රශ්ණයක් නෙමෙයිද? බංකොලොත් වෙච්ච, ඒත් තාමත්, ණය වලින් පාටි දාන සුභසාධන රාජ්‍යයක, සහනාධාර වරප්‍රසාදයක් ලෙස භාවිතා වෙනව කියල මට හිතෙනවා. ආණ්ඩුවට වගේම මේ "දුප්පතුන්ටත්" දුප්පත්කම කියන්නෙ ආදායම් මාර්ගයක් විතරයි. ආණ්ඩුවේ දුප්පත් කමෙන් මිදීමේ ක්‍රමවේදය - IMF ගයිඩ් ලයින්ස්. සහනාධාරලාභීන්ගේ වෑයම, තියෙන සහනාධාරය රැකගැනීමයි. දෙගොල්ලම කරන්නෙ, අධීක්ෂණය කරන අයගෙ ඇස්වසා ගහන ගේමක් මිස දුප්පත්කමින් ගොඩ යෑමක් බව පේන්නෙ නෑ.

    ReplyDelete
  5. ඉයන්, ලංකාවේ ජනතාවට සහනාධාර දෙන එක වෙනුවට මේ වගේ රැකියා වලට ඔවුන් පුහුණු කර යොදවන්න උත්සාහ නොකරන්නේ ඇයි?

    https://fb.watch/lB-NjVe-9a/?mibextid=8Bs6kp

    මේ ක්ලිප් එක සම්පූර්ණයෙන්ම බලන්න, මේකේ ඕස්ට්‍රේලියාව තුල කී හැකි රැකියා ගණනාවක් ගැන කියන කතාව ඇත්ත, ඇඩිලේඩ් විතරක්ම නෙවයි සිඩ්නි මෙල්බන් වලත් වෙනත් නගර සහ පිටිසරබද පළාත්වල පවා රැකියා තියෙනවා, ලංකාවට මේ රටවලින් ඉගෙන ගෙන ඒ වගේ ක්‍රම ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ඕන මේක ජනාධිපතිවරයාට කියන්න පුලුවන්ද? රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ට්‍රේලියාව සමග කතා බහ කළොත් ඕස්ට්‍රේලියාවේ රජයෙන් සහයෝගය සහ ආධාරත් ලබා ගැනීමට පුළුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අවසානෙ, හොඳ ප්‍රායෝගික පණිවිඩයක් දෙන වීඩියෝවක්. ස්තූතියි ඇනෝ.🙏👌

      Delete
  6. මොන ක්‍රමේකින් හරි ඔය මිනිස්සුංගෙ දුප්පත්කම නැති කළොත් චන්දෙට වැඩ කරන්න එකෙක් හොයාගන්න බැරි වෙනව. ඒ හින්ද ඒක වෙයි කියල හිතන්න අමාරුයි. හැබැයි කොහොම හරි මේක නවත්තල දැම්මොත්නං ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. කතාව... සහතික ඇත්ත. මීඩියා එකෙන් හිට කරන්නෙ ඔය දේම නෙ. මිනිස්සු බුද්ධිමත්, සබුද්ධික, සමෘධිමත් පිරිසක් වෙනව කියන්නෙ ඒ උදවියගෙ පැවැත්ම නැතිව යනව කියන එක. ඒ හන්ද තුවාළේ තියාගෙන ඉන්න එක තමයි උන්දලගෙ නුවනට හුරු වැඩේ. ඒ අතරෙ පූච්චානම් වැඩ සිද්ධවෙන්නෙ නැතුවමත් නෙමේ

      Delete
  7. +++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. ඉයන් ඔයාට පුළුවන් නම් නීති ආධාර කමිෂන් සභාවේ මහජනතාව වෙත සේවය ලබාදීම නිසි ලෙස ක්‍රියාත්මක වීම ගැන මැදිහත් වෙන්න මොකද නීතී ආධාර ක්මිශන් සභාවෙ ඉන්න උන් හිතන්නේ උන්ට වඩා උන් නෑ කියල...

    නීති උපදෙස් ගන්න ගියාම පෞද්ගලිකත්වය බල්ලට දාල අපි බල්ලෝ වගේ ඉන්න ඕනේ...

    ඊට පස්සෙ උන්ගෙ රැස් බලන්නත් ඕනෙ..

    ඇත්තටම රජයේ ආයතනවලට ගියාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද..😑😑💔

    ReplyDelete
  9. ඉයන් අස්වැසුම සමග රජයේ වියදම් අඩුකිරීම ගැන සාකච්ඡාවට භාජනය වන නිසා ඔබට යමක් කිව යුතුයි, ඒ ගිය අවුරුද්ද තුල සිදුවු කලබල නිසා ජනපති රනිල්ගෙන් ආරක්ෂාව ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කල ඉල්ලීමකට අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව වැඩි කිරීමට කියලා එක අයකුට රජයෙන් ආමි එකේ පණහකට අධික සන්නද්ධ ප්ලැටූන් එකක ආරක්ෂාව ලබාදීම සිදුවූ අතර එය තවමත් දිගටම ක්‍රියාත්මක වන නමුත් මම හිතන්නේ දැන් එය අනවශ්‍ය දෙයක් බවයි, එබඳු අනවශ්‍ය වියදම් අඩු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නේද?

    කරුණු කාරණා ඇනලයිස් කර බැලුවම අපද සහභාගිත්වය දැරූ ගිය වසරේ අරගලය පිළිබඳව නැවත පසු විපරමක් කරනු ලැබූවිට පෙනෙන්නට ඇති පරිදි අවසානයේ අරගලයෙන් වැඩිපුරම පහර වැදුනේ කාටද යන්න ගැන විමසා බලමු.

    අරගලයෙන් වැඩිම හානිය වුණේ නන්දසේන රාජපක්ෂටද...?

    නැත..

    නන්දසේන රාජපක්ෂට දිගු දේශපාලන ගමනක් යාමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත. එසේ තිබුණා නම් ජනප්‍රිය නොවන රසායනික පොහොර තහනම වැනි මෝඩ තීරණ ගන්නේ නැත. ඔහුට අවශ්‍ය වුණේ ඉන්න කෙටි කාලය තුළදී පොරක් වෙමින් පරිවර්තනික වෙනස්කම් කිහිපයක් කිරීමට පමණි. අනෙක්පසින් ගෝඨාට තම දරු පරම්පරාව දේශපාලන අභිෂේක කිරීමේ උවමනාවන් තිබුණේද නැත.

    මිරිහානේ තමන්ගෙ පෞද්ගලික නිවසේ සාමාන්‍ය ආරක්ෂාවක් යටතේ ජීවත් වූ ඔහු අද වැඩි ආරක්ෂාවක් යටතේ සුඛෝපභෝගී මන්දිරයක ජීවත් වෙයි. ජනපති ලෙස ඔහුම කප්පාදු කරතිබු වරප්‍රසාද වත්මන් රජය ඔහුට බලෙන්ම ලබාදී තිබේ.

    මහින්ද රාජපක්ෂටද...?

    ව්‍යවස්ථානුකූලව මහින්දට කොහොමත් නැවත ජනාධිපති විය නොහැකිය. ඔහු ඔහුගේ දේශපාලන ජීවිතයෙ ලැබිය හැකි ඉහළම පදවි තානාන්තර සහ උපරිම බලය ලබාගෙන ඇත. නැවතත් ඔහුට ලබාගැනීමට අළුත් බලයක් නැත. නමුත් ඔහුගේ මෝඩ පුතාට රජකම දීමට තිබූ සිහිනය නම් කුඩුපට්ටම් විය.

    පොහොට්ටුවෙ මැති ඇමතිවරුන්ද..?

    නැත...

    ඔවුන් ගිනිබත් කළ සහ සොරකමට කොල්ලකෑමකට ලක්වූ දේපල සඳහා තිබුණාටත් වඩා වැඩිපුර වන්දි ගනිමින් නැවත ගොඩනැගූ අතරම ඔවුන්ගෙ තාවකාලිකව අහිමි වූ ඇමතිකම් සහ වරප්‍රසාද ද නැවත ලැබෙමින් ඇත.

    ( විමල්, වාසු, ගම්මන්පිලලා වැනි අය පක්ෂය හැරගියෙ අරගලයට පෙරය..)

    ආචාර්ය රනිල් වික්‍රමසිංහයන්ටද...?

    නැත...

    පාර්ලිමේන්තුවෙ තනි ආසනයක් තිබූ ඔහු අද අරගලයේ පිහිටෙන් ලංකාවේ විධායක ජනාධිපතිය.

    සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට ද..?

    ඔව්...

    ආචාර්ය රනිල් වික්‍රමසිංහයන්ගේ ජනාධිපතිගමනයත් සමගම සජබ දෙකඩ වෙමින් ඇත. ඔවුන්ගෙ ප්‍රබල සාමාජිකයන් රනිල්ට එකතු වෙමින් ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අස්වැසුම යන කාරණා පිළිබඳව කටයුතු කිරීමේදී ඊට පෙරත් රටටම විහිළුවක් වී තිබූ සිරිලක මුග්ධ පාරාදීසය ලෙස නම්දරා තිබූ සජබයියන්ගේ සජබය කොහොමත් කොමිටල් එකක් ලෙස පැවති නමුත් ඊටත් වඩා සජබය තව තවත් විහිළුවක් වී බහුතර ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී යන බව පෙනේ

    අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට ද..?

    ඔව්..

    අරගලයට පෙර ඔවුන් ජනතාව අතර ජනප්‍රිය වෙමින් ආණ්ඩුවට අනාගතයේ දි දේශපාලන තර්ජනයක් වන මට්ටමට සාධණීය වර්ධනයක් පෙන්නුම් කළ අතර අරගලයේ දී සිදු වූ විනාශකාරී සිදුවීම් සහ පෙරටුගාමීන්ගෙ නැගිටීම සමගම අනුර ප්‍රමුඛ ජවිපෙට නිහඬ වන්නට සිදු විය. අරගලයෙන් පසුව පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඔවුන් උද්යෝගයෙන් ක්‍රියාත්මක වුණත් ඒ සමගම ජනතා රැල්ලක් පිබිදීමක් ඇති වුණත් ඒ සියල්ලම දැන් නැවත බිඳ වැටී ඇති අතර බැංකු බංකොලොත් බයිලා නිසා අවාසනාවන්ත ලෙස අද වන විට සමාජ මාධ්‍ය තුළ සහ පොදු සමාජ අවකාශයෙ ඔවුන්ගෙ පදනම බිඳ වැටී අවසන්ය.

    නාමල් රාජපක්ෂ

    ඔව්

    නාමල් රාජපක්ෂ යනු පුතාණෝ වැනිම පියාව විකුණගෙන කන තවත් බ්‍රොයිලර් කුකුලෙක් බවත් ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ නම් දේශපාලනයේ ගම් කුකුලෙක් ලෙස සැලකිය හැකි වුවද රාජපක්ෂ පවුලේ කිසිවකුත් නැවතත් ලංකාවත රාජ්‍ය නායකත්වයට කිසිදිනක පත් නොවුණු ඇති බවත් පෙනෙන නමුත් ඔවුන් දේශපාලනයේ යම් මට්ටමක රැඳී සිටිනු ඇති බව සිතිය හැකියි.

    ඊළගට තවත් කුජීත චරිත ටිකක් වන
    සරත් ෆොන්සේකා, පාටලී චම්පික රණවක වැනි ජනාධිපති සිහින දුටුවන්ට ද..?

    ඔව්...

    ගෝල්ෆේස් එකට රැස් වූ ඔළු ගෙඩි ගණන් කර දේශපාලනයේ රජ වෙන්නට ගිය සරත් ෆොන්සේකාට අද සිදුව ඇත්තේ තම වහල් බත්බැලයන් බැලීමට උදේ හවස වැලිකඩ බන්ධනාගාරයට බඩ ගෑමටය. වෙල් විදානේ තවත් කෝලමක් වී ඇත.

    43 සේනාංකය වැනි සංවිධාන සාදාගෙන ඉදිරියට එමින් සිටි පාඨලි චම්පික රණවකට වැලේ වැල් නැති විය. අද ඔහුට සටන් පාඨයක්වත් සොයා ගත නොහැකි මට්ටමට පත්ව ඇත.

    ගෝඨාභය රාජපක්ෂ සිස්ටම් චේන්ජ් කිරීමට ගොස් අතපුච්චාගෙන ගෙදර ගිය පසු ඊට පෙර පැවැති පාලන තන්ත්‍රයම ආචාර්ය රනිල් වික්‍රමසිංහයන් වන් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ පාලනය යටතේ දක්ෂ බටහිර උපදේශකයන්ගේ සැලසුම් වලට අනුව එජාපයේ නායකත්වයෙන් ඉදිරියට යමින් ඇත. මෙයයි සැබෑ තත්ත්වය ලංකාව තුල.

    ReplyDelete
  10. ලංකාවේ කාට හරි කරදරයක් වුණොත් ඒ ගැන අදහස් දක්වන්නේ හරිම ප්‍රවේශමෙන්. ඒ කියන්නේ තමන්ට වෙන හානි,කිරලා මැනලා..පෙරලා..නැතිනම් තමන් කැමති නැති අයට ඒ සිද්ධියෙන් හානියක් වෙනවා නම්..අර හානියට වෙන්න ඉඩ දීලා කට්ටිය සද්දේ වහනවා.හැමෝම කාට හරි කරදරයක් වුණාම පුදුම සතුටක් විඳිනවා.

    විපක්ෂ නායක තුමා දිස්ත්‍රික්කයකට චෛත්‍ය 40 ගානේ නිෂ්පාදනය කරලා රටේ ආර්ථිකේ චෛත්‍ය වලින් ගොඩ දාන්න ප්ලෑනක් දැම්මා.ඒ සැලසුම ගැන කට ඇරලා කියපු එතුමාට මාගල් කන්දේ දුන්නේ කනේ පහරක්.ඊට කලින් ජනතාව එයාට හොඳටම කියලා දුන්නා.මම බයේ ඉන්නේ නතාෂා ඇප ලැබිලා එලියට එනකොට එතුමා දමිතා හොයාගෙන ගියා වගේ දුවගෙන දුවගෙන ගිහිල්ලා එයාවත් පක්ෂෙට ගනියිද කියලා.මොකද ඇප දීමට පක්ෂ ප්‍රකාශයේ තියෙනවනේ මහජන කැළඹීමක් වෙලා නැහැ කියලා.ඊට කලින් එතුමත් නතාෂා හිරේ ඉන්නකොට දේශපාලනික අවාසි වෙන යමක් නම් කිව්වේ නැහැ.හැබැයි එයාට නතාෂා වෙනුවෙන් පෙනී හිටියා නම්..අර චෛත්‍ය කතාව කිව්වට වැඩිය ප්‍රසාද් කමක් ජනතාවගෙන් ලැබෙනවා සත්තයි.

    අනුරය්යා මේ දවස් වල ඔස්ට්‍රේලියාව දෙවනත් කරමින් මොකක්දෝ හොයනවා.රට වල් හැදෙන,හැදිච්ච හැටිද මන්දා? හදිසියෙවත් බැංකු ටික කඩා වැටුණා නම් ඌ රටෙත් නැහැ.කව්ද එතකොට රට භාරගන්නේ.හොඳ වෙලාවට රටයි බැංකුයි කඩා වැටුණේ නැත්තේ..මේ පාරත් අපිට අනුරය්යා මිස් වෙනවා එහෙනම්..ජනාධිපති කමෙන්.කොහොම නමුත් එයා එනකොට රටේ ණය ප්‍රතිව්‍යුහගත වෙලා ඉවරයි.එයා හොඳ වෙලාවට ගියේ.නැතිනම් ලෝකේ නැති තියරි වලින් කන් ගොඩ කරගන්න තිබුණා .ඔස්ට්‍රේලියාව හැදිච්ච හැටි බලාගෙන අවොත් වත් ඇති.ලංකාව වගේ 117 ගුණයක් විශාල ඕස්ට්‍රේලියාව ලංකාව ට වැඩිය මිලියන 3,5 ජනගහණයක් එක්ක රටක් දියුණු කරේ කොහොමද කියලා හොයාගෙන එයි.නරකද ඔය 117 ගුණයෙන් දෙකක් විතර ඉල්ලාගෙන මේ ජනගහනය එහෙටවත් ඇද්දොත්..ඔසිලට ජනගහනය ඩබල් වෙන එකට විතරයි කැමති වෙන්න ඕන..කොහොමත් දැන් පන්සල් හදලා රන් අතුරන එකේ..ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඔසී වල.

    කොහොම නමුත් මේ උපහාස කතා අතරේ විපක්ෂය ආයෙත් රටේ වැදගත්ම කරුණු වලදී ජනතාව වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ.නාතාෂා ගේ සිද්ධිය වැලකි ගිය සැලසුමක උගුලට අසු වීමක්.අරගලය දවස් වල බොරුවට ජනතාව අතරට ඇවිත් කිඹුල් කඳුළු හෙලුවට ලංකාව ආයෙත් 225 ගේ ගේම් වල ගිරයට අහුවෙලා.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී කිසියම් කැපකිරීමක් කරන්න වෙනවා.කව්රුහරි කියයි පාලකයෝ කරපු වැරදි වලට ජනතාව පලි නැහැ කියලා.බහුතර ජනතාව තමයි ඒ පාලකයෝ පත් කලේ.රටේ කිසිම පුද්ගලයකුට,පක්ෂයකට මේ කඩා වැටීමට දායක නොවුණා කියලා කියන්න හෘද සාක්ෂියක් නැහැ.ණය ප්‍රතිව්‍යුහගත කිරීම විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැකපු වට්ටි අම්මලා ලෙවල් එක දැනුනම..මේ මිනිසුන්ට රටක් භාර දෙන්න පුලුවන්ද කියලා හිතුණා.කොහොම නමුත් විපක්ෂයක් නැහැ.ආයෙත් සමාජ මාධ්‍ය ප්‍රධාන විපක්ෂය බවට පත්වෙමින් ඉන්නවා.

    අලුතින් දේශපාලනයට එන්න හිතාගෙන ඉන්න අය සිංහල බෞද්ධ වෙලා චන්ද පදනම ට හානි වෙයි කියල නතාෂා ගැන යමක් කියන්න බය වුනා.අපිටත් අවවාද කෝටියයි.ලංකාවේ දේශපාලනය කරන්න එනවා නම්..ඕවා ගැන කියනන් එපා...ලංකාවේ දේශපාලනය කරන්න එනවනම් අපි එන්නේ අන්න එහෙම හිතන මිනිස්සු වෙනස් කරන්න බලාගෙන.මොකද ඒ කියන පිරිසම පුදුම ජාතික සමගියකින් මාගල් කන්දේව ආරක්ෂා කරන හැටි දැක්කා.අපිට පිස්සු නැහැ අගතිගාමී ක්‍රමයක් ආරක්ෂා කරන්න පව් පුරවාගන්න..

    මාධ්‍ය ආයතන,විපක්ෂ නායක,මහා සංඝ නායක..අටමස්ථානාධිපති ලා. දේශපාලඥයෝ වගේම එයාලා වටේ ඉන්න බයි ප්‍රජාව මාගල් ගේ ගල් කේස් එකේදී ජාතික සමගිය ගොඩ නගා ගත්තා.අරගලයෙන් භේද භින්න වෙලා ගියපු බයි කඳවුර එකම ගල් කේස් එකකින් එකමිටකට ආවා කියන්නේ..ඉතින්...

    කොටින්ම කියනවනම් මහා අරගලකාරී SF හොයාගන්නත් නැහැ.ටියුෂන් ගුරාලා හාමුදුරුවන්ට එරෙහි පොස්ට් ෂෙයාර් කරන්නත් එපා කියලා ඉගැන්වුවා.ඒ ගල් ජාතික සමගිය අමුතුම එකක්.හැබයි නතාෂා වෙනුවෙන් මොනවා හරි කරන්න කථා කරාම බෙල්ල දීගෙන හරි ආවේ කව්ද කියලා මම නම් හිතේ තියාගෙන ඉන්නේ.අපිට යමක් වුණත් කව්රුත් එන්නේ නැහැ..ඕක තමයි එවන් උතුම් ගල් (ආඳා) වරු නමැති ලාංකීය වරුන්ගේ ඇත්ත.
    ජනතාවට කියන්න තියෙන්නේ මේ පවතින පක්ෂ ක්‍රමයේ..දේශපාලන ක්‍රමයේ විසඳුමක් තමන්ගේ දරුවන්ට නැහැ අළුතින් හිතන්නේ නැතිව..එක්කෝ අනුරය්යත් එහෙ ගිය එකේ ඔක්කොම නිශ්ශංක සේනාධිපතිට නැව් ගාස්තු දීලා එහෙට ගියා නම් හරි.ඔසීවල ට ගිහින් මෙහෙ තියෙන බෙදීම් අමතක කරලා කට්ට කාගෙන වැඩ කරන එකම මදැයි..මෙහෙ ණය ආර්ථිකයක් දරාගෙන ඉන්නවට වැඩිය.

    ReplyDelete
  11. ඉයන්, ජාතික ජන බලවේගය විසින් කරන ඉතාම වැදගත්ම වැඩසටහනක්, IMF මර උගුලේ රට හිර කරන්නේ නැතිව ණය අර්බුදය ගොඩ දාගන්න ක්‍රමයක් තිබුණේම නැතිද? මේ සාකච්ඡාව හැමෝම හොඳින් අහන්න.

    https://www.youtube.com/live/oui7oWj1LG4?feature=share

    ReplyDelete
  12. මම කොමියුනිස්ට් සමාජයකට කැමති නිසා ඕව දෙනවට විරුද්ධයි

    ReplyDelete
    Replies
    1. අජිත් කොමියුනිස්ට්වාදය සහිත සමාජයක් ලංකාව වගේ පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී ආගම්වාදී සහ ඒ මදිවට රැඩිකල් ගෝත්‍රිකයන් සහ නිරාගමික ගෝත්‍රිකයන් සහිත ඉතාම පටු ආකල්ප පටු දේශපාලන චින්තනයක් ඇති එක එක පක්‍ෂවලට කඩේ යන වෙනස් වෙනස් ගෝත්‍රික වහල් බයියන් එනම් රාජපක්ෂ බයියන් වගේම සජිත් ප්‍රේමදාස වහල් බයියන් මාලිමාවට හෙළුවෙන් කඩේ යන බයි වහලුන් පෙරටුගාමී බයියන් වෙනත් අලුත් පක්‍ෂ වලට කඩේයන බයියන්, වෙන්න-රැඩිකල් ගෝත්‍රික බයියන් වගේ උන් එක්ක සැබෑ සංකල්පික සමාජවාදය හෝ කොමියුනිටි මූලික කරගත් සාමූහිකත්වය හරය කරගත් කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමයක් ඇති, කරන්න කොහොමටවත් බැරි බවත් ඉතාම ඉක්මනට අසාර්ථක වන බවත් පැහැදිලිව පෙනෙන දෙයක්. ඇත්තටම ගෝත්‍රික නෙවෙයි මුං අසික්කිතයි.... අපි ගෝත්‍රික සැවේජස්ලා කැනිබල්ස්ලා කියල අපහාස කරන ඇමසන් වනයෙ ප්‍රාථමික සමාජ ක්‍රමයක ජීවත් වන මිනිස්සුන්ට අඩුගානේ sexual ඇරියස් නෑනෙ..උං විවෘතව ජීවත් වෙන්නෙ... උන් එහෙම ජිවත් වෙන විදිහ දන්නවා.... අර වීඩියෝව වගේ ඔහොම ගෑනුන්ට කරන්නෙ නෑ ඒ කවුරුත් ...ලංකාවේ 85% වගේ බහුතර සමාජ අසහනකාරයින් තමයි ඔය ඒත් උනුත් පව් හැබැයි...😒😒😒

      Delete
    2. ඇනොවන්, හරි පිලිගන්නවා. හැබැයි මම මේ කොමියුනිස්ට් සමාජ කතාව කීවේ ඒ තේරුමෙන්ම නොවේ. මේ සහනාධාර, සමෘධි, අස්වැසුම් අරව මේවා කොමියුනිස්ට් වැඩ නෙමේ. කොමියුනිස්ට් ක්‍රමයක හැම එකාම වැඩකරන්න ඕනේ. අනික ආබාධිත differently abled කියල වුනත් ඉන්න බැහැ. වැඩ කරන්න ඕනේ ටැක්ස් ගෙවන්න ඕනේ. අඩු ගානට දෙන ගෙවල්, නොමිලේ සෞඛ්‍ය සහ නොමිලේ අධ්‍යපනය හෙම දෙන්නේ එහෙම. අපි හිටිය සමාජවාදී සොවියට් දේශයේ වුනත් සහනාධාර දුන්නේ නැහැ. ඒක මේ ලංකාවේ හෙම වාමාංශික පක්ෂ ගොතපු කතාවක්. පුරුද්දට බොන එවුන් ඒක ලෙඩක් නම් කෙලින්ම වැඩ කඳවුරු වලට ගෙනියනව. ඒ වුනාට මම සපෝර්ට් . ඒකාධිපති තමා. සෝවියට් ක්‍රමය ආපු නිසා බ්‍රිතාන්‍ය වගේ රටවල් දුප්පත් මිනිසුන් අරගල කිරීමෙන් වලකා තබාගන්න විරැකියා සහනාධාර. නිවාස සහනාධාර දෙන්න ගත්ත. දැන් ඒක නිසා අපි වගේ වැඩ කරන මිනිසුන් ගේ සල්ලි වලින් අර වැඩ නොකරන අය නඩත්තු වෙනවා. ඒ ගොල්ලන්ට නිකන් බෙහෙත්, නිකන් අධ්‍යපනය , හැම මගුලම නිකන්. දැන් සුද්දෝ ජර්මන් උන් රිෆියුජිස් ලට අකමැති ඒකයි.අර ඔක්කොම නිකන් දෙන නිසා,. මේක නඩත්තු කරන්න බැහැ. කවදාහරි පුපුරලා යන්න කලින් වෙනස් කරන්න වෙනවා. දැන් සමාජවාදය නැති එකේ කලාට අවුලක් නැහැනේ. නමුත් මානුෂිකව වැරදියි කියල කියන්නේ.

      Delete
    3. ගොං අජිත් දැන් මේ රටේ ඇත්ත අර්බුදය ගැන ජෙප්පො කිවුවෙ මීට අවුරුදු ගානකට කලින්.ඒ කාලෙත් උබ වගේ ගෝතයො උන්ට මඩ ගැහුව..බලපන් ඉදිරියට ජාතික ජන බලවේගය බලයට ආවොත් විතරක් ගොඩාක් සුබ වෙයි අපේ රටට උබ වගේ කාලකන්නියො ඉන්නකම් කරන්නේ ජවිපෙට මාලිමාවට මඩ ගහන එක විතරයි...

      Delete
    4. කොහේද යකෝ මෙතන මගුලේ මාලිමාවක් ගැන කතා කරලා තියෙන්නේ 😀

      Delete
    5. ගරු අනුර කුමාර මැතිදුන්ට ජය වේවා, මාලිමාවට ජය වේවා. ජාතික ජන බලවේගයට ජය වේවා. මුනින්ද්රයාණන් ට ජය වේවා.

      Delete
    6. @ ano 9.50

      ඔව් ඉතිං ජෙප්පෝ කියපුවා ඇස් පනාපිට ඔප්පු වුණා....
      පෝට් සිටිය හදන්න සීගිරිය කඩන්න වුණා දැන් ලන්කාවෙ එක කළුගල් කෑල්ලක් හොයාගන්න නැහැ...🤣
      උමා ඔයේ තඩි හිල ඒක අදටත් වහගන්න බැරි වුණා 🤣
      හම්බන්තොට වරායේ කලු ගල ඒ නිසා නැව් එන්න බැහැ. ජෙපි ආන්ඩුවක් ඇවිල්ලා ගල කපනකන් නැව් එන්නෙ නැහැ 🤣
      මත්තල එයාර්පෝට් එකට අදටත් ✈️ එන්න බැහැ. එන එන ✈️ ඒකේ කුරුල්ලෝ වදිනවා 🤣
      අධිවේගී මාර්ගය හැදුවට වැඩක් නැහැ. එහාගෙදර බල්ලට මෙහා ගෙදරට ඇවිල්ලා love කරන්න බැහැ 🤣
      හයිවේ හැදුවේ දඩමස් ගන්නට 😄 හයිවේ හැදුවේ එකෙන් මැදමුලන ඉඳන් කොළඹට ඇඹුල් තියල් ගේන්න 😃 නෙලුම් කුළුන හැදුවේ පැනල මැරෙන්න 😄 සුවිසැරිය ඉන්දියාව ලංකාව යටත් කර ගැනීමට එවපු ට්‍රෝජන් අස්සයෙක් 😄 දවස් පහේ නිවාඩුව ඉවර උන ගමන්ම එකපාරටම රටේ බැංකු ටික ඔක්කොම ඉවරයි කඩාගෙන බිඳගෙන වැටෙනවා 😄 අරගලය කරේ අපේ සමාජවාදී ශිෂ්‍ය සංගමය 😄😃😀 පාර්ලිමේන්තුව වැටලීමට ගිය එක කුමාර් ගුණරත්නම් දන්නේ නෑ කියල කියන පල්බොරුව
      තව එකී මෙකී නොකී ගොඩාක් දේවල් තියෙනවා ජෙප්පෝ ඒ දවස්වල කියලා අද ඇස් පනාපිට ඔප්පු වුණ ඒවා 🤣🤣🤣🤣😂😁

      අජිත්,

      මුන් වලක වැටුනත් ආ කමක් නෑ අපි,මාලිමාවට කියල තප්පු ලන වහල් මානසිකත්වය ඇති තවත් එක් වහල් බයියෝ රැලක්, මයිනගේ කාක්කගේ වහල්ලු තව හොඳයි මුන් එක්ක බලනකොට 😄😄😄

      අර සමන්ත බඩ්ඩ හොරගණයාගේ සින්දුව මුන්ගේ මහ හාමුට හදල කියන්න බලන්න

      ගුඳ ගුඳ ගත පච විද විද අන්රයියාණනේ... පෝට් සිටියෙ ගලින් උපන්.. උමා ඔයේ හිලෙන් උපන් බොනිකර තරු කෙබර විදින අන්රයියානණේ... අර තාලෙට මැච් වෙනවා නේද?

      Delete
  13. AJITH & ANO මාලිමා 1/4කම්නි ගැන කතා කරල වැඩක්ම නෑ, දැන් ඔය පින් ගොනා කියන විදියට මෙච්චර දේවල් තේරෙන උන් 2005 දි මහින්දය රාජපක්ෂ නීල හොරා සුනාමි හොරකම කරලා තියෙද්දිත් හොර මහින්දයාට රෙදි නැතුව රට වටේටම කැන්වසින් ගියානෙ.. පත්තර වල ඇඩ් දාල වේදිකාවල බෙරිහන් දීල මහින්ද රාජපක්ෂ කම්බ හොරා දිනවන්න කියලා ලප රිලවා තන්පුලන වීඩියෝ දර්ශන ඕකුන්ට පේන්නේ නෑ ඇත්තටම රටට කෙළවෙන්න ගත්තෙ මහින්දයා 2005 ජනාධිපති වුන එකෙන් පස්සෙ. ඒකයි ඇත්ත.. අවුරුදු 30ක් යුද්දයක් තිබ්බත් රට බංකොලොත් උනේ නෑ. යුද්ධය දිනලා අයියලා මල්ලිලා සුද්දෙ දැම්මා ජවිපේ ඕකුනුත් එක්කත් ඩීල් දාගෙන හොදට.. මුන් ලස්සනට මුන්ගෙ ඩීල් එක කරලා අවශ්‍ය ආකාරයට සල්ලි හොයාගෙන ගානට බබාල වගේ අයින් උනා. දැන් රනිල් එක්ක තරහයි කියලා පෙන්නලා යටින් රනිල් එක්ක ඩීල් ගහනවා..🤬 නොදකින් සක්කිලි මාලිමා හොර හැත්තත් එකම ජාතියේ හොර රැලක් විතරයි නේද?

    ReplyDelete
  14. ඉයන් මේ නිව්ස් එක දකින්න ඇති නේද?

    " ජවිපෙ මීට මාස 05 කට පෙර බලය ලබාගත් සඳලංකාව සමූපකාරය බංකොලොත්. සභාපති ඉල්ලා අස්වේ."

    මේවා ප්‍රවෘත්ති ද...?

    ජවිපෙ එකපාරක්වත් පාලනය නොකර මේ රටක්ම බංකොලොත් වෙලා තියෙන්නේ...?

    පික්සුනේ.....

    ඔබ එහෙම අහාවි ඒත්
    ඒත් මේක ප්‍රවෘත්තියක් වෙන්න හේතු කිහිපයක් බලපානවා...

    🔴ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට රටේ තියෙන කුඩාම පරිපාලන ඒකකකයක් වන සමූපකාරයක්වත් පාලනය කරගන්න බෑ...

    🔴මෙහි සභාපති උපාලි කළුතන්ත්‍රි කැලණිය සරසවියෙ උපාධිධාරීයෙක්. ජවිපෙ පහුගිය කාලය පුරාවටම හඬ නැගුවෙ අපේ ඉන්නෙ උගත්තු උගතුන්ට තැනක් දෙන්න කියලා. සමුපකාරයක්වත් පාලනය කරන්න බැරි උගත්තු මක්කටද...?
    ( මට වියත්මග මතක් වෙනවා 😁)

    මේ කතාවෙ තියෙන භයානකම සහ විශේෂ කාරණය ඒක නෙවෙයි...

    🔴සමූපකාරය බංකොලොත් උනේ එහි ලාභය පක්ෂ අරමුදලට බැර කරපු නිසාලු...

    එහෙම කරන්නෙ කොහොමද...? එහෙම කරන්න පුළුවන් ද...?

    මේක ඉතා බරපතල තත්වයක්. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම මුල්තැන දුන්නෙ රට ගොඩනංවන්න නෙවෙයි පක්ෂ අරමුදල තර කරන්න.

    ඒ වෙනුවෙන් ඔවුන් නොකල දෙයක් නෑ..

    ▶️බැංකු මංකොල්ල කෑවා..
    ▶️ගෙවල් වලට පැනලා හොරකම් කරා..
    ▶️වර්ජන, උද්ඝෝෂණ කරනවා කියලා කොම්පැණි බය කරලා කප්පම් ගත්තා..
    ▶️ටොයිලට් අස්සෙ සල්ලි ගත්තා...
    ▶️විජේදාස රාජපක්ෂ වරක් කිව්වා පෝස්ටර් ගහන්න ඔවුන් ලක්ෂ 25 ක් ගත්තා කියලා..

    ඒ නිසා...

    මේ සඳලංකාව සමූපකාරය බංකොලොත් වීම හුදු සරල ප්‍රවෘත්තියක් නෙවේ. සාකච්ඡාවට බඳුන් කල යුතු ප්‍රධානතම ප්‍රවෘත්තියක්.

    පැහැදිලිවම මේ තමයි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබල වේගයෙ නොහැකියාව.

    මට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වෙනුවෙන්ම අප හිතවත් සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා කියපු කතාවක් මතක් වෙනවා..

    " පුළුවන් නම් ජනතා විමුක්ති පෙරමුණ පෙටිටි කඩයක් කරලා පෙන්නන්න කියලා මම අභියෝග කරනවා"

    😄😄😄

    ReplyDelete