Tuesday, June 27, 2023

කල යුතුම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජවිපෙ ඒ ගැන කියන බොරු

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ සුමානේ අන්තිමට වෙන බවත් ඒ සඳහා බැංකු සහ කොටස් වෙලඳපොල දවස් 5 ක් වසා තමන බවත් නිවේදනය කරල තියෙනවා. ජවිපෙ මේ ගැන ප්‍රවෘත්ති සාකච්චාවක් තියල කියන්නේ මේකෙන් බැංකුවල තැන්පත් කරුවන්ගේ තැන්පත් වලට හානියක වෙන බවත්, අර්ථසාධක අරමුදලෙන් රජය ගෙන තියෙන ණය කපා හැරීමෙන් සේවකයන් එහි තැන්පත් කර ඇති මුදල් නැවත ගැනීමේදී පාඩුවක් සිදුවෙන බවත්. මේ ගැන තව සාකච්චාවක් තියපු පාඨලී චම්පික රණවක මහත්මයත් රජයේ මුල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රජයේ වියදම් දල දේශීය නිශ්පාදනයෙන් 13% කට සීමා කලයුතු බවත් කියනවා. මේ වීඩියෝ දෙක පහල.








මට හිතෙන්නේ ජවිපෙ නම් කරන්නේ මහජනයා මුලා කිරීමක්. ඒ විතරක් නෙවෙයි ඒ ගොල්ලො කියන දේවල් විස්වාස කරල තැන්පත් කරුවන් ඔවුන්ගේ මුදල් එකවර බැංකු වලින් අයින් කරගන්න උත්සාහ කලොත් ඒ බැංකු ද්‍රවශීලතාව නැතුව කඩා වැටෙන්නත් පුළුවන්. එහෙම වුනොත් ඒගොල්ලන්ට චන්දෙකදි වාසියක් ගන්න බලාගෙන එහෙම බොරුවල් කියනව වුනත් මම නම් හිතන්නේ මේ වගේ බොරු වලින් මුල්‍ය පද්ධතිය කඩා වට්ටන්න උත්සාහ කිරීම දඬුවම් දිය යුතු වරදක් කියලයි.


මේ ගැන අදට දන්නා පරිදි ඇත්ත තත්වය මේකයි.

1. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඔවුන් කරන්නට යන එක දෙයක් තමයි බැඳුම්කර (එනම් මාස් 12 කට එහා කාලයකදී කල් පිරෙන තැන්පත් ), වල කල් පිරෙන දිනය දීර්ඝ කිරීම. මේකෙන් සහ පහත (2) දක්වන් දෙයින් එම බැඳුම්කර වල අද වටිනාකමේ අගය වෙනස්වුණත්, නව කල් පිරෙන දිනයේදී සම්පූර්ණ මුදලම ලැබෙනවා.

2. ඉහත කල් පිරීම කල් දාපු බැඳුම් කර වලට ගෙවන පොලී අනුපාතය අඩුකිරීම. මෙහිදී එම බැඳුම්කර වල තැන්පත් කරුවන්ට (බොහෝ විට විශාල මුල්‍ය ආයතන ) වලට ඉදිරියේදී ලැබෙන ආදායමේ අඩුවක් වෙන්න පුළුවන්. ඒ වුනාට බොහෝ විට මුල්‍ය ආයතන එම බැඳුම්කර වල තැන්පත් කරල තියෙන්නේ අඩු වියදම් තැන්පතු (එනම් ජංගම ගිණුම් සහ ඉතිරිකිරීමේ ගිණුම් වල ඇති මුදල් ) වලින් කොටසක් නිසා ශුද්ධ පොලී ආදායමේ අඩුවීමක් මිසක් එයින් පොලී පාඩුවක් වෙන්නේ නැහැ.

3. මෙහිදී නොකෙරෙන දෙයක් ලෙස මම අනුමාන කරන්නේ බැඳුම්කර වටිනාකමෙන් යම් කොටසක් කපා හැරීම (Hair cut) . මෙය සිදුවුණොත් කෙලින්ම පාඩුවක් වෙනවා. එහිදී එම කපා හැරීමේ වටිනාකම බැංකුවක මුළු ප්‍රාග්ධනයට වඩා වැඩි වුණොත් විතරයි බැංකුව කඩා වැටෙන්නේ. ඒ මෙහෙම කපා හැරීමක් නොකරන බව තමයි දැනගන්න තියෙන්නේ.

4. මාස 12 ට අඩු භාණ්ඩාගාර බිල්පත් වලින් මහ බැංකුව සතු බිල්පත් වලින් යම් කොටසක් කපා හරින්න යනවා. ඒවුනාට මුල්‍ය ආයතන හෝ අනික් තැන්පත් කරුවන් ට අයිති භාණ්ඩාගාර බිල්පත් වලින් කපා හැරීමක් සිදුවන්නේ නැහැ.          

5. ඉහත කරුණු අනුව ලංකාවේ බැංකු වලින් එකක්වත් බංකොලොත් වීමට ඉඩක් නැහැ. මගේ නම් අනුමානය බැංකු වල මේ අවුරුද්දේ ප්‍රකාශිත ලාභය වැඩි වීමක් දක්වන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව බොහෝ බැංකු ණය කපා හැරීමකට සූදානම්ව එයට පසුගිය අවුරුද්දේ ප්‍රතිපාදන (provisions) සලසා තිබීම. එම ප්‍රතිපාදන අවශ්‍ය නොවන නිසා ඒවා ආපසු ලාභයට එකතු වෙන්න ඉඩ තියෙනවා. එම නිසා ජවිපෙ කියන බොරුව එක්කෝ නොදැනුවත් කම හෝ බොහෝ විට මහජනතාව නොමඟ යවා බැංකු පද්ධතිය කඩා වට්ටන්න කරන උත්සාහයක්.

6. පාඨලී කර වැරදි පැහැදිලි කිරීම ගැන. ඔහු කියනවා රජයේ වියදම් දල දේශීය නිශ්පාදනයෙන් 13% කට සීමා කලයුතුයි කියල මුල්‍ය අරමුදලේ කොන්දේසියක් තියෙනව කියලයි. මුල්‍ය අරමුදල කියන්නේ Gross Financing Needs( GFN) එක අද තියෙන සියයට තිස් ගණන් වල සිට 13% කට අඩු කරන එක උත්සාහ කලයුතුයි කියලයි. එකට ඇතුලත් වෙන්නේ අයවැය පරතරයට අවශ්‍ය මුදල්, ණය වලට පොලී ගෙවීමට අවශ්‍ය මුදල් සහ කල් පිරෙන බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය දල දේශීය නිශ්පාදනයෙන් 13% කට වඩා අඩු වීම පමණයි.  බැඳුම්කර කල්පිරීම කල් දැමීමෙන් සහ පොලී අනුපාත අඩුකිරීමෙන් මේ දේ බොහෝ දුරකට වෙනවා. අනික රජයේ වියදම් සීමා කිරීම මඟින් අයවැය හිඟය අඩු මට්ටමක පවත්වා ගැනීම කලයුතුයි.

ප්‍රතිව්‍යුහගත කරණයෙන් අර්ථසාධක මුදල් විශ්‍රාම යන අයට නොලැබී යයිද?

මේක කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒකට හේතු මේවායි.

1. අදට අර්ථසාධක ගෙවීම් වලින් අරමුදලට වසරකට ලැබෙන මුදල් ප්‍රමාණය විශාම යන අයට අරමුදලෙන් ගෙවන මුදල් ප්‍රමාණයට වඩා වැඩියි.  එම නිසා කෙටි සහ මධ්‍ය කාලීනව විශ්‍රාම යන අයට මුදල් ආපසු ලබාගැනීමට කිසිම කරදරයක් වෙන්නේ නැහැ.

2. ඇත්තටම සේවක අර්ථසාධක අරමුදල කියන්නේ රටේ වැඩකරන ජනතාවට කරන විශාල වංචාවක්. සේවකයාගේ නමින් අරමුදලේ තියෙන මුදල් වටිනාකමට ඔවුන් ගෙවන්නේ පොලියක්. නියම විශ්‍රාම අරමුදලක් නම් අපි දාන මුදල් ලැයිස්තු ගත කොටස් වල, ඉඩ කඩම් වල, ආදී නොයෙකුත් වත්කම් වල ආයෝජනය කර, අවුරුද්දක් පතා අරමුදල Actuarial valuation  එකක් කර, අතිරික්තය සේවක ගිණුම් වලට එකතු කල යුතුයි. ඒක කවදාවත්ම වෙන්නේ නැහැ. උදාහරණයකට ඔබ සේවය ආරම්භ කල කාලයේ හැමෝම දුන් දායක මුදල් වලින් ඉඩමක් ගත්තානම් අවුරුදු 35 කින් වටිනාකම කොච්චරකින් වැඩිවෙලා තියෙන්න ඕනද? ඒ වෙනුවට කරන්නේ වාර්ශික පොලියක් ගෙවීමයි. බොහෝ විට ගෙවන පොලිය එම වසරේ උද්ධමන ප්‍රතිශතයට වඩා අඩුයි. ඒ නිසා මගේ අනුමානය අර්ථසාධක අරමුදලේ තිබෙන වත්කම් ප්‍රමාණය අනාගතයේ විශ්‍රාම යන අයට ගෙවිය යුතු ප්‍රමාණයට වඩා විශාල ගනනකින් වැඩියි කියලයි.   ( Actuarial Valuation කියන්නේ මොකක්ද කියල දැනගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකකින් දන්වන්න.)  

3. ඉහත 2 නිසා සහ බැඳුම්කර වල මූණත වටිනාකම කපා හැරීමක් නොකරන නිසා අර්ථසාධක අරමුදලෙන් විශ්‍රාම යන අයට මුදල් ගෙවීමට කිසිම නොහැකියාවක් වෙන්නේ නැහැ.     


මේ ප්‍රතිව්‍යුහගත නොකර ඉන්න රජය පුළුවන්ද?

ඇත්තටම බැහැ. රටේ ණය ප්‍රතිව්‍යුගාත නොකර බංකොලොත් රටකට ඉදිරියට යන්න බැහැ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශීය ණය පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමකට රාජ්‍යයන් නොවන ණය හිමියන් එකඟ වෙන්නේ නැහැ.

එතකොට මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය නොකරනවා නම් කිසිම ණයක් ප්‍රතිව්‍යුගතකරණය නොවී, රට වසා දමා, මොනව හරි වවා ගන්න දෙයක් කාල තෙල් නැතුව ගොන් කරත්ත වලින් යන්න තමයි වෙන්නේ. ජවිපෙ සහ විපක්ෂයේ අය දේශීය ණය වලට අත නොතියන ලෙස බලකරන්නේ මුල්‍ය අර මුදල් බිල්ලා පෙන්වා බොරුවෙන් ජනතාව මුලා කර ඔවුන්ට චන්ද වැඩිකරගැණීමටම පමණයි.  ඒත් මේවගේ දෙයක් රටට ඉදිරියට යාමට වෙන කිසිම මඟක් නැතිවෙලාවේ කරන එක රටට කරන විශාලම හානියක්.   

නොවෙන බව දන්න නමුත් මේක දේශපාලන පෝස්ට් එකක් ලෙස නොබලා මේ ගැන තව හොයන්න තල්ලුවක් ලෙස සලකන ලෙස ඉල්ලා සිටිනවා. අනික එන සුමානෙන් පස්සේ ජවිපෙ කියන රට, බැංකු සහ අර්ථසාධක අරමුදල කඩා වැටේද කියල හැමෝටම බලන්න පුළුවන්. එතකොටවත් ඇත්ත තේරෙයි.  








මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

42 comments:

  1. හ්ම්... කවුරු කවුරුත් චන්ද මල්ල පුරෝගන්න බොරු කීම පුරුද්දක් කරගෙන නෙව.
    කෙළවුනායින් පහු තමා ඇත්ත නැත්ත තෝරා ගන්න වෙන්ටෙ... හරියටම

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේ ලියල තියෙනේ බොරුවක් කියලද? නැත්නම් ජවිපෙ කියන්නෙ බොරුවක් කියලද? Thank you Namee

      Delete
    2. නැහැ නැහැ ඉයන්තුමෝ මං කීවේ චන්ද ගන්න බලාන ඉන්න කොයි කවුරුත් ඇත්ත තම තමාට වාසි වෙන විදිහට වහනවාය කියන එක.

      Delete
    3. අනික් අතින්... අපි දකින, දන්නා දේ හා එක එක ගැතිකම් හරහාත් නේ අපට (ඔබට, මට) ඇත්තෙ දිස් වෙන්නෙ. බස්සා කලින් ලියපු 'භාග ඇත්ත' පොස්ටුවේ වගේ... ඒ කරුණුත් බලපානවා අපි දන්නෙ ඇත්තමද කියන එකට.

      Delete
  2. Replies
    1. it's not Sir (yet) the last time I looked in the Kings/Queens honours list , not Madam the last time I looked between my legs lol Have a good one Ian, keep paying tobacco taxes lol

      Delete
    2. Ha ha . You know me and I don't know who you are. At least send a message identifying your self.

      Delete
  3. අර නමියා කියන්නැහෙ, බොරුවෙන් තොර දේශපාලනයක් නැහැ. ණය නොගෙවා කල් දැමීම, "ණය ප්‍රතිව්‍යුහගතකරණය" වගේ ලස්සන වචනෙකින් වහන එකත් ඒ වගේම වැඩක් නෙව? මේ ණය ගෙවන්න ක්‍රමයක් ගැන කතාවල් නැහැ නේද? යන්තන් ඔලුව උස්සන කොටම, ඇමති කම් ඉල්ලන්නෙ, හරියට ඇමැතිකම් වලින් රටට ආදායම ගලාගෙන එනවා වගේ.

    ReplyDelete
    Replies
    1. රටේ ණය ප්‍රතිව්‍යුහගත නොකර බංකොලොත් රටකට ඉදිරියට යන්න බැරිබව පිලිගන්නවා. ණය ප්‍රතිව්‍යුහගත කල පමණින් රටක් නිකම්ම ඉදිරියට යන්නේ නැහැ.ඔය ආයතන, සම්පත් විකිණීමෙන් පමණක්ම රටක් ගොඩයාවි යැයි හිතන්න බෑ. "ණ්‍ය වෙලා හරි ගිතෙල් තමයි වළඳන්න ඕනෙ" ආකල්පය දේශපාලනයෙනුත්, සමාජ මානසිකත්වයෙනුත් අයින් වෙලා, ඉන්න සිහින ලෝක වලින් මහපොලවට බැස්සොත් නම් වෙනසක් වේවි. ඒත් රටම බංකොලොත් වෙලා, හොම්බෙන් ගිහිල්ලත් ආකල්ප වෙනස් නොවෙච්ච රටක, ඒක තවත් හීනයක් විතරයි.

      Delete
    2. බස්සා මහත්තයා ස්තූතියි. රට ඉදිරියට යනවා කියන එකෙන් අදහස් කලේ දියුණු වෙනවා කියන එක නෙවේ. ඉදිරි කාලයේ රට ගෙනයාම කියන එකයි. දේශීය ණය වැඩියෙන්ම පාවිච්චි කරල තියෙන්නෙ, රටේ බදු ආදායමෙන් නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, රාජ්‍ය සේවක පඩි, හමුදා පඩි, සමුර්ධි ගෙවීම්, රාජ්ය සේවයේ විශ්‍රාම වැටුප් ආදිය ගෙවලා මදි වෙන ටිකට ගත්ත ණය. මේ අවුරුද්දේ බදු වැඩි කලේ මේ හිඟය අඩු කරගන්න. ඔයිට අමතරව කල්පිරෙන බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවන්නේ රජයේ ආදායමෙන්. ඒවා ටික කල් දාගන්න එකෙන් සහ පොලිය අඩු කරගන්න එකෙන් වෙන්නේ වසරකට ගෙවීමට ඇති ප්‍රමාණය අඩු කරගන්න එක. අලාභ ආයතන ටිකවත් විකුණුවොත් තව ටිකක් රජයේ වියදම් අඩු කරන්න පුළුවන්.

      Delete
    3. මෙතන ඉයන් නොකියන් කතාවක් තියනවනේ. නය ගත්ත දේශපාලන හැතිකරය එක එක ඒවා හදන්න සහ තමන්ගේ ව්‍යාපාරවලට , එසේම එම හතිකරයාගේ යාළු හැතිකරය. දයා ගමගේ ගේ සිටම ලැයිස්තුවක් තියනව නේ. යුඇන්පී, පොහොට්ටුව, සජබේ ඔක්කොම ඇතුලත් මේකට. පාඨලී ගේ යාළුවොත් ඉන්නවා කියල ආරන්චියි.. ඔය සමහරුන්ගේ ණය බෝල නය වෙනුවෙන් කපනවා. නය ප්‍රති ව්‍යුහගත කිරීමේදී ඒ උන්ගේ ඒවත් බෝල් නය ලෙස නිකම්ම් ප්‍රති ව්‍යුහගත වෙනවා නේද? නැත්නම් මම බොරුවක් ද මේ කියන්නේ

      Delete
    4. Ty Ajith .ලංකාවේ දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 14 ක් කියලයි මම හිතන්නේ. ඒකත් එක්ක බිලියන 20 ක විතර බොල් ණය ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒක අයකරගෙන මේ ප්‍රශ්ණෙ විසදන්න බැහැ. අනික රාජපක්ශල හොරා කාපු ඩොලර්. පිලිපීනේ මාකෝස් හොරා කාපු එකෙන් 5% ක් වත් අවුරුදු 30-40 ක් ගිහිල්ල හොයාගෙන නැහැ. ඕක තමයි ජවිපෙ බොරුව. ඒගොල්ලො කියන්නේ හොරුන් ගත් මුදල් අරගෙන ණය ගෙවනවා. කියල. ඒ වගේ ඒවා බොහෝ ජනප්‍රියයි. නමුත් පොඩ්ඩක් වත් ප්‍රායෝගික නැහැ.

      Delete
    5. බොල් ණය ලෙස නිවැරදි විය යුතුය. සොරි

      Delete
    6. ඒක අය කරැගෙන මේ ප්‍රශ්නය විසදන්න නෙමේ , බෝල් නය දීමත් ප්‍රශ්නයේ කොටසක් ලෙස පිළිගන්න. දේශපාලකයෝ කරපු නරුම වැඩ ඒවා. ඊට අමතරව ඔය පර්මිට් වලට කාර් දෙන එක. ඒවාට ආණ්ඩුවේ වියදම් යන්නේ නැත්ද? ඔයා කතා කරන්නේ දුප්පත් මිනිසුන්ට දෙන සහනාධාර ගැනයි වැඩිපුරම. ඒවා සමහර කොටසක් කපන්න් ඕනේ බව මම පිලිගන්නවා. නමුත් රජයේ නාස්තිය වැඩියි.

      Delete
    7. දේශපාලනික හෝ අන් හේතු නිසා බැංකු වලින් නැවත අය කරගත නොහැකි ණය දීම ප්‍රශ්ණයක් තමයි. ඒකෙන් බලපෑම එල්ල වන්නේ එසේ ණය දුන් බැංකු වලට මිස රජයට නෙවෙයි. හැබැයි බැංකුව එම බොල් ණය නිසා රජයට නව ප්‍රාග්ධනය දෙන්න වුනොත් නම් ඒකෙන් රජයේ ණය වලට හානියක් වෙනවා. ඒකයි මම කිව්වෙ. එක අතකින් ඔබ හරි. එම බොල් ණය නොදී එම රජයේ බැංකුවේ ලාභ වැඩි වුණානම් එම මුදල් ලාභාංශ ලෙස රජයට ලැබෙනවා. රජයට ලැබිය යුති ලාභයක් නොලැබී යාම අතින් ඔබගේ තර්කය හරි. බොහොම ස්තූතියි අජිත්.

      Delete
  4. හැම වැඩකදීම තම වාසිය ගැන තකන
    රට ගැන- වැසියො ගැන බිඳුවක් නොම තකන
    අනුන් කියන දේ හිස් මුඳුනින් ගන්න
    මිනිසුන් නම් දැන් කලබලයෙනි ඔන්න!

    ReplyDelete
    Replies
    1. වාද එපා, අම්මා කිව්වා මං බාලේ
      වැටක් ගහල ලිස්සුවෙ මං ඒ කාලේ
      නිතර දකින විට නිදියගෙ කවි ආලේ
      එහෙම නොකර, කොමෙන්ට් කෙටුවෙ ඇයි රාළේ

      Delete
    2. Thank you Nidhee & Bassa, හැමදාම බොරුකියා ඒවා බොරු බවට කවදහරි ඔප්පු වෙනකොට තමයි පටි රෝල් වෙන්නේ. මතකනෙ කාලයක් නාකි මයිනා කියපු බොරු විස්වාශ කරගෙන හිටියා.

      Delete
    3. නිමල් සහ බස්සා මේ මාතෘකාවට අදාල නොවන වෙනත් කරුණක් තියෙනවා සංවාදයට භාජනය විය යුතු, මේ දවස්වල ලංකා සමාජ මාධ්‍ය වල කඳු වල ගස් කප් කපා වෙහෙර විහාර හදනවා කියලා අලුත් රැල්ලක් හැදිලා නෙවෙයි සමාජ මාධ්‍ය වල කුප්‍රකට ජඩමාධ්‍ය කාලකණ්ණි ටිකක් එකතුවෙලා එහෙම දෙයක් කෘතීමව හදලා.

      කාලෙන් කාලෙට එන මේ රැලි වල යටිපෙළ කියවා ගැනීම අතිශය වැදගත්.

      එසේ නැත්නම් ඔබත් මේ රැලි ගොඳුරක් විය හැකියි.

      අපි ආපහු 2021 වසරේ මුලට එහෙම නැත්නම් දැනට අවුරුදු දෙකකට විතර කලින් අතීතයට ගියොත් රටේ ලොකු ප්‍රශ්නයක් නොතිබූණ කාලෙක මේ වගේම පරිසර ආරක්ෂණ බොරු රැල්ලක් ආවා.

      ඒ කාලේ මොරටුවට ලී ලොරියක් ආවත් ෆොටො ගහලා ෆේස්බුක් දැම්මා. ඒකට හෑලි ලියවුනා.

      හුස්ම බෙදන රූස්ස ගස් බුරුතු පිටින් කපා දමා ඉඩෝරයට හේතු හොයනවා....

      මිනිහෙක් තමන්ගේ පුද්ගලික ඉඩමක ගෙයක් හැදුවත් ඒ දිනවල ඒක පරිසර සටනක් වුනා.

      ඒ වෙනුවෙන් අලුත් අලුත් පරිසර ක්‍රියාකාරිකයො දස දහසකට ආසන්න පිරිසක්
      හතු පිපෙනවා වගේ බිහි වුනා. මාධ්‍ය වලින් සංවිධාන වලින් මේ පරිසර ක්‍රියාකාරිකයො හැදුවා, පිම්බුවා.

      මේ කැම්පේන් එකේ පීක් එක තමයි ස්වීඩනයේ ග්‍රේටා තන්බර්ග් ගේ ආකෘතියට අනුව සිරස විසින් ලංකාවේත් පොඩි පරිසරවේදිනියක් හදන්න, ප්ලාන්ට් කරන්න උත්සාහ කරපු එක. අර සිංහරාජ භාග්‍ය කියලා පොඩි ගැහැණු ලමයෙක් ගෙනත් ගොන්පාට් එකක් දැම්මේ, ඒත්අවසානේ ඒ වැඩේ නම් පට්ට විදියට ෆේල් වුනා.

      හැබැයි ඒ කාලේ පාරක් හදන්න දුන්නෙ නෑ.

      අධිවේගී මාර්ගය පවා පනු කරඳ ගහක් අල්ලන් සටන් කරන්න දේවානි ලා ආවා. දේශපාලනික චීවරධාරියො ඇවිල්ලා පනු කරඳ ගස් මහන කළා.

      මේ ඔක්කොම හුදෙක් ආණ්ඩු විරෝධයක් වෙනුවෙන් කරපු දේශපාලන කැම්පේන් මිසෙක, ඇත්තටම පරිසර ආදරයකට කරපු වැඩ නෙවෙයි කියලා හැමෝම තේරුම් ගත්තනේ ඊට පස්සේ, ඒ වගේම නැවත වතාවක් ඒ බව තහවුරු වෙන්නේ මේ මොහොතේ සිදුවෙන කුරුන්දි මහා වන සංහාරය නිසා.

      මුලතිව් කුරුන්දි රක්ෂිත වනාන්තය අන්තවාදීන් ජාවාරම්කාර පිරිස්

      විසින් එළි කරමින් ඉඩම් අත්පත් කරගනිමින් ඉන්නවා.

      පනු කරඳ ගස් බදා ගත්තු, සිරසෙන් ප්ලාන්ට් කරපු දහසකුත් එකක් පරිසරවේදිනියොන්ට කුරුන්දි වන සංහාරය පේන්නෑ.

      විහාර මහා දේවියට ඇවිල්ලා පරිසරය බේරගන්න කියලා චිත්‍ර ඇඳපු උන්ට කුරුන්දිය පේන්නෑ.

      කුරුන්දි මහා සංහාරය ඉදිරිපිට සමාජයේ තියෙන්නෙ පුදුම නිහැඬියාවක්.

      මොකද මේ හැමදේම දේශපාලනික කාරනා මිසෙක, ඇත්ත පරිසර ආදරයක් නෙවෙයි.

      කුරුන්දිය කපන්නේ බෞද්ධ විරෝධින්. ඒ නිසා අවුලක් නැහැ.

      මේ වෙලාවේ සමාජයේ මවලා පෙන්නන්න හදන කඳු වල වෙහෙර හදන කැම්පේන් එකත් ඒ වගේ දේශපාලනික කාරනයක් මිසක් පරිසර ආදරයක් මත පදනම් වූ එකක් නෙවෙයි කියලා පැහැදිලිව පෙනෙන අතර ඒ ගැනත් සාකච්ඡාවට භාජනය විය යුතුයි නේද?

      Delete
    4. @ano 1.08

      එකෙක් හරි මේ දේවල් ගැන කතා කරන එක ගැන සතුටුයි. උඹට ඇත්තටම ස්තූතියි බ්‍රදර් ❤️🙏

      Delete
    5. අවුරුදු දෙකකට කලින් පමණක් නෙවෙයි, යහපාලනය කාලේ විල්පත්තුව බේරා ගමු කියල ෆේස්බුක් ප්‍රොෆයිල් එහෙම දාගෙන විශාල කැම්පේන් එකක් ගෙනිච්චා. ඊට පස්සේ සිංහ-ලේ කියල එකකුයි, කොටි නිදහස් කරනව කියල එකකුයි, රණවිරුවෝ හිරේදානවා කියල එකකුයි ගියා. ඒවයේ පිටුපස්සෙන් හිටියේ විල්පත්තුවේ වැඩ වල අනුමැතිය දුන් අයයි ජාතිවාදය විකුණන අයයි. උගත්කම වැඩි බුද්ධිමත් අය අඩු සමාජයක මේවගේ නොමඟ යැවීම් වලට අහුවෙනවා. මෙහෙ විතරක් නෙවෙයි, ඇමෙරිකාවෙත් මේක වෙනවා.

      Delete
  5. ප්‍රතිපත්තියක් වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මම කැමැතියි . අපිත් එහෙම කරනවනේ. ණය වැඩි වෙනකොට , ක්‍රෙඩිට් කාඩ් වලට බෙදල යන විධිහට, ඒවල ඉන්ටරෙස්ට් වැඩි වෙනකොට අඩු පොලි නායක අරගෙන ඒවා ගෙවල දාන එක වගේ සරල දේවල්. රටක ඒක එච්චර සරල නැහැ. රාජ්‍ය ණය - ඔය ඉයන් කියන නොමිලේ දෙන සේවා වලට ගන්න ඒවා ප්‍රති ව්‍යුහගත කිරීමට එකඟයි වගේම ජවිපෙ භය කිරීමත් වැරදියි කියන එකටත් එකඟයි. නමුත් වෙලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවේ එවුන් කරන දේවල් විශවාස නැති කමනේ. උන්ට ඔය තනපු වලට කෙළීම , දේශපාලන එවුන්ගේ ණය බෝල් නය කිරම හෙමත් ඔය අස්සේ කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බලයේ සිටි එක්තරා පවුලක් ප්‍රධානත්වය දරන පක්ෂයක් කිව්වේම බොරු තමයි. බොහෝ දේව ගැන වැටහීමක් නැති ඔවුන්ගේ අනුගාමිකයන්ට ජවිපෙත් කියන්නෙත් බොරු තමයි. නමුත් මේක ජාත්‍යන්තර ආයතන ආදිය සම්බන්ධ ක්‍රියාවලියක්. මේ ගැන බොරු කියන්න ගිහින් රටේම පටි රෝල් වෙයි. මේ ගැන කියන දේවල් ඔක්කොම ඇත්ත කියල තව ටිකකලකින් පැහැදිලි වෙයි.

      Delete
  6. ඉයන් ඔය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡාවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව හේතුවෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ උණුසුම් වාද විවාද ඇති වෙලා ලොකු ප්‍රත්නයක් ඇතිවෙලා තියෙන බව දන්නවාද?

    සජබ පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සියලුදෙනාම හර්ෂ ද සිල්වා හැර පවසා සිටියේ මෙය විශාල විනාශයක් බවයි, ඔවුන් එතනදී පෙන්වා දී ඇත්තේ යෝජනාවට සහාය දක්වා පසුව බැංකු වල මුදල් තැම්පත් කර ඇති පාක්ෂිකයන්ට සහ පාවෙන ඡන්ද දායකයන්ට මෙයින් සුළු වශයෙන් හෝ යම් අහිතකර බලපෑමක් සිදු වුවහොත් එහි වගකීම තම පක්ෂයටද භාරගැනීමට සිදුවුණු ඇති බවයි. එබැවින් මෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධව සටන් කල යුතු බවත් හර්ෂ ද සිල්වා සහ එම මන්ත්‍රී කණ්ඩායමේ ඇතැම් පිරිස් අතර උණුසුම් වචන හුවමාරුවකින් වාදයක් ඇති වූ බවද මෙම ක්‍රියාවලියට තරමක පක්ෂපාතී බඳු අදහසක් මාධ්‍ය වලට පවසා තිබූ නිසා කෝපයට පත්ව සිටි ඔවුන් හර්ෂ ද සිල්වාට අසභ්‍ය වචන වලින් බැන වැදී ඔහුව එලවා ගත් බවද මගේ මිතුරන්ගෙන් මට දැනගන්නට ලැබුණා, මාධ්‍ය වලත් මේ ගැන අද දින සඳහන් වුණා.

    මීට අමතරව අර අස්වැසුම සුබසාධන වැඩපිළිවෙළට එරෙහිව එල්ල වන විරෝධතාව ගැන ඔබේ අදහස මොකක්ද? ජවිපෙ ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දවස්වල අස්වැසුම ගැන දැඩි ලෙස විවේචනය කරනවනේ සහනාධාර මදි බවත් හැමෝටම තව තවත් උපරිම වශයෙන් සහනාධාර ලෙස මුදල් ලබා දෙන්න කියලා. තව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසත් යටිගිරියෙන් කෑ ගහනවා සහන දෙන්න ඕන සහන තව තවත් ලබාදෙනු කියලා ඒ කියන්නේ ඔහුගේ පියාගේ කාලේ වගේ සහනාධාර ලෙස ජනසවිය නිල ඇඳුම් නොමිලේ ආහාර මුද්දර නොමිලේ කෑම බීම ගෙවල් දොරවල් සේරම දෙන්න ඕන කියලනේ, ඉතින් මේ දක්වා ඔයිට කලින් සමෘද්ධිය, ජනසවිය වගේ එකේක නම් දාලා කරෙත් මිනිස්සුන්ට ඔහොම සල්ලි බෙදපු එක නෙවෙයිද ඉයන්?

    ලංකාවේ නම් ඇති එකා නැති එකා කියලා නෑ හැමෝම දැන් ඒක ගන්න පොරකනවා. මොකද නිකං දෙනවානං ලංකාවේ උන්ටත් ඕන බලු බෙට්ටක්. අනික ඕක හම්බෙන්නෙම අඳුරන එකාට ඡන්දෙ දෙන එකාට මිසක් ඇත්තටම ලැබිය යුතු කෙනාට නෙවෙයි.

    අවුරුදු ගානක් පිනට කාලා රටම බංකොලොත් වෙලා තිබ්බත් පිනට කන්න තියෙන ආසාව, හැමදේම නිකං ලැබෙන්න ඕන කියන මානසිකත්වය නං තවමත් එහෙමමයි කිසිම විදියකින් වෙනස් වෙලා නෑ.

    මිනිස්සු හිතනවා ආන්ඩුවේ වගකීම යනු තමන්ට හැමදේම පිනට දෙන්න ඕන කියන එක සහ සල්ලිවලට ගන්න ඒවායෙන් මිල පානය කර ඉතාම අඩුමිලකට දෙන්න ඕන කියන එක මේක තමයි මේ දවස්වල ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය සහ මාලිමාවේ ජවිපෙ දේශපාලන කණ්ඩායම නියෝජනය කරන ප්‍රධාන සටන්පාඨ වලින් අංක
    එක.

    ඒ මදිවට ලංකාවේ රනිල් වික්‍රමසිංහ විසින් මෙහෙයවන ලංකාණ්ඩුවේ හිතනවා කොහෙන්හරි හිඟාකාලා දහ අතේ ඩොලර් බිලියන ගණනක ගෙවා ගන්න බැරි තරමටම ණය ණය ණය ගොඩ ගහගෙන ඔය මේ දවස්වල අමාරුවෙන් ගන්න සොච්චම පවා පිනට දුන්නම සේරම හරි කියලා.

    ඕක ඔතනින් ඉවරත් නෑ. මේක හැමදාම හැමතැනම තියෙන අවුලක්. හැමෝම හිතනවා අනික් උන් තමන්ට හැමදේම කරලා දෙන්න ඕන කියලා. බංකොලොත්ම වෙලා සෙන්න පුපේ ඝූ නැතත් අනික් උන් තමන්ට අනිවාර්යයෙන්ම සේරම නොමිලේ කළයුතුයි කියලා හිතන උන්ගෙන්නං අඩුවක් නෑ. ආන්ඩුත් තියෙන සොච්චමෙන් හරි මිනිස්සුන්ට ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්න ව්‍යොදාගත්තේ තැනක් ලැබෙන ඒ හරහා රටතුල ඇරඹෙන අලුත් ව්‍යාපාර වල රස්සා හම්බෙන දෙයක් කරන එක නොකර ඔහේ නිකමුන්ට අඬබෙර ගහලා නිකං බෙදන්නෙ එහෙම පිනට කන සෙට් එකක් ඉන්න එකත් උන්ටම වාසි හන්දා.

    එහෙම ජාතියක් ගොඩ යන එකනං ඉතිං "ඈස්" චර්යයක්ම තමා 🥴

    ඕනෙම සමාජයක දෙයක් කරගන්න අමාරු මොන හේතුවකට හරි සමාජ ස්ථරයේ පහලටම වැටිච්ච කොටසක් ඉන්නවා. අන්න ඒ කොටසේ සුබසාධනය සෑදීම රජයක අනිවාර්ය වගකීමක්. හැබැයි ලංකාවේ වෙන්නෙ ඒක නෙවෙයි. එහෙම සාමජ කොටස් අඳුරගන්න සහ නඩත්තු කරන්න නිසි ක්‍රමවේදයකක් (social safety net) නෑ. තිබ්බත් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙම නෙවෙයිද? ඔබට මේ ගැන පැහැදිලි කළ හැකිද? ජනපතිගේ මතය කුමක්ද යන්න පිළිබඳව අපට දැනගන්නට අවශ්‍යයි බදු ගෙවන ජනතාව ලෙස?

    ReplyDelete
    Replies
    1. ///මිනිස්සුන්ට ව්‍යාපාර කටයුතුවල නිරත වෙන්න ව්‍යොදාගත්තේ තැනක් ලැබෙන ඒ හරහා රටතුල ඇරඹෙන අලුත් ව්‍යාපාර වල රස්සා හම්බෙන දෙයක් කරන එක නොකර ///

      මෙහිදී මම අදහස් කළේ ව්‍යාවසායකත්වයට තැනක් ලැබෙන ඒ හරහා ව්‍යාපාර කටයුතුවල වර්ධනයක් ලබාගැනීමට අවශ්‍ය රජයේ දායකත්වය ලෙස වෙනස් විය යුතුය මම කියන්නේ Entrepreneurship එහෙම නැත්නම් නව නිෂ්පාදනයක් හෝ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කිරීම, අවදානම් දැරීම, ව්‍යාපාර ආයතනයක් සංවිධානය කිරීම, ආර්ථික අවිනිශ්චිතතා හැසිරවිම යන සමස්ත කාර්යයන් සිදුකිරීමයි.

      මේ සඳහා බලපාන මූලික සාධක කිහිපයක් පවතී,

      1. පුද්ගල සාධක (වසය,රැකියාව,කැපවීම,ළඟාකර ගැනීමේ ආශාව,දැක්ම,අගනාකම් ආදිය)

      2. සමාජ විද්‍යාත්මක සාධක (ජාල,දෙමාපියන්,ආදර්ශ චරිත, සමාජ කණ්ඩායම් ආදිය)

      3. පරිසරාත්මක සාධක (අවස්ථා,ගනුදෙනුතරුවන්,ආදර්ශ චරිත, නිර්මාණශීලිත්වය ආදිය)

      ලංකාවේ ව්‍යවසායකත්වය දුර්වල විමට හේතු ලෙස මම දකින්නේ

      1. පවතින තත්ත්වය තුල ව්‍යවසායකත්ව සංකල්ප ක්‍රියාත්මක කිරීමට අපහසු වීම

      2. බොහෝදෙනෙකුට වෙළඳපොළ සහ එහි හැසිරීම ගැන නිසි අවබෝධය නොමැතිකම

      3. තාක්ෂණික දැනුම හිඟකම

      4. මූලික ප්‍රාග්ධන හිඟකම සහ අධික පොළී වගේම ණය ගැනීම ඉතාම අසීරු වීම

      5. ව්‍යාපාරික/කළමනාකරණ දැනුම අඩු බව

      6. නීතිමය බාධා

      7. පරිසරයෙන් බාධා

      8. මූලික වසර වලදීවත් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබී යාම

      රජය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඇතුලු දේවල් හරහා තරුණ පරපුරට ලබාදිය යුතු වැඩිදියුණු සහ ප්‍රවර්ධනය කල යුතු ව්‍යවසායකයෙකුගේ පුද්ගල ගති ලක්ෂණ කිහිපයක් මේවායි

      *දැඩි උද්යෝගය ඇති කිරීම seft-motivation

      *ආත්ම විශ්වාසය self esteeme/ self confidence

      *අවබෝදය

      *සුබවාදී බව positive attitude towards the country and the future instead of extreme pessimistic behaviour as we could observe most of the current youngsters in SL

      *අවස්තා සොයා යැම / අවස්තා හදුනා ගැනීම opportunities

      *නම්‍යශීලි බව flex

      *අබිප්‍රේප්‍රන බව inspirational and to motivate the coworkers and the society

      *දැක්මක් සහිත බව visionary


      ඊළඟට මෙම යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම පිණිස රජයෙන් පෞද්ගලික අංශය සහ විදේශ රටවල සහාය ලබැගැනීම අවශ්‍ය බව මගේ පෞද්ගලික මතය

      * විශ්ලේශනය analytical and critical analysis/ critical thinking

      *සන්නිවේදනය communication skills

      *ගනනය computational skills

      *උපදෙස් දීම advisory role for the team of coworkers subordinates and peer groups

      මේ ගැන කතිකාවක් නිර්මාණය කී යුතු නැද්ද?

      Delete
  7. අපේ ණයත් ප්‍රතිව්‍යුහ වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ණයට මුකුත්ම වෙන්නේ නෑ ඕන නම් පොලිය හරි පොලියට ගහන බදු හරි වැඩි කරයි. හැබැයි බැංකු වල තැම්පත් කර ඇති ස්ථිර තැන්පතු වලට සහ රජය මහබැංකුව නිකුත්කර ඇති treasury bills /bonds වල බඩු හම්බ වෙයි අර සක්විති රණසිංහ ඊට දාපු සල්ලිවලට වෙච්ච දේ තමයි වෙන්නේ ඔය ගැන වසන්ත සමරසිංහ සහෝදරයා හිටපු මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවකූ සහ බැංකු ක්ෂේත්‍රයට නායකත්වය ලබා දෙන වෘත්තීය සමිතිවල නායකයකු ලෙස ඉතාම පැහැදිලිව ඔය ගැන සඳහන් කරා ෆේස්බූක් එකේ බලන්න ලංකාවේ ආර්ථිකයට සහ බැංකු පද්ධතිය ඉවරෙටම ඉවරයි. ලේසි වෙන්නේ නෑ මේ වතාවේ නම්

      Delete
    2. කිසිම බැංකුවක් කඩා වැටෙන්නේ නැහැ. මහජනයා බැංකුවල තැන්පත් කර ඇති තැන්පතු වල කල් පිරෙනෙ තෙක් පොලිය අඩුවෙන්නෙත් නැහැ. හැබැයි රටේම පොලී අනුපාත පහලට එනවා. ඒ නිසා තැන්පතුව අලුත් කරන විට එම පොලී අනුපාතයම නොලැබෙන්න පුලුවන්. බැංකු අරගෙන තියෙන භාන්ඩාගාර බිපත් සහ බැඳුම්කර වලටත් මොනවත් වෙන්නේ නැහැ. මම හිතුවා ඒවගේ කල් පිරීම දිග් කරලා පොලී අනුපාත අඩු කරයි කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ඊයේ දැනගත්තා. මහ බැංකුව විසින්ම ඔවුන්ගේ මුදල් වලින් මිලදී ගෙන ඇති බිල්පත් ප්‍රමාණයක් නම් කපා හැරීමකට සහ පොලී අඩු කිරීමකට යටත් වෙනවා. ඒකෙන් මහජනතාවට හානියක් නැහැ.

      Delete
  8. බැංකු වලට දීර්ඝ නිවාඩුවක් දුන්නෙ ඇයි කියා කාටවත් හරියට නොතේරේ.
    ඒ අන් කිසිවක් සඳහා නොව තම තැන්පතු ගැන බියවී නැවත තැන්පතු කරුවන් මුදල් ගැනීම වැලකීමටය.
    මෙය දූෂණයකට, කොල්ලකෑමකට පෙර කටට පාංකඩ ඔබා දැමීම හා සමාන උපක්‍රමයකි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේ ක්‍රියාවලිය වටහා ගැනීමට අපහසු අය සහ වටහා ගත්තත් මහජනයා මුලා කරන අය නිසා හැමෝම ඔවුන්ගේ තැන්පතු අහකට ගන්න උත්සාහ කලොත් බැංකු කඩා වැටෙනවා. ඒක වලක්වන්න තමයි නිවාඩුව. දැන් දන්නා හැටියට බැංකු වල මේ වසරේ ලාභය ඉහල යන්න තමයි ඉඩ තියෙන්නේ. ඒකට හේතුව ප්‍රතිව්‍යුහගත කරණයෙන් වානිජ බැංකු අයින් කිරීමත් ඔවුන් අද තියෙන පොලියට බිල්පත් හා බැඳුම්කර තවදුරටත් තබාගෙන ඉන්නා විට රටේ පොලී අනුපාත පහල යාමත් නිසා.

      Delete
  9. ඉයන් අවාසනාවන්ත ලෙස අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියෙන් බැංකු පද්ධතිය ඉවත් කර ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පැවසූ අතර ඊට හේතු ලෙස දැනටමත් භාණ්ඩාගාරයට දායක වෙමින් 50% ක ඵලදායි බදු අනුපාතයක් බැංකු පද්ධතිය මගින් ගෙවන බැවින් මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.

    වසන්ත සමරසින්හගේ තව පචයක් බොරු උනා ඔන්න. එහෙමයි කියලා මී හරක් රංචුව ඊලග පචේට අහු වෙන්නේ නැතුව ඉඳියි කියලා හිතන්න අමාරුයි නේද? සජබයියො කියන්නෙත් මහ ගොන් බයියො ටිකකට බව පෙනුනා මේකෙදී, මුන් ඉස්සර යූ එන් පී හිටපු උන් කියලා කියන්නත් ලැජ්ජ හිතෙනව, මැදමුලන මයිනාගේ වහල් බයියො තව හොඳයි ඊට වඩා සෑහෙන්න දුරට මොළේ තියෙන බව පේනවා උන්ට... 😁😁😁

    ReplyDelete
    Replies
    1. Thank you ano. ඔබ හරි. වානිජ බැංකු වලට පොඩි පහේ පාඩුවක් වෙයි කියලා මමත් අනුමාන කලා. ඔබ කියා ඇති පරිදි වානිජ බැන්කු වලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒවුනාට ඔවුන්ට තියෙන බැඳුම්කර/බිල්පත් පොලී අඩු නොවී රටේ පොලී අනුපාත අඩු වීම නිසා පලමු අවුරුද්දේ විශාල (mark to market) ලාභයක් බැංකු වලට ලැබෙනවා. ජවිපෙට කියපු බොරු ටික ආයිමත් ගිලින්න වෙනවා.

      Delete
  10. මම හිතන්නේ දැන් ඔය ණය ප්‍රශ්න නැත්නං ඇත්තටම ප්‍රශ්නය වන ලංකාවේ මහජන මුදල් ඊපීඑෆ් සහ රාජ්‍ය පෞද්ගලික බැංකුවලට ගෙවන පොලිය පිළිබඳව වූ ප්‍රශ්නය වඩා මෘදු ලෙස විසඳා ගැනීමට සහ ජවිපෙ සහ සජබයේ අවස්ථාවාදී තකතීරු දේසපාලුවන්ගේ මෝඩ කතා සහ රිලා නැටුම් විහිලු බවට පත්ව ඇති බව මේක ලබන සතිය ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට ඉඩ ලැබෙන බව පේනව නේද බොහෝ දුරට

    මේකට වඩා වෙනත් ප්‍රශ්නයක් තියෙනවා ඉයන් ඔබ දකින්නට ඇති අර සිසු විරු පද්මසිරි "ත්‍රීමා" විතාරණ කියලා බුවෙක් වීරත්වයට නගන සමාජ ජාල සහ කැම්පස් උද්ඝෝෂණ රැල්ලත් දේශපාලනික බව තේරුම් ගත්තොත් ඔබ පරිණතයි.

    ඇත්තටම ඉයන් ඔය කියන 'ත්‍රීමා' ලා කියන්නේ කිසිසේත්ම වීරයො නෙවෙයි. එහෙම නම් උපවාස කරලා මැරුණ බවට පාරම්බාන අර උතුරේ පිළිකා රෝගය උත්සන්න වීම සමග අනවශ්‍ය උපවාසයයක් කර මිය ගිය තිලීපන් නමැති එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ තරුණයාත් වීරයෙක් කියලා කෙනෙකුට කිව හැකියි.

    ඇත්තටම ඔතන වෙලා තියෙන දේ එක එක උද්වේගකර භාවාතිශය දේශපාලන කතා අහලා, දේශපාලන පක්ෂ වල සාමාජිකයො වෙලා, දේශපාලනය කරපු එවකට හිටි ශිෂ් නායකයො. හරියට අද කාලේ වසන්ත මුදලිගේ ලා, ලහිරු වීරසේකර ලා කියන ජෝකර්ලා වගේ. ඔවුන් පක්ෂෙන් කියපු දෙයක් ඔහේ කරපු උදවිය. වහල් මානසිකත්වයෙන් යුත් අනුගාමික බිලී බෝයිස්ලා.

    කොටින්ම පද්මසිරි ත්‍රීමා විතාරණ අන්තරයේ සාමාජිකයෙක්. එවකට ඔහු ජවිපෙ ශිෂ්‍ය මණ්ඩලය සමග දේශපාලනය කළා.

    එනම් කෙලින්ම ඔහු වැඩ කළේ පක්‍ෂ නායක රෝහණ විජේවීරට.

    වැරදි කාලෙක ජීවත් වුනු නිසා අකාලයේ අවාසනාවන්ත ලෙස ඝාතනය වෙලා පස්සෙ ඔහුගේ මලමිනියත් දේශපාලනික ටූල් එකක් වෙලා එම මලකුණ තාම යූස් වෙනවා.

    ත්‍රිමා ලා එදාත් රට විනාශ කළා.
    මැරිලත් ඔවුන්ගේ නම් ඒකට යූස් වෙනවා.

    අදත් ලංකාවට ගුණාත්මක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නැහැ ඉයන්. ලෝකයේ හැම රටකම අධ්‍යාපනය ඉස්සරහට යනවා.

    ලංකාවට කේම්බ්‍රීජ්, හාවර්ඩ් ආවත් ඔය රටේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් ඕපන් වෙන්න දෙන්නෙ නෑ.

    අවුරුද්දකට ඩොලර් මිලියන ගානක් වෛද්‍ය ශිෂ්‍යයො වෙනුවෙන් ලංකාවේ පෞද්ගලික අංශය ප්‍රමුඛ පොදු ජනතාවගේ බදු සල්ලි ඩොලර් වෙලා පිටරට යනවා.

    එදා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විවෘත වුනා නම් ශ්‍රී ලංකාවේ ඩොලර් ඉතිරි වෙනවා විතරක් නෙවෙයි, මාලදිවයිනේ, ඉන්දියාවේ සහ වෙනත් අප්‍රිකා ඇතුලු විදේස ශිෂ්‍යයො කේටර් කරලා ඩොලර් උපයන්නත් තිබුනා.

    වෛද්‍යවරුයි, වෛද්‍ය ශිෂ්‍යයොයි අපේ වීර ත්‍රීමා ලාගේ නාමයෙන් ගගා තාම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධ වෙනවා.

    අවසානයේ ලංකාව කියන රටේ මිනිස්සුන්ගේ බදු මුදල් කෝටි ගානක් වියදම් කරලා උපාධි අරන්, කෙයා ගිවර් ජොබ් එකට එංගලන්තෙට පනිනවා. නර්ස්ලා ඇතුලු වෙනත් සෞඛ්‍ය අංශයත් එහෙමයි.

    සමරන්නම චරිත.. ත්‍රිමා..
    රෙද්ද තමයි.. මට මතක් වෙන ඒවා මේකේ ලියන්න බෑ ඇත්තටම...

    ReplyDelete
  11. ඉයන් තව මාතෘකාවක් තමයි ලංකාව තුල සාකච්ඡාවට භාජනය කළ යුතු ලංකාව සහනාධාර දීම දැන්වත් නතර කල යුතුයි කියන දේ. මොකද යම් යම් අයගේ යටි අරමුණු වෙනුවෙන් මිනිස්සුන්ව කිසිම මහන්සියක් නොවී පිනට කන්න පුරුදු කිරීම තමයි මේ රටට වෙච්ච ලොකුම සාපය.හැම මිනිහෙකුටම හයිය අතපය තියෙනවා නම් ආබාධිත නැත්නම් ඔහුව යොමු කල යුතුයි යම්කිසි සේවයක් කරන්න ඔහුගේ හැකියාව දක්ශතාව මත. කියන්න කනගාටුයි FB ඒකේ බැලුවම මිනිස්සු දහ අතේ අඩනවා රස්සාවක් දෙන්න කියලා. ඒ උනාට අපි ඒ මනුස්සයට කතා කරලා driving /marketing job එකක් තියෙනවා කිව්වම ඒ මනුස්සයාගේ ආයෙ ආරන්චියක් නැ. අපි ගොඩක් ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා අපේ නිශ්පාදන අලෙවි කරන්න මිනිස්සු නැති කම නිසා. මිනිස්සු මොන වගේ රස්සාවල් බලාපොරොත්තු වෙනවාද කියලා හිතා ගන්න බැ. සමහර සුදුසුකම් නැති අය බලාපොරොත්තු වෙන්නෙ A/c office එකක executive jobs කරන්න. මහන්සි වෙලා වැඩ කරන්නේ නැතිව බොහොම cool ඒකේ ඉදන් ලොකු පඩි ගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මේ mind එක වෙනස් කල යුතුයි. සහනාධාර වලින් වෙන්නෙ මිනිස්සු තවත් නිකම්මු වෙන එක. මිනිස්සුන්ව motivate කල යුතුයි ඉපදුනා මේ ලෝකෙ මැරෙන්න කලින් යම්කිසි සේවයක් කරන්න. නිකම් ඔහේ පිනට කකා ඉදල මැරිලා යන්නේ නැතිව.

    ඔබ කිව්ව වගේ එක පොදු යාන්ත්‍රණයකින් සමස්තය දෙස නොබලන නිසාත් ගොඩක් තැන්වල අක්‍රමිකතා ඇතිවෙලා තියෙනවා.

    ඇමති මඩුලු අමාත්‍යංශ වැඩි වීමෙන් නිලධාරී පිරිසත් වැඩිවෙලා මේ අර්බුදය හටගත්ත වෙන්නත් පුලුවන්..

    තරගකාරී අධ්‍යාපන රටාවෙන් උසස් අධ්‍යාපනය අහිමි වෙලා වෘත්තිය අධ්‍යාපනයකට වැඩි අවධානයක් නොදුන් නිසා වෘත්තින් දෑතේ රැකියාවලින් තොරවුණු අය බිහිවීමෙන්

    ඒ අය ඉපයීමක් ගැන නොසිත යැපුම් මානසිකත්වකට යොමු වුණු ආකල්පමය තත්වය නිසාත් ලංකාව තාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන එක එක කණගාටුවට කරුණක්..

    ReplyDelete
  12. @ 7.29

    අපේ පානදුර මහගෙදර අවට “අස්වැසුම” ලබන ලිස්ට් එකේ දෙන්නෙක් ඉන්නවා නුසුදුසු. එකෙක් ත්‍රී වීල් එළවන ජෙප්පෙක්. ඒකා දවසට 2,000 ක අරක්කු බොනවා (මාසෙට 60,000 ක්). උගෙ පුතා ජොබ් එකෙක් කරන්නේ නැහැ, ගෙදරට වෙලා සල්ලි වියදම් කරලා කම්පියුටර් ගේම් ගහන එක කරන්නේ. සමහර ගේම් තියෙනවා හරියට ක්‍රියාත්මක කරලා දිනුවොත් සල්ලි හොයන්න පුලුවන් ඒත් අවුරුදු ගාණක් සෙල්ලම් කරලා තාම සත පහක දෙයක් හම්බ කරගෙන නෑ එහෙම නුවණක් ඇති එකෙක් නෙවෙයි අපතයෙක්...

    ඒ ගෙදර බල්ලට උදේට කඩෙන් රස කළ කිරි පැකට් එකක් ඕනේ, නැත්නම් කන්නේ නැහැ. ඉතින් මේ වගේ වංචාවෙන් “දුප්පත්” බව පෙන්වන එවුන්ටත්, මහන්සියෙන් සල්ලි හොයන මිනිසුන්ගේ බදු වලින් කන්න දෙන රජයක් ගැන කවර කතාද?

    තව පවුලකටත් ආධාර අනුමතයි. උගේ පුතාලා කුඩ්ඩෝ, එකෙක් කීප වතාවක් හිරේ පවා ගිහින් තියෙනවා. තාත්තා පවා කුඩු විකුණන සුනාමි නිවාස සංකීර්ණයට නිතර යනවා.

    හිතට දුකයි මේවා දැක්කාම. අපි පවුලම රට හැරලා යනවා ළඟදීම. හොඳ වෙලාවට පිටරට සේවයෙන් උපයගත්ත සල්ලි ලංකාවට නොගෙනාවේ. මේ වගේ හොරු කුඩ්ඩන්ගෙන් පිරුනු රටක මොන අනාගතයක්ද, හැම තැනකම බැලුවොත් බොරුව හොරකම වංචාව දූෂණය. ග්‍රාම සේවකගේ පටන් පගා කාරයෝ. වෙන රටවල් වල වගේ නෙවෙයි, ලංකාවේ රජයේ කාර්යාලයක ගිහින් වැඩක් කරගන්න ගියහම පේනවා සමස්ත මානසිකත්වය. ඉතින් ඔය වගේ රටක දරුවෙක්ගේ අනාගතයක් ගැන මොන කතාද? පාලකයෝ දූශිත වුණහම, ඒ දූශණය පහලට ගලා ගෙන ඇවිත් ගැඩවිල් පණුවා පවා පස පෝශ්ණය කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ පවා දේශනා කර තියෙනවා…

    ReplyDelete
  13. ඉයන්

    මේ ප්‍රවෘත්තිය අද ලංකාවේ නිව්ස් චැනල් වල ප්‍රධානම පුවතක්, මේක ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

    //*IMF එක ඉතාම සහන පොළියට යුක්රේනයට ඩොලර් බිලියන 14ක් දුන්නා… අපට එහෙම බැරිවුනේ අපේ රටේ පාලකයන් වන ආණ්ඩුවේ නොහැකියාවෙන්…*

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාරයක් ලබා දී ඇතැයි ද මීට අමතරව යුරෝපීය සංගමය සහ ඇමරිකානු එක්සත් ජනපදයත් විශාල වශයෙන් ආධාර මුදල් උපකාර දී ඇති බවත් ලංකාවට එබඳු ආධාර උපකාර නොලැබීම පිළිබඳව තමා දැඩි විමතියට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතා සඳහන් කරයි.

    මෙතරම්ම විශාල සහනාධාර මුදල් යුක්රේනයට ලැබෙද්දී ඊට වඩා කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට අවුරුදු හතරටම ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9 ක් වැනි ඉතා කුඩා මුදලක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ නායකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වඩා හොඳින් ගැඹුරු ලෙස සාකච්ඡාවක් කර ඩොලර් බිලියන 20ක 30ක පමණ විශාල ආධාර මුදලක් ලේසියෙන්ම ලබාගැනීමට සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකර විදේශ ණය වලට පමණක්ම බලපාන පරිදි සහනයක් ලබා ගැනීමට නොහැකි වූයේ මන්දැයි ඔහු දැඩිලෙස ප්‍රශ්න කළේය. මෙය වත්මන් ජනපති ඇතුලු රජයේ නොසැලකිල්ල සහ අසමත්කම මනාව පැහැදිලිවන කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන විවාදයේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    එවන් හොඳ සාකච්ඡාවක් ලබා ගත්තේ නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අතහැර මෙතරම් අධික බදු, සහනාධාර කප්පාදු, රජයේ වියදම් කප්පාදුව ආදී අනවශ්‍ය කොන්දේසි පටවා ජනතාව පීඩාවට පත් නොකර ඉදිරියට යා හැකිව තිබූ බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.//

    මේකත් බලන්න, මේ වීඩියෝ ක්ලිප් එකේ සජිත් ප්‍රේමදාස අවධාරණය කරන පරිදි අයි එම් එෆ් එකට යායුතු ආකාරය ලංකාවේ රජය පැහැර හැර තිබෙන බව හිතෙනවා නේද? මීට වඩා හොඳට සූදානම්ව ගියා නම් වැඩි මුදලක්ද ලබාගත හැකිව තිබෙන බව සිතිය හැකියි නේද?

    https://m.youtube.com/watch?v=jF9x18Mcp5s&t=4s&pp=ygUs4LeD4Lai4LeS4Lat4LeKIOC2tOC3iuC2u-C3muC2uOC2r-C3j-C3gyBpbWY%3D

    ඇත්තටම අප අයි එම් එෆ් එකෙන් මේ සජිත් ප්‍රේමදාස මහතා කියන ආකාරයට සහන ලබාගැනීමට රජය අමතක කරල තියෙනව වගේ නේද පේන්නේ? මේ පිළිබඳව විස්තර කරන්න පුලුවන්ද?

    ReplyDelete
  14. ඇත්තටම ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ආපු නිව්ස් එකක මෙහෙමයි තියෙන්නේ

    ///ලංකාවේ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කරණ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය පක්ෂයේ 99% ක පමණ මන්ත්‍රී පිරිසක් යෝජනා කළබැවින් ඒකමතිකව සජබය මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ. මන්ත්‍රී හර්ෂ ද සිල්වා පමණක් මෙයට කොන්දේසි සහිතව සහාය දිය යුතුය යන අදහස කලින් ප්‍රකාශ කර ඇතත් මේවන විට පක්‍ෂය තුලින්ම එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔහුද නිහඬව සිටින බව පැවසේ.

    සමගි ජන බලවේග පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ අද පස්වරුවේ රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් ඒකමතිකව මෙම තීන්දුව ගත් බවයි.

    මීට හේතුව ලෙස මේ මොහොතේ මෙම යෝජනාවට සහාය දුන්හොත් ඉදිරියේ සිදුවන ආර්ථික හැලහැප්පීම් වලට සජබද වගකිව යුතු වනු ඇති බවට චෝදනා එල්ල විය හැකි බැවින් කිසිදු ආකාරයක ජනතා අප්‍රසාදයට පත් වීමකට සජිත් ප්‍රේමදාස මහතා අකමැත්ත ප්‍රකාශ කර ඇති බැවින්ද ඉදිරි මැතිවරණ වල ආණ්ඩුවට විරුද්ධව දැඩිලෙස චෝදනා එල්ල කිරීමට මෙහි සඳහන් ජනප්‍රිය නොවන කරුණු ඉතා ප්‍රබල ලෙස සහ සාර්ථක ලෙස යොදාගත හැකි බැවින්ද මෙයට විරුද්ධ වීම වඩාත්ම ජනප්‍රිය සහ උචිතම තීන්දුව බව සජබ බහුතර මන්ත්‍රීවරුන් පෙන්වා දුන් බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවැසීය.///

    මේ ගැන මම හිතන්නේ සජබය මේකට විරුද්ධව බහුතර ජනතාව ඉන්න බව අවබෝධ කරගෙන වැඩ කරන බවයි. දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය හරහා ජනතාව පීඩාවට පත්වන බව ඉදිරියට දැකගන්න සිදුවනූ ඇති බව නේද මෙයින් පේන්න තියෙන දේ? මේ ගැන කිසිවකුට පුරෝකතනයක් කළ හැකිද?

    ආණ්ඩුව අපට නොකියන මේ නරක ප්‍රතිවිපාක ගැන දැනගන්න කිසිම තැනක සටහනක් තිබුණේ නෑ.

    මාලිමාවේ වසන්ත සමරසිංහ සහ හඳුන්නෙත්ති සහෝදරයින් දෙදෙනා මෙයින් රජයේ ඊපීඑෆ් ඊටීඑෆ් වලට සහ බැංකු වලට රුපියල බිලියන සිය ගණනක පාඩූවක් සිදුවන බව හෙළිදරව් කළ නමුත් කරුණු සහිතව විස්තරාත්මක ලෙස පෙන්වා දුන්නේ නෑ, මේ ගැන කාටහරි පැහැදිලි කරමින් කමෙන්ට් එකක් ලියන්න පුළුවන්ද සාධක සහිතව?

    ReplyDelete
    Replies
    1. @ Ano 4.21

      මහ ප්‍රේමදාස දැන් හිටියනම් හිතයි නොදකින් අපරාදේ මූ හැදුවට වඩා සරමේ පිසදාගත්තනම් මීට වඩා හොඳ බව.... ඔය දෙපා පිංගොනා හදාගත්ත වෙලාවේ කකුල් හතරේ හරකෙක් හදාගත්ත නම් මේ පෝර ගණන් කාලේ ගොම පෝර ටික හරි ලැබෙනවා දෙනුන්ට පට්ටි දාලා ගානක් හොයාගෙන පසුව මසට විකුණල දාල ගානක් හොයාගන්න තිබුණා... අපරාදේ දැන් ඒකත් නෑ නේද?

      අප හිතමිතුරු හරිත පක්ෂයේ පැතුම් කර්නර් ඔය සජබයියන්ගේ මෝඩවාහේ කියන දෙපා පිංගොනා ගැන දාපු පෝස්ට් එක මේ;

      ///තමන් කරන්නේ කුමක් දැයි නොදන්නා තවත් පක්ෂයක් වේ නම් එය සමගි ජන බලවේගයයි. ඔවුන් මේ කාරණයේදී මාලිමාවට දෙවෙනි නොවන අතර මාලිමාවද පරදවන බව කිව හැකිය.

      විටෙක සමගි ජන බලවේග නායකයා ඇතුලු පිරිස රජයේ වියදමින් බහුතර සුභසාධනය සැලසීම ප්‍රධාන කරගත් මිශ්‍ර ආර්ථිකයක් ගැන කියති. තවත් වරෙක ඔවුන් "ඇමරිකාවට ෆයිට් එකක් දෙන්නට" ධනවාදී ආර්ථිකයක් නිර්මාණය කරන බව කියති.

      විටෙක රටේ සෘජු බදු වැඩිකරන ලෙස ඉල්ලති, බදු ප්‍රමාණය අඩු කරපු පහුගිය රාජපක්ෂ රජය දැඩි ලෙස විවේචනය කළ ඔවුන් දැනුදු එසේ කරන අතරම වත්මන් රජය විසින් ඍජු බදු සහ වක්‍ර බදු වැඩි කිරීමට තීරණය කළ විගසම ක්ෂණිකව යූ ටර්න් ගසා හපෝයි රටම විනාසයි වහා සියලුම බදු අඩු කරනු මේ තීන්දුව හකුලා ගනු කියා සම්පූර්ණයෙන්ම එයට විරුද්ධ වෙති. තමන්ම කියපු දේ නොකරන ලෙස බල කරමින් උද්ඝෝෂණ කරති.

      විටෙක රජය සතු ආයතන පුද්ගලීකරණය ගැන කියවති. තවත් වරෙක පුද්ගලීකරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව කියමින් නන් දොඩවති.

      දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මේ රටේ මේ මොහොතේ සිදුවන අත්‍යාවශ්‍යයම ප්‍රතිසංස්කරණයකි. කලින් එයට පක්‍ෂ අදහස් දැරූ අතර පක්ෂ නායකයා මාධ්‍ය හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය. නමුත් එම නායකයාම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සමග වහාම එයට විරුද්ධව දැඩි ලෙස විවේචනය කරමින් රටවටා උද්ඝෝෂණය කරති. ජනතාව කුපිත කරමින් මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ගෙන් පලි ගත යුතු බව කියමින් නූගත් ග්‍රාමීය ජනතාව උසි ගැන්වීමට උත්සාහ කරති.

      මේ පක්ෂයට කිසිම ආකාරයක දැක්මක් හෝ ස්ථිරසාර මතවාදයක් නොමැති බව ද එයට දීර්ඝකාලීන තබා කෙටිකාලීනව හෝ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ද රටේ පවතින ආර්ථික අර්බුදය ගැන වැටහීමකින් කටයුතු නොකරන බව ද කිසිම දෙයක් ගැන නොහදාරා විටින් විට කටට එන වචන පවසමින් පිස්සන් සේ නන්දොඩවන බව
      හැර අන් කිසිවක් මින් ගම්‍ය නොවේ.

      අවාසනාවකට ඔවුන් මේ රටේ ප්‍රධාන විපක්ෂයයි. මෙය අප මෙම අවාසනාවන්ත තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුමය. ඔවුන් එයට ද විරුද්ධ වෙති. නමුත් අප එයට කැපවී ක්‍රියාකරමු.

      පැතුම් කර්නර්
      #හරිතපෙරමුණ
      #Weneednewleaders///

      Delete
  15. ඉයන් මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි.

    ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන ප්‍රචන්ඩ අරගලයක්.

    හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

    මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ.

    මුලු ජාත්‍යන්තරයම නිකන් දැක්කේ නෑ වගේ ඉන්නේ.

    මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් අවදානයක් දෙන සුදු මහත්තුරු,
    තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයි දන්නෑ ? 😁😁😁

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට?

    ReplyDelete