Thursday, June 1, 2023

ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ?




කලින් ලියපු  බුද්ධාගම රැකගන්න වරෙල්ලා  පෝස්ට් එකට මා මිත්‍ර  අජිත් ධර්මකීර්ති ප්‍රශ්ණ කීපයක් අසමින් කමෙන්ට් කරලා තිබ්බා. දිග උත්තරයක් දෙන්න වෙන නිසා සහ සංවාදය අනික් අයටත් විවෘත කරන්න ඔහුගේ අවසරය ඇතිව ඒ කමෙන්ට් එකට පිළිතුර පෝස්ට් එකක් වශයෙන් දානවා. 


අජිත් ධර්මකීර්ති මිතුරා කියා තිබ්බේ මෙහෙම

ඉයන් මම මේ ලියන දේට තරහ නොවේවි කියල හිතනවා.කොහොමත් ෆේස්බුක් එකේ නැති නිසා බ්ලොග් වලින් අයින් කරන එක විතරනේ ඉතුරු වෙන්නේ. 😀මට ඔයා ලියන දේවල් ටිකක් පරස්පර විරෝධියි. මම නතාෂාගේ වීඩියෝ එක බැලුව. ඇත්තටම ලන්ඩන් අපට ඒක අවුලක් නැහැ. මහා ලොකු දෙයක් කියන්නේ නැහැ. කොටින් ම දැනට මුදල් හදල් ඇතිව හොඳ ජිවිතයක් ගෙවන ඔයා, පිටරට සිටින බස්සා හෝ මම වගේ අයට මේවා පත්තියන්. ප්‍රශ්නය එහෙම නැති අය ගැන. ඒ අයට තමා තරහ යන්නේ. ඇයි ? ඇයි එංගලන්තේ මිනිස්සු සාමාන්‍ය අපි දන්නා බෞද්ධයන්ට වඩා හොඳ? හැමදේම ලැබිල හෝ ලොකු තරඟයක් ජිවත් වෙන්න නැති කොට ඉබේම දාන පාරමිතා පහල වෙනවා. මගේ ජර්මන් බිරිඳ පන්සල් යනවා. මම යන්නේ නැහැ. එයා යනව. මම එයාට මේ නතාෂා ගේ කතාව කීවම - එයා ඇහුව ඒ ගෑනිට පිස්සුද ඕක ලංකාවේ කියන්න කියල. මම කිව්ව එයාට නැත්ෂා කීවේ එයාගේ කට්ටියකට. අප්‍රේල් මාසේ. මේ මාසේ ඕක උස්සල උලුප්පල දැම්මේ වෙන කෙනෙක්? ඒ කවුද?මෙන්න මේ සන්දර්භය මත තමා මම මගේ ඇමෙරිකානු සම්බන්ධය ගැන ඉඟියක් දීල ලිපිය ලියන්නේ. දැන් මාව විමල් විරවංශ ගේ ගානට දාන්න එපා ප්ලීස්. ඔයාගේ සමහර ලිපි වල කියනවනේ ධනවාදයේ දියුණුව සහ අමෙරිකාවෙන් අපි ආධාර ලබා ගත යුතු බව. එකඟයි. කියුබාව වගේ නොවන්න නම් ලංකාව එතනට යන්න ඕනේ.

හැබැයි මේ ලිපියේ කියනව අර අල්පේච්ච තාවය . අත හැරිම ගැන. ඔය දෙක පරස්පර විරෝධී නැත්ද?
අරගල කරන්න, අලෙප්ච්ච තාවය සහ ලද දෙයින් සතුටුවීම සහ ධර්මයේ හැසිරීම ඕව ඔක්කොම එකට කරන්න බැහැ.

//සූත්‍ර 84,000 ක ලියල තිබ්බට බුදුහාමුදුරුවෝ කිව්වේ බොහොම සරල දෙයක්. එයා කියපු දේ හරය නම් අපි රාගය, ද්වේශය සහ මෝහය නිසා තනාගන්නා උපාධාන නිසා කෙලවරක් නැතිව සසරේ ඇවිදිනව කියලයි. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ ක්ලේශ සහමුලින්ම ගලවල ඉවත් කරගන්න (අඩුම වශයෙන් කොටසක් හරි අඩු කරගන්න) පන යන්න ඉස්සෙල්ල ක්‍රියා කරන එකයි.

ඔන්න ඔය ටික කරගන්න උත්සාහයක් නැතිව බුදු දහම රැක ගන්න පෙලපාලි යන්න, නඩු දාන්න, මිනිස්සු හිරේ දාන්න උල්පන්දන් දෙන්න කියල ත්‍රිපිටකයේ කොහේවත් කියල නැහැ.// 

නිවන් යන්න ඕන එවුන්ට කැලේට ගිහින් භාවනා කරත හැකි. බුද්දාගම මැලේසියාවේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ, ඉන්දුනීසියාවේ, මාල දිවයිනේ නැති වුනේ ඕන මගුලක් කරන්න ඇරලා හිටිය නිසා. ඉතින් පොඩි හරි දේකට ඔය ආර්ථිකයෙන් පහල මිනිස්සු ඇවිලෙන එක සාධාරණයි. ක්ලේශ අත හරින්නැයි, රටක් දියුණු කරගෙන සැපසේ ජිවත් වෙන්නයි ඔය දෙක එකට කරන්න බැහැ. එනිසා එක්කෝ ලංකාවේ මිනිස්සු ඔයපිරිසිදු බුදු දහම අත ඇරලා , ආමිස පුජාවක් කරගෙන වලියක් දාගෙන රට දියුණු කරන්න, ජිවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. නැත්නම් තමන්ගේ පාඩුවේ කොස් ගෙඩියක් තම්බා ගෙන කාල ඔයා කියන විධිහට ඉන්න ඕනේ.

මගේ ප්‍රශ්නේ ඇයි මොකටද ඒ මිනිස්සු එහෙම ඉන්න ඕනේ?මොකද මුස්ලිම් ආගමට අනම් මනම් කියන්න ඉඩ දෙනවද? එංගලන්තේ උනත්? සික් ආගමට කියන්න ඉඩ දෙනවද එංගලන්තේ වුනත්? ක්‍රිස්තියානි ආගමේ ඔය වගේ පට්ට විකාර කතා , ජේසු ටෝස්ට් එකේ පේන ඒවා නැත්ද/ කවුරු හරි කියනවද ඒ අයට ජේසුස් වහන්සේ දුප්පතුන් වෙනුවෙන් කතා කලේ. උන්වහන්සේ ගේ ආගම වෙනස් කියල? (එංගලන්තේ පුළුවන්. thank you god I live here - pun intended - monty python gගහන්න ඒ කාලෙම ඉඩ දුන්න ) පල්ලි වල සල්ලි කඳු ගොඩ ගැහුවේ නැහැ කියල. ඇයි අර වැඩිපුර හිතන්නේ නැති මිනිසුන්ව අවුස්සන්නේ. ඔය මිනිස්සු පල්ලි වලට ගැහුවේ නැහැනේ ලඟකදී. ඒ වගේම අජිත් එයාගෙ බ්ලොග් එකේ  දියුණු වෙන්න ඕනෑ නම් හලපන් පරණ ආගම මාතෘකාවෙන් මේ ගැන ලියා තියෙනවා ජාත්‍යන්තර උදාහරණ එක්ක. 

මම මේ ප්‍රශ්ණ වලට මගේ වැටහීමේ තරමට පිළිතුරු දෙන්නම්. තව කෙනෙකුගේ කියවීම මගේ කියවීමට වඩ වෙනස් වෙන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ නිර්නාමික කමෙන්ට්ස් සහ මට හෝ අන් අයට දාන අපහාස කමෙන්ට් මකන්නේ නැහැ. ඒ මම ප්‍රකාශන නිදහස පිලිගන්න කෙනෙක් නිසා. මේ පොස්ට් එකේදී පමණක් මට හැර අන් අයට දාන අපහාස කමෙන්ට් මකා දමනවා. ඒ ගැන සමාව දෙන්න

1. ඇයි ලංකාවේ අයට මේ වගේ දේවල් වලට තරහ යන්නේ?

(a) පළමුවෙනි හේතුව තමයි තමාට, තම පවුලට, ගමට හෝ රටට වෙන දේවල් වලට තමන්ට කිසිම වගකීමක් ගන්නේ නැතුව, අන් අයට වැරැද්ද පැටවීමට පුරුදුවී සිටින සමාජයක් වීම. ඇත්තටම ත්‍රස්ථවාදී සහ වාමාංශිකයන් යන දෙගොල්ලොම මිනිස්සු ඔවුගේ මතයට/ක්‍රියාවන්වලට හරව ගන්නත් මිනිස්සුන්ගේ මේ දුර්වල කම පාවිච්චි කරනවා. "උඹ මේ තත්ත්වයට වැටිල තියෙන්නේ උඹේ වරදින් නොව ආණ්ඩුවේ නැත්තම් ධනවත් මිනිස්සුන්ගේ වරදින්". "ඒ නිසා වරෙන් අපිත් එක්ක මේක වෙනස් කරන්න" කිව්වම අර අනුන්ට වරද පටවන්න බලාගෙන ඉන්න එකා ඒ අය සමඟ එකතුවෙනවා. බටහිර අය බොහෝ විට ඔවුන්ගේ සාර්ථකත්වය ගොඩනගා ගැනීමේ වගකීම ඔවුන්ම ගන්නවා. තමන්ගේ සාර්ථකත්වය ගැන වගකීම භාරගන්න අයට ආණ්ඩුව, දේශපාලකයා, ඇහෙන ප්‍රවෘත්ති, අන් අය කරන දේවල් ගැන වද වෙවී ඉන්න කාලයක් නැහැ. එහෙම නැත්නම් ඒවා සඳහා තමන්ගේ කාලය නාස්ති කරගන්නේ නැහැ. 

ඒ වගේම බටහිර රටවල අනුන්ගෙන් යැපීමේ මානසිකත්වයක් නැහැ.  Teenage වයසෙදිත් දෙමව්පියන්ගෙන් යැපෙන්න, උසස් අධ්‍යාපනයට රජයෙන් යැපෙන්න, රැකියාවත් ආණ්ඩුවේ එකක් හොයා ගන්න, ගෙදරදිත් බිරියගෙන් උයාගෙන කන්න ආදී වශයෙන් වෙන කෙනෙකුගෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන කෙනා තමන්ට වෙන අඩුපාඩුවකට හේතුව තමන් හැර වෙන කෙනෙක් කියල හිතනවා. බටහිර සමාජවල අවුරුදු 15 ඉඳන් පොඩි රැකියාවක් කරල කීයක් හරි හොයාගෙන තමන්ට ඕන දේවල් ලබා ගන්න, අවුරුදු 18 වෙනකොට නිවසින් පිටවෙලා ස්වාධීන වෙන්න හිතනවා. එතකොට සාර්ථකත්වය හෝ පරාජයට තමන්ම වගෙකීම භාරගන්න වෙනවා.

ඒකට ප්‍රතිවිරුද්ධ සමාජයක් තියෙන ලංකාවේ අකුණක් ගැහුවත් ඒකත් ආණ්ඩුවේ හරි වෙන කෙනෙකුගේ වැරැද්ද. තමන්ට කන්න නැත්නම් හෝ රැකියාවක් නැත්නම් ඒක ආණ්ඩුවේ වැරැද්ද. ඒ නිසා හැමවෙලාවෙම කාට හරි බනින්න කාගෙ හරි වැරදි කථා කරන්න විශාල කාලයක් යොදාගන්නවා. 

ඒවගේම මගේ  ජාතික ගීය දෙමලෙන් ගැයීම ගැන පෝස්ට් එකේ  ජාතික ගීය දෙමලෙන් ගැයීම ගැන පෝස්ට් එකේ කිව්වා වගේ ලංකාවේ බුදු දහම ප්‍රචාරණය සහ ඇදහීම ධර්මයේ හරය සමඟ ගැලපෙන්නේ නැහැ. උදාහරණයකට දහම් පාසැල් වල බුදු දහමේ ප්‍රායෝගික පැත්ත වන අසුභ භාවනාව, මෛත්‍රී කිරීම ආදිය ගැන ළමයින්ව ප්‍රායෝගිකව පුහුණු කරනවා වෙනුවට බුද්ධාගමේ Theory උගන්නන එක තමයි වෙන්නේ. ඒකෙන් පාසැලේ විභාග වලින් බුද්ධාගම විෂය සමත් වෙන්නත්, තේරුම නොතේරී පාලි ගථා කටපාඩම් වීමත් තමයි වෙන්නේ. ධර්ම දේශණා වලත් සෝවාන් වීමේ තීරණාත්මක අවශ්‍යතාවය සහ ඒ මාර්ගයට යොමු වීම පුහුණුව වෙනුවට බුද්ධ සාහිත්‍යය, ජාතක කථා සහ ලෞකික දේවල් තමයි බොහෝ කාලයක් තිබුණේ. මේ දවස් වල පොඩි වෙනසක් නම් දකිනවා. ඒ නිසා අන් අයට මෛත්‍රිය වඩන කට්ටියක් වෙනුවට ප්‍රචන්ඩකාරීව අදහස් ප්‍රකාශ කරන සහ හැසිරෙන බහුතරයක් තමයි බෞද්ධයන් ලෙස අපි දකින්නේ. ඒ අතරම බුද්ධාගම රැක ගැනීමේ වගකීම ඇත්තේ බෞද්ධයන්ට කියල ඒ අයට ඒත්තු ගන්නල තියෙනවා. ඇත්තටම බුදු දහම රැකගන්න නම් ඒකේ තියෙන හරය උලුප්පවලා දක්වලා දැනට බෞද්ධ නොවන අතර ඒක පතුරවන්න ඕන. අපිට තාම උතුරු නැහෙනහිරටවත් ඒක පතුරවන්න බැරිවෙලා තියෙනවා.  

මම හිතන්නේ ඒ නිසයි ඔබලාට බෞද්ධ ධර්මය අදහන්නේ නැති රටවල අය ලංකාවේ අයට වඩා නිවිච්ච. නිහතමානී, අන් අයගේ මත ඉවසන කට්ටියක් ලෙස පෙනෙන්නේ. ඒත් ඒ රටවලත් මෙහෙ වගේම කට්ටියකුත් ඉන්න බව ඔබ දන්නවා ඇති.   

2. හැමදේම ලැබිල හෝ ලොකු තරඟයක් ජිවත් වෙන්න නැති කොට ඉබේම දාන පාරමිතා පහල වෙනවා. 

ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උදාහරණයකට ලෝකේ ඉන්න ධනවත්ම 2% ට පුළුවන් ලෝකයේ බඩගින්න නැති කරන්න. නමුත් ඒ අය ඒක කරන්නේ නැහැ.  සමහර විට ගොඩක් වස්තු තියෙනකොට ඒවාට තදින් බැඳෙනවා. අනික තමන්ටත් කන්න නැති අය තියෙන එකම දේ බුදු හාමුදුරුවන්ට පූජා කරල තියෙනවා. ඒක සාටක බමුණා තමන්ටයි බැමිණියටයි තිබුණ එකම සාටකය පූජා කලා. මට හිතෙන්නේ පොඩ්ඩක් තියෙන අය තියෙන දේකින් කොටසක් තව කෙනෙකුට දෙන්න පෙලඹෙනවා කියලයි. ඒ නිසා පාරමිතා පුරන්න අනික් අවශ්‍යතා සියල්ල සැපිරෙනකම් ඉන්න ඕන නැහැ කියලයි මට හිතෙන්නේ. ඊට වඩා මේ කාලයේ බොහෝ බෞද්ධයන්ට, බුදු බණ ඇහෙන රටේ බෞද්ධ වී ඉපදුන හේතුව සහ මැරෙන්න කලින් කරගන්න ඕන දේ ගැන හරිහටි කියාදීමක් හෝ වැටහීමක් නැති එක කියන එකයි තමයි මගේ අදහස.    

3. අල්පේච්චතාව සහ අතහැර්‍රම ධනවාදයට විරුද්ධයි

මම කලකට ඉහත අනික් බ්ලොග් එකේ  ලිව්ව, අතහැරීම ගැන. ඒකේ මම කිව්වෙත් තමන්ගේ තියෙන දේවල් පුලුපුලුවන් විදිහට ළමයින්ට හෝ අනික් අයට දීල දාල ගැලවෙන්න කියල. ඒක මගේ වැරදි වටහාගැනීමක්. ඇත්තටම බුදුහාමුදුරුවො අතහරින්න කිව්වෙ හිතින් අතහරින එකට. ලොකු ගෙවල්, වාහන, ඉඩකඩම් තියෙන කෙනෙක් ඒවයේ තියෙන අනිත්‍ය, සහ විපරිනාමය වෙන ස්වභාවය දැකල හිතින් තියෙන බැඳීම හෝ උපාධානය අයින් කරගැනීමයි අතහැරීම කියන්නෙ. ඒක ධනවාදයට විරුද්ධ නැහැ. ධර්මයේ කියල තියෙන මත්ද්‍රව්‍ය, ගිනි අවි වගේ ඒව නැතුව සාධාරණ ව්‍යාපාර  කරල ඒකෙන් සුව පහසු ජීවිතයක් ගෙවන ගමන්, වස්තුවලට සහ ළමයින්ට නොබැඳී, රටේ සිදුවන දේවලට හෝ අපිට කරදර කරන අයට ද්වේශ නොකර මෛත්‍රීය වඩාගෙන ඉන්න එක ධනවාදයට විරුද්ධ නැහැ.       


4. ක්ලේශ අතාරින්නයි රටක් දියුණු කරන්නයි එකපාර කරන්න බැහැ

මේ ගැන මට කියන්න තියෙන්නේ රටේ ඔක්කොම අනාගාමී තත්ත්වයට පත්වුණොත් (ඒ කියන්නේ කාමරාග පටිග දෙක සහමුලින්ම නැතිවුනොත් ) නම් රටක් දියුණු කරන්න බැරිවෙනවා තමයි. ඇත්ත තත්ත්වය 99% කට එහා ඉන්නේ පෘතග්ජන තත්ත්වයේ නිසා ඒක බාධාවක් වෙන්නේ නැහැ. 

ධනවාදය සහ සමාජවාදය කියන ක්‍රම දෙකෙන් රටක් දියුණු කරන්න පුලුවන් මොකෙන්ද කියන එකට ඕන තරම උදාහරණ තියෙනවානෙ. මම ඉගෙන තියෙන දේවල් අනුව සහ අත්දැකීම අනුව මම හිතන්නේ ඒක කරන්න පුළුවන් ධනවාදයට කියලයි. ඒක ගැන මම ලියන්නේ මගේ වාසියකට නෙවෙයි. 

රට දියුණු නොවීම නිසා රැකියා, නිවාස, ආහාර ආදිය නැතිවෙන එක මට පෞද්ගලික බලපාන්නේ නැහැ. මට මේ රටේ ජීවත් වෙන්න අර්ථිකයකුත්, වෙන රටවල් කීපෙක ජීවත් වෙන්න හැකියාවත් තියෙනවා. ඒ වුනාට වැඩි දෙනෙක් වැරදි පාරක යන නිසා දුක් විඳින එක ගැන කනස්සල්ලක් හිතෙන එක නවත්වන්න බැහැ. මගේ දරුවන් දෙන්න මෙහෙදි ඉගෙන ගත්තෙ මුදල් ගෙවන පාසැල් වල, විශ්ව විද්‍යාල වල ගියේ ඒගොල්ලො පුරවැසියො වුන රටවල. ඒ කියල දියුණු රටවල් වගේ සිසු ණය ක්‍රමයක් සමඟ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම ගැන මම හැමදාම කථා කරනවා. ඒ කට පාඩම් විභාග සමත් විය නොහැකි එහෙත් බුද්ධිමත් තරුණයෝ ත්‍රිරෝද රථ වල හරි මැදපෙරදිග ගෘහ සේවිකා වැඩ කරන එක ගැන තියෙන ගැටළුව නිසා. දැන් ජවිපෙ වගේ එකක් ආවොත් ඒවා කවදාවත් නොවෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ ගැන ද්වේශයක් නොගෙන බුදුහාමුදුරුවො කියල තියෙන විපාක ගැන හිතල ඒගොල්ලො එහෙම දුක්විඳින්න වෙලා තියෙන්නේ ඒ ගොල්ලො සංසාරයේදී දන් නොදීම හෝ කරපු අකුසල කර්ම කියල හිතල හිත හදාගන්න වෙනවා.  

ඒක නිසා ධනවාදීව රට දියුණු වෙන්න, රැකියා වැඩි කරන්න, රටේ ආදායම වැඩි කරගන්න වැනි දේවල් ගැන මගේ අදහස් ඉදිරිපත් කරනවා. ඒවා ගැන අන් අය විවේචනය කලාට හෝ ඒවා ක්‍රියාත්මක නොවුනට කමක් නැහැ. මේ ලඟදී කම්කරු පණත් ගැන අදහස් ඉල්ලලා පුවත්පත් දැන්වීමක් තිබුණා. ඒකට මම මගේ අදහස් යැව්ව. පසු වෙලාවක ඒකත් මෙහි පලකරන්නම්.  

ඒ නිසා මම ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ලියන එකයි සහ බුදුදහමේ තන්හාව (රාගය) සහ ද්වේශය අඩු කිරීම ගැන ලියන එකෙයි පරස්පරතාවයක් තියෙනවා කියල හිතෙන්නේ නැහැ.   


5. රටක් දියුණු කරන්න නම් බුදු දහම අත් හැරිය යුතුයි

මම ඔබේ පෝස්ට් එක කියෙව්වා. මගේ අදහස නම් රටක් දියුණු කරන්න බුදු දහම අතාරින්න ඕන නැහැ කියන එකයි. ඒවගේම රටක් දියුණු කරන්න ඔබ කියන විදිහට ආමිස පූජා විතරක් කරන්න ඕන නැහැ. බුදුහාමුදුරුවො කිව්වෙ බුද්‍යෝත්පාදක කාලයක මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ අඩුම ගනනේ සෝවාන් වෙන්න කියලයි. ඒ මාර්ගයේ යන්න වැඩකරන්න නම් ද්වේශය සහ රාගය අඩු කරගන්න උත්සාහ කරන්න ඕන. මේ අවස්ථාව අතෑරියොත් ආයිමත් බුද්‍යෝත්පාද කාලයක, අංග විකල නොවී, යම්කිසි ඥාණයක් සහිතව, බුදු බණ ඇසෙන දේශයක ඉපදීම මොන කල්පයේ වෙයි දැයි කියන්න බැහැ.. මේ දෙකම කරන්න උත්සාහ කරන්න බැරි ඇයි කියල මට වැටහෙන්නේ නැහැ.   

අනික මට වැටහෙන විදිහට නිවන් යන්න කැලේ ගිහින් භාවනා කරන්න ඕන නැහැ. අපි සමාජයේ ඉන්නකොට තමයි අපේ ආයතන වලට ද්වේශය රාගය එන දේවල් ඇහෙන්නේ, දකින්නේ. ඒවා ගැන විදර්ශණා කරල ඒවා අඩුකර ගැනීම තමයි ක්‍රමය. එහෙම නැතුව කැලේට ගිහින් සමථ භාවනා කරල ධ්‍යාන ලබාගෙන නිවන් යන්න බැහැ. ඕනනම් මහ විශාල කාලයක් බ්‍රහ්ම තලයකට වෙලා සංසාරෙ තව දික් කරගන්න නම් පුළුවන්.  

එතකොට මේ භවයේ කරගන්න ඕන දේවල් කරන ගමන් බුදු හාමුදුරුවෝ කියල තියෙන විදිහට ව්‍යාපාර කරල හෝ රැකියා කරල රටේ දියුණුවට වැඩ කරන්න පුළුවන්. ඒත් ඕනම ආගමක් වලිගයෙන් අල්ල ගත්තොත් ඒක රැකගන්න අන් අයව මරන්න. කොටන්න හිරෙ දාන්න, යුද්ධ කරන්න ගියොත් නම් තනුත් රටත් පිරිහෙනව.


6. අනික් ආගම විවේචනයට ඉඩ තියෙනවද?

තමන්ගේ සාස්තෘන් වහන්සේට අගෞරව කිරීමට මූලධර්මවාදී ආගම් වල අය විරුද්ධ වෙනවා. උදාහරණයකට මුස්ලිම් ආගමට ගැන පොතක් ලිව්ව සල්මන් රුශ්ඩි ට වෙච්ච දේ. ඒ අතින් බුදු දහම මූලධර්මවාදී ආගමක් නෙවෙයි. ඒක බලෙන් අදහන්නට සැලැස්වීමක් නැහැ. අනික බුද්ධාගමේ පැහැදිලිව කියල තියෙනවා තමන්ට, තමන්ට ආසන්න අයට, බුදු දහමට යමෙක් අනදර අපහාස කරනවනම් ඒ ගැන ද්වේශයක් ගන්න එපා කියල. මේක ද්වේශයට සම්පූර්ණයන්ම එරෙහි වන ධර්මයක්. ඒවගේ ද්වේශයට එරෙහි ධර්මයක් 'රැක ගන්න' ද්වේශයක් ගැනීම තමයි මේ වෙන දේවල හාස්‍යජනකම දේ.        

මගේ කලින් පෝස්ට් එක ලිව්වේ නතාශා එදිරිසිංහ ගේ ප්‍රහසනයට වෛරී ප්‍රකාශ කරපු අයට මේවා ගැන ද්වේශයක් ගන්න එපා කියන්න. බුද්ධාගම තියෙන්නේ අපිට සසරින් එතෙර වන්න පාරුවක් කරගන්න මිසක් ඒක රැකගන්න කියල ද්වේශ ඇතිකරගන්න නෙවෙයි කියලයි කිව්වෙ. බුද්ධාගම් බෙන්ස් කාරෙකට සමාන කලොත්. ඒක තියෙන්නේ අපිට එක තැනක ඉඳල තව තැනකට යන්න. දැන් වෙන්නේ අපි ඒ කාරෙක කොහෙවත් යන්න පාවිච්චි නොකර මේ පහත දේවල් කරන එක. 

(a) වෙන අය බෙන්ස් සන්නාමයට විරුද්ධව කථා කලොත් හෝ විහිළුවක් කලොත් ඒ අයට බනින්න, අපහාස කරන්න.

(b) බෙන්ස් කාරෙකෙන් කොහෙවත් නොයා ඒකේ අයිතිය පෙන්න පෙන්න මානයෙන් හිස උදුම්මගෙන ජීවත් වෙන්න.

(c) මේ දේවල් දිගටම කරනකොට ඉක්මනටම ඒ බෙන්ස් කාරෙක අහිමි වෙලා ගොන් කරත්තයක් ලැබෙනව කියන ඒක තේරුම් නොගන්න එක. 

ඒව නොකර පරිස්සමින් එලවන්න පුරුදුවෙලා බෙන්ස් කාරෙකෙන් තමන්ට යන්න නියමිත ගමන යන එක තමයි සුදුසු..    
       

  
අජිත් මතුකරපු කාරණා ගැන පුළුවන් හැටියෙන් මම හිතන දේ විස්තර කරා. මේකේ ලිව්වේ මගේ වටහාගැනීම. අනික් අයට මේකට වෙනස හෝ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන්න පුලුවන්.  කමෙන්ට් වලින් තව දුරටත් සංවාදයට විවෘතයි. මෙම කමෙන්ට් එක දැමීම ගැන බොහොම ස්තූතියි අජිත්. 





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

76 comments:

  1. ඉයන් මෙතන කියන කතාව ඇත්තක් තියෙනවා, මම හිතන්නේ ඉයන් බෞද්ධ සම්ප්‍රදාය පිළිබදව හුලංදාවේ සමන්ත බඩ්ඩගේ පොර ටෝක්ස් වලට සමාන මට්ටමේ මතයක් තියෙනවා වගේ, හිතින් අතහැර දමා සුඛෝපභෝගී ජීවන විලාසයක් (lifestyle) එකක් ගැන කියන්නේ ඒකනේ එහෙම නේද?

    ඒ වගේම තමයි මෙන්න මේ කාරණයත් පෝස්ට් එකට එකතු කළ යුතුයි අපි ලංකාවේ හිටපු පහුගිය යහපාලන රජය සමයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් සහ මංගල ඇතුළු විශාල පිරිසක් වෙනුවෙන් රෙදි නැතුව කඩේ ගිය නිරාලා සෙට් එක ඔවුන්ගේ මුසලමානු අනුග්‍රාහක භවතුන්ගේ මූල්‍ය අනුග්‍රහය සහිතව එවකට උන්ට විරුද්ධව සටන් කරපු මුසලමානු ඇතුළු අන්‍යාගමික විරෝධී පටු දේශපාලන ගේම් එකක් ප්ලේ කරපු ඤාණසාර සහ ඒවගේ අන්‍යාගම් විවේචනය කරන්න පටන්ගත්ත වෙනත් බෞද්ධයන්ට කෙලවන්න රනිල්ලට කියලා පණතක් ගෙනාවා. ඒක තමයි ඔය මේ දවස් වල කතාවෙන පණත.. ඔය පණත යටතේ හිරේ වැටුණට පස්සෙද කොහෙද දැන් ඤාණසාර හොරගණය සෑහෙන කට පරිස්සමින් වැඩ කරන්නේ. හැබැයි හිරේ නොවැටුනත් ඤාණසාර කැන්සල් වෙලා යන්න හිටියෙ බෞද්ධයො අතරින්ම.

    ඒත් ඊට කලින් කොහොමත් ටියුබ් ලයිට් අමුගොන් ගොබ්බ නිරාලට තදියම් වැඩි වුනා. අන්තිමට පණත සම්මත වෙලා නීතියක් වුණා.

    දැන් රනිල් රාජපක්ෂ හවුලේ හොරාකන මේ ආණ්ඩුව යටතේ නිරාලා හෝ ගාලා එයාලාම ඒකාලේ ඤාණසාර අල්ලන්න ගෙනාපු දැලේ පැටලෙනවා. නිරාලාත් ඤාණසාර වගෙම හිරේ තැපලා කට පරිස්සම් කරගන්න ඉගෙන ගන්න වෙලා. ඒකත් හොඳයි නේද?

    කල කල දේ පල දෙනවා කියන්නේ ඕකට තමයි. 😁

    ReplyDelete
    Replies
    1. ඇනෝ මෙහෙ ඉන්න එක්තරා වාමාංශික පක්ෂයක කට්ටියට මුස්ලිම් අයගෙන් සෑහෙන සපෝර්ට් එකක් තියනවා. ඉතින් බුද්ධාගමේ ඒවා විවේචනය කළත් (සමහර විවේචන සාධාරණයි. සමහර හාමුරුදුවරු කරන අමන වැඩ හෙම)උන් වචනයක් මුස්ලිම් අයට කියන්නේ නැහැ. ඒක හරියට තාර්කිකකම ආගම වගේ. මට ඕවට ඇත්තටම පු*** හිනා යනවා. මතක තියා ගන්න හැබැයි මම හිටියේ දොස්තර සාෆි ගේ පැත්තේ කියල.

      Delete
    2. අනේ බං උඹල තවමත් මෝඩද? ඥානසාර ගෙනල්ල දිලන්ත විතානගේ ගැහුවා ගේම් එක කාගේ වැඩක්ද කියල තවම දන්නේ නැත්ද? හොයපන් කවුද දිලන්ත විතානගේ කියල.

      Delete
    3. @ අජිත්

      ඔය ලංකාවේ වාමාංශික දේශපාලන පක්‍ෂ කියලා කියන්නේ බලය ලබා නොගෙන ජනප්‍රිය සටන් පාඨ පමණක්ම කියමින් විරෝධය පළකරන එක හරහා ව්‍යාපාර හිමි ආයෝජකයන් සහ ආයතන වලින් වගේම සුළුතර ජන කොටස් වල දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මුදල් අනුග්‍රහය ලබාගෙන පෙනී සිටින ව්‍යාපාරිකයන් පිරිසක්ද වෙනවා එක පැත්තකින් බලද්දී

      අනිත් කාරණය දිලන්ත විතානගේ ගැන කවුද බන් නොදන්නේ කොයිල් ද බන් මම කියන එක තේරිලා නෑ මම ඌ ගැන නෙමෙයි කියුවේ.

      මෙතන දිලන්ත වගේ ගේම ගහන්නේ මංජු. නතාසා සහ ඔය කියන කට්ටිය වගේ ඤාණයා තමයි ඒකාලේ වැඩකළේ, නෝවේ හරහා ෆන්ඩ්ස් අරන් රාජපක්ෂ රෙජීමය තුල හිටපු උන්ටත් ගානක් දීලා ඤාණේලා ෆෝම් කරලා දිලන්තලා ගේම දුන්නා, අන්තිමට 2014 දී මරාට මුස්ලිම්වරුන්ගේ ඡන්දය සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වුණා, ඩිමොක්රටික ඔබාමා පරිපාලනය යටතේ යහපාලන රජය ලංකාවේ බිහිකළා, ඊට පසුව ඤාණසාරලා දිගටම පැවැත්ම වෙනුවෙන්ම ගේම ඉල්ලීම නිසා රිට්මන් එක ලැබිලා හිරේ තැපලා කුජීත වුණා

      මේ සැරේ වුණේ මංජුලා බයිඩන් පරිපාලනය යටතේ නන්දේන එලවලා රනිල්ව ගෙනාවට පස්සේ එදා දිලන්තලාගේ රූකඩ ඤාණසාරගේ ඉරණම අරගලයෙන් පසුව රනිලා යටතේ මෙදා පොටේ මංජුගේ රූකඩ වලට හිමිවුණා, මේක වත් තේරෙනව ද?

      ඒ වගේම ඔබ කියන්නට උත්සහ කරන විදියට අද සමහර දියුණු සංවර්ධිත රටවල බලශක්ති ක්ෂේත්‍රය පෞද්ගලික අංශයට අයත් නිසා ඔවුන් විශාල ලෙස විදුලි සහ ගෑස් මිල ඉහල දමමින් විශාල ලාභයක් උපයනවා

      මේ දවස්වල එංගලන්තයේ සිදුවන්නෙත් එයමයි
      මෙරට රජය පෞද්ගලික අංශයට කෙතරම් බලපෑම් කලත් ගාස්තු අඩු කිරීමට (energy price cap) අදවන විට එය අසාර්ථක වී ඇත.
      එම නිසා රජය මගින් ජනතාවට මසකට පවුම් 67 ක මාසික සහනාධාරයක් දෙනවා.
      මේ සදහා බ්‍රිතාන්‍ය රජය පවුම් බිලියන ගණනක් බදු සල්ලි වියදම් කරනවා. නමුත් මේ සහනාදාරය ලැබෙන්නේ සීත කාලයට පමණයි.
      අවසානයේ වෙන්නේ අපිම ගෙවන බදුවලින් සොච්චම් මුදලක් ආපසු ලැබෙන එක සහ පෞද්ගලීක අංශය විශාල අසාධාරණ ලාභයක් ලබන එකයි.

      අද බ්‍රිතාන්‍ය රජයට සහ බොහෝ බ්‍රිතාන්‍ය වැසියන්ට තේරිලා තියෙන්නේ ම්‍රාගට් තැචර් ගේ ලිබර් ක්‍රමය (Thatcherism) රාජ්ය මර්මස්ථාන සඳහා ආදේශ කිරීම වැරදි තීරණයක් බව.
      විශේෂයෙන් ස්කොට්ලන්න රජය බලශක්ති , දුම්රිය වැනි අංශ නැවත රජයේ බලපෑමට හැකි අයුරින් ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අදහස් කරමින් සිටිනවා.

      එංගලන්තයට බලපාන මෙම දේවල් අද බොහෝ යුරෝපීය රටවලටද පොදුයි. නැගෙනහිර ආසියාතික රටවල් බලශක්තිය යටිතල පහසුකමක්ම රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක කරමින් කර්මාන්ත වලට උපරිම සහාය දෙනවා competitve විදියට products and services ලබාදීමට ඒ නිසාම චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල් රුසියාව සමග මැදපෙරදිග රටවල ආර්ථිකය ෂේප් එකේ යද්දී යුරෝපීය සංගමයට සහ එක්සත් ජනපදයට කෙළවෙමින් තියෙන බව ඇත්ත කතාව ඒක අමතක කරන්න එපා

      Delete
    4. පොදුවේ බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනයට හිමිවන්නේ සෑහෙන්න වැදගත් ස්ථානයක්. ධනයේ උදව්වෙන් පුද්ගල ජීවිතය සැපවත් කරගතයුතු බව, බුදුන් උපදෙස් දෙනවා. යහපත් ආර්ථිකයක් ඇත්තාට දෙමව්පිය,අඹුදරු, නෑදෑ හිතමිතුරන්ට, අසල්වාසීන්ට තම සිතැඟිලෙස සංග්‍රහකළ හැකිබවත් යහපත් ආර්ථිකයක් නොමැති තැනැත්තාට නිරන්තරවම ශෝකයෙන් , කාන්සියෙන් කාලය ගෙවීමටත්, යහපත් ආර්ථිකයක් ඇත්තාගේ ඡීවිතය සුරක්‍ෂිත බවත් යම්කිසි කරදරයක්, විපතක් ආවිට ඔහුට තමාට ධනය ඇතැයි සතුටු විය හැකි බවත් යහපත් ආර්ථිකයක් නැති තැනැත්තාට ලෙඩක්, දුකක්, උපද්‍රවයක් පැමිණිවිට ඵයින් මිරිකී ගැලවීමේ ක්‍රමයක් නොමැතිව දුක්විඳීමට සිදුවන නිසා බුදුන් සෑමවිටම යහපත් ආර්ථිකයක් සකසා ගතයුතු බව උගන්වයි.

      බුදුදහමේ පරලොව යහපත සඳහා මෙලොව යහපත පූඡා කළ යුතු බවක් කිසිවිටෙක නොඋගන්වයි. ආර්ථික සුරක්‍ෂිත තාවයකට හිමිකම් නොකියන තැනැත්තා නිතරම අසහනකාරීව ඡීවත් වෙයි. ඔහුට "කුසල් දහම්" කිරීමටවත් අවශ‍්‍ය "මානසික සන්සුන් බවක්" නැත. එසේම සමාඡ වගකීම් ඉටුකිරීමටවත් සරිලන ආර්ථික ශක්තියක් නැත. එනිසා ඔහුගේ දිවිය අතිශයින් කටුක වෙයි. මේ හේතු සාධක නිසා "දුප්පත්කම" ගිහි ඡනයාට දුකට කාරණයක් බව බුදු දහම පෙන්වාදෙයි. එය,

      "දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"

      යනුවෙන් දක්වා ඇත.

      මෙයින් අදහස් වන්නේ, ධනය මිනිසාගේ ඡීවිතයේ වැදගත් බව අවධාරණය කළ යුතුව ඇත. ධනය නිෂ්ටාවක් (Goal) නොව, යම් නිෂ්ටාවක් සාධනය කර ගැනීමට ඇති මාධ්‍යයක් (Means) පමණි. හුදු ධනය පමණක් ගොඩගසා ගැනීමෙන් ප්‍රීතිය ළඟා කරගැනීමට නොහැකිය. ධනය ඇති තැනැත්තා තමා කාබී ප්‍රීති විය යුතුයි. එය "අත්තානං සුඛේති පීණේති" යනුවෙන් හැඳින්වේ. එසේම තම දෙමාපියන්, අඹුදරුවන්, ඥාතිමිත්‍රාදීන්, සේවක සේවිකාවන්ද පිනවයි. එසේම ආගමික උතුමන්ටද සංග්‍රහ කරයි. බුදු දහමට අනුව තමා ලද ධනයෙන් තමනුත් සැපවත් වී, අන් අයත් සැපවත් කිරීමට උගන්වයි.

      බුදුදහම අනුව ධනය යනු මිනිසාගේ උපකරණයකි, සේවකයෙකි. මිනිසා එහි ස්වාමියාය.

      එමෙන්ම ධනයට ගැතිව, දාසව, සමාඡයට අනර්ථකාරීව ඡීවත්වීම බුදුදහම අනුමත නොකරයි.

      බුදුන්ගේ ඉගැන්වීම් අනුව ගෘහස්ථ සෑම අයෙකුම යොවුන් වියේදී ධනය නිපදවිය යුතුයි. ශක්තිය ඇති අවධියෙහි ධනය නිපද වූයේ නැතිනම්, මහලු වියට පත්කල දුඛිත ඡීවිතයක් ගෙවිමට සිදුවේ. ධනය හරිහම්බ කල, ධාර්මිකව යුතුකම් ඉටුකළ හා ඉටු කරමින් ධනය පරිභෝඡනය කරන්නාට, මරණයට පත්වන අවස්ථාවේ (නිරපේක්‍ෂව) තණ්හා රහිතව මියයා හැකියි, බෞද්ධ ආර්ථික දර්ශනයේ එන එය, වැදගත් කාරණයකි.

      බුදු දහම ධනය ඉපැයීමට විරුද්ධ නැත. එහෙත් එය ධාර්මිකව පරිහරණය කළ යුතු බව දක්වයි. බෞද්ධ ආර්ථික දර්ශනයේ දී, ලෞකික සැප ගැන බුදුන් දේශනා කර ඇත්තේ, "තමාට ධනය ඇති බව සිතීම" සැපතක් බවයි. බුදුන් වහන්සේ ඒ ධනය රැස් කරගතයුතු ආකාරය මෙසේ දක්වයි.

      "උට්ඨාන විරියාධි ගතා -බහා බල පරිචිතා- සේදා වක්ඛිත්තා-ධම්මිකා ධම්ම ලද්ධා භෝගා"' යනුවෙනි. එනම්, උත්සාහයෙන්, විර්යයෙන්, බාහු බලය යොදවමින්, දහඩිය හෙළීමෙන්, ධාර්මික රැකියාවල නිරත වෙමින්, ධනය රැස්කළ යුතුය.

      එසේම, ගිහියන් ලෙස ඡීවත් වීමට යෝග්‍ය වන්නේ මල නොතලා රොන් රැස්කරන බඹරෙකු සේ, ධනය රැස්කරන අය බව සිඟාලෝවාද සූත්‍රය සඳහන් කරයි."භෝගේ සංහර මානස්ස - භමරස්සේව ඉරියතෝභෝගා සන්නිච යං යන්තී - වම්මිකෝ වූප චීයතීඒවං භෝගේ සමාගන්ත්වා - අලමත්ථෝ කුලේ ගිහී"

      යනුවෙනි.

      බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය රැස්කිරීම පිණිස, වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්නායකය විය යුත්තේ, එහි ධාර්මිකව යෙදිය හැකිද යන්නයි. අනුන්ට හෝ තමන්ට හානියක් නොවන ධනෝපායන වෘත්තියක යෙදිය යුතුය.

      මේ ගැන "ව්‍යග්ඝපඡ්ඡ" සූත්‍රයේ, සඳහන්වන පරිදි බුදුන් විසින් අනුමත, රැකියා හා ව්‍යාපාර කීපයකි. එනම්,

      1.කෘෂිකර්මය 2.වෙළඳාම 3.පශු පාලනය 4.ධනු ශිල්පය හා ශිල්ප කලා 5.රාඡ්‍ය සේවය

      එසේම නොකළ යුතු වෙළදාම් පහක්ද බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,

      1.විෂ වර්ග වෙළදාම 2.අවි ආයුධ වෙළඳාම 3.මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5.වහල් වෙළදාම

      ඉහත දක්වන ලද, නොකළ යුතු වෙළදාම් පහෙන් ඈත්ව, එනම් "මිත්‍යා ආඡීව" ගණයට වැටෙන පහත් ක්‍රියා වළින් ඈත්ව, ධාර්මික ඡීවන වෘත්තියක නියැලී, ධාර්මිකව ධනය එක් රැස් කරගතයුතු බව, බුදු දහම දක්වයි.

      Delete
    5. මගේ අම්මෝ කොමෙන්ට් ගොඩ. 😀ඇනෝ යහපාලන සීන් එක ටිකක් හරි සාධාරණයි කිව්ව හැකි.මොකද අරගලය එන්නේ එහෙනම් 2014. රාජපක්ෂලා ඒ තරමට විනාශ කරෙගෙන ගියා. රටේ සිංහල මිනිස්සු දෙපාරක්ම චන්දෙ දුන්නේ යුද්ධය ඉවර කරපු නිසා. ඒක තේරුම් ගන්න බැරිව ප්‍රාදේශීය සභා පළාත් සභා ඉඳන් මන්ත්රිලා වෙනකන් හැමෝම පිස්සු කෙලිය. හොරකම් කළා. නිතිය වල් වැදුන. එහෙම වෙලාවක ධනවාදී ප්‍රජාතන්තවාදය බේරාගන්න රනිල් ඇතුළු පිරිසිඅ නොයෙකුත් ගේම් ගේනවා. ඒකට කකරන්න දෙයක් නැහැ. අරගලය සහ වාමාංශික රජයක් එන එක වලක්වන්න තමා ඒ ගොල්ලෝ ඒවා කරන්නේ. මෙතැන නතාෂා ට. මේක තමයි මම ඉයන් ලට කියන්න හැදුවේ. දැන් මම නතාෂා ගේ වීඩියෝ එක ෂෙයාර් කලට ගොඩක් ලිබ්බෝ කියන අය ඒක දැම්මෙත් නැහැ , බුද්ධාගමට දිගට හරහට බැනල ඔය මන් කියන උගත් කම් අඩු සැලෙන මිනිස්සු ටික කුපිත කරනවා. ඕකනේ ගේම . කරන්නේ කවුඩ් අකියල් දන්නා නිසාමයි මම ඇම ගිලින එක ප්‍රතික්ෂේප කලේ

      Delete
  2. ඉයන් මොකද හිතන්නේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී පමණ බුද්ධකාලීන භාරතීය සමාජය තුළ පැවති තත්ත්වය පිළිබඳව?

    බුදුන් ධර්මය දේශනා කළ බුදුන් ජීවත් වූ කාලෙ දඹදිව ප්‍රකාශනය පිළිබද සෑහෙන නිදහස් වාතාවරණයක් තියෙන්න ඇති බව තමයි මගේ අවබෝධය.

    එවකට පැවති සමාජයේ ප්‍රභූ ස්තරය වූ ආගමික නායකයින් වූ බ්‍රාහ්මණයන් ලොව මැවූ බව සිතාසිටි මහා බ්‍රහ්මයාගෙ කටින් උපන් බව කියවෙන ඉගැන්වීම මත බ්‍රහ්මයාගෙ කට එතරම් අපිරිසිදු තැනක්ද කියා බුදුහාමුදුරුවන් උපහාසයට ලක් කරපු බව ධර්ම ග්‍රන්ථ වල දීඝ නිකායේ මහා බ්‍රහ්මජාල සුත්‍රය වගේ තැන්වල සඳහන්වෙලා තියෙනවා. ගංගානම් නදියෙ නාපුවම පව් හේදෙනවා කියන විශ්වාසය බුදුහාමුදුරුවෝ උපහාසයට ලක් කරා කියල සූත්‍රවල තියෙනවා 'එහෙමනං ඉස්සරවෙලාම නිවන් දකින්නෙ ඉබ්බො' කියල. එතකොට එක බ්‍රාහ්මණයෙක් දෙවියන්ට බිලීපූජාවක් දෙන්න ගෙනාපු ගවයෙක් පූජාවට කලින් ගහක බැඳලා තියලා පූජාවට නාල පවිත්‍ර වෙන්න ගිය අතරේ හරකව හොරු අරන්, පස්සේ ඔහුගෙන් බුදුන් අහනවා තමන්ට පුදදෙන්න ගෙනාපු සතාවවත් බේරලා පූජාව දෙන්න ඉඩ හසර සලසාදෙනු බැරි දෙයියෝ කොහොමද උඹලා විපත් වලින් ආරක්ෂා කරන්නේ කියල, අත්තාහි අත්තනෝ නාථෝ ධර්ම දේශනාවල විස්තර කෙරෙනවා, ඔහොම කතා ගොඩයි

    මේ වගේ කතා අපහාස විදියට දකින්න පුළුවන්. අර පනත තිබ්බනං නඩුවකුත් වැටෙනවා. මේ කතාවලට බ්‍රාහ්මණයන්ට ගොඩක් කේන්ති යන්නත් ඇති. හිත රිදෙන්නත් ඇති. නමුත් ඒවට විරුද්ධව රජුට පැමිණිලි කරපු බවක් සදහන් වෙන්නෙ නැහැ. කොහොමත් බුදුහාමුරුවන්ගෙ ගෝලයො උනෙත් වැඩි හරියක් බ්‍රාහ්මණ පවුල්වල අයයි අන්තිමට.

    ඇත්තටම පුද්ගලික අපහාස ගණයට වැටෙන දේවල්වලට පවා නීතිය මැදිහත් කරගැනීමක් තිබ්බ බවක් පේන්න නැහැ. සුන්දරී පරිව්‍රාජිකාවගෙ සිදුවීමෙදි ඇය මරපු බවට බුදුන්ට චෝදනා එල්ල වූ විට ඒකට විරුද්ධව රජ්ජුරුවන්ට පැමිණිල කිරිමක් වෙලා නැහැ. ඒ වෙනුවට ඒ චෝදනාවලට මුහුණ දීමක් වෙලා තියෙන්නෙ. ආනන්ද හාමුදුරුවො විකල්පය විදියට යෝජනා කරල තියෙන්නෙ ඒ පළාත අතහැර යාම මිසක් මේකට විරුද්ධව රජ්ජුරුවන්ට පැමිණිලි කරල ඒ කතාව කියන අයව හිරේ දාමු කියන එක නොවේ.

    බුදුන්ට සමහර බමුණන් 'මුඩු මහණා' කියල අපහාස කරා කියල දැක්වෙනවා. හැබැයි අපහාස කරාට ගල් ගහල නැහැ. ගල් පෙරළලනං තියෙනවා. ඒක වෙනම කතාවක්. අනෙක ඒ අපහාස බුදුහාමුදුරුවො ගණං අරගෙන නැහැ. ඒවයෙන් බුද්ධ සාසනයට බලපෑමක් වෙලාත් නැහැ. ඒවයෙන් නොවේ බුද්ධ සාසනය පිරිහිලා තියෙන්නෙ සාසනය තුළම වෙච්ච පරිහානියෙන්.

    කොටින්ම යේසුස් වහන්සේ ජීවත් වූ සමාජය හෝ සොක්‍රටීස් ජීවත් වූ සමාජයට වඩා ප්‍රකාශනයෙ නිදහස අතින් සෑහෙන ඉදීරියෙන් හිටපු සමාජයක් කියල කියන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගෙ කාලෙ දඹදිව තිබූ සමාජය. පුළුල් අර්ථයෙන් ගත්තහම යේසුස් වහන්සේ වගේම සොක්‍රටීස්ටත් මරණ දඩුවම ලැබුනේ කාටවත් වරදක් කිරීමට හෝ අපරාධයක් කිරීමට වඩා 'ප්‍රකාශන' නිසා. එවැනි තත්වයක් දඹදිව තිබිල නැහැ. විරුද්ධ මත ඇති අය වාද කරල පැරදුන කෙනා දින්න කෙනාගෙ මතය පිළිගැනීමෙ ක්‍රමයක් තිබිල තියෙන්නෙ.

    එවැනි සමාජයක මිනිස්සුන්ට විවේචන සහ අපහාස උපවාස වුවද දරා ගැනීමෙ හැකියාව වැඩිවිය හැකියි. ආන්දෝලනාත්මක ප්‍රකාශ දරා ගන්න හැකියාව වැඩිවිය හැකියි. නිවනට එවැනි සමාජයක් අවශ්‍ය වෙන්න පුළුවන්, එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. බුදුන් දවස ඉන්දියාවේ තිබුණු සමාජය හදන්න දැන් බැහැ. අපි ඕව දන්නේ අට්ඨ කතා හෝ ජාතක කතා හැටියට විතරයි. කොටින්ම පුද්ගලික අපහාස නොකළ යුතුයි ඒත් උපහාසයට යමක් ලිවිම හෝ කීම ප්‍රශ්නයක් නෙමේ. නතාෂා ගේ වීඩියෝ එකේ ඇත්තටම ලොකු දෙයක් නැහැ. ඒක භාවිතා කරල ඇවිස්සීම වෙනම ගේම් එකක්.

      Delete
  3. කතා කරන්නට වටිනා දේ මේවා
    වැදගත් කරුණු තව වැඩියෙන් මතු වේවා
    හරවත් මත ගැටුම් තව තව ඇවිළේවා
    ඉවසිල්ලෙන් එවන් දේවල් ලියැවේවා

    ReplyDelete
    Replies
    1. @ නිමල් අංකල්

      ඔය ආගමික නාඩගමත් රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ රෙජීමය නැවත වතාවකට බලයට පත්කර ගෙන 2028 දක්වා එම රජය පවත්වාගෙන යාමට එක්සත් ජනපදය බටහිර යුරෝපය සහ ඉන්දියාව ඇතුලු රටවල් වල ආශීර්වාදය මත ක්‍රියාත්මක වන නව දේශපාලන වැඩසටහනක ආරම්භය සටහන් කරනවා විතරයි, දැන් බලන්න අද අරගලයට පෙර තිබූ තත්වයට වඩා දියුණු වීඇත්කේ කුමක්ද? මට නම් පෙනෙන්නේ එක්සත් ජනපදය ඇතුලු රටවල් විසින්ම ලංකාවේ මාධ්‍ය ආයතන සහ සමාජ ජාල හරහා පහුගිය රජයට විරුද්ධව එක දිගටම වසරක පමණ කාලය තුල විරුද්ධ ජනමතයක් සකස් කර එයින් කුපිත වූ ජනතාව නිසි පිළිවෙලකට ෆෝම් කර ඔවුන් හරහා නිර්මාණය කරපූ ගෝටාගෝ අරගලයෙන් කලේ රනිල් බලයට ගෙන ඒම පමණයි. රනිල් ඉදිරියේදී ACCSA, SOFA, MMC ක්‍රියාත්මක කරාවි. එතකොට වත් තේරේවිද දන්නේ නැත.

      Delete
  4. චතුෂ කුමාරJune 2, 2023 at 9:07 AM

    ඔය වගේ ආගම් වලට, මිනිස්සුන්ගේ සංස්කෘතික විශ්වාස අපහාස උපහාසයට ලක්කරන මේ ජෝකර්ලා ඇයි LGBT වගේ දේවල් උපහාසයට ලක්‌ නොකරන්නේ?

    එහෙම කරොත් ඔය නිදහසක් තියෙනවා කියන බටහිර රටවල ටෝක්සික් ෆෑන් ලාගෙන් කන්න වෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. නැහැ හලෝ ට්‍රාන්ස් ගැන් එක ඇවිල්ල දෙන්නේ වැඩේ මේ දවස් වල.

      Delete
    2. අජිත් මේ චතුශ කුමාර කියන කතාව ඇත්ත මොකද ඔය LGBTQ තත්ව සමස්ත ලෝක ජනගහනයෙන් පොඩි ප්‍රතිශතයකට ඇතිවන සාමාන්‍ය තත්වයක්.. වෛද්‍ය ශිෂ්‍යයෙක් විදියට ඔය තත්ව අපිට මනෝ විද්‍යාව යටතේ උගන්නන්නෙ disorders of sexual preferences කියලා.. හරිම සාමාන්‍ය තත්වයක්.. straight අය වෙන මම ඇතුලුව ලෝක ජනගහනයෙන් බහුතරයකටම ඔය තත්ව කිසිම ප්‍රශ්නයක් නෑ..එවට ප්‍රතිරෝධයක් දක්වන්නෙත් නෑ... හැබැයි පොඩි ඈයො බලන කාටූන් ෆිල්ම් ටීවී සිරියස් වලට ඔය දේවල් බලෙන්ම ඔබලා බලෙන් පොඩි වයසෙදි ඔලුවට දාන්න හදලා, නැති ප්‍රතිරෝධයක් එයාලම මවාගෙන එයාලම මේ වගෙ විකාර දේවල් කරලා සමරලා අසාමාන්‍ය විදියට සාමාන්‍යකරණය කරන එක නං අප්පිරියයි.. 🙂💔

      Delete
    3. අනෝ Disorders of sexual preference කියල කියන්නේ LGBTQ එකට් නෙමෙයි. ඒක ස්ට්‍රේට් කට්ටියටත් තියෙන්නේ පුළුවන්.Disorders of sexual preference or paraphilias are bizarre patterns of sexual behavior that have diverse manifestations and are of complicated sexual orientations. paraphilic disorders includes eight conditions: exhibitionistic disorder, fetishistic disor- der, frotteuristic disorder, pedophilic disorder, sexual masochism disorder, sexual sadism disorder, transvestic disorder, and voyeuristic disorder. මට කම්මැලියි පරිවර්තනය කරන්න

      Delete
    4. LGBTQ ප්‍රජාව තම්නට් හිනා වෙන ඒවා ඕන තරම් තියනවා. ස්කොට්ලන්තේ ත් ඇති

      Delete
  5. ආයිත් පෝලිම් ආවොත් වැදගත් මොනවද කියල මතක් වෙනව මෙහෙ අයට.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් අංකල් පෝලිම් ගැන කියද්දී කියන්න ඕනේ පොසොන් පෝය දවසෙ ලංකාවේ පාරෙ යන්න බැරි තරමට දන්සැල්. මේවට එන අය ගොඩක් වෙලාවට ත්‍රීවීල් මෝටර් සයිකල් ආදියෙන් ඇවිත් පාරත් අවහිර කරලා. සමහර පෝලිම් අනුව පැය බාගයක්වත් ඉන්න වෙයි. ඉඳගෙන කන ඒවායේ නම් ඊටත් එහා. මේ තරම් කාලය ගත කරන්න හිත හදා ගන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්.

      ප්‍රධානතම හේතුව මේක තමයි ලංකාවේ තියෙන එකම ආතල් එක, නැත්නම් වෙනසකටත් එක්ක, එහෙමත් නැත්නම් වැඩකට නැති දේත් ගන්න හෝ රටක් වශයෙන් ම බලපාල තියෙන සහනාධාර මත යැපෙන මානසිකත්වය දැන් ජාන වලට ඇවිල්ලා වෙන්නත් පුළුවන්. මේ දන්සැල් වල කිසි කෙනෙක් දැක්කෙ නෑ අයිස්ක්‍රීම් එකක් රොටියක් සීනි සම්බෝල දාපු පාන් කාලක් හදාගන්න හෝ ගන්න බැරුව බඩගින්නෙ ඉන්නවයි කියලා හිතෙන අය. පෝය දවසේ විවේකය ගත කරන්න වෙන තැනක් ලඟපාත නැති හන්දා වෙන්නත් පුළුවන්.

      ලංකාවේ විවේක වේලාවේදී කරන්න තමන්ට හෝ රටට ප්‍රයෝජනයක් වෙන දෙයක් හොයාගන්න හෝ මනස යොදවන්න බැරි එක හෙන ප්‍රශ්නයක්.

      මට හිතෙනව ලංකාවේ මිනිස්සු කාලෙ කන්න හරිම කැමතියි කියන එක. හැබැයි පාරේ වාහන පදින කොට තියෙන හදිසියේ හැටියට මෙලහට ලං පට්ට සංවර්ධිත රටක් විය යුතුව තිබුණා.

      ලංකාවේ වැකේෂන් ඇවිත් ඉන්න
      මං නං මේ පෝලිමට සෙට් උනේ හවස ජොගින් යන ගමන්, මේ පෝස්ට් එක වොයිගස් ටයිප් කලේ ඉතුරු ටික ඇවිදින ගමන්.

      Delete
  6. යම්කිසි කෙනෙකුට පෞද්ගලික ජීවිතය ඹනැ විදිහකට ගත කරන්නත් ආගමක් දර්ශනයක් පිළිනොගෙන ඉන්නත් පුළුවන් ඉයන්... හැබැයි රටේ වැඩි දෙනෙක් විශ්වාසයෙන් පිලිපදින ආගම් විවේචනය කරන්න සමච්චල් කරන්න ජෝක් එකට ගන්නත් බැහැ.... එවැනි වැරදි කරන්නන්ට නීතියෙන් උපරිම දඩුවම් ලබාදිම තමයි සුදුසු නැත්නම් මහජන කැලබිම් ඇති වෙන්නත් ගැටුම් ඇති වෙන්නත් පුළුවන්... බෞද්ධ දර්ශනය විශ්වාස කරන අය තුල වුණත් එහි කියාදෙන අවිහිංසාව පරික්ෂා කිරීමට යෑමත් කවුරුන් විසින් වත් නොකල යුතුයි.

    ReplyDelete
  7. මුකුත් කියන්න බයයි ආයිබෝං. ආවයි කියල එක දාන්න, ඈ?

    ReplyDelete
    Replies
    1. බස්සා උදාහරණයකට ගත්තේ තටු කැපීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න 😀

      Delete
    2. එහෙම එකක් ගැන අවුලක් නෑ අජිත්. ආගම් සහ ඇදහිලි ගැන වාද පලක් නෑ කියන එකයි මගේ විස්වාසය. එකම සැනසීම අජිත් සහ ඉයන් වගේ යම් සංයමයක් ඇතිව සංවාදයක් ගෙනියන්න හැකි අය ඉන්න එකයි. ඒත් හැමෝම එහෙම නැති හින්දා...සුරුස්....

      Delete
    3. https://chandimagomes.blogspot.com/2023/06/blog-post.html

      Delete
    4. //මම අදේවවාදියෙක් වෙන්නේ මම මැවුම්කාර දෙවියෙක් විශ්වය මැව්වා කියල පිලි ගන්නේ නැති නිසා. වෙන අය ඒක විශ්වාස කරන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. නිරාගමිකයි කියන්නේ මට කිසිම ආගමක් ගැන ඇලීමක් ගැලීමක් නැති නිසා. ඇල්ම අයින් කරලා තියෙන්නේ.

      දැන් තමයි හැබැයි කෑල්ල එන්නේ.

      මම ශීල ව්‍යාපාර කරලා තියනවා. දහම් පාසැල් ගිහින් තියෙනවා. ඒ විභාග කරලා තියෙනව, ඒ මදිවට බුද්ධ ධර්මය ගැන කියවලත් තියෙනව ස්ව කැමැත්තෙන්. නමුත් පහු කාලෙක ආව මහමෙව්නා වගේ නිකායන් හරියට තලිබාන් වගේ ගැහැණු අත් අල්ලන්න බැහැ පිරිත් නූල් දමන්න කියල කියන්න ගත්ත . ගැහැණු විරෝධී බණ කතා, දේශනා කරන්න ගත්ත. මම ඒකට විරුද්ධ වුනා. ඒකෙන් මොකක් වත් සිද්ධ වෙන්නේ නැහැ තමයි. අපි පුංචි හාල් මැස්සොනේ. ඊට පස්සේ සෝම හාමුදුරුවන්ගේ ජාතිවාදී සැලැස්ම වගේම ඥානසාර වගේ තවත් හාමුදුරුවරුන්ගේ දේශපාලන මැදිහත්වීම් වලට විරුද්ධ වුනා. නාථ දේව වාදයට එරෙහිව ලිව්වා, මෙන්න යොමුව. කැළණි පන්සලේ නයා පෙන්වීම, පන්සල් වලත් කරන සුවපත් කිරීම්, නැකත් වැඩ බැලීම , විභාග සමත් කිරීම ආදියට විරුද්ධ වුනා. https://kolambagamaya.blogspot.com/2022/12/2023.html

      Delete
    5. මාත් සුරැස් ඈ.... 😁

      Delete
    6. Ajith you are wrong on many fronts.

      Ajith ඔය වැඩේට Capital raise කරන ක්‍රමය ඔබ සඳහන් කල අංක 1 කාරණය ලෙස තේරුම් ගත්තොත්

      ඔය USD 1B raise කරන්නෙ;

      1. Donations හරහාද?

      2. Additional Remittances හරහාද?

      ඒ සඳහා කොපමණ කාලයක් යයිද?

      ඒ 1B raise කිරීමට potential එකක් තිබේ යැයි practical ප්ලෑනක් හරහා ඔප්පු කරන්නේ කෙසේද?

      1. Balance Sheet එක Re Finance කරන්න $ බිලියන 1ක් ඕනෙ (ඒක ව්දෙස්ගත ලාංකියයන් දුන්නොත් මූල්‍ය අලාබය නැති වෙනවා

      1. Mannar does not have 900mw.

      2. Ceb could only build 100mw due to lack of funding and took 6 years. A private company would have done it in 3 years. CEB did build fancy houses for engineers and bought a lot of vehicles for engineers though. (CEB doesn't have capital and all their burrowing is state. Now the ADB loan is paid by treasury).

      3. Ceb blocked devt of the balance thru pvt sector hoping to do by themselves, depriving Sri lanka of cheap wind power. That's the reason Adani was able to get it - cos ceb engineers blocked it.

      4. Do look thru past ceb generation plans and show me which year ceb planned to add this to the grid.

      I think your reading of this is superficial and silly. This type of 'fixes' does not address the fundamentals.

      1. Of course CEB run inefficiently - but the losses you see in 2022 and 2023 are due to high fossil fuel exposure and not adding renewables on the grid (a cost comparison of renewables and fossil fuel based power will show this easily).

      2. CEB failures were due to bad planning, inability to implement and having no financial sense due to (badly taught) engineers trying to do everything.

      3. The state control (and throttling hold of the unions) meant that massive investments required to add generation, add transmission, upgrade distribution and improve technical competency of operating a high re grid (as well as technology required) was not coming in.

      Now lets look at your proposals. They are slogans only.

      Instead of sloganeering, put some practical proposals on how each of these can be done.

      Refer this FYI

      https://www.adb.org/sites/default/files/linked-documents/47037-003-sd-03.pdf

      Delete
    7. And Ajith, the solution is more complex.

      a) CEB has to clear its debts anyway, otherwise no investor will come due to non-bankability of the CEB. The current unpaid debt to RE generators will not help.

      b) Separation is more than the dustribution/gen/tx - we need an independent system operator, new regulatory structure and an energy market.

      c) Why do we need a market? Because without a market there is no price signals to bring in lower cost electricity from RE. CEB kept a stranglehold on what projects they want (based on their affinity to personal projects and fossil fuels - and still block renewables).

      d) Markets require different type of structures than what you propose.

      e) Without changing the ownership structure of at least some of the entities, you will not have forward movement. For example, the Kelanitissa and Sapugaskanda thermal complexes do not have power plants that can operate beyond a decade. You keep it under state control they will die. Same will happen to Norachcholai - which will in commercial/environmental terms has less than 15 years left (unless state monopolies hold it and drive up power costs).

      f) Even our hydro plants are outdated, and havent moved forward.

      Unless private entreprenurship and capital comes in - the state entities will also die or be killed by the market.

      If I was a CEB employee, I will be able to see the writing on the wall.

      One more point - your post is about CEB and what to do about it. What you should ask is what is needed for Sri Lanka to be second to none in the sector - smartgrids, renewables, BESS, DR, green hydrogen, EVs - arranging the deck chairs as you mention will still make the titanic sink.

      Look at the changes happening in India in the power sector - what was the reason? Major reforms, market based operation - all of these were done in 2002. We also tried it in 2002 - but was blocked by Unions. What you are proposing as a solution was what we tried in 2002 as a model.

      And you want us to adopt the 2002 model in 2023 in a sector that has evolved so much? Seriously?

      You are out of your depth my friend.

      Delete
    8. I don't think I wrote about CEB. I support part privaitaisaton of CEB anyway. I think government should keep the power transmission side.

      Delete
  8. ඔය නතාශා ඉන්න කල්ලියේ තමයි ටානියා ලෙවකනදුවගේ කියන තැනැත්තිය ඉන්නේත්. ඇය ඉතාමත්ම භක්තිමත්ව ජේසුස් වහන්සේව අදහන යම් කිතුණු ආගමික කණ්ඩායමක තැනැත්තියක් .
    ඒ අය කාලයක් තිස්සේ සිදුහත් කුමරු ඇවිද්ද ,කතා කරපු දේ ගැන ප්‍රශ්න කරමින් උපහාසයට ලක් කලත් .,
    ඉස්ලාම් ආගමේ කන්‍යාවියෝ 72 ගැන විහිලු කලත්, රෝමානු කතෝලික
    කන්‍යාරාමයේ සිස්ටර්ස්ලා විහිලුවට ගත්තත් කවදාවත් පුරුශ ශුකාණුවක් නොමැතිව මරියාතුමිය ගැබ් ගත්ත කතාව ජීවවිද්‍යාත්මක අභියෝගයට උපහාසයට ලක් කරන්නේ නෑ, ඇයගේ සමාජ ජාල වල නිතරම ජේසුස් වහන්සේට නමස්කාර කරන එතුමන්ට ගරු බුහුමන් ප්‍රශංසා කරන පෝස්ට් නිතරම දකින්නට ලැබෙන අතර ඇයගේ හැසිරීම ගැන අධ්‍යයනය කරපු මට ඇය ඇතුළු පිරිස යම් ඉලක්ක ගත අරමුණක් ඇතුව අපහාසාත්මක ප්‍රකාශ කරන බව ඉතාම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ඕකෙම අනිත් පැත්ත තමා මම නිරීක්ෂණය කලේ . වැඩියෙන්ම බෞද්ධයෝ ඉවසන්නේ නැහැ කියල ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්නේ මගේ ක්‍රිස්තියානි යාලුවෝ.ඊළඟට මගේ රැඩිකල් ලිබරල් කියල හිතන් ඉන්න යාලුවෝ. ඇමෙරිකාවේ ඉඳල ලියන හාදයෙක් ඉන්නව. "ඉන් ගෝඩ් වී ට්‍රස්ට් ' එකට කවදාවත් මුකුත් කියන්නේ නැහැ. අදේවවාදියෙක් සහ නිරගමිකයෙක් හැටියට මට ඔතන පේනවා අසාධාරණයක්. නැතිව මට නතාෂා කිව්වා දේවල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. ජෙරෙමි එක්ක නම් ප්‍රශ්නයක් තියනවා. ඒත් ආගම සම්බන්ධවම නෙමේ.

      Delete
  9. මේක නොදා කතා කරන්න බැහැනේ.
    https://www.facebook.com/733184817/videos/258192336868527/

    ReplyDelete
    Replies
    1. @ Ajit

      මේක තමයි ඇත්ත කතාව

      ජෙහාන් : ස කොහොමද ?

      ස:මේ ජෙහාන් වැඩක් වෙන්න ඔනේ

      ජෙහාන්:ඔව් ස මොකක්ද වෙන්න ඔනේ..ආයේ කොලේ නැතිව කතාකලාද ?

      ස: මේ මගෙන් කුනුහරුප අහගන්න එපා, අපේ හිතවත් businessman ලා කීප දෙනෙක් ඉන්නවා උන්ට ගානක් සෙට්වෙන වැඩක් ඔනේ.. ගිය,චන්දෙට රිපබ්ලිකන් පක්ෂය දුන්න සල්ලි මදි වුණාම වියත්මගේ සෙට් එකට සහ සමහර හෝටල් වල තිබ්බ ග්‍රෑන්ඩ් පාටිවලට උන් තමයි වියදම් කලේ..

      ජෙහාන්: හ්ම්ම්... ස ඉම්පොට් වැඩක් කරමුද ?

      ස: ඒ මොකක්ද ? දැනටත් පොල්තෙල් සීනි සහ එතනොල් ගේනනේ ඔය මුසලිම් සහ අපේ පොහොට්ටුවේ උන්..

      ජහාන් : මේක එසේ මෙසේ එකක් නෙමෙ ස, පරම්පරා ගානක වැඩක්

      ස: මොකක්ද අයිසේ

      ජෙහාන්: ස පෝර .. රසායන පොහොර නැතිව ලංකාවට දුවන්න බෑ.. ඒ තරමට සගේ පක්ශෙ අයයි, යුන්පි උනුයි මේක අනල තියෙන්නේ, ලංකාවෙ බීජ ඔක්කොම කොල්ලකාල පෝර වලට ගානට සෙට් කරල තියෙන්නේ

      ස : ඉතින් පෝර දැනටත් ගේනවනේ කොහොමද ඒකෙන් වාසියක් වෙන්නෙ.

      ජෙහාන් : මෙහෙමයි ස, ස කියන්න රසායන පොහොර වලින් අපි කාබනික යනවා කියල, පොර ගේන එක නවත්තන්න, මේ,දවස්වල සැරටම විනිම ප්‍රශ්නෙත් තියෙනවා නේ..

      ස: තොට පිස්සු ද යකෝ පෝර නිකම් දෙනවා කියල අපි චන්දෙ ගත්තෙ.. අනික රසායන පොහොර නැතිව පුළුවන් ද ?

      ජෙහාන්: අහන්නකො ස.. මේක පොඩි කාලයක්, සගෙ අර රතන්නය දාල කියවන්න වකුගඩු කේස් වෙනවා කියල නාත දෙයියො කිවනේ, පාවාදෙනියලට කියන්න පස හැදෙන හැටි උඩ ඉදන් පහලට කියන්න කියල.. අනික ස සට චන්දෙ දුන්න බහුතරයක් ව්ද්‍යාව කියල මගුලක් දන්න නෑ නේ..

      ස: උබ මාව ගෙදර යවන්න ද හදන්නෙ ගොවියො පාරට බහි.. අර මීහරක් ජෙප්පො අමුඩෙ ගහන් නැත්නම් හෙළුවෙන් හරි එයි මේක වටලන්න. ඕකුන්ට වැලේ වැල් නැතුව ඉන්න එකේ අරින එකක්නෑ ඔහොම උඩදාල දුන්නොත්

      ජෙහාන්:හරි ස ඒක තමා වෙන්නෙ ඔනේ... උන් ඕක කරට ගන්න ඔනේ.. ගොවියත් පොඩ්ඩක් අංන කොරොස් වෙලා යයි.. ස කියන්න පාඩුව දෙනවා කියල,
      උන්ට එක කන්නයක් අම්බානක කෙලවෙන්න දෙන්න ස...

      ඊට පස්සේ අලුත් HS code ටිකක් රෙජිස්ටර් කරන්න.. කෘශි පෝශක, දියර නැනො.. වගේ ඊටපස්සෙ වයස්ගත වියදම් කරපු නානල සෙට් එකට කියන්න import කරන්න කියල.. නිකම්ම business එක උන්ගේ අතේ..

      ඒ වගේම ස මේව අඩු නැතිව ගේන්න වැලේ වැල් නැති ගොවියා ස ලට වැදල ආයෙ රසායන පොහොර ටිල ගන්නව යල කන්නෙට.. ගොන් ජෙපෙපන්ට බෝඩ් එක විතරයි... උන්ටත් ගානක් දීලා ෂේප් කරගමු අර ලපයාගේ පුතා මිහින්ලංකා එකට දාල ෂේප් කරා වගේ කෝහොමත් නානලා ඕකුන්ට ගානට සල්ලි දීල ඕන වෙලාවට කට වහන හැටි හොඳටම දන්නවා

      ඊටපස්සෙ ස කියන්න ගොවි සංගම් වලට ඇහුම් කන් දුන්නා දැන් පලාත්සභා චන්දෙ තියමු කියල...

      ස: තමුසෙ මාර යකෙක් නෙ ඔයි...

      2021 යි 2023 යි කියල වෙනසක් නෑ 😁 නම ගම් සියල්ල මනංකල්පිතයි. ඒ කාලෙ ලියපු එකක් හම්බුනා

      Delete
    2. හොඳ ප්‍රබන්ධයක් 😀

      Delete
  10. //ඒ වගේම බටහිර රටවල අනුන්ගෙන් යැපීමේ මානසිකත්වයක් නැහැ. Teenage වයසෙදිත් දෙමව්පියන්ගෙන් යැපෙන්න, උසස් අධ්‍යාපනයට රජයෙන් යැපෙන්න, රැකියාවත් ආණ්ඩුවේ එකක් හොයා ගන්න, ගෙදරදිත් බිරියගෙන් උයාගෙන කන්න ආදී වශයෙන් වෙන කෙනෙකුගෙන් යැපෙන්න පුරුදු වෙලා තියෙන කෙනා තමන්ට වෙන අඩුපාඩුවකට හේතුව තමන් හැර වෙන කෙනෙක් කියල හිතනවා. බටහිර සමාජවල අවුරුදු 15 ඉඳන් පොඩි රැකියාවක් කරල කීයක් හරි හොයාගෙන තමන්ට ඕන දේවල් ලබා ගන්න, අවුරුදු 18 වෙනකොට නිවසින් පිටවෙලා ස්වාධීන වෙන්න හිතනවා. එතකොට සාර්ථකත්වය හෝ පරාජයට තමන්ම වගෙකීම භාරගන්න වෙනවා.//සීයට දෙසීයක් එකඟයි

    ReplyDelete
  11. 2. එංගලන්තයේ හැමදේම තියෙන අය ගැන කියල ලිවම මම අදහස් කලේ මධ්‍යම පන්තික රැකියාව, නිවසක්, වාහනයක් සහ වසරකට නිවාඩු දෙකක් විතර යන සෙට් එක ගැන. බිලියනප්තියෝ ගැන නෙමේ. ඒ අය චැරිටි වලට වැඩියෙන් සහයෝගය දෙනවා.
    3.ඉයන් මම දන්නේ ධනවාදය කියල උඹ හිතන්නේ මොකක්ද කියල මචන්. ගුගල් කලොත් //Capitalism is often thought of as an economic system in which private actors own and control property in accord with their interests, and demand and supply freely set prices in markets in a way that can serve the best interests of society. The essential feature of capitalism is the motive to make a profit.// බුද්ධාගමේ බේසික් ප්‍රින්සිපල් එකක් තමා අත් හැරීම. හෙවත් ඇලෙන්නේ නැතිව ඉන්න එක. උඹට මචන් ධන්වදියෙක් වෙලා සල්ලි හොයන්න් බැහැ , ලාභ හොයන්න බැහැ මේ කියල ටිහ්යෙන දේ එක්ක // අනිත්‍ය, සහ විපරිනාමය වෙන ස්වභාවය දැකල හිතින් තියෙන බැඳීම හෝ උපාධානය අයින් කරගැනීමයි//
    4.සමාජවාදය (හිටිය නිසා දන්නවා) දියුණු නොවුන නම් එක හේතුවක් තමා මිනිස්සු හිටියේ සෑහෙන්න lethargy එකකින්. කොටින්ම මට වෙලාවකට හිතුන මුන් බුද්ධාගමේ ද කියල. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති කරන එකට මම පක්ෂයි කියල දන්නවනේ. රටක් දියුණු කරන්න මිනිසුන්ට් ඒ ගැන ආශාවක් තියෙන්න ඕනේ. ඒක නැතිව බැහැ.
    5. ඉයන් හැමදේට ම "අනේ මේක අපේ කරුමේ" කියල කරුමෙට පටවල, අනේ මේ අපි ලබා උපන් හැටි කියල කියන, ජිවත් වෙන මිනිස්සු එක්ක රටක් හදන්න බැහැ . හැබැයි බුදු දහම අත් හරින්න කියල මම කියල නැහැ. මේ ඔයා අර දේශපාලන භාෂාවෙන් කියනවා වගේ "කරුණු විකෘති කරලා " 😀. මම ලියල තියෙන්නේ හලපන් පරණ ආගම කියල. ඕක බුද්ධාගම, කතෝලික ආගම සහ අනිකුත් පරණ ආගම්ඕන එකකට අදාලයි. මේක දෛවය , දෙවියන්ගේ තීරණය කියල නිකන් ඉන්න රුස්සෝ මට ඕන තරම් හම්බ වෙලා තියනවා.
    6. එකඟ නොවෙන්න දෙයක් කියල නැහැ. ඕන ආගමක් විවේචනය කරන්න ඉඩක් තිබිය යුතුයි. නතාෂා කියපු දේවල්පොඩ්ඩක් උලුප්පල අරගෙන මිනිස්සු අවුස්සන එකට මම විරුද්ධයි. කලේ කවුද කියල මට අවබෝධයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. @ ධර්මකීර්ති

      ඔයා බුද්ධ දර්ශනය ගැන දන්නේ නෑ වෙනත් එකක් හිතාගෙන ඉන්නෙ. බුදුන් උගන්වා තියෙනවා සියල්ල සිදුවන්නේ කර්මය නිසා නෙවෙයි කියලා කර්මයේ බලපෑම සාමාන්‍යයෙන් 20% ක් විතර, පුබ්බේකතහේතුවාදය සහ නියාම ධර්ම ගැන කියවලා බලන්න

      සියලුම දේ පෙරකල කර්මය මත සිදුවන කතාව ජෛන දහමේ ඇති දෙයක් ලංකාවේ බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිසක් අදහන්නේ ජෛන දහම ඔය කිරිබත්ගොඩ ඤාණානන්ද වගේ තලේබාන් කාරයෝ ප්‍රමෝට් කරන්නේත් ජෛන සංකල්ප මිසක් බෞද්ධ සංකල්ප නෙවෙයි බෞද්ධ සංකල්ප වල ආයෝජනය කරන එක (ද්වීහි කම්මං පයෝජයේ) සිටුවරු ගැන ධනය උත්පාදනය ගැන ඉතා උනන්දුවෙන් සහ උද්යෝගිමත් අයුරින් පවසා තිබෙනවා (උදාහරණයක් විදියට චුල්ලත්තේවාසික කතාව වගේ කථා බලන්න)

      තව දෙයක් බටහිර රටවල නිිතියෙන් මිනිස්සුන්ට ඔ්නම දෙයක් කියන්න නිදහස තියෙනවා කියන එක මිත්‍යා අදහසක්. උදා ලෙස 2017 වසරේදි ඔබ සිටින බ්‍රිතාන්‍යයෙ පමණක් 3,000කට වඩා අත්අඩංගුවට ගැනීම් වෙලා තියෙනවා සමාජ ජාලවල පළකරපු අදහස් නිසා. මේව වෙන්නෙ හැම විටම වගේ ලිබරල් දේශපාලිනක ආධිපත්‍යයට හෝ දර්ශනයට අනුව හානිකර යැයි සැලකෙන අදහස් මර්ධනය කරන්නයි. එවැනි අදහස්වලට hate speech කියන පොලිටිකලි කරෙක්ට් සහ ලිහිල්ව අර්ථ දැක්වූ (ඒ නිසා තමන්ට ඔ්න පැත්තට නීතිය නවන්න පුළුවන්) වචනය යොදා ගැනෙනවා.

      Delete
    2. අනික ධර්මකීර්ති ඔය බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ පැරණි සම්ප්‍රදායවාදී අදහස්, සම්ප්‍රදායික ආගම් (විශේෂයෙන්ම ක්‍රිස්තියානිය හෝ කතෝලික දහම) විවේචනය කරන්නනං නිදහස තියෙනවා.. හැබැයි ඒවාට විතරයි, ලිබරල්වා
      ආදීන්ගේ ෆෙමිනිස්ම් අනම් මනං එහෙම විවේචනය කරන එක හරිම අමාරුයි අවදානම් සහගත දෙයක් වගේම එහෙම කරලා අත් අඩංගුවට පත් වුවත් භයානකම කරුණ මේ අත්අඩංගුවට ගැනීම් ගැන ප්‍රධාන මාධ්‍යවල වාර්තා වෙන්නෙත් නෑ

      සේරම හොරෙන්ම දෙන්නේ ගේම, පහුගිය 2016-17 වගේ කාලෙක ලංකාවේ මංගල සමරවීර ඇතුළු පිරිස සමග කට්ටියක් ඔය ගේම් එක දෙන්න අවශ්‍ය නීති ප්‍රතිනිර්මාණය කළා, ඇත්තටම ලංකාවෙත් ඔය පනත දැම්මෙ එන්ජීඔ් සහ යුඑන් එක එකතු වෙලා ‌මේ වැඩේ කරන්නයි. නමුත් ලංකාවෙ මේ දක්වා ඒක ඔවුන්ට අවශ්‍ය විදියට පාවිචිචි නොවුන එකේ ප්‍රශ්නයයි ඔවුන්ට තියෙන්නෙ. ඇමිනෙස්ටි වගේ සංවිධානවලට. නැතුව ඔවුන්ට ප්‍රකාශනයෙ නිදහස මර්දනය වීම ගැන නොවේ ප්‍රශ්නය තියෙන්නෙ. ඔවුන්ට ප්‍රශ්නය තියෙන්නෙ 'ඔවුන්ට අවශ්‍ය විදියට' ප්‍රකාශනයෙ නිදහස මර්ධනය නොවීම ගැනයි. ඒ නිසා තමා ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් වගේ ආයතන මේව ගැන නිවේදන නිකුත් කරන්නෙ නැත්තේ. මේක බලන්න

      https://www.youtube.com/shorts/GTn1He86oJk

      Delete
    3. විද්‍යාව Science එහෙම නැත්නම් ලංකාවේ කියන බටහිර විද්‍යාව කියන එක බිහිවුණේ ගැලීලියෝගෙන් පස්සෙ. ගැලීලියෝ තම මත සනාථ කිරීමට වංචාත් කළා.

      ඒ නිසාම විද්‍යාවෙ තිඹිරිගෙයි සිටම වංචා තියෙනවා. විද්‍යාවට මුල් වූ චින්තනය ගොඩනැගීම ඇරඹුණෙ පහළොස්වැනි සියවසේ ඉතාලියේ පිරෙන්ට්සි නගරයෙ. මාටින් ලූතර් 1517 දි එයට හොඳ පදනමක් දැම්මා. ගැලීලියෝ හා නිවුටන් දහහත්වැනි සියවසේ ඒ කන්සෙප්ට් එකෙන් විද්‍යාව බිහි කළා. ඊට පසු කාලයක ඒ චින්තනයෙම ඇඩම් ස්මිත් ජාතින්ගේ ධනය හරහා නිදහස් වෙළද පොළ න්‍යාය (ධනවාදය) බිහි වුණා.

      ඔන්න ඔය වගේ දේවල් නිසා විද්‍යාවත් ධනවාදයත් බිහි වුණෙ හා ක්‍රියාත්මක වන්නෙ එකම චින්තනයක බව ඉතාමත් පැහැදිලියි ඒ නිසාම ඒ දෙකත් බටහිර තාක්‍ෂණයත් එකට බැඳිලා. බටහිර විද්‍යාවටවත් බටහිර තාක්‍ෂණයටවත් ධනවාදයෙන් ස්වායත්ත, නිදහස් වෙන්න බැහැ.

      මාක්ස්වාදයේ ඊළඟ පියවර වූ ලෙනින්ගෙ හා ස්ටැලින්ගෙ සෝ කෝල්ඩ් සමාජවාදයෙත් සෝවියට් විද්‍යාඥයන් වැඩ කෙළෙ එකම චින්තනයෙ. ඊනියා සමාජවාදී විද්‍යාවක් ගොඩ නැගීමට සෝවියට් දේශයට බැරි වුණේ ඇයි කියලා හිතලා බලන්න

      මොකට හොඳම උදාහරණය ලයිසෙන්කො. ඔහුට අනුව භෝග වර්ග සුදුසු වාතාවරණයකට අනාවරණය කිරීමෙන් ඒ භෝග වර්ග පරම්පරාවෙන් පරම්පරාවට දියුණු කර ගත හැකියි. එලෙස ම ඔහු කියා සිටියේ සෝවියට්වැසියන් සුදුසු මතවාදයට යොමු කිරීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට වර්ධනය කරගන්න පුළුවන් කියා. ඔහුගේ මේ බයිලා කතන්දරය (ප්‍රවාදය) විද්‍යාවේ මැන්ඩෙල්ගේ ජාන විද්‍යාවට පටහැණි වුණා.

      මේ නිසාම බටහිර විද්‍යාවේදී ලයිසෙන්කෝ දැඩිලෙස අපකීර්තියට පත් වුණා විතරක් නොවෙයි ඊනියා සෝවියට් සමාජවාදී බටහිර විද්‍යාවක් ගොඩනැගීමේ සිහිනය ද බොඳ වුණා. කොහොමත් සෝවියට් සමාජවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පටහැණි වූවක් නොවෙයි. සෝවියට් සමාජවාදයේ අරමුණ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඉදිරි ගමනට බාධා ඇති කළ සෝ කෝල්ඩ් ධනේශ්වරය පෙරළා සමාජවාදී අර්ථ ක්‍රමයකට යෑමයි.

      එහෙත් සමාජවාදය කියලා කියන්නේ සටන් පාඨයකට වැඩි දෙයක් නො වෙයි. ඒ සටන් පාඨයෙහි අපෝහකය ද තිබුණා. අපෝහක භෞතිකවාදය නැත්නම් දයලෙක්තික ද්‍රව්‍යවාදය උගන්වා ඒ මත ක්‍රියා කර ඊනියා විද්‍යාත්මක සමාජවාදය ඇති කිරීම සමාජවාදීන්ගේ අභිලාෂය වුණා.

      ඔය නිසාම සෝවියට් සමාජවාදීන් බටහිර විද්‍යාව පිළිගත්තා. මාක්ස් ලෙනින් ආදීන් ද බටහිර විද්‍යාව පිළිගත්තා. ඔවුන්ට අවශ්‍ය වූයේ ධනවාදී විද්‍යාව සමාජවාදී විද්‍යාවක් බවට පත් කිරීමයි.

      Delete
    4. ඒ වගේම ධර්මකීර්ති ඊටත් වඩා වැදගත් කාරණයක් තමයි සෝ කෝල්ඩ් සමාජවාදීන්ට අවශ්‍ය වූවත් විද්‍යාවේදී පෞද්ගලිකත්වය සාමූහිකත්වයකට වෙනස් කිරීමට ක්‍රමයක් නැහැ. ලයිසෙන්කෝගේ විද්‍යාව වගේම බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටතේ සමාජවාදය ද කඩා වැටෙන්න ඕන. මෙය චීනයට ද පාඩමක් ඉගැන්වූ කාරණයක්.

      හැබැයි සමස්තයක් ලෙස ගත්ත (බටහිර) විද්‍යාව තාක්‍ෂණය හා ධනවාදය එකට බැඳිලා. ඔය විද්‍යාවේ සෝ කෝල්ඩ් පර්යේෂණවලට වියදම් කරන්නෙ ධනවාදය මිසක් වෙන කවුරුන්වත් නොවෙයි.

      එක්සත් ජනපදවල එකී වියදම් බොහෝ විට දරන්නෙ ආරක්ෂක අංශ වල අවශ්‍යතාව මතයි, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ හමුදාවන් වියදම් කරන්නෙ තමන්ට අවශ්‍ දේවල් ඇචීව් කරගන්න ඕනෑම පර්යේෂණ සඳහා පමණක් බව අමතක නොකළ යුතුයි.

      Delete
    5. බුදුන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අර්ථ සම්පත්ති අත්‍යවශ්‍යය බව (අත්ථි සුඛ) ද එම සම්පත් නිවැරැදිව ලබා ගන්නා ආකාරය හා නිවැරැදිව භුක්ති විඳිය යුතු (භොග සුඛය) ක්‍රමයන් ගැනත් ඉතාමත් පැහැදිලිව උගන්වා තියෙනවා

      පොදුවේ බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනයට හිමිවන්නේ සෑහෙන්න වැදගත් ස්ථානයක්. ධනයේ උදව්වෙන් පුද්ගල ජීවිතය සැපවත් කරගතයුතු බව, බුදුන් උපදෙස් දෙනවා. යහපත් ආර්ථිකයක් ඇත්තාට දෙමව්පිය,අඹුදරු, නෑදෑ හිතමිතුරන්ට, අසල්වාසීන්ට තම සිතැඟිලෙස සංග්‍රහකළ හැකිබවත් යහපත් ආර්ථිකයක් නොමැති තැනැත්තාට නිරන්තරවම ශෝකයෙන් , කාන්සියෙන් කාලය ගෙවීමටත්, යහපත් ආර්ථිකයක් ඇත්තාගේ ඡීවිතය සුරක්‍ෂිත බවත් යම්කිසි කරදරයක්, විපතක් ආවිට ඔහුට තමාට ධනය ඇතැයි සතුටු විය හැකි බවත් යහපත් ආර්ථිකයක් නැති තැනැත්තාට ලෙඩක්, දුකක්, උපද්‍රවයක් පැමිණිවිට ඵයින් මිරිකී ගැලවීමේ ක්‍රමයක් නැතුව සෑහෙන දුක්විඳීමට සිදුවන නිසා බුදුන් සෑමවිටම යහපත් ආර්ථිකයක් සකසා ගතයුතු බව උගන්වයි.

      බුදුදහමේ පරලොව යහපත සඳහා මෙලොව යහපත පූඡා කළ යුතු බවක් කිසිවිටෙක නොඋගන්වයි.

      බුදුන්ගේ අදහස ආර්ථික සුරක්‍ෂිත තාවයකට හිමිකම් නොකියන තැනැත්තා නිතරම අසහනකාරීව ඡීවත් වෙයි. ඔහුට "කුසල් දහම්" කිරීමටවත් අවශ‍්‍ය "මානසික සන්සුන් බවක්" නැත. එසේම සමාඡ වගකීම් ඉටුකිරීමටවත් සරිලන ආර්ථික ශක්තියක් නැත. එනිසා ඔහුගේ දිවිය අතිශයින් කටුක වෙයි. මේ හේතු සාධක නිසා "දුප්පත්කම" ගිහි ඡනයාට දුකට කාරණයක් බව බුදු දහම පෙන්වාදෙයි. එය,

      "දාළිද්දියං භික්‍ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහීනා කාම භෝගිනෝ"

      යනුවෙන් දක්වා ඇත.

      මෙයින් අදහස් වන්නේ, ධනය මිනිසාගේ ඡීවිතයේ වැදගත් බව අවධාරණය කළ යුතුව ඇත.

      කොටින්ම ධනය නිෂ්ටාවක් (Goal) නොව, යම් නිෂ්ටාවක් සාධනය කර ගැනීමට ඇති මාධ්‍යයක් (Means) පමණි. හුදු ධනය පමණක් ගොඩගසා ගැනීමෙන් ප්‍රීතිය ළඟා කරගැනීමට නොහැකිය. ධනය ඇති තැනැත්තා තමා කාබී ප්‍රීති විය යුතුයි. එය "අත්තානං සුඛේති පීණේති" යනුවෙන් හැඳින්වේ. එසේම තම දෙමාපියන්, අඹුදරුවන්, ඥාතිමිත්‍රාදීන්, සේවක සේවිකාවන්ද පිනවයි. එසේම ආගමික උතුමන්ටද සංග්‍රහ කරයි. බුදු දහමට අනුව තමා ලද ධනයෙන් තමනුත් සැපවත් වී, අන් අයත් සැපවත් කිරීමට උගන්වයි.

      බුදුදහම අනුව ධනය යනු මිනිසාගේ උපකරණයකි, සේවකයෙකි. මිනිසා එහි ස්වාමියාය.

      එමෙන්ම ධනයට ගැතිව, දාසව, සමාඡයට අනර්ථකාරීව ඡීවත්වීම බුදුදහම අනුමත නොකරයි.

      බුදුන්ගේ ඉගැන්වීම් අනුව ගෘහස්ථ සෑම අයෙකුම යොවුන් වියේදී ධනය නිපදවිය යුතුයි. ශක්තිය ඇති අවධියෙහි ධනය නිපද වූයේ නැතිනම්, මහලු වියට පත්කල දුඛිත ඡීවිතයක් ගෙවිමට සිදුවේ.

      ධනය හරිහම්බ කල, ධාර්මිකව යුතුකම් ඉටුකළ හා ඉටු කරමින් ධනය පරිභෝඡනය කරන්නාට, මරණයට පත්වන අවස්ථාවේ (නිරපේක්‍ෂව) තණ්හා රහිතව මියයා හැකියි, බෞද්ධ ආර්ථික දර්ශනයේ එන එය, ඉතාම වැදගත් කාරණයකි.

      බුදු දහම ධනය ඉපැයීමට විරුද්ධ නැත. එහෙත් එය ධාර්මිකව පරිහරණය කළ යුතු බව දක්වයි. බෞද්ධ ආර්ථික දර්ශනයේ දී, ලෞකික සැප ගැන බුදුන් දේශනා කර ඇත්තේ, "තමාට ධනය ඇති බව සිතීම" සැපතක් බවයි. බුදුන් වහන්සේ ඒ ධනය රැස් කරගතයුතු ආකාරය මෙසේ දක්වයි.

      "උට්ඨාන විරියාධි ගතා -බහා බල පරිචිතා- සේදා වක්ඛිත්තා-ධම්මිකා ධම්ම ලද්ධා භෝගා"'

      යනුවෙනි.

      එනම්, උත්සාහයෙන්, විර්යයෙන්, බාහු බලය යොදවමින්, දහඩිය හෙළීමෙන්, ධාර්මික රැකියාවල නිරත වෙමින්, ධනය රැස්කළ යුතුය.

      එසේම, ගිහියන් ලෙස ඡීවත් වීමට යෝග්‍ය වන්නේ මල නොතලා රොන් රැස්කරන බඹරෙකු සේ, ධනය රැස්කරන අය බව සිඟාලෝවාද සූත්‍රය සඳහන් කරයි.

      "භෝගේ සංහර මානස්ස - භමරස්සේව ඉරියතෝභෝගා සන්නිච යං යන්තී - වම්මිකෝ වූප චීයතීඒවං භෝගේ සමාගන්ත්වා - අලමත්ථෝ කුලේ ගිහී"

      යනුවෙනි.

      බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය රැස්කිරීම පිණිස, වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්නායකය විය යුත්තේ, එහි ධාර්මිකව යෙදිය හැකිද යන්නයි. අනුන්ට හෝ තමන්ට හානියක් නොවන ධනෝපායන වෘත්තියක යෙදිය යුතුය.

      මේ ගැන "ව්‍යග්ඝපඡ්ඡ" සූත්‍රයේ, සඳහන්වන පරිදි බුදුන් විසින් අනුමත, රැකියා හා ව්‍යාපාර කීපයකි. එනම්,

      1.කෘෂිකර්මය 2.වෙළඳාම 3.පශු පාලනය 4.ධනු ශිල්පය හා ශිල්ප කලා 5.රාඡ්‍ය සේවය

      එසේම නොකළ යුතු වෙළදාම් පහක්ද බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,

      1.විෂ වර්ග වෙළදාම 2.අවි ආයුධ වෙළඳාම 3.මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5.වහල් වෙළදාම

      ඉහත කී, නොකළ යුතු ව්‍යාපාරවලින් ("මිත්‍යා ආඡීව") එනම් පහත් ක්‍රියා වළින් තොර ධාර්මික වෘත්තියකින්, ඇති තරම් ධනය එක් රැස් කරගතයුතු බව, බුදු දහම පැහැදිලිව දක්වයි.

      Delete
    6. බුදුන්ගේ බෞද්ධ අර්ථ ක්‍රමය සකස් ව ඇත්තේ පුද්ගලයාගේ ක්ෂණික සුඛාස්වාදයට නොව දීර්ඝ කාලීනව ඔහුට සැප පිණිස පවත්නා ආකාරයට.

      ඒ කෑම බීම, ඇඳුම් පැළැඳුම්, ඉඳුම් හිටුම් හා බෙහෙත් හේත් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධාන මූලිකාංග වන අතර සිවුපසය යනු මෙම ප්‍රත්‍ය හතරයි.

      අංගුත්තර නිකාය පළමු කොටස අනුව සියලු සත්වයෝම ආහාරයෙන් යැපෙති. (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) මිනිසාට ඇති ලොකුම රෝගය බඩගින්න බව ධම්මපද පාලියේදී බුදුන් (ජීගච්ඡා පරමා රොගා) සියලු දෙනාටම බඩගින්න ඇත. බඩගින්න ප්‍රධාන ම රෝගය නම් සෑම දෙනාටම මෙම රෝගයට පිළියම් වහාම ලබා දිය යුතුය.රෝගයට නිසි පිළියම් නොලැබෙන අවස්ථාවන් හි සමාජය තුළ ප්‍රශ්න ඇති වෙමින් සංකීර්ණත්වයට පත්ව හොරකම, දූෂණය, මං පැහැරීම මෙන්ම කෝළාහල හටගැනීමට ඇති අවකාශය වැළැක්විය නොහැකිය.

      මීට අමතරව කුටදන්ත හා මහාසීහනාද සූත්‍රවලින් ද මූලික අවශ්‍යතා ඉටුකොට ගැනීමට ගත යුතු නිසි ක්‍රියා මාර්ග කවරේද යන්න පෙන්වා දෙයි.

      බුදුදහම සමාජගත ආර්ථික පරිහානිය හෝ දියුණුව ඉතා සරල දෙයක් ලෙසින් නොසලකන අතර ආර්ථික පරිහානියක් ඇතිවීමට තුඩුදෙන කරුණු ඉතා විශ්ලේෂණාත්මකව පෙන්වමින් පුද්ගලයකුගේ ආර්ථික ශක්තිය වර්ධනයට අදාළ දැහැමි මාවත කුමක්ද යන්න පෙන්වා දෙයිි.

      එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඇතිවන ප්‍රශ්නවලට හේතුව පැහැදිලි කරමින් සමාජගත ආර්ථික ප්‍රශ්න විසඳාගත යුත්තේ කෙසේද යන්න ඉතා සරල ආකාරයෙන් ඉස්මතු කෙරේ.මිනිසාගේ සාමාජික හා සමාජ ධාර්මික පරිණාමය බෙහෙවින් රඳා පවතිනුයේ රටක ආර්ථික ජීවිතයේ සාරත්වය මත බව සූත්‍ර ධර්ම තුළින් ඉස්මතු කොට තිබේ. ඒ අනුව සමාජයේ ස්ථාවරත්වය, සාමකාමීත්වය, සහනශීලිත්වය, මිත්‍රත්වය මෙන්ම සදාචාර සම්පන්න බව ආරක්‍ෂාවීම පිණිස මූලික වන සාධක අතර ආර්ථික සංවර්ධනය හා ධනය සාධාරණව බෙදීයාම අත්‍යවශ්‍ය බව බෞද්ධ ඉගැන්වීම් වලින් හෙළි වේ.

      බෞද්ධ ආර්ථික චින්තනය හා සමාජීය දියුණුව ඇති කළ හැකිවනුයේ පුද්ගල ආර්ථික දියුණුව සලසා දීමෙන්ය. යන සිද්ධාන්තය ඉතා දැඩිව අවධාරණය කරයි.බෞද්ධ ආර්ථික චින්තනයට අනුව පුද්ගල අභිලාෂයන් හා අරමුණු මුදුන් පත් කර ගැනීම අධ්‍යාත්මික පදනමක් මත පිහිටා කළ යුත්තකි. ධනය ඉපයීම සඳහාත් ජීවිතයේ පරමාර්ථ ඉටුකර ගැනීම සඳහාත් දැහැමි බවින් බැහැරව යන්නේ නම් ඉන් සමාජ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය.

      පුද්ගලයකුගේ සැනසීම යනු භෞතික සාරත්වය මතම පමණක් පවතින්නක්ය යන්න නොපිළිගන්නා බුදුදහම ආධ්‍යාත්මිකත්වයෙන් ලබන සැනසීම සදාකාලික බව ඉස්මතු කෙරේ. සමාජගත භෞතික සම්පත්වල සරුසාරත්වය, ප්‍රගතිය අර්ථවත් වනුයේ ආධ්‍යාත්මික සරුසාරත්වයද යන දෙකම ඇතිනම් පමණක් බවයි.

      එමෙන්ම අධ්‍යාත්ම සංවර්ධන සුඛය පමණක් අවශ්‍ය යෝගීන් වැනි අයට නොව ගෘහස්ථ අයට භෞතික සම්පත් සංවර්ධනය අත්‍යවශ්‍ය වන බව ඉතාමත් පැහැදිලිව බුදුන් පවසා ඇත.

      Delete
    7. ඇනෝ AnonymousJune 4, 2023 at 12:26 PM - මම කර්මය විශ්වාස කරන එකෙක් නෙමේ. හින්දු එක (සියල්ල පෙර කර්ම නිසා සිදු වෙනවා කියන එක) සහ බෞද්ධ එක (උතු නියාම ම, බිජ නියාම etc

      Delete
    8. තව දෙයක් බටහිර රටවල නිිතියෙන් මිනිස්සුන්ට ඔ්නම දෙයක් කියන්න නිදහස තියෙනවා කියන එක මිත්‍යා අදහසක්. - මම එහෙම නැහැ. රුසිය යුක්‍රේන යුද්ධේ ගැන මේ දවස් වල මුකුත් ලියන්න .බැහැ , ආණ්ඩුවේ වර්ෂන් එක විතරයි ලියන්න පුළුවන්. අපි දන්න රුසියානු ටීචර් කෙනෙකුට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රය හම්බ වුනා. ඒකෙ ගහල තියනවා මේ තැනැත්තිය රුස්යාවේ උපත ලද කෙනෙකි කියල. ප්‍රොෆයිලින් කරලා. බෝඩර් ගාඩ් ලට ලෙහෙසි වෙන්න. කවදාවත් වුනේ නැති දෙය බ්‍රිතාන්‍යයේ .ලයිසේන්කෝ ගැන කීව දෙයට එකඟයි . පොර නිසාසෝවියට් කෘෂි කර්මයට කෙල වෙලා මිනිස්සු මැරුණා . ගෝඨාභය ගේ කාබනික සීන් වගේ තමා. හොඳ වෙලාවට මිනිස්සු මැරෙන්න කලින් එලව ගත්ත.
      https://en.wikipedia.org/wiki/Trofim_Lysenko

      Delete
  12. කතෝලික දහමට කොතරම් විරුද්ධව චිත්‍රපට, කතා මාලා, පොත් එලිදැක්වෙනවද. ඒත් කතෝලික සභාව ඒවාට සැලෙන්නෙ නෑ. කුරුසය මාෆියා චිතුපටවල මාෆියා අයගෙ සංඛේතයක් ලෙස භාවිතා කරනවා.

    ජේසුස්ගෙ රුව toilet paper වලත් print කරනවා

    ජේසුස් කියන චරිතය just for laugh gags වලට උපහසාත්මකව යොදාගන්නවා

    කතෝලික ආගමේ මූලික ඉගැන්වීම් විකෘති කරන දේශනා අසීමිතයි. ඔය ජෙරම් ප්‍රනාන්දුත් ඒවගේ එකෙක්.

    කතෝලික සභාව පාප්වහන්සේ යටතේ තියෙන්නෙ. ඒකට කියන්නෙ රෝමානු කතෝලික සභාව. පාප්වහන්සේ පත්වෙන්නේ ජේසුස්ගෙ ගෝලයෝ 12න් ප්‍රධාන ගෝලයාගේ සිට අතීතයේ සිටම.

    කතෝලික ආගමෙන් කැඩිලා බයිබලය විවිධ වැරදි නිර්වචන ඔස්සේ හදාගත්ත ආගම් තමයි ක්‍රිස්තියානි, මෙතෝදිස්ත, පෙන්තකොස්ත, එංගලන්ත සභ,ගා, ලයිට් හවුස්, ඒ ඕ ජී, යොහෝවා සාක්ෂි කාරයෝ, ජෝන්ද බැප්ටිස්ට්, ඔය ජෙරොම් හදාගත්ත ආගම... වැනි ඒවා.

    මොනදේ වුනත් කතෝලික සභාව නිහඬයි. එයාලා එයාලගෙ ගමන යනවා. කාදිනල් තුමා බුද්ධාගමට ගෞරව කරනවා. බෞද්ධ මනෝවිද්‍යාව හදාරන කතෝලික පූජකවරු ඉන්නවා.

    ඒ නිසා බුද්ධාගම වගේ ජීවිතේට ප්‍රායෝගික වැදගත්කමක් තියෙන ශ්‍රේෂ්ඨ දර්ශනයක් විනාශ කරන්න බෑ.

    කලබල විය යුතු නෑ කියන එකයි මගේ ගෞරවනීය ඉල්ලීම සහෝදර බෞද්ධ ජනතාවගෙන්...

    ReplyDelete
    Replies
    1. කතෝලික දහම හෝ යදින්නන් ගැන මටත් ලොකු අවුලක් නැහැ. ඉයන්, අපේ තරු නංගි හෙමත් කතෝලික නේ. මගේ තව යාලුවෝ ගොඩක් ඉන්නවා ඒ වගේ. නමුත් කතෝලිකයන් ටම නේ කෙලෙව්වෙ පාස්කු එකෙන්.

      Delete
  13. මට මේ ඔක්කොම එක්ක මතක්වෙන්නෙ... ජේසුස් වහන්සේ මද්දලාවෙ වෙසඟනගෙ සිද්දියේදී කියපු දේ.

    ReplyDelete
  14. ඉයන්, සැබවින්ම එදා මෙදා තුර ඉතිහාසය හැදෑරීමේදී ශ්‍රී ලාංකික බෞද්ධයා කාර්‍යයභාර දෙකක් කර ඇත. එනම් බුදු දහම පිලිපදින ගමන් එය මතු පරපුරට රැකීමයි. වළගම්බා රජු සමයේ මුඛ පරම්පරාවෙන් ආ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මතු පරපුරට ධර්මය රැකීමට ලාංකිකයා ගත් ශ්‍රේශ්ෂ්ඨතම පියවරයි. පසුව ලංකාවේදීම ත්‍රිපිටකය විස්තර කර ඇති සිංහල අටුවා පාලියට නගන ලදී. එයට හේතුවද ඔවුන් සතු වූ පරාර්තකාමීත්වයයි. එපමනක් නොවේ සිංහල භික්ෂූහූ දකුණු ආසියාව තුල ධර්මය ප්‍රචාරය කළහ.

    ඔබ විසින් පෝස්ට්කි එකේ පවසන යුරෝපීයන්ද අනික් සියලු රටවල ඇත්තෝද බුදු දහමේ ප්‍රතිපත්තිවල ජීවත් වේ නම් ඒ ශ්‍රී ලාංකිකයා අතීතයේ සිට වෙහෙසී මෙය රැකගත් නිසාය. ඔබට මේ ගැන බුරුමයට, තායිලන්තයට හෝ වියට්නාමයට ගියහොත් ඒ භික්ශූන්ගේ මුවින්ම දැක ගත හැක. සැබවින්ම බුරුම ජාතිකයන් අද අපට වඩා ඉතා ඉදිරියෙන්‍ ය. එනිසා බුදු දහම රැකීම වනාහී ශ්‍රී ලාංකිකයින් විසින් කරන ශ්‍රේශ්ෂ්ඨතම කටයුත්තකි.

    අදටත් කදුබොඩ භාවනා මද්‍යස්ථානය පිරී ඇත්තේ යුරෝපීයන්ගෙනි. ලංකාවෙ පිරිසිදු ධර්මය රැකී නැති නම් ඔවුන් වැල නොකැඩී මෙසේ එන්නෙ ඇයි?????

    ඔවුනට චීනයට යන්නට තිබිණි. යුරෝපීයන්ගෙන්ම අසා ගන්නට තිබිනි. මැලේසියානුවන්ගෙන් ඉගෙන ගන්නට තිබිනි. එසේ පැමිණ තිබෙන බහුතරය උගතුන් වෙති. මනෝවිද්‍යාව පිලිබද ආචාර්‍ය මහාචාර්‍යවරු වෙති. ඉතින් ඔවුන් මෙහෙ නැති යමක් සොයන්නේද????

    බහුතරයේ හැසිරීම නිරීක්ෂණයට හේතුව ඔවුන් උපතින් බෞද්ධ වුණාට එය ඔවුන්ගේ තෝරාගැනීමක් නොවීම නිසයි. බුදු දහම ප්‍රඥා වන්තයින්ට පමණි. ගත සමග අරගල කරනවා වාගේ සිත සමග අරගල කිරීම පහසු නැත. අනික් කාරණය අනිත් ආගම්වල බහුතරය ගැන සිතන්න. ඔවුන්ගේද කතන්දරය එසේමය. ලෝකය විනාශ කරන ආයුධ හදපු අය ගැන සිතන්න. ඒ ලොවට ප්‍රේම කරන්න යැයි කී ආගමක් අදහමිනි.

    ඇමරිකානුවන් කලු ජාතිකයන්ට සලකන හැටි සිතන්න. සලක්පු විදිය සිතන්න. ඔවුන් හා බැලීමේදී ලාංකික බෞද්ධ යා අන්තිම අහින්සකය.🙂🙂.

    ReplyDelete
  15. ඉයන් දැක්කද පරිගණක කෘතිම බුද්ධිය (AI) ආශ්‍රයෙන් නිර්මාණය වූ සිදුහත් කුමරුගේ පින්තූරය?

    පරිගණක කෘතිම බුද්ධිය ආශ්‍රයෙන් නිර්මාණය වූ සිදුහත් කුමරුගේ වයස අවුරු 30ක් පමණ කාලයේදී (බුද්ධත්වය ලැබීමට වසර 5කට පමණ පෙර) හැඩරුව දැක්වෙන ආසන්නතම පින්තූරයක් සමාජ ජාල වල දැක්වේ.

    පුරාවිද්‍යාත්මක සහ ජීවවිද්‍යාත්මක සාධක අනුව නිල් ඇස් සහ ඉන්දු-යුරෝපීය ජාතියට අයත්වු සිදුහත් උපන්නේ උතුරු ඉන්දියාවේ, දළ වශයෙන් මීට වසර 2,500 කට පමණ පෙර, ඉන්දු-ආර්ය ජාතියක් ලෙස විස්තර කරන ලද, නිල් ඇස් සහ පැහැපත් සම වැනි "කොකේසියානු" ශරීර ලක්ෂණ ඇති ශාක්‍යයන් නම් පුද්ගලයින් කණ්ඩායමකින් පැවත ඒම, ලා රන්වන් සම - ඉන්දු-ආර්ය ජාතියට රන් දුඹුරු සමක් තිබුණි. බුදුන් එම සමාජයේ ප්‍රභූ පැලැන්තියට අයත් වූ අතර සමහර විට ලා රන්වන් දුඹුරු පැහැයක් තිබූ බව..

    ඉහළ ගැටයක් සහිත අඳුරු හිසකෙස් - සිදුහත් බුදු බව ලැබීම සඳහා පුහුණුව ආරම්භ කිරීමට පෙර, අඳුරු රැලි සහිත හිසකෙස් සහ ඉහළ කැරකී ගිය ගැටයක් තිබූ බව..

    උස - ඔහු එකල උසස් පවුලක උපත ලැබූ අතර, මෙම ජන කණ්ඩායම අනෙකුත් අයට වඩා සාමාන්‍යයෙන්
    උසකින් යුතු වූ බව.. මේ නිසා ඔහු සෙන්ටිමීටර 191 - 193 අතර උසක කෙනෙක් බව පුරාවිද්‍යාත්මක සහ ජීවවිද්‍යාත්මක පර්යේෂණ අනුව පැවසේ

    සුදු දත් සහ සිනහව - ඔහුට සුදු දත්, ගැඹුරු සහ අනුනාද කටහඬක් සහ අලංකාර සිනහවක් තිබූ බව..

    වැනි දත්ත උපයෝගී කරගෙන මෙම කෘතිම බුද්ධි ඡායාරුව නිර්මාණය කොට තිබෙනවා. මේ ගැනත් විවේචනයකට පෝස්ට් එකක් දමා සාකච්ඡාවට භාජනය කළ යුතුයි නේද?

    ReplyDelete
  16. @ Ajith Dharma

    මේ පහත තියෙන වීඩියෝ එක බලල තියෙනවා ද? මට ඇත්තටම දුකයි.... මේ මනුස්සයා ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ඉතාමත් වැදගත් ඓතිහාසික සේවයක් රටට කරපු කෙනෙක්... එහෙම මනුස්සයෙක්ට සලකපු හැටි ගැන මටනම් ගොඩක් දුකයි

    මේ මනුස්සයාගෙන් නිසිපරිදි වැඩක් නොගැනීම ගැන .....

    මේක බලන්න

    https://m.facebook.com/story.php?story_fbid=pfbid0CQeaYSNgNu21CgLETGPvhDyGrdvQxJ9KsiRKLKEGaLE3XyFw64JgU1Q8SJV3TPvtl&id=100001093863847&mibextid=Nif5oz

    මේක ගැන පෝස්ට් එකක් දාල සාකච්ඡාවක් කරන්න වටින කාරණයක් 😪😪😪

    ReplyDelete
  17. මේ අජිත් ධර්මා NGO කුක්කෙක්. ලංකාවට අපායෙ ඉන්ටවල් තාම, හැළිය රත් වෙනකම් රඟනවා විතරයි ඒත් ආපහු ඩොලර් බිලියන හැත්තෑවකට වඩා වැඩි ණය ගෙවන්න සිද්ධ වෙන කොට 2024 අගදි රුපියල් 900ට ඩොලර් එක නගිනව නගිනවාමයි. අන්න ඒතකොට හඳුන්නෙත්ති සහෝදරයා මුදල් ඇමති කරේ නැති එකේ පාඩුව ගොබ්බ ජනතාවට ඒ කිව්වෙ 69 ලක්ශෙට තේරේවි.

    ඔය මක්කරත් අපි මාලිමාවට... 🧭🧭🧭💪💪💪

    ReplyDelete
    Replies
    1. වැඩ කරපු එක NGO එකක් ඔප්පු සහිතව ඉදිරිපත් කලොත් බෝතලයක් අරන් දෙනවා

      Delete
    2. දැන් ගරු අජිත් මැතිතුමා කොහොම ද ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක ලෙස එංගලන්තයේ සිට ක්‍රියාත්මක වෙන්නේ? සූම් වලින්ද මයික්‍රෝසොෆ්ට් ටීම්ස් එකෙන්ද?

      ඒ වගේම රනිල්ට සහ නාකි මයිනාගේ හොර පවුලට එරෙහිව ප්‍රකාශ කරන අය අත්අඩංගුවට ගෙන මර්දනය කිරීමට ඔබ ඉතාම සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන නිසා මේ කමෙන්ට් දාන අපිවත් අයි පී ඇඩ්රස් වලින් හොයාගෙන අල්ලලා බටලන්දට පැහැරගෙන ගිහින් අපට දැඩි ලෙස වධ දී අමානුෂික ලෙස ඝාතනය කර පෙට්රල් දමා ටයර් සෑයක පුළුස්සා අතුරුදන් කරලා දානවද? එමෙන්ම එසේ ඝාතනය කරන පුද්ගලයන් ගණන අනුව ඔබට මල්වානේ කපුටු හොරා මිලියන ගණනින් මුදල් ලබා දෙන බව කියන්නේ ඇත්තද? ඒ වගේම පුතාණෝගේ හොරමුලේ උන් එකා එකා සල්ලිවලට බාගෙන රනිල්-රාජපක්ෂ හොරමුලට උන්ව සෙට් කරන බ්‍රෝකර් වැඩේ කරන එකෙන්ම ඔබට මේවන විට ඩොලර් මිලියන දෙසිය පනහකට අධික බ්‍රෝකර් ගාස්තුවක් ලැබිල තියෙනව කියලා කියන කටකතා ඇත්ත නේද? ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඩොලර් බිලියන දහයකට අධික වන්දි මුදල් යට ගහන්න රාජපක්ෂ රෙජීමය වෙනූවෙන් එංගලන්තයේ ගිණුමකට ඩොලර් මිලියන 250ක අල්ලස් ගත්ත බව කියන සිදුවීමට ඔබ සම්බන්ධ බවත් අර චාමරද මොකක්ද නමකින් පෙනී සිටින කෙනා ඔබ බවත් පහුගිය දවස්වල "මාතලන් " සහ තවත් බ්ලොග කීපයකම ඇනෝ කමෙන්ටුවවල සඳහන් වෙලා තිබුණ බව ඔබ දකින්නට ඇතිනේ, නමුත් ඒ පිළිබඳව ඔබ පිලිතුරක් ලෙස මුකුත්ම කියලා තිබුණ බව මම දැක්කේ නෑ. ඒ අනුව මේ චෝදනාව ඇත්ත කියලා සැකයට භාජනය වන නිසා කරුණාකර මේ ප්‍රශ්න වලට උත්තර ලබාදීමට ඔබට ආරාධනා කරමි. බොහොම ස්තුතියි ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් නම් ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ගරු දැන් නි ගරු අජිත් මැතිතුමනි?

      Delete
    3. හරියටම ෂුවර් ද මම ගැන මේ ලියන්නේ කියල. 😀 මට එක බ්ලොග්කරුවෙක් මාර කතාවක් කීව . ඒ කාලේ අර සම්මාන උළෙලේ මුදල් ගැන ගිය කතාවට. සාධක එක්ක. ඔය බ්ලොග් සෙට් එකක්, ෆේස්බුක් පේජ් කරන අය සහ සමහර වෙබ් අඩවි එහෙම සල්ලි ගන්නවලු. අරගෙන තියනව අයගේ නමුත් කීව . ඉතින් උන් කොමෙන්ට් දාන කොට මේ අයත් තමන් වගේ කියල හිතළලු දාන්නේ . දැන් මිලියන් කියක් විතර උපයාගෙන තියෙනවයි ? 😀

      Delete
  18. හම්මෝ....ගිහින් එන්නම්...මේ වලිවලට අතදලා අතපය කඩාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. දැන් මෙතැන කවුද වලි යන්නේ මෙන්ඩා? මෙතැන යන්නේ සංවාදයක්. 🙂

      Delete
  19. අජිත් බුද්ධාගම අනුව ඕනෑම පුද්ගලයෙක්ට බුදුකෙනෙක් වීමට පෙරුම් පිරිය හැකි නමුත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වීමට කිසිම කෙනෙකුට බෑ උන්වහන්සේ අප වෙනුවෙන්ම දෙව් සැප අතහැර පැමිණ කුරුසිපත් වූ අප වෙනුවෙන් දුක්විඳි ශ්‍රේෂ්ඨතම උතුම් දෙව් පුතු වන නිසා එතුමන්ට සම වීමට තබා එහෙම කරන්න හිතන්නටවත් කිසිවෙකුට බැරිය. එයට ලන්විමටවත් නොහැක. දෙක දෙකක්. එය තේරූම් ගන්න ඕන සේරටම කලින්...

    ReplyDelete
    Replies
    1. ජේසුස් දෙවියෙක් ලෙස පිලි ගන්නේ නැත ලෙස. ඔහු මිනිස් පුතෙකි. ඔඅබට ඕන එකක් තේරුම් ගත්තට කමක් නැත

      Delete
  20. @ajith_dharma

    හැම දේම පාච්චල් කරලා කතා කරන්න එපා අජිත් ධර්ම, නම ධර්ම වුණාට වැඩ අධර්ම නම් වැඩක් නෑනේ සාමාන්‍යෙන් අලුතින් වාහනයක් හදනකොට අපිට ගොඩක් දේවල් design කරන්න තියෙනවා. Drive train, suspension, chasis, breaks, body panels, instrumentation panels, batery, infortainment system, cooling systems, doors, widows, interior, seats, lights යනාදී වශයන් පොඩි කෑල්ලක සිට ලොකු කෑල්ල දක්වා. මේවා production ready මට්ටමට ගන්න ගොඩක් engineering සහ fabrication වැඩ කරන්න වෙනවා mass scale යන්න.

    ඔය කිව්වේ එක මොඩල් එකක්, නමුත් විවිධ මාදිලිවල මේවගේ වාහන වර්ග කීපයක් එකවර market එකට දමීමට සැලකියයුතු කාලයක් ගතවෙනවා. මේවා නිකන් තල මුංඇට මිරිස් හදනවා වගේ නෙමෙයි. ගොඩක් test දුවන්න ඕනේ. ලංකාවේ ඇතුලේ අපි ගොඩාක් කෑලි හදන්නේ. පිටරටින් ගෙනත් එකලස් කරනවා නෙමෙයි. අපි කිසිම විදේශීය තාක්ෂණික සහාය හෝ invesment එකක් නැතිව මේ සෑම දේම කරන්නේ. දේශීය දැනුම සහ ප්‍රාග්ධනය යොදාගෙන අපේම සැලසුමට අනුව ලංකාවට ගැලපෙන විදියට අවශ්‍ය ආකාරයට උසස් තත්වයකට නිෂ්පාදනය කරලා අමාරුවෙන් ඩොලර් හොයාගෙන එල්සී ඇරලා මැටීරියල්ස් ගෙනල්ලා කල්පවතින චැසිය යුනිබොඩි ෆ්රේම් එකකට සහ ශක්තිමත්ව කල් පවතින ප්ලාස්ටික් පොලියුරිතීන් සහ තර්මෝප්ලාස්ටික් පැනල් නිෂ්පාදනය කර නිසි ඇඩිසිව් සහ ගම්වර්ග යොදාගෙන නිවැරදිව වෙල්ඩ් කරලා ඇණ මුරිච්චි හයි කරලා අපි කරන දේ හරියට , හොඳට , ලෝකේ අනිත් රටවලට වඩා හොඳින් කරන්න try කරන්නේ. අපේ performance ලෝකේ අනිත් ප්‍රඩක් වලට වඩා ඉහළින් ඉන්න බලාපොරොත්තු වන්නේ . අවුරුදු දෙක තුනකින් ලොකු company එකකටවත් අළුත් design එකක් එලියට දාන්න බෑ. නමුත් අපි ළඟදීම මේවා මාර්කට් එකට දානවා. ලංකාවේ limited resources එක්ක මේවා කරන එක ගැන ආඩම්බර වෙන්න.

    ඒ වගේම දැනට ලංකාව තුල ලෝකයේ සම්මත වාහන design fabrication production සහ ceretification process ගැන කියවන්න.

    එක එක දේසපාලන කුණුහරුප සහ නලුනිලි විගඩම්වලට වගේ අපිට media ඇවිත් progarm කරන්නේ නෑ. කවුරුහරි දේශපාලනඥයෙක් අරන් එන media කට්ටිය ගන්න විස්තරයක් publish උනහම , දේශපාලනඥයාගේ photoe එක දැකලා අපිව දේශපාලනයට දාලා හැල්ලු කරන්න එපා. අපි අපේ මුදල් වලින් මේ දේවල් කරන්නේ ලංකාව කවදා හරි ගොඩ ගන්න. නිකන් බොරුවට දේශපාලන වැකි දාන්න එපා. අපි කරන වැඩ publish කරන්නේ අනිත් මිනිස්සු දිරි ගන්වන්න මිසක් එක එකාගේ කඩේ යමක් නෙමෙයි. මේ රටට කිසිම දෙයක් නොකර බොරුවට social media වල වීරයෝ වෙන්න, මිනිස්සුන්ට ගරහන්න එපා. අපේ මිනිස්සු පොඩි දෙයක් කළත් එක අගයන්න කියල ඉල්ලා සිටිනවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බුදු සංතෝ ඇනෝ මරිය තුමී පල්ල ලංකාවේ කාර්මික දියුණුව හා වාහන නිෂ්පාදනය ගැන කවදාවත් හිනා වෙලා පාච්චල් කලේ නැහැ.

      Delete
  21. අජිත් අංකල් කියන කතාව ඇත්ත මේ ඔක්කොම දේශපාලනය වෙනුවෙන් කියල තේරෙනකොට අපි ගොඩක් පහුවෙලා නේද?

    අර ගෝටාගෝ අරගලයත් කරවලා තියෙන්නේ රාජපක්ෂලා තමයි කියලා තේරෙන්නෙත් එතකොට 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. යකෝ ඇනෝ පුතේ දැන් බලහන් අරහේ ඩෑම් එකක් පුපුරවලා. මෙහේ පත්තර වල කියන්නේ ඒකෙන් වතුර බොන කිරිමියා පැත්තේ එවුනුයි ඒකෙන් යටවෙන එවුනුයි තමන්ම පුපුරවා ගත්ත කියලනේ. සියදිවි හානි කරගන්න තරම් උන්ට යුද්ධේ එපා වෙලා. ඉතින් එහෙව් එකේ අරගල මහා රාජපක්ෂම පටන් ගත්තද කවුද දන්නේ . අර ගෝත මල්ලි කොරගෙන ගිය විධිහට මෑන්ස් ටම හිතෙන්න ඇති මෙහෙම ගියොත් ගඩාෆි සීන් එක වෙලා නවතින්නේ කියලා. 😀

      Delete
    2. @ Ajith Dharma

      ඔය උඩ ඇනෝ කියන කතාව වගේම ලංකාවේ සමහරු සහ ඇතැම් පිටරටවල සිටින ලාංකීයයන් පවා පවසා තිබෙන පරිදි බැසිල් රාජපක්ෂ අරගලයට දායක වී මුදල් පොම්ප කිරීම සහ තමන්ගේම හෙංචයියන් එයට දාගෙන තියෙනව නේද? දිලිත් ජයවීරත් ඔය කතාව කියනවා අනෙක මතකද මයිනා 2021 දී විතර රනිල් එක්ක කෑමට ගිහින් සමීපව කටයුතු කළා?

      ඒ දවස්වල සන්නස්ගල කියුවා මයිනා මාතර පොලිටික්ස් වල හැටියට පුතා එනකම් මැනේජර් මහත්තය විදියට රනිල්ට යතුර දෙන්න හදන්නේ තව එක්සත් ජනපදය සහ ඉන්දියාව මයිනාගේ චීන නැඹුරුව නිසා මළ පැනල ඉන්න එක ෂේප් කර ගන්නත් ඕන නිසා ආප්ප සිරාව 2015 රනිල්ට දුන්න වගේ ගේමක් දුන්න වෙන්නත් පුළුවන් නේද?

      කොහොමත් දැනට ඉන්න උන්ගේ හැටියට රනිල් ඇරුණාම බය නැතුව බලය අරගෙන පාලනය කිරීමට ඉදිරිපත්වීමට ඉන්නේ චම්පික රණවක සහ මයින පැටිය විතරයි නේද? ඒකෙනුත් ඡන්දය ගන්න පුළුවන් වගේ පේන්නේ පොඩි මයිනට විතරයි වගේ. අනික පහුගිය දවස්වල නිහඬව හිටිය බයියො රැල දැන් ටිකෙන් ටික අවදි වන නිසා ජූනියර් මයිනා ලාවට ගේම පටන්ගෙන තිබෙන බව පේනවා නේද?

      ඒ වගේම තව දෙයක් ලංකාවේ මේදිනවල වාහන හොරකම් සහ Locksmith / Key Program ගැන ඔබේ,එංගලන්ත අත්දැකීම් අනුව විස්තරාත්මක ලෙස පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද Ajith?

      පහුගිය දවස්වල ඔය ආගම් සීන් එක වගේම කතා බහට ලක්උන මාතෘකාවක් තමයි ලංකාවේ යතුරු program කරලා වාහන හොරකම් කරන එක. දඹුල්ල පැත්තේ සැනකෙලියක් අසලදී Toyota CHR වර්ගයේ මෝටර් රථයක් පැහැරගැනීමට උත්සාහ කරල තියෙනවා නමුත් ඒක අසාර්ථක වෙලා තියෙනවා. නැවතත් වතාවක් තලවතුගොඩ පුද්ගලික රෝහලකදී Toyota Axio වර්ගයේ මෝටර් රථයක් හොරකම් කරල තිබුනා. ඒම මෝටර් රථය පොලීසිය විසින් සොයාගෙන තියෙනවා කියලත් අද ලංකාවේ නිව්ස් වලට කියවුන වීඩියෝ එක දැක්කා.

      ඔය සිද්දි දෙක උන දවස්වල ලංකාවේ ගොඩක් යාලුවෝ මගෙන් අහපු දෙයක් තමයි මෙහෙම කරන්න පුලුවන්ද අනික නවීන තාක්ෂනය තියෙන Smart key security තියෙන වාහනත් මේ විදිහට හොරකන් කරන්න පුලුවන්ද කියන එක පිළිබඳව.

      ඔය vehicle security system (Immobilizer key , Intelligent key, Smart key) තියෙන වාහන වලට නැවත යතුරක් හෝ යතුරු කහිපයක් program කරන්න පුලුවන්. ඒක smart key හෝ immobilizer key මේ මොන ජාතියේ උනත් ඒක කරන්න පුලුවන්.

      ( 2018/ 2020 / 2021 පස්සේ ආපු සමහර මොඩල් වලට තාම කරගන්න බැරි උනත් ඉදිරි කාලයේදී පුලුවන් වෙයි )

      ඔය ගැන විස්තරාත්මක ලෙස පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      Delete
    3. කෙටියෙන්ම මගේ දැනුමේ හැටියට ලෞකයේ වාහන නිෂ්පාදනය කරන සමාගම් එයාලගේ Diagnosis Tool / Diagnosis Software හරහා පමනක් අලුතින් key එකක් නැවතත් program කරන්න පුලුවන් විදිහට තමයි එවන්නේ. එතකොට ඒ ඒ සමාගම් විසින් යම්කිසි ආරක්ෂා සහිත විදිහකට තමයි මේ system එකට log වෙන්න ඉඩ සලසල දෙන්නේ. එතනදිත් මූලික විදි දෙකක් තියෙනවා එකක් තමයි තවත් අමතර key එකක් program කරගැනීම ඒකට අපි කියනවා spare key program සහ All key lost ඒ කියන්නේ වාහනයේ සියළුම යතුරු අස්තාන ගතඋනාම program කරන විදිහත්. අපි එක වාහන කාණ්ඩයක් උදාහරනයට ගත්තොත් අපි කියමුකෝ Toyota Allion NZE 260 කියල.

      එතකොට All keys situation එකක් උනොත් ඒ smart key කියන්නේ යතුරු සේර්ම නැති උනොත් වාහන නිෂ්පාදකයා කියන්නේ (Toyota motor corporation) smart key system එකට අදාල සියළුම කොටස් / units (සියළුම කොටස් කිව්වේ අදාල control units) අලුතින් දාලා අලුත්ම smart key එකක් program කරන්න තමයි තියෙන්නේ. එතකොට අර පරන smart keys සේරම වාහයෙන් අයින් වෙනවා ඒවා වැඩ කරන්නේ නැතුව යනවා. අනිත් කාරණාව තමයි customer ලග එක යතුරක් තියෙනවා එයාට තව යතුරක් ඕන කියල ඒ අවස්ථාවේදී පුලුවන් තව අලුත් key එකක් අරගෙන ඒක program කරල දෙන්න.

      තවත් කාරණාවක් තමයි අපි මෙහෙම හිතමුකෝ customer ලග වැඩ කරන කී දෙකක් තියෙනවා එකක් අස්තාන ගත වෙනවා ( නැති වෙනවා හෝ කව්රුන් හරි හොරකන් කරනවා ) ඒ අවස්තාවේදි ඒක ටිකක් බයානකයි ඔයාගේ වැඩ කරන කී එකක් පිටස්තර පුද්ගයෙක් ලග තියෙන එක. අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාට පුලුවන් නැති උන කී එක වාහනයෙන් අයින් කරන්න ඒ කියන්නේ දැනට තමා ලග තියෙන කී එක බාවිතා කරල diagnosis scanner / programmer මගින් නැති උන කී එක වාහයත් එක්ක තියෙන සම්බන්දය අයින් කරන්න එතකොට ඒ නැති උන කී එක ආයෙත් ඒ වාහනේට වැඩ කරන්නේ නෑ.

      හැබැයි සමහර වාහන නිෂ්පාදකයෝ security code එකක් දාලා තියෙනවා. එතකොට key එකක් program කරනකොට ඒ code එක ගන්න පුලුවන් බලයලත් නියෝජිතවරයාට පමණයි. (මේක ඉතාම සරල කෙටි පැහැදිලි කිරීමක් පමණයි )

      ගොඩක්ම අය අහනවා කොහොමද මෙච්චර security තියෙන වාහන හොරකම් කරන්නේ එතකොට
      නමුත් අපි දන්නවා Diagnosis Tools / Software නිෂ්පාදනය කරන තවත් සමාගම් ඕන තරම් තියෙනවා එතකොට එයාලත් key program Tools / Software develop කරල වෙළඳ පොලට නිකුත් කරනවා. අන්න ඒ වගේ tool එකක් ගත්තහම දැනීමක් තියෙන පුද්ගලයෙකුට පුලුවන් ඉතින් aluth කී එකක් program කරල වාහනය හොරකම් කරන් යන්න. අනික් කාරනාව තමයි දැන් tools / software හදන compnay තියෙන තරගකාරී බව නිසා සියළුම functions add කරනවා එයාලගේ tools වලට. අද කාලේ ඔය කියන Toyota Axio එක පොඩි වෙලාවකින් පුලුවන් obd2 හරහා ( diagnosis port ) අලුති කී එකක් program කරල අරන් යන්න ඒ නැතත් තව තියෙනවා emergency start mode programmer කියල ඒ programmer එකක් වාහනේට connect කරල start කරල drive කරන්යන්නත් පුලුවන්. හැබයි ඒවා මම දන්න තරමින් ලංකාවේ නෑ ගොඩක් ගනන් ඒවා.

      එතකෝට මේ programmer ඕන කෙනෙකුට ගන්න පුලුවන්ද
      මේ programmer tools software ගන්න පුලුවන් හැබයි එහෙම ගත්තා කියලම මේක කරන්නත් බෑ. ඒකට දැනුමක් තියෙන්නත් ඕන. අනික තමයි ඒ දවස්වල 2015 වගේ කාලේදි මම ලංකාවේ හිටපු කාලේ මේ වගේ සමහර tools ගන්න මම පිටරටවල් වල company එක්ක කතා කරාම එයාලා කිව්වේ " අපිට පෙන්පන් කිව්වා උඹේ government එකෙන් උඹට දීපු Locksmith license එක කියල. ඒ කාලේ ( 2015) ඒ මම ගන්න හදපු tool එක 6000$.
      ලංකාවේ key program කාටහරි පුලුවන් key programmer එකක් ගෙනල්ල බෝඩ් එකක් ගහල කී program කියල පටන් ගන්න හැබයි පිටරටවල් වල එහෙම බෑ. ඒකට ගන්න ඕන license එකක් එලාලට තමයි කියන්නේ Licensed Locksmith කියල. ඒකට වෙනම කරන්න causes තියෙනවා. ඇත්තටම මමත් key programing subject එක කරේ 2013 විතර ඉඳල. ඉතින් සරල පැහැදිලි කිරීමක් විතරයි කරේ කාටත් තේරෙන විදිහට. ඕවා කරන්නේ ඔහොම නෙමෙයි program කරන විදිහ ඔයිට වඩා වෙනස් කරල කවුරුත් ටිපර් වෙන්න එපා මේක සරල පැහැදිලි කිරිමක් විතරයි 🙂🙂 අජිත් කී program ගැන විස්තරාත්මක ලෙස පෝස්ට් එකක් හරි කමෙන්ට්ස් හරි දාල මේ ගැන විස්තරාත්මක ලෙස පැහැදිලිව ලියන්න ගොඩක් දෙනෙකුට වැදගත් වේවි.

      Delete
    4. Keyless theft (otherwise known as relay theft) is relatively simple; all it requires is two small boxes of electronics, which thieves can use to open your car in as little as 60 seconds. Crooks will typically work in pairs to commit relay theft, with one holding a relay amplifier, and the other a relay transmitter.

      Delete
    5. https://www.carwow.co.uk/blog/keyless-car-theft-prevention#gref

      Delete
    6. අජිත් ඔය උඩ ඇනෝ අහල තියෙන ප්‍රශ්නයට නෙවෙයිනේ උත්තර දීල තියෙන්නේ, ඔය ඔයා කියන්නේ හොරුළඟ තියෙන වෙන පොඩි ගැජට් එකක් ගැන, ඒක ඉස්සර ආපු පරණ වාහන වල යතුරු අරින්න පුළුවන් එකක් හොරු හදාගත්ත, දැන් කාලේ ඒවා වැඩක් නෑනේ නමුත් අර ඇනෝ කියල තියෙන්නේ කෙලින්ම යතුරු ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මිල අධික ඇඩ්වාන්ස් ටූල් එකක් ගැන ඔයාට ඒක තේරිලා නෑ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් හරියට කියවල බලන්න ඕන නේද? ඔබේ යතුරු සේරම කැන්සල් කරලා වෙන අලුත්ම බ්ලෑන්ක් කී එකකට වෙනමම ප්‍රෝග්‍රෑම් කරලා වාහනේ ලේසියෙන්ම අරගෙන යන එකක් ගැන. අර වගේ පොඩි ටූල් හදිසියකට දොර විවෘත කර ගන්න විතරයිනේ නේද?

      මටත් ඔයවගේ වෙන ප්‍රශ්නයක් තියෙනවා අහන්න ඔයා න්‍යෂ්ටික තාක්ෂණය ගැන විදුලි බලාගාර ගැන විශේෂ දැනුමක් තියෙන කෙනෙක් නිසා විද්‍යුත් චුම්බක තරංග වල පාරිසරික බලපෑම ගැන ඔබගෙන් පැහැදිලි කර ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා, දැනට ලෝකයේ දුරකථන ග්‍රහකයන් සංඛ්‍යාව වැඩිවීම සහ භාවිතවන දුරකථන තාක්ෂණයෙන් ඉහළ තත්ත්වයට පත්වීම නිසා ඒවාට අදාළ විද්‍යුත් චුම්බක තරංග ප්‍රබල තාවයන් වැඩි වෙන්න ඕනේ. ෆයිව් ජී සික්ස් ජී නව තාක්ෂණය එක්ක ඒ වගේම වැඩි ග්‍රහකයන් පිරිසක් ඇති වන විට ඒවාට සේවා සැපයීම සඳහා වැඩි දුරකථන කුළුණු සංඛ්‍යාවක් ස්ථාපිත කරන්න වෙනවා.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විද්‍යුත් චුම්බක විකිරණය (Electromagnetic Radiation/EMR) වැඩි වෙනවා.

      එමගින් මම දන්න විදියට දැනට සොයාගෙන ඇති පක්ෂීන්ට කෙරෙන ප්‍රබලතම බලපෑම වන්නේ එම විද්‍යුත් චුම්බක තරංග විකිරණ නිසා කුරුලු කූඩු වල ඇති බිත්තරවල ජීවි භාවය ඉවත් වීමයි.ඒ සමග කුරුලු ප්‍රජාවේ ගහනය ක්‍රමයෙන් අඩු වී යනවා.මේ ගැන ඉන්දියාව ස්පාඤ්ඤය බෙල්ජියම වගේ රටවල් විද්‍යාත්මක පරීක්ෂණ කරලා තහවුරු කරලා තියෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

      තවත් කරුණක් තමයි ඊට අමතරව වවුලන් වැනි අති ධ්වනි තරංග පරාවර්තනය සන්නිවේදනය කරන ඇතැම් ජීවින්ටද මෙම තරංග ප්‍රබලතාවයෙන් ගමන් කිරීමට ගැටළු මතු වී තිබෙන බව තවත් මතයක් තිබෙනවා. මේ ගැන යුරෝපීය රටවල කර ඇති පර්යේෂණ ගැන විස්තර දැන ගන්න ඕන.

      එසේම මී මැසි ගහණයටත් මේ මගින් බලපෑම් ඇති වන බවට නව මත තිබෙනවා. මේ ගැන පර්යේෂණ වල ප්‍රතිඵල ගැන විස්තර අපට කියන්න පුළුවන්ද අජිත්?

      ඒ වගේම මේව ගැන පර්යේෂණ පත්‍ර වලට ලින්ක් ලබා දෙන්න.

      Delete
    7. ඇනෝ , මම හිතන්නේ ඔයාම කියන එක හොඳයි. මම වැඩිය ඒ පැත්තෙන් කියවල නැහැ

      Delete
  22. අජිත් ඔබතුමා ශුද්ධ වූ කන්‍යා මරිය තුමියගේ නමින් දිව්රා තිබෙනු දුටුවා කමෙන්ට් එකක, නමුත් මම ඇත්තටම දිව්රා පවසන්නේ ජේසු සමිඳුන්ගේ අත්තම්මා හෙවත් දේව මෑණියන්ගේ මාතා වූ ශා. ආනාතුමිය කිතුනු ජනතාව අතර බෙහෙවින් ප‍්‍රචලිත සන්තානම් මෑණියන් පල්ලා ජේසුගේ ශ්‍රි රුධිරයේ බලයෙන් උණ ප්‍රතිශ්‍යා රෝගියකු වු මා සුවය ලැබුවා...... උණ ප්‍රතිශ්‍යා වෛරස් රෝගය නිසා හුස්ම ගැනීම පවා අපහසු වූ මොහොතක උන්වහන්සේගේ ආදරය මා ශක්තිමත් කලා... මගේ ව්ශ්වාසය මා සුවපත් කලා ... දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් හැම දෙයක්ම තීරණය වෙන්නේ දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ දෙව් පුත් යේසුස් වහන්සේටත් ප්‍ර්‍ශන්සා වේවා 🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. සන්තානම් මෑණියන් නමට කැප කළ දෙව්මැඳුරු රාශියක් ලංකාවේ තිබුණත් ලංකාවේ ප්‍රධානතම සන්තානම් පල්ලිය නමින් ප‍්‍රකටව ඇත්තේ අප පුත්තලම දිස්ත‍්‍රික්කයේ කල්පිටියේ පිහිටි තලවීල ශුද්ධ වූ ශාන්ත ආනා සිද්ධස්ථානයයි. එහි වාර්ෂික මංගල උළෙල මේ වසරේ අගෝස්තු දෙවැනිදාට මෙවර යෙදී ඇති බැවින් ඔබත් පැමිණ සන්තානම් මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. අපේ ගෙදර තියෙන්නේ කුඩාවැව එහෙත් ඇවිත් යන්න එන්න පුළුවන් නම් හොඳයි ඔයාටත්. ජේසු පිහිටයි 🙏🙏🙏

      Delete
    2. ඇනෝ ඔබේ විශ්වාසය ඔබ තබා ගන්න. එයින් ඔබට පිහිටක් වේ යයි සිතනවා නම් ඒ අදහසේ .රැඳී සිටින්න. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. තරුරසි එක්ක ඒ පැත්තේ පල්ලියකට ගියා. නම මතක නැහැ

      Delete
  23. අජිත් ධර්ම ලංකාවේ මාධ්‍ය ආගම් අපහාස අල්ලගෙන ජනමනස අවුල් කරන අතරතුර ලංකා රුපියල අධිප්‍රමාණ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි විදේශ ආයෝජකයො රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම, වෙනත් විදිහකින් කියනවා නම් ආණ්ඩුව 25% විතර පොළියට විදේශ ආයෝජකයන්ගෙන් කෙටි කාලීන ණය ගැණීම. 2016-2019 අතර කාලෙදි රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා ඇතුළු යහපාලන ආණ්ඩුව ඩොලර් බිලියන 12 කට වඩා ණය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලින් 6%-7% පොළියට ණය අරන්, රටේ ණය අස්ථාවර කරපු හැටි හැමෝම දන්නවානෙ.

    දැන් හිතලා බලන්න 20%-25% පොළියට ණය ගත්තහම අනාගතයේදී රටට අත්වන ඉරණම. වාර්ෂික උද්දමන අනුපාතය අඩුවෙනකන් ඉන්නෙ නැතුව මාසික උද්දමන අනුපාත සලකලා මහ බැංකුව වහාම භාණ්ඩාගාර බැඳුම්කර / බිල්පත් අනුපාත පහළ දැමිය යුතුයි.

    ReplyDelete
  24. @ Ajith Darma

    මේ කෙටි වීඩියෝව නරඹන්න මේකේ රුසියා උක්රයීන් යුද්ධය සහ යුරෝපීය ජනමතය ගැන ආචාර්ය සරත් අමුණුගම කියන කතාව ඇත්තද?

    https://www.facebook.com/sinhala.adaderana.lk/videos/769639561288135/?app=fbl

    මේක බලල මේ ගැන විග්‍රහයක් කරන්න පුළුවන්ද ඔබේ සෝවියට් සහ යුරෝපීය අත්දැකීම් අනුව? මේක ඇත්ත වගේ මටනම් හිතෙනවා 🤔

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොගයේ පිළිතුරක් දුන්න. සෑහෙන්න හරි. මටනම් ඕනේ මේ යුද්ධේ නවත්වා ගන්න. ලෝක යුද්ධයකට හුඟක් ලඟින් අපි ඉන්නේ

      Delete
  25. ඉයන්,

    මේ ඔක්කොම නාට්‍යවල අධ්‍යක්ෂණය හා මෙහෙයවීම එකම තැනකින්💯. නළු නිළියො විතරක් වෙනස් ✅.

    අරගලයේ ඉහළ පෙළ ක්‍රියාකාරීන්💰
    ජනතා විමුක්ති පෙරමුණේ ඉහළම නායකයින් කිහිපදෙනා💰
    බ්‍රදර් චාල්ස්💰
    Prophet ජෙරම්💰
    උපුල් ශාන්ත සන්නස්ගල💰
    මංජු නිශ්ශංක💰
    හසලක තුෂාර💰
    සේපාල අමරසිංහ💰
    සුදත්ත💰
    කාබනික පොහොර වලට විරුද්ධව සමාජ මාධ්‍ය වල ලියන අය💰
    ඖෂධ මාෆියාවට තිත තැබීමට විරුද්ධ අය💰

    මේ ඔක්කොම නළු නිලියෝ විතරයි. මේ සියලු දෙනාගෙම මහා පොදු ලක්ෂණය රැකියාවක් නොකළද ඉතා හොඳ ජීවන තත්වයක් ඇතිව ජීවත්වීම💰💰💰 හා විවිධ event සංවිධානය කරමින් හාම්පුතාට අවශ්‍ය දේ ජනගත කරමින් නොමේරූ ජන සමාජය නොමග යැවීම😡.

    මෙයාලගේ Employer නැත්නම් ක්ලයන්ට් කවුද?

    කොටින්ම කිව්වොත් usaid ඇතුළු විවිධ Ngo payrall වල ඉන්න අය✅.

    පහුගිය 2022 ඇමරිකානු ආරක්ෂක බජට් එක විතරක් ඩොලර් බිලියන 715 ක්💰💰💰. ඉතින් හිතලා බලන්න කොච්චර විශාල මුදලක්ද කියලා.

    මේකෙන් බුද්ධි අංශවල කටයුතු වලට බිලියන සීයක් විතර වියදම් කරන බව පැවසෙනවා, එයින් සෑහෙන කොටසක් ලෝක දේශපාලනය වෙනුවෙන් වැයවන නිසාම සැලකියයුතු කොටසක් හැම රටකම ඉන්න ඒජන්තවරුන්ට යනවා 💰💰💯. ආරක්ෂක බජට් එකේ සමහර වියදම් විගනණය අනවශ්‍යයි❌.

    ලංකාවේ 75 වසරක ශාපය කිය කිය කෑගහන ජවිpay තමයි ලංකාවේ විනාශය (වැඩ වර්ජන කැරලි, අරගල, රසායනික පොහොර ප්‍රවර්ධනය etc..) පිටුපස ඉන්න ප්‍රධාන ඉත්තා. ඇමරිකා එක්සත් ජනපදය තම ගෝලීය දේශපාලනික අවශ්‍යාත්‍රාව මත එක එක කලාප වලට විශේෂ නියෝජිතයන්ට පත් කර තිබෙන අතර එම නියෝජිතයන් එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රයට අනුව රටක් අස්ථාවර කිරීමට/කොල්ලකෑමට/ විනාශකිරීමට යොදාගන්නේ එරටෙහි ප්‍රධානතම සමාජවාදී පක්ෂය😡🔥 හෝ අන්තවාදීම ආගමික (බොහෝ දුරට ඉස්ලා මිය ආගමික සංවිධාන කණ්ඩායමයි👽💣. ලංකාවෙත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට එබඳුම ආගමික අන්තවාදය යොදාගෙන තිබෙන බව දකින්නට ලැබෙන අතර මෙය තේරුම් ගත් දාට ලංකාව පමණක් නොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින සෝ කෝල්ඩ් තුන්වැනි ලෝකයේ රටවල් ද දුප්පත්කමින් මිදෙනු ඇත 💰💰💰💰✅💯.

    මේකට සම්බන්ධ සියලු කාරණා සියලු සාධක සහිතව හිටපු ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික චාමර පෙරේරා සහෝදරයා විසින්ම විස්තරාත්මක ලෙස හෙළිදරව් කර තිබෙනවා.

    පොදුවේ මේ අය මැදමුලන විරෝධී දේශපාලනයක නිරත වුවත් ඇතැම්විට සුවිශේෂ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ අයම ලංකාවේ එක්සත් ජනපද නේටෝ හවුලේ නිත්‍ය නිල නියෝජිත ජනාධිපති රනිල් වික්‍රජසිංහයන්ගේද අනුදැනුම හා අවශ්‍යතාව මත මැදමුලන රාජපක්ෂ පවූලේ අවශ්‍ය පරිදි යොදා ගැනීම දකින්නට පුලුවන්.

    මීට අමතරව ලංකාවේ චීන රුසියානු හවුලේ නිල නියෝජිත රාජපක්ෂ පවුල් ගසත්, ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය සහ වීරවංශ ගම්මන්පිල වාසූ ආදී කණ්ඩායම චීන රුසියානු දේශපාලනික බල කඳවුරේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන බවද දැකගන්නට පුළුවන් ලංකාවේ දේශපාලනය දෙස බලද්දී ලෙහෙසියෙන්ම මේ පාර්ශ්ව වල ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලිව පෙනෙන්නට ඇත.

    මේකේ,තියෙනව නිල වශයෙන්ම පිළිගත්ත රෙජීම මාරු කීපයක් ගැන කෙටි විස්තර;

    https://www.history.com/news/us-overthrow-foreign-governments

    මේව කියනකොට මේ රාජ්‍ය නොවන සංවිධාන වල වැඩ කරන උන් රෙදි කරේතියාගෙන එන්නේ උන්ගේ බඩරස්සාවට අනතුරක් කියලා බයවෙලා නමුත් එහෙම බය වෙන්න දෙයක් නෑ මේවා එහෙම එළිවෙන ගමන්ම ලේසියෙන් ඉවර වෙන දේවල් නෙමෙයිනේ, කරන වැඩපිළිවෙළ වඩා රහසිගතව ක්‍රියාත්මක කරන්න වෙනවා එච්චරයි.

    ReplyDelete
  26. @Ian ලංකාවෙ යමක් කමක් තියෙනව නම් වෙන රටකට යද්දි දෙපාරක් හිතන්න ඕන, මොකද ලංකාවේ සුපිරි ජොබ් කරපු අය රටවල්වල පිඟන් හෝදන ජොබ් කරනවා කියලා මේ දවස්වල සමාජ ජාල වල සමහරක් ළංමැඩියෝ හිනා වෙන නිසා, ඔය වගේ කතා නිතර ඇස ගැටෙනවා ඇතිනෙ.

    අවාසනාවකට සමහරු මේව දැකල බය වෙනවා. සමහරු ධෛර්යය ගන්නවා. සමහරු බනිනවා. සමහර අය කතා කරල අහනවා රටකට එන්න හදාගන්න ඕන දේවල් මොනවද කියල. ඔබටත් මේ ගැටලුව ඇති. සල්ලි ද? සහතික ද? එක්ස්පීරියන්ස් ද?

    මගේ නම් අදහස ඒ ඔක්කොටම කලින් වෙන දෙයක් හදාගන්නම වෙනවා. ඒ තමයි මයින්ඩ් සෙටප් එක. ඒ කියන්නෙ ඔලුව.

    සල්ලියි, සහතිකයි, එක්ස්පීරියන්ස් ඔක්කොටම වඩා වටින්නේ මේක.

    ලංකාවේ ඉද්දි අපි බහුතරයක් පදින වාහනයෙන්, අඳින ඇඳුමෙන්, කරන රස්සාවෙන් මිනිස්සුන්ව මනිනවා. අයිතිවාසිකම්, ආචාරශීලීබව, සමානාත්මතාව, ඉවසීම වගේ දේවල්වලට සමාජීය වටිනාකම් නැති තරම්. අන්න ඒක හලාගෙන ගුවන් ගත වෙන්න.

    ඇත්තටම ලංකාවේදී අහිමි වුණු උසස්ම ජීවන විලාසිතා (Advance Life style එක) ලබාගන්න හිතාගෙන එනවා නම්, ඇවිත් කරන රස්සාව ගැන දුක් වෙන්න වෙන්නෙ නෑ.

    විශේෂයෙන්ම ඔබ එන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්ත, ඇමරිකාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඉතාලිය වගේ රටකට නම් ඔබට අලුත් ජීවන විලාසිතාවක් ලැබෙනවාමයි.

    මේ රටවල පොලිටිකලි කරෙක්ට් සමාජය තුල බුද්ධාගම බෞද්ධ සංස්කෘතිය වගේම සාම්ප්‍රදායික කතොලික ආගම් සංස්කෘතික අංග වගේ විගඩම් විවේචනය කරන්න අවශ්‍ය වන උපරිම නිදහස, පහළ මට්ටමක කම්කරු සහ සාමාන්‍ය රැකියා සඳහා වූ සමානාත්මතාවය, (ඇතැම්විට ඉහළ තනතුරුවලට පවා පත්වීමට ඉඩ විවර විය හැකියි කාලයක් යනකොට මේ රටේ ජනතාව අතර ජනප්‍රිය හොඳම සබඳතා වර්ධනය කර ගැනීමට පුළුවන් වුණොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව), තව ලංකාව වගේ දාන මලගෙවල් මගුල් වගේ විගඩම් අවුරුද්දට නෑගම් වගේ අනවශ්‍ය වැඩ නැති නිසා ඇතිවන ඇතිතරම් විවේකය, පාක් වලට යන්න සංගීතය රසවිඳින්න මත්පැන් වගේ හැමදෙයක්ම සමග විනෝදය, නිතරම නයිට ක්ලබ් යාමෙන් ලැබෙන සතුට, ලංකාවට ආවම බටහිර රටක සිට එන කෙනෙකුට ලැබෙන ගෞරවය, මිල ඉතාම අධික වුවත් ඒ රටවල ඇති භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය ආදී හැමදේම අඩු වැඩි විදියට ලැබෙනවා.

    ඉතිං ලංකාවේ ධනවත් යමක් කමක් තිබුණත් ලබන්න බැරි ඒ අගයන් ඔබට ලැබෙනවා නම්, පාරම්පරික ඉඩම් ගෙවල් දොරවල් යාන වාහන සහ සියලුම දේපල අඩුමිලකට විකුණල දාල හරි දරු මල්ලොත් අරගෙන මේ වගේ හොඳ සංස්කෘතියක් ඇති බටහිර දියුණු සංවර්ධිත රටකට සංක්‍රමණය වෙන්න. මේ රටවල් වේටර් වගේ ලංකවේ වැඩි තැනක් නැති රැකියාවක් වුණත් බෝහෝම ගෞරවනීය එකක්, මේ සංස්කෘතිය තුල ලංකාවේ හෝටල් හිමිකරුවෙක් වඩා ඒක ශ්‍රේෂ්ඨ තනතුරක්...

    හැබැයි ඔයාට තියෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න වගේ පටු ඉලක්කයක් නම්, ඔයාගේ තීරණය වැරදියි, එහෙම වුණාම ඔයාට ගැළපෙන වෙන රටක් හොයාගන්නම වෙනවා. සල්ලි හොයන එකම ඔලුවෙ තියාගෙන වැරදි රටක් තෝරගත්තොත් දුක් අඳෝනා දිදී පසුතැවී ඉන්න වෙනවා.

    ඔය දකුණු කොරියාව, මැලේසියාව, ඩුබායි, සෞදි අරාබිය සහ ජපානය වගේ රටවල් හොඳයි කියලයි සමහරක් හිතාගෙන ඉන්නේ, එහෙම රටක හම්බ කරලා ලංකාවට ගිහිල්ල පස්සේ සැපට ඉන්න ඕන කියලා. ඒ රටවලත් අර කියපු අගයන් යන්තමට ලංකාව වගේ ෆේල් රටකට වඩා සෑහෙන්න දුරට තියෙනවා. හැබැයි තනියම ඇවිත් සල්ලි ටිකක් හොයාගෙන නැවත ලංකාවට යන්න තියෙන රටවල් මිසක දිගටම ඉන්න නම් කිසිසේත්ම හොඳ ඔප්ෂන් එකක් නෙවෙයි.

    ඒ වගේ අදහස් තියෙන අය දියුණුම සංවර්ධිත බටහිර රටකට ආවාම "අයියෝ එපා වෙනවා. ලංකාවේ වගේ සැප නෑ. පිටරට ජීවිතේ හොඳයි හිතුවට එපා වෙනවා" වගේ පටු සිතුවිලි හිතෙන අය ජීවන විලාසිතාවක් ඕන නිසා විදේශයකට ආපු අය නෙමෙයි. ලංකාව අවුල් වෙද්දි කොහේ හරි පැනගන්න ඕන කියල හිතපු අය. ඉතිං එහෙම අයට මෙහේ හෙන ප්‍රශ්නලු. සමාජ ජාල වල දාගෙන මේ දවස්වල අඬනවා ඩොලරය ඉහල කාලේ කෝටි ගණනක මුදලක් දීලා ඩොලර් පවුම් අරගෙන දියුණු බටහිර රටකට ආවට දැන් ඒකෙන් තිබුණාටත් වඩා කබලෙන් ලිපට වැටිලා කියලා මැරෙන්න හදනවා ගොඩක්ම තරුණ තරුණියන්, හරියට ජීවිතේ ගැන නිවැරදිව අත්දැකීම් නැති නිසා කියන කතා ගොඩයි...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කරුණ නිසාම පිටරට එන්න කලින් ඔබ ඔබෙන්ම ප්‍රශ්න දෙකක් අහන්න. එක මං යන්නේ උසස්ම ජීවන විලාසිතාවක් ( Advanced Life Style) වෙනුවෙන්ද? නැත්නම් සල්ලි හොයාගෙන ආයෙ එන්නද? ඔබේ හදවත කියන දේ අනුව නොව මොළයෙන් තීරණය ගන්න. ඔය දෙක පටලගත්ත අයගෙන් උපදෙස් ගන්නම එපා. ඔයාගෙ ජීවිතය ඔයා තීරණය කරන්න.

      කොයි අතින් බැලුවත් ලංකාවේ හැම පවුලකින් ම එක් අයෙක්වත් විදේශගත වෙන්න ඕන කියන මතයේ මම දැඩිව ඉන්නවා.

      ඒ ආර්ථික අතිනුත් දේශපාලන අතිනුත් ඒක ලංකාවට වාසි නිසයි. ඔය යන හැමෝම ලංකාවෙන් ඩොලර්, පවුම්, යෙන් මෙහෙට ගේනවා. ඒක මේ රටවලට හොඳයි, ඒ වගේම ලංකාවේ තියන පෞද්ගලික ණය ටික ගෙවන්න වගේ දේවලට ඩොලර් ටිකක් මෙහෙනුත් යවන්න වෙනවා. ඉතිං විදේශ විනිමය ලැබෙන එක ලංකාවේ ආර්ථිකයටත් කොහොමත් හොඳයි.

      අනිත් පැත්තට දේශපාලන වාසියකුත් තියෙනවා. රටින් එලියට එන මිනිස්සු මේ වගේ දියුණු සංවර්ධිත රටවල සිස්ටම් දකිනවා. අත්විඳිනවා. සහ යමක් ඉගෙන ගන්නවා. ඉතිං ඒ දැනුම පවුල සමඟ බෙදාගන්නවා. ලංකාවේ හැම පවුලකින්ම කෙනෙක් විදේශයක හිටියොත් දේශපාලන සවිඥානිකත්වය ඉබේම වර්ධනය වෙනවා. විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට විරුද්ධව මතයක් ගොඩ නැගීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව මගේ අදහසයි.

      මම යෝජනා කරන්නේ රටින් එලියට යන්න. ලෝකෙට විවෘත වෙන්න. ඉගෙන ගන්න. අද්දැකීම් ලබන්න. උපන් රටේම මැරෙන එක දේශහිතෛශීභාවය යැයි සිතන මුළාවෙන් මිදෙන්න. හැමෝම තම යහපත වෙනුවෙන් විදේශයකට යන්න. විශේෂයෙන්ම සංවර්ධිත බටහිර රටකට ගිහින් පවුලත් සමග සෙට්ල් වෙලා ඊළඟ පරපුර ඒ රටේ සංස්කෘතිය අනුව හැඩගැස්වීම අත්‍යවශ්‍ය බව අවබෝධ කරගෙන වැඩ කරන්න, එසේ කරන ඔබ සැමටම ජයම වේවා.! ඒක කරන්න හදන හැමෝගෙම උත්ත්සාහය සාර්ථක වේවා!

      Delete