Saturday, October 28, 2023

ශනිදා දහයට මමත් ලියන හේතුව

කස්ත්‍රෝ දියුණු කල කියුබාව


මීට කලින් ලියපු පෝස්ට් එකේ කමියා ආයිමත් ලියනවට ස්තූති කරල තිබ්බා. මම ඒකෙදි කිව්ව සෙනසුරාදා පෝස්ට් දාන එකට මමත් සම්බන්ධ වෙච්ච හේතුව.නොදැක්ක අයට දැනගන්නත් එක්ක ඒක කියන්න හිතුව. 

ඇයි ඉතින් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැනෙ.

මීට කලින් කීප දෙනෙක්ම ආයිමත් බ්ලොග් ලියන්න පටන් ගන්න උනන්දු කරන්න ඉදිරිපත් වුනා. ඒ මොකා කිව්වත් මම නම් ලියන්න ආවේ නැහැ. තට්ට මහත්තය කිව්වම ලියන්න පටන් ගත්තේ එයාව හොඳින් තියා ගන්න එක ශරීර සෞඛ්‍යට හොඳ නිසා. නෑ එය දොස්තර කෙනෙක් නෙවෙයි.ඒ වුනාට හොඳින් තියාගත්තොත් අනාගතයට හොඳ නිසා.

අර කියුබාවේ විප්ලවේ වෙලාවෙ වෙච්ච දේවල් දන්න නිසා තමයි එහෙම කිව්වේ. 1953 දි පටන්ගත්ත විප්ලවය ඉවරවුනේ 1959 ජනවාරි 1. ෆිඩෙල් කස්ත්‍රෝට බලය ගන්න හැකියාව ලැබුණ එක විශේශ හේතුවක් තමයි බැටිස්ටා පාලනයේ තිබ්බ ගසා කෑම්. අද රටේ තියෙන විදේශ විනිමය ප්‍රශ්ණෙට, තාක්ෂනික උගතුන් අඩු නිසා තාක්ෂණික අයෝජන නොඑන එකට 1979 ඉඳන් ජවිපෙ ගෙනගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න නොදීම බලපෑවට ඒව හංගගෙන රැස්වීම් 25,000 ක විතර කථා කරන්න සෑහෙන හොරකම් සහ නාස්ති රාජපක්ෂල කරල තියෙනවනෙ. ඉතින් ඕව කිය කිය ඉන්නව ඇර ජවිපෙ බලය අරගෙන රැකියා ඇති කරන විදිහ වත් විදේශ විනිමය හොයන විදිහ වත් ගැන කට හොල්ලන්නෙ නැහැනෙ. 

කස්ත්‍රෝත් කලේ ඔහොමම තමයි.  එතකොට තිබ්බ ධනවාදී ආර්ථිකය  හොරකම් නැතුව දියුණු කරනව වෙනුවට බලයට ආවට පස්සේ නගර වල හිටපු මිනිස්සුන ගම දැක්කුවා උක් වවන්න. කස්ත්‍රෝ හිතුවෙ ඔක්කොම මිනිස්සු දාල උක් වවල සීනි පිටරට ඇරියම ඔක්කොම හරි කියල. ඔන්න ඕකයි එයාගෙ නිෂ්පාදන ආර්ථිකය.  අවුරුදු 73 කට පස්සෙත් රට එතනමයි එහෙ තාම පාවිච්චි කරන්නෙත් 1959 ඉස්සෙල්ල ගෙන්නපු වාහන. ඒ ගොල්ලන්ගෙන් කවුරුහරි ඇහුවොත් ඇයි කස්ත්‍රෝට රට දියුණු කරන්න බැරි වුනේ කියල ඒකට කියන උත්තරය ඇමෙරිකාවෙ සම්බාධක කියලයි. කියුබාවට විරුද්ධ සම්බාධක බලපාන්නේ ඇමෙරිකානු සමාගම් වලට විතරයි. ඒ අයට ඕනනම් ජවිපෙ කියන නිෂ්පාදන ආර්ථිකය වගේ කල සීනි හරි වෙන දෙයක් හදල වෙන ඕනම රටකට අරින්න පුලුවන්. කොහොම හරි කස්තෝගෙ නිෂ්පාදන ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු නම් පෝලිමක ගිහිල්ල දෙන දෙයක් කාල ඉන්නව.

ඒ වගේ කස්ත්‍රෝ ආපු ගමන් කරපු එක දෙයක් තමයි ඇමෙරිකානු ආයෝජන ඔක්කොම ජනසතු කරපු එක. එහෙම කරල කියනව ඇමෙරිකානු සමාගම් වලට කියුබාව එක්ක ගනු දෙනු කරන්න බැරිවෙන්න සම්බාධක දාපු එක නිසාලු ඒගොල්ලො එක තැන.

 ජවිපෙ ඇවිල්ලත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩම් වල වවන්න කොලඹ ඉන්න විප්ලවේට විරුද්ධ අය තමයි යවනව කියන්නෙ. ජවිපෙ බලයට ආවම ඒ ගොල්ලන්ගෙ බොරු ගැනම පෝස්ට් ලියන එකෙක් විදිහට මාවත් ගාල් කඳවුරකට Concentration camp) අරිනවම තමයි.

ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි මට තට්ට මහත්තයාගේ සපෝට් එකක් ඕන වෙන්නේ. යාළු කමට ගාල් කඳවුරෙන් පැනගන්න උදව්වක් නොකර ඉන්න එක නැහැ. 

ඒ නිසා හැම සෙනසුරාදම පෝස්ට් එකක් දානව. 






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

57 comments:

  1. කොහොම වුනත් හැඩ වැඩ දී දහයට ශනිදා
    රසම තමයි සිහිවෙනවා ලියුහැටි පෙරදා
    මෙහෙම ගිහින් හැම හිතකම ගැටලුත් පරදා
    ලගම දිනක හමුවක් ඇති වේවිද කවදා .....

    නෙලුම් යාය උලෙලකදි හමුවුනා වගේ අපේ පිරිස ?

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බජට් ඇනෝලට බජට් දෙන්න බැරි නිසා අජිත් ඒක අතෑරලා. නෙළුම් නැතිව 'කෙහෙල් යායක්' දාගෙන හරි හම්බුවෙමු. තට්ට මහත්තයා ඕගනයිස් කලා මරු එකක්. දුමී ගෙ නොම්මරේ කා ගාවද තියෙන්නේ. ඊලඟ හමුවෙන වෙලාවක කියන්න පුළුවන්.

      Delete
    2. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

      ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

      මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

      ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

      මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

      ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

      ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

      මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

      අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

      ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

      ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

      දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

      ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

      ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

      වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

      ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

      Delete
  2. ඉයන් නොදන්නවාට, රැකියා ඇති කරන විදියත් විදේශ විනිමය හොයන විදියත් කියලානේද තියෙන්නේ.
    හඳුන්නෙත්ති සහෝදරයාගේ කොරියන් සහෝදරයෝ දෙන්න ගෙනෙනවා ශ්‍රී ලංකාවට. ඔවුන් ඇක්සල් හදන තාක්ෂනය උගන්වලා ග්‍රාම සේවක වසමට 12 ගන්නේ ඇක්සල් කර්මාන්තශාලා දානවා. කොරියන් කාරයට හුළං, ඇයි? තක්ශනේ දන්නා සහෝදරවරු ලංකාවේ. එවිට මුළු ලෝකයටම ඇක්සල් නිපදවන්නේ ලංකාවෙන්.ලෝකේ කොපමණ වාහන තියෙනවද, දුම්රිය, අශ්ව කරත්ත. හිතන්නකෝ එවිට ලැබෙන මුදල. අවුරුද්දකට ඩොලර් ට්‍රිලියන ගණනින්.

    තව, පිටරට ඉන්න සහෝදරවරු බඩට නොකා හරි නොවරදවා මාසෙට ඩොලර් 500 බැගින් එවනවා. තව සමහර සහෝදරවරු ඩොලර් මිලයනය, මිලියන පහ ආදී වශයෙන් එවනවා. ඒ මදිද?

    ඉයන්ලට තියෙන්නේ, හොඳ අඩියක් ගහල, නොර්වීජියන් සැමන් එක්ක හොඳ මීල් එකක් අරන් රට රටවල සංචාරය කරලා ජොලියේ ඉන්න විතරයි. සහෝදරවරු ඉතුරු ටික බලාගනිවි.

    මාරවැඩේ ඇක්සල් හදන්නේ යකඩ වලින්ලු. ඒකට මොකද කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක සුළු දෙයක්. හැම හන්දියකම පරණ යකඩ මිලදී ගන්න තැන් දාපුවම ලෝකෙට ඕන යකඩ ප්‍රමාණෙ ලංකාවෙන් හොයාගන්න පුලුවන් නේ. 2030 වගේ වෙනකොට සමහර රටවල් තෙල් වලින් දුවන වාහන තහනම් කරනවනෙ. ඉලෙක්ට්‍රික් කාර් වලට දාන්න eAxel කියල දෙයක්. ඒකට ඉලෙක්ට්‍රික් මෝටරේ, ගියර් බොක්ස් එක සහ ඉන්වටර් එක. ඒව හදන්න තමයි හඳුනෙත්ති මහත්තයා යන්නේ. කාටද ආඩම්බර.

      සිසුණය ක්‍රමයක් එක්ක පෞද්ගලික විශ්වවිද්‍යාල දාල ලෝකේ විශාල හිඟයක් තියෙන තාක්ෂණික උගතුන්, හෙදියන්, ගුවන් යානා කාර්මිකයින් පිටරට ඇරල ගෘහසේවිකාවන් අවුරුද්ද්කට ඩොලර් 1,000 ක් එවන එක වෙනුවට අවුරුද්දකට ඩොලර් 40,000 ක් විතර විදේශ විනිමය හොයනවට වඩා ඇක්සල් හදන එක රටටම ආඩම්බරයක් වෙනවා. සමහර විට ශ්‍රී ලංකා කියන නමත් ඇක්සල් ලංකා කියල වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නමින් කොම්පැනියකුත් තියෙනව. හැබැයි හැම ගමකටම මීමැසි පෙට්ටි බෙදල මී පැණි හදල රට යවන්නත් යන නිසා දෙකම දාගෙන මීපැණි ලංකා ඇක්සල් ජනපදය වෙන්නත් පුළුවන්.

      Delete
  3. සමාජවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගිය හැම තැනකම ප්‍රශ්ණ මතු වුනා. සාපේක්ෂව, යම් තරමකට සාර්ථකව පවත්වාගෙන ගිය සෝවියට් සමූහ ආණ්ඩුවේ පවා. නාමිකව සමාජවාදී ලේබලය තියාගන්න ගිය රටවල ඒකාධිපති, මර්දනකාරී ආණ්ඩු බිහි වුනා. පොතේ මොනව තිබ්බත් සමාජවාදී රාජ්‍යවලත් පන්ති දෙකක් බිහිවෙනවා. විප්ලවවදියො, කාඩර්වරු ඉන්න ( විශේෂ වරප්‍රසාද භුක්ති විඳින) පාලක පක්ෂය සහ හුදී ජනතාව. පොතේ තියන "සාධරණ සමාජවාදී යුටෝපියාවක්" , සමජවාදය අටවගත්ත කිසිම තැනකින් වාර්තා නොවෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. I wonder you are old enough to remeber 1970-77.

      1970-77 හිටපු අයට මතක ඇති ඒකාලේ තිබ්බ ජනතා කොමිටි. කාඩර් වරු තමයි ජනතා කොමිටි දිව්වෙ. හාල් සේරු දෙකට වඩා ප්‍රවාහණය කරන එක නැවැත්තුවම රට වටේ හාල් පොළු දාගෙන වාහන චෙක් කලා හාල් තියෙනවද බලන්න.

      Delete
    2. බසු ඔය කතාවනම් මගේ කියුබන් යාළුවොත් කියනවා

      Delete
    3. ඇමරිකානු සම්බාධක නොතිබුනානම් කියුබාව හුඟක් කාලෙකට ඉස්සර කොමියුනිස්ට්වාදය අත්හරින්න ඉඩ තිබුනා නේද?

      Delete
    4. ඒක තමා මමත් කියන්නේ ඉතින්.

      Delete
    5. ඒකේ අනික් පැත්තනෙ හරි. සමාජවාදය අතෑරියානම් සහ ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙන ලෙස හැසිරුණානම් සම්බාධක ඉවත් වෙනවා.

      Delete
    6. ඉයන් මම හිතන්නේ Pra අදහස් කළේ එය නෙවෙයි, කියුබාව තුල පිදෙල් කැස්ත්‍රෝ ඇතුලු පිරිස පුළුල් ජනතා සහායක් සහිතව පාලනය ගෙන ගියා, සමාජවාදී පාලනය යටතේ පැවති අතිශය නොදියුණූ ප්‍රාථමික තාක්ෂණය සහිත දුෂ්කර ජීවිත වගේම රටේ අතිශය දුබල ආර්ථිකයක් පැවතුනත් කියුබානු රජය ඒකට හේතුව විදිහට ඇමරිකානු එක්සත් ජනපද සම්බාධක වල බලපෑම බව ඉතාම සාර්ථක ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට සමත් වූ අතරම ඇමරිකා එක්සත් ජනපදය නමැති භයානක හතුරා පෙන්වා ඒක වවාගෙන කන්න සමත් වුණා, මේක ඉරාකයේත් සදාම් හුසේන් මනාව ක්‍රියාත්මක කළා නමුත් යුධමය ශක්තිය ආර්ථිකය සමගම දැඩි ලෙස දුබල වීම නිසාම ඔහු පැරදුනේ යුද්ධයෙන් විතරයි අදටත් ඔහු ඉරාකයේ වීරයෙක්, එක්සත් ජනපදය සම්බාධක නොපණවා නිදහසේ ආර්ථිකය ක්‍රියාත්මක කිරීමට ඉඩ දුන්නානම් ආණ්ඩුවේ ප්‍රචාරය පදනම් විරහිත වෙමින් සැබෑ තත්ත්වය අවබෝධ වී සමාජවාදී ආර්ථික මොඩලය ජනතා සහාය නොලැබීමෙන් එය බිඳ වැටීම මීට කලකට ඉහත දී වෙන්නට බොස්කෝ දුරට ඉඩ තිබූණා කියලයි මගේ හැඟීම.

      Delete
  4. https://www.quora.com/Why-do-communists-love-to-worship-their-Great-Leaders-like-religious-fanatics-do

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම ඇන ගෙන, දැන් කරන්නම දෙයක් නැති කමට ප්‍රජාතන්ත්‍රවාදෙට ආවට, විප්ලවවාදීන්ගෙ සහජ කැමැත්ත "තුවක්කුවෙන් බලය ඇල්ලීම". ඒහෙම කලාම තමයි, සදාකාලිකව බලයෙ ඉන්න පුළුවන් වෙන්නෙ. චන්ද නෑ, සම්මත අධිකරණ/නීති පද්ධතියක් නෑ. තියෙන්නෙ "කැංගරු කෝට්" ක්‍රමය. එක පෙළට සිටුවා වෙඩි තැබිය, ලයිට් කණුවල එල්ලීම, "ද්‍රෝහීන්" නමින් හංවඩු ගැසූ විරුද්ධවාදීන් ගේ මිනියටත් නිගරු කිරීම පොදු ලක්ෂණ.
      දේශපාලන පක්ෂයකට වඩා තියෙන්නෙ, කල්ට් එකක, අන්තගාමී ආගමික නිකායක ලක්ෂණ. නායකයො සහ මාක්ස්, දාස් කැපිටාල් දේවත්වයෙන් අදහනවා. විවේචනයට දඩුවම මරණය. මතයක් තියනවා, ඔය හරිනි වගේ මධ්‍යස්ත අයව උස්සල තියන්නෙ ජනප්‍රියත්වය රැකගන්න විතරයි කියල. විජේවීරගෙ කාලෙත් එහෙම ඉහල මධයම පන්තියෙ, කොළඹ කුරුදුවත්තෙ කීපදෙනෙක්ව ගෙනාව බව කියවෙනවා. ඒකට කියන්නෙ "තොරම්බල් කරනවා" කියලලු. බලය ගත්ත වහාම ඒ අයව, දැඩිමතධාරීන් විසින් කපලා දානවලු.

      විශේෂයෙන්ම පක්ෂය හැරගිය අයට කිසිම සමාවක්, නිදහසට කරණු කීමට අවස්ථාවක් දෙන්නෙ නෑ. ට්‍රොස්කිට අයිස් පොරෝ පාර වැදුනෙ ඇයි කියල දැන් තේරෙනව. හිටපු විප්ලවවාදියෙක් කියපු විදිහට "ලෝකෙ බේරගන්න එන සමාජවාදීන්ට නැති පලමු දේ තමයි මනුස්සකම".

      Delete
    2. බස්සා ස්තූතියි. පහුගිය පෝස්ට් එකක මට කෙනෙක් තර්ජනය කරල තිබුණ එක පෙලට තියල වෙඩි තියෙනව කියල. මට තියෙන ප්‍රශ්ණෙ ඇයි ඔය එක පෙලට තියන්නෙ කියල. පේලි කීපයක් තියල වෙඩි තියන්න කීප දෙනෙක් දැම්මම වැඩේ ඉක්මන් නේද? එහෙම නැත්නම් හිට්ලර් කරපු විදිහට කාමරේකට දාල ගෑස් දැම්මම වියදම අඩු වෙනව නේද?

      Delete
  5. මම නම් හිතන්නේ නෑ ජවිපෙ ආණ්ඩුවකට එන්න පුළුවන් තරමට චන්ද ගනීයි කියල, හේතුව 88/89 ජවිපෙ/ඒජාප බිෂනය දැකපු විඳපු මිනිස්සු තාම ගම් වල ඉන්නව. මේ වැඩ කරපු, අර ටයර් එකේ ගියා මේ ටයර් එකේ ගිය කිව්ව අය අදටත් ඉන්නවා. ජවිපෙ ආණ්ඩුවකට ආවත් මාක්ස් වාද කරන්න වෙන්නේ නෑ, IMF වාදය තමයි කරන්න වෙන්නේ.

    වෙන්න පුළුවන් හොඳම දේ තමයි පාර්ලිමේතුවේ නාකි ගාන අඩු කරලා තරුණ අය මොන පක්ෂෙන් හරි පත් කරගන්න එක.

    ඔය ජවිපෙ ගහන විදේශ විනිම කතාව අමු බොරුව, රට ගිය නූපූහුණු කම්කරුවන් තමයි ලංකාවට සල්ලි එවන්නේ, යැපෙනන්ගේ එදිනෙදා වැඩ වලට. මේ අයට කොවිඩ් කාලේ රස්සා නැති උනා, වැඩ කරන පැය ගනන් අඩු උනා, මේ නිසා සල්ලි එවන එක අඩු උනා, එවන ටිකත් උන්ඩියල් ගියා (ජවිපෙ කිව්වම ඉතාලියේ ඉන්න මාරවිල මයිකල් අම්මට කන්න බොන්න සල්ලි එවන එක නවත්වයිද? මේවා තමයි බයිලා)

    රට ගිය වුර්ත්කයන් ගැන මොන කතාද? මෙහේ ආව දොස්තරලා අම්මලා/තාත්තලා හම්බ කරපු දේපොළ විකුණලා සල්ලි ගේනවා මෙහෙ ගෙවල් ගන්න ඩිපොසිට් එකට. ලන්කවාට මොන විදේශ විනිමද?

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්මයා, කබ්‍රාල් හිටු කියල රුපියල් අච්චු ගහනකොට ඩොලර් එක 200ට හිරකරගෙන හිටිය නිසා උන්ඩියල් කාරයෝ වෙනද ගෙවන රුපියල් 2-3 වෙනුවට රුපියල් 20-30 වැඩිපුර දුන්නා. එහෙම වුනේ ඩොලර් ගෙවීම් වගේ දේවල් මහ බැංකුව නැවැත්තුවම කළුකඩ ඩොලර් වලට ඉල්ලුම ආපු නිසා. ජවිපෙත් ඩොලර් හිඟය නිසා මිනිස්සු පෙට්‍රල් සහ ගෑස් පෝලිම් වල දුක් විඳිනකොට අපි එනකන් ඩොලර් එවන්න එපා කියපු එක මහ ගොන් කථාවක්. හැබැයි 3% තිබ්බ ජවිපෙට ඉල්ලුම වැඩි වුනේ අර්බුධය නිසා. ඒ නිසා අර්බුධය දික්ගස්සන්න අටි අරමුණකුත් තියෙන්න ඇති.

      විදේශ විනිමය අර්බුධයට ජවිපෙ වගකියන්න ඕන කියන එකෙන් මම අදහස් කලේ වෙන දෙයක්. දැනට අවුරුද්දකට ඩොලර් බිලියන 2 ක් විතර පිටරට යනවා විදේශ අධ්‍යාපනයට යන අය නිසා. 1987 ඉඳන් ජවිපෙ පෞද්ගලික විශ්වවිද්‍යාල කඩා කප්පල් කලා. එහෙම දුප්පතුන්ටත් ඒවට යන්න සිසුණය ඉල්ලන්න තිබ්බා. උගතුන් වැඩි වෙලා රැකියාවන් ඇති වෙනකොට විප්ලව කරන්න බැහැ. ඒ නිසා තමයි විරුද්ධ වුනේ. ඒ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිවුනේ නැහැ. පහුගිය අවුරුදු 30 ට ඩොලර් බිලියන 60 ක් විතර රට පැටවුනේ ඒ නිසා. අනික අවුරුදු 30 - 40 පරණ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබ්බනන් අදට අවුරුද්දකට ඩොලර් බිලියනයක්වත් විදේශ සිසුන් ගෙන් හොයන්න තිබ්බා. කර්මාන්ත කරලා විදේශ විනිමය හොයන්න හැකිවෙන්න අපේ රටේ දේශීය වෙලඳපොලක් නැහැ. කර්මාන්ත විදේශ අයෝජන ගන්න තාක්ශණික උගතුන් හොඳටම මදි.

      Delete
    2. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60 ක් විතර. පෞද්ගලික විශ්ව විද්‍යාල නැතිකමින් පහුගිය අවුරුදු 40 ට රටට නැති කරගෙන තියෙන ගාන ඊට බොහෝම වැඩියි.

      Delete
    3. ඔව් ඉයන්, මේ රජයේ විශ්වවිද්‍යාල අවස්ථා මදි වීම, ජවිපෙ/ගෝමා පුද්ගලික විශ්වවිද්‍යාල වලට වල කැපීම නිසා වෙන අනිත් දෙය තමයි, ඉගෙන ගන්න යන තරුණ පරම්පරාව අපහු ලංකාවට නොපැමිණීම, අද වයස 45-50 වෙන දොස්තරලා රට යන එකට වඩා විසාල පාඩුවක් ඉගෙන ගත්/පොහොසත් තරුණ පරම්පරාවක් නැතිවීම (මේක ජවිපෙට වාසියි)

      Delete
    4. මේ පෞද්ගලික විශ්ව විද්‍යාල කතාව හරි . 90 ගණන් වලදී ගොඩක් ලෝකේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල/සමාගම් වලට ඕනේ වෙලා තියෙන්නේ ලංකාවේ එයාලගේ කැම්පස් /සමාගම් හදන්න ... නමුත් ඔය ජෙප්පෝ කචල් දාපු හේතුව හින්ද ඒ හැමෝම වගේ මැලේසියාව/සිංගප්පුරුව තෝරාගෙන තියෙනවා .. මේ කතාව අපි විතරක් කියන දෙයක් නෙමේ .. ඒ රටවල අය ලංකාව ගැන කතා කරද්දී කියන දෙයක්..

      Delete
    5. ඔව් පැතුම් මම දන්න විදිහට මැලේසියාවේ දාපු මොනෑෂ් විශ්ව විද්‍යාලය කලින් දාන්න සැලසුම් කලේ ලංකාවේ.

      Delete
  6. සමාජවාදී ආණ්ඩුවක් ආවම අජිත් ධර්මා වගේ අයව එක පෙළට සිටුවා වෙඩි තැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මා කවදහරි ඇනෝට අසම්මත ලිංගික අතවරයක් වත් කරල තියෙනවද මෙච්චර වෛරයක්?

      Delete
    2. 😄 😁 😆 තැන්ක් යූ

      Delete
  7. තට්ටතුමාගේ කීමට හරි මෙහෙම බ්ලොග් අප්ඩේට්වෙන එකම මදෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතී, ඒක නම් ඇත්ත. මේවා ලියන්නෙ වෙන ලියන්න අදහස් එන්නේ නැති කාලයක් නිසා. මෝඩ මිනිස්සු හැම තැනම යුද්ධ කරනවනෙ. කොහෙන් හරි න්‍යශ්ඨික බෝම්බයක් වැදිල යන්න කලින් විකාරයක් කියාගෙන සතුටින් ඉන්න එක තමයි ගේම.

      Delete
  8. හප්පටසිරි බලාගෙන යනකොට තට්ට මහත්තය ලංකරගෙන තියාගෙන ඉන්න එක හොඳා වගේ නෙහ්.

    ReplyDelete
    Replies
    1. Praසන්ன එදා තට්ට මහත්තයා දාපු පාටියට ආපු නිසා උඹට උදව්වක් ගන්න බැරිවෙන්නේ නැහැ.

      Delete
  9. ලංකාවෙ නම වෙනස් කරනවා ඇක්සල් ලංකා කියලා

    ReplyDelete
    Replies
    1. මීපැණි ලංකා ඇක්සල් ජනපදය

      Delete
  10. අනුර කුමාරල ඇමතිකම් උප ඇමතිකම් අරං රටට වැඩ කළානේ.
    අපි බස් දෙකක් අරං දුන්න කියන එක ඇරෙන්න තැනක ගිහිල්ල කියන්ඩ පුළුවන් වැඩක් මොකක්ද තියෙන්නේ.
    අපි ගාවත් ෆයිල් තියෙනවා හැබැයි අපේ ඒවයින් නඩු දාන්ඩ බෑ. ඒ අයගේ ෆයිල් ??
    මොකක් හරි රටට වැඩක් තියෙන යෝජනාවක් ගෙනල්ල පාර්ලිමේන්තුවේ අනිත් උන්ගෙ සහයෝගයත් කොහොමහරි ලබාගෙන රටට කරපු වැඩ පහක්?
    පිටරට ගිහිල්ල පාක්ෂිකයොන්ට රටේ තත්වේ කියල දෙන්ඩ ඕනේ නෑ, උන් ඔයිට හොඳට දන්නව මොකක්ද මෙහෙ වෙන්නේ කියල. අනික උන් අතිං කයිට් කරන් චන්දෙ දාන්ඩ එයිද?
    බොරු බයිලා. ඇම් ඇස් ප්‍රනාන්දුල, සැමුවෙල් ඇනස්ලි බර්ටිල නැතුවට නං හොඳයි.

    ReplyDelete
    Replies
    1. Hattor ඒ වුනාට එහෙම ගියාම ලැබෙන සම්මාදම හොඳයිනෙ.

      Delete
  11. මගේ ආදරණිය මිතුර එක්ක මම හැමදාම යන වලියක් නේ මේක.
    //කස්ත්‍රෝත් කලේ ඔහොමම තමයි. එතකොට තිබ්බ ධනවාදී ආර්ථිකය හොරකම් නැතුව දියුණු කරනව වෙනුවට බලයට ආවට පස්සේ නගර වල හිටපු මිනිස්සුන ගම දැක්කුවා උක් වවන්න. කස්ත්‍රෝ හිතුවෙ ඔක්කොම මිනිස්සු දාල උක් වවල සීනි පිටරට ඇරියම ඔක්කොම හරි කියල. ඔන්න ඕකයි එයාගෙ නිෂ්පාදන ආර්ථිකය.// https://www.history.com/this-day-in-history/castro-visits-the-united-states

    ReplyDelete
  12. //ඒ ගොල්ලන්ගෙන් කවුරුහරි ඇහුවොත් ඇයි කස්ත්‍රෝට රට දියුණු කරන්න බැරි වුනේ කියල ඒකට කියන උත්තරය ඇමෙරිකාවෙ සම්බාධක කියලයි. කියුබාවට විරුද්ධ සම්බාධක බලපාන්නේ ඇමෙරිකානු සමාගම් වලට විතරයි. // මේක ටිකක් වෙන්න අර්ධ සත්‍යයක් නේ මචන්. ඇමෙරිකානු කමප්නි වලට් බහ. හැබැයි යුරෝපිය කොම්පැනි වලට කියුබාවට සම්බන්ධයක් තියෙනවනම් ඒ ගොල්ලන්ට කිසිම ඇමෙරිකන් සමාගමක් එක්ක කතා බහ. එනිසා වක්‍රව කිසිම යුරෝපියන් කම්පනියක් යන්නේ නැහැ. සෝවියට් ආධාර මත යැපෙන්න උනේ එකයි. ඉතින් ඇමෙරිකාවට ඔච්ච්රම විශ්වාස නම් කියුබාවේ සමාජවාදය වැඩක් නැහැ උන් වැටෙනවා කියල ඇයි සම්බාධක දැම්මේ., තවම දාගෙන ඉන්නේ . ඇයි ආක්‍රමණය කලේ (ග්වන්තනමෝ

    ReplyDelete
    Replies
    1. අජිත්. අර ජුලී චං අනුරට සලකනව වගේ කස්ත්‍රෝ ගේ සටනට ඇමෙරිකාව සයිඩ් සපෝට් එකක් දුන්නා. ඒකාලේ ලොකු මුදලක් වුන ඩොලර් 50,000 ක් විතර ගෙවල තියෙනවා. ආසන්නයේ තියෙන නිසා ඇමෙරිකානු වත්කම් ජනසතු නොකර ඉන්න තිබුනා. සෝවියට් දේශයේ නිශ්පාදන ආර්ථිකය වැඩ කලේ විශාල වෙලඳ පොල නිසා. පොඩි රටක් වුන කියුබාව නිෂ්පාදන ආර්ථිකයක් ගැන හිතල රටේ විදේශ අයෝජන ජනසතු කරල ඇමෙරිකාව සම්බාධක දැම්ම කියල අඬල වැඩක් නැහැ. ඇමෙරිකානු අයෝජන එහෙමම තියෙද්දි කියුබාවේ කාලයක් තිබ්බ හොරකම් නවත්තල ජනසතු කිරීම නොකර, සීනි නිශ්පාදනය වැඩි කරන්න තිබ්බ. එහෙම කලා නම් ඇමෙරිකාව ලඟම හොඳම වෙලඳපොල. අනිකුත් සමාජවාදී දේවල් කරන්න තිබ්බ. 1960 ගණන වලදී රටේ පුරවැසියන්ට අයිති පෞද්ගලික ව්‍යාපාරත් ජනසතු කලා කියල දන්නවනෙ. මෙතන තර්කය ජවිපෙ හොරකම් ගැන කිය කියා එන්නේ සමාජවාදයටනම් ඒකයි කියුබාව සමඟ සංසන්දනය.අනික 1959 සමාජවාදය විස්වාස කරපු රටවල් තිබුණා. අද ඒක අසමර්ථ දෙයක් කියල පෙනි පෙනී ඇයි මේගොල්ලන්ට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය වගේ මැදට ඇවිත් (center left) විවෘත ආර්ථිකය හොරකම් නොකර කරන දෙයක් ගැන හිතන්න බැරි.

      Delete
    2. //ඉතින් ඇමෙරිකාවට ඔච්ච්රම විශ්වාස නම් කියුබාවේ සමාජවාදය වැඩක් නැහැ උන් වැටෙනවා කියල ඇයි සම්බාධක දැම්මේ//.සම්බාධක දාන්න ඇත්තේ ඇමෙරිකානු වත්කම් ජනසතු කරපු නිසා. ඊට පස්සේ කල ඇමෙරිකානු විරෝධී දේවල්. 1962 Cuban Missile crisis ගැන මතකයිනේ?

      අනික ප්‍රතිවිරුද්ධ ආර්ථික ක්‍රමය අනුගමනය කරන රටවල් වට්ටන එක සීතල යුද්ධයේ කොටසක් නේ. ලංකාවේ විවෘත ආර්ථිකයට ඉන්දියාව කොටි ඇතිකරල කඩාකප්පල් කලා වගේ.

      Delete
    3. Bay of Pigs, හරි හරි අමතක වුනා. ග්වන්තනමෝ වල නේ ඩිටෙන්ෂන් කෑම්ප් එක . ඉන්දියන් කතාව හරි. ඇමෙරිකාව තමන්ට විරුද්ධ (රුසියාවට බැන්නට) සිස්ටම් එකක් රට ළඟ ආපු ගමන් කඩනවා. චිලි, වෙනිසියුවෙලා, ග්‍රෙනඩා, කියුබා වගේ. අනිත් සීන් එක චිනයට දුන්න සපෝර්ට් එක. තවම චීන කොමියුනිස්ට් පක්ෂය තියෙද්දී . චිනට දැන් ප්‍රධාන එදිරිවාදියෙක් . ඒ බය නිසා තමා සම්බාධක දැම්මේ. මගේ තර්කය හරි සමාජවාදී ක්‍රමය අසාර්ථක කියමු. නමුත් උන්ට එක තවම් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ සම්බාධක බිල්ල නිසා

      Delete
  13. කියුබාව සත්‍යය හා කැමරාකරු - https://kolambagamaya.blogspot.com/2020/12/blog-post_6.html

    ReplyDelete
  14. ඇත්තටම මමත් දැන් ලියන්නේ තට්ට තුමාට බයට. බැරි වෙලාවත් මටත් කෙමර් රූජ් ඩෝස් එක දුන්නොත් කියල. 😄 😁 😆 මගෙන්ඇරියස් තියෙනවද කියලත් ඇහුවනේ. අර මාතලන් ලියල තියෙන්නේ ජුලි චන ගේ හුරතලා දැන් අනුර සහෝ කියල. ඉතින් හොඳයිනේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්. තට්ට තුමාට තරහ ගිහින් වගේ කමෙන්ට් එකක් වත් නැහැ. ඒ වුනාට අපිට උදව් කරයි. කලින් රිප්ලයි එකේ කිව්ව වගේ කස්ත්‍රෝටත් ඇමෙරිකාව උදව් කලා. මුදල් වලින්. මෙහෙත් එහෙම ඇති. ඒ වුනාට බලයට ආවම කස්ත්‍රෝට ඒව අමතක වුනා. සෝවියට් කට්ටිය පොඩ්ඩක් අන්දන්නත් ඇති. මෙතනත් කාලයක් තිස්සේ ජවිපෙට මුදල් දෙන්නේ චීනය. චීන ඇමෙරිකා සීතල යුද්ධයේදී ජවිපෙ යන්නෙ චීන පැත්තට.

      Delete
  15. දැන් සමාජවාදය චීනෙත් නෑ, රුසියාවෙත් නෑ. තියෙන්නෙ කියුබාවෙයි, උතුරු කොරියාවෙයි විතරයි. ආන්න රටවල්.. ඒ රටවල් දිහා බලලා ලබන පාර ඕගොල්ලොත් ජවිපෙට චන්දෙ දෙන්නම ඕනා හොඳේ.. ජවිපෙ තමා රාජපක්සලා විනාස කරපු රට කවදා හරි ගොඩ දාන්නෙ.. මගෙ යාළුවෙක් කිව්වෙ.. හැක්..

    ReplyDelete
    Replies
    1. Ty Senna.හෙහ් හෙහ්, ගොඩ දෑම කෙසේ වෙතත්, ජනසතු කිරීම, කම්කරු වර්ජන, එහෙම කරල 1960 ගණන් වලට ගෙනියයි කියලයි මට බය.

      Delete
  16. සමාජවාදය, ධනවාදය, මාක්ස්වාදය ඇතුලු බොහෝ සංකල්ප වෙනස් වෙලා නේද මේ ලිබරල් නුතනවාදි ලෝකයෙ. එතකොට ජෙප්පන්ට හරි, nppයට හරි ඔය පරන මතවාද එක්කම ඉන්න බෑ නේ. ඒක දැන් එයාල කතාකරන විදිහ එක්කත් පේනව. ටිකකහරි පරන මතවල එල්බගෙන ඉන්නෙ ටිල්වින් සිල්ව විතරයි. (මෙ මට පේන හැටි)

    ReplyDelete
    Replies
    1. ඔව්. මම ටිල්වින් සමග සාකච්චාවක් කලෙත් ඒකයි. ජවිපෙ වඩා ලෙෆ්ට් සමාජවාදී සෙට් එක තවම අල්ලන් ඉන්නේ ටිල්වින්.

      Delete
    2. බලයට ආවම සමාගම් නටවන වෘත්තීය සමිති නිකන් ඉඳීද? මෙච්චර කල් බලය නැතිවත් කෙරෙව්ව වගේ යන්තන් තියෙන NIBM. NSBM, SLIIT වගේ ඒව ටිකත් රජයට ගනීද. බලාගෙන ඉඳිමු. මිනිස්සු චන්දෙ දීල ගෙනවොත් ඒගොල්ලම විඳවයි. 69 ලක්ශෙට උනා වගේ. Thank you Namee

      Delete
  17. සාදර සිතින් ඉයන්ට කියන්න තියෙන්නේ පොඩිම පොඩි කාරණයක්.
    ඔබ බොහෝ තැන්වල ලියා තිබුනා "තට්ටයාව" ශේප් කරණ් ඉන්න සීන් එකක්!
    ඕකට තමයි මේ උත්තරේ:-
    අප විශ්වාස කරණවා ඉදිරියේ පැවත්වෙන සාධාරණ මැතිවරණයකදී මේ රටේ බහුතරය ජාතික ජන බලවේගයට මේ රට භාරදෙයි කියලා.
    ඒක එහෙම නොවුනොත් අපි නැවතත් මැතිවරණයකට සූදානම් වීමයි කරණ්නේ!

    අනුර ඇමතිකම් කල මාස 14ක කාලය තුල; ඔහුගේ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානින් ලෙස පත් කලෙ කවුරුන්දැයි සොයා බලන්න. එතැනදි ඔබට තේරුම් ගත හැකිවේවි පක්ෂයට වඩා රට ගැන සිතා අප කටයුතු කොට ඇති බව.
    ඒ ආකාරයටම අධිකරණ ක්‍රියා මාර්ගත් ගනු ඇතැයි මා විශ්වාස කරමි.
    ඔබ ආර්ථික ඝාතකයෙකු, දූෂිතයෙකු, හොරෙකු, වංචාකාරයෙකු නොවන්නේ නම්; ඔබට මතු දිනෙක සිදුවේයැයි මා විශ්වාස කරණ අධිකරණ ක්‍රියා මාරගයකින් ගැලවෙන්නට; මා පසු පසට වන්නට අවශ්‍යනොවේ!
    ඔබගේ ඉහළ කළමණාකාරී දැනුම හා පරිචය වඩාත් කාර්‍යක්ෂම ලෙසට අපේ රජයක් ප්‍රයෝජනයට ගනීවි!
    ඔබ දරණ දේශපාලන දර්ශණය කරණකොට ගෙන කිසියම් දේශපාලන පලිගැනීමකට ලක් වුවහොත් එදිනට මට අමතන්න!
    මා ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්ම සිටගනිමි!

    ReplyDelete
    Replies
    1. මචං, ඔන්න වැරදි පැත්තෙන් අල්ලගෙන. මීට ගොඩක් කාලෙකට පෙර මම පෝස්ට් එකකුත් ලිව්වා ජවිපෙට බලය ගන්න විදිහ ගැන. මෙතන තියෙනවා ලින්ක් එක . අද තියෙන අනික් පක්ෂ එක්ක ජවිපෙ සාපේක්ෂව අවංකයි කියන එක මම පිලිගන්නවා. ඒ වුනාට ඒක විකුණගෙන ඇවිත් සමාජවාදය ගේනවට විරුද්ධව තමයි මම කථා කරන්නේ.

      මගේ ඔය පෝස්ට් එකේ කියලා ඇති පරිදි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහ 1994 නිදහස් පක්ෂය වගේ එලිපිට කියන්න කරන්න යන්නේ සමාජවාදය නෙවෙයි කියන එක. ඒකට රටේ තාක්ෂණික උගත් බලකාය වැඩි කරන්න පෞද්ගලික විශ්ව විද්‍යාල දාන එක, චීනයත් කරනව වගේ අධ්‍යාපනයත් සේවා භාණ්ඩයක් ලෙස විදේශ විනිමය හොයන්න යොදා ගන්න එක. පුද්ගලික අංශයේ සහ රජයේ අංශයේ වෘත්තීය සමිති හරහා කඩාකප්පල් නොකරන එක වගේ.

      එහෙත් මෙතෙක් කල් කරගෙන ආපු වමේ දේශපාලනය ක්‍රමය කරන්න බලය ගන්න හොරකම් විකුණලා බලය ඉල්ලනවනම් ඒක රැවටීමක්. මේ රැවටීම කරල තමයි සමාජවාදී රටවල් විනාසයට ගියේ. කියුබාවෙයි, උතුරු කොරියාවෙයි, පමණක් තිබෙන අසාර්ථක වෙච්ච ක්‍රමයක් ගේන එකයි මම කියන ප්‍රශ්ණය. මම වෙන තැනක කිව්ව වගේ මගේ ළමයි වෙන රටවල පුරවැසියො. මගේ ස්ථීර පදිංචිය ඒ රටවල.. රටටවත් කාටවත් මම වංචා කරල නැහැ. ජවිපෙ ආවොත් මම කලින් පදිංචි වෙලා හිටිය රටට යනවා. මට වෙන කිසිම හානියක් නැහැ. මගේ පන්තියේ එකට ඉගෙන ගත් මට වඩා බුද්ධිමත් යාළුවො තාත්තලට සල්ලි නොතිබිච්ච නිසා කුඩා රස්සාවල් කලා. මගේ දෙමපියන්ට යම් හැකියාවක් තිබ්බ නිසා රටට ණය නැතිව මුදල් ගෙවල තමයි මම උසස් අධ්‍යාපනය කලේ. ඒ වුනාට සීමිත උසස් අධ්‍යාපන අවස්ථා නිසා ත්‍රිරෝධ රථ වල හරි මැද පෙරදිග ගෙවන ජීවිත ගැන දුකයි. එච්චරයි.

      මේක විහිළු කථාවක්. මම ජීවත් වෙලා තිබෙන සහ බදු ගෙවල තියෙන විදිහට මට කවුරු ආවත් බයවෙන්න දෙයක් නැහැ. සමාජවාදයක් ආවත් මේ රටේ ඉඳගෙන දුක් විඳින්න ඕන වෙන එකකුත් නැහැ.

      Delete
    2. Manjula මෙතන කලා වගේ මම අනික් බ්ලොග් කාරයන්ගේ නම් අරගෙන ලියන්නේ විහිළුවට. කමිය අහපු ප්‍රශ්ණයකට දුන්න විහිළු උත්තරයක් අල්ලගෙන තමයි මේක ලිව්වේ. ඇත්ත පෝස්ට් එක ජවිපෙ කරන බොරුව ගැන. බේරෙන්න උදව් ගැන කිව්වේ හාස්‍යයට මිසක් ඇත්තටම උදව් ඉල්ලන්න නෙවෙයි. ඒ වුනාට ඔබ උදව් දෙන්නම් කියා ඇති එකට ස්තූතියි. ඒත් එක හාස්‍යට ලියපු එකක් විතරයි.

      Delete
  18. රංග තේනුවරOctober 30, 2023 at 7:54 PM

    අනුර කුමාර කියන්නේ තමුන්ගේ පුංචි අම්මව සහේට ගත්තු මානසික ලෙඩෙක්. ලෝක හොරෙක්. ඇමරිකන් කුක්කෙක්. රනිල්ගේ ගොට්ටෙක්.

    මිනිහාගේ පුතා මිහින් ලංකා එකට දැම්මේ නාමල්. දැන් පුතා ඉන්නේ ශ්‍රී ලංකන් එකේ.
    අනික් ස්ටාෆ් එක ඉස්සරහා හැමදාම පල් වෙනවා.

    උන්ට ඊලග පාරත් 3% තමයි. මොකද සෝෂල් මිඩියා වල එකවුන්ට් සිය ගණන් නඩත්තු කරාට ඒවාට ඇත්ත ලෝකේ චන්ද නැහැනේ.

    ReplyDelete
    Replies
    1. රංග මම ජවිපෙට විරුද්ධ ඔය කාරනා නිසා නම් නෙවෙයි. hypocrisy කියන එක ඔක්කොම දේශපාලකයින්ගේ ලක්ෂණයක්. ඒ වුනාට මුළු ලෝකෙම අතෑරපු වෙන එකක් තියා සමාජවාදය පටන් ගත්තු රුසියාව සහ චීනයත් අතෑරපු අසාර්ථක ක්‍රමයක් මෙහෙ කරන්න වෙන හේතු කියමින් එන එකටයි මම විරුද්ධ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  19. ඉතිං තට්ටයක් හදාගන්න එක ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නේ. බාබර් සාප්පුවකට ගිහින් නම්බර් සීරෝ කට් එක දාගන්න එක විතරයි තියෙන්නේ!!!

    ReplyDelete
    Replies
    1. මම කාලයකට පෙර වෙන රටකදී තට්ටේ ගෑවා. ආපහු මෙහෙ එන කොට වවා ගත්තා. දැන් කෙස් හැලෙන විදිහට බාබර් සාපුවට නොගිහින්ම තට්ටෙ එයි. ස්තූතියි රසික.

      Delete
  20. අරමුණ මොක වුණත් ලියලා තියෙන දෙයින්
    බට කැලයකට ගිනි ඇවිලිලා වගෙයි ඉයන්
    කොච්චර හොඳද, පිබිදීලා පාඨකයන්
    වාගෙම අපේ බ්ලොග් ලියනා සහෘදයන්

    ReplyDelete
  21. හිතවත් ඉයන්,

    ලංකාවේ රජය වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩිකිරීමට එරෙහිව ජාතික ජන බලවේගය සහ පෙරටුගාමීන් මේවනවිටත් විරෝධය පළකර තිබෙන අතර වත්මන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ විසින් තවත් සීනි බදු වංචාවක් සිදුකර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හෙළිදරව් කිරීමක් පහත දැක්වෙනවා, මේක ගැන පෝස්ට් එකක් ලියලා පැහැදිලි කරන්න පුලුවන්ද ඔබට?

    // ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනි සඳහා ශත 25 ක තිබූ බදු මුදල රුපියල් 50ක් දක්වා ඉහළ දැමීම පසුපස රනිල් වික්‍රමසිංහ රජයෙන් දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද අනාවරණය කළේය.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම හෙළිදරව්ව සිදුකළේ මේ බද්ද වැඩිකිරීමට මොහොතකට පෙර එක්තරා සමාගමක් පැරණි බදු මුදලට සීනි කිලෝග්‍රෑම් 520,000 ක ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවය.

    මෙලෙස නිදහස් කරගෙන ඇති සමස්ත සීනි ප්‍රමාණය ට රජයට ගෙවා ඇති බදු මුදල රුපියල් 130,000ක් පමණක් බවද පුබුදු ජාගොඩ සහෝදරයා අනාවරණය කළා.

    රුපියල් 50ක නව බදු මුදල අයකළේ නම් ඉන් රජයට රුපියල් 18,000,000ක මුදලක් ගෙවිය තිබූ බවද පුබුදු ජාගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.

    2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී සීනි බදු මුදල රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩුකරන මොහොතේද මෙම සමාගම විසින් රේගු ගුදම්වල රඳවාගෙන සිට මීට වඩා තරමක් අඩු ටොන් 150 ක පමණ ප්‍රමාණයක් නිදහස් කරගනිමින් රජයට ගෙවීමට නියමිතව තිබූ මෙබඳුම දැවැන්ත බදු මුදල් ප්‍රමාණයක් වංචා කළ බවද පුබුදු ජයගොඩ සහෝදරයා පැවසීය.//

    Another Ref:

    https://sinhala.adaderana.lk/news/189031

    මීට අමතරව ජවිපෙ ජාජබ නායක අනුර කුමාර දිසානායක ඇමරිකා සංචාරය අවසන් වී ලංකාවට පැමිණ සුනිල් හඳුන්නෙත්ති ඇතුලූ පිරිසක් සංවිධානය කරගෙන මීට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බවත් ඒ හරහා වර්තමාන දූෂිත වික්‍රමසිංහ රෙජීමය පලවාහැරීමට මුලික පියවර තබන අතර මාලිමාවට බලය හිමිවනතෙක් නොනැවතී දැවැන්ත සටනක් බවට එය පත්වන බවත් එක්සත් ජනපදයේ පූර්ණ අනුග්‍රහය ඇතිව එය සිදුවන බවත් ආරංචි වී ඇත. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete