Saturday, November 4, 2023

ජවිපෙට අනාගතයක් (නැවත පළ කිරීමකි)



ජනතා විමුක්ති පෙරමුණේ ලාංජනය

මෙම ලිපිය 2016 නොවැම්බර් මස පල කරන ලද ලිපියක් නැවත පළ කිරීමක් බව සලකන්න.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන්නේ ශ්‍රිලනිපට වඩා බොහොම වෙනස් පුද්ගලයින්. ඒක පොඩ්ඩක් හරි වෙනස් වූණේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හරහා. විශාල කාලයක් පක්ෂයේ ඉදිරි පෙලේ නායකයෙක්ව සිටි නිසාම ඔහුට නායකත්වය ලැබුණා. රනිල් ගෙන් පසු එජාපයට මොනව වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ කුතුහලයක්. ඒකට හේතුව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට පිළිගත හැකි ආකාරයේ දේශපාලකයින් වන එරාන් වික්‍රමරත්න, ආචාර්‍ය හර්ෂ සිල්වා වැන්නවුන් දේශපාලනයට ලඟදී පැමිණියවුන් වීම. එම නිසා බොහෝ විට රනිල් ගෙන් පසු සජිත් ප්‍රේමදාස නායකත්වයට  පත්වෙන්න පුළුවන්. 

සජිත් පක්ෂයේ තරුණ කොටස් අතර කැමැත්තක් දිනා ගත් කෙනෙක් බව සත්‍යයක් වුණත් දේශපාලන දර්ශණයක් පෙන්නුම් කල අයෙක් නොවෙයි. ඔහුට සමාන ශ්‍රිලනිප දේශපාලකයා වුණේ මහින්ද . මහින්දත් දේශපාලනයට සම්බන්ධ පාක්ෂිකයින් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වුණාට රට ගැන දර්ශණයක් ඇති කෙනෙක් නොවෙයි. සජිත් විපක්ෂයේ සිටි සමයේ සහ අද ක්‍රියා ගැන සලකන විට මේ දර්ශණයක් ඇති නැති වෙනස ගැන හොඳින් පැහැදිලිවෙනවා. එක කාලයක ඔහු රැකියා නැති තරුණියන්ට මහන මෙෂින් බෙදා දෙන ව්‍යාපෘතියක් කරගෙන ගියා. එක ගෙදරකට මෙශිමක් ලැබුණු විට අවට නිවෙස් වල අයගේ මැහුම් අවශ්‍යතා සපුරා අතිරේක ආදායමක් ලබා ගත හැකි වුණත් හැම තැනම මෙෂින් බෙදුවොත් වෙන්නේ සැමටම එය ආර්ථික වශයෙන් අවාසිදායක දෙයක් වෙන එක. දර්ශණයක් ඇති අයකු කරන්නේ මහන ඇඳුම් වලට ඉල්ලුමක් ඇති කර දීම පමණයි එවිට එම තරුණියන්ට ලීසින් එකක් හරහා හෝ මෙශිමක් ලබා ගෙන එම කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතාවය හෝ සම්බන්ධකම් යොදවා එවන් ඉල්ලුමක් එනම් ඕඩර් මෙරට ගැණුම් කරුවන්ගෙන් හෝ විදේශාය ගැණුම් කරුවන්ගෙන් ලබාගෙන එම රැකියා විරහිත තරුණියන්ට ලබා දෙන ක්‍රමයක් හැදුවානම් එම ක්‍රමය අඩු වියදම් එමෙන්ම දීර්ඝ කාලීනව ඔවුන්ට සහ රට වාසි වෙන දෙයක් වෙන්න තිබුණා. ලඟකදී එලිදුටු රස්සා දීමේ නාඩගම තව උදාහරණයක්. 

මෙච්චර දිග හැඳින්වීමකින් පටන් ගත්තේ වෙන දෙයක් කියන්න. එනම් ජනතා විමුක්ති පෙරමුණට නුදුරු අනාගතයේදී බලයට එන්න අද රට තියෙන සංදිස්ථානය ප්‍රයෝජනයට ගන්න තරම් දැක්මක් සහ වැටහීමක් ඇතිවෙයිද කියන දේ ගැන හිතන්න. මගේ අදහස නම් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය ගත්විට පක්ෂයට කල වෙනස හැදෑරිය යුතුයි කියායි.  1994 ට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදී ප්‍රතිපත්ති දැරූ පක්ෂයක්. 1979 සිට කීප වතාවක්ම දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයට පැරදුණා. 1994 දී කම්කරු පක්ෂ නායකත්වයට පත්  බ්ලෙයාර් එය සමාජවාදී සහ කම්කරුවන්ගේ පැත්තට අදින පක්ෂයක් ලෙස නොව නව ආර්ථික ක්‍රම පිළිගන්නා නවීන පක්ෂයක් බවට පත්කලා  ඉන් අවුරුදු තුනකට පසුව කම්කරු පක්ෂය බ්ලෙයාර් යටතේ ජයගත්තා. ඔවුන්ට පිට පිට මහ මැතිවරණ තුනක්ම බලය ලබා ගන්න පුළුවන් වුණා. අනික් උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956 සිට 1993 දක්වා තිබූ සෑම මැතිවරණයකටම ඔවුන් පෙනී සිටියේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදහන පක්ෂයක් ලෙසටයි. 1993 නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග මෙය වෙනස් කලා. ඔවුන් සමාජවාදය අතහැර විවෘත ආර්ථිකය පිළිගත්තා. 1994 දී ඔවුන් පොරොන්දු වුණේ විවෘත ආර්ථිකය මානුෂික මුහුණුවරකින් කියන මැතිවරණ පාඨය. එසේ නොවන්නට ඔවුන්ට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ ඇති බොලඳ භාවය අත්හැරීමටත් සමාජවාදී හැව අතහැරීමටත් හොඳම කාලය මෙයයි යන්න මගේ විශ්වාසයයි. මෙය කිරීමට රටේ මුදල් කාබාසිනියා කරන ඔවුන් පාඩු ලබන ආයතන විකිණීමට විරුද්ධ වීම, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වීම, වෘත්තීය සමිති පැත්තට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යාපාර වල කම්කරු අසහනය ඇතිකිරීමට උල්පන්දම් දීම වැනි අද ආර්ථිකයන්ට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටීමෙන් බහුතරයක් ඔවුන්ට ඡන්දය දීමට මැළි වෙන බව වැටහිය යුතුයි.

ඔවුන්ගේ මුදුන් මල්කඩ වූ රුසියාව සහ චීනයත් අත්හැර දැමූ ආර්ථික ප්‍රතිපත්තියක් කරපින්නා ගෙන සිටින තාක් කල් ඔවුන්ට චන්ද ලක්ෂ 5 සීමාව පහු කිරීම නම් නොවෙනු ඇතැයි යන්න මම සිතනවා.  යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදුවී ජනතා විමුක්ති පෙරමුණ තම දර්ශණය වෙනස් කරගත්තොත් විය හැකි දේ සිතා බලන්න. විවෘත ආර්ථික ක්‍රමය හොර මැරකම් නැතිව ක්‍රියාත්මක කරනවා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිතින එහෙත් සජිත් ගේ micro management වලට එකඟ නොවෙන අයට ජනතා විමුක්ති පෙරමුණ හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. එමෙන්ම මහින්දට පින්සිද්ධ වෙන්න දෙකට කැඩෙන ශ්‍රී ලංකා පාක්ෂිකයන්ටත් ඒ ඒ නායකයින්ගෙන් පසුව කාලයේ එය හොඳ විකල්පයක් වෙන්නට පුළුවන්.

 අවුරුදු 30 ක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් හා සම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා හොඳ ප්‍රතිරූපයක් ඇති ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි හේතුව ඔවුන් තේරුම් නොගැනීම මට නම් පුදුමයක්.  උණුත් හොරු මුණුත් හොරු එමනිසා අපිට බලය දෙන්න යන සටන් පාඨය නම් තව දශක කිහිපයකට සාර්ථක නොවන බව ඔවුන්ට වැටහිය යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අය වංචාවලින් තොර බව මිනිසුන් දන්නවා. එහෙත් ඔවුන්ට ජවිපෙට චන්දය දෙන්නේ නැහැ. ඒ බැව් පෙනි පෙනීම තව දුරටත් අපි තමයි අවංක අනික් අය හොරු යන්න කීම පමණක් කිරීමෙන් ඇති වැඩක් නැහැ. මහජනයා දන්න දෙයක් නැවත නැවත කීමෙන් වෙන වාසියක් නැහැ. ඔවුන් සිටියදී වංක පුද්ගලයන් ඇති  පක්ෂ වලට ඡන්දය වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම බව දැන්වත් තේරුම් ගෙන 1994 දී ටෝනි බ්ලෙයාර් කම්කරු පක්ෂයට සහ 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රතිපත්තීන්ට  කල වෙනස්කම් හදාරා ඉතා ඉක්මනින් පක්ෂයේ මුහුණුවර සහ ක්‍රියා වෙනස් කලොත් නම් ඉදිරි අවුරුදු 5-10 තුල බලයට ඉතා ආසන්න වීම හෝ ලබා ගැනීම නම් වලක්වන්න බැහැ.

පෞද්ගලික ව්‍යාපාර, රජය වෙලඳ ව්‍යාපාර වලින් අයින් වීම, පෞද්ගලික  අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම සහ සිසු ණය ක්‍රමය හරහා ආර්ථික තත්ත්වයේ බලපෑමකින් තොරව හැමටම පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්වීම යන ආදිය අත්‍යවශ්‍යම ප්‍රතිපත්ති වෙනස්කම්. මෙවන් ප්‍රතිපත්ති වෙනසකින් පසුව උගතුන්,  බුද්ධිමතුන්, වංචා වලින් තොර දේශපාලනයට කැමැත්ත ඇත්තන්  සමාජිකත්වයට එක කරගනිමින්  පක්ෂ පදනම විශාල කරගැනීමට ඉතාම හොඳ වටපිටාවක් ඇතිබව ඔවුන්ට තේරුම් යාවි යැයි බලාපොරොත්තු වෙමි.

ඔබ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කෙනෙක්නම් මෙම අදහස ඔවුනට දෙන්න.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

16 comments:

  1. ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete
  2. ඔයගොල්ලෝ ඊයේ (03) නිවුස් වල දැක්කනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොළඹ ඉදං වැලිමඩ බලා ගිය හෙළිකොප්ටර් යානය සහ පරිවාර හෙළිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල ඉස්කෝලෙට ගොඩබාපු එක. අයහපත් කාලගුණය නිසා තමයි එතනට යානා ගොඩබෑවේ.

    ඔකේ ජනාධිපතිතුමා ගිය අති විශේෂ ට්වින් ටර්බෝ ප්‍රභූ ආරක්ෂක මිසයිල සහිත බේල් 212 හෙළිකොප්ටර් යානය පදවාගෙන ගියේ අජිත් ධර්මකීර්ති මහත්තයා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන ඕනෑම ගුවන් ගමනක යානාව රැගෙන යන්න දෙන්නේ අජිත් ධර්ම මහත්තයට විතරයි.

    මොකද ජනාධිපති රනිල් මහත්තයාගේ අතිශය විශ්වාශසහගත නිලධාරීයෙක් තමයි අජිත් කියන්නේ. ජානාධිපතිතුමා වෙනුවෙන් ජිවිතේ උනත් දෙන්න ලැස්ති.

    ඉතින් ඊයෙත් ඔය ගමන යද්දී අජිත්ට තේරුනා තව දුරටත් කඳුකරය දෙසට යානා රැගෙන යන්න බැහැ කියලා. අජිත් විතරක් ආවා නං අජිත් වැලිමඩ යනවා හෙළිකොප්ටර් එකේම.

    මතකනේ අජිත් එක පාරක් රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවක් අරගෙන ඇවිත් කොග්ගල එයාර්පෝර්ට් එකේ ගොඩපාපු හැටි.

    ඕනිම කාලගුණයක ඕනිම ගුවන්යානයක් රැගෙන යන එක ගොඩබාන එක අජිත් ධර්මා මහතාට කජු කනවා වගේ. ඒ උනාට මෙතන එහෙම බැහැනේ. සේනාධිනායක, විධායක ජනාධිපති. ඒ නිසා අජිත් යානාව බැස්සුවා ඉස්කෝලේ පිට්ටනියට.

    ඒ වෙලාවේ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවලුන් සීමිත ප්‍රමාණයක් සිටියේ යානා වල. හැබැයි අජිත් ධර්ම මහත්තයාත් හිටිය නිසා ජානාධිපතිතුමාට ආරක්ෂාව ගැන කිසිම බයක් සැකක් තිබ්බේ නැහැ. අජිත් ධර්ම මහත්තයත් යානාව ගොඩ බස්සපු ගමන් තටු නතර වෙන්නත් කලින් එලියට පැන්නා විශේෂ ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය අමෝරාගෙන.

    මොකද කලින් දවසක ක්‍රීඩා ඇමති ඉස්කෝලෙකට ගිහින් ජේවීපී ත්‍රස්‌තවාදීන්ගේ විරෝධයට ලක් උන එකත් අජිත් මහත්තයාගේ ඔලුවට ආව. ඔය ක්‍රීඩා ඇමතිගේ සිද්දිය වෙලේ ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරයෙක් කිව්වා මහක ඇති ජනාධිපති රනිල්ට පුළුවන් නං ඉස්කෝලෙකට එන්න, ගහලා එලවනවා කියලා. අජිත්ට ඕක සිහියට ආව.

    අජිත් ධර්ම මහත්තයාගේ හිතේ ගතේ හයිය තියෙනව ජේවීපී ටෙරාලා සීයක් ආවත් බාවන්න. මීට කලිනුත් එහෙම කරලා තියෙනවනේ.

    ඊට පස්සේ අනික් ජනාධිපති ආරක්ෂකයන් එක්ක අවට ආරක්ෂාව තහවුරු කරලා ජනාධිපතිතුමාව විදුහල්පතිතුමාගේ කාමරයට එක්කන් ගිහින් ස්ථාවර කරා.

    ඒ අතර තුරේ ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් දැනුවත් කොට ආරක්ෂක අංශ ගෙන්වා ගෙන පිටත ආරක්ෂක වළලු තර කරා. ඊළගට මයිත්‍රී මැඩම්ටත් කතා කරලා දැනුම් දුන්නා සිදුවූ දෙය සහ මැතිතුමා ආරක්ෂිතව ඉන්නා බව.

    දැන් ඊලග වැඩේ ජනාධිපතිතුමාව වහාම මෙම ස්ථානයෙන් ඉවත් කරගෙන යන එක. එත් එකට අවශ්‍ය විශේෂ වෙඩි නොවදින ප්‍රභූ ආරක්ෂක විශේෂ අවි සහිත වාහන එතන නැහැ. හදිසි ගොඩබෑමක් නිසා වාහන මෙතන නැහැ. ඒවා ඒ වෙනකොට ගුවන් මගින් වැලිමඩට යවල තිබ්බේ. ආයේ ඒවා ගෙන්න ගන්න වෙලා යනවා. අනික ගුවන් මගින් ගෙන්න ගන්න විදියක් නැහැ, මොකද වැලිමඩ හරියේ හිටපු ගුවන් නියමුවන්ට ඒ කාලගුණයේ යානා පදවන්න හැකියාවක් නැහැ. එක්කෝ අජිත් එහෙනං ආයේ හෙලිකොප්ටර් යානය අරගෙන වැලිමඩ ගිහින්. මේ යානාව එහෙ දාලා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවට ප්‍රභූ වාහනය දාගෙන රැගෙන එන්න ඕනි. ඒත් එකට වෙලා යනවා. අනික ජනාධිපතිතුමාව දාලා වැලිමඩ යන්න අජිත් කැමති උනෙත් නැහැ.

    ඒ පාර අජිත් වහාම ඔහුගේ අති ප්‍රභල චන්ද්‍රිකා දුරකථනයෙන් හොයලා බැලුව ඒ අවට තිබෙන රජයේ ප්‍රභූ වාහන මොනවද කියලා. එතකොට ටොයෝටා ලෑන්ඩ්කෘෂර් V8 එකක් තිබ්බා අමාත්‍යංශ වාහනයක්. ඒක ඒ පාර අජිත් වාහම ජනාධිපති ආරක්ෂක අංශය යවලා ගෙන්න ගත්තා. ස්කොඩ් එකට යන්න ඩබල් කැබ් 4 යි, තව පැජරෝ එකකුයි ගෙන්න ගත්තා.

    ඔය ටිකට විනාඩි 30 ක් වගේ ගියා. ඒ අතර තුරේ අජිත් ධර්ම මහතා බොහොම හෙවිල්ලෙන් හිටියා ජේවීපී ත්‍රස්‌තවාදී ගුරුවරු ජනාධිපතිතුමාට හානියක් කරන්න එයිද කියලා. ජනාධිපතිතුමාට කළු කෝපි එහෙමත් ලෑස්ති කරලා දුන්නා. පාසලේ ළමයි, ගුරුවරු, විදුහල්පතිතුමා ඇවිත් ජනාධිපතිතුමාව බලලා කතාබහ කරලා සතුටු උනා.

    වාහන ආපු ගමන් අධි බලැති ස්කෑනර් මගින් අජිත් ධර්ම මහත්තයා වාහන ස්කෑන් කරා. ගැටළුවක් නැහැ. ඒ පාර හෙළිකොප්ටර් යානා වල තිබුන භාණ්ඩ වාහන වලට දාගෙන ජනාධිපතිතුමාවත් V8 එකේ ඉදිරිපස අසුනට නංගා ගෙන අජිත් ධර්ම මහත්තයම වාහනයේ සුක්කානම අතට ගත්තා. ස්කොඩ් එකත් අනෙක් වාහන වලට නැංගා. ඊළගට ජනාධිපතිතුමාව රැගෙන යන මාර්ගයේ දෙපස ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක අංශ වෙත දැනුම් දී මොනිටර් කරා.

    ඊට පස්සේ අජිත් ධර්ම මහත්තයාම ජනාධිපතිතුමා ඉන්න වාහනය අරගෙන ඇල්ල-වැල්ලවාය අති දුෂ්කර කඳුකර මාර්ගයේ ජීවිතය පරදුවට තබා ගොඩබිම් මාර්ග හරහා වැලිමඩ බලා අධි වේගයෙන් ජනාධිපතිතුමාව රැගෙන ගියා.

    ReplyDelete
  3. නිල අල්ලන්න බෑ නෙව හැම වෙදාටම
    අත් ගුණයත් නැහැනෙ හැම එක්කෙනාටම
    පින පළ දෙන්නෙත් වෙලාව පැමිණියම
    උරච්චි කෙරුවත් නොගෙවෙයි තද කරුම!

    ReplyDelete
  4. පුදුමාකාර සත්ත කරුණාවක් නොවැ ඉයන්ට ජෙප්පෝ ගැන තියෙන්නේ!
    වෙලාවකට හිනාත් යනවා!

    ReplyDelete
    Replies
    1. වසික පුතාගේ හාමිනේ ගැන පුදුම කරුණාවක් නොව මංජුට තියෙන්නේ.

      Delete
  5. අජිත් ඩීNovember 4, 2023 at 10:01 PM

    ජේවීපී අනුර කුමාර ග්‍රැපයිට් ලපයා පුංචි අම්මට වත් ඉන්න දුන්නේ නෑ.

    මානසික ලෙඩෙක් අනුර කුමාර කියන්නේ.

    තට්ට මංජු වගේ මානසික ලෙඩ්ඩු තමයි ලපයට කඩේ යන්නේ.

    තට්ට මංජු ඕස්ට්‍රේලියාවේන් එලෙව්වේ මිනිහගේ ලේලී ඇදුම් මාරු කරනවා හොරෙන් බලං ඉදලා.

    ReplyDelete
  6. 🏃‍♂️🏃‍♀️🏃😷🤐🙊

    ReplyDelete
  7. අසහන කාරයෝ පිරිලා නේ, මේවා ගලවලා දන්න ඉයන්

    ReplyDelete
  8. එදා මහින්ද පරාද වෙයි කියලා හිතුනා වගේ, මෙදා ජවිපෙ දිනයි (ජනාදිපති/පාර්ලිමේන්තු බලය) කියලා තවම හිතන්න අමරුයි. හේතු 1) කැපුවත් කොළ/නිල් පරම්පරාගත එජාප/ශ්‍රීලනිප කදවුරු 2) එජාප/ජවිපෙ භිශනයෙන් පහර ලැබූ අය. මේ දෙගොල්ලොම ගම් පළාත් වල වැඩයි, මේ අය ආර්ථිකය කඩා වැටුන වෙලාවේ දැන් නම් ඉතින් ජවිපෙ තමයි කිව්වට දැන් ටික ටික පරණ රැකෝඩ්ම ගහනවා. මොන පක්ෂෙන් හරි තරුණයෝ ටිකක් පත් උනොත් වෙනසක් වෙයි.

    මම විජේබාහු

    ReplyDelete
  9. අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය..

    අනෙකුත් දේශපාලන පක්ෂ එදා සිට යෝජනා කරන්නේ එවැනි ක්‍රමයකි. අනුරට එය වැටහී ඇත්තේ දැන් ඇමරිකාවට ගිය විටය.

    එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි බවයි.. එය සත්‍යයකි, නමුත් ගැටළුව ඇත්තේ එහි නොව ඔහු ඇමෙරිකාවේ සිට ප්‍රාග්ධනය රට තුලට පැමිණිය යුතුයැයි කියන විට සමන්ත විද්‍යාරත්න රිදී මාලියද්දේ සිට බහුජාතික ආයෝජනවලට එරෙහි ගෝත්‍ර පන්නයේ උත්ඝෝසන වල නියැලීමයි..

    එසේම තවත් පැත්තක සිට ටිල්වින් සහෝදරයා බටහිර විරෝදී ජ.වි.පෙ. ජාතික සමාජවාදය ජ.වි.පෙ. පරණ කන්ඩායම සමග තාම කරගසාගෙන යයි..

    බලය නොමැති විට ඒ ඒ පැතිවලට, ඒ ඒ අයට ඒ ඒ කෙසෙල් ගෙඩි බෙදිය හැකිය, ඒතුලින් යම් යම් වාසිද ලැබිය හැකිය.. නමුත් ගැටලුව, බලය ගත් පසු ගොනා ගොඩට මීමා මඩට අදින මතවාද සමඟ එක් වැඩපිලිවලකට පැමිණෙන්නේ කෙසේද යන්නෙහිය ….

    ReplyDelete
  10. වැරදීම
    ------

    අනුර දිසානායක මහත්මයාට ඇමෙරිකාවෙ දේශනයෙදි වචනයක් පැටලිලා වැරදුණා..

    ඒක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දෙයක්..

    මම හිතන්නෙ නෑ ඔහුගෙ නොදැනුමක් කියල ඒක..

    ඒ වගේම ඔහුට ඉංග්‍රීසි බැරිකම නිසා ඔහු මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ..

    විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරලද නැද්ද මම දන්නෙ නැහැ..

    සම්පූර්ණ නැතත් ඔහු අදක්ෂයෙක් නෙවෙයි.

    ඇකඩමික් කෝස් එක අස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ කලක් නායකත්වයක් දරපු නිසා දන්නව ලේසි මිනිහෙක්ට කැපෑසිටියක් එන්නෙ නෑ දේශපාලන සංවිධානයක නායකත්වය දරන්න..

    මේ කාරණා මුලින්ම මම කියන නිසා මාලිමා ෆේක් සෙට් එක බැහැල මට බනින්න කලින් කියවල ඉදියි කියල හිතනවා..

    බැන්නත් කමක් නෑ මගේ වෝල් එකේ කුණුහරුප , පුද්ගලික මඩ ගහල නිකන් කාලය නාස්ති වෙනව විතරයි ;එහෙම හැසිරෙන අර්ධ ශික්ෂණය වූ අයගෙ තිරශ්චීන අදහස් ඉවත් කරන යාන්ත්‍රණයක් මෙතන තියෙන නිසා..
    කාරණේ මේකයි...

    මේ වගෙ වැරැද්දක් වෙන දේශපාලන නායකයෙක්ගෙන් වුණා නම් අද බුකිය ක්ෂීර සාගරයට වඩා කැළඹිලා ඇති..

    විශේෂයෙන්ම මාලිමාවාදින්ගෙ බරපතල වෛරයට පත් කෙනෙක් අතින් වුණා නම්..

    උදා - බැසිල් සහ කපුටාස්
    සනත් නිශාන්ත සහ ඔක්සිජන්
    විමල් සහ ගී ද මෝපසාන්

    ඒකට හේතුව තමයි ඉතා දැඩි ස්වෝත්තමවාදින්ගෙන් මේ කදවුර පිරිලා තිබීම.

    ඔවුන්ගේ අෂ්ඨ ගරු ධර්ම මේ👇

    - අපි හැර ඔක්කොම හොරු
    - අපි හැර ඔක්කොම මෝඩයො
    - අපි හැර ඔක්කොම වහල්ලු
    - අපි විතරයි දන්නෙ
    - අපි කරපු ඔක්කොම හරි
    - අපි තමයි නියම වම
    - අපි විතරයි දේශප්‍රේමී
    - අපි හැර කාටවත් මේක ඉස්සරහට කරන්නත් බෑ

    මේ වගෙ හිතුව ඉස්සර කට්ටියක් ජර්මනියෙ..

    ආයෙ කාම්බෝජයේ .. ආයෙ ඉතාලියෙ..

    හැබැයි වැරදීම් ගත්තොත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ බිහිසුණුම වැරදීම් දෙකක් වුණේ ජවිපෙ අතින්...

    අනෙක කොටි සංවිධානය අතින්..

    මනුස්ස ජීවත, දේපල , රටේ ප්‍රතිරූපය විනාශ වෙලා ආර්ථිකය හොම්බෙන් ගියා විතරක් නෙවෙයි ,

    මනුස්ස ජීවිතේ වටිනාකම අපේ සංස්කෘතිය ඇතුලෙ හෑල්ලු වුණේ ඒ ආයුධ සන්නද්ධ විප්ලව නිසා..

    වධකාගාර වල තරුණ කොල්ලො කෙල්ලො දහදුක් විදල පණපිටින් කෑලි වුණා විතරක් නෙවෙයි හොද සිංදුවක් ලියන්න හිටපු , හොද රගපෑමක් බලන්න තිබුණ දක්ෂ මිනිස්සු පාරවල් ගාණෙ මැරුණ ඒ අත්වැරදීම් වලින්..
    ඒ නිසා අනුන්ට ඇගිලි දික්කරගෙන අවුරුදු හැත්තෑ පහක සාපයක් ගැන කියනකොට තමනුත් සාපයක් වුණ කාලයක් තිබුණ බව මාලිමා හිතවතුනි අමතක කරන්න බැහැ..

    මොකද ඒ කාලෙ මෙහෙම ලිව්වනම් කීර්ති විජයබාහු නොහොත් සමන් පියසිරි සහෝදරයාගේ ඕඩරෙන් දේශප්‍රේමියෙක් කණ ළගට ඇවිත් " ඩෝං " ගාල යනවා..

    තමුන්නාන්සෙලාට ඉතිහාසෙ වැරදුණු වැරදිල්ලෙ හැටියට අනුර මහත්මයගෙ වැරදිල්ල පොඩි වැරදිල්ලක්..

    මනුස්සයන්ට වරදිනවා..

    අනෙක් මිනිස්සුත් මිනිස්සු ,තමුන්නාන්සෙලත් මිනිස්සු ,අපි ඔක්කොම මේ රටේ මිනිස්සු මතවාදීව වෙනස් වුණත් ;

    අන්න ඒක ඔලුවෙ තියන් නිහතමානීව දේශපාලනේ කරන්න ..

    බොහොම ස්තුතියි !

    ReplyDelete
  11. මිණිරන් කථාව.

    මිණිරන් වලට කියපු පද පැටලීම ඔසවා තැබීමේ මඩ හා ඒවා සේදීමට ජවිපයේ තෝරු මෝරු රෙදි සෝදන යන්ත්‍ර ලෙස කටයුතු කරනු උදෙන්ම ඉහල පහල යනවිට දුටු ලක්ෂණයකි.

    ලංකාවේ මිණිරන් හෙවත් ග්රෆයිට් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන අමුද්‍රව්‍ය ගැන තමයි ඔහුගේ කතාව ගියේ.මීට දවස් කිහිපයකට පෙර ජවිපා මිත්‍රයෙක් තරුණ සංගමය හා ශිෂ්‍ය සංගමය කියන වචනේ අල්ලාගෙන මගේ පිටුවේ වැළලිලා දින දෙකයි ගත වෙලා තිබුණේ.

    ඔන්න අනුරය්යා නාගෙන කියලා අපිටත් උඩ පනින්න තිබුණා.වැරදීම් කියන එක වෙන දෙයක්.මිනිස්සුන්ට වචන වැරදුණාට කමක් නැහැ,එය නිවැරදි කරන්න තමන්ට සමාව ගන්න කොන්දක් තිබෙනවානම් අන්න එතන මහත්මා ගතිය තියෙනවා.වචනයක් වැරදුනාම මුළු පක්ෂේ ඉන්නේ මාධ්‍ය අංශයයි,සාහිත්‍ය ලේඛක අංශයයි එකතු වෙලා අනුර එහෙම දෙයක් අදහස් කලේ නැහැ කියමින් තමන්ගේ ගෙදර වැඩක් කරගන්න තියෙන කාලේ සේදීමට ගන්නවට වැඩිය අනුරට කියන්න තිබුණා සමාවෙන්න මම අදහස් කලේ ග්රෆින් කියලා.හැබැයි එහෙම නිහතමානි වෙන්න කොන්දක් හා මහත්මා ගතියක් නැති වුණාම මුළු පක්ෂෙම වචනෙකට බුකියට මරා ගන්න හෝ හෝදන්න දාලා තමන් ඒකෙන් වැනිෂ් වෙන එක ග්‍රාමය දේශපාලන බාවිතාවක්.

    කොහොම නමුත් මම අනුරය්යට කියන්න යන්නේ මිණිරන් කථාවක්.අපිට මිණිරන් ප්‍රධාන කොට ලැබෙන්නේ බෝගල පත්ලෙන්.ඒ පතලේ අයිතිය තියෙන්නේ 80% ක්ම Graphit Kropfmühl AG කියන ජර්මන් සමාගමට. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර සහයක වන්නේ Alterna GK LLC කියන ජර්මන් සමාගම. ඔවුන්ට මේකෙන් 10.3% අයිතියි.ඒ කියන්නේ 90% කට වඩා බෝගල පතල එම සමාගම් වලට අයිතියි.එහෙනම් අනුරය්යට පළමුව ඔය ඇමෙරිකාවේ ගිහිල්ලා කොරනවා කියපු වැඩේ කරන්න ඔය 90% අපිට ආපහු ගන්න වෙනවා.ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායට. නැතිනම් ඔවුන් ගෙන් ඔය පතලේ අයිතිය තියෙන 90% මිලදී ගන්න චන්ග් අක්කිගෙන් ණයක් ඕන වෙනවා. එහෙමත් නැතිනම් දැනටත් අනුරය්යා හා චන්ග් අක්කී ඇමෙරිකානු සමාගමකට විකුණන්න යනවා කියලා එයාලගේ වචන වලින්ම අපිට හිතෙනවා.

    ගිව්සුම් ප්‍රකාරව ඕවා ලේසියෙන් අවුරුදු පහකින් කළමනාකරණය කරලා රට දියුණු කරන්න අනුරය්යට සෑහෙන්න ජාත්‍යයන්තර සහයක් අවශ්‍යයි.ඔය ගණන් මිමි හදලා අච්චරයි මෙච්චරයි කියපු ණය ප්‍රමාණයේ අපේ රටේ ස්වභාවික සම්පත් සියල්ලම වගේ උගස් තියලා තියෙනවා.

    ඒ නිසා අනුරය්යට රට හදන්න ඇත්තටම පොලව හාරලා බැරි වෙනවා.මේ යථාර්තය තමයි පළමුව අනුරය්යා.එයාගේ සෝදන මැෂින් හා do or die කාඩර් වරු වගේම වැරදිච්ච වචනයට වඩා වැඩේ වැරදිලා තියෙන්නේ කියන එක වටහා නොගන්නා අනිත් මිලියන 22 ක බහුතර ජනතාව දැන ගන්න ඕන.

    ReplyDelete
  12. හිතවත් ඉයන්,

    ඔබ අනුර කුමාර දිසානායක එක්සත් ජනපදයේ පැවැත්වූ කතාව සම්පූර්ණයෙන්ම ඇහුවා ද? ඒ කතාව සම්පූර්ණයෙන්ම අහල මේ ගැන තව පෝස්ට් එකක් ලියන්න කියල මම ඔබට අභියෝග කරනවා.

    අපි ඔහු කී දේවල් වලින් අර කුප්‍රකට ග්‍රැෆයිට් මිනිරන් කතාව ජාතික ප්‍රශ්නය වගේ දේවල් අමතක කරලා ලංකාවේ විදේශ ණය (External Debt) ගැන විතරක් කතාකරල බලමු

    අනුරට සහෝදරයා කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International sovereign bonds - ISB) ණය නැවත නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියල කියන අපි හිතන විදියට බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි.

    මේ වගේ මනස්ගාත කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත් අන්තර්ජාලය හරහා හෝ සොයා යමක් මූලික දේවල්වත් ඉගෙන ගත යුතුව තිබෙන බවයි මගේ අදහස.

    ස්වෛරී රාජ්‍ය වල නීත්‍යානුකූල ආණ්ඩු විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කරන්නේ රටේ පවතින හදිසි මූල්‍ය ගැටලු වන අයවැය හිඟය සහ පවතින ණය ප්‍රතිමූල්‍යකරණය වැනි විවිධ අරමුණු සඳහා වගේම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පවා ප්‍රාග්ධනය රැස් කිරීම සඳහායි.

    ගෝලීය මූල්‍ය ආයෝජන වෙළඳපොළේදී ISB නිකුත් කිරීම සාමාන්‍යයෙන් කළමනාකරණය කරන්නේ ප්‍රබල ආයෝජන බැංකු සහ මූල්‍ය ආයතන සමූහයක්. ඔවුන් බැඳුම්කර සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඒවා මිල නියම කිරීමට රජයන්ට නියෝජිතයන් Agents ලෙසට වැඩ කරනවා

    මේ එවැනි ආයතන කීපයක්.

    BNP Paribas
    Credit Suisse
    Bank of America
    JPMorgan Chase
    CITIGROUP Inc
    Goldman Sachs
    ICBC
    Morgan Stanley
    UBS
    Wells Fargo
    Sumitomo Mitsui Financial Group
    Credit Agricole
    Santander Group
    Etc...

    දැන් අනුර කියන විදියට මෙම ණය ගෙවීම පැහැර හැරීම රටක් බංකොලොත් ලෙස සැලකෙනවා. දැනටමත් ලංකාව තාවකාලිකව මෙය කර ඇති අතරම එමගින් රටේ ආර්ථිකය ජාත්‍යන්තර ණය දර්ශකවල පහළටම ඇද වැටෙනවා.

    එවිට තවදුරටත් විදේශ ආයෝජන ආකර්ෂණය සහ විදේශ ණය ගන්නට බැරි වෙනවා. ලෝක වෙළෙද සංවිධානය WTO ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල සම්බාධකවලට රට යටත් විය හැකියි.

    එහි ඵල ලෙස විදේශ වෙළඳාම සහ ආයෝජන සීමා කිරීම් මෙම සම්බාධකවලට ඇතුළත් විය හැකිය. ඒ වගේම ආයෝජක විශ්වාසය සම්පූර්ණයෙන්ම පාහේ නැති වෙනවා.

    අනිත් අතට අනුරම කියන ඩොලර් ඉපැයීම ඔහොම ණය පැහැර හැරලා කවදාවත් කරන්න බැහැ. ඔහු කියන පරිදි තමන් කැමති සමාගම්වලට විතරක් ආරාධනා කරන්න පුළුවන් වෙයිද එහෙම රටකට? ISB ණය නොගෙවන රටවලට ගෝලීයව විශාල අපකීර්තියක් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැහැනේ. මේ ණය වලින් කොටසක් ගත්තෙ අනුරලා මහින්ද රාජපක්ෂ එක්ක එකතු වෙලා පුළුල් කරපු රාජ්‍ය අංශය නඩත්තු කරන්න. 2005 සිට 2008 දක්වා ජවිපෙ අන්තරේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලක්ෂයක් විතර දෙන්න රජයේ ආයතන තව පුළුල් කරන්න සහ ඊට පසුව පොහොට්ටුවේ අයටද ඒ වගේ දේවල්වලට.

      ඒ වෙනුවෙන් ගත් ඩොලර් බිලියන පහක ණය ගෙව්වෙත් තව ණය අරන්. ඊළඟට ඉතුරු විශාල කොටස ජවිපෙ සහාය ඇතිව ජවිපෙත් ඡන්ද අරගෙන පත්වූ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව යටතේ ඩොලර් බිලියන 12 ක ISB අරගෙන රජයේ සේවකයන්ට රු. 10k පඩි වැඩිකිරීමට සමෘද්ධිය වැඩි කිරීමට සමාජ සේවා සෞඛ්‍ය සේවාව නොමිලේ දීම, 2015 අධික බදු අඩුකිරීම රු. 117 ට පාඩුපිට පෙට්රල් රු. 95ට ඩීසල් ර. 1500 ගෑස් ආදී ලාබ දේවල් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය වල තීරු බදු අධික ලෙස අඩුකර ලාබෙට දෙන්න සතොසෙන් බඩුමලු දෙන්න පාඩුපිට වගේ විගඩම් වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ

      ඒ අනුව ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැකි යයි සිතීම අනුරගේ මනස්ගාත හිතලුවක් බව මෙමගින් ඔබට වැටහෙනු ඇති

      මේ වගේ ගොබ්බ විසඳුම් වාමාංශික ආණ්ඩුවක් බලයේ සිටි ග්‍රීසියේවත් යෝජනා වුණේ නැහැ. ග්‍රීසිය දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නැවත restructure කර ආපසු ගෙවමින් ඉන්නවා. ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිහින් දැන් නැවතත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

      අනුර කියන විදියට අපට ණය නොගෙවා ෆුල් චූන් එකේ ආතල්දිදී ඉන්න බැහැ. එතකෝට ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) වැනි ජාත්‍යන්තර උසාවිවල ISB ණය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකියි. බැංකු නඩු දිනුවොත්, ණය පැහැර හැර ඇති ISB ප්‍රමාණය සහ පොලී සහ තවත් මිලියන ගණනක නෛතික ගාස්තු අය කරගැනීමට පුළුවන්.

      ඒ වන්දිත් ගෙවන්නේ නැතිනම් ජාත්‍යන්තර වාණිජ නීතිය යටතේ රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට පුළුවන්. ISB ණය ආපසු ගෙවීම පැහැර හරින රටවල විදේශගත බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංචිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකියි.

      මීට කේස්ලෝ උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ වෙනිසියුලාවට එරෙහිව නඩු පවරා ඩොලර් මිලියන 600ක වන්දියක් දිනාගත්තා. නඩුව තවමත් අවසන් නැහැ. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරනවා.

      එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබෙනවා. කෙසේ වෙතත්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දිගටම පවත්වාගෙන යනවා.

      ඇමරිකා ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා තිබෙනවා. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයෙක්.

      අනුර කුමාර සහෝදරයා මේ කරන්නේ ලංකාවේ නූගත් මිනිසුන් බරපතල මිථ්‍යාවක හෙළන එක. අමාරුවෙන් ගොඩ ගනිමින් සිටින ලංකාව ඔහුගේ මේ කිසිම පදනමක් නැති බහුබූත ජනප්‍රියවාදී කටහැකර කතා නිසා තවත් අමාරුවේ වැටෙන බවයි මටනම් පේන්නේ. මේ ගැන ඔබ දරන මතය ඇත්තටම කුමක්ද?

      Delete
  13. ග්‍රැපයිට් ලපයාට නුවන් සුව

    ReplyDelete
  14. ඔහොම තමයි මචන්ලා මතකද ලංකාගම පාර හදනකොට පේස්බුක් ගව සම්පත නටපු විදිහ ?

    සිංහරාජෙ ඉවරයි කිව්වා
    ඔකපතන ශාක වඳවෙයි කිව්වා
    ලංකාවට ආවේණික පුක්මන්තා සත්වයා වඳවෙයි කියල දුක් වුනා

    බුකි පරිසරවේදීන්ට ඕන උනේ තමන් නගරෙට වෙලා හැම සැපක්ම විඳින අතරේ තමන් අකමැති ආණ්ඩුවට මඩ ගහල ඒකේ ප්‍රතිඵලයක් විදියට ලංකාගම මිනිස්සු පාරක් නැතුව දුක් විඳිනවා බලන්න. නිවාඩුවට ගිහින් එන්න දුෂ්කර ගම එහෙමම තියන්න.

    අද ලංකාගම පාර හදලා. මිනිස්සුන්ගෙ ජීවිත පහසු වෙලා. සිංහරාජෙ විනාස උනෙත් නෑ ඔකපතන ශාක වඳවුනෙත් නෑ පුක්මන්තො වඳවුනෙත් නෑ.

    පේස්බුක් ගව සම්පතේ මුඛ පූට්ටු උනා 😂

    බුකියේ ගොන්නු හදන හැම ගොන් රැල්ලකම අවසානය ඕක තමා. සති දෙකක් උස්සන් දුවනව. ඊළඟට වෙන මාතෘකාවක් ආවම ඒක පස්සේ දුවනවා. අන්තිමට උන්ගෙ බොරු අතේ පැලවෙලා ලස්සනට වැඩේ නෝන්ඩි වෙනවා. මතකනේ අර ගිනිගෙන දැවුණ express pearl නැවේ මහා පරිසර පද්ධති විනාශවෙන බවට වූ නැව් බොරුව, සිංහරාජ භාග්‍යා වීගඩම, පණුකරඳ කෙබරය, දේවානි කෝලම් නාට්‍ය, ඊට පස්සේ මෑතදී ආපු චැනල් ෆෝ කෙබර චැනල්එකේ පාස්කු නාඩගමේ අලුත් එපිය මේ සේරම වගේම ඔය ක්‍රිකට් නාඩගමත් ලෝක කුසලාන තරගාවලිය ඉවර වෙනකොටම ආපහු යට යයි, දැන් චැනල් ෆෝ ගූගොඩ ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදයට රෙදි නැතුව කඩේ යමින් අර හොස්පිට්ල් වලට බරපතල ගුවන් බෝම්බ දාලා අහිංසක ජනතාවයි පණ අදින ලෙඩ්ඩුයි ළමයින් සහ ගැහැණු සියගණනින් අමානුෂික ලෙස මරා දැමීම වගේ පාහර අසික්කිත වැඩ වගේ ඒවා සාධාරණය කරමින් ඒවා යට ටෙරාලගේ කෑම්ප් තිබුණයි කියලා අතේ පැලවෙන වැල් බයිලා ගහනකොට චැනල් 04 ගූගොඩ කරතියාගෙන ලංකාවේ උඩපැනපූ තම්භිලා ගලේ පහරපු රිළව් වගේ මීක් නෑනේ? මාර හිනහයි ඕයි මේවට 😅🤣😂

    ReplyDelete