Monday, November 6, 2023

මිනිරන් කොපි කර ග්‍රැෆයිට් හැදීම




අනුරගේ මිනිරන් කථාව ගැන බොහෝ විකට සංවාද වගේම ඒ කථාව සාධාරණීය කරන කථාත් ෆේස්බුක් එකේ යනවා. 

මේ ගැන මගේ මතය.

පළමුවෙනි දේ තමයි මේක අනුන්ගේ අදහසක් කොපි කිරීමක් කියන එකයි. 2023 පෙබරවාරි මාසයේ 14 තිබුණ සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවක ආචාර්ය හර්ෂ ද සිල්වා මිනිරන් ග්‍රැෆීන් ලෙස අගය එකතු කිරීම ගැන කරපු විස්තර කිරීමක් තමයි ඉහත වීඩියෝවේ 24.00 සිට  25.00 දක්වා   තියෙන්නේ.

 ඇමෙරිකාවේදී අනුර කරන වැරදි වචන භාවිතය නොවන්නට බොහෝ දෙනෙක් මෙය ඔහුගේම අදහසක් බව විස්වාස කිරීමට ඉඩ තිබිණි. 

මගේ අදහස නම් මොවුනට  රජයක කාර්‍යය භාරය ගැන කිසිම වැටහීමක් නොමැති  බවයි . මේ ලෝකයේ තව රටවල් 180 ක් පමණ ඇති නිසා අන් රටවලත් රජයෙන් කර්මාන්ත කිරීම, නිශ්පාදනයට අත ගැසීම, වැනි දේවල් කරනවාදැයි දැන ගැනීමට අවස්ථා ඇත. රජයක වගකීම නීති සම්පාදනය පමණක් බවත් රැකියා දීම. පාරවල් හැදීම, ගුවන් තොටුපලවල්, ක්‍රීඩාංගන හැදීම, මිනිරන් පැටවීම රජයක වගකීම නොවන බවත් නොවැටහෙන දේශපාලකයිනුත් ජනතාවකුත් සිටින තෙක් මේ මෝඩ රට පස්සට යාම නැවැත්විය නොහැකිවනු ඇත.   

රජයක වගකීම නිශ්පාදනය නෙවෙයි. නිශ්පාදනය. අගය එකතුකිරීම වැනි දේවල් ගැන ප්‍රතිපත්ති තීරණ අරගෙන පෞද්ගලික අංශයට ඒ දේවල් කිරීමට අවශ්‍ය පසුබිම සහ නීති සම්පාදනය පමණයි. 

මගේ අදහස නම් අනාගත රජයක් විසින් මිනිසුන්ට ඇත්ත කථා කර කල යුතු දේවල් මේවායි.


1. විදේශ විනිමය ඉතුරු කිරීම

(අ ) අද රටෙන් විදේශ විනිමය වියදම් වෙන විදේශ අධ්‍යාපනය වෙනුවට, වසරකට අඩුම වශයෙන් සිසුන් 50,000 ක් ඇතුලත් කරගත හැකි පුද්ගලික විශ්ව විද්‍යාල 25 ක් ඇරඹීම. මේ අළුත් විශ්ව විද්‍යාල රටේ ප්‍රමුඛම විශ්ව විද්‍යාල වන කොළඹ, මොරටුව, පේරාදෙණිය, යාපනය වැනි ආයතන වලට අනුබද්ධ ආයතන ලෙස අවුරුදු 10 ක කාලයට සම්බන්ධ කලයුතුය. එම පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් පෙනී සිටිය යුත්තේ එසේ අනුබද්ධ කල විශ්ව විද්‍යාලයේ විභාග වලටය. එම සිසුන්ටත් එම ප්‍රධාන විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනැමිය යුතුය. විභාග සඳහා, විද්‍යාගාර පාවිච්චිය උදෙසා, සහ සුපරීක්ෂණය උදෙසා රජයේ විශ්ව විද්‍යාලය මුදල් අය කල යුතුය. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා ආචාර්‍ය වරුන්ගේ ප්‍රමිතිය, විෂය නිර්දේශය, විද්‍යාගාර පහසුකම් එකතු කිරීම, අයකරන මුදල්, ආදිය අනුබද්ධ විශ්ව විද්‍යාලයෙන් සහ ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය කලයුතුය. මීට අමතරව මෙම විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම බුද්ධි පරීක්ෂණ හරහා කලයුතුය. එමෙන්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිසුණය බැංකුවක් බවට පත්කොට එක්තරා ආදායම් (හෝ වත්කම්) මට්ටමකින් පහල අයට සිසුණය ලබා දිය යුතුය. රැකියාවක් ලැබුණු පසු අද අර්ථසාධක අරමුදලට යවන කොටස සිසුණය ගෙවීමට යොදාගත යුතුය.   

       මේ ක්‍රමයෙන් මුදල් ඇති අය විදේශ අධ්‍යාපනයට යොමු වන එක නතර නොවුනත්, ණය වී විදේශ අධ්‍යාපනයට යන අයටත්, එසේ ණයවී හෝ මුදල් හොයා ගැනීමට නොහැකි අය ත්‍රිරෝද රථ වල සහ ගෘහ සේවිකා රැකියාවලට යන එක වත් අඩු විය හැක. වසර කිහිපයකදී විදේශ සිසුන් ආකර්ශණය කර ගැනීම මඟින් අඩුම වශයෙන් වසරකට ඩොලර් බිලියනයක් වත් රට අද්දා ගැනීමට හැකිවනු ඇත. 

(ආ ) සිංගපූරුවේ මෙන් වසරකට ආනයන කල හැකි වාහන ප්‍රමාණය සීමා කලයුතුය. ඒසඳහා ආනයන බලපත් අන්තර්ජාලය හරහා වෙන්දේසි කලයුතුය. 

(ඇ) රටට ආනයන කරන දේවල් විශ්ලේශණය කර සරුංගල්, ප්ලාස්ටික් සෙල්ලම් බඩු වැනි අන්‍යවශ්‍ය ආනයන තහනම් කිරීම.    


2. රුපියල් ආදායම් වැඩි කිරීම සහ වියදම් පාලනය

(අ  ) අවශ්‍ය රජයේ සේවකයින් ප්‍රමාණය ඇස්තමේන්තුකර, අද සිටින සේවකයින් බුද්ධි පරීක්ෂනයක් හරහා තෝරාගතයුතුය. අතිරික්ත සේවකයින් වැටුපෙන් 50% ගෙවීමකට යටත්ව මුදාහැරිය යුතුය. මෙයින් රජයේ සේවක පඩි අඩුම වශයෙන් 25% කින් අඩුවේ. ස්වාධීන කොමිසමකින් අනුමැතියකින් තොරව රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන අයට අවුරුදු 10 ක සිර දඩුවමක් පැනවිය යුතුය.

(ආ) නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සේවය එක්තරා ආදායම් (සහ වත්කම්) මට්ටමකට අඩුවෙන් සිටින අයට පමණක් සීමා කලයුතුය.

(ඇ) අඩුම වශයෙන් ප්‍රධාන මාර්ග භාවිතය සඳහා මෝටර් සයිකල්, ලොරි රථ සහ බස් හැර අනිකුත් වාහන වලට ගාස්තු අයකල යුතුය.

(ඈ) රජයේ මිලදී ගැනීම් සඳහා අනුමැතිය ස්වාධීන ආයතනයකින් කල යුතුය. එසේ අනුමතවූ  මිලදී ගැනීම් සඳහා අන්තර් ජාලය හරහා ලංසු ලබා ගැනීම කලයුතුය. එවිට අතරමැදියන් සහ කොමිස් කාක්කන්ගේ ග්‍රහණයෙන් රජයේ මිලදී ගැනීම් බේරා ගත හැක. එමෙන්ම සියළුම මිලදී ගැනීම්, මිල ගණන් මහජනයාට විවෘත වනු ඇත.

(උ) රජයේ ආයතන සතු වාහන වලින් 30%පමණ ලංගම යටතේ ඌබර් වැනි ආයතයකට පවරා, රජයේ ආයතන වල අවශ්‍යතා වෙනුවෙන් ඌබර් ක්‍රමයට වාහන අයදුම් කිරීමට සැලසිය යුතුය. ඉතිරි වාහන අන්තර් ජාලයේ ලංසු හරහා විකුණා දැමිය යුතුය.

(ඌ) වටිනාකම මියන 10 ඉක්මවූ සියළුම ඉඩකඩම් සහ ගොඩනැගිලි වලින් වටිනාකමින් 0.25% ක බද්ධක් අයකල යුතුය. මෙයින් නගර සභා, ප්‍රදේශීය සභා, පලාත් සභා ආදිය සඳහා රජය දරන වියදම මෙන් කිහිප ගුණයක ආදායමක් ලැබෙනු ඇත. එමෙන්ම දියුණු රටවල් මෙන් පලාත් පාලන ආයතන වෘත්තිකයන් හරහා පාලනය කල යුතුය.              

(එ) රජය සතු ව්‍යාපාරික ආයතන විනිවිද පෙනෙන ක්‍රමයන් හරහා පුද්ගලිකකරණය තරඟකාරී නොවන ඒවායේ සේවා සඳහා අයකල හැකි ගාස්තු නියාමනය කොමිසමක් හරහා කලයුතුය. උදාහරණයකට ඛනිජ තෙල් සංස්ථාව නොතිබුණානම් වියදමට සාධාරණ ලාභයකට නියාමනය කලා නම් විදේශීය සමාගම් ඛනිජ තෙල් වෙලඳාමෙන් අධික ලාභයක් ගැනීම වෙනුවට අඩු මුදලකට තෙල් ලබා ගැනීමට ජනයාට හැකි වීමට ඉඩ තිබිණි.  

(ඒ) දුප්පත්කම නැතිකිරීම ස්වාධීන ආයතනයක් මඟින් කල යුතුය. ආධාර මුදල් දීමට අමතරව එම පවුල් වලින් කෙනෙක් හෝ රැකියා මාර්ගවලට පුහුණු කර රැකියා ලබා ගැනීමට උදව් කිරීම හරහා රජයෙන් යැපීමෙන් නිදහස් කිරීමත් කලයුතුය. සියළුම ආධාර ලබන්නන් ඔවුන්ගේ ආදායම සහතික කර දිවුරුම් ප්‍රකාශ ලබා දීමට සැලසිය යුතුය. එමෙන්ම ව්‍යාජ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්නන්ගේ දේපල රාජසන්තක කලයුතුය.  එසේ නැත්නම් ව්‍යාජව ලබාගත් මුදල් පොලියත් සමඟ ගෙවීමට සැලසිය යුතුය.


3. රටේ රැකියා සුලභ කිරීම

රටේ රැකියා සුලභ කිරීමට රජයකට කල හැකි හොඳම දෙය කම්කරු නීති ලිහිල් කිරීමය. 1971 සේවයෙන් ඉවත්කිරීමේ පණත ගෙන ඒමට පෙර අයෝජකයෙකුට කිසිම බියකින් තොරව සේවකයින් බඳවා ගැනීමට හැකිව තිබිණි. තමන්ගේ ව්‍යාපාරයේ උන්නතියට නුසුදුසු කෙනෙක් ඉවත් කිරීමේ හැකියාව එවකට තිබිණි. දශක කීපයක් පෞද්ගලික අංශයේ සේවය කර ඇති මට කිසිදාකත් හොඳින් සේවය කරන සේවකයෙක් සේවයෙන් පහකිරීමට උත්සාහ කරන අයෝජයකයෙන් මම නම් දැක නැත. 1977 නිදශස් වෙලඳ කලාපයට මෙම නෙති බල නොපාන ලෙස සකසා තිබුණත් රටට කෙලවුනත් චන්ද දිනීම අවශ්‍යවූ චන්ද්‍රිකා පාලනයෙන් එම නීති වෙනස් කරන ලදී. අද රැකියා තියෙන අයගේ යහපතට නීති දමා අනාගත රැකියා ඇති වීම වැලැක්වීම අනුවන දෙයකි. 1977 දී මෙන් නොව අද සෑම රටක්ම විදේශ සහ දේශීය අයෝජන ලබා ගැනීමට උත්සාහ කරයි. අඩුම වශයෙන් අවුරුදු 23 ට අඩු අය සඳහා මෙම නීති බල නොපවත්වන ලෙස නීති වෙනස් වුවහොත් අද රැකියා ඇති අයට හානියක් නොවී තරුණ අයට රැකියා ඇතිකිරීමට නව අයෝජන ලබා ගැනීමට හැකි වනු ඇත. 
     
එසේ නොමැතිව රජයේ රැකියා දීමෙන් හෝ මී මැසි පෙට්ටි බෙදා දීමෙන් රැකියා ප්‍රශ්ණ විසඳීම වැනි ගොන් විහිළු විසඳුම් දීමෙන් වසරකට පිටවන 300,000 ක් වන ශ්‍රම බලකායට රැකියා දීමට නොහැක.

4. ව්‍යවස්ථා සංශෝධනය

අද ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කරන්නේ දැන් ඉන්නා මන්ත්‍රීන්ය. ඔවුන් කිසිම දිනක ඔවුන්ගේ සුභ සිද්ධියට විරුද්ධ වෙන දෙයක් නොකරනු ඇත. ව්‍යවස්ථා සංශෝධනයකදී කල යුතු ප්‍රධානතම වෙනස නම් 1972 සහ ඊට පසු ව්‍යවස්ථා සංශෝධන වලින් දේශපාලන අධිකාරිය පවරා ගත් බලතල මුදා හැරීමයි. අද ජන ජීවිතයේ සෑම දේකටම දේශපාලනය සම්බන්ධය. දියුණු රටවල මෙන් පාර්ලිමේතුව නීති සම්පාදනයට පමණක් සීමා කර, සංවර්ධන කටයුතු, අධ්‍යාපනය, ඉඩම්, රාජ්‍ය ආයතන, ආදිය දේශපාලනයෙන් මුදාගෙන ස්වාධීන කොමිසම් වලට බාර කලයුතුය. අද පවතින ව්‍යවස්ථාව ටින්කරින් නොකර දියුණු රටවල ව්‍යවස්ථාවන් හදාරා ජන ජීවිතය දේශපාලනයෙන් මුදාගන්නා ව්‍යවස්ථාවක් ඇතිකල යුතුය. එවන් සංශෝධන ඉල්ලා සිටිය යුත්තේ මහජනතාවයි.  

5. තිත්ත ඇත්ත 

අවුරුදු 75 ක් තුලදී රුපියල් ආර්ථිකය කඩා වැටුනේ හැම දේම නිකන් දීම නිසා බවත්, ඩොලර් ආර්ථිකය කඩා වැටුනේ ඩොලර් ණය යොදා කල ආදායම් නූපදන අයෝජන සහ වසරකට ඩොලර් බිලියනයක් පමණ විදේශ අධ්‍යාපනයට පිටරට පැටවූ නිසා බවත් රහසක් නෙවෙයි. 1988 දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ සිට ජවිපෙ කල පුද්ගලික විශ්ව විද්‍යාල අඩපණ කිරීම අද ඩොලර් ණය ප්‍රමාණය වෙන ඩොලර් බිලියන 55 න් 40 කට පමණ වගකිව යුතුයි. ඒවගේම තාක්ෂණික උගතුන් පිටරට රැකියා වල නොයවා ගෘහ සේවිකාවන් යැවුනේද ඒ නිසයි. අන් රටවල් බිලියන ගනනක් පුද්ගලික විශ්ව විද්‍යාල හරහා හොයද්දී බංගලාදේශයේ විශ්ව විද්‍යාල වලටත් අපේ සල්ලි ගියේ ඒ නිසා බව පිලිගත යුතුයි.  

අප මෙන්ම දුප්පත් වී තිබූ බංග්ලාදේශය අද අපිට ණය දෙන තත්ත්වයට පත් වුනේ රාජපක්ෂ ජී එස් පී නැතිකර ගැනීමෙන් ඉහල ප්‍රමිතියේ ඇඟළුම් කර්මාන්තය බංග්ලාදේශයට පූජා කිරීම සහ පුද්ගලික විශ්ව විද්‍යාල හරහා ඔවුන් සොයන මුදල් සම්භාරය බව නොතේරෙන අය එම ප්‍රශ්ණ වලට කෙලින්ම වගකිවයුතු අයගෙන්ම ගැලවීමක් බලාපොරොත්තු වීම නම් විහිළුවකි.  

රටේ ප්‍රශ්ණ පිලිබඳව තිත්ත ඇත්ත කථා කර බඩ සහා තමන්ගේ වාසි වලට චන්දෙ දෙන ආකල්පය වෙනස් කර අනාගතයට රට හදන්න නම් ඇත්ත කිව යුතුයි. කාගෙ හරි කථාවකින් කොටසක් හොරකම් කරගෙන ඇමෙරිකාවට ගිහින් කියන ජවිපෙත් රටේ ප්‍රශ්ණ ගැන වියදම් ප්‍රශ්ණ එලිපිට කථා කරන්න බැරි අනිකුත් පක්ෂත් කරන්නේ තව පාරක් නූගතුන් කඩේ යැවීමක් පමණයි

6. අරගලය අපතේ යාම

අරගලය ආරම්භ වුනේ රටේ ප්‍රශ්න ගැන යම් අවබෝධයක් සහ කැක්කුමක් ඇති අයගෙන් වුනත්, අවසාන කාලයේදී එය දේශපාලණීකරණය වීම නිසා රට නිවැරදි මඟකට ගැනීමට තිබූ හොඳම අවස්ථාවක් මඟ හැරී ගිය බව මගේ අදහසයි. මාසයක් පමණ ගතවන විට අරගලයට ඇතුළුවූ සමහර අය කල ඉල්ලීම් ලැයිස්තුවට ඇතුලත් වුනෙ කාටවත් පැහැදිලි නැති සිස්ටම් චේන්ජ් එකකි. අවසාන වන විට එහි අරමුණ පාර්ලිමේතුව අත්පත් කර ගැනීම වැනි බලය ඇල්ලීම් වලට යොමු වින. රටේ ප්‍රශ්න වලට දේශපාලකයින්ට අමතර නිලධාරීන්, සහ නිකන් කන්න බලාගෙන ඉන්න මහජනතාව සහ ජනජීවිතය දේශපාලණීකරණය වී තිබීම,  යන්න තේරුම් ගැනීමට තරම් බුද්ධියක් අරගල භූමියේ තිබී එයින් මගදී අයින් වීම අවාසනාවකි. ඇත්තම ප්‍රශ්ණ ටික කථා කර වෙනස් වීම් ඉල්ලා සිටීමට තිබූ ඓයිතිහාසික  අවස්ථාවක් නාස්තිවී යාම අවාසනාවකි.   

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

27 comments:

  1. අනුර විසින් කල ග්‍රැෆයිට් කතාවේ වචනයක් එහෙ මෙහෙ උනාට එහි සමස්ථය නිවැරදිය..

    අනෙකුත් දේශපාලන පක්ෂ එදා සිට යෝජනා කරන්නේ එවැනි ක්‍රමයකි. අනුරට එය වැටහී ඇත්තේ දැන් ඇමරිකාවට ගිය විටය.

    එහිදී ඔහු යෝජනා කරන්නේ විදේශ ආයෝජන නොමැතිව අපට යුගයට අවශ්‍ය තාක්ෂණය ලබාගත නොහැකි බවයි.. එය සත්‍යයකි, නමුත් ගැටළුව ඇත්තේ එහි නොව ඔහු ඇමෙරිකාවේ සිට ප්‍රාග්ධනය රට තුලට පැමිණිය යුතුයැයි කියන විට සමන්ත විද්‍යාරත්න රිදී මාලියද්දේ සිට බහුජාතික ආයෝජනවලට එරෙහි ගෝත්‍ර පන්නයේ උත්ඝෝසන වල නියැලීමයි..

    එසේම තවත් පැත්තක සිට ටිල්වින් සහෝදරයා බටහිර විරෝදී ජ.වි.පෙ. ජාතික සමාජවාදය ජ.වි.පෙ. පරණ කන්ඩායම සමග තාම කරගසාගෙන යයි..

    බලය නොමැති විට ඒ ඒ පැතිවලට, ඒ ඒ අයට ඒ ඒ කෙසෙල් ගෙඩි බෙදිය හැකිය, ඒතුලින් යම් යම් වාසිද ලැබිය හැකිය.. නමුත් ගැටලුව, බලය ගත් පසු ගොනා ගොඩට මීමා මඩට අදින මතවාද සමඟ එක් වැඩපිලිවලකට පැමිණෙන්නේ කෙසේද යන්නෙහිය ….

    ReplyDelete
  2. වැරදීම
    ------

    අනුර දිසානායක මහත්මයාට ඇමෙරිකාවෙ දේශනයෙදි වචනයක් පැටලිලා වැරදුණා..

    ඒක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් දෙයක්..

    මම හිතන්නෙ නෑ ඔහුගෙ නොදැනුමක් කියල ඒක..

    ඒ වගේම ඔහුට ඉංග්‍රීසි බැරිකම නිසා ඔහු මෝඩයෙක් කියල මම හිතන්නෙ නෑ..

    විශ්ව විද්‍යාල උපාධිය සම්පූර්ණ කරලද නැද්ද මම දන්නෙ නැහැ..

    සම්පූර්ණ නැතත් ඔහු අදක්ෂයෙක් නෙවෙයි.

    ඇකඩමික් කෝස් එක අස්සෙ ශිෂ්‍ය ව්‍යාපාරෙ කලක් නායකත්වයක් දරපු නිසා දන්නව ලේසි මිනිහෙක්ට කැපෑසිටියක් එන්නෙ නෑ දේශපාලන සංවිධානයක නායකත්වය දරන්න..

    මේ කාරණා මුලින්ම මම කියන නිසා මාලිමා ෆේක් සෙට් එක බැහැල මට බනින්න කලින් කියවල ඉදියි කියල හිතනවා..

    බැන්නත් කමක් නෑ මගේ වෝල් එකේ කුණුහරුප , පුද්ගලික මඩ ගහල නිකන් කාලය නාස්ති වෙනව විතරයි ;එහෙම හැසිරෙන අර්ධ ශික්ෂණය වූ අයගෙ තිරශ්චීන අදහස් ඉවත් කරන යාන්ත්‍රණයක් මෙතන තියෙන නිසා..
    කාරණේ මේකයි...

    මේ වගෙ වැරැද්දක් වෙන දේශපාලන නායකයෙක්ගෙන් වුණා නම් අද බුකිය ක්ෂීර සාගරයට වඩා කැළඹිලා ඇති..

    විශේෂයෙන්ම මාලිමාවාදින්ගෙ බරපතල වෛරයට පත් කෙනෙක් අතින් වුණා නම්..

    උදා - බැසිල් සහ කපුටාස්
    සනත් නිශාන්ත සහ ඔක්සිජන්
    විමල් සහ ගී ද මෝපසාන්

    ඒකට හේතුව තමයි ඉතා දැඩි ස්වෝත්තමවාදින්ගෙන් මේ කදවුර පිරිලා තිබීම.

    ඔවුන්ගේ අෂ්ඨ ගරු ධර්ම මේ👇

    - අපි හැර ඔක්කොම හොරු
    - අපි හැර ඔක්කොම මෝඩයො
    - අපි හැර ඔක්කොම වහල්ලු
    - අපි විතරයි දන්නෙ
    - අපි කරපු ඔක්කොම හරි
    - අපි තමයි නියම වම
    - අපි විතරයි දේශප්‍රේමී
    - අපි හැර කාටවත් මේක ඉස්සරහට කරන්නත් බෑ

    මේ වගෙ හිතුව ඉස්සර කට්ටියක් ජර්මනියෙ..

    ආයෙ කාම්බෝජයේ .. ආයෙ ඉතාලියෙ..

    හැබැයි වැරදීම් ගත්තොත් ලංකාවෙ නිදහසෙන් පස්සෙ බිහිසුණුම වැරදීම් දෙකක් වුණේ ජවිපෙ අතින්...

    අනෙක කොටි සංවිධානය අතින්..

    මනුස්ස ජීවත, දේපල , රටේ ප්‍රතිරූපය විනාශ වෙලා ආර්ථිකය හොම්බෙන් ගියා විතරක් නෙවෙයි ,

    මනුස්ස ජීවිතේ වටිනාකම අපේ සංස්කෘතිය ඇතුලෙ හෑල්ලු වුණේ ඒ ආයුධ සන්නද්ධ විප්ලව නිසා..

    වධකාගාර වල තරුණ කොල්ලො කෙල්ලො දහදුක් විදල පණපිටින් කෑලි වුණා විතරක් නෙවෙයි හොද සිංදුවක් ලියන්න හිටපු , හොද රගපෑමක් බලන්න තිබුණ දක්ෂ මිනිස්සු පාරවල් ගාණෙ මැරුණ ඒ අත්වැරදීම් වලින්..
    ඒ නිසා අනුන්ට ඇගිලි දික්කරගෙන අවුරුදු හැත්තෑ පහක සාපයක් ගැන කියනකොට තමනුත් සාපයක් වුණ කාලයක් තිබුණ බව මාලිමා හිතවතුනි අමතක කරන්න බැහැ..

    මොකද ඒ කාලෙ මෙහෙම ලිව්වනම් කීර්ති විජයබාහු නොහොත් සමන් පියසිරි සහෝදරයාගේ ඕඩරෙන් දේශප්‍රේමියෙක් කණ ළගට ඇවිත් " ඩෝං " ගාල යනවා..

    තමුන්නාන්සෙලාට ඉතිහාසෙ වැරදුණු වැරදිල්ලෙ හැටියට අනුර මහත්මයගෙ වැරදිල්ල පොඩි වැරදිල්ලක්..

    මනුස්සයන්ට වරදිනවා..

    අනෙක් මිනිස්සුත් මිනිස්සු ,තමුන්නාන්සෙලත් මිනිස්සු ,අපි ඔක්කොම මේ රටේ මිනිස්සු මතවාදීව වෙනස් වුණත් ;

    අන්න ඒක ඔලුවෙ තියන් නිහතමානීව දේශපාලනේ කරන්න ..

    බොහොම ස්තුතියි !

    ReplyDelete
  3. මිණිරන් කථාව.

    මිණිරන් වලට කියපු පද පැටලීම ඔසවා තැබීමේ මඩ හා ඒවා සේදීමට ජවිපයේ තෝරු මෝරු රෙදි සෝදන යන්ත්‍ර ලෙස කටයුතු කරනු උදෙන්ම ඉහල පහල යනවිට දුටු ලක්ෂණයකි.

    ලංකාවේ මිණිරන් හෙවත් ග්රෆයිට් යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන අමුද්‍රව්‍ය ගැන තමයි ඔහුගේ කතාව ගියේ.මීට දවස් කිහිපයකට පෙර ජවිපා මිත්‍රයෙක් තරුණ සංගමය හා ශිෂ්‍ය සංගමය කියන වචනේ අල්ලාගෙන මගේ පිටුවේ වැළලිලා දින දෙකයි ගත වෙලා තිබුණේ.

    ඔන්න අනුරය්යා නාගෙන කියලා අපිටත් උඩ පනින්න තිබුණා.වැරදීම් කියන එක වෙන දෙයක්.මිනිස්සුන්ට වචන වැරදුණාට කමක් නැහැ,එය නිවැරදි කරන්න තමන්ට සමාව ගන්න කොන්දක් තිබෙනවානම් අන්න එතන මහත්මා ගතිය තියෙනවා.වචනයක් වැරදුනාම මුළු පක්ෂේ ඉන්නේ මාධ්‍ය අංශයයි,සාහිත්‍ය ලේඛක අංශයයි එකතු වෙලා අනුර එහෙම දෙයක් අදහස් කලේ නැහැ කියමින් තමන්ගේ ගෙදර වැඩක් කරගන්න තියෙන කාලේ සේදීමට ගන්නවට වැඩිය අනුරට කියන්න තිබුණා සමාවෙන්න මම අදහස් කලේ ග්රෆින් කියලා.හැබැයි එහෙම නිහතමානි වෙන්න කොන්දක් හා මහත්මා ගතියක් නැති වුණාම මුළු පක්ෂෙම වචනෙකට බුකියට මරා ගන්න හෝ හෝදන්න දාලා තමන් ඒකෙන් වැනිෂ් වෙන එක ග්‍රාමය දේශපාලන බාවිතාවක්.

    කොහොම නමුත් මම අනුරය්යට කියන්න යන්නේ මිණිරන් කථාවක්.අපිට මිණිරන් ප්‍රධාන කොට ලැබෙන්නේ බෝගල පත්ලෙන්.ඒ පතලේ අයිතිය තියෙන්නේ 80% ක්ම Graphit Kropfmühl AG කියන ජර්මන් සමාගමට. ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර සහයක වන්නේ Alterna GK LLC කියන ජර්මන් සමාගම. ඔවුන්ට මේකෙන් 10.3% අයිතියි.ඒ කියන්නේ 90% කට වඩා බෝගල පතල එම සමාගම් වලට අයිතියි.එහෙනම් අනුරය්යට පළමුව ඔය ඇමෙරිකාවේ ගිහිල්ලා කොරනවා කියපු වැඩේ කරන්න ඔය 90% අපිට ආපහු ගන්න වෙනවා.ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායට. නැතිනම් ඔවුන් ගෙන් ඔය පතලේ අයිතිය තියෙන 90% මිලදී ගන්න චන්ග් අක්කිගෙන් ණයක් ඕන වෙනවා. එහෙමත් නැතිනම් දැනටත් අනුරය්යා හා චන්ග් අක්කී ඇමෙරිකානු සමාගමකට විකුණන්න යනවා කියලා එයාලගේ වචන වලින්ම අපිට හිතෙනවා.

    ගිව්සුම් ප්‍රකාරව ඕවා ලේසියෙන් අවුරුදු පහකින් කළමනාකරණය කරලා රට දියුණු කරන්න අනුරය්යට සෑහෙන්න ජාත්‍යයන්තර සහයක් අවශ්‍යයි.ඔය ගණන් මිමි හදලා අච්චරයි මෙච්චරයි කියපු ණය ප්‍රමාණයේ අපේ රටේ ස්වභාවික සම්පත් සියල්ලම වගේ උගස් තියලා තියෙනවා.

    ඒ නිසා අනුරය්යට රට හදන්න ඇත්තටම පොලව හාරලා බැරි වෙනවා.මේ යථාර්තය තමයි පළමුව අනුරය්යා.එයාගේ සෝදන මැෂින් හා do or die කාඩර් වරු වගේම වැරදිච්ච වචනයට වඩා වැඩේ වැරදිලා තියෙන්නේ කියන එක වටහා නොගන්නා අනිත් මිලියන 22 ක බහුතර ජනතාව දැන ගන්න ඕන.

    ReplyDelete
  4. අවශ්‍ය නම් ආයෙත් සන්නද්ධ අරගලයකට ලෑස්තියි – ලාල් කාන්ත

    link

    ඔන්න ජිවිතේට මිනිස්සුන්ගේ චන්දෙන් බලයටෙන්න බැරි නිසා ග්‍රැපයිට් ලපයා ඇතුළු ත්‍රස්‌තවාදී කණ්ඩායම ආයේ සන්නද්ධ අරගලයක් කරන්න මිනිස්සු මරන්න, රජයේ දේපල ගිනි තියන්න ලෑස්ති.

    ReplyDelete
  5. ඔව් මේ කියන ගොඩක් දේවල් වලට එකඟ වෙන්න පුලුවන්. වෙල්දපොල ඇතුලට රජය ඇඟිලි ගහන්නෙ නැතුව පෞද්ගලික් අංශයට , ඒ කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට ඒක කරගෙන යන්න දෙන්න ඕනේ. ඒත් ලංකාවේ ගොඩක් අයගෙ, දක්ශිණාශිකයි කියන අයගෙ පවා ඔලු වල වැඩ කරන්නෙ හැමදෙයක්ම රජය විසින් විසදිය යුතුයි කියන මතයෙ ඉදගෙන. රජය කරන්න ඕනේ බිස්නස් කිරීම පහසු කිරීමට අවශ්‍ය නීති රීතී යාවත්කාලින කිරිම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුනු කිරීම. ඒකට හිලව්වට ආන්ඩුවට කරන්න තියෙන්නෙ බදු ටික එකතු කර ගන්න එක

    ReplyDelete
    Replies
    1. Thank you mayyia.පාර පැන්නේ 1972 ශ්‍රිලනිප උනාට 1978 එජාපෙ ව්‍යවස්ථාවත් ජන ජීවිතය දේශපාලනීකරනය කලා.

      Delete
  6. පුදුමාකාර සත්ත කරුණාවක් නොවැ ඉයන්ට ජෙප්පෝ ගැන තියෙන්නේ!
    වෙලාවකට හිනාත් යනවා!

    ReplyDelete
  7. දිනක් සැබෑ ලෙස සමාජෙ දියුණු කරන්න
    පෙමක් තිබිය යුතුමයි රට ගැනම හිතන්න
    ලොවක් දිනන දරුවන් හට තැනක් තියන්න
    හෙටක් උදාවෙයි ඒ විට සැවොම දිනන්න.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකුමාර - මුල්ලේරියාවNovember 7, 2023 at 5:42 AM

      දුමින්ද අබේ කියනා දේ සත්‍යයි
      බුදුහිමියන් දෙසු දහම ගැනයි
      දරු පැටවුන් හට එය අකැපයි
      දිනුම ලගයි එය ඇත්තයි

      Delete
  8. ඔය සමාජවාදීන්ගෙ එක ලක්ෂණයක් තමයි, "සියල්ල දත්" භාවය. උන්දලා නොදන්න දෙයක් නෑ, කවදාවත් වැරදි කරල නෑ, වැරදිලා නෑ. කවුරු හරි එහෙම කියනවා නං, ඌට "ද්‍රෝහී" ලේබල් එක ගහලා, එක පෙලට තියලා වෙඩි තියන්න තමයි කතා කරන්නෙ. ඉයන් කිව්ව දේ හරි, ඔවුන්ට කිසිම ඉදිරි දැක්මක්, ප්‍රායෝගික විසඳුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉන්න මැති ඇමතිලත් එහෙමමනෙ බස්. හරිහමන් අධ්‍යාපනයක් නැති පාර්ලිමේනතු මන්ත්‍රිල කොච්චරනම් වෙනස් වෙනස් ඇමතිකම්, විෂයන් භාර ගෙන තියෙනවද. මටනං මෛක මාරම පුදුමයක්. ඉයෙ සෞඛය ඇමති අද ක්‍රිඩා ඇමති. අද කෘෂිකර්ම ඇමති හෙට විදේශ ඇමති. හෙට විදේශ ඇමති අනිද්ද කාන්තා කටයුතු ඇමති.

      එක අතකින් මේවට පුදුම වෙන්න දේකුත නැ 😁. ලංකාවෙ පුරවැසියෙක් නොවිචච කෙනෙක් ලංකාවෙ ජනපති කරගත්තෙ අපි...!

      Delete
    2. දෙන්නම හරි. හැබැයි මම සමාජවාදියෙක්. මගේ සමාජවාදී ආණ්ඩුවක ඉයන්ට අවුරුදු 5 දීල බලනවා මුදල් ඇමතිකම

      Delete
  9. කාගෙන් වුණත් හොඳ අදහස් එකතු කරන්
    එය තව පෝෂණය කර යහපත් දේට යොදන්
    මුල කොතනද කියා නිසි ගෞරවය දෙමින්
    වැඩ නොකරන අයට මෙව්වා හොඳම lesson

    ReplyDelete
  10. රාජ්‍ය සේවය ට 1990 සිට බඳවා ගන්නේ තරඟ විභාග වලින් පමනයි. (ලිපිකරු හා ඉහල තනතුරු වලට) . එම තනතුරු වල අතිරික්ත යක් නෑ. ඒත් පියන්, රියදුරු වගේ තනතුරු වලට දේශපාලන පත්ව්ම් දීලා අතිරික්ත වෙලා.හමුදාවල් අනවශ්‍ය ලෙස අතිරික්ත වෙලා යුද්දයක් නැති නිසා.

    ReplyDelete
  11. //මගේ අදහස නම් මොවුනට රජයක කාර්‍යය භාරය ගැන කිසිම වැටහීමක් නොමැති බවයි// - රජයේ මෙච්චර කල් කරපු උන්දලටත් ඔය වැටහීම හෝ බරපතලකම තිබුනෙත් නැ නොවැ.

    //අතිරික්ත සේවකයින් වැටුපෙන් 50% ගෙවීමකට යටත්ව මුදාහැරිය යුතුය// - එකහෙලාම පක්ෂයි. රාජය සේවක අනුපාතය 12:1 ජනගහනයත් එක්ක.

    ReplyDelete
  12. ඉයන්, අන්රයිය ඔහොම හරි දෙයක් කියනව. සජිජ් බේබිල, නාමල් බේබිල එච්චරවත් නෑ. බස් බෙදනව, ලැයිට් බිල් ගෙවනවා ඇරෙන්න. නමුත් වැඩේ කියන්නෙ අන්රයියට කවුරු හරි දාර ලණු දෙනව මෑන්සුත් ඒව එහෙම්මම ගිලල කඹ රෙනව. රටක ජනාධිපති කෙනෙක් වෙන්ඩ ඉන්නකෙනෙක් මීට වඩා විචක්ෂණශීලි වෙන්ඩෝන. කවුරුහරි මක්කවත් ඔෆර් කළාම ගෙඩිය පිටිං බදාගන්නෙ නැතුව මේක මොකද්ද කොහොමද කරන්නේ, කවුද දැනට මේක කරන්නේ, මොකක්ද තාක්ෂනේ, කොහොමද වියදම ඔව්ව සේරම අඩුමගානේ ඉන්ටනෙට් එකෙන්වත් හොයල බලන්ඩෙපාය. ඉංග්‍රීසි බැරිනං ඉගෙනගනිංකො, ප්‍රේමදාසට ඇහැක් උනා නං ඇයි මෙයාට බැරි.
    ඔය එකෙක්වත් රටට ආදරේ උන් නෙවේ. ආදරේ තමංගේ බඩට පමණයි.

    මුලිම්ම තමං කොහොමද රට දියුණු කරන්නේ කියල ඕවරෝල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ, ඒක බයනැතුව ඉදිරිපත් කරන්ඩ පුළුවන් වෙන්ඩත් ඕනෙ. තමන්ට තමංගේ ප්ලෑන බුදු ෂුවර් නං ඕපන්ලි අනිත් හැමෝගෙම්ම ගේම ඉල්ලන්ඩ ඕනෙ. අඩෝ මේකට වැඩිය හොඳ එකක් තියෙනවනං මං පක්ෂේ විසුරුවල උඹලගේ එකට එනවා කියල.
    එහෙම නැතුව බලේ ඉන්න එකා ෂේප් එකේ එව්වා එක එක කළොත්, අන්න ජනා මල්ලිත් දැන් කරන්නේ අපි කියපුව කියල එළිපිට කෝචොක් එක දාන්ඩත් පුළුවන්, ඕනෙනං ලිප්ටන් වටරවුමට හෝ කොටුවේ ඉස්ටේසම ලඟට ගිහිල්ල.
    ඔය මොනවා කළත් රට දියුණු කරන්ඩ නං ජනතාව අවුරුදු ගානක් කට්ට කන්ඩ..ම.. වෙනවා.
    අප හද තුල භක්ති, ඔබ වේ අප ජීවය වේ කිව්වට අපේ ජනතාව ඕකට රෙඩිද?

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. //රට දියුණු කරන්නේ කියල ඕවරෝල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ, ඒක බයනැතුව ඉදිරිපත් කරන්ඩ පුළුවන් වෙන්ඩත් ඕනෙ. තමන්ට තමංගේ ප්ලෑන බුදු ෂුවර් නං ඕපන්ලි අනිත් හැමෝගෙම්ම ගේම ඉල්ලන්ඩ ඕනෙ. අඩෝ මේකට වැඩිය හොඳ එකක් තියෙනවනං මං පක්ෂේ විසුරුවල උඹලගේ එකට එනවා කියල.// +++++++++++++++++++++++ Thank you Hattor

      Delete
  13. ඉයන් ලංකාවේ ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාර වන ප්‍රධාන පක්ෂ කණ්ඩායම් සංධාන දෙක කරන ප්‍රසිද්ධ වැරදි දුෂණ හොරකම් වංචා, ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවහායට පිවිසුනාට පස්සේ ජෙවිපි එක කරේ නෑ. මොකද එහෙම කරන්න බලයක් උන්ට හම්බවුනේ නෑ. ලැබුණත් කරගන්න බැරුව ඉක්මනට දාල මාරු වෙන එකයි මේතාක් කළේ

    හැබැයි පරිසරය ගැන ටෝක්ස් දෙන ගමන්ම ඒ වෙනුවට පොස්ටර්වලින් මහජන දෙපළ විනාශ කිරිම, තින්තවලින් ඇදලා මිනිස්සුන්ගේ තාප්ප පාරවල් විනාශ කිරිම විශ්වවිද්‍යාලවල ඇණ පොලු මගින් විරුද්ධ මත මර්ධනය කරමින් දැඩි මර්ධනකාරි ප්‍රජාතන්ත්‍ර විරොධි පාලනයක් ගෙනයෑම වගේ දෙවල් තමා දකින්න තියෙන්නේ. ඔවුන්ට බලය හිමිතැන/කැම්පස්වල ජෙවිපි එක පවත්වාගෙන ගිය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම තෙරුම් ගන්න පුලුවන් බලය ලැබුනම ජෙවිපි එක හැසිරෙන විදිය.

    ලස්සනම වැඩේ රැළියක් තිබ්බම පිට්ටනිය අස්කරන ෆොටෝ අරන් "බලන්ඩ අපි කොච්චර විනයගරුකද" කියලා ඒක විකුණන්න කන ජෙප්පොම රට වටේ පොදු දෙපළ වනසනවා. ඒවා ඇහුවොත් මේ පොස්ට් එකේ වගේ මේවත් වැරදිද මෙයා කියලා අහනවා 😀

    මහා පක්ෂ දෙක දිහා බැලුවම සතා කවුද කියලා පේනවා. ජෙවිපි තමන්ගේ සතාව හංගලා තියන් ඉන්නේ. ඉතින් සතාගේ අණ්ඩක් පෙනුනත් මිනිස්සු කතා කරන එක සාධාරණයි. මහා පක්ෂ දෙකට විරුද්ධ විකල්ප බලවේගයක් හැදෙන්න තියෙනව ලොකුම බාධාව තමයි ඔය සක්කිළි පක්ෂය. මාරුවෙන් මාරුවට මහා පක්ෂ එක්ක ඩිල් දාමින් උන්ට බලය පවත්වන් යන්න උදව් කරනවා. මුං තුන්වෙනි බලවේගය විදියට ඉදගෙන පාවෙන ජන්ද ටික ඩැහැගන්නවා. මුංගේ හැටි දන්න, මුංගේ කෙහෙල්මල්වාදෙට විරුද්ධ, මහා පක්ෂ දෙකටත් විරුද්ධ මිනිස්සුන්ට යන්න තැනක් නෑ. ඒකට විකල්පයක් හදන්න අපි පෙරමුණ ගනීමූ.

    ReplyDelete
  14. මිනිසුන් අවංක නැතුව ඔය කිසි දෙයක් කළ නොහැක.

    ReplyDelete
  15. ලංකාවේ සමාජ ජාල ගත සටහන් වලින් පෙනෙනා අකාරයට විරාත් කෝලි ගේ සාර්ථකත්වයට හේතුව ඇයගේ බිරිඳ අනුෂ්කා ශර්මා ය.

    ඔහු සාර්ථක වී ඇත්තේත්, දක්ෂයෙකු වී ඇත්තේ ඇයගේ ආදරය සහ ඇය විසින් ලබා දෙන සහය නිසයි.

    ඒ බවට තහවුරු කරමින් බොහෝ ෆේස්බුක් ලිපි ලියැවී තිබුණි.

    ඒවාට අනුව පිරිමියෙකු තෝරාගන්නා සහකාරිය අනුව ඔහුගේ ජයග්‍රහණ තීරණය වේ.

    මේ අනුව අපිට පෙනෙන්නේ කුසල් මෙන්ඩිස්, දසුන් ශානක ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අසාර්ථක, ඔවුන්ට එවැනි ආදරණීය, මිනිසුන් ගොඩනැගිය හැකි සහකාරියන් නොමැති බැවිනි.

    ඉන්දියාවේ සාර්ථක කෝලි පමණක් නොවේ.

    ශාමි ගේ සිට, අයියර් දක්වා සියල්ලෝම සාර්ථකය.

    ඔවුන්ගේ බිරින්ඳෑවරු නියෝජනය කරන්නේ පොදුවේ ඉන්දීය කාන්තාවන් ය.

    ඉන්දීය කාන්තාවන් පසුපස සිට දෙන සහය නිසා කෝලි ඇතුලු දක්ෂ ඉන්දීය කණ්ඩායම නිර්මාණය වී තිබේ.

    මෙරට ක්‍රීඩකයන්ගේ සහකාරියන් වන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් නියෝජනය කරනා තරුණියන් ය.

    මේ අනුව බලද්දි, මෙරට ක්‍රිකට් කණ්ඩායම ලබනා පරාජයන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කාන්තා පාර්ශවය භාරගත යුතුය.

    අනුෂ්කා ලා මෙන් දක්ෂ, මිනිසුන් ගොඩ නැගිය හැකි කාන්තාවන් මෙරට සිටියා නම් කුසල් මෙන්ඩිස් ලා විරාත් කෝලි ලා අභිබවා යනු නිසැකය.

    ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක පිට එක ජය ගනු නිසැකය.

    ReplyDelete