Sunday, November 19, 2023

මිස්ටර් බ්‍රහ්මයාගේ පිස්සු

ඊයේ අහම්බෙන් මගේ පරණ ආදර කථාවක් මතක් වුනා. ඒක සාර්ථක වෙච්ච ආදර කථාවක් නෙවෙයි. ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්. සිංදු ලියන පිස්සුව තිබන කාලේ ඒ කථාව ගැන සිංදුවකුත් ලිව්වා. මීට කලින් වැඩි විස්තර නැතුව පෝස්ට් එකක මේ සිංදුව දැම්මා. ඒක ප්‍රතිචක්‍රීයකරන්නට අවසර. 

කථාවට කියනවනේ මහ බ්‍රහ්මය තමයි ඔය කූල් එකේ ඉන්න තරුණ කට්ටිය එකිනෙකා ගැන ආකර්ෂණයන් ඇති කරල නිදහසේ පියාඹගෙන හිටපු උන්ව අමාරුවේ දාන්නෙ කියල. මෙයා එහෙම කරනව විතරක් නෙමෙයි සමහර වෙලාවට කරන්නේ දිවි නහගන්න වෙන ජෝක්ස්. 

ඔන්න ඔය බැල්ම එහෙම වැඩ කරල සෙට්වෙන අයගේ සමහර විට එක්කෙනෙක් එක ආගමක අනික් කෙනා තව ආගමක. එහෙම නැත්නම් දෙන්න ජාති දෙකක. එහෙම නැත්නම් කුල දෙකක. තවත් වෙලාවක සමාජ තත්ත්ව දෙකක එහෙම නැත්නම් වයස් පරතර. ඒ ඔක්කොම හරිනම් කොහෙන් හරි යන දුර නෑදෑකමක් නිසා අප්සෙට් යනව. "ඒක කරන්නෙ කොහොමද"? "ඒ ළමයා අර නැන්දගෙ එහා ගෙදර ඉන්න එකාගෙ මාමගේ යාළුවෙක්ගෙ නංගිගෙ දුවෙක් වෙනවනෙ,  ඒ කියන්නෙ නෑදෑ කමට උඹට ආච්චි වෙනව" වගේ තර්ක. 

සමහර අයට ඒගොල්ලන් පතාගෙන ආපු කෙනා එහෙම නැත්නම් ආත්ම සගයා (Soulmate) හම්බුවෙන්නෙ බැඳල දරුමල්ලො ඉන්නකොට. එතකොට තමයි කේස්. ලංකාවේ වගේ සමාජයක ඒවට තමන්ට ගැලපෙන උත්තර හොයන්න බැහැනෙ. අනික ළමයි අනාථ වෙනව නෑයින් යාළුවන්ගෙන් ගෙන් ප්‍රශ්ණ ඇතිවෙනවා වගේ හේතු නිසා ඔන්න ඔහේ ශේප් එකේ ඉන්න වෙනවා.

ඉතින් ඔය බ්‍රහ්මයා කියන කෙනා ඔවගේ අංජබබල් කේස් එකක් සෙට් කරලා මිනිහා පොඩි ආතල් එකක් ගන්නව ඇති. ඔවට අහුවෙච්ච අය ඉතින්  පොත් ලියලා, කවි ලියලා, සිංදු ලියලා, සිංදු කියලා, ලිඳේ පැනල, වස බීලා ආදී වශයෙන් විවිධ කලාත්මක සහ මෝඩ වැඩ කෝටියක් කරල තමයි ඉවර කරන්නේ. 

ආදරය කරපු අය දන්නවා අර ආදර සම්භන්දතාවලට උදලු දාන අය ඒ කියන්නේ දෙමව්පියො, නෑදෑයෝ වගේ අය ඔය එක එක වෙනස්කම් ගැන අදින්න පටන් ගත්තම මොන තරම් චාටර් එකක් කන්න වෙනවද කියල. තමන් තරුණ කාළයේදී එක එක වෙනස්කම් වල තියෙන අනර්ථය ගැන වැඩිහිටියො එක්ක හැප්පිලා දිනලා එක් උන අයත් පැරදිලා එක් වෙන්න බැරු වුන අයත් ඒගොල්ලොන්ගෙ දරුවො ඒ වගේ තත්ත්වයට පත් වුනාම ගොඩක් වෙලාවට් ක්‍රියා කරන්නේ අර දෙමව්පියෝ ක්‍රියා කරපු විදිහටමයි. ඒක මගෙ අත්දැකීමක්. ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ.  ඒකනිසා අපිට දරුවන් ඉන්නවා නම් සහ ඒ දරුවෝ මේවගේ තත්ත්වයකට මුහුණ දුන්නොත් විවෘත මණසකින් බලන්න උත්සාහ කරමු. 

මම මේ ගීතය ලිව්වෙ ඒ වගේ වෙනස් කම් නිසා එකතුවෙන්න බැරි දෙන්නෙක් ගැන. මේක සත්‍ය සිද්ධියක්. මේකට සම්බන්ද තරුණිය එකල ලංකාවේ සමාගමක සේවය කරපු ඉන්දීය ජාතික කතක්. මම එතකොට එක විවාහයකින් වෙන වෙලා හිටපු ඇයට වඩා වයසින් ටිකක් වැඩි කෙනෙක්.  . ඒ උනාට  අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.  

මේ ගීතයේ 'අකාලික' කියල වචනයක් තියෙනවා. ඒක අකාලිකව කියල වෙනස් වෙන්න ඕන. මේ වචනයෙන් අදහස් කළේ 'සුදුසු කාළයකදී නොව' කියන තේරුමයි. ඒ වැරදීමට හිත යොමු නොකර විශාරද නවරත්න ගමගේ සංගීතය සැපයූ සහ එතුමාම ගායන කල ගීත අතලොස්සෙන් එකක් වෙන මේ ගීතය ඔබටත් නැතිවුන ප්‍රේමයක් තිබුණනම් ඒක සිහිවෙන්නත් එක්ක රස විඳින්න.


දෙනෙතින්  ලංවී ……. හදවත් එක්වී …… ඔබමා…..
කඳුලින් මුමුනා.....මාහා….
අකාලික(ව) වූ හමුවීමක්
හදවත පිබිදුණ හමුවීමක්//

කඳුලින් හිනැහෙන
මුවින් නොදොඩනා
සුසුමින් සිපගත් එක්වීමක්
සම්මතයේ නැති එක්වීමක්
දෝ…………….

දෙනෙතින් නොදකින
කයින් නොබැඳෙනා
කඳුලින් හිනැහෙන ආදරයක්
සිතිවිල්ලෙන් බැඳි ආදරයක්
ආදරයක්/

සම්මතයේ නැති ආදරයක්
සුසුමින් සිපගත් එක්වීමක්
සම්මතයේ නැතිකවුරුත් දන්නැති
කඳුලින් සිපගත් ආදරයක්
සිතිවිල්ලෙන් බැඳි ආදරයක්
ආදරයක්/

සංගීතය සහ ගායනය - විශාරද නවරත්න ගමගේ
පද රචනය - ඉයන් ලිංතොට


 


 මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

48 comments:

  1. ලස්සන සිංදුවක්....සෝල් මේට් හම්බ උනාම ඒක ඇගට නිකංම දැනෙනවා නේද......අකාලික කියන්නේ කාලය අනුව වෙනස් නොවන කියන තේරුම නේද? - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මයියා ඔව්, අකාලික කියන්නේ හැම කාලයටම ගැලපෙන කියන එක. බුදු දහම වගේ. මේක ලියන කාලේ 'අකාලිකව' කියන වචනෙ පාවිච්චි කලේ නොගැලපෙන කාලයක කියන්න. නවරත්න ගමගේ මහත්තයා ඉඩ මදි කමටද කොහෙද ඒක අකාලික කියල කියනවා.වැරදි බව පසුව තේරුනේ පසුව.

      සෝල් මේට් ල ගැන තව සිංදුවක් ලිව්වා. ඒ අය අදුරගන්නේ කොහොමද කියලා. ඊලඟ පාර ඒකත් දාන්නම්. Thank you

      Delete
  2. දේශපාලන කයි කතන්දරම නැතුව මෙහෙම එව්වත් දාන,එක වටිනවා අපි වගේ අයට කියවන්න.මට මේ ගීතය කලින් අහලා පුරුදු යි. මට මතකයි ඔබ ලිව්ව සිංදු කිහිපයක්ම ඇහුවා කියල.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොදමයි හොඳමයි මැඩම්. බොහොම ස්තූතියි.

      Delete
  3. හිරිකොතේ කොල්ලොන්ගේ සමලිංගික ආදර කතාවක් ද?

    ReplyDelete
  4. මේ සිංදුව විතරක් ඇහැව්ව නං මෙච්චර හිතට දැනෙනෙ එකක් නෑ. බොක්කටම වැදුනා. හ්ම්..... හිත රිදුම් දෙන, ඒත් මිහිරි මතකයක්.
    //ඒක සාර්ථක වුනානම් අද වෙනකොට දික්කසාද වෙලා තියෙන්න පුළුවන් වුනත්, සාර්ථක නොවුන ඒවා ඒකාලයට ඝනීභවනය කරල තියෙන නිසා තාමත් හොඳ පැත්ත විතරක් හිතන්න පුළුවන්//
    හෙහ්, හෙහ්. ආයෙ අහල, බඩේ බත් ඩිංග වගේ සුවර්.

    Hope Gap

    ReplyDelete
    Replies
    1. මේ අර උඩින් කිව්ව වගේ, ඉඳලා හිටලා මෙහෙම එව්වත් ලියන්න, ඈ?

      Delete
    2. ඔව් බස්සා. බොහොම ආදරයෙන් වෙලිලා ඉඳලා බැඳලා, වෙන්වෙලා දැන් අනික් එකාගෙ මූන වත් බලන්න අකමැති අය මම දන්නවා. හරි නොගිය ඒවාගේ වටිනාකම ඒක තමයි. අතීතයක් ඇති එහෙත් වර්තමානයක් නැතිකම.

      Delete
    3. ඔය ආදරේත්, සමාජවාදෙ වගේ කියලයි මට හිතෙන්නෙ. මුලදි විප්ලව කරලා, මිනී මරාගෙන බෙර ගහලා පටන් ගන්නවා, පහු වෙලා කොහු වෙනකොට ඇත්ත තත්ත්වෙ බොරුවෙන් වහලා, නැති සාර්ථකත්වයක් ලෝකෙට පෙන්නනවා. වරදක් වෙනුවට මට හිතෙන්නෙ, මේක තමයි මිනිස් හිතේ ස්වභාවය කියලයි.

      Delete
    4. ඔව් ඇත්ත. සමාජවදීන් සහ ඔවුන් පස්සේ යන අයගේ කථාවත් ඒකමයි. ආදරේ කරන කාලේ පේන්නේ අනික් අයගේ වැරදි. ඊට පස්සේ තමයි දෙන්නට දෙන්නගේ වැරදි පේන්නේ.දෙන්නට දෙන්න කියපු බොරු සහ මවා පැම් එලියට එන්නේ. සමාජවාදීන් බලයට ආවමත් ඒකමයි වෙන්නේ.

      Delete
    5. පුදුම සමාජවාදී විරෝධයක් නේ බං මේක 😀 යන්තමට හරි සමාජවාදී රටක හිටියනම් තේරෙනවා ඒකෙ රඟේ 😀 මෙහෙම ඒවා ලියන්න ඕනේ වෙන්නෙම නෑ. // ඒ උනාට අපි අතර තිබුණ නන්දා මාලිනි ගයන විදිහේ, රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය නම් කවදාවත්ම නැති වුනෙත් නැහැ.

      Delete
    6. සිසුන් ලෙස හෝ රැකියාවක් නොකරන කෙනෙකු ලෙස සිටින විට සමාජවාදය හොඳ බව ගොඩක් අය හිතනවා. ඔබ ඒ කාලයේ සිසුවෙක් නිසා වෙන්න ඇති තවම ලව් එක.

      Delete
    7. ඒකෙ සත්‍යයක් නැතිවමත් නෙමෙයි. ඒත් මචං ඒ සිස්ටම් එක ඇතුලේ සතුටින් ජිවත් වෙච්ඡ මිනිස්සු හිටිය. පුලුවන්නම් Moscow Does Not Believe in Tears 1979 ‧ Romance/Melodrama ‧ 2h 30m ෆිල්ම් එක හොයාගෙන බලන්න. මම කියන එක තේරෙයි. ඒක ගැන බ්ලොග් ලිපියක් ලිව්වද කොහෙද. //ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්
      https://kolambagamaya.blogspot.com/2023/02/blog-post_26.html//

      Delete
    8. මට මෙන්න මෙහම දෙයකුත් හිතුන. යුරෝපයේ සමාජවාදියා කියන්නේ සහ ලංකාවේ සමාජවාදිය කියන එකේ තේරුම් දෙකක් කියල මට හිතෙන්නේ. එංගලන්තයේ හෝ රුසියාවේ මම දැකපු සමාජවාදීන් වෙනත් අය ගැන හිතන , අමාරුවකදී උදව් වෙන , එක ආගමකට හෝ ජාතියකට බැඳෙන්නේ නැතිව , සංස්කෘතික වශයෙන් හොඳ දැනුමක් ඇති සංවේදී මිනිස්සු. එනිසා මට හිතෙන්නේ (ඉයන් ව මම පෞද්ගලිකවත් දන්නා නිසා ) ඉයන් හොඳ සමාජවාදියෙක් කියල. මට බස්සා ගැන හිතෙන්නෙත් එහෙමයි. පෞද්ගලිකව දන්නේ නැති වුනත්. ලියන දේවල් වලින් එහෙම හිතෙනවා. අපේ ප්‍රා ජේ වුනත් කි දෙනෙකුට උදව් කරනවද? ප්‍රාත් සමාජවාදියෙක් තමයි. යූ ඇන් පී එකට චන්දෙ දුන්නට. ලංකාවේ සමාජවාදිය කියල අදහස් කරන්නේ අරගල කරලා අනිකාට ගහල මරල හෝ තමන්ගේ මතය ඉදිරියට ගෙනියන්න ඕනේ කියල හිතන කට්ටියකට . හැබැයි ඒ අයත් මිනිස්සුන්ට ආදරෙයි. '71 කැරැල්ලේ කට්ටිය හෙම මම දන්නා නිසා ඔවුන්ගේ මිනිසුන්ට ඇති ආදරය ගැන මම සැක කරන්නේ නැහැ. නමුත් ඔවුන් මිනිසුන්ට ඔවුන්ගේ ආදරය තේරෙන්නේ නැතිනම් ඒක බලෙන් හරි දෙන්න හදනවා. එතැන තමා අවුල.

      Delete
    9. Thank you Ajith.සමාජවාදී යන එකේ තේරුම සමාජය ගැන සංවේදී කියන එකනම් ඔබ හරි. නමුත් සමාජවාදී යන වචනය බොහෝවිට පාවිච්චි වෙන්නේ රුසියාවත් අත්හැරපු වාමාංශික දේශපාලන ක්‍රමයක් හඳුන්වන්නනෙ. වෙලඳපොල ආර්ථිකයට එරෙහි සහ රජයෙන් බොහෝ ව්‍යාපාර කරන, දේපල වල පොදු අයිතිය (එහෙත් කාඩර් වරුන් අභාවිතා කරන ) ක්‍රමය හඳුන්වන්නේ ඒ නමින් නේ.

      Delete
    10. //වෙලඳපොල ආර්ථිකයට එරෙහි සහ රජයෙන් බොහෝ ව්‍යාපාර කරන, දේපල වල පොදු අයිතිය (එහෙත් කාඩර් වරුන් අභාවිතා කරන ) ක්‍රමය හඳුන්වන්නේ ඒ නමින් නේ// මේක කොමියුනිස්ට්වාදී අර්ථක්‍රමය නේ. මම කියන්නේ (මේ ගැන මම සහ එකොන් අතරත් සංවාදයක් ගියා) එංගලන්තයේ හෙම පටන් ගත්ත යුටෝපියානු සමාජවාදය ආදිය ගැන. මිනිසුන්ට උදව් කරන්න පටන් ගත්ත ව්‍යපාර වගේ ඒවා . සාමාන්‍ය මිනිසුන්ට ඉන්න ගෙවල් හැදීම වගේ දේ පටන් ගත්තේ ඒ ව්‍යාපාර වලින්. ඒකෙන් වැරැද්දක් වුනේ නැහැ. අර සුරියමල් ව්‍යාපාරය කියල ලංකාවෙත් තිබුනේ. සමාජවාදයේ හුඟක් වෙලාවට තිබුනේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්. සමජවාදී කියල තමන් හඳුන්වා ගත්ත රාජ්‍ය භාවත කල දේශපාලන ආර්ථික විද්‍යාව වැරදුනා නේ සම්පුර්ණයෙන්ම. නමුත් සමාජවාදයට කැමති අය හුඟක් වෙලාවට empathy එකක් තියෙන මිනිස්සු. ඒ ඔඋන් මිනිසුන් අතර පරතරයටා අකැමැති නිසා. මට පෙන්නේ හොඳ අදහසක් අවභාවිතා වෙනවා කියල.

      Delete
    11. මටත් කොමියුනිස්ට් ක්‍රමය සමාජවාදී කියන එකත් එක්ක ටැපලිලා වගේ

      Delete
    12. ජේ ආර් ලොක්ක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියල දැම්මේ මොකද? නිදහස් අධ්‍යාපනේ සෞඛ්‍යය සේවය දෙන නිසා/ ඇට අට දෙන්න පූන්දු වුන නිසාද? අසූ ගණන් වල බ්‍රෙශ්නෙව් කාරයා සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදය සම්පුර්ණ උන කීවේ මොකද? පොර කාර් ගොඩක් එකතු කරගෙන තියාගෙන හිටි නිසාද? චීන කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන චීනයේ මිලියනර්ස් ලා ඉන්නේ කොහොමද? දැවෙන ප්‍රශ්න

      Delete
  5. කෙටි උනාට සර්ව කාලීන වටින කමක් තියන ලිපියක්.සින්දුවත් ලස්සනයි.

    ReplyDelete
  6. ඒක නම් නැවත නැවත අහන්න හිතෙන නිර්මාණයක් . ලස්සනයි ඉයන්.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී

      Delete
  7. https://www.reddit.com/r/love/comments/10k7qim/is_platonic_love_really_as_deep_as_romantic_love/

    ReplyDelete
  8. නිධාන කතාව දන්නා නිසා සින්දුව දැනෙනවා වැඩියි.
    මෙහෙම සිද්ධි හැම කෙනෙකුටම අඩු වැඩි හැටියට තියෙනවා නේද? මේවා අර 'ඩයනා වර්ගයේ' දේවල්. ඩයනා කුමරිය තරුණ කාලේ, ලස්සනටම ඉන්න කාලේ මැරුණ නිසා හැමෝටම මතක බොහොම සුන්දර ඩයනා කෙනෙක්වනෙ. ඒත් වයසට ගිහින් වැහරිලා ලෙඩවෙලා මැරුණා නම් අර සුන්දර රූපේ නෙමෙයි එයාගේ නම කිව්වාම අපේ හිතේ මැවෙන්නේ. මේ ආදර කතාත් ඉයන් කිව්වා වගේ ඝනීභවනය වෙලා තියෙන නිසා ලස්සනයි. අතට ගත්තා නම් තමයි දියවෙලා හැටි බලන්න තිබ්බේ! :D (එහෙම කියලා වත් හිත හදා ගමු)

    ReplyDelete
    Replies
    1. ඔව් මලී. හැමෝටම වගේ තියෙනවා. ඩයනා කථාවත් හරි. ඒ මරණය ගැන දුක් වෙච්ච අයගෙන් භාගයක්වත් ඇගේ පෙනුම නිසා තිබ්බ ආකර්ෂණය නිසා දුක් වුනා වෙන්න පුලුවන්. වයස ගිහිල්ල මැරෙනකොට ඒ දේ නැහැ. තව කොච්චර කල් ගියත් ඩයනා පුරාවෘත්තය ආකර්ශණීය එකක් වෙන්න ඇය තරුණ කාලයේ මියයාම හේතු වෙයි.

      Delete
  9. මගේ අර අතීතයෙන් කටහ්වක් එකේ දෙවෙනි කොටසට මේ සින්දුව දාන්න ඇහැකි. Platonic ලව් තමා අමතක කරන්න අමාරුම. හිත අතරමන් වෙච්ච තරම ලස්සනට ලියල තියනව. 👩‍❤️‍👨

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් ඔබ මේ ලඟදි ලිව්ව කථාවේ සිටි තරුණිය (අර බාර් එකේදි නැවත හමුවුණ ) ඒකට මේක ගැලපෙනවා.

      Delete
  10. //කඳුලින් හිනැහෙන ආදරයක්
    සිතිවිල්ලෙන් බැඳි ආදරයක්//

    ඇති තතු ලියැවුණු ලියවිල්ලක්
    භාව විරේචන ලියවිල්ලක්

    ReplyDelete
    Replies
    1. භාව විරේචන ලියවිල්ලක්

      Thank you Nidhi,දැන් මේකේ තේරුම හොයපල්ලකො

      Delete
  11. Nice lyrics and a nice song Ian. I always wonder what if people ever get to spend their lives with this “soulmate” that they meet late (or not in the right time) in the life. Would they stay happily ever after? (Pokuruwahi, sorry for ano comment, didn’t have time to login)

    ReplyDelete
    Replies
    1. Thank you Wasthala. Despite I haven't done any research on it, I believe there is a higher likelihood of a "until death do us apart" ending if the soulmate is discovered later in life. The reason I say this is that if a union were to occur later in life, it would not be hampered by expectations, societal constraints, extended family problems, or child troubles. Furthermore, the song's "right time" does not imply youth. It denotes a situation in which one person is prepared but another is impeded by other problems. (Problems like finding one's soul mate while already married or burdened, or problems like significant age differences.)

      Delete
  12. /ඒක හරියට නවකයො විදිහට කැම්පස් යනකොට නවක වධයට විරුද්ධව ඉඳලා සීනියර් උන ගමන් අළුත් උන්ට නවක වධ දෙන 'උගත්' තරුණ පරපුර වගේ/
    සිද්ධියට ගැලපෙන කාලෝචිත උදාහරණයක් සඳහන් කර තිබෙන්නේ . ඔබගේ ගීතය හරිම අර් ථවත්. කලකට පෙර ඒ ගීයට සවන් දී ඇති බවකුත් දැනෙනවා. හරියටම මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. දයාවී මහත්මයා ඔව් මේක කලින් පෝස්ට් එකක දැම්මා 2016 විතර. ඔබතුමාට හැම දේම ගැන හොඳ මතකයක් තියෙනවනෙ.

      Delete
  13. සිතිවිල්ලෙන් බැඳි ආදරයක්. ලස්සන සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සේපාලිකාමල්

      Delete
  14. Replies
    1. ට්‍රයි කරල වැඩේ හරිගියත් එතනින් එහාට ගෙනියන්නයි ප්‍රශ්ණ තිබ්බෙ. ස්තූතියි රසික

      Delete
  15. //රාගයෙන් තොර (Platonic) සඳ එලිය වැනි අචින්ත්‍ය වූ පාරිශුද්ද වූ සුරම්‍යවූ ප්‍රේමය// සුනිල් ආරියරත්න එහෙම ලීවට මටනං හිතෙන්නෙ... 'දහස් වරක්
    සිතින් රමණය.........'

    සිංදුව ඇහුව. සමාජවාදී කතාවට මාත් එකගයි!

    ReplyDelete
  16. සඳ එලිය වගේ ලව් එකක් කිව්වාම එයින් එකක් මතක් වෙලා මටත් හීක් ගෑවුනා..

    ඒ අපි ඒ ලෙවල් කරපු කාලෙ. මගේ යාලුවෙකුටත් තිබ්බා ඔය වගේ සඳ එලිය වගේ රාගයෙන් තොර ලව් එකක්.. ඒක කොච්චර රොමෑන්ටික්ද කියනවනම්, සිංහල අවුරුද්දට නිවාඩු දෙන දවසට කෙල්ල ඇවිත් අපේ එකාට දන ගහලා වැඳලයි ගෙදර ගියේ.. ඒත් ඒ ලව් එක තියෙද්දිම කෙල්ල වෙන parallel ලව් එකක රහසින් ඵල නෙලන්න ගිහිල්ලා අතටම මාට්ටු උනා..අපේ එකා හිත කුඩු කරගෙන වෙන්වුනා.. කෙල්ල දෙවැනි කෙනාව කසාද බැන්ද.. අදටත් අපේ එකා යාලු මිත්‍රයන් අතරට එන්නෙ නෑ ඒ වෙච්ච ලැජ්ජාවට සහ හිත්‍ රිදවීමට...

    අපි හැමෝටම සෝල් මේට්ලා හමුවෙනවා ඉයන්.. හැබැයි සෝල් මේට් කෙනෙක් හිතරිදෙව්වොත් ඒ තුවාල සංසාරෙවත් සුව වෙන්නෙ නෑ.. සාමාන්‍ය ලව් එකකට වඩා සෝල් මේට් ලව් එක සෑහෙන්න භයානකයි... තුවාල උනොත් සැමදා ඔත්පලයි...
    -අම්බලන්ගොඩයා-

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි. ස්තූතියි ගොඩයා. ආදරය සහ රාගය දෙකක් කියල මම විස්වාස කරනවා. ගොළු හදවත කථාවේ සාරාංශය.

      Delete