Saturday, October 21, 2023

තට්ට මහත්තයාගේ ජැකා




තට්ට මහත්තයාගෙ ශනිදා පෝස්ට් අදහස නම් මරු. බ්ලොග් නැවත සක්‍රිය කරවීමට විවිධ උත්සාහයන් මෑත කාලයේ සිදුවුණත් දවසක් සහ වෙලාවක් දීල කරපු දේ නම් හරිම නිර්මානාත්මකයි. ඒවගේම මේවගේ දෙයක් සාර්ථක වෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒක එහෙම වුනාට සුමානෙට සැරයක් ලියන්න අදහස් එන්නත් ඕනනේ. මට අද ලියන්න අදහසක් එන්නේ නැහැ.

 ඒ නිසා මම තට්ට මහත්මයා ලියල තියෙන ජැක්සන් ඇත්නනී ගේ අනතුර මිය යාම ගැන මගේ අදහස ලියන්න හිතුවා. සත්ත්ව ලෝකයේ තමන්ගේ ඇත්ත හැඟීම හංගාගෙන වෙන දෙයක් පෙන්නන්න හැකියාව තියෙන්නේ මනුස්සයන්ට විතරයිනේ. ඒ කියන්නේ තමන්ගේ වරිගයේ අන් සතෙක්ව නොමඟ යවන එක කරන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපිට දැනගන්න අහන්න ලැබෙන අය ගැන ඒ අය කියන කරන දෙයින් ඒ අය ගැන යම්කිසි අදහසක් අපි ඇතිකරගන්නවා. ඒ පුද්ගලයා ගැන ඊට පස්සේ අහන්න දකින්න ලැබෙන දේවලින් අර පළමුවෙන්ම ඇතිකරගත්ත අදහස තව දුරටත් තීව්‍ර වෙනවා එහෙම නැත්නම් වෙනස් වෙනවා. මෙහෙම අදහස් වෙනස් වීමක් නොවෙන්නේ තමන්ගේම මව්පියන් සහෝදර සහෝදරයින් සහ දරුවන් ගැන පමණයි. ඒකට හේතුව ඔවුන් හෝ අපි උපන් දවසේ සිටම ඔවුන්ව ලඟින්ම ඇසුරු කරන නිසා පමණක් නෙවෙයි. ඒකට හේතුව ඔවුන්ට වාසියක් හෝ අවාසියක් නැති අවස්ථා වලදීත් ඔවුන් සමඟ ඇසුරු කර තිබීම. අන් අය ඒ කියන්නේ තමන් විවාහ වෙන කෙනා, ජීවිතයේ හමුවන යහළුවන්, රැකියා වලදී හමුවන අය, අපි බැඳෙන කලා කරුවන් වගේ සහ ක්‍රීඩකයින් වැනි අය ඔවුන්ගේ මුල් හැසිරීම අනුව තමයි අපි බැඳෙන්නේ. ඒ වගේ අය හා අපි බැඳෙන්නේ ඔවුන්ගේ යටි අරමුණු, හැබෑම ස්වරූපය, ගැන අඩු දැනීමක් එක්ක. මේ වගේ බැඳෙන අය ගැන ඇති අපේ අදහස සමහර විට විවිධ ස්වරූපයෙන් ආදරයක් බවට පත්වෙනවා. එහෙම ආදරයෙන් බැඳෙන අයගෙන් අපි සාධාරණ යැයි නොපිලිගන්නා දෙයක් සිදුවුණොත් ඒක වෛරයක් දක්වාම යන්න පුළුවන්. 

මගේ ජීවිතයේ එහෙම සිදුවුණ දේවල් නම් මගේ කලින් බිරිඳ, නීලා වික්‍රමසිංහ, සහ ජැක්සන් ඇත්නනී. මෙතනින් නීලා ගැන කිව්වොත් වියෝගී ගීතයෙන් පටන් ගෙන ඇය අහිංසක කලාකාරියකගේ භූමිකාවක් රඟපෑවා. ඇය කිවූ ගී වල අදහස සහ ආදරණීය බව නිසා මම ඇය හා බැඳුණා. ඇය ගයන්නේ ඇගේ අදහස් නොව ගීත රචකයයෙකුගේ අදහස් පමණයි කියල දැනගෙන හිටියත් ඒ ගීත නිසා මගේ හිතේ මැවුණ අහිංසක ආදරවන්තියකගේ චරිතය නොදැනුවත්ම ඇගේ චරිතය හැටියට මට හිතෙන්න ඇති. මම මෙහෙම බැඳිච්ච කෙනෙක් 2015 චන්දෙ අවසානයේදී 'ගහල හරි ගන්න තිබ්බනේ' කියපු ක්ලිප් එකෙන් මෙගේ හිතේ ඇය ගැන තිබ්බ ප්‍රතිරූපය කඩාගෙන වැටුනා. 

සේනානායක වේරලියැද්ද කියන චරිතය මට මුල සිටම පෙනුනේ අවස්ථාවාදී කට්ට කෛරාටිකයෙකු විදිහට. ඒ නිසා ඔහු ගැයූ ගීත මම ප්‍රිය කලත් ඔහු සමඟ බැඳීමක් ඇතිවුණේ නැහැ. එම නිසා ඔහු වන්දිභට්ටකම් කරන එකෙන් මට තරහක් ඇතිවුනේ නැහැ. නන්දා මාලිනී 88/89 දී කැරලි කරුවන්ට පක්ෂපාත ගී කියනකොට මම කැරලිකරුවන්ට බොක්කෙන්ම විරුද්ධ කෙනෙක් වුනත් ඒ ගී රස විඳීමට අමතරව ඇය ගැන තිබූ ආදරය අඩුවුණේම නැහැ. ඒකට හේතුව ඇය හරියි කියල හිතන අදහසක් වෙනුවෙන් පෙනී සිටීමට ඇය ගත්ත අවදානම නිසා. නීලා සහ නන්දා ගැන හිතුවම මට තේරුණේ බලවතා සහ දුබලයා අතරින් දුබලයාගේ පැත්ත ගන්න කලා කරුවාට ඔහුගේ අදහසට විරුද්ධ වුණත් ආදරයට හානියක් වෙන්නේ නැහැ කියලා. 

මෙහෙම හිතනකොට ජැක්සන් සමහර අයට අප්පිරියා වීමේ හේතුව පැහැදිලියි. ඒකට මූලිකම හේතුව ඔහු අති දක්ෂ කලා කරුවෙකු වීම. ඔහු එක ක්ෂේත්‍රයකට සීමා නොවී ක්ශේත්‍ර කිහිපයකම දක්ෂ වීම නිසා ඔහු ප්‍රේක්ශකයාගේ දැඩි ආදරයකට පත්වීම. එහෙම ගොඩක් ආදරය කරන අයගෙන් ප්‍රේක්ෂකයන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි නිහතමානී බව සහ අවංක බව කියන එක. ජැක්සන් මහින්දව වර්ණනා කලේ ඔහුගේ පෞද්ගලික වාසියට සඳහා කියන එක බොහෝ දෙනෙක් දන්නවා. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේදී කලා අංග සඳහා ඔහු අති විශාල අසාධාරණ මුදලක් රජයෙන් ලබා ගත්තා කියන එක ඒ කාලයේ හෙලිවුනා. එතකොට තමන් වෙනුවෙන් ආදරය කරන කෙනෙක් තමන් ලබා දෙන ජනප්‍රියතාවය වෙන කෙනෙකුට විකුණා පෞද්ගලික වාසි ලබා ගැනීම තමයි සමහර ප්‍රේක්ෂකයන්ට ඔහු ගැන වෛරයක් ඇතිවීමට හේතුව. එතනදී ඔහු ප්‍රේක්ෂකයා ඔහුට දුන් ජනප්‍රියතාව විකුණුවේ බලවතෙකුට. ඒ නිසා දැඩි ආදරය දැඩි වෛරයකට පෙලළුනා.

මම නම් හිතන්නේ ඔහු මැරුණු ආකාරය සහ දවස් ගාණක් දැඩි සත්කාර ඒකකයේ සිටියා යන්න මේ වෛරයට හේතුව නෙවෙයි. ඒවගේම ඔහු සාමාන්‍ය මරණයක් ලැබුවත් මේ වෛරය වෙනස් වෙන්නේ නැහැ. ඒකට මම උදාහරණයක් දෙන්නම්. හිතන්න අමරදේව මහත්මයා අනතුරකින් මේ විදිහට දැඩි සත්කාර ඒකකයේ හිටියා කියලා. එතකොට දැඩි සත්කාර ඇඳක් ගැන මේවගේ තරහවක් මිනිස්සුන්ට ඇති වෙයිද? එහෙම නම් බට ගලවන්න කවදාවත් මිනිස්සු කැමති වෙන්නේ නැහැ. පවුලේ අය හරි දොස්තරලා බට ගලවන්න කිව්වනම් ඒකට ඔහුගේ ගීත රස විඳි නොවිඳි දෙගොල්ලොම තදින් විරුද්ධ වෙන්න ඉඩ තිබ්බා. 

එහෙම හිතනකොට තේරෙනවා ජැක්සන් අති දක්ෂ වුනේ කලා ක්ශේත්‍ර වල පමණක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඔහු අතිෂ්‍ය ආත්මාර්ථකාමී පුද්ගලයෙක්. ඒක වහගෙන ඔහුගෙ දක්ෂතා නිසා සුදු චරිතයක් ප්‍රේක්ශකයන්ගේ හිතේ මවන්න ඔහුට හැකිවුනා. ඒකත් දක්ෂතාවයක්, ඒවුනාට මුලා කිරීමක්. මුලා කිරීමේ දක්ශතාවය මිනිසුන් අගය කරන දක්ෂතාවයක් නෙවෙයි. 

කලා කරුවගේ සැබෑ චරිතය එලිවුන කොට ඒක යටපත් කරගෙන ඔහුගෙ කලාව රස විඳීම තමයි කල යුත්තේ. ඒ වුනාට ඒක අමාරු වැඩක්. 

 ඔන්න ඕකයි මගේ කියවීම. 

 තට්ට මහත්මයාට බ්ලොග්කරණයට කරපු වෙනසටත් මට ලියන්න මාතෘකාවක් ලබා දීමටත් ස්තූතියි.

53 comments:

  1. අජිත් ධර්මකුමාරOctober 21, 2023 at 10:26 AM

    "ජැක්සන් මහින්දව වර්ණනා කලේ ඔහුගේ පෞද්ගලික වාසියට සඳහා කියන එක බොහෝ දෙනෙක් දන්නවා."

    සිරිකොතේ ඉදගෙන ඉයන් කරන්නෙත් රනිල්ට කඩේ යන ගමන් වාසි ගන්න එක කියලා අමතක උනාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මම කරන්නේ ඒකම තමයි. ස්තූතියි

      Delete
    2. ඔය කොමෙන්ට් එක දැම්මේ රවී වීරසිංහ ද දන්නේ නෑ

      Delete
  2. https://carta.anthropogeny.org/moca/topics/intentional-deception

    ReplyDelete
    Replies
    1. So chimpanzees can mislead their own kind too? Thanks I read the article

      Delete
  3. කලාකරුවෙක් මොන තරම් කලාවෙ දක්ශයෙක් උනත් දේශපාලනිකව වෙන්දේසී වීමේදී කොතරම් හිස් දැයි කලාකරුවාම තේරුම් ගත යුතුය. එසේ වෙන්දේසී වීමට ප්‍රථම එක වරක් දෙවරක් නොව කීප වතාවක් යථාර්ථය තේරුම් ගෙන ජනතාවට ඉදිරියෙන් සිටගෙන බැලිය යුතුය.
    අනෙක් අතට ජනතාවද කලාකරුවාගේ කලාව අගය කරනු විනා ඔහුගේ දේශපාලනය ගිලීමට තරම් මුග්ධ නොවීමට තරම් බුද්ධිමත් විය යුතුය.
    කලාව දේශපාලන පක්ශයක් ඉදිරියේ වෙන්දේසී නොකර, එසේම තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයොජනයට දේශපාලනය නොකල, එහෙත් තම කලාව ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය සදහා භාවිතා කල කලාකරුවෝ කුමන දේශපාලනයක් කලද සදාකාලිකව ජනතාවගේ හදවතේ රැදී සිටින්නෝය. එය කලාකරුවෙකුට ජැකාගේන් ඉගෙන ගත හැකි ඉහලම පාඩමකි.

    ReplyDelete
    Replies
    1. කපුගේ සන්ෆ්ලවර් සමඟ ඔහුගේ ගීත වේග රිද්මයකට මුදලට ගායනා කලාමත් මේ වගේ පොඩි විරුද්ධවීමක් ආවා. ඒත් කපුගේ ඒක කලේ තවත් අයකුට වෛද්‍ය ආධාර වලට මුදල් ලබා දීමට කියල පස්සේ එලිවුනාම සමහර අය අදහස් වෙනස් කර ගත්තා. ඒ නියම කලා කරුවො.

      Delete
    2. කපුගේ කඩේ ගියේ ජවිපෙට. ඒ වුනාට අපේ ආදරේ අඩුවක් වෙන්නේ නැහැ.

      Delete
    3. ඔව් අජිත් ඔබ හරි. මටත් ඒ වගේ උදාහරණයක් තියෙනවා. සරත් සිල්වා දුන්න පක්ෂපාත අසාධාරණ තීන්දුවකින් මට පෞද්ගලිකවත් ගොඩක් කරදර වුනා. ඒ වුනාට ඔහුගේ බුද්ධ ධර්මය ගැන කථා වලින් මම ගොඩක් ඉගෙන ගත්තා. ඔහු ගැන මගේ තිබ්බ වෛරයට දිනන්න දුන්නනම් පාඩු වෙන්නේ මටමයි.

      Delete
    4. මටානම් ස** සිල්වා අල්ලන්නෙම නැති එකෙක්. ජකා නම් රඟ පෑව , සින්දු කිව්වා. අර යකා අධිකරණයම ගිල්ල

      Delete
  4. මම performance රසවිදීම හැර hero worship නොකරන නිසා disappointments නෑ

    ReplyDelete
  5. ජෝතිපාලට ඔය ICU සීන් එක උනානං එයා ප්‍රේමදාස මහත්තය එක්ක හිටිය කියල ඔය වගේ තත්වයක් ඇතිවෙන්නෙ නෑ, ඒ අතින් ඉයන් අන්තිමට කියල තියෙන දේ බොරුවක් වෙන්නම බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න. මමත් හිතනවා ජෝතිට උනානම් වෙනස් කියලා. මෙහෙම දෙයකුත් වුනා. 1970 එජාපෙ වේදිකාවේ ජෝති මුදලට ගීත කිව්වා. ඒනිසා 1970-77 ඔහුගේ ගීත ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රචාරය වුනේ නැහැ. ඒ නිසා ඔහු එජාප කෙනෙක් කියල හංවඩු ගැහුනා.

      Delete
  6. ජැක්සන් ගැන කවියක් අද පදවැල් බැඳලා
    ඉක්මන් වී තට්ටයාට දුන්නනෙ ලියලා
    දැන් දැන් මේ පෝස්ටුවෙත් ඒ ගැන කියලා
    යන්නම් මම නිහඬවෙලා තුතිමල් තියලා

    ජයවේවා ඉයන්.

    ReplyDelete
  7. තර්කානුකූල ලිපියක්. කියන්න ඕනෙ ටික, ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
  8. අනුර කුමාර දිසානායක ජුලි චන්ග් මුනගැහීම ගැන හිනා යන කතා ගොඩක් කියවන්න ලැබුන. ජුලි චන්ග් එක්ක කතා කරන්න ඉංග්‍රීසි බැරි වීම වගේම අත්දෙක කකුල් දෙක අස්සෙ ගහගෙන ඇඹරීම ගැනත් සාකච්ඡා වෙනවා දැක්කා. ඒක නායකයෙක් වෙන්න සුදුසු පෞර්ෂයක් නෙමෙයි කියල පිරිමි ටිකක් ලියලා තියෙනවත් දැක්කා. බැසිල්ට කපුටු කාක් කාක් කියලා හෝන්ර් ගහපු ජෙවිපේ අයට අනුරගේ ඉංග්‍රීසි බැරි බව රකින්න සිදුවීම දෛවයේ සරදමක් කියලයි ඒ අය කියන්නේ.

    ඉංග්‍රීසි පුළුවන් වෙන එක අපේ වගේ රටක නායකයෙක් වෙන්න අවශ්‍ය කාරණයක් කියල මං විශ්වාස කරනවා. අපේ රට පවතින්නෙ අනිත් රටවල් එක්ක කරන ගනුදෙනු මත. ඒ ගනුදෙනුවල රාජතාන්ත්‍රික සාකච්ඡා පරිවර්තකයො එක්ක කරන්න බෑ. ඉංග්‍රීසියෙන් ගනුදෙනු කළ හැකි වීම අපේ සාමාන්‍ය ජීවිතේදි කොයිතරම් වාසිදායක වෙනවද කියන දැනීමම ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදිහට ඉංග්‍රීසි අවශ්‍ය වන තරම ගැන වැටහීමක් ගන්න. ඕවට හීනමානෙ, පරගැතිබව වගේ කතන්දර කිය කිය ඉන්න පුළුවන්. ඒත් හොඳම දේ ජනාදිපති වගේ තනතුරක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. එහෙම නැතත් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක.

    ඒක මහ ලොකු කාරනේකුත් නෙමෙයි. මාස හයක විතර පුහුණුවක් හොඳටම ඇති. අනුර කුමාර චන්ද නැති කාලෙ බොරුවට රැස්වීම් තිය තිය ඉන්නෙ නැතුව ඒ වගේ පුහුණුවක් ගැන හිතුවෙ නැතිකම ස්මාර්ට්නස් එක පැත්තෙන් අඩුවක්.

    අනිත් කාරණය ඒ කියන්නෙ ලැජ්ජාවෙන් ඇඹරෙමින් කතා කිරීමේ පෞර්ෂය ගැන කාරණය අනුර කුමාර නායකයෙක් විදිහට පොසිටිව් දෙයක්. අනෙකා ඉස්සරහ පපුව පුම්බාගෙන තමන්ගේ මොකක් හෝ දෙයක් උලුප්පන්න යනවට වඩා අනෙකාට පහසුවෙන් ගනුදෙනු කළ හැකි තර්ජනාත්මක නොවෙන තැනකට යාම හරිම ලස්සන දෙයක්. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ වගේ අනිකා ඉස්සරහ වික්ටිමයිස් වීමෙන් වීරයෙක් වෙන්න හදන නායක පෞර්ෂවල කැත පේන කාලෙක අනුරගේ මේ යටහත් තැනක නිරහංකාරව පිහිටන්න පුළුවන්කම කැපිලා පේනවා. තමන් ඉස්සරහ පපුව පුම්බන ඇල්ෆා පිරිමියාට වඩා දෙකට නැවෙන එකාගෙන් පරිස්සම් වෙන්න ඕන බව මිනිස් ගනුදෙනුවල යම් පළපුරුද්දක් තියෙන ඕන කෙනෙක් දන්නවා. මට මතක් වෙන්නෙම වැලි කතරෙ ගෝරිං මුදලාලි.

    අර පරණ මහින්ද වර්ගයේ පිරිමියාට වඩා නායකයෙක් විදිහට ලැජ්ජාවෙන, හිනාවෙන, ඇඹරෙන මනුස්සයෙක් දකින්න ලැබෙන එක දියුණු ලක්ෂණයක්. ඒක පෞර්ෂ හීනතාවයක් විදිහට පේන්නෙ ඕල්ඩ් ස්කූල් මෙන්ටැලිටියකට. අනුරට පුම්බාගත් පෞර්ෂයක් නැතුව තමන් විදිහට තමන්ගේ ප්‍රතිවාදී පිලේ නියෝජිතවරියක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම එයාගෙ පෞර්ෂයේ ශක්තිමත්කමක්.

    අනුර මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි. ජවිපෙ තමයි පක්ෂයක් විදිහට නුසුදුසු.

    ReplyDelete
  9. ඇත්තටම ලියන්න තරම් අදහසක් ආවේ නැතත් අපේ තට්ට අයියාගේ ඉල්ලීමට අවුරුදු දෙකකට විතර පස්සේ අද මාත් ආවා බ්ලොග් පැත්තේ. ඉයන් අයියා කිව්වා වගේම මේ උත්සාහය නම් අගය කරන්නම ඕනේ

    ReplyDelete
    Replies
    1. එරංදිව දැක්ක කල්. සතුටුයි.
      ජයවේවා

      Delete
  10. ජය වේවා සියල්ලන් හටම! විශේෂයෙන් ඉයන්ට හා එරන්දිටත්!

    සත්තකින්ම ඔය අමරදේව මහත්ත්යා ගැන ඔබ කියලා තියෙන දේට මම බොක්කෙන්ම එකඟ වෙනවා!
    ඒ වගේම ඔය ප්‍රසන් නයා කියපු දේත් මට මතකයට ආවා මීට කලිනුත්.
    ජෝති කියන්නේ ප්‍රේමදාසගේ මිනිහෙක්.
    ඒත් එදිනෙදා ජීවිතේ ගැට ගහගත්තු නාටාමිලා ගේ ඉඳන් මහා ව්‍යාපාරිකයින් දක්වා පක්ෂ බේද්හයකින් තොරව ඔහුව අගැයූවා!
    ඒ වගේම ඔහුගේ වියෝවෙදි ඊට දුක් වූවා.
    අදටත් පොදු ජනතාවගේ හඬ ලෙස ජෝතිට තියෙන ආදරය මිනිසුන් අතරින් ඈත් වෙලා නෑ!
    ඒ සම්මානය ගන්න කපුගේටවත් නන්දාටවත් බැරි උනා ඒ අය කෙතරම් කම්කරු පංතිය ගැන ගැයූවත්.
    අනෙක ක්ෂේත්‍රයට පිවිසි කාලයේ හා ඔහු කලා කරුවෙකු ලෙස හැදී වැඩුනු කාලයේ සිටි තත්වයට වඩා මහින්දගේ ඇසුර සමග ඔහුගේ චරිත ලක්ෂණ වෙනස් වූවා.
    ස්තූතියි !
    ලබන ශනිදා දහයට නැවත හමුවෙමු!

    ReplyDelete
  11. මගෙ හිතෙත් තිබුණු අදහස මේ තරම් නිරවුල්ව සහ තර්කානුකූලව ලියා දැක්වීම ගැන ඉයන්ට ස්තූතියි

    ReplyDelete
  12. ජැක්සන් හොද නළුවෙක්

    ReplyDelete
    Replies
    1. ඔව්. හොඳ නළුවන්ට ප්‍රේක්ෂකයා පිනවන්න සහ අන්දන්න දෙකම පුළුවන්. Thank you sandhwathi

      Delete
  13. මේ සෙනසුරාදා උදේ කේස් එක ගැන තමයි එහෙනම් අර අජිත් ධර්මා විසින් පව්ලූෂා එක්ක ඉන්න ෆොටෝ එකක කියා තිබුණේ.

    මාත් එකතු වෙන්නම්. ලබන සතියේ සිට. මතක් වුණොත්!!!

    ජැක්සන් ගැන සඳහන් මා ලියා ඇති ලිපි කිහිපය මේ සටහනට එකතු කරන්නත් මතක තියා ගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසික. මම කියෙව්වා.

      Delete
  14. පරමාදර්ශී පුද්ගලයන් දකින එක
    පරිත්යාගියන් ඇසුරම පතන එක
    සතුටකි අපට- ඒත් පුදුම හතෙන් එක
    ඒ වගෙ වෙන්න අපි try එක නොදෙන එක

    ReplyDelete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete









  16. ඉයන් අයියා කියනවා වගේ ජැකා ගැන මිනිස්සුන්ට තරහක් ආවේ අර අගතිගාමී අසික්කිත පවුල වෙනුවෙන් විලිලැජ්ජා කොන්දේසි විරහිතව පෙනී හිටියට. කලාකාරයෙක් වශයෙන් නල⁣ා කාරයෙක් වෙන්න හොඳ නෑ කියන එකයි මගේ නම් අදහස. මොකද කලාකරුවෙක් කියන්නේ මහජනතාවගේ මිනිසෙක්. අනික් පැත්තට කියනවා නම් කලාකරුවෙක් කියන්නේ මහජනතාව නියෝජනය කරන මහජනතාවගේ සංවේදී පැතිකඩක් අල්ලන්න පුලුවන් මනුස්සයෙක්. එහෙම කෙනෙක් තමන්ගෙ තමන්ගේ පටු අරමුණු පටු වාසි තකා තමන්ගේ මහජනතාව විකුණනවා නම් මං හිතන්නේ මහජනතාව එතකොට අර මනුස්සයාට වෛර කරන්න පටන් ගන්නවා ජැක්සන්ටත් වුනේ ඒක.

    ජැකාාමිනිස්සුන්ව වික්කා. තමන්ව නෙවී

    ReplyDelete
  17. බොහොම ස්තූතියි රසික. මම කියෙව්වා.

    ReplyDelete
  18. (මගේ කලින් බිරිඳ, නීලා වික්‍රමසිංහ) පෝස්ට් එක කියවද්දී මට ඔය වරහන් ඇතුලෙ තියන කොටසේ තියන කොමාව මගහැරුනා.😃😃 ඊට පස්සේ ටිකක් වෙලා කල්පනා කලා මොකද්ද යකෝ මේ කියල තියෙන්නේ කියලා. 😃😃😃

    ReplyDelete
    Replies
    1. ඒක මරු. කොමාවක් කල දෙයක්. මගේ කලින් බිරිඳ ගෙන් තරම් නීලා ගෙන් මට පෞද්ගලිකව හානියක් වුනේ නම් නැහැ. Thank you Kumara.

      Delete
  19. කලා කරුවගේ සැබෑ චරිතය එලිවුන කොට ඒක යටපත් කරගෙන ඔහුගෙ කලාව රස විඳීම තමයි කල යුත්තේ. ඒ වුනාට ඒක අමාරු වැඩක්. - මම හැමවෙලේම කලේ ඒක . මම රවියට පිලිතුඅක් දෙද්දී මෙහෙම ලිව්වා. හෛදගර් (https://en.wikipedia.org/wiki/Martin_Heidegger) කියල ජර්මන් දර්ශනවාදියෙක් හිටිය. මිනිහ නාසින්ට එළිපිට සපෝර්ට් කළා. යුදෙව් ඝතන් ගැන ඔහු දන සිටියා කියන්න සාක්ෂි නැති වුනත් නාසින්ට වචනයකින් හරි සහය දක්වන කෙනෙක් පිළිකුල් නේ. නමුත් ඔහුගේ දාර්ශනික අදහස් වැදගත්. එනිසා අදටත් ඒවා උගන් වනවා. ජැකෝ ගැන මගේ මතයත් ඒ වගේ. එයාගේ දක්ෂත්වය සහ රඟපෑම් මම අගේ කරනවා. එපමණයි. මයිකල් ජැක්සන් ට ළමා අපචාර පිලිබඳ චෝදනා ආවා. ඒ වුනාට මම තවම ජැක්සන් ගේ සින්දු රස විඳිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්. පොඩි වෙනසක් තියෙනවා අජිත්. ලමා අපචාර කිසිසේත්ම සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒ වුනාට මම ඒක දකින්නේ ලිංගික විකෘතිතාවයක් විදිහට. ලිංගික විකෘතීන් තියෙන අයට ඒවා වෙනස් කරගන්න හැකියාවක් නැහැ. ජැක්සන්ට කලේ පුද්ගලික වාසියට.

      Delete
  20. ලංකාවේ බොහෝ දෙනා දේශපාලනයට අඩු වැඩි වශයෙන් කඩේ යනවා (බොන වෙලාවට අපි දෙන දේශනාත් කඩේ යාමකි)
    ජැකා බොහෝ කලා වල පිකසෝය (කඩේ යාම ඇතුළුව). කෙසේ නමුත් ඔහුගේ මරණ මන්චකයේ කඩේ යාම අල්ලා කර අපහස නින්දිතය.
    එක එහෙම උනේ ජැකා හිගන්නෙක් උන කලා කරුවෙක් නොවීමයි. කඩේ ගිය නොගියා, හිගන්නෙක් වගේ පරණ කුලී ගෙයක ඉදන් රුපවාහිනී මගින් මිස්සුන්ට අත පාන කලා කරුවෙක් උනා නම් මෙහෙම් වෙන්නේ නෑ. ඒ අපේ උදාර ජාතියේ හැටි

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විජෙබාහු මහතා. කලා කරුවො කීප දෙනෙක් හැර වැඩි දෙනෙක් කලාවෙන් පහසු ජීවන තත්ත්ව අත්කරගෙන තිබුණා. මම ගත්ත උදාහරණය අමරදේව මහතා. එතුමා මේ තත්ත්වයට පත්වුනානම් ඔහුගෙ ආර්ථික තත්ත්වය නොතකා ඔහු එක පැත්තටකවත් කඩේ නොයා කල මිල කල නොහැකි සේවය නිසා මේ වගේ විරුද්ධතාවයක් ඇති වෙන්නේ නැහැ.

      Delete
  21. කලාකරුවෙක් සමාජගත උනාම ඔහුට සාමූහික සාමාජීය වගකීමක් තියෙනවා.. තමන්ගේම කියලා දේශපාලන අදහස් තිබ්බත් ඒ හරහා සමාජය වැරදි පෙළඹවීමකට ගෙනියන්න ඔහුට හෝ ඇයට සදාචාරාත්මක අයිතියක් නෑ.. ජැක්සන් කලේ ඒ වැරැද්ද..

    බ්ලොග් එක ලියන්න කම්මැලි කමේ බොරුවට වෙලාවක් නෑ කිය කියා හිටියට දිගටම වගේ බ්ලොග් කියෙව්වා.. තට්ටයා, ඩ්‍රැකී ඇතුලු මේ ඉනිශියේටිව් එක ගෙනාපු සෙට් එකටත් ඒකට රෙස්පෙක්ට් කරලා මෙහෙම ලියන්න ගත්ත ඉයන් ඇතුලු සෙට් එකටත් මගේ ප්‍රණාමය..! ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ජේ වී පී ආණ්ඩුව ආවම දක්ෂිනාංශික හැටියට ලේබල් වෙලා තියෙන මං වගේ අයව ගාල් කඳවුරු (concentration camps) වලට ගෙනියනවලු. අර කස්ත්‍රෝ කියුබාවෙ කලා වගේ. ඒ නිසා තට්ට මහත්තයව හොඳින් තියාගන්න ඕන ඒ වෙලාවෙදි සපෝට් එකක් ගන්න. වෙන කෙනෙක් මේක කිව්ව නම් මම ලියන්නෙ නැහැ. අනාගත ආරක්ෂාව ගැන හිතලයි මේ ලිව්වේ

      Delete
    2. @ ඉයන්

      ///ජේ වී පී ආණ්ඩුව ආවම දක්ෂිනාංශික හැටියට ලේබල් වෙලා තියෙන මං වගේ අයව ගාල් කඳවුරු (concentration camps) වලට ගෙනියනවලු.////

      මිනිස් ජනගහනයක සාමාන්‍යයෙන් 2.5-3% ක් පමණ sociopathලා. ඒ මනෝව්‍යාධියට කියන්නේ APD “සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවය” (Antisocial Personality Disorder).

      ඒ අනුව විශ්වවිද්‍යාලවල සහ රැකියා ස්ථානවල රැග් කරන්නේ ඒ මානසික රෝගය තියෙන අය. මොකද ඔවුන් නිතරම සමාජයේ අනෙක් මිනිසුන්ව තලා පෙළා හිංසා පීඩා හිරිහැර කරන්න හරි කැමතියි. සමාජයේ අනෙක් මිනිසුන්ගේ හැඟීම් ගැන ඔවුන්ට සහකම්පනයක් නැහැ. ඔවුන්ගේ මතය පමණක් හැමවිටම නිවැරදියි කියා සිතන ඔවුන් ඉතාම අහංකාරයි වගේම හරිම දරුණුයි.

      සමස්තයක් හැටියට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ හෙවත් දැන් අලුතෙන් කියන ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අතර මේ මානසික රෝගය අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.

      දැන් බලන්න ලංකාවේ JVP/NPP සාමාජිකයන් කොච්චර පහසුවෙන් මහා විශාල බොරු කියනවද කියා. අනුර කුමාර දිසානායක ඉතාම පහසුවෙන් අනෙක් අයට බොරු චෝදනා එල්ල කරනවා. නමුත් කවදාවත් ඒවා ඔප්පු කරන්න සාක්ෂි දෙන්නේ නැහැ. ඔවුන්ගේ බොරු ගැන කවුරුහරි ප්‍රශ්න කළොත් කියනවා “මම එහෙම කිව්වේ නැහැ” කියා තවත් බොරුවක්. මෙන්න මෙහෙම අනෙකා ගැන කිසිම හැඟීමක් නැතිව තමන්ගේ පුද්ගලික වාසියට අමූලික බොරු කියන්නේ ඔය සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවය තියෙන උදවිය.

      ඒ වගේම දැන් බලන්න සමාජයේ ඕනෑම අවස්ථාවක වඩාත් ප්‍රචණ්ඩකාරීව කලබල කරන්නේ JVP/NPP සාමාජිකයන් නේද. ඔවුන් කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ කේන්තියෙන්. කා සමග හෝ ද්වේශයෙන්. බලන්න ඔවුන්ගේ මුහුණුවල හිනාවක් නැහැ. වෛරයෙන් අඳුරු වෙලා. හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ. අනෙකාගේ ඇඟට පැනලා පහර දෙන්න බලාගෙන ඉන්නේ. වේදිකාවල කතා කළොත් අනෙකාට බොරු චෝදනා කරමින් තර්ජන අපහාස පමණයි. විහිළුවක් කළත් ඒකත් කාටහරි අපහාසයක්. ෆේස්බුක් එකේ බැලුවොත් අසභ්‍ය කුණුහරුප කියාගෙන නින්දා අපහාස තර්ජන මර්දන බොහෝ විට කරන්නේ JVP/NPP සාමාජිකයෙක්. මෙන්න මේකත් සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවයේ ලක්ෂණයත්.

      අනෙක තමයි ඔවුන්ගේ දාමරික සාහසික ක්‍රෑර ක්‍රියා පිළිබඳව ඔවුන්ට කිසිම පසුතැවීමක් නැහැ නේද. ජවිපෙ න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරි වරක් “අහිංසක දෙමළ මනුස්සයෙකුට පහර දීලා මංකොල්ල කෑවාය” කියා කියන්නේ කිසිම පසුතැවීමක් නැතිවයි. මේ ලක්ෂණය JVP/NPP සාමාජිකයන් වැඩිපුර පෙන්වනවා නේද. 1971 සහ 1988-89 වගේම 2022 අරගලය තුළත් ඔවුන් මේ රටේ දේපළවලට හා මිනිස් ජීවිතවලට සිදු කළ අපරාධ ගැන ඔවුන් කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඒ ගැන ඇහුවම ඔවුන් කියන්නේ “ඒවා ඒ අවස්ථාවේ කළ යුතුව තිබුණා” කියලයි. තමන් සිදු කරන වැරදි පිළිබඳව කිසිදු පසුතැවීමක් නැතිකමත් සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවයේ තවත් ලක්ෂණයත්.

      ඒ වගේම මේ මානසික රෝගයෙන් පෙළෙන අයගේ පවුල් ජීවිත මිහිපිට අපායක්. JVP/NPP සාමාජිකයා සිය පවුල තුළ දැඩි ඒකාධිපතියෙක් ලෙස කටයුතු කරනවා. බිරිඳට සහ දරුවන්ට දැඩි නීති පනවනවා. පොඩ්ඩක් වැරදුණු ගමන් අමානුෂික දඬුවම් දෙනවා. දරුවන්ට කිසිම නිදහසක් නැහැ. තමාගේ මතයට පිටින් ගියොත් දරුවන්ට වධ දෙනවා. මේ නිසා JVP/NPP වැඩිහිටියන්ගේ දරුවන් ඉන්නේ දැඩි මානසික ආතතියකින්. අවාසනාවට කුඩා කාලයේ ඉඳලම ඒ හිංසනයට ලක්වන දරුවන් ඒ ජානමය සහ පාරිසරික බලපෑම නිසාම සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවයට පත් වෙනවා. මේක ඉතාම කණගාටුදායක තත්ත්වයක්.

      ජනගහනයෙන් 3% වගේ මේ මානසික ව්‍යාධියෙන් පෙළෙන බව වෛද්‍යවරුන් කියනවා. මා කියන්නේ නැහැ ලංකාවේ ඒ සියලු දෙනා JVP/NPP සාමාජිකයන්ය කියා. නමුත් JVP/NPP නායකයන් සහ සාමාජිකයන් කියන කරන දෙයින් අපට පැහැදිලිව පේනවා එතන වැඩිපුරම ඉන්නේ සමාජවිරෝධී පෞරුෂ අක්‍රමිකතාවය තිබෙන උදවිය කියා. මේ තත්ත්වය තේරුම් ගෙන ඒ සඳහා පිළියම් යෙදිය යුතුය කියා මා ඉතා කරුණාවෙන් යෝජනා කරනවා. මානසික සෞඛ්‍ය සායන පවත්වා තම සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට සහනයක් දෙන්නට පුළුවන් නම් වටිනවා.

      Delete
  22. දැන් ඉතිං ඔය මදැයි. එයාට නිදා ගන්න දෙන්න..

    ReplyDelete
    Replies
    1. සෙන්නා. හැමදාම සෙනසුරාදා පෝස්ට් එකක් දාන්න ඕන තට්ට මහත්තයගෙන් බේරෙන්න. වෙන ලියන්න දෙයක් නැති නිසා එයා ලියපු එක ගැනම ලිව්වා. එහෙම නැති මැරිච්ච අය ඇහැරවන්න ලිව්වා නෙවෙයි.

      Delete
  23. හ්ම්. බොහෝ කරැනු සමග එකගයි. පොයින්ට් එක්ක ලියල තියෙන හන්ද කියවන්ට පහසුයි 👌

    "විශ්වයේ සියලු සිදුවීම් ඔබව අවබෝධයට පත්කිරීම පිණිස වේ" කියල වේද පාඨයක් තියේ.
    ඒකට අනුව මේ උන හැම දෙයකින්ම... අපට යමක් ඉගෙනගන්න තියෙන බවයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ වෙන දේවලින් ඉගෙන ගන්න තමයි අනික් සත්තු ඉන්නෙ. මිනිස්සු එහෙම ඉගෙන ගන්නේ නැහැනෙ.

      Delete
  24. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete
  25. ඉයන්, මැතිවරණ අහෝසි කර ලංකාවේ පාලනය කුමන්ත්‍රණයක් මගින් බලහත්කාරය යොදාගෙන අල්ලගෙන සිටින නීති විරෝධී රනිල් රාජපක්ෂ මූසල ආණ්ඩුව විසින් ගුරු සංගමයක් විසින් දැනට පවතින දරාගන්න බැරිව ගිය ජීවන වියදම නිසා තමනට අතිශය සාධාරණ වු වැටුප් වැඩිවීමක් ඉල්ලා ඉතාම සාමකාමීව උද්ඝෝෂණයක් කළ විට දැවැන්ත පොලිස් මැර සේනාවක් යවා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා එය කෲර ලෙස මර්දනය කිරීම ගැන රටම කම්පා වුණා...

    මේ සංවේදී කවිය බලන්න

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද .
    TEARS FOR TEACHER S.
    #####################

    පොලිස් පුතේ...
    ****************

    හැබෑවට ඒ විද්දෙ වතුරද...
    තෙලෙස් වසරක් කරපු අකුරුද??

    අවි අරන් මග හරස් කෙරුවේ...
    හෝඩි පොත්වල උන්නු අමරද??.

    ***********************************

    ඇත්තටම ඒ ගැසුවෙ කඳුළුද...
    විබාගෙට අර ගත්තු ලකුණු ද??

    අඳුර ගන්නට බැරිම තරමට..
    දරුවනේ අපි ගොඩක් වයසද???

    *************************************

    දමන් හෙල්මට් වහන් උන්නේ...
    වඳින කොට අත ගාපු ඔලුමද??

    යුනිෆෝම් වල ගහන් උන්නේ...
    හෝඩියෙදි අපි දුන්නු තරුමද???

    **************************************

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද...
    පොඩි එවුන් ඉස්කෝලෙ යනවද ??

    අපිට නම් නැතිවුනත් කම් නෑ...
    ගෙදර වියදම් නුඹට කෝමද???

    **-****************

    නුඹට තෙරුවන් සරණයි .

    ගුරුතුමී.

    ***************************-*****************
    ගාමිණී මද්දුමගේ .
    වෛද්‍ය නිලධාරී .
    බන්ධනාගාර වෛද්‍ය ඒකකය
    බදුල්ල .
    2023..10.25.

    මේක ගැන ඉයන්ලා නිහඬව සිටීම ගැන මට පුදුමයි ඉයන් ඇයි ඒ?

    ReplyDelete