Monday, December 12, 2022

යකෝ හූ කිව්ව තමයි

සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් ලියන්නෙ කියවන්න එන ඕනම කෙනෙකුට. මේක ලියන්නේ බ්ලොග් හරහා මට හමුවුන සුන්දර මිනිසෙකු වන නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ  රවී වීරසිංහ මහතානන්ටයි. 


හිතවත් රවී 

මේක ලියන්නේ ඔබ මූණු පොතේ දැම්ම මෙන්න මේ පොස්ට් එක ගැනයි.


යකෝ හූ කිව්ව තමයි. ඒක එතනිං අහවරයි. කාලා ඉන්ට බැරි මගේ මේ සට්ටඹි දායක සබාව සද්ද නැතුව නොඉඳ ආයම ඒක හෝදන්ට ගිහිල්ල හත්පොලේ ගාන එකනෙ.
Ravi Weerasinghe and 21 others
1 comment
3 shares
Like
Comment
Share



ජනාධිපති රනිල් කොලඹ සරසවියේ නීති පීඨයේ උත්සවයකට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් හූ කීමක් ගැනයි. ඔබතුමා කියන්නේ ඒ හූ කීමට විරුද්ධව රනිල් ට කැමති අය ලියන දේවලින් ඒ සිද්ධියට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා කියන එකයි. ඇත්තටම ඔබ හරි. රනිල්ගේ දේශපාලන දර්ශණයට කැමති කෙනෙක් හැටියට මටත් ඒ ගැන ලියන්න හිතුනේ ඔබගේ පෝස්ට් එක නිසයි.

මගේ අදහස මේ හූ කීමෙන් රනිල්ට පුද්ගලිකව කිසිම අනිසි ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ කියන එකයි. එහෙම කියන්නේ මම ඔහු ගැන දන්න නිසා. නන්දසේන, හෝ මහින්ද රාජපක්ෂ වගේ අය ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අත්පොලසන් වලට, ප්‍රශස්ථි ගායනා වලට, වගේම අපහාස වලටත් ඉතා සංවේදීයි. ජුබිලි කණුවේ නන්දසේනට හූ කියපු වෙලාවේ විශාල පොලිස් හමුදාවක් එතනට එව්වා. ඒවගේම එතන තිබුණ පැල්වත්ත කිරි පිටි පෝලිම ආයිමත් ඇති නොවන්න ක්‍රමයක් දැම්මා.  
   
රනිල්ට අපහාස කිරීම පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. ඒක පටන් ගත්තේ ඔහු චන්ද්‍රිකාට එරෙහිව 1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච දා ඉඳලයි. එදා ඉඳන් රනිල් මිස්ට බීන්ට සමාන කිරීම, බටලන්ද රැඳවුම් මධ්‍යස්ථානයේ උනායැයි කියන දේවලට සම්බන්ධ කිරීම, මංගල ගෙනගිය 'රනිල්ට බෑ' කැම්පේන් එක, දරුවන් නොමැති නිසා ඔහු සමලිංගික යැයි කීම, රනිල් කොටින්ට උදව් කරන කෙනෙක් යැයි කීම, කොටින් සමඟ රනිල් ගිවිසුම් ගැහුවා යැයි කීම, රනිල් උත්සාහ කරන්නේ රට බෙදීමට බව ප්‍රචාරය කිරීම සහ යහපාලන කාලයේ බොන්ඩ් ගනුදෙනුවෙන් ඔහු  අයුතු ලෙස මුදල් ඉපයූවා යැයි කීම, සහ අළුත්ම එක ඔහු කරන්නේ රාජපක්ෂවරු ආරක්ෂා කිරීමකියි කීම අදී වශයෙන් නොයෙක් අපහාස, බොරු, කොතෙකුත් ඔහුට විරුද්ධව තිබුණා. මේ සියල්ලම බොරු වුණත් බොහෝ දෙනෙක් මේව සත්‍යය යැයි විශ්වාස කලා. ඒකට එකම හේතුව මඩ දේශපාලනය තරයේ ප්‍රතික්ෂේප කරන රනිල් අනික් අයට මඩ නොගසන්නා වගේම ඔහුට එල්ල කරන මඩ වලට පිළිතුරු නොදීමයි. දෙදෙනෙක් දෙපැත්තට මඩ ගහනවා නම් ඒවා මඩ බව මහජනයා සිතනවා. එහෙත් එක පැත්තක් මඩ ගහනවිට අනික් කෙනා නිහඬව සිටිනවානම් බොහෝ දෙනෙක් සිතන්නේ ඒවා ඇත්ත බවයි. සංනිවේදනයේ මේ අංගය අපිට තේරුණාට රනිල් යම් කිසි හේතුවක් මේ ගැන නිසා කවුරුවත් කියන ඒවා පිලිගන්නේ නැහැ.  

 ඒවුනාට මේ හූ කීමේ සිද්ධිය තලු මර මරා රස විඳින අයත් ඉන්නවා. රනිල් කියන්නේ රාජපක්ෂලාවගේ මානසිකත්වයක් තියෙන අයෙක් කියලා හිතන බොහෝ අය මේ ගැන යූටියුබ් එකේ සහ මුහුණු පොතේ  ස්ව‍යං වින්ඳනයක් ගන්නා බව හැමෝටම පේනවා. නන්දසේනගේ මෝඩකම් සහ ඔහුගේ අනුග්‍රහය යටතේ වුන හොරකම් නිසා ඇති වුන අරගලයෙන් චරිත බවට පත්වූ අයත් මේකෙන් චූන් වී ප්‍රකාශ සහ ව්ලොග් එහෙම කරනවා.   එම වීඩියෝ සහ පෝස්ට් වලට කමෙන්ට් කරන අයත් හරිම උද්යෝගයෙන් තමය් මේ සිද්ධිය ගැන සතුටු වන්නේ. 

පාර්ලිමේන්තුවට පත්වූදා සිට සැම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති කෙනෙක් තමයි රනිල්. 1974 දී රජයට පවරාගත් ලේක් හවුස් ආයතනය සඳහා රනිල්ගේ මවට ලැබුණු වන්දියෙන් ඔහුගේ කොටසින් ගෙයක් සාදාගත් රනිල් ඔහුගෙන් පසුව එම නිවස කොළඹ රාජකීය විද්‍යාලයට ලියා තිබෙනවා. අන් දේශපාලකයින් මෙන් තමන්ගේ සහෝදරයින්ට සලකන්න රජයේ තනතුරු මුදල් ආදිය යොදා ගත්තේ නැති කෙනෙක්. මේ නිසා ඔහු හිතන්නේ ඔහු සොරකම් නොකරන නිසා ඔහුර හොරා යැයි කීම ගැන ඔහු කරදර වියයුතු නැති බවයි.    

මම කරන දෙයකින් මගේ සතුරාටට හානියක් වූවානම් ඒ ගැන මම සතුටු වන එක ආගමික ඉගැන්වීම් වලට විරුද්ධ වුනත් සාමාන්‍යයෙන් වෙන එකක්. ඔය ඉහත සඳහන් කරපු උපහාස, අපහාස සහ මඩ වලින් නොසැලුනු රනිල් සමාජයේ කවුරුවත් නොදන්නා කීප දෙනෙක් හූ කිවුවා කියලා සැලෙයිද? මම හිතන්නේ මේකෙන් ඔහුට සුළු අසතුටක්වත් ඇති නොවුනා කියලයි. එහෙත් ඔහුට ලොකු ලැජ්ජාවක් වුනා යැයි සිතා උඩ පනින අය නම් වලිගෙ පාගගෙන කියලයි මගේ මතය.       

ඉතින් රවී , රනිල්ටගේ දේශපාලනය අගයන මම වගේ අය උත්සාහ කරන්නේ මේ දේ පෙන්නා දීමට පමණයි. ඒ නිසා ඔහුට හූ කීමට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවාවීම සත්‍යයක් වුවත් එයි ඔහුට මානසිකව හෝ හානියක් නොවන නිසා ඒකෙන් වෙන හානියක් නැහැ.  

මම ඔහුව දන්නේ යහපාලනයට පෙර ඔහු විපක්ෂයේ සිටින කාලයේ ඔහුව පෞද්ගලික ඇසුරු කිරීමට අවස්ථා ලැබුණ නිසයි. ඔහු යහපාලනයේ අගමැති වූ පසුව නම් ඔහුව මුනගැසුණේ නැහැ. කලින් පෞද්ගලික අංශයේ තිබියදී මම අධ්‍යක්ෂක ධුරයක් හෙබවූ ආයතනයක අධ්‍යක්ෂක ධුරයකට යහපාලන අගමැති වීමෙන් පසු ඔහු මාව පත්කලත් දැන් රජයේ ආයතනයක් වන එහි සිදුවන දේවලට මගේ නම ගෑවී මගේ වෘත්තීය සුදුසුකමට එයින් හානියක් සිදුවේ යැයි තියෙන බයට ඉක්මනින්ම එතනින් ඉවත්වුනා. මේක කිව්වේ මම දේශපාලන තිරයකින් වැසී කියන දෙයක් නොව ඔහු ගැන මම තරමක් හෝ පෞද්ගලිකව දැනගෙන කියන දෙයක් යැයි හැඟවීමටයි.     

ඉතින් රවී, දායක සභාව උත්සාහ කරන්නේ ඔයදේ කියන්නයි.

ඉයන් 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

10 comments:

  1. ඔබතුමා හිරිකොතෙද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් අවුල්ද? පුංචි අම්මගෙ පක්ෂෙට වැඩ කරන එකට වඩා මට ඒක හොඳයි.

      Delete
  2. Post එකට වැඩියෙන් මා අගයන්නේ
    Ian ඔබේ ඍජු ගතියයි; නියමයිනේ
    ආඳා මාළු ඉරටෙන් කන්නොයි ඉන්නේ
    කොඳු නාරටිය නැතිවද මංදා උන්නේ

    ReplyDelete
  3. මමත් ඕවා දැක්ක. මුකුත් ලියන්න ගියේ නැහැ. හූ කියන සම්ප්‍රදාය මහා ලොකු දෙයක් නෙමේ. කැම්පස් එකේ හූ කිවේ නැත්නම් තමා අවුල. සමාජවාදී රටවල හූ කීවේ නැහැ. තහනම්.හැබැයි දේශපාලකයෝ එන්නෙත් නැහැ කැම්පස් වලට. හූ කියන්න ඉඩ දුන්නම අවුලකුත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය , ෆ්‍රී ස්පීච්

    ReplyDelete
  4. ටට ගමට තුති පුදකොට මේ සබයට මන පිනවන්න
    රුවට හැඩට යස කදිමට ලළනාවෝ එයිද නටන්න
    මී මැස්සෝ රොන් උරන්නේ ගුම් නද දී සුවඳ මල් මැද
    නිළ මැස්සෝ මට කියන්න මල් පැණි වල අරුමේ දනීද ...
    ලස්සන මල් සොයා මී මැස්සෝ ගියා
    කුණු කසලක් සොයා නිළ මැස්සා ගියා ...//
    මිතුරා ඔබගේ හතුරා වුනොත් - ඒ මිතුරාට බඳිනවා වෛරෙ
    දෙබරා ඔබගේ වෙයි හතුරා - දෙබරගේ කැඩුවොත් දෙබරේ
    බඹරා විස ඇති බඹරා - ගල් ගැසුවොත් වැටෙයි කරදරේ
    වඳුරා කැලේ වානරයා - වරුණ කරයි වලිගෙ විස්තරේ ..
    වඳුරට වස්තරේ නැත ඌට කේන්දරේ
    වලිගයේ විස්තරේ කියයි වනන්තරේ ...//
    බල්ලෙක් කොපමණ බිරුවත් - අවට තියන කඳු පෙරලෙයිද
    කොල්ලෙක් කෝප වී බැන්නට -ඤනවන්ත කෙනෙක් කිපේද
    මෙ නරියෝ කැලේ හු කිව්වට - සිංහ පැටියා බය සැක වෙයිද
    කෙසරයා බඩගින්නට - කියන්න තණකොළ කනවාද ...
    කේසර රාජයා අහන්කාරයි සුරයා
    නරියා කපටියා කයිවාරු කාරයා .. //
    ගෝලයා මුසිලයා - ගියා ගුරත් එක්ක සමග වාදේට
    ගුත්තිලයා පඬිවරයා - වැදෙන ජය ගත්තා සැබැට
    මේ නාගයා ඇදී ඇදී යන විට - කරබාගෙන ඒකාගේ ගුලට
    මෝඩ වෙන්න එපා එපා පාගාලා එකාගේ නගුට ...
    මෝඩයා මෝඩයා අහන්කාරයි මෝඩයා
    ඉවසිලිවන්තයා එයා ඤනවන්තයා ....//

    ගායනය - පෝල් ප්‍රනාන්දු
    (සින්දු ඇනෝ

    ReplyDelete
  5. හූ කියන එක ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතියේ එක අංගයක් නිසා එතනට යනව නම් ඒකට මූණ දෙන්න ලැස්තිවෙලා යන්න ඕන .

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  7. ඔය හූ කීමෙන් උද්දාමයට පත් වෙන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රජාව නියෝජනය කරන, විමර්ශණ බුද්ධිය හීන, රැල්ලට යන දේශපාලන චරිත පමණයි.

    ReplyDelete