Saturday, February 25, 2023

1956 කල වැරද්දම ආ‌පසු කිරීම

Kapila Gunasekera

දේශයක අවි ගත් හෝ අවි රහිත විප්ලවයක් කිරීම යනු පස් මහ බැළුම් බලා කල යුතු කාර්යයකි. සාර්ථක විප්ලවයක් සඳහා ඉටු විය යුතු පළමු කරුණ වන්නේ.
1. සාමූහික අරගල සඳහා හේතුවන පාට පක්ෂ බේදයකින් තො‌රව සාමාන්ය මහජන කලකිරීම
ජවිපෙ යන උද්දච්ච අඥාණ හීන මානයෙන් පිරි සංවිධානය 71 සහ 88/89 යන අරගල දෙකම කලේ මහජන කල කිරීමක් මත ඇතිවූ අරගල පැවති දේශයක නොවන බව රහසක් නොවේ. එම මන්දබුද්ධික උත්සහයන් දෙක අප දේශයට ගෙන ආ විනාශය අති මහත්ය. සති දෙකක අතීතයක් මත අබුද්ධික තීරණ ගන්න බහුතරයක් ඉන්න දේශයක මිනිසුන් හට එය අමතකව ගොසිනි. මෙම වියමන අකුරු කරන අප මහින්ද ප්රමුඛ පොහොට්ටුව සහ අකුදි ප්රමුඛ ජවිපෙ අතර වෙනසක් නොදකින්නේ එබැවිනි. මහින්ද බලය ඇතිව අප දේශය විනාශයට ගෙන ගිය අතර ජවිපෙ බල නැතිව අප දේශය විනාශයට ගෙන ගියෝය. අතීතයේ වැරදි කල මිනිසුන්හට නිවැරදි දේශපාලන ප්රවේශයකට ඉඩ ප්රස්ථා ලබා දිය යුතු නම් එය මහින්දට සහ අකුදි යන දෙදෙනාටම ඇති අයිතියකි.
මහින්ද බලයට දැඩි ලෙස කෑදර දේශපාලකයෙක් බව දැන සිටි ජවිපෙ 2005 දී මහින්දට බලය ලබා දීමට කට යුතු කරන්නේ අප දේශයට තිබූ ආදරය නිසා නොව තම කණ්ඩායමට බලය ලබා ගැනීමට නම් රාජ්ය පාලනයේදී අසමත්වීමට වැඩි සම්බාවිතාවක් ඇති අයෙක්ට සහ කණ්ඩායමක්ට බලය ලබා දීම සඳහා ඇවැසි සහය ලබාදීම තම කණ්ඩායමට බලය ලබා ගැනීමට ඇති එකම උපාය මාර්ගික ක්රමය බව විශ්වාස කල හෙයිනි. 2004දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මංගල සමග එක්ව චන්ද්රිකාව පෙළඹවා ගැනීම ජවිපෙ කල පලමු ආයුධ රහිත විප්ලවයයි.
2001 වනවිට තම මාමණ්ඩිය සමග එක්ව ආරක්ෂක හමුදා ඉතාමත්ම අසරණ අඩියකට ඇදදැමූ චන්ද්රිකා 94 වසර ආරම්බයේදී 5.8 ක්වූ අප දේශයේ ආර්ථික වර්ධන වේගය -1.5 ක් වූ තැනකට ගෙන එන ලදි. 2001 මහ මැතිවරණය එජාපය ජය නොගත්තේ නම් 2022 අප දුටු පෝලිම් අපට දැක ගත හැකිව තිබුණේ 2001/2002 යන වසර වලදීය. 2004 වන විට රනිල්ගේ රජය නැවතත් ආර්ථික වර්ධන වේගය 5.8 ගෙන් ආ අතර අප ආරක්ෂක හමුදාවනට ඉතාමත්ම හොඳ ප්රතිසංවිධානයකට අවැසි කාලය සහ අනෙකුත් අව්ශ්යතා ලබා දෙනු ලැබීය. මේ සියල්ලම හොඳින් දැන සිටි මංගල සහ ජවිපෙ රනිල් හට වසර 5 අවසන් කිරීමට ඉඩ දෙනු ලැබුවහොත් තමනට දිගු කාලයකට බලයට ඒමට අවස්ථාවක් නොලැබෙන බව දැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට චන්ද්රිකාව පෙළඹවා ගත්තෝය. සමාජ ආර්ථික සහ දේශපාලන සිතුවම නිවැරදි ලෙස කියවීමට නොහැකි මිනිසුන් අද වන විට ජවිපෙ කර තබා ගෙන දිව යෑම පිළිඹඳ අප පුදුම විය යුතු නැහැ. මොකද තමන් නොදන්නා බව නොදන්නා මිනිසුන් දේශපාලන ඔස්තාර්ලා වූ රටක සාමාන්යයෙන් සිදුවන්නේ එවැනි විපරීත සිදුවීම්ය.
2005 දී රනිල්ව පරාජය කිරීමට මහින්ද සමග දකුණේත් මහින්ද සහ LTTE සංවිධානය අතර වූ එකඟ තාවයට ආශිර්වාද කරමින් උතුරේත් චන්ද පදනම් වෙත ව්කෘති බල පෑමක් කල ජවිපෙ අද මැතිවරණය සහ ප්රජාතන්ත්රවාදය පිළිඹඳ හැඬ නැගීම දෛවය ඔවුන්ට උරුම කර දුන් කදිම සරදමකි. 2005දී ජවිපෙ සිදු කලේ අවි රහිත දෙවන විප්ලවයයි. සති දෙකකට ඉහත අතීතයක් පමණක් මතක මිනිසුන්හට ඈත සහ මෑත ඉතිහාසයන් පිළිඹඳ කියවීමක් නොමැති වීම අරුමයක් නොවන බැවින් ඔවුන් මෙවර ජවිපෙ කර තබා ගෙන යන රැල්ලක් නිර්මාණය කරමින් සිටින්නෝය.
මහින්දට බලය රැකගැනීමට ඇති හැකියාව අවතක්සේරු කල මංගල දේශපාලන පිටුවහල් කිරීමකට ලක්වූ අතර ජවිපෙ නතර වූයේ 3%ක්වූ ඉතාමත්ම අන්ත අසරණ තැනකය. දේශයක් තම අතීශයින් අවස්ථාවාදී අබුද්ධික දේශපාලන දැක්ම මත විනාශය කරා ගෙන ගිය කණ්ඩායමකට හිමි විය යුතු සුදුසුම තැන එයයි. මංගල ඉතාමත් ඉක්මණින්ම තම දේශපාලන අවස්ථාවාදය අත්හැර දැමූ නමුත් ජවිපෙ සහ ජජබයියන් අදටත් එම දේශපාලන අවස්ථාවාදයෙන්ම අන්ධ වී සිටිති.

2010 දෙශයේ අවසන් බලපො‌රො‌ත්තුව වශයෙන් බ්රෑන්ඩ් කලේ මහිනදව. 2015ත් දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් මහින්දව බ්රෑන්ඩ් කල අතර මහින්දගෙන රට බේර ගන්න සිරිසේනව බ්රෑන්ඩ් කලේය.
සිරිසේන හීනමානයෙන් පෙලෙන හෙයින් කලේම ගො‌බ්බ වැඩය. එබැවින් 2019 ගේඨාභය දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් බ්රෑන්ඩ් කිරීම ඉතාමත්ම පහසු විය. ඊට පස්සෙ ගො‌ඨාභයගෙන් දේශය බේර ගන්න ජනතාව පාරට බැස්ස නමුත් එම පෙල ගැසීම ජවිපෙ සහ පෙරෙට්ටන් තම කණ්ඩායම් හී දේශපාලන සිතියම වෙනස් කර ගැනීමේ අරමුණින් අවස්ථාවාදී ලෙස පැහැර ගත්තෝ‌ය.
වර්ථමානයේ දේශයේ අවසන් බලාපො‌රො‌ත්තුව වශයෙන් අකුදිව බ්රෑන්ඩ් කරමින් සිටිති. තවත් සම(හරක්) ආ‌සයිබයයි සමග ඔහුගේ කැඳ හැලිය වන සජබයි කණ්ඩායම බ්රෑන්ඩ් කරමින් සිටිති. අපට වැරදුණු තැන මේ බ්රෑන්ඩ් කිරීම බව වටහා ගැනීමට අති බහුතරයකට හැකියාවක් නැත. එය බො‌හේ කඩා වැටුණු දේශයන්හී බහුතරයකගේ ලක්ෂණයකි.
තමන් නො‌දන්නා බව නො‌දන්නා නමුත් සියල්ල දත් චරිත රඟපාන මිනිසුන් අති බහුතරයක් වු රටක දේශපාලන හැසිරීම එසේ වීම අරුමයක් නො‌වේ.
මෙම අවස්ථාව දේශයක් ලෙස නැගී සිටින්නට ලැබුණු මහඟු අවස්ථාවක් වුවත් එය දකින්නට නො‌හැකි වූ මිනිසුන් සො‌යනුයේ කරේ තබා ගෙන යාමට එකෙකි. කර උඩ එකෙක් නො‌සිටියො‌ත් උන් හට එය ලො‌කු අවුලකි.
රැලි සාදා එම රැලි වලට හසුවී හැඳ සිටි ඇ‌ඳිවතත් නැනිවූ මිනිසුන් නැවත නැවතත් සාදන්නේ රැලිමය.
අප දේශය දිගු ගමනකින් පසු පැමිණ ඇ‌ත්තේ දේශපාලනයෙන් ඔබ්බට ගිය ඉසව්වක සිට පිළිතුරු සෙවීම කල යුතු තැනකටය. එය දකින්නට නො‌හැකි බහුතරයක් අතරින් සමහරක් මුන්ටවත් දීල බලමු යන සිතුවිල්ල මත අප දේශයේ එරී තිබෙන නාරා වලේම තබා ගැනීමට සැරසෙන බව එම මිනිසුන්හට වැටහෙන්නේ නැත.
රැල්ලක් නො‌මැතිව ජීවතයක් නැති කර උඩ එකෙක් නැතිව අවුල් කො‌ටසක් මේ සැරසෙන්නෙ ඉතිහාසයේ 1956 කල වැරද්දම ආ‌පසු කිරීමටය. ඉතිහාසයේ එකම වැරැද්ද නැවත නැවත කරන බව බහුතරයකට වැටහෙන්නේ වැරද්ද කල පසු වීම අභාග්යකි.
සමහරෙක් දෛවයක් ඇ‌ති බව විශ්වාස කරන අතරම දෛවය වෙනස් කිරීමට හැකි බවද විශ්වාස කරති. කණගාටුව නම් එවැනි මිනිසුන් සිටින්නේ ඉතාමත්ම අතලො‌ස්සක් වීමය.
දේශයක් වශයෙන් යලි හිස ඔසවන්නට ලැබුණු පළමු අවස්ථාවේම දේශපාලනය පසෙක තැබූ ජපානය ආ‌දර්ශයක් කර ගෙන දේශපාලනය පසෙකට ලා හිස ඔසවන්නට ලැබුණු මහඟු අවස්ථව පසෙකට ලා අකුදි සහ අකුදිගේ කණ්ඩායම කර තබා ගැනීම විසඳුම වශයෙන් දකින වහල් මනස් ඇ‌ති මිනිසුන් සිටින රටකට හිස එසවීම යනු ඉතාමත්ම අසීරු කරුණක් වීම අරුමයක් නො‌වේ.
චිරං ජයතු ශ්රී ලංකා

7 comments:

  1. හොඳින් මැන කිරා බැලුවත් හැමදේම
    වටහා ගත නොහැක සිදුවෙන සියල්ලම
    ඉයන්, ඔබේ මතයත් මෙහි පැවසීම
    අගෙයි- මව්බිමට අත්වේවා දිනුම!

    ReplyDelete
  2. පැරාත් ලියල තිබුණ, මේ වගේම හිතන්න ඕනෙ ලිපියක්. නිදි කිව්ව වගේ, මේ වෙලාවෙ හැමෝගෙම අදහස් වටිනවා.
    https://w3lanka.blogspot.com/2023/02/blog-post_25.html

    ReplyDelete
  3. කිසිවක් නොකර කටඋඩ ඇරගෙන ඉඳ අවසානේ මුමුණන වචනය තමයි ඉතීම්... දෛවය.

    ReplyDelete
  4. //මිනිසුන් සො‌යනුයේ කරේ තබා ගෙන යාමට එකෙකි. කර උඩ එකෙක් නො‌සිටියො‌ත් උන් හට එය ලො‌කු අවුලකි.// මේකනං පුදුම ලෙඩක්.. අර ගුටිකාල පුරුදු වෙච්චි ගෑණි වංගෙඩියක් පද්දල ඇඟේ වද්ද ගත්තා වගේ ගුටි නොකාම් නොපෑගී, නොපෙළී ජීවිතයක් නැති බහුතරයක් ලංකාවේ ඉන්නේ. දුකයි ඉතිං.

    ReplyDelete
  5. ඇනලයිස් කිරීමේ නොහැකියාව හෝ අඩුපාඩු තමයි රැල්ලට යාම, මිත්‍යාමත , කොන්ස්පිරසි තියරි වගේ හුඟක් දේවලට හේතුවක් වෙන්නෙ

    ReplyDelete
  6. මේ අටවන ජනාධිපති කියන ලිපියේ https://kolambagamaya.blogspot.com/2022/07/blog-post_21.html රනිල්ට ඔය වෙච්හි දේ මම ලියුව. රනිල් 2005 දී වුන් වැරැද්දක්. ඒ දිනවල රනිල් බලයට පත් වුනා නම් නොර්වේ සමග එක්ව ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීල. විනාශකාරී යුද්ධයක් නොමැතිව ඕක ගොඩ දානවා. රට එහෙනම් අද හොඳ තැනක, එදා ජවිපේ වැරදියි. ජවිපෙ 2005 දී කල දේ හෝ 1988 කල දේ වැරදියි. නමුත් අවාසනාවකට වගේ එදා 2005 ජවිපෙ හිටි තැන තමා අද රනිල් ඉන්නේ. පැරා ට වාසනාවකට වගේ නොපෙනෙන දේත් ඒක. රාජපක්ෂලා ව රනිල්ට එළවන්න් පුළුවන් මමත් රනිල්ට සහය දෙන්න කැමතියි. පුතාණෝ ට නම් මම කොහෙත්ම කැමති නැහැ, ඉතිරි වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය විතරයි. දැනට. // අකුදි සහ අකුදිගේ කණ්ඩායම කර තබා ගැනීම විසඳුම වශයෙන් දකින වහල් මනස් ඇ‌ති මිනිසුන් සිටින රටකට// මෝඩ කතාවක්.මිනිසුන්ට වහලුන් නොවී තීරණ ගන්න පුළුවන්. ලියැපු තැනැත්තා එහෙනම් ඊට වැඩිය වහලෙක් තමන්ගේ මතයේ. (ඉයන් නෙමේ. කපිල) . දේශපාලන පක්ෂ වලට සහයෝගය ඒ ඒ මිනිසුන්ගේ සිරිතක්.

    ReplyDelete
  7. ලන්කාව වගේ රටක විප්ලවයක් කිරිම උනුත් වහ බිලා අපිටත් වහ දෙනවා වගේ වැඩක් කියලා ..දේශපාලනය ගැන කතාකරන මගේ යාලුවෙක් කියනවා...තුන්වෙනි පාරටත් වහබොන්න වේයිද?

    ReplyDelete