Sunday, December 18, 2016

හම්බන්තොට වරාය විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක්

ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම් පර්යන්තයකින් කන්ටේනර් දහයක් පහලොවක් බෑවත් එම කන්ටේනර් පර්යන්තය රටේ සම්පතකි. වඩාත්ම ප්‍රයෝජනයට ගන්නා නැව්මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරායට නැව් ගෙන්නා ගැනීමට රජය අපොහොසත් වී ඇත්තේ ඔවුන්ගේ අකාර්‍යක්ෂමතාව නිසාය. හම්බන්තොට වරායක් ඇතිබව නොදන්නා නැව් සමාගම් සහ කැප්ටන් වරුන්ට පෙනෙන ලෙස අඩුම ගණනේ හම්බන්තොට  මුහුදේ බෝඩ් ලෑල්ලක් වත් ගැසීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නැත.

අද පවතින තත්ත්වය අනුව හම්බන්තොට වරායේ ආදායම එහි ආයෝජනය පියවීම පසෙක තිබියදී එමණයට අදාල පොලිය ගෙවීමට වත් ප්‍රමාණවත් නැති වුණත් එය චීනයට විකිණීම නොකල යුතුය. එම පොලිය සහ මුදල විදේශ මුදල් වලින් ගෙවීමට ඇති නිසා තවත් ලක්ෂයක් දෙකක් කාන්තාවන් මැදපෙරදිග යවා ණය ගෙවීම වඩා සුදුසුබව බව යහපාලනය රජයට නොතේරේ.

අද ලෝකයේ විශාලතම නිෂ්පාදකයා වී ඇත්තේ චීනයයි. එම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමත් නිමි භාණ්ඩ ඉල්ලුම්කරුවන්ට ප්‍රවාහනය කිරීමත් නිසා වානිජ නැව් වල ධාරිතාව වැඩියෙන්ම පාවිච්චි කරන රට චීනය යැයි සිතීම සාධාරණය. එමෙන්ම චීනයේ බලශක්ති අවශ්‍යතාවලට ආනයනය කරන තෙල් ප්‍රමාණයෙන් 85% වත් තමන්ට අයිති තෙල් නැව් වලින් පමණක් ප්‍රවාහනය කරන මට්ටමට යාමට චීනයේ බලාපොරොත්තුව බව කියැවේ. ලෝක ආර්ථිකයේ විශාලතම ආනයන සහ අපනයන කරු බවට පත්වී ඇති චීනයට චීනය සහ චීනය විශාල වශයෙන් අමුද්‍රව්‍ය ලබා ගන්නා අප්‍රිකා මහද්වීපය සහ චීනයේ නිශ්පාදන ආනයනය කරන උතුරු දකුණු ඇමෙරිකා රටවල් සහ යුරෝපය අතර මැද ඇති ලංකාවේ වරායක් චීනය විසින් ක්‍රියාත්මක කරන වරායක් කිරීම නිසා රටට වන හානිය සුළුපටු නොවේ.

2014 න් අවසන් වූ දසවසර තුල චීනයට අයත් නෞකා ප්‍රමාණය (දල ධාරිතාව මත ) තුන්ගුණයකින් වැඩි වී ඇතැයි පහත වගුව පෙන්නා දෙයි.




2014 දත්ත අනුව අළුත් වානිජ නැව් සඳහා සියළුම රටවල් වලින් තබා ඇති ඇණවුම් ප්‍රමාණයෙන් විශාලම ඇණවුම් ප්‍රමාණය තබා ඇත්තේ චීනයයි. එය 27% පමණ ප්‍රමාණයකි. එමෙන්ම එය ඊලඟට විශාලම ඇණවුම් ප්‍රමාණය තබා ඇති ග්‍රීසිය මෙන් හතර ගුණයකි. යුරෝප ආර්ථිකයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය තබා ඇත්තේ චීනෙයේ ඇණවුම් ප්‍රමාණයෙන් දහයෙන් එකකි. අනාගතයේදීත් විශාල නැව් ප්‍රමාණයක් ලෝක මුහුදු මාර්ග වල යෙදවීමට චීනය බලාපොරොත්තුවන බව  මෙම දත්ත වලින් පෙනේ. එවන් රටකට ලෝකයේ කාර්‍යය බහුලම නැව්මාර්ගයක් ආසන්නයේ ඇති වරායක් බදුදීමෙන් රට වන හානිය අතිවිශාල බව රජයට තේරුම් නොයාම පුදුමයකි.

චීන පාලනය යටතේ හම්බන්තොට වරාය ආසියානු ප්‍රදේශයේ කාර්‍යබහුලම වරායක් වීමට ඉඩ ඇත. එවිට එම නැව් සහ වරාය සේවකයන්ට ආහාර, ඉඳුම් හිටුම්, නිවාඩු නිකේතන ආදිය හම්බන්තොට අවට ප්‍රදේශවලින් සැපයීමට සිදුවීමෙන් එම ප්‍රදේශවල ආර්ථිකයට වන හානිය රජය තේරුම් ගොස් නැත.  චීන පාලනය යටතේ මෙම වරාය ආසියාවේ කාර්‍ය බහුලම වරායක් වුවහොත් විශාල විදේශිකයින් පිරිසක් එහි සේවය කරනු ඇත. එය මත්තල ගුවන් තොටුපලටද විශාල ගුවන් යානා ප්‍රමාණයක් පැමිණීමට හේතුවක් වනු ඇත. එමඟින් ගුවන් තොටුපොලටද අඩුම තරමේ වියදම උපයා ගැනීමට හැකි තත්ත්වයක් ලැබීමද රජයේ මෙම ක්‍රියාවෙන් වන හානියකි.

කාර්‍යබහුල වරායකින් ඒඅවට විශාල ප්‍රමාණයක් රැකියා ඇතිවීමට සහ ආශ්‍රිත කර්මාන්ත වලින් තවත් රැකියා ඇතිවීමද එම ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණුවීමද සිදුවීමට ඉඩ ඇත. මෙමඟින් වන්නේ මැදපෙරදිගට ගැහැණුන් යවා පිට ගැහැණුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට එම ප්‍රදේශ වල පිරිමින්ට ඇති අවස්ථාව නැතිකර දැමීමේ කුමන්ත්‍රණයක්ද ඇති බව පැහැදිලිය. 

ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව ලෝකයේ හිස්ම ගුවන් තොටුපොල  විරුදාවලිය ලඟකදී මත්තල ගුවන් තොටුපොලට ලබා දෙන ලදී. රජය හම්බන්තොට වරාය විකුණා දැමීමෙන් කරන්න උත්සාහ කරන්නේ එවන් ඉහල අගැයීම්  ලබාගත් රටේ සම්පත් අන්සතුකර එම විරුදාවලිය රටට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් බව මහජනතාව තේරුම් ගත යුතුය. රජය මෙම දේශද්‍රෝහී ක්‍රියාවට යොමුවීමට තවත් හේතුවක් ඇත. චීනය මෙම වරාය අවුරුදු 99 බද්දකට ලබාගත්විට එයට හම්බන්තොට චැන් චින් චුන් වරාය වැනි නමක් දීමට බොහෝදුරට ඉඩ ඇත. එවිට මහින්ද රාජපක්ෂ වරාය යන නම ලෝක වරාය නාමාවලියෙන් ඉවත්වනු ඇත. 21ක් වන සියවසේ ශ්‍රී ලංකාවේ රජ වූ එකම රජුගේ නම මෙම වරායට තිබීම ගැන යහපාලන ආණ්ඩුව තුල ඇත්තේ ඉරිසියාවක් බවත් මෙම විකිණීම කරන්නේ එමඟින් මෙම නම වරායෙන් ඉවත් කිරීමට බවත් දේශප්‍රේමී මහජනතාව තේරුම් ගැනීම වැදගත්ය.



56 comments:

  1. බලපන් මොන තරම් වැරදි වැඩක්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ..උබ කලබල නොවී හිටහන් පහුගිය දවස් ටිකේ "සියල්ලට ඉහලින් සියල්ල දකිනා සියලුතැන් හි සරනා සියල්ලන්ටම සැලකර සිටිනා " එත් "නාවික හමුදාපති අදුරන්නේ නැති" මාද්‍යවේදියෝ කිව්වා ආණ්ඩුව එයාලගේ කරපිටින් අවසන් ගමන් යවනවා කියලා...ඒකට බයවෙලා දැන් උබ කිව්ව වැඩ ටික ඔක්කොම නැවතිලා ඇති..
    සමහර විට මේ වෙනකොටත් නාවික හමුදාපති අගමැති ජනාදිපති ඉල්ලා අස්වෙලද දන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒව එහෙම තමයි වෙන්න ඕන මෙන්ඩො.

      Delete
  2. මම එක උන සතුටටයි චීන කෑල්ලක් සෙට් කරගන්න තිබුන අවස්ථාව නැති උන දුකටයි අඩියක් ගහන්නම ඕනේ ..

    ReplyDelete
  3. E kaale kiwwe Mahinda cheenata dena eka waradiy kiyala.
    Haamu dunnama hari.
    cheena ekka ganudenu karana eka un ekka weda karana eka thamai api wage ratakata thiyena hondama option eka bawa iyan wage unp wahallu kiyanne redi andagenada.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ කිව්වෙ චීනෙට කොලඹ පෝට් සිටි එකෙන් සින්නක්කරේට අක්කර 500 ක් දෙන එක වැරදියි කියලා. මේකෙන් කරන්නේ වරාය අවුරුදු 99 කට බදු දීමක්. අපිට දුවාගන්න හැකියාවක් නැති ව්‍යාපෘතියක් ඔවුන්ට දුවන්න දීල ඒකෙන් එන වාසි එනම් රැකියා, ආශ්‍රිත රැකියා, ආහර නිෂ්පාදන අංශයේ රැකියා අනිකුත් කර්මාන්ත ඇතිවීමට ඉඩ සැලැස්වීම.

      Delete
  4. ඉයන්ලාටවත් චීන විස්කි බීමට අවස්ථාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙද මාළු, අපි යනවද මූදු

      Delete
  5. ඉයන් මහතා නැවතත් වලගෙ පාගගෙන නොවැ. එක පාරටම නැව් එන්නෙ නෑ. ගෙන්නන්න ඕනෑ. ඒකට උපදෙස් ගන්න හොඳම අය තමයි දුරගමන් බස්වලට තේ බොන තැං පවත්තගෙන යන කඩ මුදලාලිලා. ඒ ක්‍රමේට ගත්තොත් මුලිම්ම ලංකාවට කිට්ටු වරායකිං අදාල නැවට නැගලා නැවේ ඩැයිබරටයි ක්ලීනර් කොලුවටයි

    "අපි මේ පොඩි වරායක් හැදුවා. ඩිංගක් ගොඩවෙලා යන්න එන්න ඕනැ එහෙනං. ඕං මුලිම්ම කිව්වෙ මල්ලිල දෙන්නට තමා"

    කියල බුලත් අතක් දීල ආරාධනා කරන්න ඕනැ. ආං එතකොට නැවේ අයත්

    "යං එහෙනං ගිහිං එන්න නැත්තං හරිනෑනෙ. බුලත් දීල ආරාධනා කෙරුවං"

    කියල එනව යමිං එමිං ගමං. ආං එදාට දෙන්ට ඕනැ බඩ පිරෙන්න කන්න බොන්න. ආයි ගහේ බඩු. ගෙනියන්න ඕනැ නං දඩමස්, මීපැණි ආදියෙන් මුල් දෙහෙකුයි, වේලපු තණමල්විල එව්වෑං ටිකකුයි. ඒ අතරෙ කොල්ලෝ දෙන්නෙක් දම්මලා සැම්පු පැකැට් දෙහෙකුයි වතුර පනිට්ටු හත අටකුයි දීලා නැවත් පොඩ්ඩක් හෝදල දෙන්න ඕනි.

    මුලිම්ම තෙල් ගහද්දි හොරට ගහන්න නරකයි. කන බොන ටික උනත් පිලිවෙලට දෙන්න ඕනි. ඔය විදිහට ටික කලක් යනකොට නිකම්ම නැව් ගොඩ ගැහෙනවා. ආං එදාට පොම්පෙං හොරට තෙල් ගහලා, බතල වෑංජනේ මැදට දාපු එලෝලු රොටි ගිනි ගානට විකුණලා ලාබ ලබන්න පුලුවං. හා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ සුරංගයො නරකද උඹට ඔය තේවතු හෙවිල්ල පැත්තක දාල බදුල්ල මයියංගනේ අතර මැදිං නයිට් තේ කඩයක් දාගත්තොත්.

      Delete
    2. ඒනම් ඇත්ත සුරංග. ඒවගේම මූද මැද්දෙ "බත් කමු", "රා බොමු" කියල බෝඩ් ලෑලි කිහිපයක් එල්ලන එකත් අනිවාර්යයි. ඔය නැවේ ඩ්‍රයිවර්ලටයි, කොන්දොස්තරටයි අරක්කු භාගයකුත් දෙන්න සලස්සන්න ඕන නේද?

      Delete
    3. තණමල් විල ඒවා දුන්නහම හොඳටම ඇති. ඒවා ගහල කැරකිලා උන් අපහු හං බං තොන්ග් ටම එයි.

      Delete
  6. ඔහේට වැරදිල සුරංග මලයෝ, චීන්නු නැවට නගින කඩ මුදලාලිගේ මඩිස්සලේ ඇති ගානටත් විදිනව මොනව හරි සුකුරුත්තමක් ඇගේ ගහලා. මම ඊයේ උන්ගේ අලි එක්ස්ප්‍රස් එකෙන් ෆ්‍රී පෝස්ට් කරන පුංචි ආයිත්තමක් ඕඩර්කලා, බඩුව ඕඩර්කරපු කඩේ චීනා මට හැරෙන තැපෑලෙන් මැසේජ් එකක් එවලා, අයිටම් එක පුංචි නිසා උෟට තැපැලට වියදම වැඩියිලූ, ඌට උදව්වක් විදිහට ඒ කඩෙන් තව මොනවා හරි අයිටම් ටිකක් ගන්නලූ, ඒ පාර්සලේම දාලා එවන්න, මට ඒවා කාට හරි විකුනන්න හරි තෑගි දෙන්න හරි පුළුවන්වලූ, එක මටත් වාසියිලූ, චීනත් එක්ක බිස්නස් කරන්න අපි ...

    ReplyDelete
    Replies
    1. ඇණයා ඒකවෙන්න ඕන ආණ්ඩුව චීනට චීනත් එක්කම බිස්නස් කරන්න කියල උන්ට දුවන්න වරාය දෙනව ඇත්තෙ. උන්ට නැව් තියෙන එකේ උන්ටම බිස්නස් කරන්න දුන්නම වැඩි ශේප්.

      Delete
  7. ඇත්තම කතාව ඕකට එක නැවක්වත් එන්නේ නෑ.. හාබර් එකක් තිබුනට වැඩක් නෑ හාබර් එකකට අවශ්‍ය අනෙක් දේ නැතිව, මත්තලත් එහෙමයි. දැනට වෙන්නේ කොළඹට එන නැව් ඔතනට බලෙන් යවන එක. එහෙම යවලා නැවේ තියෙන වාහන ටික එතන බාලා ආයෙත් මහ පාරෙන් කොළඹ ගේනවා. මේක එකම විකාරයක්. ප්‍රතිඅපනයනය වැඩේ නම් හොඳයි. හාබර් එක දුවන්නේ කොළඹ වරායේ සල්ලි වලින්. එතකොට මෙතුවක් කොළඹ සේවකයන්ට ලැබුන ඒවා නැති වෙලා යනවා. හොඳටම පැහැදිලියි මේක රාජපක්ෂ පවුලේ බිස්නස් එකක් කියලා. ඔය ස්ට්‍රයික් කරපු කොල්ලෝ මෑන් පවර් සමාගමකට අරගෙන තියෙන්නේ. අවුට්සෝස් සිස්ටම් එක. එතකොට ඒ කොම්පැනිය කාගෙද. ඒකත් එයාලගෙමයි. අර කොල්ලොන්ගේ පඩියෙන් බාගයකටත් රාජපක්ෂලා කෙලිනවා. රන් වෙන්න සල්ලි කොළඹින් පම්ප් කරනවා. මේවට කියන්නේ අතින් දීලා හරක් බලනවා කියලා.

    මේ රටේ සියළුම ආයත්න පෞද්ගලීකරණය කරනවා නම් මම කැමතියි. ඉදිරිය්ට මහා බලවතා වෙන්නේ චීනය. චීනයේ ආර්ථික හැකියාව, මැරයින් සිල්ක් රෝඩ් එක ගැන, කොටින්ම කාගෝ ශිපින් ගැන මෙලෝ හසරක් නොදන්න උන්ට නම් මේවට විරුද්ඪ්Hඅ වෙන්න පුළුවන්.

    දැන් හොයනවට වඩා හොයන්න පුළුවන් ලැබෙන 20% න්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි මාතෙ. මේක චීන්නු ගලවගෙන යන්නේ නැහැ. ඒගොල්ලො ප්‍රයෝජනයට ගන්නවා. අද මාසෙකට එන නැව් 10 වෙනුවට දවසට නැව් 10-20 ක් එන්න පුළුවන්. ඒ ගොල්ලන්ගෙ එක නිසා තව බර්ත් ඇඩ් කරන්න පුළුවන්. ඒ වාසියත් රටට. මේකෙන් අද රටට වෙන හානිය වෙනුවට පළාතටම විශාල සේවයක් වෙන තැනට යනවා.

      Delete
    2. ඇමෙරිකාව හා ඉන්දියාව ශේප් කරගන්න පුළුවන් වෙයිද? චීන්නු උන්ගේ අර පර්ල් සිස්ටම් කියල හදන ආරක්ෂක යාන්ත්‍රණයට මේ වරයා දාගත්තොත් එක ඉන්දියන් කාරයට තර්ජනයක්. උන් ලෙහෙසියෙන් නිකන් ඉන්න එකක් නැහැ.

      Delete
    3. බොහොම ස්තූතියි අජිත්. ඇමෙරිකාව කෙසේ වෙතත් ඉන්දියාව මේ ගැන උනන්දුවක් තියෙන්න පුළුවන් ඒගොල්ලන්ගෙ ආරක්ෂාව ගැන. හේතුව ඉන්දියාව සහ චීනය දශක ගණනක එදිරිවාදිකම් තියෙන රටවල් දෙකක් නිසා. ඒ වුණාට ඉන්දියාවේ ආරක්ෂාවට බලපෑමක් වෙන දෙයකට ලංකාව දායක නොවන බවට ඔවුන්ට විශ්වාසයක් දෙනවනම් ඒක විසඳගන්න පුළුවන්. ඒ නිසා මම නම් හිතන්නෙ ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ ගැන සාකච්චා කරල ඇති කියල. ඉන්දියා අගමැති සහ රනිල් අතර මිත්‍රත්වයක් තියෙන නිසා ඒවගේ ප්‍රශ්ණ විසඳගන්න පහසු ඇති.

      Delete
  8. ඉයන්,

    මෙතන උපහාසය පාවිච්චි කලත්, අපි බැලිය යුත්තේ හිටපු රජයත් මේ රජයත් මේ වරාය ප්‍රවර්දනය කිරීමට කලේ මොනවද කියල. ලොව තෙල් සැපයුමෙන් 60% පමණ ප්‍රවාහනය වෙන්නේ මේ වරාය ඉදිරියෙන්, මේවා ගෙනියන්නේ සිංගප්පුරුවට මැලේසියාව වැනි වරායවලට, මොකද තෙල් පිරිපහදුවට සහ අනෙක් නිෂ්පාදන වලට.

    අපට වරාය හදල තෙල් ගබඩා කිරීමට සහ පිරිපහදු කිරීමට නොහැකි නම් අලියා තියාගෙන හෙන්ඩුව නැහැ කියනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ, අපට උවමනා තෙල්ටැංකි තිරිකුනාමලය වරායෙන් ලබාගෙන මෙහි ස්ථාපනය කර තෙල් පිරිපහදුව පටන්ගත්තනම් විශාල ආර්ථික ලාබයක් ගන්න තිබුන, මිට කිසිම උත්සාහයක් නොකර අසාර්ථක වියප්ප්රුතියක් ලෙස චීනයට බදුදිමෙන් එක්සත් ජාතික පක්ෂ රජය උත්සහ කරන්නේ මහින්දගේ අස්ර්තකත්වය ප්‍රදර්ශනය කරන අතර තමන්ට කොමිස් කුට්ටිය ලබාගැනීම බව පැහැදිලියි.

    මහින්ද කියන්නේ මෝඩ විදියට මුදල් විනාශ කල පාලකයෙක් උනත් හම්බන්තොට වරාය කියන්නේ ඔහු අතින් සිදුඋන වටිනාම වියප්ප්රුතියක්.

    මේ යතාර්ථය යහපාලනයට චන්දය දුන්න මම නම් කුහක නොවී පිලිගන්නවා. තිරිකුණාමලයේ තියන තෙල් ටැංකි අද බාවිතයට ගන්න බැරි බව කවුද කිව්වේ මේවෙනකොට ඒවා මලකඩ කාල කියල, මේ පුද්ගලයා දන්නේ නෑ ඉන්දියාව මෙවන් 2ක් දැනටමත් බදු ගෙන තිබෙන බව සහ මේවා සුදුයකඩ වලින් නිමවා ඇති නිසා ඉතා සුළු මුදලකින් යතා තත්වයට ගන්න පුළුවන් බව.

    ඔබ කියන දේ යම් ඇත්තක් තියනවා චීනය මෙහෙ වෙළදාම පටන් ගත්තහම අපට ඉබේම රැකියා ලැබීම සිදුවෙනවා, මෙනිදී ඔබ නොකියන දෙය නම් මෙය අපේම වියප්ප්රුතියක් ලෙස කලානම් චීනය සමග මෙදේම කරමින් අතිවිශාල ධනයක් උපදවන්න හැකියාව තියන බව.

    අනෙක් තර්කය තමයි සිංහල කම්කරුවන්ට වඩා චීන කම්කරුවන් වැඩකරන බව මෙහිදී අප දැනගන්න ඕනේ ලී කවන් යු මෙවැනි කම්කරුවන් මර්දනය කිරීමට පාවිච්චි කල උපක්රමයි.

    මෙවැනි දක්ෂ නායකයන් නැත්තනම් චීනයට බදුදෙන එක තමයි කරන්න තියෙන්නේ මොකද නිකන් සම්පත් දිරයමෙන් රටට ප්‍රයෝජනයක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ලංකා සිතුවිලි ඔබ ප්‍රශ්ණයේ කොටසක් විතරක් දකින එක ගැන කණගාටුයි. දකුණේ වරායක් ඉදිකිරීම කාලයක් තිබුණ සැලැස්මක්. එජාප රජය යටතේ එය තිබුණේ දියකඩනය ඉදිකිරීම සහ තෙල් ගබඩා සහ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමයි. එය නොකර විශාල මුදලක් වැයකර වරායක් ඉදිකිරීමෙන් වුණේ ඒ වෙනුවෙන් ගත් විශාල විදේශීය ණය මුදල හෝ එහි පොලිය ගෙවීමට ඇති නොහැකියාව. එය අද රටේ තිබෙන විශාලතම අර්බුධය වන ණය අර්බුධයට විශාල බලපෑමක් එල්ලකර තිබෙනවා.

      එවැනි අවස්ථාවක දකුණු වරාය ප්‍රශ්ණය දිහා බැලිය යුතේ වෙන ආකාරයකට. එය අවුරුදු 99 කට බදු දීමෙන් ලැබෙන ඩොලර් බිලියන 1.2 න් ණය ප්‍රමාණය අඩුවීමක් වෙනවා. එමෙන්ම තෙල් පිරිපහදුවක් තෙල් ගබඩා හැරුණම සම්පූර්ණ වරායක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එයින් ණය ප්‍රශ්ණය, සුදු අලි ව්‍යාපෘති ප්‍රශ්ණය යන දෙකට අමතරව දකුණේ රැකියා ප්‍රශ්ණයටත් සුළු හෝ විසඳුමක් ලැබෙන්න පුළුවන්. කොටින්ම අපිම ක්‍රියාත්මක කලොත් අවුරුදු 30 කින් ඉන්න තැනට එකපාරටම යන්න පුලුවන්.

      Delete
    2. දැනට ඔය වරාය නිකන් තියනවට වඩා චීනයට බදුදෙන එක හොදයි.
      අපට පිරිපහදුව සදුවනම් විශාල විදේශ විනිමයක් උපයන්න තිබුන, මේ රජයවත් මේ වැදගත් සංවර්දනය කරපු නැති එකයි මම කියන්නේ.

      අර්ජුන මහේන්ද්‍රන් නිසා පර්පටුවල් සමාගම රුපියල් බිලියන 5 ක් ලාබ ලබාදෙමෙන් රටේ සාමාන්‍ය වැසියකු රුපියල් 20000 ක ප්‍රමාණයකට ණය කරපු මේ රජයට ඇයි බැරිඋනේ තෙල් පිරිපහදුව ඉවර කරන්න ?

      කොහොම උනත් සිංගප්පුරුවේ ලී කවන් යු වැනි පාලකයෙක් නැති අප වැනි රටකට සුදුසුම වැඩේ තමයි චීනෙට බදු දෙන එක, ඒගැන මම ඔබ සමග එකයි !

      Delete
    3. බැඳුම්කරයෙන් සිදුවූ පාඩුව ගැන කිසිම විවාදයක් නැහැ. එය වැරදියි. ඔබට තෙල් පිරිපහදුවක් හදන්න යන වියදම ගැන අවබෝධයක් තියෙනවද? හරි ආකාරයේ තෙල් පිරිපහදුවක් හදන්න රුපියල් නොව ඩොලර් බිලියන 2 සිට 2.5 අතර ගණනක් යනවා. එය රුපියල් බිලියන 5 කින් හදන්න බැහැ. චීන අයිතිය යටතේ මෙවන් දේවල් වරාය ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන්. ප්‍රශ්ණයක් විසඳීමට උත්සාහ කිරීමේදී අද ප්‍රශ්ණය පත්වී ඇති තත්ත්වයේ සිට විසඳුම් සෙවිය යුතුයි. දියකඩනය, පිරිපහදුව සහ තෙල් ගබඩා පමණක් ඉදිකලානම් මුල් දින සිටම ව්‍යාපාර ලැබෙනවා. අද අපිට සුදු අලියෙක් සහ ඒසඳහා ගත් ණය ප්‍රශ්ණයක් තිබෙනවා. ඔබ කියන විදිහට සුදුසුම විසඳුම මෙයයි.

      Delete
    4. තව එකක් බැඳුම්කරයේ බිලියන 5 ක පාඩුව ජනගහනය වන මිලියන් 20 න් බෙදුවාම මට නම් ලැබුණේ රුපියල් 250 යි. එය 20,000 වුණ ආකාරය විස්තර කරන්න පුළුවන්ද?

      Delete
    5. ඉයන්,

      මේ පැහැදිලි කිරීම කලේ බන්දුල ගුනවද්දන මහතා, ඔහු කිව්වා බදුම්කර සිද්ධිය හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම නිසා රජයේ ණය පොලිය වැඩිවීම බලපුවහම ලංකාවේ පුරවැසියකු ගේ ණය ප්‍රමාණය රුපියල් 20000 වැඩිවී ඇති බව.

      Delete
    6. 2500/- න් ජීවත් වෙන්න පුලුවන් කියපු කෙනා ද?

      Delete
    7. ලංකා සිතුවිලි ඔහුගෙන් ආර්ථික විද්‍යාව උගත් අය ඔහු ගැන මොනව හිතනව ඇත්ද? රුපියල අවප්‍රමාණ වීමට බැඳුම්කර ගණුදෙනුවේ බිලියන 5 පාඩුව කිසිම සම්බන්ධයක් නැහැ. එයට ප්‍රධානම හේතුව අපනයන සහ ආනයන අතර වෙනස වැඩිවීම සහ ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහල යාම.

      Amila eya thamayi

      Delete
    8. ඉයන්,
      මෙතන අපිට සරළව එක ඔළුවකට 250/- ක් එන්නේ එක අවුරුද්දකට නේද...
      ඔය පොළී වෙනස නිසා අපිට වෙන හානිය දීර්ඝකාලින එකක්, ඒ කියන්නේ වාර්ෂිකව සිද්ධ වෙන පාඩුවක් නෙමෙයිද...
      ඊට අමතරව බැඳුම්කර හරහා නිකුතුවට අදාළ මුදල් ප්‍රමාණය රට සැළකිය යුත්තේ ණයක් හැටියට නෙමේද...

      එතකොට එක ඔළුවක් ණය වෙන මුදල වෙන්නේ ලබාගත් මුලික මුදල බෙදීම ඔලු ගණන සහ වසරින් වසර එයට එකතු වෙන පොළී කොටස...
      20,000/- කෙසේ වෙතත් ඔළුවක් ණය වෙන ප්‍රමාණය 250/- ට වඩා ඉතා වැඩි බවයි මගේ අදහස...

      Delete
    9. ලොක්කා ඉංජිනේරුවෙක් හැටියට ඔබට අංක ගණිතය ගැන හොඳ දැනීමක් ඇතිනෙ. ඒකනිසා මේ එක පුද්ගල පාඩුව 20,000/= එන විදිහ හදල පෙන්වන්න පුළුවන්ද?

      Delete
    10. ඉයන් 20,000/- එල්ලිලා ඉන්න එපා, මම ඒක හරි කියල කිව්වේ නැහැනේ...
      නමුත් 250/- ට වඩා එක පුද්ගලයෙක් "ණය වෙලා" කියන එක පිළිගන්න මහ ලොකුවට "ගණන් දැනගන්න" හෝ "රැකියාව මොකක්ද" කියන එක වැදගත් වෙන්නේ කොහොමද...

      ඉයන් 250/- හදන්නේ පරපුටු ගනුදෙනුව හරහා "මේ වසරේදී" වෙච්ච පාඩුව පමණක් ඔලු ගෙඩි ගණනෙන් බෙදලා...
      නමුත් අදාළ ගනුදෙනුවේ මුල් මුදල සළකලා බැලුවද, ඒ වගේම ඉදිරි වසර වලදී ඔවුන් මේ හරහා ලබන අධික පොළී ලාභ සළකලා බැලුවද...

      ඒක සරළ තර්කයක්, ඔබ වැන්නෙකු එය නොපෙනෙන සහ නොදැනෙන සේ කතා කිරීමම හරි පුදුමයක්...

      Delete
    11. "ඔබ වැන්නෙකු එය නොපෙනෙන සහ නොදැනෙන සේ කතා කිරීමම හරි පුදුමයක්..."

      ආලයේදී වගේම දේශපාලනයේදීත් මිනිස්සු අන්ධ වෙනවා..

      Delete
    12. බැඳුම්කර වල පාඩුව හෝ ලාභය ගණන් හදන්නේ අදාල කාලය තුල වන දේ ගණන් බැලීමෙන් මිස එක අවුරුද්දකට වන පාඩුව හෝ ලාභය ගණන් බැලීමෙන් නොවේ. එහි මුල් මුදල ගැන ප්‍රශ්ණයක් එන්නේ නැහැ. බිලියන 10 ක් ණයට ගත්තොත් බිලියන 10 ක් ගෙවන්න ඕන. වෙනස තියෙන්නේ බිලියන 10 ණයට ගන්නේ අද නම් බිලියන දහය ගෙවන්නේ අවුරුදු 30 කට පසුව. එවිට එම වටිනාකම් දෙකම එක සමාන නැහැ. අද රුපියල් 100 කට ගන්න පුළුවන් දෙයක් අවුරුදු 30 කින් රුපියල් 100 කට ගන්න බැහැ.

      ප්‍රශ්ණය ඇතිවූයේ අනුපාතයේ පමණයි. එම වෙනස 200 basis points එනම් 2% ට අඩු ගණනක්. 2% යැයි ගත්තොත් අවුරුද්දකට පාඩුව මිලියන 200 ක්. අවුරුදු 20 කට බිලියන 6 ක්. පොලිය ගෙවෙන්නේ අවුරුදු පතා නම් අද වැඩිපුර වියදම් වෙන මිලියන 200 සහ 29 වන අවුරුද්දේ වියදම් වෙන මිලියන 200 එකම වටිනාකම නෙමෙයි.

      මෙය අද වන පාඩුවක් ලෙස ගත්තොත් බිලියන 6 ජනගහණය වන 20මිලියනයෙන් බෙදුවොත් රුපියල් 250 හෝ 300 යි. අද ඒක පුද්ගල ණය ප්‍රාමාණය ලක්ෂ 500,000/=. අවුරුදු 30 පාඩුව මෙම ගණනයට ආයත් වන නිසා දෙවෙනි පාරටත් නාගත පාඩුවක් එකතු කරන්න බැහැ.

      රුපියල් 250 නොව රුපියල් 2 ක් වුණත් එම ගණුදෙනුව මඟින් පාඩුවක් සිදුවුණා. එය වැරදියි.

      Delete
  9. මදැයි මාත් ෆෙන්ෂුයි කෑල්ලක් ගන්න වරාය චීනෙට දෙනකල් බලාගෙන හිටිය. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් Praසන්ன මොනවද බං ඔය ෆෙන්ශුයි කෑලි කියන්නෙ?

      Delete
    2. ෆෙන්ෂුයි කෑල්ලක් ගත්තට මේ පාර සම්මානේ උබට දෙන්නේ නැහැ මම

      Delete
  10. ඕක ඔය මරාගෙ පියමහ රජාණන්ගෙ හීනයක් කියනවනෙ. ඒ කිව්වෙ හංබන්තොට වරායකුයි ගුහං තොටුපොලකුයි හදන එක.

    පොර කං පාත්වෙන්ට ගහන්ට රුසියා. මම දවසක් කිව්ව නේද පාර්ලිමේන්තුවෙදි ඩෝප් මරගාතෙ පොර බණ්ඩා පස්සෙ ගිහිල්ල ශ්‍රී ලංකා නිදහස් පක්සෙ පිහිටුවීමේ පුරෝගාමියෙක් කියල නිකංම ප්‍රසිද්ධ වුන හැටි.

    අන්න ඒවගෙ නකතං වෙන්ට ගහල හිටපු වෙලාවක පොර කතා කලාලු පර්සිට.

    "පේසි කොලුවෝ මෙහාට වර පුතේ..."

    "ඇයි ඩඩා?'

    "කොල්ලො උඹ කවද හරි මේ රටේ රජවෙන්ට ඕන.."

    "රජවෙලා ඩඩා? මේ අපේ ගමේ අහල පහල මිනිස්සුන්ගෙ දියුනුවට වැඩ කරන්ට ඕන එහෙමද?"

    "රෙද්දක් කතා කරනව..උංගෙ කෙහෙම්මල් දියුණුවක් නෙවෙයි අපේ ප්‍රම්ප්‍රාවෙ නම පවතින්ට වැඩක් කරන්ට ඕන... කොලුවො උඹ වරායකුයි ආසියාත්තරා බාන පිටැන්නකුයි මෙහෙ හදන්ට ඕන. ඒ කරල එව්වට අපේ පරම්පරාවෙ නම දාන්ට ඕන..පේසි පුතේ එහෙනං කොලුවො උඹ මගෙ පාර්තනාව ඉටු කරන්ට ඕන හොඳේ?"

    "එහෙමයි ඩඩා...මම ඩඩාගෙ පාර්තනේ ඉස්ට කරන්නංකො කොහොමහරි"


    ඔන්න ඔය මහ මරාගෙ පාර්තනේ ඉස්ට කරන්ට තමයි මරා ඔය ලෝකෙටම ණය වෙලා ලෝකයේ විශාලතම මයුර රංග භූමිය (World's Largest Peacock Dancing Arena) සහ ආසියාවේ විශාලතම විල ( Largest Pond of Asia) හැදුවෙ.

    ReplyDelete
    Replies
    1. රවී බොහොම ස්තූතියි. අර ඩී ඒ රාජපක්ෂ මහත්තය එජාපෙ කඩාගෙන ශ්‍රිලනිප හදන එකට සම්ඹන්ධ වෙච්චි විදිහ ගැන උඹ ටිකකට කලින් කියපු කථාව මතක් වුණා.

      Delete
    2. රවී තරහ නැතුව මේක තවත් වර්ධනය කරලා දාන්නකෝ 'එෂැනිං පුවක්' වල.

      Delete
  11. Oya kiyanne rajapaksha rajayath akaryakshamayi kiyala neda?

    ReplyDelete
    Replies
    1. ආර්ථික කළමණාකරණය අතින් රාජපක්ෂ රජය තරම් කාර්යක්ෂම රජයක් බිහිවෙලත් නැහැ බිහිවෙන්නෙත් නැහැ.

      Delete
  12. ලෝකයේ හිස්ම ගුවන් තොටුපොල කිව්වෙ ඔලුව වැඩිවුන නිසා හදපු නිසාද?

    මිහින් ලංකා බරත් එක්ක ශ්‍රීලංකන් එක ගන්න මොකෙක්වත් තාම ආවෙ නැද්ද?


    ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි රටවලුත් පුද්ගලයින් වගේම වැඩ කරන්න ඕනෙ කියලා? තමන්ට දරා ගන්න බැරි, කරන්න බැරි, පාඩු වෙන, වැරදි ආයෝජනයක් විකුණන /බදු දෙන එක පුද්ගලයින් කරනවා, ආණ්ඩුවෙන් කරන කොට බනිනවා

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලංකන් එකේ මුල්‍ය තත්ත්වය එච්චරටම බලපතලයි. මම හිතන්නෙ ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ ණය ආණ්ඩුවට තියල බිස්නස් එක විතරක් ගන්න. කරලත් බැරි නොකරත් බැරි එකක්.

      Delete
  13. සුදු අලියෙක් මොකට නිකම් නඩත්තු කරනවාද ?කරන්න පුළුවන් කෙනෙක්ට දීලා දාන එක තමයි හොඳම දේ නිකම් තියන් ඉන්නවාට වඩා.

    ReplyDelete
    Replies
    1. අතින් ගෙවාගෙන නඩත්තු කරනවට වඩා ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් එකෙක්ගෙ කරේ ගැහුවම හැම පැත්තෙන්ම වාසියි.

      Delete
  14. අදහස් හා සියයට සියයක් එකඟ නොවුනත් ඉයන්ගේ දැනුමට මම ගරු කරනවා. ලියන දේවල් වලින් අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරහන්

      Delete
  15. හම්බන්තොට හරියට කරගන්න බැහැ කියන්නේ ණය නිසා කියමුකෝ. කොළඹ හරියට කරනවද...

    මාගම්පුර වරාය දෙන්න. ඒ පිලිබඳ තියොරිටිකල් මතවාද ඇති. අක්කර පහලොස් දාහක් දෙන්නේ වරායෙන් ගමට බෝට්ටු ගේන්නද. එකක් දෙන්නේ තව දෙකේ ඒවා කීයක් එක්කද. භූමිය පිලිබඳ මිනිසාගේ සිතුවිල්ල වෙනස් ඉයන්. භූමිය මතම තමයි ලෝකය මිනි මරා ගන්නේ. ඒවා හිතන්න ඕනේ නැද්ද. මොකද මල ඉලවු භූමි පුත්‍රයෝ ඉන්නවා. ඒවා ඉලාස්ටික් සාකච්ඡා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරුණ. මම දන්න විදිහට කොලඹ වරාය ලාභ ලබන තැනක්. ආසන්න වශයෙන් වසරකට බිලියන 30 ක් විතර. හම්බන්තොට ආකර 15,000 ක් චීනයට බදු දෙන්නේ වරාය සඳහා නෙවෙයි. ඒක දෙන්නේ වෙලඳ කලාපයක් දාන්න. ඒ වෙලඳ කලාපෙ ආණ්ඩුවෙන් දානවනම් ඒකට බිලියන ගාණක් වියදම් වෙනවා. ඊට අමතර ඒකට ආයෝජකයො හොයන්න ඕන රජයමයි. චීනය විසින් ක්‍රියාත්මක කර වෙලඳ කලාපය සමඟ චීනය විසින් ක්‍රියාත්මක කරන වරාය කියන දෙකම තියෙනකොට ඔවුන්ට චීන අයෝජකයන් හොයාගන්න පහසුවක් වෙනවා. මේවගේ වෙලඳ කලාපයකින් එම පළාතේ විතරක් නෙමෙයි බදුල්ල මොනරාගල දිස්ත්‍රික්ක වලටත් රැකියා, ආශ්‍රිත රැකියා වලින් විශාල සංවර්ධනයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්. ඒවගේම මත්තල ගුවන් තොටුපොලටත් ආදායම විශාල ලෙස ඉහල යන්න පුළුවන්.

      ඒවගේම මෙම දේවල් දෙන්නේ රටේ අයිතිය තියාගෙන බදු ක්‍රමයට. ඒකතමයි පෝට් සිටි එකේත් කල වෙනස්කම. සින්නක්කර අයිතියට රටේ ඉඩම් දෙන්නේ නැහැ.

      Delete
    2. ඔය පලාතෙන් අක්කර 15000ක් වගේ ප්‍රමානයක් කල එලිවීම නිසා සිදුවිය හැකි පරිසර වෙනස්කම්, වනජීවි ගැටලු පිලිබඳ ඉයන් මොකද හිතන්නේ.

      Delete
    3. මොකද අලි ගැටලුව දැනටත් ප්‍රශ්නයක් නිසා.

      Delete
    4. මේ ගැන නිශ්චිත උත්තරය දෙන්න මගේ දැනීම මදි. මෙහෙම එකක් තියෙනවා. ඔබ උපකල්පනය කරනවා රජයට අයත් රක්ෂිත වනාන්තර එළිකිරීමකින් මෙම ඉඩම් සපයාගන්නව කියලා. මම හිතන්නෙ ඒවගේ දෙයක් කරන්න පරිසර සංවිධාන වලින් ඉඩ දෙන එකක් නැහැ. බොහෝ විට අක්කර 15000 දෙනව ඇත්තෙ වරායට ආසන්න ඉඩම් වලින්. වරායට අක්කර 4000 ගණනක් තියෙනවා. කටුනායක වෙලඳ කලාපය කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව හැදුව වගේ වරාය ආශ්‍රිතව වන ජීවීන්ට හානියක් නොවන ප්‍රදේශ වලින් දෙන්න පුළුවන් ඇති. කලින් කිව්ව වගේ මම ඒගැන නිශ්චිතව දන්නේ නැහැ.

      Delete
    5. අලි ගැටුමකට ඉඩ කඩක් නොමැති ඉඩම් අක්කර 15,000 ක් ඔය අවටින් හොයා ගන්න ලේසි වෙන එකක් නැහැ...

      Delete
  16. //කාර්‍යබහුල වරායකින් ඒඅවට විශාල ප්‍රමාණයක් රැකියා ඇතිවීමට සහ ආශ්‍රිත කර්මාන්ත වලින් තවත් රැකියා ඇතිවීමද එම ප්‍රදේශය ශීඝ්‍රයෙන් දියුණුවීමද සිදුවීමට ඉඩ ඇත. මෙමඟින් වන්නේ මැදපෙරදිගට ගැහැණුන් යවා පිට ගැහැණුන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට එම ප්‍රදේශ වල පිරිමින්ට ඇති අවස්ථාව නැතිකර දැමීමේ කුමන්ත්‍රණයක්ද ඇති බව පැහැදිලිය. // හරියට හරි. මද පෙරදිගට කෙළවන්න නේ මේ හදන්නේ. ඒවාට කොහොමද ඉඩ දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අජිත්. ඒකනෙ ඒකනෙ

      Delete
  17. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. වරාය සම්බන්ධයෙන් මේ රජය කරන්න හදන දේ තමයි කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ. නැව් එන්නෙ නැති වරායකට යට කරපු මහා ණය කන්දකට පොලී ගෙවන එක ලේසි පාසු වැඩක්ද...මාධ්‍යවේදියා ගැන විතරක් අහන උන්ට ඒවා පේන්නෙ නෑ.

    සිරා කොලුවා ඇතුලු බ්ලොග් නඩයක් දිඹුලාගල පුංචි පාසලකට උදව් කරන වැඩ පිළිවෙලක් ආරම්භ කලා. කාමරේ ඒ ගැන සටහනක් තියෙනවා. ඔබටත් හැකියාවක් තියෙනවා නම් මේ වැඩ පිළිවෙලට සහයෝගය දෙන්න.

    ReplyDelete
  18. හම්බන්තොට වරායට නැව් යවන්නේ
    ඩියුටි කේස් වලින් බේරෙන්නයි කියලත් ඇහෙනව.
    විසේසයෙන් වාහන ඩියුටි.

    ReplyDelete