Saturday, October 22, 2022

බදු ගෙවන්නන් සහ අපනයන කරුවන් නොමරා පරිශීලක ගාස්තු බඟින් රජයේ වියදම් ප්‍රමාණයක් අයකරගැනීම

The case for the user pay principle


උපුටා ගැනීම මෙතනින්

සේවක ආදායම සඳහා ඉහළම අනුපාතය 18% සිට 36% දක්වා වැඩි කර ඇති අවස්ථාවක රාජ්‍ය සේවයන්හි පිරිවැය ජනතාවගෙන් අයකර ගන්නේ කෙසේදැයි දියුණු රටවලින් ඉගෙන ගැනීමට මෙරට ආදායම් සැලසුම්කරුවන්ගේ අකමැත්ත පෙනී යන්නේ ඔවුන් තවමත් ආදායම් බදු අය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවලට ඇලී සිටින හෙයිනි.

රජයේ සේවාවල වියදම් අයකර ගැනීමට වෙනත් ක්‍රමයක් යොදා ගත් විදේශ ගමන් බලපත්‍ර කාර්‍යාලය සාර්ථක අන්දමින් සුළු මුදලකට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මිනිසුන්ට සති කිහිපයක් බලා සිටීමට සිදු වූ කාලය වෙනස් කරමින්, ඉහළ ගාස්තුවක් සමඟ එක් දින සේවාවක් සාර්ථකව හඳුන්වා දෙන ලදී.

මෙම ක්‍රමය මඟින් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය අයකර ගන්නා අතර දෙපාර්තමේන්තුවට අතිරික්ත මුදලක් ලැබීමේ සම්භාවිතයක් ද ඇත. මේ හැර භාණ්ඩාගාරයට හෝ ආදායම් සැලසුම්කරුවන්ට සීමාවෙන් පිටත සිතීමට නොහැකි වී ඇත.

රාජ්‍ය අංශයේ කිසිඳු සේවකයකු තම රැකියා ආදායම මත කිසිඳු බද්දක් නොගෙවන අතර, පෞද්ගලික අංශයේ සේවකයන් (විශ්‍රාම යාමේදී කිසිඳු විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් නොලබන) තම ආදායම මත බදු ගෙවිය යුතුය. මෙහි ඇති අසාධාරණය වන්නේ රජය සෑම කෙනෙකුටම ලබාදෙන සේවාවන්ට සහනාධාර ලබාදීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි.

දැනට පවතින බදු රහිත සීමාව මසකට රු. 100,000 වන විට රජයේ සේවකයන්ටත් ආදායම් බදු අදාළ නොවන්නේ ඇයි දැයි යන්න ගැටළුවකි. වැටුප රු. 100,000 සාමාන්‍ය රාජ්‍ය අංශයේ සේවකයෙකුට ලැබෙන මුදලට වඩා වැඩිය. ඒ අනුව පෞද්ගලික අංශයේ බදු අය කරනු ලබන්නේ ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් පමණක් බැවින් කිසිවකුගෙන් ප්‍රතිරෝධයක් මතු නොවනු ඇත. එමෙන්ම රාජ්‍ය අංශයේ සේවකයකු මෙන් මසකට රු. 100,000 ට වැඩියෙන් උපයන පෞද්ගලික අංශයේ සේවකයකු  ද ගෙවිය යුතු මිලම භාණ්ඩ හා සේවා සඳහා ගෙවිය යුතුය.

බොහෝ රජයන්ට වියදම් අයකර ගැනීමට ක්‍රම තුනක් තිබේ. එනම් එකතු කළ අගය මත බද්ද (වැට්), ආදායම් බදු වැනි සෘජු බදු, ආහාර සහ අනෙකුත් ආනයනික ද්‍රව්‍ය සඳහා වන වක්‍ර බදු සහ පරිශීලක-ගෙවීම වන අතර මෙය විදේශ ගමන් බලපත්‍ර සහ මෝටර් රථ භාවිතය සඳහා හැර ශ්‍රී ලංකාවේ කලාතුරකින් භාවිතා වේ. අනෙකුත් බදු මෙන් නොව, ගෙවන්නන් විසින් ගෙවන දෙයට සෘජු ප්‍රතිලාභයක් ලැබෙන බැවින් ද අනෙක් අයට සපයනු ලබන සේවාවන් සඳහා සුළු පිරිසක් සහනාධාර ලබා දීමක් සිදු නොවන බැවින් මෙය සාධාරණ ක්‍රමයකි.

මේ අනුව පරිශීලක වැටුප් ක්‍රමයකට මාරුවීම සහ අපනයනකරුවන්ගෙන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් ලැබෙන ඉහළ ආදායම් බදු මත යැපීම අවම කිරීම සඳහා පද්ධතිය වෙනස් කළ හැකි ආකාරයන් බොහොමයක් ඇත.ඒ අතර,

  1. රජයේ ප්‍රධානතම වියදම්වලින් එකක් වන අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය හදාරන 1-12 ශ්‍රේණි අතර පාසල් සිසුන් මිලියන 4.2 ක් පමණ සිටිති. මෙම සිසුන්ගෙන් අවම වශයෙන් 15% ක් වත් පවුල් මාසික ආදායම රු. 100,000 හෝ වත්කම් රු. මිලියන 25 ක් වේ. එසේ එම සිසුන් සඳහා රුපියල් 5,000ක් අධ්‍යාපනය සඳහා මසකට ගෙවීමට සැලැස්වීමෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුළු ආදායම වසරකට රු. බිලියන 37.8 ක් තෙක් වර්ධනය වනු ඇත. මෙයට සමඟාමීව රජයට සෑම පෞද්ගලික පාසලකම ආසනයක් සඳහා රු. 5,000 ක් අය කළ හැකිය.
  1. ප්‍රධාන මාර්ග භාවිතය සඳහා භාවිතා කරන්නන්ගෙන් කිලෝමීටරයකට ගාස්තුවක් අය කිරිම තුළින් රජයට අවම වශයෙන් මාර්ග නඩත්තුව හා ප්‍රතිසංස්කරණයෙන් කොටසක් පියවා ගත හැකිය. අපගේ අධිවේගී මාර්ගවල මෙන් කාර්ය මණ්ඩලයක් සහිත කුටි වෙනුවට ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු අය කිරීමේ පද්ධති මේ සඳහා යොදා ගත හැකිය.
  2. රජය පළාත් පාලන ආයතන සඳහා ද සැලකිය යුතු මුදලක් වැය කරයි. කෙසේ වෙතත්, රු. මිලියන 50 ක් වටිනා මහල් නිවාසයක් හෝ නිවසක් සඳහා ගාස්තු ලෙස වසරකට 2,500 ක් අය කිරීම හා සාපේක්ෂව පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන ගාස්තු පිරිවැය නොසැලකිය හැකියි. රජයට පහසුවෙන් දේපල වටිනාකමෙන් 0.5%ක් අය කළ හැකි අතර එය වසරකට  රු. 250,000 හෝ මසකට රු. 20,000 වන අතර එය දැනට පවතින ගාස්තු මෙන් 100 ගුණයකි. ඔවුන් එකතු කරන මුදලින් 30%ක් අනුපාත ලෙස තබා ගැනීමටත් ඉතිරිය ඔවුන් නඩත්තු කළ යුතු යටිතල පහසුකම් පිරිවැය පියවා ගැනීමටත් රජයට ඉඩ දිය හැකිය. ඒ වගේම රජය පළාත් පාලන ආයතනවලට දරන වියදමත් මේ හරහා අඩු වෙයි.
  3. දැනට මෝටර් රථ සඳහා අයකරනු ලබන ආදායම් බලපත්‍ර ගාස්තුව ද ඉතා කුඩාය. 70 දශකයේ ආචාර්ය එන් එම් පෙරේරා විසින් හඳුන්වා දුන් සුප්‍රසිද්ධ SRI බද්දට අනුව SRI 6 ලියාපදිංචි අංකයක් සහිත මෝටර් රථයක් සඳහා රු. 600 ක් අය කරන අතරතුර ප්‍රාඩෝ රථයක හිමිකරුවෙක් ආදායම් බලපත්‍රය සඳහා  රු. 4000 ද  වසරක් සඳහා රක්ෂණය කිරීමට රු. 300,000 ද ගෙවිය යුතු වේ. මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආදායම් බලපත්‍රය සඳහා අවම වශයෙන් 0.2%ක් අය කළ යුතු අතර මෙමඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හි ආදායම දස ගුණයකින් වැඩි කරයි. 
  4. රජයට විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු වසර දහයක් සඳහා පොලිය නොමැතිව ණය මුදල මාසිකව ගෙවිය යුතුය. මෙමඟින් රජයේ පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් අයකර ගනු ඇත. ඉන්පසුව, ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇතුළත් කිරීමට දීර්ඝ කළ හැකිය. මෙය ක්‍රියාත්මක කිරීම තුළින් සිසුන් උපාධිය සම්පූර්ණ නොකර විශ්ව විද්‍යාලයේ රැඳී සිටිනවාට වඩා නියමිත වේලාවට උපාධිය සම්පූර්ණ කිරීමට උනන්දු කරවයි. ඒ සෑම මසකම ඔවුන්ගේ වියදම රු. 10,000 කින් වැඩි වන බැවිනි.
  5. සෞඛ්‍ය සේවා සඳහා පවා වැඩි ආදායම් ලබන පවුල් වල සාමාජිකයන් ගෙන් උපදේශනයක් සඳහා රු. 100, රෝහල් ගත කිරීම සඳහා දිනකට රු. 500 සහ ශල්‍යකර්ම සඳහා රු. 5000 ක් අය කිරීම අසාධාරණයක් නොවේ.
  6. පරිශීලක-ගෙවීම් සේවාවක් සඳහා උදාහරණයක් නොවුනත්, රජයට අඩු වියදමක් දරමින් දරිද්‍රතාවය තුරන් කිරීමේ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළ හැකිය. දිළිඳු ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ තත්ත්වයෙන් පිටතට ඇද ගැනීමට දරිද්‍රතාවය තුරන් කිරීමේ පද්ධති අසමත් වී ඇත. මේ අනුව ජනතාව සහ සමාගම් ස්වේච්ඡාවෙන්  මසකට රු. 10,000 සපයමින් අසරණ පවුලක් රැකබලා ගන්නා ආකරයේ යෝජනා ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරනුයේ නම් එවැනි යෝජනා ක්‍රමයක වඩාත්ම තීරණාත්මක කොටස වන්නේ වසර කිහිපයකට පසු බොහෝ පවුල් දරිද්‍රතාවයෙන් මිදීමට හැකි වන පරිදි අඩු ආදායම්ලාභී පවුල්වලට මඟ පෙන්වීම සහ තවදුරටත් වැඩිදුර උපකාර ලැබීමයි.

දැන් නොමිලයේ හෝ කුඩා ගාස්තුවකට සපයන රාජ්‍ය සේවාවන් බොහොමයක් තිබිය හැකිය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබා දීම ඕනෑම සමාජයක සැමවිටම යුක්ති සහගත ය. නමුත් ගෙවිය හැකි අයට නොමිලේ හෝ සහනාධාර සේවා සැපයීම සහ පෞද්ගලික අංශයේ සේවකයන් තම ආදායමට වැඩි බදු ගෙවීමට සැලැස්වීම දැඩි අසාධාරණයකි.

එම නිසා මසකට රු. 100,000 ක ආදායමක් හෝ වත්කම් රු. මිලියන 25 කට වඩා අඩු පවුල් සඳහා රජය නොමිලේ සේවා කාඩ්පතක් හඳුන්වා දිය යුතුය. එයින් ඔවුන්ට නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබා දිය හැකිය. ගෘහ මූලිකයා විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් මත පදනම්ව මෙය සිදු කළ යුතුයි.

තවද  අයදුම්කරුවෙකු තම ආදායම සහ වත්කම් පිළිබඳ ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකි අතර, නොමිලේ සපයනු ලබන සේවාවන්හි පිරිවැය මෙන් කිහිප ගුණයක දඩයක් අයකර ගත හැකිය. 

වර්තමානයේ සංවර්ධිත රටවල සාධාරණ සාර්ථකත්වයක් සහිතව මේ හා සමාන පද්ධති ක්‍රියාත්මක වේ.

පරිවර්ථනය ඕවින්දි විෂ්මිකා

www.lankanewsweb.net



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

13 comments:

  1. බදු අය කළ යුතුය ආයේ දෙකක් නැත
    ඒවා වැය කෙරෙන විදිහෙත් වැරදි ඇත
    සිස්ටම් එකම කුණුවී ඕජස් ගලත
    ඔක්කොම කණපිටයි, එතකොට පලක් වෙත?

    ReplyDelete
  2. කියව්ව...සමහර කරුණු තේරුම් ගන්න ටිකක් බර වැඩි...

    ReplyDelete
  3. ඉයන්, රජයේ සේවකයො ආදායම් බදු ගෙවන්නේ නෑ කියන්නේ මොන මූලාශ්‍රයකින්ද? මොකද 2019ට කලින් තමන්ගේ ආදායම් බදු ගෙවීම ගැන කියවපු මන්ත්‍රීලා පවා හිටියා. ඒ මන්ත්‍රී වැ‍ටුප හා දීමනා වලට. ඒ වගේම රජයේ සේවකයෙක් වෙනත් ආයතනයක ගිහිල්ලා වැඩ කරනවා නම්, ඒ කියන්නෙ ටියුෂන් වගේ කරනවා නම් ඒකෙනුත් 10% ක් අඩු කරන්න ඕන ඒ ආයතනයෙන්.

    ReplyDelete
    Replies
    1. රජයේ සේවකයන් රජයේ සේවයෙන් ලැබෙන වැටුපට ආදායම් බදු ගෙවිය යුතු නෑ. වෙන ආදායම් මාර්ග තියෙනවනම් ඒකෙනුත් ලක්ෂයක් දක්වා (ඔක්තෝබර් 1 සිට ) ගෙවිය යුතු නැහැ. පුද්ගලික අංශයේ සේවකයින් රැකියාවෙන් ලක්ෂයකට වඩා උපයනවනම් බදු ගෙවන්න ඕන. ඊට අමතරව වෙනත් ආදායම් රුපියලක් ලැබුණත් ඒකටත් බදු ගෙවන්න ඕන.

      Delete
  4. අපි මොනවා කීවත් එයාලට ඕනි දේවල් නෙහ් වෙන්න😕

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි වෙන්නේ. ස්තූතියි නවීන්

      Delete
  5. ඉයන් හොඳ පෝස්ට් එකක් ස්තූතියි

    ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ පුංචි ක්ලිප් එකේ ජවිපෙ ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ සහෝදරයා පැහැදිලි කරන විදියට ලංකාවේ ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7,500 ක් පමණ වෙනවා කියලා කියන්නේ ඇත්ත ද? දැනට මම හිතන්නේ වසරකට බිලියන හාරදාහක් විතර හෝ ඊට අඩුයි ලබන අවුරුද්දේ එච්චරම වැඩි වෙන්න හේතුව මොකක් විය හැකි ද?

    මේක බලන්න;

    https://www.facebook.com/dailyceylon/videos/509428001045664/?app=fbl

    ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමගම විදේශීය ණය ලබා ගැනීමට නොහැකි නිසා ඒ වෙනුවෙන් දේශීය රජයේ බැංකු වලින් බිලියන දහස් ගණනක් බැඳුම්කර ලෙස ණය පිට ණය දේශීය ණය ගැනීම සඳහා අධික පොළී අනුපාතික වලට මුදල් එකතු කර ගන්න බවත් ඒ නිසා ලංකාවේ බැංකු පද්ධතිය නිසැක වශයෙන්ම කඩා වැටීමට නියමිත බවත් ඔහු පවසන කරුණු ඇත්තද? අපි අපේ බැංකු ගිණුම් වලට මේ වගේ භයානක තත්වයන් යටතේ කළ යුතු කුමක්ද,? මේවා ඉන්ෂුවරන්ස් අවදානම් යටතේ රක්ෂණය කළ හැකි ද?

    ලංකාවේ තරුණ වෘත්තිකයන් විශේෂයෙන් ලංකාවේ වටිනාම බුද්ධිමය සම්පත් වන වෛද්‍යවරුන් සහ ඊළඟට වටිනා බැංකු සේවකයින් ගුරුවරුන් නීතිඥවරුන් කාර්මික ශිල්පීන් සහ වෘත්තීය සමිති වල නායකයන් වැනි බුද්ධිමත් වෘත්තීයවේදීන් සිය දහස් ගණනක් රට හැර යන බවත් රජයේ සහ පෞද්ගලික අංශයේ බැංකුවලින් සේවකයන් සිය දහස් ගණනක් රට එපාවී විදේශ ගත වන බවත් මහ බැංකුවේ සේවකයන් විශාල පිරිසක් රටහැර ගොස් ඇති බවත් මේ කියන විදිහට ලංකාවේ ආර්ථිකය තිබුණාටත් වඩා අධික ලෙස ඉතා අර්බුදකාරී තත්ත්වයක් දක්වා යන ගමනේ දී ලංකාවේ ජනතාව කළ යුතු කුමක්ද?

    ලබන වසරේ මීටත් වඩා අධික ලෙස බදු අය කිරීම නිසා ලංකාවේ ආර්ථිකය ගොඩ දාගන්න බැරි තරමට කඩා බිඳ වැටීම තවත් බරපතල වන බව ඔහු පෙන්වා දෙන්නේ මේක සත්‍ය කතාවක් විය හැකි බව බොහෝ දෙනෙක් පවසන්නේ මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන්?

    (මම ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික කරුණු කාරණා වත් දන්නේ නැහැ සාමාන්‍යයෙන් ලංකාවේ මාධ්‍ය වාර්තා වල කියන දේවල් විතරයි දන්නේ ඒ නිසා හැකි තරම් සරලව පැහැදිළි කළ හැකි නම් බොහොම ස්තුතියි)

    ReplyDelete
    Replies
    1. ඔබ දුන්න ලින්ක් එකෙන් මම කථාව ඇහුවා. පහුගිය කාලයේ රට දිව්වෙ මුදල් අච්චු ගසමින්. ඒකට හේතුව ගෝටාභය ආ විගස කල විශාල බදු අඩුකිරීම්. දැන් මුදල් මුද්‍රණය නොකරන නිසා රජය බැංකු වලින් සහ අර්ථසාධක අරමුදලින් ණයට ගන්නවා වෙන්න පුළුවන්. ඔක්තෝබර් සිට බදු වැඩි කර ඇතිබැවින් එතනින් පසු ණය ගැනීම වලකින්න සහ ගත් ඒවා ගෙවීමට හැකි වීමට ඉඩ තියෙනවා. ණය යම් ප්‍රමාණයක් කපා හැරීම සිදුවන්නේ නම් ඒ සඳහා බලපාන්නේ දැන් ගන්නා ණය නොව, ශ්‍රී ලංකාව ණය ගෙවීම අත්හිටවූවායයි නිවෙදනය කල වෙලාවේ තිබ්බ බැඳුම්කර (මාස 12 වඩා කාලයකට නිකුත් කල ණය ) වලින් යම් ප්‍රමාණයක් කපා හැරීම සිදු විය හැකියි. වසන්ත මහතා කෙටිකාලීනව අද ගන්නා ණය සහ බැඳුම්කර දෙක පටලවාගෙන. අනික ඔහු කියන විදේශීය ණය ගැනීමට ඇති අපහසුව රුපියල් ණයට බලපාන්නේ නැහැ. ඩොලර් ප්‍රශ්ණය ආවේ මැදපෙරදිග ආදී ශ්‍රමික ප්‍රේශණ ඩොලර් මිලියන 800 සිට 200ට වැටිච්ච නිසා. ඒක වුනේ සල්ලි අච්චු ගහන ගමන් ඩොලරය 200 ට අල්ලගෙන හිටපු නිසා. මිනිස්සු උන්ඩියල් ක්‍රමයට සල්ලි එවීමයි. ඒක නම් ආයිමත් හදන්න බැරිවෙයි. රජයේ වියදම විශාල ගණනකින් වැඩි වෙනවනම් ඒ කියන්නේ සංවර්ධන වියදම් ප්‍රමාණයක් කරන්න රජය බලාපොරොත්තු වෙනවා ඇති. එහෙම නැතුව නිකම්ම රජයේ වියදම විශාල ලෙස වැඩි වන්නේ නැහැ. ඒ නිසා වසන්ත කරන්නේ නොමඟ යැවීමක්. සංවර්ධන නොවන රජයේ වියදම් අඩුකරන්න පැහැදිලි උත්සාහයක් නොපෙනීම නම් මටත් ගැටළුවක්. කොහොම වෙතත් ජවිපෙ හැමදාම කරන විදිහට මුදල් දැනීම ඉතාමත් අඩු ලංකාවේ ජනතාව නොමඟ යැවීමක් විතරයි ඔහුගේ මුළු කථාවම.

      Delete
    2. රජයේ වියදම් ජාති දෙකක් තියෙනවා. ප්‍රාග්ධන වියදම් කියන්නේ පාරවල්, වේලි, වගේ දේවල් හදනවානම් යන වියදම. පුනරාවර්තන වියදම් කියන්නේ රජයේ පඩි ගෙවන්න ආදී වියදම්. එක වසරකින් රජයේ වියදම බිලියන 5000 සිට 7500 වෙනවනම් ඒ පුනරාවතන වියදම් වැඩි වීමක් වෙන්න බැහැ. එහෙමනම රජයේ සේවක සහ විශ්‍රාම වැටුප් එහෙම විශාල ලෙස වැඩි වෙන්න ඕන. එහෙම වෙන්නේ නහනෙ. ඒ කියන්නෙ මොනවහරි ප්‍රාග්ධන වියදම් වෙන්න ඕන. උදාහරණයකට මධ්‍යම අධිවේගයේ කොටස් කීපයක් ආයිමත් පටන් ගන්න යනව ව්ගේ දේවල් වෙන්න පුළුවන්. මම අලුත් බජට් එක දැකල නැති නිසා විස්තර කියන්න දන්නේ නැහැ. ඔය විස්තරේ කියන්නෙ නැතුව රජයේ වියදම් දෙගුණ කරන්න යනවා කියලා මහජනයා කුපිත කරන එක තමයි වසන්ත කරන්නේ.

      Delete