මට මේක ලියන්න හිතුනේ ඔමායාගේ හීන බ්ලොග් එකේ Why don't my children ever call me? පෝස්ට් එක කියෙව්වමයි.
ඔමායාගේ පෝස්ට් එකේ තිබුණේ තමන්ගේ දරුවන් තමන්ට කාලෙකින් කථා නොකිරීම නිසා දුකට පත්වූ පියෙක් ගැන. මේ වගේ කථාවලින් අපිට අපේ දෙමව්පියන්ට කථා කරන්න මතක් වෙන එක බොහොම හොඳයි. අපට මතක් වියයුතුම අනික් කරුණ වන්නේ අපිත් තව ටික කාළෙකින් ඔය තත්ත්වයට පත්වෙනවා කියන එක.
මේ වගේ තමන්ගේ සතුට අනුන්ට භාරදීමට පුරුදුවෙලා තියෙන්නේ මොකක් නිසාද? එක්දාස් නමසිය බර ගණන් වල ඉඳන් මානව හැසිරීම් ගැන ලියන මනෝ විද්‍යාඥයො කියන දෙයක් තමයි ළමයින් හදන කොට වැරදි වලට දඩුවම් කරනවට වඩා ඒවා ගණන් නොගෙන ඉඳලා හොඳ දෙයක් කළාම ඒක අගය කරන එක හොඳ ක්‍රමයක් කියලා. ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ දෙමව්පියන් අගය කරන දේවල් වැඩියෙන් කරන්න දරුවන් පෙලඹෙයි කියන එකයි. ඒවගේ හැදුන අයට වෙන්න පුළුවන් අවාසියක් තමයි හොඳ දෙයක් කලාම ඒ සම්භන්ධයෙන් අගය කිරීමක් බලාපොරොත්තුවීම. ඒ වගේම බලාපොරොත්තු වුන අගය කිරීම නොලැබුණොත් ඒ නිසා දුකට පත්වීම. එතකොට වෙන්නේ හොඳ දෙයක් කරලා ඒක නිසා හිතේ දුකක් ඇතිවීම.
ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. බ්ලොග් එකේ හොඳ පෝස්ට් එකක් දාල කමෙන්ට්ස් අඩුනම් ගතියක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම. මේක ලොකුම මෝඩකමක් විතරක් නෙමෙයි වයසට ගියාම සතුට අඩුකරගන්න එහෙම නැත්නම් දුක් විඳින්න කරන අතවැනීමක්.
තමන් හොඳ දෙයක් කල විට ඒ ගැන බොසාටවත් අනික් අයටත් කිසිදෙයක් නොකියා තමන් තමන්ටම සුභපතාගෙන අර යතුර තමන්ගෙ අතට ගන්න පුරුදු වුනොත්, බිරිඳට, සැමියාට, මව්පියන්ට යාළුවන්ට උදව් වෙන විදියේ දෙයක් කරලා කාටවත් නොකියා ඉන්න පුරුදු උනොත්, මොනවත් කරගන්න බැරිකාලේ මේ වගේ අසරණ වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒක දිනපතා, සතිපතා කරන ව්‍යායාමයක් වගේ පුරුදු වෙන්න. මේ පුරුද්ද ආවාම වයසට ගියාම දරුවෝ කථා නොකළාට හෝ කළින් සමාජයේ තිබුන පිළිගැනීම නැති වුනාම ඒකෙන්වෙන බලපෑම අඩුකරගන්න පුළුවන්. වයසට යන එකත් එතකොට කොහොමත් මේ දේවල් වෙන එකත් නියත දෙයක් නිසා මේ ගැන දැන්ම හිතන්න.
ලියන්න ලේසියි කරන්න ටිකක් විතර මහන්සිවෙන්න වෙනවා. විශේශයෙන්ම හොඳ වැඩක් කරපු ගමන්ම ඒ ගැන ඉක්මනට තව කෙනෙකුට කියන්න බලාගෙන ඉන්නවනම්.
මේ වගේ දෙයක් ගැන මම ලියපු සිංදුවක් තමයි මේ තියෙන්නේ. මේකෙ සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ ගෙන්. බණ කිව්වට ඔය ගොල්ලන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් තමයි මේ සින්දුව දාන්නේ.
කළ හොඳ වෙනුවෙන්,
තුති පතනා
මිනිසුන් හැම දා…,
හිතේ…
දුකින්
හොඳ නම නොපතා…,
හොඳ කරනා අය
පින් පලදී හැම,
දා……. සතුටින්
දරුවන්
දෙගුරුන් , වෙනුවෙන් යුතුකම්
කළ යුත්තේ තුති
,
පුද නොපතා….
අපහට අතදුන් ,
ලොකු පොඩි හැම හට
අපි
තුති …. පුද දෙමු , සදා….. බැතින්
හඬනා හදවත් ,
සිප සනසා නිති
ඉන් ලැබෙනා
සැන , සී……ම ඇතී
අපි හොඳ කල අය ,
අප ගරහන කල
උන් වෙනුවෙන්
මෙත් ,
වඩනු වටී …..
කළ හොඳ වෙනුවෙන්,
තුති පතනා
මිනිසුන් හැම දා…,
හිතේ…
දුකින්
හොඳ නම නොපතා…,
හොඳ කරනා අය
පින් පලදී හැම,
දා……. සතුටින්
Didn't have time to listen to the song but agree this is a wise idea. The other side of this is we need to be grateful to what we already have as we do not realize how fortunate we are compared to many other. Keeping a gratitude journal is a good practice.
ReplyDeleteHi Anon , yes I do agree with that. We do cry for not having shoes until we see a man who don't have feet. WE too should have a Thanks giving like in US, so we would remember to be thankful for what we have and the people we should be thankful to.
ReplyDeleteඔයාගේ වීඩියෝ එක බැලුවා. යු ටුබ් එකේ . ඔබේ අදහස් හරිම වටිනවා.. ගායකයා වශයෙන් ජගත් වික්‍රමසිංහයන් තෝරාගැනීම ගැන මගේ ප්‍රණාමය...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔමායා. මගේ සින්දු ගොඩකට සංගීතය සපයල තියෙන්නෙ සහ ගොඩක් ඒවා ගායන කරල තියෙන්නෙත් විශාරද ජගත් වික්‍රමසිංහ තමයි. ඒ පද වල තියෙන විශේශයක් නිස නොව ඔහුගේ තියෙන නිහතමානී කම නිසා.
Deleteඑහෙමද,, යු ටුබ් එක සබ්සක්‍රයිබ් කරලා පස්සේ අනිත් ඒවත් බලන්නම්,, ස්තුතී,,
Deleteඔබට බොහොම ස්තූතියි !!
Deleteඒ.................. සුපිරියි නේ..... බොහොමයක් දෙනා කවි ගීත ලියුවාට ඔය අවස්ථාව ලැබෙන්නෑ.... ඔබ ගැන සතුටුයි.... ජයවේවා
ReplyDeleteඔහොම ස්තූතියි කුරුටු. මම එහෙම ප්‍රසිද්ධ කෙනෙක් එහෙම නෙමෙයි. මම ඔබේ නිර්මාණ කියා තියෙනවා. ඒ අතින් මම ඉන්නෙ බොහොම පොඩි කොනක. මම වගේ අප්‍රසිද්ධ කෙනෙක්ගේ ගී ගායනා කරන්න ඔහු එකඟ වීමේ ගෞරවය ඔහුට යායුතුයි. තව ගී කිහිපයක් තියෙනවා යූ ටියුබ් එකේ වෙලාවක් ඇතිවිටක ian linthota සර්ච් කරල රසවිඳින්න කියලා ඔබට අරාධනා කරනවා.
Deleteනියමයි.. ඔබව දැන ගත්තේ අදමයි. මුල්ම දවසේ ගී පද රචකයෙක් කියලම දැන ගන්න ලැබුන එක තවත් සතුටක්.. සුබ පැතුම්..
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඩිනේශ්. මගේ කුඩා බ්ලොග් එකට පැමිණීම ගැන ඔබට ස්තූතියි. ආසාවට ලියපු ගීත කිහිපයක් තිබුණට එහෙමම දක්ෂ කමක් නැහැ. මගේ වාසනාවට මගේ ඉස්සෙල්ලම පටිගත කරපු ගීතය සංගීතවත් කරපු විශාරද නවරත්න ගමගේ මහත්මයා දුන්න උපදෙස් වලින් පොඩ්ඩක් හැදුනා. එච්චරයි. එතුමත් ඉතාම නිහතමානීව ගීත දෙකක්ම ගායනා කරා. පසු වෙලාවක එම ගීතත් පෝස්ට් කරන්නම්. පැමිණීම ගැන නැවතත් ස්තූතිය
Deletehttps://www.dropbox.com/s/rjuaqq81xjw3ysx/Eththa Neththa by Sujeewa Senasinghe.pdf?dl=0
ReplyDeleteමගේ හිත පැහැරගත් කොටස මෙන්න මේ ටිකයි... අද සිටම මේ තත්ත්වයට ගැලපෙන්න මාත් වෙර දරනවා.. ස්තුතියි ඉයන්. අදයි මං මේ පැත්තට ආවේ. දැන් එන්නං දිගටම. මේ බ්ලොග මගේ බ්ලොග් රෝලට ගත්තා දැන්.
ReplyDelete//ඉස්කෝලෙ හොඳ ලකුණු ගත්තොත් ටීචර්ස්ල අම්මලා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. ජොබ් එකේ හොඳට වැඩ කළත් බොසා හොඳයි කිව්වෙ නැත්නම් ගතියක් නැහැ. පවුල් ජීවිතේ මොන කැප කිරීම් කළත් අනික් පාර්ශවය අගය නොකළොත් වැඩක් නැහැ. බ්ලොග් එකේ හොඳ පෝස්ට් එකක් දාල කමෙන්ට්ස් අඩුනම් ගතියක් නැහැ. ඒ කියන්නේ අපි හොඳ දෙයක් කරල සතුටු නොවී අපිට පාලනයක් නැති අයගේ අතට අපේ සතුටේ යතුර භාර දී තිබීම. මේක ලොකුම මෝඩකමක් විතරක් නෙමෙයි වයසට ගියාම සතුට අඩුකරගන්න එහෙම නැත්නම් දුක් විඳින්න කරන අතවැනීමක්.//
නලීන්, බොහොම ස්තූතියි ගොඩ උනාට සහ කමෙන්ට් එකට. ඔබගේ අධිෂ්ඨානයම උත්සාහය සාර්ථක වීමට 90% කට වඩා දායකත්වයක් දෙනු ඇති. සුභපැතුම්.
Deleteනිහිංසාගේ බිලොග් එකේ දාලා තිබුන කොමන්ටි එක දිගේ ආවා බිලොග් එකට.අද ඉදලා මෙ බිලොග් එකෙත් පැල පදයමි වෙන්න කියලා හිතාගෙන ඉන්නේ.මගේ බිලොග් ලිස්ටි එකටත් ඇඩි කරගත්තා.මගේ බිලොග් එකේ අලුත් පෝස්ටි එක වෙලාවක් තිබුනොත් බලලම එන්න.
ReplyDeleteඅමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ
ස්තූතියි මනෝ ඔබේ බ්ලොග් එකකටත් කොක්කක් දාගත්තා. මමත් කැමති විෂයයක්
Deleteඅගය කිරීම ... හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඇයිද දන්නවද ...? ඒ තව ඉස්සරහට යන්න ඇගයීම් පිටුවහලක් වෙන නිසා.... අගිය්ම් කියන්නේ උත්තේජනයක්..... මට නම්.....
ReplyDeleteඔයා හොද ගී පද රචකයෙක්.... ඇයි එලියට එන්න පරක්කු උනේ .....?
Deleteබොහොම ස්තූතියි නිහිංසා පැමිණීම ගැනත් අගය කිරීම ගැනත්.
Deleteඅඩේ ලස්සනයි නෙ
ReplyDeleteඇත්තටම ලස්සනයි කිවට ඒක ලස්සනම විතරක් නෙවී වෙනත් දේකුත් තියෙයි මංද මොනවද කිය්න බැරි පට්ට ෆීලින් එකක්
ඒක විස්තර කරන්න ගිහිං ආතල් කුඩු කර ගන්න බෑ..
තවත් මේ වගේ ිර්මාන වලට දායක වෙන්න ශක්තියක් ලැබ්වා..
ජයෙන් ජයම වේවා
බොහොම ස්තූතියි මහේශ්. ඔබ රස විඳි බව දැන සතුටු උනා.
Deleteඇගයීම....
ReplyDeleteමේක ගැන මට පුද්ගලික මතයක් තිබෙනවා. ඒක සම්පුර්ණයන් මෙතන කියල ස්නානය කරන්න මම කැමති නැත්තේ ඒ අදහසේ රැඩිකල් වගේ ගතියක් තියෙන නිසා. ඒ උනත් පොඩි දෙයක් එකතු කරන්න කැමතියි.
අගයකිරිම කියන්නේ කෙනෙකුන් දෙස බලා උපේක්ෂාවෙන් ලබාදෙන ප්‍රතිචාරයක්. එහිදී අගයකෙරෙන්නා නෙවෙයි ඇත්තටම අගයකරන්නාගේ ගතිගුණය තමයි ඉස්මතු වන්නේ. තමන් කරන දෙයකට අගයකිරීමක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක මම හිතන්නේ ප්‍රයෝගික නැහැ. සතෙක් පවා ඒ මුලික සිද්ධාන්තයෙන් තමයි ක්‍රියාත්මක වන්නේ. නමුත් වඩා ශක්තිමත් මිනිසුන් සහ ගැහැණුන් අගයකිරිමකින් උඩ යන්නේවත් නිර්ධය වචනයකින් පහල වැටෙන්නේවත් නැහැ. එවන් අය විරලයි.
සිඟාලෝවාද සුත්‍රයේ හොඳට විස්තර කරලා තියෙනවා මේ ගැන. ඒ කියන්නේ ඔබට යමක් ලැබෙන්න, මුලින්ම ඔබ ඔබේ කොටස කරන්න කියන එක. අතට ඔබට ලැබෙන දේට ප්‍රති උපකාරයක් කරන්න කියන කාරණා දෙක. තරාදියක් උනත් සමතුලිත වෙන්න ඕනේ නේද?
මෙතැනදී ඔබ සතුට කියන දේ ( පොසිටිව්) විතරයි කියල තියෙන්නේ. ඇයි අපිට නිර්ධය විවේචන දරන්න බැරි? ඒ කියන්නේ හැමවිටම අගයකිරීමක් ගැනම හිතන නිසා නේද? ඒකට නේද අපි හොඳ දේවල් කරන්නේ, නරක දෙයින් වලකින්න හදන්නේ? ( එක හේතුවක්)
අගය කිරීමේ හෝ විවේචනය කිරීමේ හැකියාව / අයිතිය තියෙන්නෙ පිට කෙනෙක් අත නිසාත්, එම පිට කෙනා කරන නොකරන දේවල් ගැන අපට පාලනයක් නැති නිසාත් එහෙම බලාපොරොත්තුවීමේදී ඔහු/ ඇය කරන නොකරන දේවලින් අපේ සතුට/ අසතුට තීරණය වන නිසාත් තමයි එහෙම කිව්වෙ.
Deleteවිවේචන ගැනත් එහෙමමයි. ඒක කරන්නෙ පිට කෙනෙක්. අපිට පාලනයක් නැති කෙනෙක්. විවේචනය නිසා අපි අසතුටට පත්වෙනවනම් අපිව අසතුටට පත්කරන්න ඒ කෙනාට 'හැකියාවක්' අපිම දීල තියෙනවා. මම කරන නොකරන දේවල් වගේ සතුටට විතරක් කලාම, අගය නොකිරීම් හෝ විවේචන වලින් මාව අසතුටට පත් කරන්න අනිත් අයට බැරි වෙනවා. එහෙම කලාම මගේ සතුට පාලනය කරන්නේ මම. මම කියන්නේ මගේ පාලනය යටතේ ලෝකයේ සිටින එකම පුද්ගලයා නිසා මගේ සතුට මගේ පාලනයේ.
ඔන්න ඉතින් කොමෙන්ටුවෙ එල්ලිලා බඩගෑවා බොගට....නියම ලියවිල්ලක්...
ReplyDeleteඅපේ සතුට අනුන්ට භාර දීම තමඉ දැන් තියන හෙනම අවුල....
යන්න කලින් කොක්ක ගහලම යන්නම් එහෙනම්....
ජය....
බොහොම ස්තූතියි වාසනාවන්ත. ඔබේ පෝස්ට් කියෙව්වා. ඉතා අනර්ඝයි.
Deleteඅහන්නම්
ReplyDeleteඅපි කරපු දෙය අල්ලගෙන ඉන්න කාලය වැඩි වෙන්න වැඩි වෙන්න ඔන්න අපි බලාපොරොත්තු වෙනවා වටේ අයගෙ ප්‍රතිචාරය.ඒ වගේම ඒ මොන විදිහේ ප්‍රතිචාරද කියලත් කලින්ම ලෑස්ති වෙනවා.ඉතින් වෙනස් උනොත් අවුල.
ReplyDeleteපොඩි එකෙක් ප්‍රසිද්ධියේ කුණුහරපයක් කියලා වටේම මූණු බලනවා.ආයෙ ආයෙ කියනවා.ගණංගත්තෙ නැතුවාම ඌ අවුල් වෙනවා. ඒක අල්ලලා දාල වෙන දේකට යොමු වෙනවා.
අපි වැඩක් කරන වෙලාවට කුණුහරපයක් පිටවෙනවා නොනිසි විදිහට.හැබැයි ඒක අල්ලගෙන දඟල දඟල ඉන්නැතිව ප්‍රතිචාර බලාපොරොත්තු නොවී ඉදිරියට ගියොත් වැඩේ කෙරිලා.
හොඳ දේටත් මෙහෙමම දාගත්තාම ලේසියි ඉන්න.
(කියන්න හදපු දේ කියවුනාද මංදා..)
ජයවේවා..!!